Friday, February 3, 2012

බිත්තර අච්චු සමග තවත් නිවසට නවතම උපකරණ පෙලක් - New Stuff - 1

පසුගිය දවස් ගානෙම වැඩවල නිරත වෙලා හිටිය හින්දා දැන් ශාරිරිකව වගේම මානසිකවත් වෙහෙසකාරී බවකින් ඉන්නේ. ඒ නිසා වැඩිය ලියන්න තරම් හොද තත්ත්වයක නැතිනිසා අද හිතුනා ලංකාවේ තවම නැතත් හොද නිර්මාණශීලී උපකරණ පෙලක් ඔබට පෙන්වන්නට. අපි ඒවා බලන ගමන්ම කතාකරමු.
මාළු ටැංකියක්ද කොහෙද...

ඔෆිස් වල වැඩ කරන අයට නම් කියාපු භාණ්ඩේ

ෂුවර් එකටම ඇමරිකන්කාරයෝ හදපු එකක්

මේක එච්චර ප්‍රයෝජනයක් නැහැ වගේ

කැමරාවයි පෙන් ඩ්‍රයිව් එකයි දෙකම එකටද?

Key Board

‍බෝතලයේ ලේබලයේ තියෙනදේවල්මද දන්නෑ ඇතුලෙත් තියෙන්නේ?

ඔක්කොම එකට...

මාළු ටැංකිය + සින්ක්


බිත්තර අච්චු - 1

බියර් කොම්පැනිය පෙන් ඩ්‍රයිව් එකත් අත්පත් කර ගනී

ඇඳ

බිත්තර අච්චු - 2

බීම පුරවා ගැනීමේ නවතම ක්‍රමය

පොත් උඩ වාඩිවීම

‍මොකක් කියන්න කියලා තේරෙන්නේ නැහැ

ඔයගොල්ල කැමති නම් මේක ගෙදරදී හදා ගන්න පුළුවන්.
හැබැයි හයියට හදා ගන්න වේවි

ඉස්සරහට අලි වද වුනාම අපේ රටෙත් මේවගේ ඒවා තියේවි

ස්කෑනර් + පෑන
තව අළුත් ගැජට් ගොඩක් තියෙනවා. ඒවා ඉස්සරහට බලමු...

30 comments:

  1. බිත්තර අච්චු නං නියමයි.

    ReplyDelete
  2. ෂා නියමයී.
    මම වැඩි පුරම ආස පලවෙනි බිත්තර අච්චිවටයි, සින්ක් + මාළු ටැංකියටයි.

    ReplyDelete
  3. @Praසන්ன සහ බට්ටි - බිත්තර අච්චු නම් ලංකාවේදිත් සොයා ගන්න බැරි වෙන එකක් නැහැ...

    ReplyDelete
  4. “මේක එච්චර ප්‍රයෝජනයක් නෑ වගේ“ කියලා තියෙන එක ATM කාඩ් වලින් ගිටාර් වාදනය සඳහා Pick කපාගන්න එකක්. ඒක ප්‍රයෝජනවත් වෙයි ගිටාර් වාදකයන්ට නං!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මම ඒ ගැන දැන සිටියේ නැහැ...

      Delete
    2. මචන් ඒක තමයි ඔතන තිබුනු වෑදගත්ම් එක,ඔයි එකක් ලංකාවේ ගන්න නෑතිද දන් නෑ...

      Delete
    3. It's name is Pickmaster and you can order via amozon. This is the web address - http://www.amazon.co.uk/Pickmaster-RASPM-Plectrum-Punch-Maker/dp/B004SHGBDG

      Delete
    4. And also check this - http://gearpatrol.com/blog/2011/05/13/pickmaster-plectrum-punch/

      Delete
  5. මාත් කියන්න හැදුවේ ඉන්දරේ අයියා කියපු එකමයි. ඒක ගිටාර් ගහන ඉන්දරේ අයියා වගේ අයට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි.
    බිත්තර අච්චුවක් නම් අපේ ගෙදර තියෙනවා. ඒක හාර්ට් එකක් වගේ!

    ReplyDelete
  6. උඩම තියෙන එක මොකක්ද කියලා තේරෙන්නේ නෑනෙ..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  7. මාර භාණ්ඩ ටිකක්... " අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී " කියන ප්‍රකාශය මේවා හදපු අයට හොඳටම තේරිලා තියනවා...

