Wednesday, March 16, 2011

පිරිමීඩ ගැන සහ පුරාණ මමි ගැන ලියවෙන සටහනට අකුරු අමුණන වගයි...(All about Mummies) - දෙවන පැපිරස් පත්‍රය

පළමු කොටසින් ...


මමි ගැන සියල්ලම...
පිරමීඩ ගැන කතා කරන්න තව කරුණු කාරණා තිබුනත්, දැන් අපි වැදගත්ම කොටස වුන මමි ගැන කතා කරමු. අපි මීට පෙර විසිවන සියවසේ මමි ගැන කතා කරල තිබුනා. ඇත්තටම මමි කියන්නේ විශේෂ සිරුරු කල් තබා ගැනීමේ ශීල්පීය ක්‍රම (embalming techniques) වලින් වගේම ස්වභාවික සංසිද්ධිනිසාද (උදා: ලෝකයේ අධික ශීත දේශගුණය පවතින ‍ප්‍රදේශ වල අයිස්වලට යටවී දීර්ඝ කාලයටක් නොදිරා පවතින සිරුරු සහ පස් වල අන්තර්ගත විවිද ඛණිජ නිසාද නොදිරා පවතින සිරුරු) කුණු නොවී නොදිරා පවතින සිරුරු වලට කියල කියන්න පුළුවන්.

ඊජිප්තුවට අමතරව උතුරු අප්‍රිකාවේ, සිරියාවේ සහ යේමනය වැනි මැද පෙරදිග රටවල, උතුරු ඇමරිකාවේ, දකුණු ඇමරිකාවේ අන්දීස් කදුවැටි පෙදෙසේ, පේරු රටේ කාන්තාර පෙදෙස් වල, බටහිර චීනයේ සහ ස්කැන්ඩිවීනියා රටවල වගුරු බිම් වලත් මෙසේ මමි දැක ගන්න ලැබිල තියෙනවා. කොහොමවුනත් ප්‍රධාන වශයෙන් මමි ගැන කතා කරන ඊජිප්තුවේ මමි හදල තියෙන්නේ ක්‍රි.පූ.3400 සහ ක්‍රි.ව.641 අතර කියල තමයි ඉතිහාසඥයන් කියන්නේ.

අපි මමිගැන කතා කරද්දී ඒවා දුම්මල වලින්ද පෙඟවූ ලිනන් පටි  වලින් කිහිපවිටක්ම ලේයර් කිහියපයක් වන සේ ඔතලා තියෙන බව පේනවා. එහිදි අතේ හා පාදවල ඇගිලි වෙනවෙනම ඔතා තිබේ.  ඒවගේම මුහුණ එතීමේදී වඩාත් ප්‍රවේශම්සහගත වී ඇති අතර මුහුනේ රැවුල සහ ඇහිබැම පෙනෙන ලෙද මෙය සිදුකර තියෙනවා.මෙම එතීමට ගන්නා පටි හදුන්වල තියෙන්නේ cartonnage කියන නමින්.

එසේම එය සිද්ද කරල තියෙන්නේ මුල් කාලීන මමිවලට කියල අතරම පසුකාලීනව මමි තැන්පත් කරල තියෙනවා දැව හෝ පාශානවලින් නිම කරන ලද මිනී පෙට්ටි වල. එසේම මමිකරණයට ලක්කිරීමේ ක්‍රම කිහිපයක්ම එදා මිසරයේ තිබූ බව පැවසෙන අතරම ඒවා ඒ මියගිය පුද්ගලයාගේ වත්පොහොසත්කම මත තීන්දුවුන දෙයක් කියලත් කියන්න ඕන.

