Saturday, September 3, 2011

හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler

මේ ලිපිය ආරම්භ කරන්න සිතා ගෙන සිටියේ නම් මීට වඩා වෙනස් විදියට ඒ මේ සම්බන්ධයෙන් තියෙන පොත් දෙකක් පිළිබදව විස්තරද සමගයි. ඒත් ‍පොත් දෙක සොයාගන්න අද වෙලාව මදිකම නිසා ඒ ගැන වෙන දවසකට තියලා මෙම ලිපිය ලියන්න කියලා හිතුවා.

ඒකාධිපතිවාදයේ ප්‍රතිමූර්තිය කුමක්ද කියලා‍ ඇසුවොත් බහුතර‍යකගේ අදහසවන්නේ හිට්ලර් පිළිබදවයි. ඒ තරමටම හිට්ලර් පිළිබදව ලෝකය පුරාම රටවල් රාශිකම වාසය කරන්නන් තුල ඇත්තේ බියකරු මතකයක්. ඒ ගැන දොසක් කියන්නත් බැහැ. මොකද ඔහුගේ ආර්යය ජාතිය පිළිබද සංකල්පය නැතහොත් එය තවත් විස්තරාත්මකව "One people, One Germany, One Führer” යන සංකල්පය නිසා ඔහු මෙන්ම ඔහුගේ මඟ ගත් හිට්ලර්ගේ මිනීමරු අනුගාමිකයන් පිරිස මෙන්ම මෙම වියරු අදහස උදෙසා ලෝකයේ රටවල් ගණනාවක අහිංසක මිනිසුන් මිලියන ගණනාවකට සිය ජීවිතයෙන් වන්දිගෙවන්න වුනා සේම එයින් සිදුවූ දේපල හානියත් අතිමහත්.
මේ Life සඟරාව වෙනුවෙන්  William Vandivert නම් ඡායාරූප ශිල්පිය
සෝවියට්-ජර්මන් හමුදා සටන් කල බර්ලිනයේ එම යුද්දය අවසන් වී
සති දෙකකට  පසු ගන්නා ලද සේයාරුවකි.

Life සඟරාව වෙනුවෙන් ගන්නා ලද ඡායාරූපය එහි පල කරන ලද්දක් නොවේ‍.
මේ යුද්දයෙන් පසු බර්ලින් නගරයට ඉහලින් ගුවන් යානාවකින් ගන්නා ලද
සේයාරුවකි. මෙම නගරයට සෝවියට් ගුවන් යානා මගින් 350 වාරයකට වඩා
බෝම්බ හෙලා ඇති බව පැවසෙන අතර එයින් මියගිය සංඛ්‍යාව දසදහස්
සංඛ්‍යාවක් වෙතැයි පැවසේ.විනාශ වූ ගොඩනැගිලි සංඛ්‍යාවද අතිමහත්ය.
1933 දී නාසි යුගය ඇරඹුමත් සමගම හිට්ලර්ගේ ලෝකය යටත් කරගැනීමේ ආශාව මුදුන්පත් කරගැනීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය හා ඒවා ක්‍රියාත්මක කිරීම පියවරෙන් පියවර ආරම්භ කල අතරම ඔහු ඒ සදහා ව්‍යාජබාවයෙන් යුතු මාධ්‍ය ව්‍යාපාරයක්ද මැනවින් ක්‍රියාත්මක කරනු ලැබූවා. එහිදී ඔහු හා ඔහුගේ මාධ්‍ය ඇමතිවූ ආචාර්ය ගොබෙල්ස් ගේ එක් සිද්ධාන්තයක් වූයේ ඕනෑම බොරුවක් දිගින් දිගටම ඇසෙන්නට සැලැස්වීමෙන් එය අසන්නා එය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමට පෙළඹෙන බවයි. ඉතින් මේ න්‍යය පදනම් කරගත් ඔවුන්ගේ සන්නිවේදන ව්‍යාපාරය ජර්මනිය තුල පමණක් නොවෙයි බටහිර රටවල පවා බොරුවෙන් රවටා ගැනීමට හැකිකමක් දෙවන ලෝක යුද්දය ඇරඹීමට පෙර කාලවකවානුව වනවිටම ලබාගෙන තිබුනා. එය කෙතරම් සාර්ථකද කියතොත් ලෝකයේ රටවල් අතරින් ජර්මනිය ජීවන තත්වය උසස් හා වාසය කිරීමට සුදුසුම රටක් ලෙස මවා පෑමට රැවටුන ඇමරිකාවේ Times සඟරාව 1938 වසරේ ලෝකයේ හොදම මිනිසාට හිමි සම්මානයෙන් පවා හිට්ලර්ව පිදීමට පසුබට වුනේ නැහැ.

හිට්ලර් ජර්මනියේ තරුණ පරම්පරාව සිය අභිමතය උදෙසා මෙහෙවීම සදහා ඔවුන් කුඩා කල සිටම පාලනය කිරීමට අවශ්‍ය පියවරද ගනුලැබූවා. ඒ සදහා ඔහු විසින් එරට ගුරුවරුන්ට කුඩා කල සිටම ළමුන්ට නාසි වැඩපිළිවලටම අදාල වෙන පරිදි ඉගැන්වීම් කටයුතු කිරීමටද බලකෙරුනු ලැබුවා. ඒ අනුව කුඩා කල සිටම යුදෙව්වන්ට අවමන් කිරීමට හා ඔවුන් පහත් කොට සැලකීමට ජර්මන් දරුවන් පුරුදු පුහුණු කරනු ලැබූ අතර හිට්ලර් විසින් පිහිටුවීමට හා වසර දහසක් පුරා නොනැසී පවත්වා ගැනීමට බලාපොරොත්තුවූ තුන්වන අධිරාජ්‍ය එසේත් නැතහොත් බෙහෙවින් ප්‍රචලිත Third Reich වෙත පක්‍ෂපාතී වීමටත් ඔවුන්ව හුරුකරනු ලැබූවා. එපමණක් නොවේ. හිට්ලර් විසින් වැඩපිළිවක් ඇතිකරනු ලැබූවා තරුණ තරුණියන් වෙනුවෙනුත්. එය හැදින්වූයේ Hitler’s Youth  නමින්. එයට එරට සිටි වසර නමයට වඩා වැඩි සියළු ජර්මානු ජාතික දරුවන් ඇතුලත් කරගනු ලැබූ අතර 1936-1938 කාලයේදී එරට මිලියන 8 ක් වූ දරුවන් මෙම වැඩසට‍හනට යොමුකොට තිබුනා.

1935 දී යුදෙව්වන්ට එරෙහිව සිය ප්‍රථම නීතිය හිට්ලර් විසින් නිකුත් කරනු ලැබූවා. ඒ ජර්මනියේ වාසය කල සියළුම යුදෙව් වැසියන් එරට පුරවැසිභාවයට හිමිකම් නොකියන බවයි. එහෙමත් නැත්නම් තවදුරටත් යුදෙව්වන් ජර්මනියේ වැසියන් නොවන බවයි.එපමණකින් නොනැවතුන ඔහු යුදෙව්වන් හා ජර්මානුවන් අතර විවාහ හෝ ලිංගික එක්වීම්ද සපුරා නීති විරෝධී බවටද ප්‍රකාශයට පත්කලා.

එසේම ඔහු මෙම කාලවකවානුවේ ජර්මානු සුදු ජාතික ආර්යය තරුණියන් දහස් ගණනක් ගර්භනීභාවය ඇතිකරගැනීමට පොළඹවනු ලැබීමක්ද කරනු ලැබුවා. ඒ සදහා ඔහුගත් ක්‍රියාමාර්ගයක් වූයේ එරට තරුණියන්ට Nuremberg rally camps නම්වූ කදවුරට සහභාගී වන ලෙස නියම කරනු ලැබීමයි. ඒ එයට සහභාගීවන තරුණයන් හා එක්කොට ඔහුගේ මෙම ආර්යය ජාතීයේ ජනගහනය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවක සාර්ථක කරගැනීම පිණිසයි. කෙසේවෙතත් 1936 දී මෙම තරුණියන් අතරින් 900 ක පමණ පිරිසක් නැවත සිය නිවසට පැමිනෙන විට ගර්භනී තත්වයට පත්ව තිබූ බව කියන අතර‍ මෙම අවිවාහක තරුණ මාතාවන් හැදින්වූයේ Führer’s brides ලෙසයි.

හිට්ලර්ගේ රටවල් ආක්‍රමණයද සුවිශේෂ වූ අතර විටෙක එය සෘජුවම නොනවත්වා සිය ප්‍රහාරක බලය යෙදවීමෙන්ද, තවත් විටෙක කපටි යුද උපක්‍රම භාවිතයෙන් මෙනම තවත් විටෙක රටවල නායකයන් සිය කපටි ඥානය මගින් ගිවිසුම් ආදියෙන් මුලාකොට එම රටවල් යුද්‍දයෙන් ටිකකලක් ඈත්කොට තබා පසුව ප්‍රහාර එල්ල කොට යටත් කර ගනු ලැබූවා. විශේෂයෙන්ම රුසියානු විප්ලවයට හා ක්‍රියාකාරීව සම්බන්ධවූ, දේශපාලනයෙන් තෙම්පරාදුවී සිටි සෝවියට් දේශයේ Joseph Stalin පවා රැවටීමට හිට්ලර්ට හැකිවුනා. මුලින්ම මෙම ලෝක මට්ටමේ යුද්දයෙන්  සෝවියට් දේශය ඈත්කොට තබාගෙන තමන්ට අවශ්‍ය රටවල් යටත් කරගත්තාට පසුව අතිමහත් සම්පත්වලින් අනූන සෝවියට් දේශය යටත් කර ගැනීම පිණිස Operation Barbarossa නම් වූ මෙහෙයුම මගින් සෝවියට් දේශය යටත් කර ගැනීමේ වැඩපිළිවල ආරම්භ වූ අතර එයින් සෝවියට් දේශයට සිදූවු මිනිස් හා දේපල හානිය අතිමහත්වූවා.

එසේම යුද්දයට සම්බන්ධව එකම පතරොමක් හෝ පත්තු නොකල අහිංසකයන් මිලියන ගණනාවක‍ගේ සිරුරු ගොඩ ගැසුන මිනී කදුද එදා හිට්ලර්ගේ සිර කදචුරු තුල සුලභ දසුනක් වුනා. මෙම සිරකදවුරු තුල ප්‍රධාන වශයෙන් යුදෙව්වන්ද, කොමියුනිස්ට්වාදීන්ද, ආදී නොයෙක් සමාජ ස්ථරවල මිනිසුන් තිරිසන් ලෙස ගාල්කරන්නට එදා භාවිතා කලා.
මේ විනෝද චාරිකාවක් යන මිනිසුන් පිරිසක් නොවේ.
හිට්ලර්ගේ Buchenwald සමූහ සිරදකවුරේදී අකල් මරණයකට ලක්වූ
අහිංසක මිනිසුන් රැසක් ට්‍රක් රථයක් මත ගොඩගසා ඇති ආකාරයයි

මේ ඔබ සිතන්නේ ජර්මනියේ හොදම ‍බේකරියේ උදුන් කියාද?
නැත. ‍මේ Buchenwald සමූහ සිරකදවුරේ මිය ගිය මිනිසුන්ගේ දේහ
පුළුස්සනු ලැබූ උදුන්ය.

මෙම පින්තූරය ගැන තවත් විස්තර අවශ්‍යද?

1939 සිට 1945 දක්වා දෙවන ලෝක යුද්දය පැවති අතර මුල් කාලයේ සීඝ්‍රගාමී ආකාරයෙන් හා සාර්ථකව රටවල් යටත් කර ගනිමින් යුද්දයේ වාසිය ජර්මනිය පැත්තට තිබුනත් පසුව ඇමරිකාව යුද්දට සම්බන්ධවීම, සෝවියට් දේශයේ අංශක ඍන අගයක් ගන්නා ශීත ඍතුවට මුහුණදීමට සැලසුමක් නොතිබීම හා පසුබැස සිටි සෝවියට් හමුදාවන්ගේ ‍ධෛර්යය වැඩිදියුණුවී කෙසේ හෝ ජර්මානුවන්ට  ස්ටාලින්ග්‍රෑඩය යටත් කරගන්නට ඉඩ‍ නොදීමේ තිරඅදිටනින් යුතුව සටන්කොට එතැනින් පසුව ජර්මනිය නැගෙනහිර යුදපෙරමුනෙන් සෝවියට් දේශය වෙතින් පරාජයට ලක්වීම ඇරඹිමත්, යුද පෙරමුනේ සටන් වැදුන අත්දැකීම් සපිරි ජර්මන් ජනරාල්වරුන්ගේ නිර්දේශවලට හා යුද සැලසුම් වලට වඩා හිට්ලර් තමන්ගේ මතයන්වල අත්‍තනෝමතික ලෙස එල්ඹ ගෙන සිටිමත් සහ තවත් හේතු ගණනාවක් නිසා ජර්මනියේ ජයග්‍රහණය ක්‍රමයෙන් දුරස්වන්නට විය.

තමන්ගේ සිහිනය ජයග්‍රහණය කරන්නට, එසේත් නැත්නම් වසර දහසක් පුරා නොනැසී පවතින ආර්යය අධිරාජ්‍ය බිහිකිරීම කෙසේවෙතත් පරාජයේ අදුරු සෙවනැලි පෙනෙන්නට වූ කල හිට්ලර්ගේ හමුදාවේ ඉහල නිලයන් දැරූ නිළධාරීන් සමහරක් පැනයන්නටත්, තවත් සමහරක් සියදිවි නසා ගන්නටත්, තවත් පිරිසක් මිත්‍ර පාර්ශවයට භාරවෙන්නටත් වුනා. කෙසේවෙතත් තමන් නොසෑහෙන්න හිරිහැර කල සෝවියට් හමුදාවන්ට හසුවී වදවේදනා විදිනවාට වඩා සියදිවි නසා ගැනීම සැපක් ලෙස සැලකූ හිට්ලර් ඒ අයුරින් සිය දිවි තොර කර ගැනීමටත් අවසානය දක්වා ඔහු සමග සිටි ඔහුගේ පෙම්වතිය හා මිය යාමට ඔන්න මෙන්න තබා තිබියදී සිය බිරිද බවට පත්වූ Eva Braun ද සිය ස්වාමියාව අනුගමනය කරමින් වෙඩි තබාගැනීමෙන් සිය ජීවිතය තොරකරගත් අතර හිට්ලර්ගේ අභිමතය පරිදි සිරුරවත් හතුරාට හසුනොවන්නට ඔහුගේ බංකරය අසලදීම සිරුරු ගිණිතබා විනාශකරන ලදි.
මේ හිට්ලර්ගේ අවසන් දින කිහිපය ගෙවූ බංකරය ඇතුලත
දුර්ලභ සේයාරුවක්ය. මෙවැනි සේයාරූ බොහෝමයක් ප්‍රසිද්ධ නොකරන ලද බවද පැවසේ.

සෝවියට් සොල්දාදුවන්ගේ පරීක්‍සාවට ලක්වන්නේ හිට්ලර් හා
ඔහුගේ බිරිද ඊවා බ්‍රවුන් සියදිවි හානිකරගත් අවස්ථාවේ
වාඩිවී සිටි සෝපාවයි. මෙහි ලේ තැවරී ඇති ස්ථානයේ  සිට ඇත්තේ ඊවා බ්‍රවුන් බව සැකලකේ.


තවත් දුර්ලභ හා ‍ප්‍රසිද්ධ නොකෙරුන සේයාරුවක් වන මෙහි මොවුන්
පරීක්‍ෂාකරන්නේ හිට්ලර් හා ඔහුගේ බිරිද මියගිය පසු
පෙට්රල් දමා ගිණිතැබූ ස්ථානය බවට සැලකේ.
මේ එදා පුවත් පත් හිට්ලර් මිය ගිය පුවත වාර්තා කල ආකාරයයි.





කතාවක් තිබේ. එනම් සෝවියට් හමුදා බර්ලිනයට ඇතුළුවන විට ඔවුන්ගේ සොල්දාදුවන්
බොහෝමයක් අත් ඔරලෝසු පැලද සිටි බවයි. මෙහි අරුමයක් තිබේදැයි ඔබ සිතන්නට 
පුළුවන. මෙයයි එයට හේතුව එකල එම හමුදාවේ අත් ඔරලෝසු පැලද සිට ඇත්තේ ඉහලම නිලවල 
හමුදා නිලධාරීන් පමණක් බව පැවසේ. ඉතින් එම හමුදාවේ සොල්දාදුවන්ට අත් ඔරලෝසු ලැබී ඇත්තේ ඔවුන් අල්ලා ගන්නා ලද හෝ මරාදමන ලද ජර්මානුවන් පැලද සිටි ඒවා බව පැවසේ. එම කරුනේදී  එම හමුදාවද "අහිංසක"  ෙනාවූ බව පවසන්නට සිදුවන්නේ මෙහි දැක්වෙන හිට්ලර්ගේ බංකරය තුල තිබෙන වටිනා හා අතේ ගෙන යා හැකි සියල්ලක්ම පාහේ ඔවුන් ගෙන ගිය නිසාය.

ලෝකයේ බොහෝමයක් දෙනා මෙතුවකට පහලවූ නරකම ඒකාධිපතියා ලෙස හිට්ලර් ගැන සිතුවත් ඔහුට ලැබී ඇත්තේ වෙනත් පාලකයන් දෙදෙනෙකුට නොලැබුන තැනක් බව අන්තර්ජාලයෙන්ම ලැබුන මෙම පින්තූරයෙන් පෙනෙන අතර මීට පෙර ගුලාග් ලිපි මාලාවේදීද මීට සමාන අදහසක් දක්වා තිබූ බව ඔබට මතක ඇති.
(මෙම පින්තූරය විශාලනය කර බැලීමට එය මත Click කරන්න)

දැන් මෙම ලිපිය අවසන් කරන ‍මොහොතයි. සාමාන්‍යයෙන් යම් සිදුවීමක් ගලා යන ආකාරයෙන් පියවර පියවර ඉදිරිපත් කරනවාට වඩා වෙනස් මුහුණුවරකින් මෙම ලිපිය ඉදිරිපත් කිරීමට අදහස් කල අතර ඉදිරි දිනක මීටත් වඩා තොරතුරු ඇතුලත් පොත් දෙකක් පිළිබදව තොරතුරු ගෙන එන්නට බලාපොරොත්තුවෙමි.

