අපි මුලින්ම බලමු අපි මේ භාවිතා කරන බ්ලොග් සදහා පවා අත්‍යවශ්‍ය වන අන්තර්ජාලය ලෙස හදුන්වන ඕනෑම කෙනෙක් දැන් දන්න වචනයක් නමුත් මිල කල නොහැකි වටිනාකමකින් යුතු Internet පිලිබදව. Internet ඇතිවෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්දයෙන් පසුව ලෝකයේ ඇතිවුන නිරවියුද සමය එහෙමත් නැත්නම් සීතල යුද සමය කියන අවධියේයි. ඒ කාලයේ ලෝකයේ සුපිරි බලවතුන් දෙදෙනාවන ඇමරිකාව හා සෝවියට් දේශය අතර තිබුනේ පුදුමාකාර යුද ශක්තිය වර්ධනය කරගැනීමේ තරගයක්. ඉතින් මේ කාලයේ රටවල් දෙකම වැඩිදියුණු කරමින් නිපදවන න්‍යෂ්ඨීක බෝම්බ කොයිමොහොතක හෝ ප්‍රතිවාදියා විසින් තමන් වෙත එල්ලකරාදෝ යන සැකය සෑම විටකම තිබුනා. ඉතින් ඇමරිකාව බියට පත්ව සිටියා යම් හෙයකින් මෙවැනි ප්‍රහාරයක් තමන් වෙත එල්ලවී තම පරිගණකගත බුද්ධි තොරතුරු ජාලයම විනාශවී යයි කියා. එනිසා ඔවුන් මේ වෙනුවෙන් තම තොරතුරු එක් පරිගණකයකට කොටු නොකර පරිගණක රැසක ගබඩා කොට පරගණක ජාලයක් වෙතින් ඒවා ඕනෑම විටක භාවිතා කිරීම සදහා ව්‍යාපෘතියක් ගොඩනැගූ අතර එය Advanced Research Project Agency නැතහොත් කෙටියෙන් කියන ARPA යන නමින් හැදින්වූවා. මෙමගින් තැනූ ජාලය ARPAnet ලෙස හැදින්වූ අතර එය අද අපි භාවිතා කරන Internet හි මුලාරම්භකයා කිවුවත් වරදක් නැහැ.
ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක්වු ARPA, 1957 දී සෝවියට් දේශය ලෝකයේ ප්‍රථම කෘත්‍රිම චන්‍ද්‍රිකාව වන Sputnik චන්‍ද්‍රිකාව කක්‍ෂගත කිරීමත් සමග එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ආරම්භකරන ලදි. 1969 වන විට ඇමරිකානු පරිගණක විද්‍යාඥයින් ARPAnet හි වැඩ ආරම්භකල අතර එය ඇමරිකාවේ විශ්වවිද්‍යාල පහක තිබූ සුවිශාල සුපිරි පරිගණක ජාල ගතකොට ඒවා එකිනෙක අතර තොරතුරු හුවමාරු කර ගත හැකි සේ සකස් කරන ලදි.
මන්දගාමී ජාලයක් ලෙස සලකන ARPAnet ජාලය සමග NSFnet නැතහොත් The National Science Foundatoin 1990 දී සම්බන්ධකරන ලද අතර NSFnet නූතන අන්තර්ජාලයේ කොදුනාරටිය ලෙස සැලකේ.
මෙතැන් සිට ඇරඹුන අන්තර්ජාල පෙරලියේදී වසර 4 ක් ගිය තැන ඇමරිකාව තුල අන්තර්ජාල පරිශීලකයන් මිලියන 50 ක් දක්වා වැඩිවූ අතර මෙයට සාපේක්‍ෂව ගත් කල රේඩියෝවට එම ඉලක්කය සපුරා ගැනීමට වසර 38 ක්ද, රූපවාහිනියට වසර 13 ක් හා පුද්ගල පරිගණකයට මෙම මිලියන 50 අගයට ලගාවීමට වසර 16 ගිය බවද සැලකේ.අද ලෝකය පුරා දිනෙන් දින අන්තර්ජාලය ශීඝ්‍රයෙන් ව්‍යාපත්වෙමින් යන අතර එයට එක් නොවී තනි තනිව වෙන්ව පිහිටි පරිගණකයක් දැන් එතරමි වැදගත් කමකින් තොර දෙයක් ලෙස සැලකේ.