මුල් කාලීන මමි ඔතලා තිබුනේ විශේෂයෙන්ම තෙතමනයෙන් ආරක්‍ෂාවෙන්න කියලත් ඔවුන් කියනවා. එසේම පසුකාලීනව මෙම මමිකරණ ක්‍රියාදාමය සිදුකරද්දි සිරුරේ අභ්‍යන්තර අවයව සියල්ල ඉවත්කල බවත්, එම ක්‍රියාවලිය evisceration ලෙස හදුවලත් තියෙනවා. ඔවුන්‍ මෙසේ අවයව ඉවත් කලත් ඒවා විනාශකරල නැහැ. ඒවා canopic jars ලෙස හදුන්වන භාජනවල තැන්පත් කරල තියනවා. මුල් කා‍ලයේ මෙම භාජන එතරම් විශේෂ හැඩයක් නොමැති භාජනවුවත් පසු කාලීනව මේවාට ආගමික වැදගත්කමක් තියෙන අයුරින් හැඩරුවක්ද ඇති බදුන් හතරක් යොදාගෙන තිබෙනවා.

එතනදී මෙම භාජනවලට විශේෂ හැදින්වීමක්ද කර තිබෙනවා Four sons of Horus ලෙස. මෙතනින් බැබුන්ගේ හිසක් තිබෙන භාජනයේ පෙනහළු තැන්පත් කර තිබෙන අතර එය Hapy ලෙස හදුන්වා තියෙනවා. නරියෙකුගේ හිස තිබෙන බදුන තුල ආමාශය තැන්පත් කර තිබෙන අතර එය Duamutefලෙසද, උකුස්සෙකුගේ හිස සහිත “Qubehsenuef” බදුන අන්ත්‍රය සදහාද Imsetyලෙස හැදින්වූ මනුෂ්‍ය හිස සහිත බදුන අක්මාව තැන්පත් කිරීමටද යොදාගෙන ඇත.

මුලින් කිව්ව වගේ අද වගේම එදත් මුදල් කියන සාධකය හැම දේකටම හරස් වුනා කියන එක සනාථවෙන සිද්ධියක් තමයි මෙයත්. මොකද මමිකරණය වගේම දේහයේ අවසන් කටයුතු ආදියේ තත්වයද මුදල් හදල් තිබුන පවුල්වල බොහොම කලඑළියට සිදුවෙලා තියෙන අතරේම මමිය තැන්පත් කරන ස්ථානයේ ඔවුන් ජීවත්ව සිටින කාලයේ පාවිච්චිකල බඩුබාහිරාදිය වගේම සොහොනේ තැන්පත් කරගන්නත් විශේෂයෙන්ම බඩුමුට්ටු තනාගැනීමට අමතක කරල නැහැ. ඒවගේම මරණින් මතුදිවියට අතුරුඅන්තරා පැමිණිමෙන් වැලකීමට ඒහා සම්බන්ධ විශය පතවට අදාලව “මරණයේ පොත” හෙවත් the Book of the Dead වගේ ආගමික වාක්‍ය ඇතුලත් ලේඛණද සොහොනේ තැන්පත් කරගන්න ඔවුන් උත්සුකවෙලා තියෙනවා.

