Wednesday, February 8, 2012

නිර්ලජ්ජිත දැන්වීම් කලාවද? එසේත් නැතහොත් දැන් යථාර්තය මෙයද?

මේ දිනවල රූපවාහිනියේ වරින්වර දකින්නට ලැබෙන වෙළඳ දැන්වීමක් නිසා කෝපයකුත් කළකිරීමකුත් ඇතිවිය. මේ දැන්වීම රක්‍ෂන සමාගමක් විසින් ප්‍රචාරය කරනු ලබන්නක් වන අතර එහි තේමාව ජීවිත රක්‍ෂනයක් පිළිබදවයි. එම දැන්වීමේ පෙනී සිටින තරුණිය පවසා සිටින්නේ ඇයගේ මව කුඩා අවධියේම මිය ගිය බවත් ඉන් වසර ඉක්මගිය තැන ඇයගේ පියාද මෙලොව හැරගිය පසු ඇය සහ ඇයගේ වැඩිමහළු සොහොයුරා මෙලොව තනිවූ බවකි. ඒ දක්වා සානුකම්පිත මුහුණුවරකින් ගලායන මෙම ප්‍රචාරණ දැන්වීම එක්වරම බොහොම සතුටුදායක තත්ත්වයකට පත්වේ. ඒ එම තරුණියගේ හා ඇයගේ සොයුරාගේ පියා විසින් මිය යන්නට පෙරාතුව ජීවිත රක්‍ෂනයක් ලබාගෙන සිටි නිසා ඔහු මිය ගිය පසුව විශාල වන්දියක් ඔවුන්ට ලැබීමේ සතුටයි.

ඉන්පසුව එම ආයතනයේ මාමලා තෑගිබෝගද රැගෙන පැමිණ තමන් බැලීමට පැමිණෙන බවක්ද බොහොම සතුටින් පවසයි. මෙම දැන්වීමට ඔවුන් පෙනී සිට පවසන්නේ ජීවිතයේ අවිනිශ්චිත බව හමුවේ යම් දිනක තම දරුවන‍්ගේ යහපත තකා ජීවිත රක්‍ෂනයක් අදාල සමාගමේ අරඹන ලෙසයි.

වෙළඳ ප්‍රවර්ධන කටයුත්තක් අරඹයා සහ තම අඹුදරුවන්ගේ යහපත තකා මෙවන් රක්‍ෂනයක් ගැනීම පිළිබදව දැනුවත් කිරීම වෙනත් කරුණකි. එහෙත් දෙමව්පියන් නැතිවුනද යහමින් මුදල් ලැබෙනවානම් ඔවුන් නැතත් කම්නැත. එසේත් නැතිනම් එයින්ද අත්ව ඇත‍්තේ සැපතකි යනුවෙන් හැගෙවෙන වෙළඳ ප්‍රචාරණය නම් කිසිසේත්ම අපේ රටේ ඔය පවතිනවාය කියන සාරධර්ම, ගුණගරුකබව සහ බටහිර රටවලට වඩා අපේ සෑමදේම හොදය යන මතයන් ගොඩනගන වටපිටාවකට ඔබින්නේද යන සැකයක් මතුවේ. 

පිටරට දැන්වීම් වලට හඩකවා ප්‍රචාරය කිරීමෙන් ලංකාවේ විද්‍යුත් මාධ්‍ය දැන්වීම් කලාවෙන් යැපෙන බොහෝදෙනෙකුට තම ජීවිකාව අහිමිවේය යන අදෝනාවද විටින් විට ඇසේ. එහෙත් මේ ආකාරයේ ලැජ්ජාසහගත දැන්වීම් කලාවක් අපිට දැක ගැනීමට සලස්වනවාට වඩා වෙනයම් කර්මාන්තයක යෙදීමට ඔවුන්ව යොමුකර ගුණාත්මකබවෙන් ඉහල විදේශීය දැන්වීමක් බලාගන්නට ඇත්නම් අද දකින පහත් පෙලේ ටෙලිනාට්‍ය හා උක්ත මාතෘකාවේ දැක්වුන ආකාරයේ දැන්වීම් බලා ලේ කෝපකරගන්නවාට වඩා දහස්වාරයක් හොදයයි සිතේ.

මෙම ලිපියෙන් දැක්වුනේ මේ ආකාරයේ එක් දැන්වීමක් පමණි. මේ ආකාරයේ දැන්වීම් රාශියක් රූපවාහිනිය ක්‍රියාත්මක කල මොහොතේ පටන් එය ක්‍රියාවිරහිත කරන තුරාවටම අපට දක්නට ලැබේ. ඇත්තෙන්ම නොමිලේ ලබාදෙන දේශිය නාලිකාවලින් මෙවන් විකාර බලනවාට වඩා මුදල් ගෙවා හෝ ගුණාත්මක රූපවාහිනී නාලිකා කරා යොමුවීම පුදුමයක් නොවේ...