    අපිනම් ඒ ප්‍රකාශය කට පාඩම් කර කර ඉන්න එක විතරයිද කොහෙද කරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ලංකාවේ අලුත් අලුත් දේවල් හදන්නැතුවාම නෙමෙයි..ප්‍රශ්නෙ තියෙන්නෙ ඒවා භාවිතයට එන්නෙ නැතිකම..ඒවාට ලොකු ප්‍රචාරයක් නොලැබීම..

      උදාහරණයක් හැටියට නර්ඩ් ආයතනයේ නව සොයාගැනීම් බොහොමයක් තියෙනවා..නමුත් ඒවා ගැන දන්න පිරිස අඩුයි..

      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
    2. හරී, මොකෝ " ඇනෝ " ?

      ඇත්ත ලංකාවේ නව නිර්මාණ නොවෙනවාම නොවේ.. ඒත් ඒවට නිසි තැනක්, පිළිගැනීමක් ලැබෙන්නේ හරිම කලාතුරකින්. රාජ්‍ය අනුග්‍රහයක් ඇත්තේම නැති තරම්.. ඉතින් නිර්මාණ කරුවන් වෙන රටවල් වලට විකිණිලා ඒ රටවල් වෙනුවෙන් නිර්මාණ කරනවා..

      Delete
  8. ස්තූතියි . කවදාවත් නොදැකපු පින්තූර ටිකක් .

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. lankawe nirmanayak kaloth itin hireta dana eka thama karanne

    ඔය ලෑන්ඩ් මාස්ටර් එකත ලංකාවේ මිනිහෙක් ගේ නිරමනය්ක් කියල මන් අහල තියෙනවා

    ReplyDelete
    Replies
    1. yea, it's invented by late Mr.Ray Wijewardena a.k.a. Rewatha Wijewardena, who was very talented person in our country. But Government hadn't correct vision about future and ignore his invention of Land Master. So, he gave patent to Japan Company...

      Delete
    2. බොහොම ස්තූතියි දිනේෂ් මේ කතාව කිව්වට!

      Delete
    3. Interesting post. Sorry that I'm an occasional visitor to the blog sphere. Yours is a blog I rarely miss.

      Small correction. When Dr Ray W, invented the two wheel tractor, Ministry of Agriculture was stubborn in the opinion that what suits our environment is four wheel tractor and two wheel tractor is not a practicable concept. So Dr Ray W had no option other than to approach another party to fund it. Rather I think a UK party approached him. They started manufacturing of "Land Master" and it became a success. It is UK and not Japanese.

      Best of luck!

      Delete
  11. මගේ කලින් කමෙන්ට් එක නෑ. ඒක ස්පෑබ් ගොඩ්ඩට ගිහිල්ලා වෙන්න ඇති.
    මුලුන්ම තියෙන්නේ බාබිකියු ග්‍රිල් එකක් නේද?

    ReplyDelete
  12. Niyama badu tika ela kiri aiya

    http://www.gamedroidlk.com/

    ReplyDelete
  13. පොත් උඩ වාඩි වෙන වැඩේ ඇරෙන්න අනිත් ඒව ටික නම් හොඳයි වගෙයි....

    ReplyDelete
  14. ලස්සන අයිඩියාස් තමයි... :)

    ReplyDelete
  15. මුලින්ම තියෙන්නේ ග්‍රිල් එකක් මාළු ටැංකියක් නෙමෙයි

    ReplyDelete
  16. මම නම් ආස අර පික් මාස්ටර් කියන එකට. අවශ්‍යය වෙලාවට ඔය පික් එකක් නැති උනාම තියෙන අමාරුව දන්නේ ඒකට මූණ දීපු කෙනෙක්ම තමයි...!

    ReplyDelete
  17. රවුම් බිත්තර අච්චුවක් නම් මගේ ළඟත් තියෙනවා...
    මං ආසම ස්කෑනර් පෑනට....
    අර ඔෆිස්වල එවුන්ට නිදාගන්න හදල තියෙන එකත් මරු ඈ...
    ආ... එතකොට අර අලියත් මරු බඩුවක්නෙ.... කවද හරි යන්න ලැබුනොත් එයින් එකක කියල හිතෙනව....

    ReplyDelete
  18. පොත් උඩ ඉඳගන්න එක නම් කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. ඒක හින්දා පොත් පුටුව හැර, අනෙක් නව නිපැයුම් ටික හොඳයි. පාට ඇහිඳින පෑනයි, ලේසර් යතුරු පුවරුවයි වඩා සිත් ගන්නාසුළු යි.

    ReplyDelete