තවදෙයක් තමයි මෙම මමිකරණයත් සමග දෙවිවරුත් රැසක් බද්දවෙලා ති‍බෙනවා. එයින් ප්‍රධානම කෙනෙක් තමයි නරියෙකුගේ බදු හිසක් තියෙන “Anubis කියන දෙවියා. ඔහු තමයි මමිය පටිවලින් එතීමේ ක්‍රියාවේදී ඊට අධිපති දෙවියා ලෙස සලකලා තියෙන්නේ. දේහය තැන්පත් හෝ මිහිදන් කල තැන අධිගෘහිත දෙවියා ලෙස සලකලා තියෙන්නේ necropolis කියන දෙවියාවයි. මේ වගේම මියගිය ප්‍රාණකාරයා තම ආත්මය මරණින් මතු දිවියට රැගෙන යාමේදී අනිවාර්යයෙන්ම යායුතු තැනක්වූ පාතාලලෝකය හෙවත් underworld පාලනය කොට තිබෙන්නේ "Osiris දෙවියා විසින්. එසේම මෙම දෙවියාද මමියක ස්වරූපයක් ගන්නා අතර එය සිද්ද කරල තියෙන්නේ ඔහුගේ ආදරණිය බිරිද වන Isis විසින්. මෙසේ මමියක්සේ ඔතා සකස් කිරීමට හේතුව නම් Osiris ගේ කැබලිවලට වෙන්වී තිබු මියගිය සිරුර අවසාන කටයුතු සදහා පිළියෙල කිරීමටයයි ජනප්‍රවාදයේ පවසනවා.
Osiris
ඒවගේම පුරාණ මිසරවැසියන් විශ්වාසකරල තියෙනවා මියගිය කෙනාගේ ආත්මය දෙවියන් සමග ගණුදෙනු පැවත්වූවත් ජීවත්වූ මහ පොළව සමග තියෙන ඇයිහොදයිය නැතිවෙලා නැහැ කියන එකත්. ඒ නිසා ඔවුන් ඒ ආත්මය සදහාත් දෙවියකු පත් කරගෙන ඉදල තියෙනවා මිනිස් හිසක් තියෙන පක්‍ෂියෙක්ව. මෙම දෙවියා හදුන්වල තියෙන්නේ ba ලෙසයි. මෙම දෙවියාට අදුරු සොහොන් ගැබෙන් නික්මිලා මියගිය කෙනාගේ ඥාති සහෘදයන් සමග තොරතුරු හුවමාරුකරගෙන එම ඥාතීන්ට අර මියගිය කෙනාගෙන් උදව් ලබා දෙන්න පුළුවන් කියලත් ඔවුන් හිතල තියෙනවා.

EMBALM කරපු හැටි...
සිරුරක් embalm කරන්න දින 70 ක් පමණ ගතවූ බව පවසනවා. පුද්ගලයෙකු මියගිය සැනින්ම දේහය embalm වැඩපොලකට (an embalming workshop) එහෙමත් නැත්නම් Ibu (Place of Purification) ලෙස හැදින්වූ තැනට රැගෙන ගිය බව මුලින්ම කියන්න ඕන. එතනදී මේ ක්‍රියාවට සම්බන්ධ විශේෂඥයන් විසින් සිරුර මුලින්ම Palm Wine වලින්ද දෙවනුව නයිල් ගගේ ජලයෙන්ද හොදින් සෝදා හිසකෙස් සහ රැවුල හැරෙන්න අනෙකුත් සිරුරේ රෝම ඉවත් කරල තියෙනවා. 

ඉන්පසු සිරුරේ වම් පස කරන ලද කැපුමකින් ශරීර අභ්‍යන්තර අවයව ඉවත් කිරීම සිදුකිරීම කර තිබෙන අතරම සමහර අවස්ථාවල හෘදය ඉවත්කලද සමහර අවස්ථාවල හෘදය ඉවත් නොකිරීමද විශේෂත්වයක්. ඔවුන් හිතල තියෙනවා යමෙකුගේ ආත්මය රැදී සිටින්නේ හදවතේ බවත්, දෙවියන් හමුවට ගොස් පරීත්‍ෂාවට ලක්වීමේදී එය අත්‍යාවශ්‍ය බවටත්.

 එසේම මෙම එම්බාල්බ්කරුවන් නාස් ඇටය සමහර සිරුරු වල බිදදාලත් තියෙනවා. ඒකට හේතුව තමයි නාසයේ සිට යැවූ කොක්කක් ආධාරයෙන් මොලය කුඩා කැබලිවලට කඩා ඉවත් කරගැනීමට. ඊට පස්සේ ඔවුන් හිස පුරවා තිබෙන්නේ ශාකමය උකු දුම්මල වලින් හෝ දුම්මල වලින් පොඟවන ලද ලී කුඩු වලින්.

ඒ වගේම මෙම එම්බාල්බ්කරුවන් විසින් සිරුරට sodium bicarbonate කුඩු වලින් වසා තිබෙනවා ඒදා මෙම කුඩු හදුන්වල තිබෙන්නේ natron ලෙසයි. ඒක කරල තියෙන්නේ තෙතමනය උරා ගෙන සිරුර වියලන්න.  මීට අමතරව Natron පැකට් තුල බහා ඒවා සිරුරේ සිදුරු තුලින් සිරුර තුලට යවා සිරුර අභ්‍යන්තරයද වියලීමට භාජනය කරල තියෙනවා. 