20 comments:

  1. ඔව්.මේ වෙනකොට වෙළද දැන්වීම් කියන ඒවා සීමාව ඉක්මවා ගීහින් තියෙනවා.යම් පාලනයක් තියෙන්න ඕන

    ReplyDelete
  2. වෙළඳ දැන්වීමකින් කරන්නෙ ආසාවක් ඇති කරන එක. දැන්වීම බලන කෙනාට නැති දෙයක් වෙන කෙනෙකුට තියෙන එක දකිනකොට බලන කෙනාගෙ හිතේ ඇති කරවන්න පුළුවන් පෙළඹීම මත තමයි ඇඩ් කලාව පවතින්නේ. ඒක මහ නරුම කලාවක් එක අතකට. ඒ අතරෙ ඔය රක්ෂණ දැන්වීම් කියන්නෙ නම් කැතම වර්ගයක්. ඒව මිනිස්සුන්ව බය කරනවා. විකෘති කරනවා... අර ඉස්සර තව එකක් තිබ්බෙ දරුවො නොසලකයි කියල හිතන නිසා රක්ෂණයක් ගන්න වයසක තාත්ත කෙනෙක් ගැන...

    ReplyDelete
    Replies
    1. ඔය රක්ෂණ ආයතනවල නියෝජිතයින්ගේ කතා අහලා තියෙනවද? දවසක් මම අඳූරන සර් කෙනෙක් මට හද්ද පචයක් කියලා අපේ ගෙදරට ඕකෙක් එක්කං ආවනේ(සර් කාරයාටත් මොකක් හරි කොමිස් එකක් වදිනවා ඇති). උන්ට කතා කරන්න මාර හැකියාවක් තියෙන්නේ. අහං ඉන්න මිනිස්සුන්ට ඇඩෙන කතා කියන්නේ. ඒවා ඇහුවාම හිතෙනවා "අනේ මං නැතිවෙලා මගේ පවුල අසරණ වෙනවා වෙනවාමයි" කියලා :D:D:D:D

      Delete
    2. සිරාවටම බං... උන්ට ඒ අතින් නම් මාර හැකියාවක් තියෙන්නෙ... උන් තමයි ගොඩක් සමාජ සේවෙ කරන්නෙත් ;-)

      Delete
  3. ඔය අයියා නඟෝ දෙන්නා මීට අවුරුදු කීපයකට කලිනුත් ඔය රක්ෂණ ආයතනයටම රඟපෑවා මතකයි. කොහොම උනත් ඉතිං අද කාලේ සල්ලි බලං සමහර මිනිස්සු කරන වැඩ දැක්කාම ඕක මොකක්ද!

    ReplyDelete
  4. අපි මේ විදිහට ඒ ගැන කතා කරන එකම ප්‍රචාරයක්නෙ..

    ReplyDelete
  5. වැඩක් නැහැ කතාකරලා.. දැන්වීම් වලින් දැන් ලොකු බලපෑමක් කරනවා සමාජෙට..

    බල්ලො මරලා හරි සල්ලි හොයන සමාජයේ ඉතින් ඒවයේ දැන්වීම් ගැන කුමන කතාද ?

    ReplyDelete
    Replies
    1. කතාකරන්න වටින දෙයක්...
      අද අපේ රටේ වෙළද ප්‍රචාරණය කියන දේ ඇතුළෙදි සාරධර්ම බිංදුවට වැටිලා තියෙන්නේ.
      සමහර හොද ලස්සන ඇඩ් තියෙනවා.ඒත් ඒ ඇඩ් වල තියෙන වටිනාකමත් සමහර ගොං ඇඩ් නිසා දියවෙලා යනවා...

      වටිනා ලිපියක්!!!

      ජය වේවා!!!

      Delete
  6. dan sathiyak wethara me news eka meke duwai nada.

    ReplyDelete
  7. මම ඉස්සර නම් ඇනෝ comment තමා දැම්මේ ... අර ඇනෝ කාරය මගේ රෙදි ගලවපු නිසා දැන් කවුරුත් දන්නවා මම බ්ලොග් බලනවා කියල .... මේක මම කෙහෙල් මල්ලිට කියල බලන්නම් ... මිනිහ කකුල් කඩාගෙන හින්ද කල් යය්

    -ඇති ගරු මහින්ද රාජපක්ෂ

    ReplyDelete
    Replies
    1. මම දැක්ක තව තැනකත් මේ විදිය කමෙන්ට් එකක් දාලා තිබුනා. උඹ අපිට සිංහල බ්ලොග් එකක්වත් බලන්න තියන්නෙ නැහැ ජනාධිපතිගේ නම යූස් කරලා මේ මඟුල් කමෙන්ට් දාලා, විකාර වැඩ නොකර හිටපං ඇනෝ ......

      Delete
    2. ආඩවනේ ... එපාර සරත් ෆොන්සේකාත් බ්ලොග් බලනවද කොහේදෝ ...