තව දෙවන ලෝක යුද්දයට ආසන්න සමයේ සහ මුල් භාගයේ සොයාගත්ත ලෝකයේ වැදගත්ම සොයාගැනීමක් තමයි Jet engine. හැබැයි මේ යන්ත්‍රය එක්වරම සොයා ගත්ත දෙයක් නෙමෙයි. එය විවිද විද්‍යාඥයන් අත්හදාබැලීම් රැසක් ඊට පෙරත් විවිද කාල වල වෙනවෙනම කල බවටත් මත තිබෙනවා.
කෙසේවෙතත් මුලින් කී පරිදි 30 දශකයේ අග භාගයේ හා 40 දශකයේ මුල් භාගයේ සාර්ථකවම ක්‍රියාවට නංවන්න පුළුවන්වුන විදියට මෙය සිදුකරනු ලැබුවේ විද්‍යාඥයින් දෙපලක් විසින් ඒ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ගගන ඉංජිනේරුවෙකු හා ගුවන් නියමුවකු වන Sir Frank Whittle හා ජර්මන් ගුවන් යානා සැලසුම්කරුවෙකු වන Dr. Hans von Ohain විසින්.
Sir Frank Whittle (left) Dr. Hans von Ohain |
කෙසේවෙතත් මුලින්ම ගුවනට නැගුනේ Hans von Ohain ගේ ජෙට් එන්ජිම සවි කරන ලද ජෙට් යානයයි. ඒ 1939 දී. 1941 දී තමයි Frank Whittle ට තම එන්ජිම සහිත ජෙට් යානය ගුවන් ගත වෙනවා දැකල සතුටුවෙන්න පුළුවන් වුනේ.
මෙම ජෙට් එන්ජිමේ මූලධර්මයට අදාලව විවිදාකාරයේ යන්ත්‍ර ඊට කලින් ඉතිහාසයේදීත් දැකගන්නට තිබෙන නිසා තමයි මුලින් පැවසූ පරිදි මෙම ජෙට් තාක්‍ෂනයට අදාල යන්ත්‍ර ඊට පෙරත් විද්‍යාඥයන් විසින් නිපදවන ලද බව කිවුවේ.හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ යන්ත්‍ර භාවිතාවන කාලයේ ගුවන් යානා නොතිබුන නිසා පසුකාලීනව ජෙට් තාක්‍ෂනය ගුවන් යානාවල සංවර්ධනයත් සමග එය හා බද්ධව යාම නිසා තමයි මා පැවසූ බ්‍රිතාන්‍ය හා ජර්මන් විද්‍යඥ්‍යන් දෙපලට එහි වැඩි ගෞරවයක් හිමිවෙන්න එක හේතුවක් වෙලා තියෙන්නෙත්.
ජෙට් එන්ජිම මගින් ගුවන් යානයට අතිමහත් තෙරපුමක් ලබා දීම මගින් ලැබෙන බලය නිසා ගුවන් යානයට බොහොම වේගයෙන් පියාසර කිරීමේ හැකියාව ලැබි තිබේ. සෑම ජෙට් එන්ජිමක්ම ගත්තහම ඒකට gas turbines කියලත් කියන්න පුළුවන්. මොකද මේ දෙකම ක්‍රියාකරන්නේ එකම මූලධර්මයක් පදනම් කරගෙනයි.