මෙය සිදුකර දින හතලිහකට පසු නැවත ජලයෙන් සෝදා තෙල් ගල්වන්නේ සමේ ඇදෙනසුළු භාවය ඇති කර ගැනීමටයි.


එසේම මීට කලින් කියපු ලෙසම ඉවත් කල අභ්‍යන්තර අවයව වන ආමාශය, අක්මාව, පෙනහළු සහ අන්ත්‍රය canopic jars වල බහා ඒවාද වියලා පියන් වලින් වසා සුරක්‍ෂිතකොට තිබෙනවා. (එසේවුවද පසු කාලීන වකවානුවල (21st Dynasty) සිදුකරන ලද මමිකරණ ක්‍රියාවලියේදී මෙසේ වියලා ගන්නා ලද අභ්‍යන්තර අවයව නැවත සිරුර තුලම තැන්පත් කොට තිබෙනවා. ‍එහෙත්  canopic jars හතරද මමිය සමග තබා ඇත).



ඒවගේම මෙහි සදහන් කල Natron ගැන කියනවනම් ඒවා මිසරයේ සමහර ප්‍රදේශ වල ස්වාභාවිකවම නිපදවුන ලුණු විශේෂයක් කියලත් කියන්න පුළුවන්.  මෙසේ ස්වාභාවිකව හැදෙන Natron නිසා කාන්තරවලදී මිය යන මිනිසුන් සහ සතුන් ස්වාභාවිකවම මමි බවට පත්වී තිබෙන බවද කිවයුතුයි.

සිරුරු WRAP කරපු හැටි...
මාස දෙකකට විතර පස්සේ මෙම සිරුර පිරිසිදුකර සුවද විලවුන් ගැල්වීම එමබාල්ම්කරුවන් විසින් සිදුකර තිබේ. ඉන්පසු සිරුරේ ඇති සිදුරු සහ මුඛයට ඔසුපැල වලින් තනා ගත් පල්පයක්, ලී කුඩු හෝ ලිනන් බෑගයක් ඔබා තිබෙන අතර ඇසට කුඩා ගල් හෝ කුඩා ලූණු ගෙඩියක් ඔබා තිබෙන්නේ ජීවමාන ස්වරූපයක් මවා පෑමටයි.සිරුර ලිනන් තීරුවලින් ඔතා එයට උඩින් ලිනන් වලින්ම මසාගත් මිනී ඇදුමක්ද අන්දා තිබේ.ඒවගේම ධනවතුන්ගේ සිරුරු වලට මෙම කාර්යයට අමතරව තවත් විශේෂ සත්කාරයන්ද සිරුරට ඔවුන්ගේ ඥාතීන්විසින් සිදුකරවා ඇති අතර සිරුර වෙලීමට ගන්නා ලද්දේද මිල අධික ‍ලිනන් රෙදි වේ. විචිත්‍ර වත් කවචයන්ද වැඩි ආරක්‍ෂාව සදහා සිරුරට පලදවා ඇත.







එම්බාල්ම්කරුවන් විසින් සිරුර මෙසේ පිළියෙල කල පසු මිනී පෙට්ටියේ තැන්පත් කරනු ලැබීය. ක්‍රී.පූ. 2000 පමන වන තෙක් මෙය ලී වලින් හෝ ගලින් නිමවන ලද හතරැස් පෙට්ටියක් වේ. ඉන්පසුව තනා ඇත්තේ මිනිස් සිරුරේ හැඩයටම සමාන වූ පෙට්ටියක් වන අතර එයට පිටතින් තවත් පෙට්ටියක්ද තිබෙන ‍සේ මෙය තනවා ඇත. එසේම මෙම පෙට්ටිවල පිටත අලංකාර මෝස්තර සැරසිලි සමග Osiris දෙවියන්ගේ රූපය සහ මියගිය කෙනාගේ නම රැගත් Hieroglyphs සටහනක්ද තබා ඇත.