103 comments:

  1. මම මේ ඇහුවාමයි මාවෝ සේතුන්ග් ඔච්චර මිනි මරලා තියනවා කියලා. එහෙම බලපුවම හිට්ලර් නිකන් විහිලු කාරයෙක්නේ..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  2. මේ දවස්වල නැෂනල් ජියෝග්‍රෆි වලත් යනවා මේ වගේ වැඩසටහනක් . ලෝකයේ කලින් කලට මෙවැනි පිස්සු මිනීමරුවන් බිහිවෙනවා . කතා කරන්න සුන්දර මාතෘකා නොවුනත් මේවා නැවත නැවත කතා කලයුතුයි. මොකද ඉතිහාසය නොදන්නා මිනිසා සිදු වුන වැරදි ආයිමත් කල හැකි බව මන් කොහේ හෝ අසා තිබෙනවා . හොඳ පොස්ට් එකක් . ඩියෙන් බියෙන් ෆු ගැන ලිව්ව පොස්ට් එක දිනේෂ්ට මග අරුණා නේද .

    ReplyDelete
  3. නියම පෝස්ට් එකක්... හිට්ලර් කියන්නේ ලෝකයේ බිහිවු ලොකුම මනෝවිකෘතින්ගෙන් කෙනෙක් ... කොයිතරම් නම් අහිංසක ජිවිත ගනනාවක් විනාශ කරන්න ඇත්ඩ?

    ReplyDelete
  4. මාවෝ සේතු0 හ හිට්ලර්ව සමාන කරන්න බෑ.මවෝ කලේ පීඩනයෙන් මිරිකිලා හිටපු ජනතාවට සටන්කරලා විමුක්තිය උදාකරපු ඵක.
    ඕනෑම සටනකින් වගේම ඵ්සටනිනුත් මිනිසුන් මෑරුනත් සදාකල් මෑරීමෑරී ජීවත් උන චීන ජනතාවට මවෝ ලා උදාකරලා දුන් විමුක්තිය ගෑන කියන්න ඔන නෑනේ.
    දෑන් චීනය ඉන්න තත්වය බලලාම හිතාගන්න පුලුවන්.
    ඵදා අසියාවේ රෝගියා,අද ලෝකයේ දියුනුමරට.
    ඵ් චරිත දෙක සමාන කරනව කියන්නේ දුටු ගෑමුනු රජතුමයි ඵලාරයි සමාන කරනවා වගේ වෑඩක්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ගොන් කතා කියන්න එපා
      වර්තමාන චින සමූහාන්ඩුව එදා මාවෝ සේතං ඇතිකල ආර්ටික ක්‍රමය අනුගමනය නොකරන අතර මේසා දියුණුවක් ලැබීමට ප්‍රධානතම හේතුව වන්නේ මෑතකදි ඇතිකරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණයයි.

      Delete
  5. ඔය ලිස්ට ඵකේ ඈමරිකාව වියට්නාමේ කරපු ගාතන ඉරකේ ඈෆ්ගනිස්තනේ ඔබාමලා බුශ් ලා කරපු ගාතන ඵහෙම නෑත්ද?
    ඵතකොට ෆිනෝචේ ලා වගේ ඈමරිකන් රූකඩ කරපු ගාතන ඵහෙන නෑත්ද?
    සත් සමුදුර ඈමරිකවේ වෑසිකිලිවල කරන්න ඵපා.

    ReplyDelete
  6. ගඩාෆිට "මහතා " කිව්වා වගේ හිට්ලර්ට මහතා කියන්නෙ නැද්ද :D

    , ලෝකයේ බිහිවුන විකෘති ඝාතකයින් ගොඩක් දෙනා දක්ෂ නිර්මානශීලි අය . හරි පැත්තට යොදාගත්ත නම් සැහෙන වැඩක් මනුෂ්‍ය වර්ගයාට කරන්න පුලුවන් කම තිබුනා , නොදැකපු ඡායාරුප පෙලක් බොහොම ස්තුතියි

    ReplyDelete
  7. @senna
    ඔබ තේරුම් අරගෙන තියෙන්නේ වැරදියට. මාඕ සේතුං හිට්ලර්ට වඩා මිනී මරපු බවක් දිනේෂ් කොතනකවත් සඳහන් කරලා නැහැ. අවසාන පින්තුරයේ තිබෙන්නේ ලෝකයේ ඒකාධිපතියන් පිළිබඳව පැවති ජනමතයක්. එහිදී බහුතරයක් දෙනා, ලෝකයේ දරුණුම ඒකාධිපතියා ලෙස තෝරාගෙන තිබෙන්නේ මාඕ සේතුංවයි. ඔය බටහිර මාධ්‍ය විසින් කල ඡන්ද විමසුමක්. එහිදී ඔය ප්‍රතිඵලය ලැබීම පුදුමයට කරුණක් නෙමෙයි. බටහිර මාධ්‍ය මාෆියාව විසින් චීනයට විශාල සේවයක් කල මාඕ සේතුං සහ ඇත්තටම හිට්ලර් පරාජය කල බොල්ෂෙවික් නායක ජෝෂෆ් ස්ටාලින් ඒකාධිපති යක්ෂයින් ලෙසට තමා හඳුන්වන්නෙ. චීන ඉතිහාසය අපක්ෂපාතීව හැදෑරු අයකුට මාඕ ඇත්තටම ඒකාධිපතියෙක් නොවන බව පැහැදිලි වෙනව. බටහිර ජාතීන්ට තර්ජනයක් වූ ඕනෑම අයෙක් ඒකාධිපතියෙක් ලෙස හඳුන්වන්ට ඒ රටවල මාධ්‍ය පසුබට වෙන්නේ නෑ. බැරිවෙලාවත් හිට්ලර් යුදෙව්වන් වෙනුවට අප්‍රිකානුවන් හෝ ආසියාතිකයන් ඝාතනය කළා නම් ඔවුන් හිට්ලර්ට කිසි දොසක් නොකියන බව සහතිකයි. සමහරවිට අර ටයිම්ස් කාරයෝ හිට්ලර්ට දීපු පට්ටමත් එහෙම්මම තියාවි.

    මෙම ලිපියේ කතු තුමා උපුටා දැක්වීමක් කළා මිස ඔහුගේ අදහසක් ඔය සම්බන්ධව ඉදිරිපත් නොකළ බව පාඨකයෝ වටහා ගනිත්වා.

    ReplyDelete
    Replies
    1. පොත් ගුල්ල මහතා
      ඔබ තුමාගේ විචාරය අති විශිෂ්ට එකක් ලෝකේ ගොඩක් දෙන ඔය පිලිබඳ දන්නේ නැ, American සහ බටහිරයන්ගේ news තමි සත්‍ය කියල මිනිස්සු හිතන්නේ. සුද්දෝ මේ ලෝකේ,යටත්විජිත කාලේ කෝටි කියක් අහිංසක මිනිස්සු මැරුවද > ඇමෙරිකානුවන් million කියක් ඉන්දිඅන්ස් ල මැරුවද.

      Delete
  8. @දිනේෂ් දීපාල්
    මේ පැත්තේ නිතර ආව ගියාට මුලින්ම කමෙන්ට් එකක් ලිව්වේ අදයි. දිනේෂ් ලිපියක් වෙනුවෙන් බොහොම මහන්සි වෙන බව දන්නවා. දෙවන ලෝක යුද්ධය ගැන මමත් බොහොම උනන්දුයි. ඔබ මේ පල කල ඡායාරුප මමත් මින් පෙර නොදුටු ඒවා. ඒ වගේම ටයිම්ස් සඟරාව හිට්ලර්ට නම්බු නාමයක් ප්‍රධානය කල බවත් දැනගත්තේ අද. හැබැයි අර හිට්ලර් ස්ටාලින්ව රැවටුවා කියන එක පිළිගන්න අමාරුයි. ඇත්තටම උනේ ධනවාදී රටවල් අතර ඇතිවන යුද්ධයකට මැදිහත් නොවන්නට ස්ටාලින් තීරණය කිරීමයි. ඒ වගේම එවකට සෝවියට් සමූහාණ්ඩුව ළදරු අවධියේ නිසා හැකි තරම් යුද්ධයෙන් ඈත්වී සිටින්නැයි ස්ටාලින්ට උවමනා කලේ.

    ReplyDelete
  9. පොත් ගුල්ලගේ කතාව මසුරන්...
    නියම පෝස්ට් එක..ගොඩක් නොදන්න ,අහල නැති දේවල් තිබුන..
    ඔය ඔර්ලෝසු උස්සපු සීන් එහෙම අහල තිබුනෙම නෑ..

    ReplyDelete
  10. @ පොත් ගුල්ලා,

    මමත් ඔබ කියන එකට එකගයි.. එත් ඒ දාල තියන Chart එකේනම් තියෙන්නේ " Total kills " කියලයි.. හැබැයි ඕව බටහිරයන්ගේ සුරංගනා කතා වෙන්ඩ පුළුවන් කියල මමත් පිලිගන්නවා..

    මම ඔය දැක්කමයි කොහේ හරි තැනක මාඕ සේතුන්ව ඒකාදිපතියෙක් හැටියට හදුන්වලා තියනවා.

    ReplyDelete
  11. 2වන ලෝක යුද්දයේදී වෑඩිම කෑපවිමක් කලේ රුසියානුවො කියලා අහලා තියනවා.වෑඩියෙන්ම මෑරිලතියෙන්නෙත් රුසියානුවොලු.
    අනික හිට්ලර් බ්‍රිතානය සහ ඵක්සත් ජනපද හමුදාවන්ට මුහුනදෙන්න යවලා තියෙන්නෙ ජර්මන් සේනා0ක 25ක් විතරලු.
    නමුත් රුසියානු පෙරමුනට සේන0ක 250ක් යෑව්වලු.ඵ් හෑමසේන0කයක්ම පරද්දලා ඉස්සල්ලාම බර්ලිනයට ල0උනේ රුසියාවේ හමුදාවයි.ඔවුන්ගේ හමුදාව මෙහෙයවලා තියෙන්නේ 'ෆීල්ඩ් මාර්ශල් ශුකොව්' කියලයි අපි අහලා තියෙන්නේ.
    බ්‍රිතාන්ය සහ ඵක්සත් ජනපද හමුදා ඵක්ක ගත්තහාම රුසියන් හමුදාව කරපු කෑපකිරීම අතිමහත් බව පේනවා.
    මේ ගෑන හොද පොතක් තියනවා ල0කවේ දොස්තරකෙනෙක් පරිවර්තනය කරපු.'දෙවන ලෝක යුද්දයේ සෝවියට් පෙරමුන'.පුලුවන්නම් හොයාගෙන කියවන්න ඵල පොතක්.
    ඵ් වගේම මේ බ්ලොග් ඵකත් නියමයි.

    ReplyDelete
  12. එල පෝස්ට් එකක්! මේ පින්තූර ඇත්තටම කලින් දකින්න ලැබිලා නෑ...

    ReplyDelete
  13. හැමදාමත් වගේ අපි නොදන්න බොහෝදේ රසවත්ව රැගෙන එන ඔබට බොහොම ස්තුතියි

    ReplyDelete
  14. නියම පෝස්ට් එක

    ReplyDelete
  15. වචන දෙකක් නැහැ පෝස්ට් එක උපරිමයි. ලිපියේ සඳහන්ව නැති දෙයකුත් කියන්න හිතුවා. සෝවියට් හමුදාව බර්ලින් නගරයේ විසූ කුඩා දැරියගේ සිට වයසක මැහැල්ල දක්වා වූ බහුතරයක් කාන්තාවන් දූෂණයට ලක් කළ බව සඳහන් වෙනවා. එහි අගය 95,000-130,000 පමණ වන බව සඳහන් වේ. මේ පිළිබඳව නිර්මාණය වූ චිත්‍රපටයක් ද 2008 වසරේ දී A Woman in Berlin නමින් එළිදුටුවා.

    ReplyDelete
  16. ගොඩක් මහන්සිවෙලා ඔබ ඉදිරිපත් කරපු ලිපියෙන් මම සෑහෙන යමක් දැන ගත්තා. බලාගෙන ගියහම මිනීමරු හිට්ලර් කොච්චර කපටියෙක්ද,,

    ReplyDelete
  17. බොහෝම වටින ලිපියක් දිනේෂ්.

    මමත් දෙවෙනි ලෝක යුද්ධය ගැන බොහෝම උනන්දු කෙනෙක්.
    විශේෂ හේතුව තමයි ඉතිහාසයේ සිදුවුනු වැරදීම් යලි යලි සිදු නොවිය යුතුයි කියන තදබල මතයක මම ඉන්න එක.

    බොහෝ කාලයක් ඉඳන් මමත් හිතාගෙන ඉන්නවා දෙවෙනි ලෝක යුද්ධය ගැන ලිපියක් ලියන්න.

    ඒත් මේ තරම් සාර්ථකව නම් මට ලියන්න බැරි බව මම හොඳාකාරවම දන්නවා.

    මේ ලඟදී මම කියෙව්වා හොඳ පොතක්

    (පරිවර්ථනයක්) ඒකේ නම නියුරෙම්බර්ග් අවසන් ජවනිකාව
    ඒ පොල්තොරෙක් කියලා රුසියන් නීතිඥයෙක් ලියපු නියුරෙම්බර්ග් එපිලොග් කියන පොතේ පරිවර්ථනය.

    දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ යුද්ධයට සම්බන්ධ වුනු අයට දන්ඩුවම් කරන්න මිත්‍ර පාර්ශික රටවල් ඇති කර ගත්තු යුධ අධිකරණයක මුල සිට තීන්ධුව දෙන තුරු සිදුවීම් අපූරුවට ලියලා තියෙනවා.

    බටහිර රටවල් වල දෙබිඩි ගතිය එහෙමත් හොඳින් දැනෙන විදිහට ඒක ලියලා තියෙනවා.

    හොයාගෙන කියවන්න ඒකත්

    ශින්ඩ්ලර්ස් ලිස්ට්, ද බෝයි ඉන් ස්ට්‍රිප්ඩ් පිජාමාස්, ලයිෆ් ඊස් බියුටිෆුල් වගේ ෆිල්ම් එහෙම බලලා ඇති කියලා හිතනවා.

    ද පියානිස්ට් ෆිල්ම් එක මට තාම බලන්න ලැබුනේ නෑ එකත් දෙවෙනි ලෝක යුද්ධයට සම්බන්ද එකක්.

    ReplyDelete
    Replies
    1. වැරදිලාවත් Odessa file ෆිල්ම් එක බලන්න එපා ඒක Odessa file කියන පොතේ චරිත් ටික අරගෙන ගොතපු කතාවක් ඒකේ තියන ඒකේ තියන වැඩිහරියක් බොරු ලොකුම බොරුව එදුවාඩ් රොච්මාන්ව පීටර් මිලර් මරනවා. නමුත් පොතේ පීටර් මිලර්ට රොච්මාන්ව මරන්න වශ්ය නෑ නීතිය අනුව දඩුවම් කරන්න විතර්යි අවශ්ය . ඒත් රොච්මාන් පැනගන්නවා ඒක තමයි හැබෑවටම වෙලාතියෙන්නෙත්. එදුවාඩ් රොච්මාන් කියන්නේ රීගා කදවුරේ අන දෙන නිලදාරියා ඔහු යුදෙවුවන් 40000ක් පමන් එම කඳවුරේ මරලා තියනවා. හරිම අපූරු කතාවක් පොත හොයාගෙන කියවලා ඊට පසු ෆිල්ම් එක බලන්න එම ෆිල්ම් එකෙ Torrent file එකක් තියනවා

      Delete
  18. පියානිස්ට් ...මම බලපු හොඳම චිත්‍රපටියක් දුකා . යුදෙව් ජාතික පියානෝ වාදකයෙක් දෙවෙනි ලෝක යුද්ධ කාලේ මුහණ දෙන බිහිසුණු අත්දැකීම්. ඔහුට හමුවෙන සංගීතයට ලදී නාසි නිලධාරියා අන්තිමට සිරකරුවන් ගාල් කර ඇති කඳවුරකට ගාල් කර ඇති අන්දම ..අපි බෙදා වෙන්කරගන්න හදන ලෝකයේ මිනිසුන් අතර ඇති සමානකම් ගැන ලොකු පාඩමක් කියනවා.
    රීඩර් කියෙව්වේ නැද්ද . යුද්ධෙට පස්සේ තිබිච්ච නඩු තීන්දුවක් ගැන . හරි අපුරු කතාවක් . ෆිල්ම් නම් ලිස්ට් එකක්ම දෙන්න පුළුවන් . අපි දිනේෂ්ටම කියමු ඒ ගැන පෝස්ට් එකක් දාන්න . ''සේවින්ග් ප්‍රයිවට් රයන් ''හෙමත් ලස්සනයි.

    ReplyDelete
  19. ඔබට බොහොම ස්තුතියි.මේ සේයා රූ මීට කලින් දැකල නැහැ.ජාතිවාදී උමතුව හිට්ලර්ට ඇතිවීමට පෙර ඔහු ජර්මනියේ ආර්ථිකය නගා සිටුවීමට සැබවින්ම ක්‍රියාකර ඇත.මා දන්නා තරමින් යුරෝපයේ පළමු අධිවේගී මහා මාර්ග ජාලය ඉදිකෙරුනේ ඔහුගේ පාලන කාලයේ මුල් යුගයේය.එම මාවත් outobahn නමින් හැදින්විය.අවසාන මොහොතේ හිට්ලර් වෙඩි තබාගෙන දිවි නසාගත් බව පැවසෙන අතරම ඊවා බ්‍රෝන් සයනය්ඩ් කෑමෙන් දිවි තොර කරගෙන ඇති බව මා අසා ඇත.ඇගේ මල සිරුර අසලද කාන්තාවන් පරිහරණය කරන වර්ගයේ පිස්තෝලයක් තිබුනද ඇය වෙඩි තබාගෙන නොසිටි බව වාර්තාවේ.

    ReplyDelete
  20. "එහිදී ඔහු හා ඔහුගේ මාධ්‍ය ඇමතිවූ ආචාර්ය ගොබෙල්ස් ගේ එක් සිද්ධාන්තයක් වූයේ ඕනෑම බොරුවක් දිගින් දිගටම ඇසෙන්නට සැලැස්වීමෙන් එය අසන්නා එය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමට පෙළඹෙන බවයි."

    මේ සිද්ධාන්තය එදා පමණක් නෙවෙයි අදත් අත්ථනෝමතික දේශපාළුවොයි අන්තවාදී ආගම්කාරයොයි පාවිච්චි කරන මූලික උපක්‍රමයක්. ඒ හේතු නිසා තමයි රටක පුරවැසියන්ට ඉතියාසය ගැන විධිමත් දැනුමක් ලබාදිය යුත්තේ. අධායපන ක්‍රමයෙන් ඉතිහාසය ඉගැන්වීම බෙලහීන කරනවා කියන්නේ ඉතිහාසයේ සිදුවූ වැරදි නැවත නැවතත් අනාගතයේ සිදුවීමට ඉඩහරිනවා කියන එකයි.

    දිනේශ් ඔබේ සේවය අතිවිශිෂ්ඨයි.

    ReplyDelete
  21. ithamath watina lipiyak... bohoma sthuthyi bedagaththata...