      Delete
  8. මුලින්ම හැමෝටම ස්තූතියි! අමුතුවෙන් කියන්න ඕනෑනැහැනේ මොකක්ද දන්නවානේ මේ දැන්වීම...

    ReplyDelete
  9. නිර්ලජ්ජිතයි වගේම යථාර්තය මේක. ඒ කියන්නෙ යථාර්තය නිර්ලජ්ජිතයිද?

    ReplyDelete
  10. මා හිතන්නෙ ඔබ මීට වඩා සාධාරණව මේ දෙස බැලිය යුතුයි. ළමා වියේදී දෙමාපියන් අහිමි වීම කියන්නෙ දරුවකුට විය හැකි දේවලින් දරුණුම එකක්. එවැනි අවස්ථාවක මුදල් නැතිකම නිසා ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අඳුරු විය හැකියි. ඒ වගේ වෙලාවක මාසෙකට රුපියල් දාහක දෙදාහක මුදලක් පවා මහ මෙරක් වටිනවා. තම්න් ලාභයක් ලබමින් වුවත් කවුරුහරි එහෙම දෙයක් කරනවා නම් එය අගය කළ යුතුයි. (හැම බිස්නස් එකම ලාභ ලැබීමක් තමයි.) නැතුව ඔය සදාචාරය ගැන කතා කරන කවුරුත් ඒ ළමයින්ට සතයක් වත් දෙන්නෙ නෑනෙ.

    විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන්න රක්ෂණ සමාගම් තාක්ෂණික හේතූන් පෙන්නලා, සේවාදායකයාගෙ ඉතාම සුළු වැරදි නිසා රක්ෂණාවරණ නොගෙවා ඉන්න එක ගැන. වාහන වල වර්ගය අනුව රක්ෂණ වාරික වෙනස් කරන එක ගැන. රක්ෂණ සමාගම් කරන ජරා වැඩ ගොඩාක් තියෙනවා. හැබැයි දරුවන්ට රක්ෂාණාවරණ සපයන එක වත් මේ දැන්වීමවත් වැරදි වැඩ නෙවෙයි. මම් පෞද්ගලිකව කැමැති ඇඩ් එකක්.

    ReplyDelete
  11. අපි ඉන්නේ කඩාවැටීමක... ඒක කෙලවර වෙලා ආයෙත් බිංදුවට වැටිලා වෙනසක් වෙන්න තව කොච්චර කල් යාවිද දන්නෑ. අපේ ජීවිත කාලය ඇතුලෙම මුළු සමාජෙම සම්පූර්ණ කණපිට හැරෙනවා... තාක්ෂණය, දියුණුව ගැන හිතුවම නම් අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලේ... ඒත් සමාජීය හා සාරධර්ම අතින් ගත්තොත් ??? මම හිතන්නේ අපිටත් වඩා අපේ දරුවෝ ඒ අතින් ගොඩාක් අවාසනාවන්ත වෙයි. අපිට නම් හොඳ නරක වත් යන්තන් ගලපගන්න පුළුවන්. ඒත් ඉස්සරහ පරම්පරාවට ???

    ඇඩ් ගැන නම් කියලා වැඩක් නෑ. රූපවාහිනිය නම් නරඹන්නෙම නැති තරම්. මුළු රූපවාහිනී විකාශ කාලයම දැන්වීම්. ඒ අස්සෙන් තමා ඇඩ් වගේ වැඩසටහන් දාන්නේ... !!!

    ReplyDelete
  12. ඔය ලයිෆ් ඉන්ෂුවරන්ස් කාරයින්ටනං අපේ ගේ හතරමායිමට එන්න දෙන්නෑ.
    ලංකාවෙ රූපවාහිනී චැනල් ගැනනං කතා කරල වැඩක් නෑ..

    ReplyDelete
  13. මෙය සදාචාරාත්මක නොවේයැයි මාත් සිතනවා. මෙම සමාගම ඒ දරුවන්ට යම් රැකවරණයක් සලසනවානම් එය අගය කළ යුතුයි. ඒත් තම ජීවිතයේ සැබෑ ඛේදවාචකයක් වෙළඳ දැන්වීමක් වෙනුවෙන් එම දරුවන් ලවා දිග හැරවීම අනුමත කළ නොහැකියි. ඔවුන් තම සේවා ලාභීන්ට එවැනි සැළකීමක් කරනවානම් එය ඔවුන්ට කිව හැකිව තිබුණා, මේ දරුවන් දෙදෙනාගේ කඳුළු අවුස්සන්නේ නැතිව.

    කොහොම වුනත් වෙළඳ දැන්වීම් සඳහා කුඩා දරුවන් යොදා ගැනීමේදී සහ වෙළඳ දැන්වීම්වලින් දරුවන්ට ආමන්ත්‍රණය කිරීමේදී ආචාර ධර්මයක් පෙනෙන්නට නැහැ. තව ඕනෑ තරම් උදාහරණ තිබෙනවා.

    ReplyDelete