සමහර නිපැයුම් මුලින්ම කාන්තා පාර්ශවයේ භාවිතය සදහා පමණක් නිපවපු ඒවා. ඒවා පසුව යුද භූමියේ අවශ්‍යතාමත නිපදවන ලද පසුව තමයි එදිනෙදා ජීවිතයේ පිරිමි අය භාවිතා කරල තියෙන්නේ. මේකට හොදම උදාහරණය තමයි අපි අතේ බදින ඔරලෝසුව හෙවත් wristwatch. ඒ අනුව මුල් කාලයේ Real Gentlemen හෙවත් නියම මහත්තුරු අතේ බදින ඔරලෝසු භාවිතා කරල නැහැ. ඔවුන් වේලාව දැනගන්න පාවිච්චිකරල තියෙන්නේ පොකට් ඔරලෝසු. ඒකට ගාංචුවක් එහෙමත් නැත්නම් කුඩා දම්වැලකින් සාක්කුවට සවිවෙලා තිබුනා වගේම එයට කුඩා කවරයකුත් තිබිලා තියෙනවා.
කෙසේවෙතත් 1920 වෙනකම්ම සාමාන්‍ය කාන්තා පලදානාවක් පමනක් වූ අතේ බදින ඔරලෝසුව හදුන්වලා තියෙන්නේ Wristlet කියන නමින්. අතේ බදින ඔරලෝසුව කොතරම් කාන්තාවන්ට විතරක් සීමාවී තිබුන දෙයක්ද කිවහොත් සාක්කු ඔරලෝසු රැගෙන යන නියම මහත්තුරු ඒක හදුන්වලා තියෙන්නේ "sooner wear a skirt as wear a wristwatch" විදියටයි.
කෙසේවෙතත් 1920 වෙනකම්ම සාමාන්‍ය කාන්තා පලදානාවක් පමනක් වූ අතේ බදින ඔරලෝසුව හදුන්වලා තියෙන්නේ Wristlet කියන නමින්. අතේ බදින ඔරලෝසුව කොතරම් කාන්තාවන්ට විතරක් සීමාවී තිබුන දෙයක්ද කිවහොත් සාක්කු ඔරලෝසු රැගෙන යන නියම මහත්තුරු ඒක හදුන්වලා තියෙන්නේ "sooner wear a skirt as wear a wristwatch" විදියටයි.
German Kaiser Wilhelm I |
සේදුම්කාරක ද්‍රව්‍ය හෙවත් Detergent සොයා ගෙන තිබෙන්නෙත් පළමු ලෝක යුද සමයේදීයි. 1916 දී තමයි මේ රසායණික ද්‍රව්‍ය සොයාගෙන තියෙන්නේ. මේක සොයාගන්න පාදක වෙච්ච කාරණය තමයි සාම්ප්‍රධායිකව සබන් නිෂ්පාදනයේදී මේදය අවශ්‍යයි. ඉතින් යුද සමයේදී ජර්මනියට සබන් නිෂ්පාදනයට අවශ්‍ය මේදය හිඟකමක් ආව නිසා ඒකට ආදේශන ද්‍රව්‍යක් ලෙස තමයි මේ Detergent නිපදවලා තියෙන්නේ.
Tissue Paper කියන්නේ අද අපේ එදිනෙදා ජීවිතයට තවත් නැතුවම බැරි ද්‍රව්‍යයක්. එයටත් තියෙන්නේ යුද්දයෙන් ඉපදුන අතීතයක් තමයි. Tissue Paper හදන්න ගන්න අමුද්‍රව්‍ය හදුන්වන්නේ “cellucotton” කියන නමින්. මේ අමුද්‍රව්‍ය මුලින්ම යොදාගෙන තියෙන්නේ පළමු ලෝක යුද්දයේදී භාවිතා කල ගෑස් මුහුණු වල පෙරහන විදියට යොදාගත්ත කොට්න් වලට අදේශකයක් විදියටයි. ඒකට හේතුව තමයි කොට්න් වලට අධික ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා යුදබිමේ තුවාල ලබන සෙබළුන්ට බැන්ඩේජ් හා ගෝස් වගේ දේවල් හදන්න යොදාගන්න නිසා.
Sonar (Sound, Navigation and Ranging) කියන නාවිකයන්නට අත්‍යාවශ්‍යවන උපකරණය නිපදවලා තියෙන්නෙත් පළමු ලෝක යුද සමයේදීමයි. ඒ මොකටද කියනවානම් සතුරු සබ්මැරීන හදුනාගැනීමටයි. නිපදවලා තියෙන්නේ නම් ප්‍රංශ විද්‍යාඥ Paul Langevin විසින්. හැබැයි ඔහු මෙම සෝනාර් උපකරණය නිපදවන කොට එම යුද්දයට නම් ප්‍රමාද වැඩියි කියල තමයි කියන්නේ.