    ReplyDelete
  22. මම හිතන්නේ අද තමයි මේ පැත්තෙ මුලින්ම ආවෙ. කියලා වැඩක් නෑ. නියම බ්ලොග් එකක්. විභාගෙ ඉවරවුණාම ඔක්කොම ලිපි ටික කියවන්න ඕනේ.

    ReplyDelete
  23. kosala
    සත් සමුදුර නියම බ්ලොග් එක.ලබාදෙන දැනුමට ස්තියි.Illuminati පිලිබදව වෙලාවක් තිබුනොත් ලිපියක් ලියන්න.ඩොලර් නෝට්ටුවේ පවා එයාලගේ රහස් සංකේත ඇති බව කියනවා.බ්ලඩ් ලයන් 13(ශිෂ්ටාචාර පටන්ගත් අවදියෙසිට එන පිටසක්වල ජීවින් බිහිකළ පෘතුවි ජීවින් පරපුර),ඇට්ලන්ටා ලොස්ට් සිටි ගැනත් පුලුවන්නම් ලියන්න.ඔබට ජයවේව !!

    ReplyDelete
  24. @ දුකා,

    ද බෝයි ඉන් ස්ට්‍රයිප්ඩ් පිජාමාස්......තවම බලන්ට ලැබුනේ නැහැ.

    @ බින්දි,

    / පියානිස්ට් ...මම බලපු හොඳම චිත්‍රපටියක් දුකා /

    ඔබ සමඟ එකඟයි.......ජර්මානු හමුදා නිලධරයකු පිළිබඳව වෙනම ඇහැකින් බලපු චිත්‍රපටයක්......මට ඒ චිත්‍රපටයෙ අමතක නොවන දර්ශනය ජර්මන් නිලධාරියා වෙනුවෙන් යුදෙව්වා ඉදිරිපත් කරන වාදනය......

    රීඩර් - ඒත් ඒ වගේ චිත්‍රපටයක්......මම හැබැයි රීඩර් චිත්‍රපටයට වඩා කැමතියි නවකතාවට.......

    @ දිනේශ්,

    ඔබට කොහොම ස්තූති කරන්නද මන්දා මේ වගෙ බොහොම වැදගත් ඡායාරූප සහ තොරතුරු අප සමඟ බෙදා හදා ගත්තට......ඔබ කරන සේවය අමිලයි.

    .-----------------------------------------------

    ප.ලි.

    මේ මම අසා ඇති හිට්ලර් ද සම්බන්ධ පුංචි කතාවක්,

    ලෝකයේ අසහාය නායකයා තේරීමට ඔබට අවස්ථාව ලැබුණා යයි සිතන්න. මෙහිදී ඡන්දය පාවිච්චි කල හැක්කේ ඔබට පමණි. පහත සඳහන් තිදෙනාගෙන් ඔබ තෝරා ගන්නේ කවුද?

    පළමු අපේක්ෂක - ඔහු වංචනික දේශපාලකයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව ඔප්පු වී ඇත.දෛවඥයින්ගේ උපදෙස් පිළිගනී.අනියම් භාර්යාවන් දෙදෙනෙකි.අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වී ඇත.දිනකට මාටිනි ( ජින් මිශ්‍ර මත්පැනකි ) වීදුරු 8-10 අතර පානය කරයි.

    දෙවන අපේක්ෂක - දෙවරක් දැරූ තනතුරෙන් පහකල අයෙකි.මධ්‍යාහ්නය වන තුරු නිදයි.පාසල් යන අවදියේ අබිං භාවිතා කල අයෙකි.සෑම සන්ධ්‍යාවකම විස්කි ලීටරයකට ආසන්න ප්‍රමාණයක් පානය කරයි.

    තෙවන අපේක්ෂක - සම්මාන ලාභී යුද වීරයෙකි.නිර්මාංශභක්ෂකයෙකි.දුම් පානය නොකරයි. මත්පැන් පානය ඉඳහිට ගන්නා බියර් වීදුරුවකට පමණක් සීමාවෙයි.කිසිම දින තම භාර්යාවට වංචාවක් නොකල අයෙකි.

    හරි.....මේ තිදෙනාගෙන් ඔබ ලෝක නායකයා ලෙස තෝරා ගන්නේ කවුද?

    ඔබේ තේරීමෙන් පසු......... මෙන්න බලන්න ඔබ තෝරා ගත්තේ කවුද?

    පලමු අපේක්ෂක - වින්ස්ටන් චර්චිල්

    දෙවන අපේක්ෂක - ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්

    තෙවන අපේක්ෂක - ඇඩොල්ෆ් හිට්ලර්

    ReplyDelete
  25. "ඕනෑම බොරුවක් දිගින් දිගටම ඇසෙන්නට සැලැස්වීමෙන් එය අසන්නා එය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමට පෙළඹෙන බවයි. "

    රාජපක්ෂ රෙජිමෙත් ෆලෝ කරන්නේ ඒ තියරි එකමද කොහෙද

    ReplyDelete
  26. @last ano!
    "ඕනෑම බොරුවක් දිගින් දිගටම ඇසෙන්නට සැලැස්වීමෙන් එය අසන්නා එය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමට පෙළඹෙන බවයි. "

    රාජපක්ෂ රෙජිමෙත් ෆලෝ කරන්නේ ඒ තියරි එකමද කොහෙද"

    පවතින පාලාන්ධිකාරිය මාද්‍ය මඟින් බොරු ප්‍රචාරය කිරීම විතරක් නෙමෙයි, හිට්ලර් කලා වගේ කලා කාරයෝ ටික , විරුද්ධ පක්ෂය හොඳින් හෝ නරකින් බා ගෙන ඒ අය නිස්සබ්ද කිරීම, මද්‍යස්ත මතධාරීන් හෝ විරුධ මතධාරීන් මර්ධනය කිරීම, මහජන දේපල හිතේ හැටියට පරිහරණය කිරීම, මහජනයා බ්‍රේන් වොෂ් කිරීම, මේ වගේ දේවලුත් ඒ විදිහටම කරගෙන යනවා . . . . අර නිව්‍රෙම්බර්ග් එපිලොග් පොත කියෙව්වාම මාර දුකක් ඇති වෙන්නේ ඉතිහාසයේ වැරදි යලිත් සිද්ද වෙනවා නේද කියලා දැක්කහම . . .

    ReplyDelete
  27. රවී, බින්දි
    ශින්ඩ්ලර්ස් ලිස්ට් ෆිල්ම් එක බලලා මට සතියක් විතර කන්න පිරියකුත් නැතුව හිටියා.
    ද බෝයි ඉන් ස්ට්‍රයිප්ඩ් පිජාමාස් බලලා නදීෂයි මායි පැය ගානක් ඇඬුවා. දවස් කීපයක් යනකම් හරියට කතා කර ගන්න වත් බැරුව හිටියා.

    ReplyDelete
  28. @රවී
    "හිට්ලර් සම්මාන ලාභී යුධ වීරයෙකි"
    කොහොන්ද රවීට මේ කෑල්ල හම්බ උනේ? ෂුවර් එකටම මොකෙක් හරි බටහිර මාධ්‍ය කාරයෙක් ලියපු පොතක වෙන්න ඇති.
    කරුණාකර සුගතපාල ද සිල්වා ලියු "හිට්ලර් එල්ලා මරයි" පොත කියවන්න.
    දෙවැනි ලෝක යුද්ධය ගැන උනන්දු ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන් කියවිය යුතු පොතක්.

    ReplyDelete
  29. @ පොත් ගුල්ලා,

    World War I

    Main article: Military career of Adolf Hitler

    Hitler served as a runner on the Western Front in France and Belgium in the Bavarian Reserve Infantry Regiment 16. He experienced major combat, including the First Battle of Ypres, the Battle of the Somme, the Battle of Arras and the Battle of Passchendaele.[36]

    Hitler was twice decorated for bravery, receiving the Iron Cross, Second Class, in 1914 and Iron Cross, First Class on 4 August 1918.[37] He also received the Wound Badge. Hitler's First Class Iron Cross was recommended by Hugo Gutmann, and although the latter decoration was rarely awarded to a Gefreiter, it may be explained by Hitler's post at regimental headquarters where he had more frequent interactions with senior officers than other soldiers of similar rank.[38] The regimental staff, however, thought Hitler lacked leadership skills, and he was never promoted.

    උපුටා ගැනීම - -http://en.wikipedia.org/wiki/Adolf_Hitler

    ReplyDelete
  30. http://englishrussia.com/index.php/2011/05/06/the-berlin-capture-by-soviet-soldiers/
    ඔන්න ඔය ලින්ක් 1 කේ තව පොටෝ ඇති ඔය වෙබ් සයිට් 1 කෙන් 2 වන ලෝක යුද්ධයේ චායාරෑප විශාල ප්‍රරමාණ්යක් ඇති ,

    තව පොඩි දෙයක් කියන්න තියනව හිට්ලර් ගෙ මරණය ගැන ඔහුගේ බවට සැක කරන සිරුරු කොටස් සොයා ගත් බවත් ඒව එකල සෝවියට් දේශයට රැගෙන ගිය බව්ත් සදහන් නමුත් මෑතක දී එම සිරුරු කොටස් නැවත පරීක්ශනයකින් පසු එම සිරුරු කොටස් හිට්ලර් ට හෝ අයත් නොමැති බව තහවුරු කෙරුනා .............. ඒ අනුව හිට්ලර් නිරුපද්‍රිතව ජර්මනියෙන් පැන යන්නට ඇති බව මතයක් පල වී තිබෙනවා.

    ReplyDelete
  31. පරක්කු උනා දිනේෂ් මේ අහ එන්ට..හොඳම ලිපියක්.. ඒ වගේම මම කියවන්න ආසම චරිත කිහිපය අතරින් ඉහළම තැනක ඉන්න කෙනෙක් හිට්ලර්. අනෙකා තමා නැපෝලියන්... පුළුවන්නං මගේ අනිත් යාළුවත් ගොඩ දාලා දෙන්න.

    රවි අයියාගේ කතාව තමා දවසේ කතාව... ඇත්තටම මං හිට්ලර්ගේ මිනිසුන් මැරීමේ කොටස අත ඇරියම අනිත් පැත්තට හුගාක් කැමතියි.. ඒකත් අර අපේ ප්‍රේමදාස මහත්තයගේ කතාව වගේම තමා.

    බුවා ඉහතදී කියලා තියෙනවා වගේ මේ හුගාක් දෙනෙක් උසස්ම නිර්මාණ ශක්තියක් තිබුන වැඩක් කල හැකි අය.

    ඒ වගේම මං හිතන විදියට ම්ලේච්ඡ පැත්ත අත හැරියම ඒ මිනිස්සු අරමුනක් වෙනුවෙන් දීර්ඝ කාලයක් නොනැවතුන ගමනක් ගිය පොඩි තැනකින් ආරම්භ කරලා ඉහළටම ගිය අය.

    හිට්ලර්ව වර්ණනා කිරීමක් කියලා ගන්න එපා.. ඒත් පාලනය විනය හා කළමණාකරණය මැනවින් ප්‍රායෝගිකව යොදා ගත්තු මිනිසුන් අතර හිට්ලර්ටත් තැනක් හිමියි.

    ReplyDelete
  32. මෙන්න ඒ හිට්ලර්'ගේ ප්‍රධානම ආදර්ශ පාඨය..

    "If you win, you need not have to explain...If you lose, you should not be there to explain!"

    ReplyDelete
  33. ඉතිහාසය දන්නෙනෑතුව කරපු නියම ජෝක් කමෙන්ට් ටිකක් තියනවා.
    සෝවියට් හමුදාව ලොකු පොඩ් බේදයකින් තොරව ස්ත්‍රී දූශන කලානම් බර්ලිනය සහිතව ජර්මනියේ නෑගෙනහිර කොටස සමාජවාදය පිලිගත්තේ ඈයි?ජර්මන් ගෑනු රුසියන් කාරයන්ව වරදට පොලබවගත්තද දන්නෑ.
    JRපප්පා ඉතිහාසය වගේ දේවල් පෙලපොත්වලින් අයින්කිරීමේ ප්‍රතිපලය තමයි මේ.
    නියමඉතිහාසය නොදෑන බෝතල්-පත්තරකාරයෝ දේශපාලන කන්නඩි දාගෙන ලියන පච හෑලි ඈත්තසේ පිලිගෑනීම.
    ඵහෙමනෑත්නම් බටහිර මාද්ය කියන හෑමබොරුවම ඈත්ත කියලා හිතීම මාර චාටර්.
    අනික ඈමරිකාව 2වන ලෝක යුද්දයේ නියම සතුරාවන ජර්මනිය අත ඈරලා අසියාතික ජපානයටම පරමානු බෝම්බය දෑම්මේ ඈයි?
    සතුරා උනත් සුදුහමට තියන නිසා කියලත් කතාවක් තියනවා.

    ReplyDelete
    Replies
    1. නියුරෙම්බර්ග් නඩු විභාගය කියවන්න

      Delete
  34. පට්ට පොස්ට් එක අයියා! මම මේ ගොඩක් එවා කලින් කියවල, ෆිල්ම් වල දැකලා තිබ්බා.. පුලුවන් නම් කට්ටිය හිට්ලර්ගේ SS හමුදාව ගැන කියවලා බලන්න.. දෙවනි ලෝක යුද්ධය Justify කරන්න හදන එකනම් ගොන් කමක් කියලා තමා කියන්න තියෙන්නෙ.. මිනිහෙක් මරපු එකෙක් හොඳ එකෙක් වෙන්නෙ නෑ නේ! ස්ටාලිනුත් මැරුවෙ මිනුස්සු, රෑස්වෙල්ට්, චර්චිල්ලා මැරුවෙත් ඔයයි මමයි වගේම මිනිස්සු තමා..

    ReplyDelete
  35. ගුලාග් පිළිබඳව සත් සමුදුරෙහි පලවූ ලිපි වලට මා අද දින ලියු කමෙන්ටුව මෙතනටත් අදාල වන බැවින් මෙහි පල කරමි. දිනේෂ් අමනාප නොවනු ඇතැයි සිතමි.

    දිනේෂ්
    ගුලාග් පිළිබඳව වූ ඔබේ ලිපි කියවුවේ අදයි. බටහිර මාධ්‍ය හරහා ඔබ සොයාගෙන ඇති තොරතුරු ඒ ලෙසින්ම පල කොට තිබෙන බව පෙනේ. ඔබ පල කර ඇති වීඩියෝ පටයෙහි කිසිදු හිංසනයක් දක්නට නොමැත. දුම්රිය මාර්ගයක් තැනීමට වෙහෙසෙන මිනිසුන් පිරිසක් එහි දර්ශනය වෙයි. අඩු ගනනේ ඒ මිනිසුන් සිර කරුවන් නම් ඔවුන්ට පැනයා නොදී රැකගෙන සිටින එකද සොල්දාදුවකු හෝ දක්නට නොවීය. 20 වන සියවසේ මුල් භාගයේ මෙන්ම 19 වන සියවසේ අගභාගයෙදීද රුසියාවේ පමණක් නොව බොහෝ රටවල දුම්රිය මාර්ග නිර්මාණය වුයේ එලෙසයි. (ඇමරිකාවේ, ලංකාවේ පවා). එම වීඩියෝ පටය ලිපියෙහි කරුණු වලට සාක්ෂ්‍ය ලෙස අපටනම් සැලකිය නොහැක. අනෙකුත් බොහෝ කරුණුද සපයා ඇති සංඛ්‍යා ලේඛනද විවාදාත්මකය. ඔපමණ මිනිසුන් සංඛ්‍යාවක් වහල් කඳවුරු වල සිරවී සිටියා නම් එකල රුසියාවේ ජීවත්වුයේ කවරෙක්ද? දෙවන ලෝක සංග්‍රාමයේදී රුසියාව රැකගැනීමට යුද්ධයට ගියේ කවරෙක්ද? වහල් කඳවුරු වල රැඳවියන් යුද්ධ කළා යයි කීම පිළිගත හැකිද? තවත් ප්‍රශ්න රාශියක් පැන නගී. රුසියාව තුල දේශපාලන කඳවුරු නොතිබුනා යයි මම නොකියමි. එහෙත් ඔය බටහිර මාධ්‍ය පවසන තරමට යකා කළු නැත.

    තවද ජෝසෆ් ස්ටාලින් සහ ඇඩොල්ෆ් හිට්ලර් එකම කාසියක දෙපැත්තට සමාන කිරීම මිනිස් කමට නිග්‍රහයකි. ඉන් පෙන්නුම් කෙරෙන්නේ හිට්ලර් පරාජය කිරීමේදී ස්ටාලින් රඟපෑ භූමිකාව අවතක්සේරු කිරීමට බටහිරට ඇති උවමනාවයි. ලංකාවේ ලේකඛයකු වූ ඔරුවල බන්දු මහතා ගැන ඔබ අසා ඇතැයි සිතමි. ඔහු රුසියාව තුල සිටිමින්ම රුසියානු පාලනය විවේචනය කල සිංහලයෙකි. ඔහු පවා පිළිගන්නා එක් සත්‍යයක් තිබේ. එනම් ජෝසෆ් ස්ටාලින් නොහිටින්නට ලෝකයේ හැඩරුව බෙහෙවින් වෙනස් වන බවයි. අනික ස්ටාලින් කිසි විටක හිට්ලර්ගේ මිතුරකු ලෙස ක්‍රියා කර නැත. ඔහු හිට්ලර් සමග ගිවිසුමකින් යුද්ධයට සහභාගීවීමෙන් වැළකුණේ ළදරු සමාජවාදී සමුහාණ්ඩුව රැක ගැනීමේ පරමාර්ථයෙනි.

    ශීත කාලය නොතිබෙන්නට රුසියානු හමුදාව පරාජය වන බව බටහිර මාධ්‍ය ගොඩනගා ඇති අනෙක් මිත්‍යාවයි. සෝවියට් ජනතාව දෙවැනි ලෝක යුද්ධයේදී සටන් කල ආකාරය අවම වශයෙන් සෝවියට් සාහිත්‍ය කෘති වලින් වත් ඔබ කියවා නැද්ද? එසේ නොමැති නම් "සැබෑ මිනිසකුගේ කතාව" අදම කියවන්න. මෙවැනි ලිපියක් සම්පාදනයට පෙර කරුණාකර අනෙක් පාර්ශවයෙන්ද ලියවුනු කරුණු සොයා ගැනීමට උත්සුක වන්න. අපහසු නමුත් සොයාගත හැකියි. අන්තර්ජාලයෙන් එපිටත් බලන්න. සුගතපාල ද සිල්වා ශූරීන් ලියු "හිට්ලර් එල්ලා මරයි" කෘතිය අනිවාර්යයෙන් කියවන්න.