අවසාන කටයුතු කරන දි‍නයේදී සොහොනට ගෙනයන මමියේ මුඛය විවෘත කිරීම, විශේෂ උපකරණයකින් මමියේ ඇස්, නාසය, මිනී පෙට්ටිය පින්තාරුකරනු ලබන්නේ පූජකයන් විසිනි. ඒ මරණින් මතු දිවියට ඇවසි චාරිත්‍ර ඉටුකිරීම පිණිසයි.

මිසරවාසීන්ගේ විශ්වාසය අනුව මියගිය කෙනාගේ සදාතනික ජීවිතය සදහා අවශ්‍ය ආහාර, ඇදුම්, දැව උපකරණ, පිඟන් ආදිය සොහොන සීල් තබා වැසීමට පෙර පවුලේ අය විසින් තැන්පත් කරනු ලැබේ. එසේම සොහොන් ගැබේ බිත්තියේ මරණින් මතු දිවියටද හුරුවනසේ එදිනෙදා සිදුකරන ක්‍රියාකරකම්ද සිතුවම් කර ඇත. ධනවත්පවුල්වල උදවියනම් සොහොන වැසූ පසු සිය මියගිය සහෘදයාගේ ආත්මයට ආහාර ලබා දීමට යයි කියා පූජකයකුද ඒ අසල කුලීපදනම මත නවතා ගොස් ඇත. ඊට අමතරව වසරේ විශේෂ දිනවල නෑදෑයන් පැමින මියගිය කෙනා සැමරීමේ උත්සව එදා අතීතයේද පවත්වා ඇත.

Mummy with Jar
ලෝකයේ වෙනත් කලාප වල හමුවන මමි...
 මම මුලින් පැවසූ ලෙසම මිසරයට අමතරව ලෝකයේ වෙනත් කලාප වලද මමි හමුවු අතර 15 වන සියවසේ පේරු ර‍ටේ ඉන්කා අධිරාජ්‍යයේ මමිකරණය සිදුකර ඇත්තේ සිරුරු ගල් අගුරු වලින් දුම් අල්ලා වියලා ගැනීමෙන්. මෙසේ එම්බාල්ම් කරගන්නා සිරුර වකුටු කොට මී වදයක හැඩති විශාල බදුනත් තුල ඇදුම් සහ ස්වර්ණාභරනද අන්දවා තැන්පත් කර ඇති අතර එය තුලට  වෙනත් පෞද්ගලික බඩුබාහිරාදිය, ආහාර සහ බඩඉරිඟු වලින් තැනූ පානයක් වන chicha තබා ඇත.



මියගිය අය ඔවුන්ගේ පාලකයෙකු නම් ඔහුට පූජනීයත්වයෙන් සලකා ඇති අතර ඔවුන්ට ආවතේව කිරීමට සහ දිනපතා කටයුතු සිදුකරගැනීමට අවශ්‍ය උපදෙස් සැපයීමට වෙනමම සේවකයන්ද පත්කොට ඇත.
එසේම පේරු රටේ හමුවන සමහර මමි විශේෂයෙන්ම මමිකරණයට ලක්කල ඒවා නොවේ. ඒවාද හදිස්සියේම මමි (accidental mummies) බවට පත්ව ඇත. ‍මේවා එරට කාන්තාරබද පෙදෙස් වල හමුවන අතරම එම පරිස‍රයේ ඇති අධික උශ්නාධික වියළි වැලි සහිත බව මමිකරණයට ඉවහල්ව ඇත.