Trenchcoat එහෙම දැකල ඇතිනේ ඉංග්‍රීසි චිත්‍රපටිවල. මෙම ඇදුම ටිකෙන් ටික විකාශනය වෙමින් ඇවිල්ල පළමු ලෝක යුද්දයේදී තමයි බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට මෙම ආකාරයේ ඇදුම ලබා දීලා තියෙන්නේ. මෙය සොයා ගෙන තියෙන්නේ Thomas Burberry හිටපු රෙදි පිළි වෙලෙන්දෙකු විසිනුයි.
Radar (Radio Detection and Ranging) හෙවත් රේඩාරය ගැනත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒකත් දෙවන ලෝක යුද සමයේ තමයි සොයාගෙන තියෙන්නේ. ඒක ගැන සවිස්තරාත්මක ලිපියක් මීට පෙර සත් සමුදුරේම පල කරල තියෙනවා රේඩාරය සොයා ගත් පසු කියලා...
Cavity Magnetron කියන්නේ රේඩාර් සොයාගැනීමේ ව්‍යාපෘතිය කරගෙන යනකොට සොයාගත්ත දෙයක්. ඒ Sir John Turton Randall විසින්. Cavity Magnetron කියන්නේ අධිබල රික්තක නලයක් (high-powered vacuum tube). එයින් තමයි ක්‍ෂුද්‍ර තරංග (Microwave) උත්පාදනය කරල දෙන්නෙ. මෙය විවිදාකාරයේ රේඩාර් පද්දතිවල යොදාගන්නා අතරම අපගේ නිවෙස්වල තියෙන Microwave Oven වල හා x-ray යන්ත්‍රවලත් භාවිතාවෙනවා.
Microwave Oven ගැන ඉස්සෙලත් පොඩි දෙයක් කිව්වා. ඒ එහි ක්‍ෂුද්‍ර තරංග ජනකය ගැනයි. දැන් කියන්න යන්නේ Microwave Oven නිපදවෙන්න හේතුකාරකය. මෙහෙමයි ඒක වෙලා තියෙන්නේ. Percy Spencer කියන්නේ රේඩාර් ව්‍යාපෘතියේ වැඩකටයුතු වල නියැළුන තවත් විද්‍යාඥයෙක්. ඔහු මේ වැඩකටයුතු කරගෙන යන අතරතුරේදී දිනක් ඔහුගේ සාක්කුවේ තිබුන candy bar එක උණුවෙලා තිබිලා තියෙනවා. එයින් ඔහුට අදහසක් ඇවිල්ල තියෙනවා විකිරණය (radiation) මගින් ආහාර පිසින්නට හැකිබව. එයින් තමයි Microwave Oven හදන්න අඩිතාලම වැටිල තියෙන්නේ...
තව ටිකක් සොයා ගැනීම් තියෙනවා. දැන්නම් ටිකක් මහන්සිත් වගේ. ඒ නිසා තෙවන කොටසෙදී ඉතිරි ඒවා බලමුද?
දැං සපත්තු වල තියෙන කිරිස් ගාලා ඈදලා දාන මැජික් ටේප් එකත් ඔය වගේ එකක් නේද?
ReplyDeletehttp://www.google.com/imgres?imgurl=http://image.made-in-china.com/2f0j00JBeTqWRMgakt/Fashion-Velcro-Magic-Tape.jpg&imgrefurl=http://www.made-in-china.com/showroom/chinaglad/product-detailOoemVDTMYJkx/China-Fashion-Velcro-Magic-Tape.html&usg=__1FGjlbv4EB0sM3TF6agtpS4ADoY=&h=539&w=624&sz=87&hl=en&start=5&sig2=fSABEjjrLN5JgrScPVzj3g&zoom=1&itbs=1&tbnid=29Ry325NK6vt7M:&tbnh=117&tbnw=136&prev=/search%3Fq%3Dmagic%2Btape%26hl%3Den%26safe%3Doff%26biw%3D1024%26bih%3D570%26gbv%3D2%26tbm%3Disch&ei=zrXsTYvWKdHorQeZrLjeBQ
බලාගෙන යද්දි ලෝකෙ දියුණුව කරා යන්න යුද්ධත ධනාත්මක බලපෑමක් කරල තියෙනව නේද?
ReplyDelete@බුද්ධි - මචං ඒක නම් තවම මමත් දන්නේ නම් නැහැ. මම ඒක සොයා බලල කියන්නම්...
ReplyDelete@hare :-) - ඔව්, විශේෂයෙන්ම ලෝක යුද්ද පැහැදිලිවම ලෝකයේ ගමන් රටාව වෙනස් කරල තියෙනවා...
ReplyDeleteමචං හිට්ලර් අයියත් යුද්ද කරන්න ගොඩක් දේවල් හොයාගත්ත කියල අහල තියෙනව පුලුවන්නමු හොයල දාන්න ලොකු දෙයක්.......
ReplyDeleteහ්ම්ම්ම්ම් ගවේශනාත්මක බවෙන් පිරිපුන් ලිපියක්.
ReplyDelete