    ReplyDelete
  36. @පොත් ගුල්ලා - ඔබ මොන මතය දැරුවත් මා ඒ ගැන අමනාප නොවන අතරම සෑහෙන්න උවමනාවෙන් බ්ලොග් සටහන් කියවූ බවක් පෙනේ. එහෙත් ඔබ යම් අන්තයකට කොටුවී බටහිර භීතිකාවට හෝ තාර්කික නොවන මතවාදයකට ලක්ව ඇති බව පැවසිය යුතුය. පළමු කොටම කිව යුත්තේ ඔබ පවසන මා පරිදි අන්තර්ජාලයේ ඇති කරුණු වලටම කොටුවී ලිපි ලියන්නෙකු නොවන බවයි. මේවායේ පලකරන ‍තොරතුරු කාලනිර්ණයන් නිවැරදි කරගැනීමට අනතර්ජාලය භාවිතා කරන අතර බොහෝ කරුණු මා පාසල් යන කාලයේ සාමාන්‍ය පෙල කිරීමටත් පෙර කියවූ කරුණු බව මතක් කල යුතුය. ‍එසේම ඔබ කියනා "සැබෑ මිනිසකුගේ කතාව" ද ඒ අවධියේ කියවූ කෘතියක් වන අතර තවත් සෑහෙන්න කෘති ගණනාවක් රුසියන් විප්ලවය හා එයට පසුකාලීනව සිදුවූ සිදුවීම් පිළිබදව කියවා ඇති අතර ඒ බව පවසන්නේ නිහතමානීව බවද පවසමි. පළමු කොටම ඔබ මාවෝ සේතුං මහතා පිළිබදව මතයන් පල කර ඇති බව දුටු අතර ඔහු මිනී මැරුවාද නොමැරුවාදැයි නොදනිතත් චීනයේ සිදුවූ සංස්කෘතික විප්ලවය සමයේ නම් මිනිසුන් සෑහෙන්න පිරිසක් සිය ජීවිතයෙන් වන්දි ගෙවූ බව සත්‍යයකි. සංඛ්‍යාත්මකව නම් ඒ ගැන ඉතින් තොරතුරු සපයන්නට නොහැකි අතර 71 කැරැල්ල අවස්ථාවේ හෝ 88/89 භීෂන සමයේ අප ‍රටේ සිදුවූ මිනිස් ඝාතන ගැන නිවැරදි සංඛ්‍යා පවසන්නට බැරි කොට චීනය ගැන අපට ‍නිවැරදි අගයන් කිව හැකිද? සෝවියට් දේශයේද තත්වය මෙයයි. මා කිසිවිටකත් මෙන්න මේ සංඛ්‍යාවක් නිශ්චිතවම මරණයට පත්කර ඇතැයි ගුලාග් ලිපි පෙලේද අදහස් කර නොමැති අතර විවිද මූලාංශ්‍රවල පලවී ඇති විවිද සංඛ්‍යා අතරින් ගත් දල අදහසක් පමණක් එයට ගැබ්ව ඇති අතර ඔබ පිළිගත්තද නැතුවද සංඛ්‍යාත්මක අගය නම් අතිවිශාල බව නිසැකය. ඔබ පවසන පරිදි එසේ මැරුවේ නම් රුසියාවේ මිනිසුන් ඉතිරිවේද යන පැනයට දිය හැකි පිළිතුර වන්නේ එරට අතිදැවැන්ත බව මෙන්ම ජනගහනයද ඒ සමාන බව ඔබට නොදැනීම පුදුමයකි. එසේම ඕනෑම රටක යම් පාර්ශවකට විරුද්ධ මෙන්ම පක්‍ෂපාතී පිරිසක්ද සිටින බව ඔබට අමතකද? ස්ටාලින් ගැන පවසන කරුනේදී ඔහු දෙවන ලෝක යුද්දයෙන් ජර්මනිය පරාජයට පත් කිරීමට ගත් කාර්යයභාරය කිසිදු විටික අවතක්සේරුවට ලක් කල නොහැකි බව මමද පිළිගනිමි. එහෙත් ඔහු විසින් අනදී සිදුකල වෙනත් මිනිස් ඝාතන වල භයානකත්වය එයින් ගිලිහී යන බවට ඔබ අඟවා ඇති කරුණු ගැන නම් කිසිසේත් එකඟ නොවනවාසේම දෙවන ලෝක යුද්දයේ ඔහුගේ භූමිකාව නොවෙන්නට ඔහු ගැන කියවෙන්නේ මීටත් වඩා නරක ලෙස බවද ප්‍රකාශ කල යුතුය. ඔබට මේ සියල්ල පිළිබදව ලේසියෙන්ම දැන ගත යුතු නම් හොදම එක් ස්ථානයක් වන්නේ Word at the War දීර්ඝ වාර්තාමය චිත්‍රපටිය නැරඹිමයි. එයද බටහිර මාධ්‍ය විසින් නිපදවා ඇති නමුත් මධ්‍යස්ථව සියළු පාර්ශ්ව පිළිබදව සාකච්ඡා කර ඇති බව කිව හැකිය. එසේම ඔබ කියනා ළදරු බවක් සෝවියට් ආණ්ඩුවට නොතිබූ බව කිව යුතු අතර මේ සිදුවීම් වන විට එය වසර 15 කටත් වඩා කාලයක් ගත කොට තිබූ අතර ඔබ කියනා ළදරු සෝවියට් ආණ්ඩුව එය බිහිවී වසර දෙකක් ගතවීමටත් පෙර ප්‍රතිවිප්ලවය නම් වූ සිවිල් යුද්දයට රටතුලදීම මුහුනදී එයින්ද සෑහෙන්න ප්‍රහාරයට ලක්ව සිය විප්ලවය රැක ගැනීමටද හැකියාව ඇති අත්දැකීම් සපිරි කණ්ඩායමක් බව කිවයුතුය. තවද ස්ටාලින් ඔබ කියනා තරම් සුදු චරිතයක් නම් සෝවියට් විප්ලවයේදී ස්ටාලින්ටත් වඩා ඉදිරියෙන් සිට එහි පතාක යෝදයකු වූ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය ගැන කීමට ඇත්තේ කුමක්ද? ස්ටාලින් මිය ගිය පසු ඔහුගේ දේහයත් ලෙනින් ගේ දේහය අසලින් වසර ගණනක් ප්‍රදර්ශනයට තබා පසුව කෘෂේව්ගේ අනින් හොර රහසේම එය කොන්ක්‍රීට් තට්ටුවක්ද දමා වලලා දැම්මේ ඇයි? මේ ගැන ඔබ කරුණු සොයා බැළුවාද?
    (‍කමෙන්ටුව දිග වැඩි නිසා එය කොටස් දෙකකට කැඩූවෙමි)...

    ReplyDelete
  37. @පොත්ගුල්ලා - හිට්ලර් - ස්ටාලින් ගිවිසුම ගැනද ඔබ කියන දේ අපූරුය. මම කිහිපසැරයක් හා කියවා ඇති සියළු මූලාශ්‍ර වල සාරාංශයක් ගතහොත් හිට්ලර්ගේ මෙම ආක්‍රමණය දියත් කරන මුල් අවස්ථාවේ ඔහු ප්‍රහාර එල්ල කිරීමේදී සෝවියට් දේශය ඒ ඒ රටවල සහයට පැමිණිය හොත් සිය අරමුණ ව්‍යවර්ථවන බව කල්තියාම දැන සිටි හිට්ලර් ටික කලකට හෝ ස්ටාලින්ව නැගෙනහිර යුද පෙරමුනෙන් ඈත්කොට තැබීම මෙහි එක් අරමුණක් වූ අතර එම ගිවිසුමට අනුව සෝවියට් දේශයටද නැගෙනහිර යුරෝපයේ රටවල් ගණනාවක් අත්පත් කරගැනීමට අවස්ථාව ලබා දී තිබුනි. මේ ගිවිසුම නිසා හිට්ලර්ට කොතරම් වාසියක්ද කිවහොත් මට මතක හැටියට 1935-1936 කාලයේ ස්ටාලින් විසින් හිට්ලර්ව ඝාතනය කිරීමට එවූ ඔත්තුකරුවන් එම කාර්යය ඉටු කර ගැනීමට ඔන්න මෙන්න තබා තිබියදී ස්ටාලින්ගේ අනින් එය නැවැත්වූ බව ඔබ දන්නේද? තවද රුසියාවේ ශීත ඍතුව යුද ජයග්‍රහණයට සම්බන්ධ සංකල්පය එහි සාර්ථකත්වයට එක් හේතුවක් පමණක් වූ අතර ඒ වන විටත් වසර 2 කටත් වඩා වැඩි කාලයක් ජර්මානු හමුදා සෝවියට් දේශයේ විනාශකාරී දේ කරමින් රට අභ්‍යන්තරය තුලට ගොස් සිටි අතර එම රටේ වැඩි භූමි ප්‍රමාණයක් සයිබීරියා කලාපයට අයත් වන අතර එහි තත්වය මා‍ විසින්ද ලියා ඇති ලිපියට ලබා ගෙන ඇති බටහිර ජනමාධ්‍ය තොරතුරු ඔබට පිළිගත නොහැක්කේ නම් කරුණාකර රුසියන් බසද දන්නේ නම් රුසියන් බසින් ලියා ඇති මූලාශ්‍ර බලන්න. එසේම මා අසා ඇති පරිදි නැපෝලියන්ටද රුසියාවේදී සිය යුද පරාජයන් ලැබීමට මෙම ශීත දේශගුණය එක් සාධකයක් වූ අතර බටහිර ජනමාධ්‍ය බැහැර කරන ඔබ ඒවා ‍ගෙනහැර පෑවද නොපිළිගන්නා බවක් පෙනේ. තවද සයිබීරියාව යනු අපේ රටේ වියලි කලාපය මෙන් හෝ භූවිශමතාවේ විවිදත්වය මෙන් නුවරඑළිය මෙන් ශීත ප්‍රදේශයක් හෝ කලාපයක් නොව රටේ අතිවිශාල භූමිප්‍රමාණයක් වසා ගත් එරට ප්‍රධාන නගර පවා ඇතුලත් වන අතිදැවැන්ත ප්‍රදේශයකි. ගුලාග් ලිපිවල වී‍ඩියෝ වල එයට යම් සහායක පණිවිඩයක් දෙන දර්ශන ඇතුලත් වී‍ඩියෝවක් පමණක් ඉදිරිපත් කර ඇති අතර ඒවායේ රැකවලුන් නොදැකීම වැනි කරුණ ගැන විමසිය යුත්තේ ඒ කාලයේ සෝවියට් කැමරාකරුවන්ගෙන්මය. ඔබ නොදන්නේ නම් මෙයත් දැනගන්න හිට්ලර් පවා අවුට්ස්විට්ස් වැනි කදවුරු පවත්වාගෙන ගියේ හොර රහසේය. තමන් යුද්දයෙන් පරදින බව පෙනෙද්දී ඒවාට අදාල ලිපිලේඛන, ඒවා යාකර තැනූ දුම්රිය මාර්ග ආදිය විනාශ කරේ ඒවා බාහිර ලෝකය දැන ගැනීමෙන් තමන්ට වන හානිය දන්නා බැවිනි. එම උදාහරණය ගුලාග් සිද්ධියටද ආදේශකර ගැනීමට ඔබට හැකියයි සිතමි. විප්ලවය ඉන් දුර බැහැර වෙසෙන අයට නම් සුන්දර අත්දැකීමකි. එහෙත් එම රටේ සිටින ජනතාවට නම් එයට පක්‍ෂපාතී වුවත් නොවුනත් සුන්දරදැයි ඔබම අපේ රටේ 88/89 කාලය ඔබට මතක නම් දැනේවී. ඔබ ලාබාල අයෙක්දැයී මා නොදනමි. එසේ නම් වැඩිහිටියන්ගෙන් එය අසන්න. තව කරුණු රැසක් ඇත මා මෙම ලිපි ලිව්වේ ආවාට ගියාට තවත් එක් ලිපියක් ලියා එයින් කාගෙවක් මොල ශෝදනයට ලක් කිරීමට හෝ අතීතයේ යම් කාර්යභා‍රයක් ඉටුකල පුරුශයන් පහත් කිරීමට නොවේ. හොදදේ හොද ලෙසටත් නරකදේ නරක ලෙසටත් පෙන්වීමටයි. තව කරුණු එමට ඇතත් ඒවා ගෙන ඒමෙන් ඔබට පලක් ඇත්දැයි හැගේ. රුසියාවේ අග්‍රගණ්‍ය කතුවරුන් ලියූ නවකතා පොත් කියවීමෙන් පමණක් යම් දෙයක් ගැන නිගමනයකට එළඹිය හැකිද? ඔබ හා සමානව අදහසක් ඇති ඇනෝනිමසයන් කිහිපදෙනෙකුද දුටු අතර ඔවුන්ටද ‍මෙම කමෙන්ටුව අදාල කරගනිත්වා.ස්තුතියි!

    ReplyDelete
  38. දිනේශ් ඔබගේ ලිපි ඉතාම වෑදගත් ඵහි සෑකයක්නෑ.
    නමුත් ඔබ ගෙනහෑරපාන බොහෝ මූලාශ්‍ර කෙලින්ම ප්‍රචාරකවාදී බටහිර බේගල් හා සම්බන්ද බෑවින් යම්තරමකින් හෝ කරුනු දන්නා අයට ඵ් පිලිබදා හාස්යක් ඈතිවිම වෑලෑක්විය නොහෑකියි.මෙතන කමෙන්ට්කරන බොහෝ දෙන සදොස් තෑන් නිදොස් කරන අරමුණින් තමා අදහස් දක්වන්නේ.ඵ් හෑර දේශපලනික කෝනයකින් බලනවා නෙවෙයි.

    උදාහරනයක් ගන්න සෝවියට් ජනතාව නෑපෝලියන් හා හිට්ලර් පෑරදවීමේ ප්‍රදාන සාදකය කටුක සීතල බව කීම විහිලිවට කරුනක්.
    හිට්ලර් සිය හමුදාබලයෙන් 90% සෝවියට් දේශයට යොදවා පෙරමුණු 3කින් පහරදුන්නා.ඵ්හිදී සෝවියට් ජනතාව කල අතිවිශාල කෑපකිරීම නොවන්නට තවමත් මේක ජතිවාදී ජර්මනුන් හා ජපනුන් පාලනය කරන ලෝකයක් වන්නට ඉඩ තිබුනා.රුසියවේ සමහර පෙරමුනු වල ජර්මන් හමුදා සහ රතු හමුදා අතර සන්නද්ද බලයේ වෙනස 10:ඉක් තරම් උන.ඵ් කියන්න රත්තන්ට වඩා නාසීන් දසගුනයක් බලවත්.නාසීන් බලපොරොත්තූන ඉක්මන් ජයග්‍රහනයක්.නාසි සහයට ප්‍රබල අදිරාජ්යයන්වූ ඔස්ට්‍රියන් හා රුමේනියන් හමුදා පවා සිටියා.
    නමුත් මේ තරම් ප්‍රබල සන්නද්ද බලය හමුවේ සෝවියට් ජනතාව පෙන්නුම්කල ඈත්ත දේශප්‍රෙමයේ හා අදිශ්ඨානයේ බලයටයි ජර්මන් වරු පෑරදුනේ.මේවා අපි කියන කතා නොවෙයි ජර්මන් ලේඛන පදනම් කරගෙන ඉතිහාසය පිලිබද උගතුන් කියන දේවල්.
    වසරකටත් වඩා වෑඩි කලක් ලෙනින්ග්‍රාඩය සතර අතින් වටකරගෙන තිබියදී මිලියන ගනනක් ජනතාව හාමතින් මියයද්දී සටන අතනොහෑර ඵම ජනතව අතටහසුවන දෙයින් ජර්මනුන්ට පහරදෙමින් පෙන්වූ සටන්කාමීත්වය අපට අවතක්සේරු කරන්න පුලුවන්ද?
    ඔඩෙස්සා වගේ වීර නගරවල නාසීන් කාපු පරිප්පු ගෑන කියවල බලන්න.
    සේවියට් වරු සටන්කලේ 'සියල්ල යුදපෙරමුනට' යන ආදර්ශපාඨය යටතේයි.ඵ් තුලින් තමන්ගේ දිවිපුදා ලබගත් නිදහස තුලින් ආදර්ශයක් ගන්න.
    කටුක සීතලත් කලමනාකරනය කරගත්තේ ඔවුන්ගේ හෑකියාව නිසයි.
    වසර සියගනනක් අනාගතය සෑලසුම් කර තිබූ,
    මුලු යුරෝපයම මාස 6න් දනගෑස්වූ හිට්ලර් රුසියාවේ සීතල ගෑන දෑනගෙන හිටීයෙ නෑ කියම්න ගොනා කව්ද????
    රුසියාවේ බිහිසුනු සීතල ගෑන නියම පාඩම ඉගෙනගත්තේ නෑපෝලියන්.ඊටපස්සේ ජපාන හමුද පව ඔයකියන පරිසරයේම සටන්කරලා ඈත පෙරදිගදි සාර්ගේ රුසියන් හමුදාව පෑරද්ද්ජුවා කියලා දන්නවාද?හිට්ලර් ඔය කියන සීතලටත් ලෑස්තිවෙලයි අවේ.නමුත් සෝවියට් වරුන්ගේ සටන්කමීත්වයට මුහුනදෙන්න තරම් ලෑස්තියක් තිබුනේ නෑ.

    උදාහරනයක් ගන්න අපේ හමුදාව 1999දී වන්නියෙ පෑරදුනා.බූමිය ගෑන නොදන්නාකම හා මෝසම් වෑස්සට හසුවීම ඵ්කට මුල් උනා කිව්වා.නමුත් ඵ් හමුදාවම සුපිරි මෙහෙයවීම යටතේ වන්නියේදීම ඵ් කාලගුනයටම මූනදීලා කොටි හපුවන් සුන්නද්දූලි කලේ කොහොමද???????????
    ජයග්‍රහනයට හෝ පරජයට හේතුව කලගුනය නෙවෙයි යාලුවා,නොසෑලෙන අදිශ්ඨානය හා නිවෑරදි නායකත්වයයි.ඵ් දේ අපිට වගේම සමාජවාදී සෝවියට රුසියාවට තිබුන නිසයි හිට්ලර්ව දනගෑස්සුවේ.

    නමුත් ඵ්ක කයිවාරු ගහන ඈමරිකවට නෑති නිසායි වියට්නාමෙන් අම්බානෙකට කෑවේ.දෑන් ඈෆ්ගන්කාරයන්ගෙන් ඉරාක්කාරයන්ගෙන් කන්නේ.ඉතින් ඵ්කට අපි මොනවාකරන්නද.රුසියානුවෝ පොත් ලියන්නේ ඔවුන්ගේ ජයග්‍රහනය මත පදනම්වයි.ඔය පිලිගන්න අකමෑති උනත් නෑතිඋනත් ඵ්ව ඉතිහාසයට ප්‍රබල ලෙස ඵක්වෙලා ඉවරයි.ඈමරිකානුවෝ පොත් ලියන්නේ බෑරිකම වහගන්නයි.රම්බෝ වහේ චිත්‍රපටි වල් විතරයි ඈමරිකාව දින්නේ,දුකයි නේ.