එමෙන්ම බටහිර චීනයේ හමුවන මමි වලට හේතුවී ඇත්තේ එහි ඇති ලුණු බවද පැවසේ. ඇලස්කාවේ සහ ග්‍රීන්ලන්තයේ ගල් ගුහා තුල තැන්පත් කරන ලද මමි හමුවන අතර එම ප්‍රදේශවල ඇති අධික ශිතල හා වියලි දේශගුණය මියගිය පසු සිරුරේ පටක නරක්වීම පමා කරන බවද කියයි. එසේම ස්කැන්ඩිවිනියානු රටවල වගුරු බිම් ආශ්‍රිතව හමුවන මමි වලට හේතුව වී ඇත්තේ එම බිම් ආශ්‍රිතව ස්වභාවික කහට (natural tannin) හා ඔක්සිජන් හිඟකම දේහ නොදිරා පැවතීමට ඉවහල් වීමයි. accidental mummies ලෙස හදුන්වන මමි මඩ තුල හා ග්ලැසියර අයිස් යට තිබීද හමුවී ඇත.

එසේම අවසාන වශයෙන් ඉන්දියාවෙන් හමුවන මෙයට සමාන දේහයක් ගැන කිවයුතුය. ක්‍රි.ව. 1500 ගණන් වල චීනයේ සහ ඉන්දියාවේ සහ තවත් රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවූ Francis Xavier නම් ස්පාඤ්‍ය ජාතික කතෝලික පියතුමෙක සිටි අතර එතුමා 1552 දී චීනයේදී මිය ගියේය. පසුව එම සිරුර ඉන්දියාවේ ගෝව වෙත ගෙන ආ අතර දැනටත් ‍එම දේහය නොදිරා පවතී. මෙය එතුමාගේ අනුගාමිකයන්ට නම් අතිශය සතුට ගෙන දෙන්නක් වූ අතර එය එතුමාගේ පූජනීයත්වය තවත් වර්ධනයවීමටද හේතුවිය.


නමුත් විද්‍යානුකූලව කරුණූ විමසීමේදී මෙසේ සිරුර නොදිරීමට හේතුවී ඇත්තේ එතුමාගේ දේහය චීනයේ සිට ඉන්දියාවට රැගෙන ඒමට ප්‍රථම මලක්කාවේදී තාවකාලිකව මිහිදන් කරන ලදි. එම මිහිදන් කිරීම සිදුකල ප්‍රදේශයේ පස හුණුගල් මිශ්‍රිත එකක් ලෙස පසු කාලීනව සොයාගත් අතර එම ඛණිජ වල ප්‍රතික්‍රියාකාරීත්වය නිසා මෙසේ සිරුර නොදිරීමට ‍හේතුව ලෙස උපකල්පනය කරයි. 

එසේම රුසියා‍වේ බෞද්ධ කටයුතු වල යෙදුන රුසියානු ජාතිකයකුවන 1927 දී මිය ගිය the Khambo Lama ගේ සිරුරද තවමත් නොදිරා පවතින්නකි. එයටද කිසිදු විශේෂ embalm කිරීමක් හෝ මමිකරණ ක්‍රියාදාමයක් සිදුකර නැති බව පවසන අතරම එය ලුණු තුල බහාතැබූ බවක් පමණක් පවසයි.(http://en.wikipedia.org/wiki/Dashi-Dorzho_Itigilov 
The exhumed body of the the Khambo Lama (d.1927), still in the lotus
position in a Buddhist monastery in Siberia.

එසේම ඉතාලියේ, සිසිලියේ හමුවන Capuchin Catacombs ඇති 8,000 කට අධික මමි ගැනද නොකියාම බැහැ. මෙහි ජීවමාන ඉරියව්වලම සිටින මමි අධික ප්‍රමාණය නිසාම මෙය "human library" කියාද හදුන්වයි. එසේම මෙය තුල සමාජයේ සෑම තරාතිරමකම මිනිසුන්ගේ මමිකරණයට පත්වූ සිරුරු ඇති අතර 1500 සිට 1920 දක්වා කාලය තුල මෙය තුල දේහ තැන්පත්කරන්නට ඇති බවද කියයි.