ජෙට් එන්ජිමේ ක්‍රියාකාරීත්වය ගතහොත් එහි ඉදිරියේ සවිකර ඇති හුලංපෙත්ත (fan) මගින් වාතය ඇතුලට ඇද ගැනීමක් කරගනී. සම්පීඩකය (compressor) මගින් ඇදගන්නා ලද වාතයේ පීඩනය වැඩිකරනු ලබයි. මෙම සම්පීඩකය තනා ඇත්තේ පෙති වැඩි සංඛ්‍යාවකින් යුතු පංකාවකින් වන අතර ඒවා දණ්ඩකට (shaft) සවි කර ඇත. මෙම පෙති මගින් වාතය සම්පීඩනයකට ලක්කරනු ලබන අතර එම සම්පීඩිත වාතයට ඉක්බිතව ඉන්ධන ඉසිනු ලබන අතර මෙම මිශ්‍රනයට විද්‍යුත් පුළිගුවකින් දහනය ලබාදෙනු ලැබේ (an electric spark lights the mixture). මෙම ක්‍රියාවලිය Combustor තුල සිදුකරනු ලබන අතර මෙය තාපපරිවාරක කුටීරයක් විය යුතු නිසා මෙහි අභ්‍යන්තරය පිඟන් මැටි විශේෂයකින් තනා ඇත. දල වශයෙන් කිවහොත් මෙහි උශ්නත්වය 2700°C පමණ වේ.
Combustor තුලින් පැමිනෙන් අධිබලැති වායු ප්‍රවාහය turbine වෙතට ලැබෙන අතර එනිසා ටර්බයිනයේ fan භ්‍රමණය වීම සිදුවේ. ටර්බයිනය පසුකර එන බලය අඩුවී පැමිනෙන වායු ප්‍රවාහයද, එන්ජිමේ මධ්‍ය මගහැර එන සිසිල් වායු ප්‍රවාහයද, nozzle හරහා ඉවතට යාමට සැරසෙත්ම එය දැඩි බලයකින් යුතුව ඒනජිමේ පිටුපසින් පිටවේ. මෙම වායු ප්‍රවාහය පිටුපසට ඇතිකරන තෙරපීම නිසා එන්ජිම හා ගුවන් යානය ඉමහත්වූ බලයකින් යුතුව ඉදිරියට ඇදේ. මෙහිදී ක්‍රියාත්මක වන්නේ නිව්ටන්ගේ තෙවන නියමයයි. එනම් සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත යන්නයි.
ජෙට් එන්ජිමේ වාසි ගත් කල එය පිස්ටන් සහිත එන්ජිමකට වඩා සැහැල්ලු ලෙස සලකන අතර අධික බලයකින් යුක්තය. එහි ඇත්තේ චලනය වන කොටස් අඩුවෙන් නිසා හා මෙවන් බලයක් සාමාන්‍ය එන්ජිමකින් ලබා ගන්නේ නම් එම එන්ජිම නිර්මානය කල යුතු සංකිර්ණත්වයට සාපේක්‍ෂව මෙය සරල නිසා නඩත්තුවද පහසුලෙස සැලකේ. එසේම ලාබ ඉන්ධනයකින් වැඩි කාර්යක්‍ෂමතාවයක්ද සහිත බව කියයි.
හැබැයි අවාසිද නැතුවා නොවේ. ප්‍රධානම අවාසිය ජෙට් එන්ජිම ලබාදෙන බලයම ලබාදෙන සාමාන්‍ය එන්ජිමකට වඩා ජෙට් එන්ජිම වටිනාකමෙන් වැඩිවීමයි. එයට ප්‍රධානම හේතුව නම් මෙහි පංකා අධික වේගයෙන් භ්‍රමණය වන අතරම මෙම එන්ජිම ක්‍රියාකිරීමේදී උත්පාදනය වන අධික තාපයට ඔරොත්තුදෙන සේ තාක්‍ෂනය යොදාගැනීම මෙන්ම එයට සරලන අමුද්‍රව්‍ය වල වටිනා කම වැඩිවීමවේ. උදාහරණයක් ලෙස පවසන්නේ නම් මෙහි භාවිතා වන පංකා වල පෙති වටිනා මූලද්‍රව්‍යක් වන titanium වලින් තනා ඇති බව පැවසේ.එසේම ඉන්ධන පරිභෝජනයද මෙම ජෙට් එන්ජින් වල අධික බව කිවයුතුය.