    ලියන්න නම් බොහෝ දේවල් තියනවා ඵ්ත් අදට මේ ඈති.
    අවශාන වශයෙන් ප්‍රබල ජර්මන් නිලදාරියෙක් තමන්ගේ හමුදාවේ සෝවියට් පෙරාමුණේ පරජයට පස්සේ කියපු දෙයක් ලියලා යන්න්නම්.
    "බොහෝ දෙනා කියනවා අපිට සෝවියට් දේශය ගෑන අවබෝද‍යක් නෑති නිසයි අපි පෑරදුනේ කියල.නමුත් ඈත්ත ඵ්ක නෙවෙයි.අපිට සෝවියට් හමුදා බලය ගෑන හොද දෑනීමක් තිබුනා ඵ්කට මුහුනදෙන්න පුලුවන්කමක් තිබුනා.නමුත් සෝවියට් ජනතාවගේ නොසෑලෙන ආත්මශක්තිය ගෑන කිසිම අවබෝදයක් තිබුනෙ නෑ.ඵ්කටයි අපිට මූනදෙන්න බෑරි උනේ,ඵ්කයි අපි පෑරදුනේ"

    ReplyDelete
  39. දෙවන ලෝක යුද්දයේ රුසියානු පසෙන් සටන්කරපු ෆිල්ඩ් මර්ශල් ශුකොව්,ප්‍රකට ස්නයිපර්කරු වසිලි සයිට්සේව්,ලුඩ්මිලා පව්ලිචෙන්කෝ,නීනා ඔලනීවා වගේ වීර සෙබලසෙබලියන් ගෑන කියවන්න, ලියන්න.
    ඵ්තකොට සෝවියට් සෙබලුන්ගේ මනුශ්යත්වය ගෑන වෑටහෙයි.
    අපිට කොබ්බෑකඩුව තුමා,හසලක ගාමිණී වීරයා තරම්ම ලෝකයට ඔවුන් වටිනවා.
    නිකන් රීඩර්ස් ඩයිජස්ට් කෑලෑපත්තර පස්සෙම යන්න ඵපා.මාද්ය මාෆියාවට අහුවෙන්න ඵපා.මොකද මුලින්ම මාද්යෙන් අපේ ඔලු හෝදලා තමා USAකරයා අපිට කෙලින්නේ.
    අපිට හින්දි ශෝ පෙන්නලා අපේ තෙල්ටිකට ඉන්දියන් කාරයා දුන්න ගේම දෑක්කනේ.අපේ උන් පූනම් පාන්ඩේගේ xxxxxxදිහා බලබල ඉද්දි අපේ තෙල්ටිකට ගදදහන ඉන්දියන්කාරයෝ දුන්න ගේම කොහොමද????ඈඩෙනව නේද?

    ReplyDelete
  40. සැප්.5 මෙම ලිපියට අදහස් දුන් ඇනෝ මිතුරන් දෙපල ‍වෙත අනිත් මිතුරන්ට පිළිතුරු දුන් පසු ඔබලා දක්වා තිබෙන අදහස් ගැනද කතාකරන්නෙමි...

    ReplyDelete
  41. @Murr Poosa - ස්තූතියි! ඔබ පවසා ඇති දෙයට එකඟවෙමි. ස්ටාලිනුත්, රෑස්වෙල්ට්, චර්චිල්, හිට්ලර්, මුසලෝනි, මාවෝ, පොල්පොට් යන ‍මොන අය නැසුවේත් සජීවි මිනිසුන්ය. තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති අයයි. අප යමෙකු වීරය‍කු හෝ දුෂ්ඨයකු කරන්නට යන්නේ එම ජවනිකාවෙන් ඔබ්බේ සිටයි. නමුත් එහි සැබෑ පීඩාව විද ඇත්තේ එයට මුහුණදුන් අයයි...

    ReplyDelete
  42. @Senna - ඔබගේ පැනයට පිළිතුරු මෙම ලිපියේ කමෙන්ටු බැලීමෙන්ම සොයාගත හැකිය...

    ReplyDelete
  43. @Bindi - ස්තුතියි! ඔබ ලියා ඇති ලිපිය මට ටිකක් මග හැරී තමයි තිබුනේ. එය හොද අවධානයෙන් බැලිය යුතු වටිනා ලිපියක්. දැන් මම "දෙවන ලෝක යුද්දයේ පශ්චාත් යුද සමයකට" ලක්ව ඇති බැවින් ඒවාට කමෙන්ටු ලිපි ලිවීමට සිදුව ඇති නිසා එය අහවර වූ වහාම ඔබගේ ලිපිය කියවා අදහස් දක්වන්නෙමි. පියානිස්ට් නම් තවම බලන්නට ලැබුනේ නැහැ. හැබැයි ෂින්ඩලර්ස් ලිස්ට් හා සේවින්ග් ප්‍රයිවට් රයින් නම් බලලා තියෙනවා. දැන් මෙම ලිපියේ හොද සංවාදයක් යනවා. නරකද ටිකක් සම්බන්ධ වුනානම්...

    ReplyDelete
  44. @buwa, ගීතක - ඇත්ත කතා...!!!,චතූ......, මහේෂ් නිශාන්ත ,Roshan, හරී - පිණිපළස - ස්තුතියි! ඉතිහාසයේ අපි නොදන්නා දේට පිටින් තවත් බොහෝදේ තිබේ. සමහර විටක ඒවා අපි කැමති හා කුතුහලය ගෙන දෙන දේවල් වුනත් ඇතැම් දේවල් සත්‍යවූවත් එයට ඇති අකමැත්ත නිසාම පිළිගන්නට මැලිකමක්ද දක්වයි...

    ReplyDelete
  45. @දුකා - ස්තුතියි මචං, මම ෂින්ඩලර්ස් ලිස්ට් නම් බලලා තියෙනවා. අනිත් ඒවා නම් බලලා නැහැ. හැබැයි මමද දෙවන ලෝක යුද්දයට අදාල පින්තූර, වාර්තා ලිපි,පොත් හා වාර්තා චිත්‍රපටිවලට කැමැත්තක් දක්වන නිසා ඒවා සැලකිය යුතු ප්‍රමාණයක් මා සතුව තිබෙනවා. ඔබත් මේ ගැන ලියන්න වෙනසක්වුනොත් වෙන්නේ අපි දෙදෙනා ලියන ශෛලිය වෙනස් වීම පමණයි. ඔබ දන්වා තිබෙන පොත් පත් ඉදිරියේදී සොයාගෙන කියවන්න ඕන. ඒවගේම චිත්‍රපටි ටිකත් සොයාගන්න ඕන.අපේ රටේ දේශපාලනය ගැන නම් කතාකරන එකත් නිශ්ඵල දෙයක්...

    ReplyDelete
  46. @Ravi - ස්තුතිය! මම නම් මේ නායකයන්ගෙන් තෝරන්නේ චර්චිල්වයි. මොකද ඔහු ගැන නම් දන්නවා. තවම මම රුස්වෙල්ට් ගැන නම් එතරම් හදාරලා නැහැ. හැබැයි ඔහුට ඇමරිකානු ජනතාව නම් සෑහෙන්න කැමතියි කියලා අසා තිබෙනවා. ඔබ කියන දේ මමත් අසා තියෙනවා. පළමු ලෝක යුද්දය අවධියේ සෑහෙන්න යුද උණක් තිබුන කෙනෙක් හැටියට තමයි හිට්ලර්ව හදුන්වන්නේ. ඒකට ඔහුට පදක්කම් පවා ලැබුන බවත් මම කියවා තිබෙනවා. කොහොම උනත් දැන් ඉතින් ලියන කියන දේ ඇත්ත වුනත් "බටහිර මාධ්‍ය" ලේබලය යටතේ ගැනෙන නිසා මැදුම් පිළිවෙතට වඩා ඒවා අන්තගාමී ස්වරූපයකින් බලන බවත් තමයි පෙනෙන්නේ...

    ReplyDelete
  47. @sameera - ස්තුතියි! විවිද මත තියෙනවා. කොහොමවුනත් හිට්ලර්වගේ මානසිකත්වයක් තියෙන කෙනෙක් පැනයාවි හෝ තමන්ගේ සිරුර හතුරාට හසුවෙන්නට ඉඩහරීවි කියන එකත් සැකයි...

    ReplyDelete
  48. @මාරයාගේ හෝරාව - ස්තුතියි! අපි ඉදිරියේදී නැපොලියන් ගැනත් බලමු. මමත් ඔබගේ අදහසට එකඟවන්නෙමි. මෙම මිනිසුන් එම රටවල් දියුණු කරන්නට තමන්ගේ ශක්තිය වැයකලත් එහි ගෞරවය අහිමිවූයේ තමන්ම කල අනුවන ක්‍රියා නිසාය. කොහොමවුනත් සත් සමුදුර කියන්නේ මධ්‍යස්ථ තැනක් ඔබගේ හිතට නැගෙන ඕනෑම දෙයක් කියන්න...

    ReplyDelete
  49. @blog gadol - ස්තූතියි! හැබැයි ඔයා මීට කලින් සත් සමුදුරට ගොඩවුනා. ඒ Godfather album ලිපි පෙලේදී. ඒත් බැළුවා ඇයි ඉන්පසුව නාවේ කියලත්. ඉදිරියේදී නැවත නැවත පැමිනේ යයි සතුටින් අපේක්‍ෂා කරනවා...

    ReplyDelete
  50. @Priyanka - නොදන්නා දෙයක් දැනගත්තේ. ස්තුතිය ඒ ගැන කිව්වට...

    ReplyDelete
  51. @kosala - ස්තූතියි! ඔබගේ ඉල්ලීමද අනාගතයේ ඉටුකිරීමට බලාපොරොත්තුවෙනවා...

    ReplyDelete
  52. @buwa - //ගඩාෆිට "මහතා " කිව්වා වගේ හිට්ලර්ට මහතා කියන්නෙ නැද්ද :D// කොහොමවුනත් කාට වුනත් නම්බු දීල කතා කරාම ගැටළු අඩුයි. නරක විදියට ආමන්ත්‍රණය කලොත් නැති ප්‍රශ්න. අනික ඉන්පස්සේ කොච්චර නම්බුදුන්නත් වැඩක් වෙන්නෙත් නැහැනේ...

    ReplyDelete
  53. @ Anonymous - September 4, 2011 9:32 PM

    / සෝවියට් හමුදාව ලොකු පොඩ් බේදයකින් තොරව ස්ත්‍රී දූශන කලානම් බර්ලිනය සහිතව ජර්මනියේ නෑගෙනහිර කොටස සමාජවාදය පිලිගත්තේ ඈයි?/

    ජර්මානුවො සමාජවාදය පිළිගත්තු එකක් නෑ.....විනාශකාරී දීර්ඝ යුද්ධයකින් පරාජයවී හෙම්බත්වී මන්දෝත්සාහීව සිටි ජර්මනියේ බාගෙක රුසියාව තමන්ගෙ රූකඩ ආණ්ඩුවක් පිහිටෙව්ව.........එච්චරයි එතන උනේ....

    / ඵහෙමනෑත්නම් බටහිර මාද්ය කියන හෑමබොරුවම ඈත්ත කියලා හිතීම මාර චාටර්. /

    ඒ වගේම බටහිර මාධ්‍ය කියන හැම දෙයක්ම පල් බොරුය.....රුසියානු මාධ්‍ය විතරයි ඇත්ත කියන්නෙ කියල හිතන එක ඊටත් වැඩිය චාටර්.......ඔය කවුරුවත් ඇත්ත කියන්නෙ නෑ....

    / අනික ඈමරිකාව 2වන ලෝක යුද්දයේ නියම සතුරාවන ජර්මනිය අත ඈරලා අසියාතික ජපානයටම පරමානු බෝම්බය දෑම්මේ ඈයි? /

    මම හිතන්නෙ මේකට හේතු දෙකක් තියනවා.

    1. ජපානය පර්ල් වරායට පහරදීම - යුද ප්‍රකාශ කිරීමකින් තොරව, සාකච්ඡා පැවැත්වෙද්දී ජපානය කල මේ හදිසි පහර දීමෙන් අමරිකාවට වූ හානිය අති මහත්, අමරිකානුවන් 2402 මියගිය අතර 1282 තුවාල ලැබුවා.....විනාශ වූ අහස් යානා සහ යුද නැව් සංඛ්‍යාව අති විශාලයි.....අනෙක දේපල හානියට වඩා මින් අමරිකානු අභිමානයට වූ හානිය ඉමහත්. පර්ල් වරායට කල පහරදීමට පළිගැනීම් වශයෙන් අමරිකාව ජපානයට පරමාණු බෝම්බ එල්ල කලාය කියා අපට සිතිය හැකියි.

    2. මේ වන විට යුද්ධය නිම වීමට ආසන්න වී තිබුණු අතර අමරිකාව සහ රුසියාව ඊළඟ යුද්ධය සඳහා පිඹුරුපත් සකසමින් සිටියා. එනම් ලෝක සුපිරි බලවතා බවට පත් වීම සඳහා වන ප්‍රකාශයට පත් නොකල එනම් සීතල යුද්ධය......ඒ සඳහා අමරිකාවට මුළු ලොවටම තම බලය පෙන්වීමට ලැබුණු අවස්ථාව ඔවුන් අනුකම්පා විරහිතව යොදා ගත්තා නිරායුධ අහිංසකයින් දහස් ගනනක් මරා දැමීමෙන්.

    ReplyDelete
  54. @ Anonymous - September 5, 2011 10:26 AM

    / ජයග්‍රහනයට හෝ පරජයට හේතුව කලගුනය නෙවෙයි යාලුවා,නොසෑලෙන අදිශ්ඨානය හා නිවෑරදි නායකත්වයයි.ඵ් දේ අපිට වගේම සමාජවාදී සෝවියට රුසියාවට තිබුන නිසයි හිට්ලර්ව දනගෑස්සුවේ. නමුත් ඵ්ක කයිවාරු ගහන ඈමරිකවට නෑති නිසායි වියට්නාමෙන් අම්බානෙකට කෑවේ.දෑන් ඈෆ්ගන්කාරයන්ගෙන් ඉරාක්කාරයන්ගෙන් කන්නේ./

    ඉතින් මෙ ඔබ කියන හැම තැනම සිදු උනේ එකම දේ නොවේද?

    ජර්මනිය රුසියාවදි අන්ත පරාජයකට ලක් උනා, හරි, ......එතන ආක්‍රමණිකයා ජර්මනිය.....රුසියානුවන් සටන් කලේ තම මවුබිම බේරා ගැනීමට, ඔවුන්ට ඒ සඳහා තිබුණු කැපවීම සහ අධිෂ්ඨානය ආක්‍රමණික ජර්මන් සොල්දාදුවන් තුල නොතිබීම පුදුමයක් ද?.....අමතක කරන්ට එපා හිට්ලර් උන්මාදයෙන් පෙලුනා විය හැකි වුවත් ඔවුනුත් සාමාන්‍ය අපි ඔබ වගේ මිනිස්සු.......කලක් නොදන්නා දේශයක නිරර්ථක සටනක් කරන විට මම මේ කරන සටනේ තේරුම මොකක්ද කියල විචාර බුද්ධියක් ඇති ඕනෑම මනුස්සයෙකුට මතු වන ප්‍රශ්නයට ඔවුනුත් අනිවාර්යයෙන්ම මුහුණ දුන්නා විය යුතුයි.

    ඔබ ඔය කියන රුසියානුවාගෙ කැපවීම වියට්නාමයෙදි අමරිකානුවන්ට කොහෙත්ම තියෙන්ඩ විදිහක් නෑ නේද?.....එතන ඔවුන් ආක්‍රමණියන්....ඒ ඔබ කියන කැපවීම තිබ්බෙ වියට්නාම් ජාතිකයන්ට....ඔවුන් ජයග්‍රහනය කිරීමෙන්ම ඒක ස්ථිර වෙනවා.

    ඇෆ්ඝනිස්ථානයට සහ ඉරාකයටහ් මේ කතාව අදාලයි.

    ඔබට අමතක වුනු දෙයක් මතක් කරල දෙන්නද?.....රුසියාව ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කලා මතකද?......මතකද එහෙදි මොකද උනේ කියල?.....අමරිකානුවා වියට්නාමෙදි කාපු කෑම රුසියානුවා ඇෆ්ඝනිස්ථානයෙදි මදි නොකියන්ට කෑව.....කෝ එතකොට ඔය නොසැලෙන අධිෂ්ඨානය සහ නිවැරදි නායකත්වය?.....එතන රුසියානු පරාජයට හේතුව ඒ මොකවත් නෙවෙයි ඇෆ්ඝනිස්ථානයෙදි රුසියානුවා තමයි ආක්‍රමණිකයා.....ජර්මනියට එරෙහිව රුසියානුන් තුල තිබුනු කැප කිරීම සහ අධිෂ්ඨානය එතකොට තිබුනෙ ඇෆ්ඝන් වරුන් ළඟ, අන්න ඒකයි වෙනස...

    ReplyDelete
  55. @ Anonymous - September 5, 2011 11:27 AM

    / දෙවන ලෝක යුද්දයේ රුසියානු පසෙන් සටන්කරපු ෆිල්ඩ් මර්ශල් ශුකොව්,ප්‍රකට ස්නයිපර්කරු වසිලි සයිට්සේව්,ලුඩ්මිලා පව්ලිචෙන්කෝ,නීනා ඔලනීවා වගේ වීර සෙබලසෙබලියන් ගෑන කියවන්න, ලියන්න. ඵ්තකොට සෝවියට් සෙබලුන්ගේ මනුශ්යත්වය ගෑන වෑටහෙයි. /

    ඔය කවුරුත් ඇත්ත ලියල නෑ.....හැමෝම කරන්නෙ තමන්ට වැරදුනු තැන් වහල වීරක්‍රියා උලුප්පල දක්වල ලස්සන කථාවක් අපිට කියන එක,කවුරුත් එකයි........

    / නිකන් රීඩර්ස් ඩයිජස්ට් කෑලෑපත්තර පස්සෙම යන්න ඵපා.මාද්ය මාෆියාවට අහුවෙන්න ඵපා.මොකද මුලින්ම මාද්යෙන් අපේ ඔලු හෝදලා තමා USAකරයා අපිට කෙලින්නේ /

    හෙහ්..හෙහ්, රීඩර්ස් ඩයිජස්ට් තමා කැලෑ පත්තර නේද?.....එතකොට සෝවියට් දේශය....ස්පුට්නික්........ඒ වගෙ ඒ කාලෙ නිකුත් වුනු සෝවියට් ප්‍රකාශන වල තිබ්බෙ ශුද්ධ වූ පරම සත්‍යය....එහෙමද?

    / අපිට හින්දි ශෝ පෙන්නලා අපේ තෙල්ටිකට ඉන්දියන් කාරයා දුන්න ගේම දෑක්කනේ.අපේ උන් පූනම් පාන්ඩේගේ xxxxxxදිහා බලබල ඉද්දි අපේ තෙල්ටිකට ගදදහන ඉන්දියන්කාරයෝ දුන්න ගේම කොහොමද????ඈඩෙනව නේද? /

    මෙහෙම දෙයක් උනේ කොහෙද?.......මෙතන උනා නම් උනේ අපේ බල ලෝභී නායකයො ටික රවටගෙන ඉන්දියන් කාරයො අපෙ තෙල් ටික මංකොල්ල කාපු එක නේද?

    ඇඬෙනව නම් ඇඬෙන්ඩ ඕන අනේ මේ අපි පත් කර ගත්තු නායකයො නේද අපිටම කෙළියෙ කියල හිතෙනකොට මිසක් වෙන දේකට නම් නෙවෙයි........

    ReplyDelete
  56. ඔව් දිනේෂ් විවේක ඇති විට කියවන්න . මෙතන යන සංවාදය ගැන නේද . මගේ අදහස නම් ජර්මනියට මොන දියුණුවක් ගෙනාවත් මන් නම් හිට්ලර්ට කැමති නැහැ . මොකක්ද දියුණුවේ ප්‍රයෝජනය . අන්තිමට බිමටම සමතලා වුනා නම් . රුසියානුවා ජර්මනිය පරාජය කරන්න වැඩි දායකත්වයක් සැපයු බවට විවාදයක් නැහැ . ඇමරිකාව පැසිෆික් කලාපයට වැඩි බරක් යෙදු බවයි මගේ දැනීම . බර්ලින් වලට මුලින්ම ඇතුල් වෙන්නත් පොඩි පහේ තරගයක් තිබුන නේද ඔය දෙගොල්ලන්ගේ . රුසියන් පොත් කියවල මගේ වැඩි කැමැත්ත රුසියාවට ලැබුන . රුසියන් විප්ලවය සහ දෙවන ලෝක යුද්ධෙදි කරපු කැපකිරීමට මන් කැමතියි. පස්සේ ඇති වුනතත්වයන් එතරම් හොඳ නැති බව ඇත්ත . දෙවන ලෝක යුද්ධෙදි ඇමරිකාවත් අපේ විරයෙක්නේ .හැබැයි ඔය කාගේත් වීරකම් සහ එයාල යහපත් වෙන්නේ තමතමන්ගේ නහය මට්ටමට විතරයි . රුසියාව ඇෆ්ගනිස්ථානේදී. පෙන්නුවේ හොඳ ආදර්ශයක් නෙමෙයි. කොහොම වුනත් ආක්‍රමණය ආක්‍රමණයක් ම තමයි. ඒ වගේමයි යුද්ධෙට සමානත්රවම [ ඊට පෙර සිටම ] මිත්‍ර පිලේ ප්‍රන්ශුවා නැගෙනහිර ආසියාව අල්ලගන්න සටන් කළා . යුරෝපේදී වීරයා වියට්නාමේදී දුෂ්ටයා . ඊට පස්සේ යුද්ධේ රස්නේ යන්නත් කලින් ඇමරිකානුවා වියට්නාමයට ගොඩ බහිනවා . වියට්නාමයේ අතීතය කියවද්දී මේ දේශපාලනය කොයිතරම් පරස්පර විරෝදීද කියල හිතුනා . මෙතැනදී නම් ලින්ක් එක දාන්නම වෙනවා දිනේෂ් ..අමනාප නොවන්න . http://nelumwila.blogspot.com/2011/08/dien-bien-phu.html හි තියෙන්නේ දියෙන් බියෙන් පු සටන ගැන සහ ඉන්දු චීන කුමන්ත්‍රණය .ඒ වගේම කමෙන්ට් හරහා යටත් විජිතවාදය ගැන යස ඉතිහාස පාඩමක් තියෙනවා . ඊයේ පෙරේදත් මියුසියම් එකකට ගියා . ඒ පින්තුරත් එක්ක තව ලිපියක් ලියන්න ඉන්නේ . ප්‍රතිපත්තියක් ලෙස දේශපාලනය ලියන්න අකමැතියි. මෙව්වා ඉතින් අහක දාන්නත් බැහැ. ඉතිහාසයනේ

    අපි පිළිගන්න අකමැති වුනත් ඒ කාලයේ පිල් දෙකක් තිබ්බ එක හොඳයි . නැත්නම් එක්කෝ ඇමරිකාව නැත්නම් රුසියාව අනෙක් රටවල් සියල්ල පාගලා දානවා . කොයිකත් වෙන්නේ හොඳටයි .

    ReplyDelete
  57. ලංකාවේ යුද්ධ භුඋමිකාවේ ඇත්ත නැත්ත හරියටම කියන්න දන්නේ කවුද ? ඒ ඉතාම මෑත කාලයේ වෙලත්. අනාගතේදී අවුරුදු දෙසීයක් ගිය තැන ප්‍රභාකරන්ටත් ලස්සන අර්ථ කතන දීල තියේවි. කාගේ කෝණයේ ලියවිලි අනාගතේ ඉස්මතු වේවිද කියන එක අනුවයි එහෙම වෙන්නේ. හැමදාම අතීතය සුන්දරයි. කියවන්න ආසයි. තම තම දැනුම අනුව ඉදිරිපත් කරන විවිධ මත ඉතා වැදගත්. නමුත්... සත්‍ය කොයි තාක් දුරට හෙළිදරවු වෙනවද කියන තැනදී අපි අසරණ වෙනවා.
    '' අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ.......''

    ReplyDelete
  58. @උදාර - බොහොම ස්තුතිය! මමත් සෑහෙන්න අසා තිබෙනවා ඔබ කියන කරුණ ගැන නම් මොකද ඔවුන් සැබෑවටම වෛරයකින් සිටින්නට ඇති තමන්ගේ රටේදී ජර්මානුවන් කරන ලද මෙවැනි දේ ගැනත්. හැබැයි ඉතින් කවුරුකලත් වැරැද්ද වැරැද්දමයි. ඔබ මෙම චිත්‍රපටිය ගැන කියූ එකත් හොදයි. එය මම බලලා නම් නැහැ. සොයාගෙන බලන්න ඕන...

    ReplyDelete
  59. අයියෝ රවී මාර ජෝක්.
    /ජර්මානුවො සමාජවාදය පිළිගත්තු එකක් නෑ.....විනාශකාරී දීර්ඝ යුද්ධයකින් පරාජයවී හෙම්බත්වී මන්දෝත්සාහීව සිටි ජර්මනියේ බාගෙක රුසියාව තමන්ගෙ රූකඩ ආණ්ඩුවක් පිහිටෙව්ව.........එච්චරයි එතන උනේ./
    ඵ්තකොට අනික් බාගේ ම්යෝ කෑවද?
    සෝව්යට් හමුදා තාම මුලින්ම ජර්මනියට ලගා උනේ ඵ්තකොට අනව්ශය යුද්දයකට පලලවා තමන් නන්නත්තර කිරීන ගෑන ජර්මන් වෑසියන් හිටියේ මාර කේන්තියකින්.
    ඵ වෙනකොට හිට්ලර් තහනම් කරතිබූ ජර්මන් කමියුනිස්ට් පක්ශය ජනතාව අතර ශක්තිමත්ව රහසිගත දේශපාලනයේ යෙදීසිටියා.ජාතිවාදය පිලිකුල්කරන තෑනට ජනතාව පෑමිනසිටියා.ජාතිවාදයේ අදීනව මිනිස්සු අත්තෑකීමෙන් ඉගනගත්තා. ඔවුන්තමා ජර්මන් ප්‍රජාතාන්තික සමූහාන්ඩුව ගොඩනෑගුවේ.
    ඵ්තකොට ඉතුරුටික ???
    ඉතුරු බාගේ ඈමරිකන්කාරයො තමන්ගේ ගොදුරුබිම් නෑතිවෙයි කියන බයට ගිවිසුමකින් අල්ලගත්තා.
    අනික ඵ්හෙම හදපු සමජවාදී රජය 1990 දක්වා, බර්ලින් තාප්පය වෑටෙනකම් තිබුනා .
    මේකේ හොදම දේ මොකද්ද දන්නවාද?
    බර්ලින් තප්පය වෑටුනම සමාජවාදයේ මලගම කියල බටහිර මාද්ය අඩබෙර ගෑහුවා.නමුත් අද වෙනකඔට ජර්මන් සමාජයෙන් 45%ක් නෑවත බර්ලින් තප්පය(සමාජවාදය කියන්නත් පුලුවන්)මේක බටහිර ප්‍රකට සමීක්ශනයක ප්‍රතිපලයක්.
    මේයින්වෑඩිහිටි ජනගහනයෙන් 40%ක් හා තරුන පිරිසෙන් 55%ක් සමාජවාදය පතනවාලූ.
    මමහිතන්නේ මුන් ඔක්කොම රුසියන් රූකඩ වෙන්න ඈති නේද?(මුන් ඔක්කොම ටයර්දාල පුච්චන්න නේද වටින්නේ???)
    අනික මේ ආන්ඩුවෙන් ල0කවට ලෑබුනු දේවල් දන්නවාද?ජර්මන් ටෙක් ඵ්ක,වානේ ස0ස්තව ව්ගේ දේවල් ලෑබුනේ ඵ් ඵ්කාදිපති ආන්ඩුවෙන් තමා.
    ඈමරිකවෙන් ණය,කුඩු,බ්ලූ ෆිල්ම් වගේ දේවල්නේ ලෑබුනේ ගොඩක්ම.

    අනික ඔය ඔරලෝසු ගල්කරපුවා,රේප් කේස් ගෑනත කියන්න ඔනේ.රතු හමුදාව කියන්නේ බොහොම විනයවත් හමුදාවක්.නෑත්නම් මෙහෙම ජයග්‍රහනයක් ලබන්නත් බෑ.තමන්ගේ සතුරගේ ජයග්‍රහනයට ඵරෙහිව ඈමරිකන් මාද්ය හෑසිරෙන්නෙ බොහොම වියරු විදියට.

    බලන්න අපේ හමුදාව ලෝකයේ 4වන ප්‍රබල හමුදාව ඉන්දියාවත් පෑරදුනු බිමේ කොටින් වනසලා ජයග්‍රහනය කලා.
    දෑන් බටහිර මා හෑසිරෙන්නේ කොහොමද???????????
    ශ්‍රී ල0කා කිලින්ග් ෆීල්ඩ් කියලා වීඩියෝ හදාගෙන අපේ වීරහමුදාව වන්නියේ සිවිල් වසියන් මෑරුවය,ගෑහෑනුන් දූශනය කලාය කියකිය නරි නෑටුමක් නටනවා නේද?
    අන්න ඵ්වගේ තමයි ඵ්දා සෝවියට් හමුදාවට විරුද්දවත් ඔයකියන ජඩ මාද්ය ඔය නරි නෑටුමමයි නෑටුවේ.
    දෑන්වත් තේරෙනවද CIA ගේම???

    ඉතුරු ටික ගෑනත් ලියන්නම්කො.

    ReplyDelete
  60. {/ අපිට හින්දි ශෝ පෙන්නලා අපේ තෙල්ටිකට ඉන්දියන් කාරයා දුන්න ගේම දෑක්කනේ.අපේ උන් පූනම් පාන්ඩේගේ xxxxxxදිහා බලබල ඉද්දි අපේ තෙල්ටිකට ගදදහන ඉන්දියන්කාරයෝ දුන්න ගේම කොහොමද????ඈඩෙනව නේද? /
    මෙහෙම දෙයක් උනේ කොහෙද?}

    මෙයාලට කියන්නෙ හොරට නිදාගන්න අය කියලා.මෙච්චර සමාජ ස0වෙදී ඉතිහාසය,දේශපාලනය ගෑන මනා දෑනුමෑති රවී මහත්තයා,මේ ඊයේ පෙරේද දොහක අපේ තෙල් සම්පත ල0කාවට 10% ඉන්දියාවට 90% වශයෙන් අදායම ලෑබෙන මනා සාදාරණ ගිවිසුමක් ගහලා ඉන්දියාවට තෙල් දන්දීපු බව දන්නෙම නෑ ලූ.

    [මෙතන උනා නම් උනේ අපේ බල ලෝභී නායකයො ටික රවටගෙන ඉන්දියන් කාරයො අපෙ තෙල් ටික මංකොල්ල කාපු එක නේද?]
    අනික මෙහෙ ඉන්නේ බලලෝබී නයකයන් කියලා ඔයා කියනවානම්, ඵ්වගේ අයට අවුරුදු 65ක් අයේ අයේ රෑවටෙම බුද්දිමත් ජනතාව බලලෝබී නයකයන්ගේ මුල්ගුරුන් වන ඈමරිකවට ඉන්දියාවට සදාකල් රෑවටෙනවා කියලා පිලිගන්න වෙනවා නේද?
    අනික ඉහත වාක්කියෙන් ඉන්දියාව ව්ගේ දනවාදී මගේ යන රටවල් රෑවටිලිකරුවන් බව ඔයාම පිලිඅරගෙන තියනවා නේද?

    ReplyDelete
  61. ඇනෝ මිතු‍රා, කරුණාකර ඔබ මේ දත්ත ලබා ගන්නා මූලාශ්‍ර සටහන් කරන්න. එසේ නැතුව තවදුරටත් ඔබ සමග මේ ගැන කතාකිරීමෙන් ඇති වැඩක් නැහැ. ඔබ මේ සිදුවීම් පිළිබදව කවුරුන් හෝ කියන දෙයක් අසා සිටීමෙන් ලබා ගත් අදහසක් පමණක් ගෙන තර්ක කරන බව පෙනේ. කරුණාකර අදාල සාක්‍ෂි සමග කතා කරන්න. එවිට ඔබ වෙත පෙන්වා දිය යුතු සත්‍ය කරුණු ගැන සටහන් කරන්නම්. මොකද අපිත් දැනගන්නට කැමතියි ඔබ කියනා ආකාරයට බොරු පතුරුවන "බටහිර ජනමාධ්‍ය" වලට වඩා ඔබ ඇසුරු කරන සත්‍යවාදී ජනමාධ්‍ය පිළිබදව අපිත් දැනකියා ගැනීම ඉතින් අපේ නුවන වැඩි කරගැනීමටත් ආධාරයක් වෙයිනේ. අනිත් එක කරුණාකර මෙම කරුණට අදාල දේ පමණක් කතා කරන්න. ලංකාවේ සිදුවීම් මේකට ඈදාගන්නට යන්නට එපා. දෙවන ලෝක යුද්ද සංසිද්ධිය හා අපේ රටේ සංසිද්දිය එකිනෙකට පරස්පරයි. හැගීම් මත රැදී නොසිට බුද්ධියට මුල්තැන දී තර්ක කරන්න. එසේ නැතුව තවදුරටත් ඔබ අහුලාගත් කරුණු පදනම් කරගෙන හැගීමට වහල් වී මේ ගැන සාකච්ඡා කරනවා නම් එයට පිළිතුරු දීමෙන්ද පලක් නොමැත. මෙන්න මේ දේ පමණක් ඔබට කියන්නම්. ජර්මනිය දෙකට බෙදීම තීරණය වුනේ යුද්දය කෙරීගෙන යන අතරතුරයි. යුද්ධයෙන් පසු ජාත්‍යන්තරය හා ජර්මනියේ ඉරණම කෙසේවිය යුතුදැයි යුද්දයට පෙර අවස්ථා ගණනකදී මිත්‍ර පාර්ශ‍වයේ රටවල් වල නායකයන් අතර සමුළුවශයෙන් පැවැත්වුන අතර එහි තීරණාත්මක අවස්ථාව 1945 පෙබරවාරියේ යාල්ටාහි පැවති සාකච්ඡාවයි. එහිදී ජර්මනිය අත්පත් කරගත් ප්‍රදේශ වශයෙන් දෙකඩ කොට බටහිර පැත්ත ඇමරිකාව, එංගලන්තය ප්‍රමුඛ බටහිර පාර්ශවය වෙතටත් නැගෙනහිර කොටස සෝවියට් පාලනයටත්, බර්ලින් නගරය මෙම සියළු ජාතීන්ගේ පාලනයටත් නතුකිරීමටත්ය. ඔබ ‍මෙය මීට පෙර දන්නේද? ඔබට මෙම කරුණු මෙන්ම තවත් මෙයට අදාල සවිස්තරාත්මක විස්තර ලබාගැනීමට අවශ්‍ය මූලාශ්‍ර කිහිපයක්ම ඉදිරියේදී ‍බ්ලොග් ලිපියක් ලෙසම ලබාදෙන අතර තවත් ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. එනම් කරුණාකර නිර්ණාමික ලෙස නොව ඔබගේ අනන්‍යතාවයමත පෙනී සිට කරුණු ඉදිරිපත් කරන්න. එය අප කාටත් පහසුය. එසේම ඔබට ස්තූතිද කරමි. ඒ අසභ්‍ය වදන් නොමැතිව මෙම කරුණ ගැන ඔබ කිනම් මතයක් දැරුවද, කිනම් අන්තයක සිට වුවද ශීලාචාර ලෙස ලබා දිම ගැනයි...

    ReplyDelete
  62. @Ravi - ස්තූතියි! ඔබ කියනා දෙය තමයි රවී යතාර්ථය. මටද කියන්නට ඇත්තේ ඔබ කියනා දෙයමයි. අද අපේ රටේ මිනිසුන්ට බටහිර දේ හොදවුනත් කරන වුනත් අපත්‍ය වී ඇත. සමහර විට යුද අපරාධ ගැන බටහිරින් නැගෙන අවලාද වලට ඇති වෛරයත් හේතුවන්නට ඇති. අනෙක රුසියාව හා චීනය අපිට යුද්ද කාලේ සිටම උපකාර කරන නිසා ඔවුන් ගැන හොද මිසක් වෙනත් දෙයක් කීම ගැන ‍බො‍හෝමයක් දෙනා අකමැති බව තමයි පෙනෙන්නේ. ඉතිහාසයේ වුන දේවල් අප කිසිවෙකුටත් වෙනස් කල හැකිද? ඇත්ත තිත්ත බව පිළිගන්න කැමති පිරිස අල්ප බවද කිව හැකිය. බොහෝදෙනෙක් අනුන්ට හිනා වුනත් හිනා වෙන්නේ තමන්ටම බවද පෙනේ...