එසේ නම් මෙම ලිපි පෙල මෙතනින් අවසන් කරන්නම් වෙනස් තේමාවකින් යුතු ලිපියක් සමග නැවත හමුවෙමු.
කිව්වත් වගේ මේක ඉවර වෙන්නෙ නෑ බලෙන් ඉවර කලේ නැත්තං. මොනව වුණත් මම කලින් කමෙන්ටුවකිනුත් කිව්ව වගේ යුද්ධයේ සුන්දර පැත්ත තමයි ඔය. මේ තාක්ෂණික දේවල් විතරයිනේ. යුද්ධ නිසා සමාජ, සංස්කෘතික තත්ත්ව වෙනස් වීම හෝ දියුණු වීම (යුද්ධයෙන් සිද්ධ වුණ වේදනාත්මක අත්දැකීම් වලට අමතරව) තවමත් නැවතිලා නෑ...
ReplyDelete@hare :-) - ඔව් මිතුරේ, දැන්නම් බලෙන්ම වගේ තමයි මේක ඉවර කලේ. ඒකාකාරීබවකුත් දැනුනා දිගින් දිගටම මේ වගේ දේවල්ම දානකොටත්. ඒ කොහොමවුනත් යුද්දයේ අපි නොහිතපු අතුරුප්‍රතිඵල තමයි මේවා. ඒවගේම ඔබ කියන විදියට සමාජයට කරන ලද විපර්යාසයන් තවමත් සිදුවන බව මමත් පිළිගන්නවා...
ReplyDeleteඉතා හොද ලිපි පෙලක් ලබා දීමට ස්තුතියි ......... මෙවැනි තවත් වටිනා තේමාවකින් වෙනසක් සහිතව ලිපි ලබා දෙන්න ..................
ReplyDeleteනියමයි නියමයි ඔහොම යං
ReplyDelete@sameera & ``` Outsider``` - ස්තූතියි! එකම ආකාරයේ ලිපි රැසක් සත් සමුදුරේ පලවූ නිසා වෙනස් ආකාරයක යමක් ගේන්න බලාපොරොත්තුවෙනවා...
ReplyDeleteඔව් ඔව් අලුත් වෙනසකුත් එක්කම ඉස්සරහට යමු.
ReplyDelete@උදාර - කාලෙකට ඉස්සෙල්ල ඉගන ගත්ත දෙයකිනුත් ලිපි පෙලක් හදන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගැන ඉදිරියේදී බලමුකෝ...
ReplyDeleteඋපකරණ වගේ දේවල් මගේ ප්‍රියතම දේවල් නොවන නිසා [ඒ වුනාට මේ අනික් අයමට බනියි ] වෙනත් දෙයක් ලියනවට මගේ කැමැත්ත . මම ඉතින් වැඩි කැමැත්ත භූ ගෝලෙට හා ඉතිහාසෙට . ඒත් රසවත් ඕනම දෙයක් කියවනවා,. රසවත් නැතත් කතා කලයුතුම දේටත් මගේ සහය . i pod , i pad ...පිස්සුවත් තදටම යන එකේ ඒ ගැන හැකි නම් ටිකක් ලියන්න
ReplyDelete@Bindi - ok..ok ඉතිහාසයට සම්බන්ධ දේවල්වලට මගෙත් වැඩි කැමැත්ත. ඊලඟ ලිපිය ප්‍රයෝජනවත් දෙයක් ගැන බලන්නතෝ ඒක කොහොමද කියලා...
ReplyDeleteපට්ට ඈ....නියම ලිපි පෙලක්....
ReplyDeleteඅපරාදේ මෙයිට වැඩ විස්තරාත්මකව ලියන්න තිබුන කිසිම කම්මැලි කමක් නැතිව කියෙව්වා කෝරලේ වලව්ව
ReplyDelete