    ReplyDelete
  63. @Bindi - ඔබේ ලිපිය අනිවාර්යයෙන්ම කියවනවා. දැන් එවැනි ලිපි වල අවශ්‍යතාව තදින් දැනේ. පේනවනේ සමහර ඇනෝ මිතුරන් ඉතිහාසගත සිදුවීම් වලට දෙන අර්ථකතන. සාක්‍ෂි සමග ඉදිරිපත් කරලත් පිළිගන්නේ නැතුව හැගීම්මත අදහස් දක්වන හැටි. ඔබ ඕනෑම විටක සබැදියන් මෙහි පල කරන්න. හරවත්, මධ්‍යස්ථ දෙයකට කවදත් මාගේ අනුග්‍රහය ලැබෙන අතර විසිවන සිය‍වසේ සංවේදී ස්ථානයක් වූ වියට්නාමයේ වෙසෙන ඔබ විසින් ඉදිරිපත් කරන ලිපි වල වටිනාකම ඉහලයි. බලතුලනයක් නැතිවීමේ විපාකයන් තමයි අද ලෝකය විදිමින් සිටින්නේ. සෝවියට් දේශය දෙවන ලෝක යුද්ධයට දුන් දායකත්වය අතිශයින්ම ඉහලයි. එය කවදත් අපගේ ගෞරවයට ලක්විය යුතුයි. නමුත් යමෙකුගෙන් වැරැද්දක් වී ඇත්නම් එය සඟවන්නට අවශ්‍ය නැහැ. මැදුම් පිළිවෙතට වඩා අන්තගාමීබව රසයක් වූ කල දැඩි මතධාරීන් බිහිවීම ඇර වෙන කුමක්ද සිදුවන්නේ...

    ReplyDelete
  64. මා සදහන්කල බොහෝ විස්තර විකීපීඩියාවෙන් උවද ලබාගන්න පුලුවන්.අවාසනාවකට තාක්ශනය ගෑන ලොකු දෑනීමක් නෑති අපට ලින්ක් දාන්න නම් තේරෙන්නෑ.සෑකනම් විකීපිඩියාවට ගොස් බලන්න.
    තෙල් ගනුදෙනුව ගෑන ඔනෑම සි0හල පුවත් අඩවියකින් ලබාගත හෑකී.
    බොහෝ දෙනා හොදටම දන්නා පොදු කරුනු නොදන්නබව කියන බබාල ගෑන අනුකම්පා කරමු.

    ReplyDelete
  65. මට පෙනෙන ඵකමදෙය ඈත්තට නිදගෙන සිටින්නා අවදිකල හෑකි උවත් හොරට නිදාගෙන සිටින්නා අවදිකල නොහෑකියි කියන කියමන් මෙතනට අදාල බවයි.

    අපේ හමුදාව විටෙක ඉන්දියවේද විටෙක ඈමරිකාවේ CIA ස0විදානයේද(රජීව් ගාන්දි ඝාතනයේදී) බලල් අතක් සේ ක්‍රියාකල කොටින් පෑරදවූවිට ශ්‍රීල0කා කිලි0 ෆීල්ඩ් හෑදෙයි.
    ඵ්හා සමානවම රතු හමුදාව වර්ග ස0හාරක නසින් පෑරදවූවිට ස්ත්‍රී දූශන සොරකන් චෝදනා ඵ්ල්ල වෙයි.

    මේ දෙකේ සමානකමක් මේ ලිබරල් මහත්තුරුන්ට පේන්නෑතිලු.

    ඉතින් රටකට මේවගේ කලක් යන ඵකගෑන අහන්න දෙයක්ද?
    දෑනුම ගනිකා වෘත්තියේ යෙදවීම මෙය නොවෙද?

    ReplyDelete
  66. ඇත්තටම පෝස්ට් එක වගේම මටනං මේ කොමෙන්ට් ටිකත් හරි ආසාවෙන් කියවන්න පුළුවන් උනා.. ඒ සඳහා දායක වෙච්ච හැමෝටම බොහෝම ස්තූතියි..ඇනෝ උනත් කරපු ඉදිරිපත් කිරීම් ටික හරහා ලිපියට පිටින් උනත් කල්පනා කරන්න පාරක් කැපීම හොදයි. මංනං දකින්නේ ඔය කොයි පැත්තෙන් උනත් කරලා තියෙන්නේ තමන්ට වාසි විදියට අර්ථකථනය කරන එක තමයි කියන එක.

    කොමියුනිස්ට් කාරයින් ඔවුන්ව පුම්බද්දී බටහිර කස්ටිය ඔවුන්ව පුම්බගන්නවා.

    දිනේශ්ට උනත් කරන්න වෙලා තියෙන්නේ ඒ දෙපැත්තෙන් එක පැත්තක හරි නැත්තං දෙපැත්තෙම හරි තොරතුරු කියවලා කරුණු ඉදිරිපත් කිරීමම තමයි. ඇත්තටම පුධානම කරුනු ඇරුනම හුගාක් දේවල් ඔය කවුරුවත් කියපු ආකාරයට නොවෙන්න පුළුවන් කියන එක තමයි මමත් විශ්වාස කරන්නේ. එතනදී රුසියාව හරි ඇමරිකාව හරි කියන හැම දේම හරි කියලනං බාර ගන්න බැහැ. මොකද ඔය දෙගොල්ලම බලය වෙනුවෙන් බොහෝම සූක්ෂම සටන් ක්‍රම අනුගමනය කරපු සහ අදටත් කරමින් ඉන්න අය වීම නිසා..අද මේ බ්ලොග් එකේ ලිපියකට ගොඩ නැගුන සංවාදේ උනත් ඔවුන්ගේ සැලසුම් වල ප්‍රතිඵල කියලා හිතෙන්නේ නැද්ද.?

    අපි කාගෙත් මොල හෝදමින් ඉන්නේ ඔවුන්. එහෙම තත්වයක් යටතේ ඇනෝ වගේම දිනේශ් උනත් කරුනු උපුටා ගන්නා තැන් 100%ක් නිවැරදියි කියලා කියන්න දෙන්නටම පුළුවන්ද කියලා මංනං දන්නේ නැහැ..ඒත් මෙහෙම කතාවක් හරහා දෙපැත්තෙන්ම කියන කතා අහලා දැනුවත් වෙන්න මට ලැබෙන අවස්ථාවටනං මං බොහෝම කැමතියි.. එකෙදී නොපෙනී හරි කමක් නැහැ ඇනෝ තුමා කරපු සේවයටත් මං ස්තූතිවන්ත වෙනවා බොහෝමත්ම

    ඒ වගේම පොත් ගුල්ලටත්..රවි අයියටත් දිනේශ්ටත් ස්තූතිවන්ත වෙනවා... පුධාන කතාව අස්සේ අතුරු කතා ගලා යන්නට සැලැස්වීම ගැන.

    ReplyDelete
  67. Anonymous September 6, 2011 12:00 PM
    ඔබ ඔය කියනා විකිපිඩියා වෙබ් අඩවිය අමෙරිකන් ද රුසියන් ද කියා දැන ගනු කැමැත්තෙමි.

    ReplyDelete
  68. .@ Anonymous,

    / සෝව්යට් හමුදා තාම මුලින්ම ජර්මනියට ලගා උනේ ඵ්තකොට අනව්ශය යුද්දයකට පලලවා තමන් නන්නත්තර කිරීන ගෑන ජර්මන් වෑසියන් හිටියේ මාර කේන්තියකින්. ඵ වෙනකොට හිට්ලර් තහනම් කරතිබූ ජර්මන් කමියුනිස්ට් පක්ශය ජනතාව අතර ශක්තිමත්ව රහසිගත දේශපාලනයේ යෙදීසිටියා.ජාතිවාදය පිලිකුල්කරන තෑනට ජනතාව පෑමිනසිටියා.ජාතිවාදයේ අදීනව මිනිස්සු අත්තෑකීමෙන් ඉගනගත්තා. ඔවුන්තමා ජර්මන් ප්‍රජාතාන්තික සමූහාන්ඩුව ගොඩනෑගුවේ. /

    දිනේශ් පිළිතුරු දී ඇත. මෙපමණක් කියමි. ඔබ කියන්න පිළිගන්නා ජර්මානු කොමියුනිස්ට් වාදියකුවත් සොයාගැනීම අපහසු බව මඟේ හැඟීමයි.

    / අනික ඉහත වාක්කියෙන් ඉන්දියාව ව්ගේ දනවාදී මගේ යන රටවල් රෑවටිලිකරුවන් බව ඔයාම පිලිඅරගෙන තියනවා නේද? /

    ඉතිං මයෙ රත්තරනේ කවුදෑ නෑ කිව්වෙ......මම කියන්නෙත් ඒකම තමයි.....ඇමරිකාව කරන එව්ව හරිය කියල මම කොයිම වෙලාවක වත් කියල තියනවද?......ජපානෙට පරමාණු බෝම්බ දැමීම, ජර්මනිය බෙදාගැනීම, වියට්නාම් යුද්ධය, ඇග්ඝනිස්ථානය, ඉරාකය ඔය ඔක්කොම කලේ ඇමරිකාව තමයි....එව්ව හරිය කියල මම නම් කියල නෑ.....

    එහෙත් ඔබ මෙන් මගේ අතේ සුදු හුණු බාල්දියක් නම් නැත. මට කිසිවකුට සුදුහුණු ආලේප කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් ද නැත.මාරයා මල්ලි පැවසුවා සේම ඔය කිසිම සිදුවීමක් වන විට ඔබත් මාත් දෙදෙනම එහි නොසිටියෙමු. අප එකල සිටියද අපට තොරතුරු ලැබෙනුයේ පක්ෂග්‍රාහී මාධ්‍යායන් මඟින් බැවින් එකහෙලා එම තොරතුරු භාරගත යුතුද නැත.විචාර බුද්ධිය යනුවෙන් යමක් මිනිසාට ලබා දී ඇත්තේ ඒ වෙනුවෙනි.

    මේත් බටහිර මාධ්‍ය මඟින් ඉතා සාර්ථකව කරගෙන යන මඩ ව්‍යාපාරයේ තවත් එක අදියරක්.........හෙහ්...හෙහ්,

    Stalin's army of rapists: The  brutal war crime that Russia and Germany tried to ignore

    Read more: http://www.dailymail.co.uk/news/article-1080493/Stalins-army-rapists-The-brutal-war-crime-Russia-Germany-tried-ignore.html#ixzz1X95FQnTb

    ReplyDelete
  69. @මාරයාගේ හෝරාව - මම නම් අනුගමනය කරන්නේ මධ්‍යස්ථ පිළිවෙතයි. මන්ද ඇමරිකාව හා සෝවියට් දේශය හෝ රුසියාව ලෝකයට හොද මෙන්ම නරකද හදුන්වාදුන් බව අමුතුවෙන් කිවයුතු නැත. එසේම මා ලියනා දෙය 100% නිවැරදිය. එය අනිවාර්යයෙන්ම පාඨකයා පිළිගත යුතුය යන අන්තවාදී රාමුවකද මා පිහිටා නැත. ඉතිහාසයේ සිදුවූ ඇතැම් දේවල් කාලයේ වැලිතලාවෙන් වැසීයයි. ඉන්පසු තවටිකක් කල් ගතවන විට ඒවායේ කරුණු විකෘති වී ලෝකයා දැනගනී. බටහිර මාධ්‍ය 100% ක් නිවැරදි නැත. නැගෙනහිර සමාජවාදී කලාපයෙන් පැමිනෙන තොරතුරුද 100% නිවැරද නැති අතර සෝවියට් දේශය බිද වැටෙන තෙක් බොහෝ දේ යකඩ කඩතුරාවෙන් එසේත් නැත්නම් වඩාත් ප්‍රචලිත් Iron Curtain එකකින් වැසී තිබුනි. ඒ වගේම ඒ දෙපාර්ශවයේ සියළුම දේවල් බොරුද නොවේ.අප කල යුත්තේ මේ සියළුම කියවන්නට ලැබෙන දේ සමබරව සිතට ගෙන මැදුම් පිළිවෙතින් යුක්තව කම්පනයන්ට ලක්නොවී අකුරු බවට පෙරලීමයි. හැබැයි කවර පාර්ශ්වයකින් ගත්තද තර්කයට යොදාගන්නා මූලාශ්‍ර පැහැදිලි කල යුතුයි. එසේම Cross check ඔස්සේ මූලාශ්‍ර වල ගැලපීම් නොගැලපීම්ද වටහා ගෙන තර්කයට එළඹීමයි. එසේ නැතුව සිතට නැගෙන ආවේග මත හෝ දේශපාලන රැස්වීම් වල ඇසූ කරුණු හෝ යම් පක්‍ෂපාතීත්වයකින් යුතුව ඉදිරිපත් කරන ලියවිලි මත පදනම් වී ඉදිරිපත් කරන කරුණු මෙන්ම මතය ස්ථාපිත කිරීමට ඉදිරිපත් කරන ගොබෙල්ස් න්‍යාඥද පිළිගත නොහැකිය...

    ReplyDelete
  70. තිලකා රන්දෙනි ඇත්තක්ම කියන්නද? 20 වෙනි සියවසේ මගේ වීරයා හිට්ලර්.
    මා ඔබගේ ලිපිය පමණක් නොව ඔක්කොම කමෙන්ට්ස් කියෙව්වා. ඉතින් මා දැන් දුක් වෙන්නේ නෑ මා හිට්ලර්ට ආදරය කරන එක ගැන. හිට්ලර්ට හිතුනේ තම ජාතිය බේර ගන්න හොඳම ක‍්‍රමය යුදෙව්වන් මරණ එකයි කියා. මට හිතෙනවා අද ඊශ‍්‍රාලය ගාසා තීරුවේ ඉන්න අසරණයන්ට කරන කෙනහිලිවල හැටියට හිට්ලර් නිවැරදියි කියා.
    එක සැරයක් ඊශ‍්‍රාලය අපේ රටට යුධ අවි වගයක් ගේන්න ගිය හමුදාවේ අයට නැවක කෑලි වගයක්දෝ කොහෙද පෙන්නලා මාර බෝක් එකක් දාලා තිබුණා. එක සැරයක් අපේ හමුදාවට පුහුණුව දෙන ගමන් කොටින්ටත් යුධ පුහුණුව දුන්නා.
    හැබැයි මා නාසි විරෝධී චිත‍්‍රපටි බලලා තියෙනවා හුගක්. හැබැයි ඒවා බලද්දී නම් අනේ මෙයා බේරෙනවා නම් කියන සිතිවිල්ලමයි ඇති වෙන්නේ.
    හැබැයි මොන යුද්ධයෙනුත් බැට කන්නේ ගැහැණිය විතරයි. අප අපේ හමුදාව වෙනුවෙන් කොයි තරම් මුර ගෑවත් අමතක කරන්න එපා කි‍්‍රසන්ති කුමාරස්වාමිලාත් හිටියේ ලංකාවේ බව. මා සම්පූර්ණයෙන්ම විරුද්ධයි ඒවාවලට මොකද මාත් ගැහැණියක් නිසා.
    මා හිට්ලර්ට ආදරය කරන්න කරුණු 2 ක් තියෙනවා. මා බලපු එකම නාසි විරෝධී චිත‍්‍රපටියකවත් දැක්කේ නෑ ගැහැණියක්ව බලෙන් දූෂණය කරනවා නාසි හමුදාව. හැබැයි ඒ මගේ නොදැනීමද දන්නේ නෑ. කවුරු හරි මාව දැනුවත් කරන්න හිට්ලර්ගේ නාසි හමුදාව එවැනි වැඩ කළාද කියා. ඒ වගේ අත්දැකීමකට වඩා ගැහැණියකට සැපයි ගෑස් කාමරය.
    දෙවැනි කරණ යුදෙව්වන් සමූලඝාතනය කිරීම ගැන. ඉන්දුනීසියාව, මැලේසියාව, ඇෆ්ගනිස්තානය වගේ ඔක්කොම රටවල් බෞද්ධ රටවල් වෙලා තිබුණේ. ප‍්‍රංශය තව අවුරුදු 20 කින් මුස්ලිම්කරණය වෙයි කියලා බයක් ඇති වෙලා තියෙනවා. අද අපේ රටේ ජිහාඩ් ගැන කතා කරනවා. ඉතින් මටත් හිතෙනවා මේකට එකම පිළියම තව හිටිලර් කෙනෙක් පහළ වීම නේද කියලා.
    සමාවෙන්න, මගේ බෞද්ධකමට වඩා හැමවිටම ඉදිරියට එන්නේ මගේ සිංහලකම.

    ReplyDelete
  71. හිට්ලර් වීරයෙක් නෙවෙයි පිස්සෙක්.ඔලුවෙන් කරන්න ඔන දේ කඩුවෙන් කරන්න ගිය ගොනෙක්.

    ReplyDelete
  72. [ඔබ කියන්න පිළිගන්නා ජර්මානු කොමියුනිස්ට් වාදියකුවත් සොයාගැනීම අපහසු බව මඟේ හැඟීමයි.]

    කරුනාකර ජර්මන් පාර්ලිමේන්තුවේ ස0යුතිය බලන්න.ඵහි වාමා0ශික නියෝජනය කොතරන්දෑයි ඔබට වෑටහෙයි.
    අවසාන වශයෙන් මෙසේ ලියමි.
    මට රුසියානුවන් වෙනුවෙන් පෙනීසිටීමට කිසිම කෑසිල්ලක් නෑත.
    නමුත් හුදෙක්ම් බටහිර මාද්ය වාර්තාමත පදනම්ව ලිවීමෙන් ඉතිහාසය විකෘති වෙනවා පමනක් නොව ද්‍රෝහීන් වීරයන් වී වීරයන් ද්‍රේහීන්වේ.
    ඔබල දෑන හෝ නොදෑන කරමින් සිටින්නේ ඵයයි.
    තමන්ගේ දිවිකුසුම සකල ලෝකවාසී ජනයා වෙනුවෙන් පරිත්යාග කල නියම වීරයන් යටගොස් කාඩ්බෝඩ් රම්බෝ වීරයන් උඩ දෑමීමට විරුද්දව ලීවෙමි.

    ReplyDelete
  73. //හිට්ලර් වීරයෙක් නෙවෙයි පිස්සෙක්.ඔලුවෙන් කරන්න ඔන දේ කඩුවෙන් කරන්න ගිය ගොනෙක්.//
    මේ කියමනට යම් තාක් දුරකට පමනක් එකඟවෙමි. මුලින් නම් ඔහු ඔලුවත් ‍කඩුවත් දෙකම නිසිසේ භාවිතා කර සෑහෙන්න සාර්ථකත්වයක් ලබා ගත්තේය. එහෙත් පසුව ඔහුම ඔහුගේ ගොබෙල්ස් න්‍යඥයට ගොදුරුවී අධිතක්සේරුවට ලක්වීම හා තමන්ගේ මතයට තමන්ම රැවටීම නිසා ඔලුවට වඩා කඩුවට මුල්තැන දුන්නිසා තමන් අත්පත් කරගත් දේ පමණක් නොව තමන්ගේ දේද අහිමි කරගත්තේය...

    ReplyDelete
  74. @ Anonymous September 6, 2011 11:40 PM

    ඔබ විසින් දිගින් දිගටම බටහිර ජනමාධ්‍යයන්ට පමණක් පහර ගසනු දු‍ටු නිසා මෙවැනි සටහනක් තැබීමට මම කැමැත්තෙමි. එනම් ජනමාධ්‍යයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙනි. ලොව කිසිම මාධ්‍යයක් සහමුලින්ම පාහේ සත්‍යය වෙනුවෙන් පෙනී නොසිටියි. ඔවුන් සෑමවිටම පෙනී සිටින්නේ තමන් නියෝජනය කරන මතවාදය වෙනුවෙනි. ඒ අනුව සලකා බලන විට ඉතිහාසය විකෘති වන්නේ හෝ බොරු ප්‍රචාරයන් මාධ්‍ය හරහා ඉදිරිපත් කරන්නේ බටහිර මාධ්‍ය පමණක්ම නොවේ. මේ පිළිබඳව උදාහරණ සෙවීමට අප වැඩි දුරක් යා යුතු වන්නේ ද නැත. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය විමසීමෙන්ම මේ බව වටහාගත හැකිය.

    ReplyDelete
  75. @තිලකා රන්දෙනි මහත්මිය - ඔබතුමියගේ පමණක් නොවේ ලෝකයේ හිට්ලර්ට මිතුරු-සතුරු රටවල් ගණනාවක කාන්තාවන්ගේ ප්‍රියතම පුද්ගලයෙක් තමයි හිට්ලර්. ඔහු කොපමණ මිනී මරන්නට අනදුන්නද ඔහු සතුව තිබුනා යැයි කියන අසාමාන්‍ය පෞරෂයත් ඔහු ඇසුරු කල කාන්තාවන් කෙරේ ඔහු දැක්වූ මුදු මොලොක් කාන්තාවන්ට ප්‍රිය උපදවන විලාශය, කතා ශෛලය එයට හේතුවන්නට ඇති. ඒ ගැන ලියවුන පොතක් පිළිබදව ඉදිරියේදී සත් සමුදුරේ පල කරන්නට බලාපොරොත්තුවෙනවා. හැබැයි ඔබ කියන යුදෙව්වන් සමූල ඝාතනය නම් මම අනුමත කරන්නේ නැහැ. ඊශ්‍රායලය පලස්තිනයේ කුඩා ළමයාගේ සිට වයස්ගත මහල්ලා කෙරේ දක්වන සතුරු ආකල්පයත් කිසිසේත්ම අනුමත කරන්නේත් නැහැ. ඔබට හැකියාවක් ඇතොත් සත් සමුදුරේම දක්වා ඇති World at the War වාර්තා චිත්‍රපටි මාලාව නරඹන්න. එහි හිට්ලර් බලයට පැමිණීමට පෙර සිටම යුදෙව්වන් කෙරේ නාසීන් යොමුකල සාහසිකත්වය මැනවින් දිස්වේ. යුද්දයකදී කාන්තාවන් සහ කුඩා ළමුන් තමයි වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ. එය අතීතයේ සිටම සිදුවූ දෙයක්. නමුත් තවමත් ඉතිහාසය හරිහැටි නොදන්නා වගේම හරිදේ මොන දේ දැයි නොසොයන බටහිර, බටහිර යන අකුරු හතර පැය 24 ම තොල් මතුරමින් සිටිනා අඳ බාලයන්ට අනුව තමන් කැමති හමුදාවේ කෙල්ලෙක් දිහා නොබලන සෝවාන් වූ බෝසත්වරු සහ තමන් අකමැති පැත්තේ හමුදාවේ දෙව්දත්, තීර්ථකයන් හා අජාසත් වැනි නොසන්ඩාලයන් සිටිනා බවට දිව්රා සිටින බව ඔබටද මෙම කමෙන්ටුවලින්ම දැකගැනීමට ලැබෙන්නට ඇති. මම නම් දන්නැහැ ලෝකයේ කවර හමුදාවක් හෝ මෙම කාන්තා අතවර සම්බන්ධයෙන් හවුල් නොවී සිටි බවට කියවෙන බවක් නම්. ජර්මන් හමුදාව පැත්තෙන් නම් ස්ත්‍රී දූෂන පැත්තට වඩා කියවුනේ ඔවුන්ගේ මරණීය දඩුවම් පිළිබදව තමයි. සමහර විට ජර්මානු හමුදාවේ මෙම දේ ගැන අඩුවෙන් වාර්තාවන්නට හිට්ලර් විසින් ඔවුන්ගේ මොල ශෝදනයට ලක්කර හා තහනම් කර තිබූ නිසා අන්‍ය ජාතී ස්ත්‍රීන් සමග මෙම කාර්යයේ නියැලීමට ඔවුන් තුල පැකිලීමක් තිබුනා මෙන්ම සතුරා දිහා පමණක් නොව තම පාර්ශවයේ නිළධාරීන් කෙරේද හිට්ලර්ගේ SS හා ගෙස්‍ටාපෝ පොලීසිය මෙන්ම තවත් රහස් සංවිධාන ඇස ගසා ගෙන සිටි නිසා යුද්දය පෙරට තබා මේවායේ නොයෙදුනාද දන්නෙත් නැහැ. කොහොම වුනත් වෘකයන් අතර නග්නව පොතේ මේ ජර්මන් සොල්දාදුවන්ගේ ස්ත්‍රී ලෝලීත්වය ගැන යමක් තිබුනා දෝ යන්තම් මතකයක් තිබුනද එය හරිහැටිම සනාත කල නොහැක. කෙසේ වෙතත් පාලන තන්ත්‍රයේදී සෑම නායකයෙකුම අඩුවැඩි වශයෙන් භාවිතා කරන්නේ මැකියාවෙලිගේ කුමාරයා පොතේ න්‍යඥයන් බව පෙනේ...

    ReplyDelete
  76. දිනේෂ්
    දිගු කාලයක් බලන් ඉඳලා අද තමයි මේ ලිපිය කියවන්න ඉඩ ලැබුණෙ. ඇත්තටම හොඳ සාරගර්භ ලිපියක්. මේ වගේ ලිපියක් ලියන්න බොහොම මහන්සි වෙන් ඕනා. විවිධ අදහස් පළවෙලා තියෙනවා දැක්කා. ඒක හොඳයි. මොකද හැම දෙනාගෙම අදහස් එකතු වුණාම තමයි සාර්ථක බොහෝ දෙනෙකුට පිළිගන්න පුළුවන් දෙයක් බිහිවෙන්නෙ. ස්තුතියි.

    ReplyDelete
  77. @ඉෂාර ගුණවර්ධන - ස්තූතියි! පක්‍ෂ විපක්‍ෂ ඕනෑම අදහසකට සත් සමුදර විවෘතයි. හැබැයි අන්තගාමී නොවී සිටීමද වැදගත්...

    ReplyDelete
  78. මං හිතන්නෙ ඉන්ටනෙට් පිංතූරෙ බොරු මිලියන විසි අටක් මරනව කියන එක ලෝකෙන් හංගන්න පුලුවන් සුලු දෙයක් නෙමෙයි...

    ReplyDelete
  79. @indi - සංඛ්‍යාත්මක අගයන්‍‍ගේ නිරවද්‍යතාවය ගැන නම් නොදනිමි. එසේම මිනී මැරූ ආකාරයද නොදනිමි. එහෙත් මේ කරුණ එනම් // ලෝකෙන් හංගන්න පුලුවන් සුලු දෙයක් නෙමයි// කියන දේ ගැන නම් කිව යුත්තේ බාහිර ලෝකයෙන් ඈත්වූ රටක මෙවැනි දේටත් වඩා දේවල් සිදුවිය හැක. බාහිර පාර්ශවයන්ට යම් රටකට ඇතුළු වීමට වලකා ඇති තත්වයක් මේ කරුණු වසංවීමට ඇති ඉඩකඩ වැඩිය. උතුරු කොරියාවේ වර්තමානයේ සිදුවන සිදුවීම් නිශ්චිත වශයෙන්ම බාහිර ලෝකය නොදනී. හිට්ලර්ගේ වදකාගාර හදුනාගත්තේ ඒවා මිත්‍ර හමුදා විසින් අල්ලා ගනු ලැබූ පසුවයි. හිට්ලර්ගේ අවුට්ස්විට්ස් වැනි කදවුරු ගුවනට දිස්වී ඇත්තේ කර්මාන්ත ශාලා ලෙසයි. පොල්පොට්ගේ නියම කෙරුම්කාරකම් දුටුවේ පොල්පොට් වියට්නාම් හමුදාව අතින් පරාජය වූ පසුවයි. ඔබ සමහර විට සිතන වර්තමානයේ මෙන් චන්‍ද්‍රිකා ආශ්‍රයෙන් මෙම කරුණු ඡායාරූප ගත කිරීම එදා නොතිබුනි. ඒවා වර්තමානයේ අත්පත්කරගත් තාක්‍ෂනික ජයග්‍රහණ වේ...

    ReplyDelete
  80. හිට්ලර්ට වැරදුනේ සෑම තැනකම යුද්ද කරන්න ගිය නිසා,රුසියාව එක්ක තිබ්බ ගිවිසුම තියන් බ්‍රිතාන්‍ය වගේ යුරෝපා රටවල් අල්ල ගත්තනම් පස්සේ රුසියාව අල්ල ගන්න තිබ්බා.එහම කරලා ලෝකය ගද නංගුවනම් හිට්ලර් අද වීරයෙක් .

    ReplyDelete
  81. වටින මෙන්ම සාරගර්භ ලිපියක්. ඒ වගේම සංවාදශීලී කොමෙන්ට් ගොඩක් එක්ක සැහෙන අදහස් ගොන්නක් ඇවිත් තියනවා. මගේ එක හොබී එකක් තම දෙවන ලෝක යුද්ධය ගැන විස්තර හොයන එක හදාරන එක. මොකද ඒ යුද්ධයෙන් ගන්න පුළුවන් පාඩම් ගොඩයි. ඒ වගේම ඒ යුද්ධෙදි ගොඩක් දේවල් එලි දැක්ක. හැමදාම දැන් මේ පැත්තේ එන්න අදහස් කරන් ඉන්නවා.

    ReplyDelete
  82. ස්තූතියි ආයෙත් වතාවක් සාරගර්භ ලිපියක් දැම්මාට.

    2012 දී සිරියාවේ අහිංසක වැසියන් මරනා අසාද් ව එළවන්නට එක්සත් ජාතීන්ට යමක් කරන්නට ඉඩ නොදෙන 2012 රුසියාව හා චීනය වගේ ම කිසිත් නොකියන ජර්මනියත් අතීතයේ ලෙසින් ම මිනිස් ජීවිතයක අගය නොදන්නා ජාතීන් ද කියලා මතක් වුනා.

    1938 ටයිම්ස් සඟරාවෙන් හිට්ලර්ට "හොඳම මිනිසා" ලැබුන බව කියවද්දි සිහිවුනේ, 2009 දී නොබෙල් තෑග්ග ලැබුන ඔබාමා!! කරන්න බැරි හපන්කම් ලස්සනට ගොතන බොරු කතා වලට රැවටෙන අය එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් සිටිවී.

    ReplyDelete
    Replies
    1. ඔව්, මෙතරම් අහිංසකයන් මරද්දී සිරියාවට යමක් කරන්න නොදෙන රුසියාව හා චීනය ඇතැම් දේවල් දැන් අවුල්කරන බව තමයි කියන්න වෙන්නේ. චිනය නම් පැත්තකට දැම්මත් රුසියාව දැන් මේ දේවල් වලට විරුද්දවීමෙන් ජනප්‍රිය වෙන්න හදන බව තමයි පේන්නේ. හරිනම් ඔවුන් විරුද්ද වෙන්න තිබුනේ ඉරාකයට පහරදෙන්න ගිය අවස්ථාවේ...

      Delete
    2. රුසියාව සිරියාව ගැන දරන මතය(මම හිතන විදිය)
      1.බටහිර ට අවශ්‍ය තමාට හිතවත් ෙනාවන පාලකයන් පන්නා දැමීම පමනි
      (බහෙර්නය සවුදිය ගැන සිතන විට) Democracy ම ෙනාෙවි
      2. රුසියාවට මැද ෙපරදිග මත වූ බලය කෙමෙන් අඩු ව යයි සිරියාෙවි Tartus වරාය Russian Black sea fleet හි අවසාන උනුසුමි ජලය අැති වරාය
      3.අැමරිකාවට බිෙයන් තම මිතුරකු ඒක් වරම අත් හැරිම ට තරමි නිවට වීමක් රුසියාව දැන් ගොඩ නගා ෙගන අැති අාර්ථික හා යුධ බලයට ෙනාගැලෙප්

      Delete
  83. harsha:
    මම මේ ලිපියට මා දන්න ටිකක් එකතු කරන්න හිතුනා මම් මේ කියන්නේ හිට්ලගේ ලේකම්වරියන් අතුරින් ඔහුට සිටි ලාබාලම ලේකම්වරිය වු ට්‍රවුඩ්ල් ජුන්ග් <( )> විසින් ලියු පොත ඇසුරින් එහි ඉංග්‍රීසි පරිවතනයේ නම් < > නමුත් මා කියවුයේ ඇගේ ජර්මන් පොතින් සිංහලට පරිවර්තනය කල "ගිනිමැද සක්මන" කියන පොත. ඇය හිට්ලර් මියගියාට පසු හිට්ලර්ගේ බර්ලින් වල රයිෂ් චාන්සලරි කියන මූලස්තානයෙන් පිටවූ අවසන් කිහිපදේනාගෙන් කෙනෙක්. ඔවුන් යනවිටත් ගොබෙල්ස් එහි ඉඳතිබෙනවා. ඇය හිට්ලර්ට වසර තුනකට ආසන්න කාලයක් සෙවය කර තිබෙනවා හිට්ලර්ගේ සහ ගොබෙල්ස් ගේ අන්තිම කැමති පත්‍ර ටයිප් කර තිබෙන්නේ ඈ. එවිට ඇගේ වයස 25ක් බව කියවෙනවා. හිට්ලර් මෙම ලේකම් වරියට තම දරුවෙකුට වාගේ සැලකූ බව ඈ කියනවා
    හිට්ලර් වැඩිකාලයක් ඉඳලා තියෙන්නේ පුරූසියාවෙ "වුල්ෆ් ලෙයාර්" කියන ආරක්ශිත කඳවුරේ. මම දන්න තරමින් පුරූසියාව තියෙන්නේ ජර්මනියේ නොවේ දැන් අප බොස්නියා හර්සගොවීනා කියන ප්‍රදේශයේ. ඊට පසු වැඩිකාලයක් ඉන්නදලා තියෙනෙන් ම්යුනික් ආසන්නයේ "බාර්ගෝෆ්" කියන ඔහුගේ නිවසේ.
    හිට්ලර් අවසාන කාලයේ ඔහුසමග සිටි බොහෝ දේනෙකුට ඔහුව අත හැර යන්න ඉඩදීලා තියනවා. එවිට වසර 25ක් පමණ කලයක් ඔහු ලඟ සිටි. ඔහු ලඟ සිටි කියා විශ්වාසකළ ලේකම්වරියන් දෙදෙනා ඔහුව හැරගොස් තිබෙනවා. එවගේම තමන්ගේ මස්සිනා (ඊවාගේ නැගනිය විවහකරගෙන සිටි SS නිලදාරියා) තමන්ට ද්‍රෝහීවූනිසා වෙඩි තබා මරාදමා තිබෙනවා.
    හිට්ලර් හා ඊවා මරණයට සූදානමු වූ ආකාරය හරිම පුදුමයි. ඔවුන් කලින් සූදනම්ව ඉතිරිව සිටි අයගෙන් සමුඅරන් කාමරයට ගොස් හිට්ලර් හිසට වෙඩි තබාගෙනත් ඊවා සයනයි කෑමෙනුත් සිය දිවි නසාගෙන තියනවා.
    ගොබෙල්ස් තම දරුවන් හා බිරිඳ එම ස්තානයෙම ඉඳලා තිබෙනවා ඔහුගේ දරුවන් 6 දෙනා මරාදමා තිබෙනවා
    මෙම පොත සොයාගෙන කියවන්න එහි අප නොදන්න හිට්ලර් කෙනෙකු ගැන කියවෙනවා මේ පොත පැරණි පොතක් නොවේ මෙම පොත (ජරිමානු කෘතිය ) නිකුත්කරලා තියෙන්නේත් 2002
    ට්‍රවුඩ්ල් ජුන්ග් මියගොස් තිබෙන්නේත් මෙමෙ පොත නිකුත් කරලා සතිකිහිපයකට පසු පිලිකා රෝගයෙන් එවිට ඇගේ වයස 80ක් ලු

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි පොතේ නම Until the Final Hour: Hitler's Last Secretary

      Delete
  84. දිනේශ් අය්යේ, ඇත්තටම කියන්න මන් මගේ දැනුම සැහෙන ප්‍රමාණ්යක් වර්ධනය කරගත්තෙ අය්යගෙ බ්ලොග් එක බලල කියන්නන ඕන.මට මෙ බ්ලොග් එක ලන්ගදි තමා හමු උනේ.මන් බ්ලොග් එක කියෙව්වෙ පිස්සෙක් වගේ කිව්වොත් තමා හරියටම හරි සමහර දවස් වල බ්ලොග් එක කියවල නිදා ගන්නෙත් ගොඩාක් රැවෙලා.ඔයා නම් මාරම ගෙමක් දෙනව නෙද අය්යේ.නෙට් ගියොත් අනිවා බ්ලොග් එක පැත්තෙ එනවම තමා.සුපිරි අයෙ දෙකක් නෑ.හිට්ලර් ගැනද,ඇපල් ගැනද,වෙල්ලස්ස ගැනද,ඉශ්‍රායල් ගැනද,ලිබියාවද,චර්බිනොල්ද,සිගිරියද,පොල් පොට්ද,ඉඩිඅමින්ද,ට්ජ් මහල්ද, පිරමිඩද,අයෙත් ඉතින් කියන්න තියෙන්නෙ සුපිරිම තමා...

    ReplyDelete
  85. කමෙන්ට් ටිකත් එක්ක ඉතාම වැදගත් ලිපියක් දිනේෂ්.. කමෙන්ට් වලින් අදහස් කියපු සියලු දෙනාටත් බොහොම ස්තූතියි...

    ReplyDelete
  86. නියමයි යාළුවා පොස්ට් එක .... නැවතත් හිට්ලර් බිහිවේවා යයි මා ප්‍රාර්ථනා කරමි. නැවත දහස් ගණන් යුදෙව්වන්ගේ මරණය උදෙසා. ඔබට සුබපැතුම්.

    ReplyDelete
  87. Meka nam hodama ekkak..meka o/l walata godak watinwa .....

    ReplyDelete
  88. danne nati dewal godak igana gatta.

    ReplyDelete