එසේම මෙම ස්ථාන‍යේ විශ්මයජනක සිරුරු නොදිරීපැවතීම 1599 දී පූජකවරයෙකු විසින් සොයාගෙන ඇති අතර එතැන් සිට මෙම ස්ථානය සිසිලියේ වැසියන්ගේ දේහ තැන්පත් කරන ස්ථානයක් බවට පත්ව ඇත. එසේම මෙහි ඇති සිරුරු ඒඒ සමාජ තරාතිරම්, ස්ත්‍රී පුරුෂ, බාල මහළු ආදි ලෙස කාණ්ඩ කොට පවතින බවද පැවසේ. 
වැඩි විස්තර සදහා -

http://www.sacred-destinations.com/italy/palermo-capuchin-catacombs http://en.wikipedia.org/wiki/Capuchin_catacombs_of_Palermo

එසේම මේවාට අමතරව ලෝකයේ බොහෝ ස්ථාන වල මමිබවට විවිද හේතුමත පත්වු සිරුරු පිළිබද තොරතුරු ඇති අතර ඒවාට පිවිසිය හැකි වෙබ් අඩවි ලිපියනයන් පහත දක්වා ඇත.  http://www.overcomeproblems.com/incorruptables.htm
http://www.sacred-destinations.com/sacred-sites/dead-on-display.htm

මමි පිළිබද ලිපිය මෙතනින් අවසන් කරනු ලබන අතර ඉදිරි ලිපියේදි මමි හා සම්බන්ධ වෙනත් ආන්දෝලනාත්මක කරුණක් ගෙන එන්නම්...

33 comments:

  1. ඒ කරුණත් එන තුරු බල හිඳිමි.
    ජය!

    ReplyDelete
  2. නියමයි අයියේ කියලා වැඩක් නෑ

    ReplyDelete
  3. nice site :-)
    keep it up

    ReplyDelete
  4. පට්ට මචො දිගටම ලියන්න

    ReplyDelete
  5. මාරම වැදගත් නේ....
    කොහෙන්ද අප්පේ මේව හොය ගන්නේ..මටට් ඒ කාලේ තිබ්බ පිරමිඩ් උනක්...

    ReplyDelete
  6. ගොඩක් වැදගත් තොරතුරු ටිකක්. ඇත්තට සෑහෙන්න වටිනවා.

    ReplyDelete
  7. මම මේ සිසිලියේ පැලර්මෝ නගරයේ මෙම මමී දැකලා තියනවා,හරිම පුදුම සහගත දෙයක්,නමුත් මට හිතෙනවා එහෙම මළගිය මිනිස්සු තියාගෙන ඉන්න එක වරදක් කියලා...

    ReplyDelete
  8. ගොඩක් වැදගත් ලිපියක්..! ස්තූතියි මේ දැණුම බෙදාගත්තාට...

    ReplyDelete
  9. කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට සමාවෙන්න ඕන. කොහොම වුණත් මේ ලිපිය නම් අතිශය වටිනා එකක් බව අනිවාර්යයෙන්ම කියන්න ඕ​න. ඉදිරියටත් මෙවැනිම වටිනා ලිපි බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

    ReplyDelete
  10. තාරක Dilsh@n - ඒ ලිපිය දැන් ලියාගෙන යනවා. අවසන් වූ වහා එය පල කරනවා...

    ReplyDelete
  11. @MaRLaN - ස්තූතියි! ඉතිරි කොටසුත් නොවරදවාම බලන්න...

    ReplyDelete
  12. වටිනා ලිපියක්.. නොදන්න කරුණු ටිකක් දැනගත්තා, ස්තුතියි!

    ReplyDelete
  13. ඔබ ගොඩක් කැපවීමෙන් ලිපි ලියන කෙනෙක් .ගොඩක් ආසාවෙන් කියවපු ලිපි 2 ක්.ස්තූතියි.ඔබගේ බ්ලොග් එක සින්ඩියේ හොදම බ්ලොග් අතරින් එකක් බවත් කියන්නම ඕනා.

    ReplyDelete
  14. @Anonymous - Thanks my friend! If you haven't any problem, I would like to know who you are...

    ReplyDelete
  15. @මෝල්ඩර් ෆයිල්ස් - ස්තූතියි! අනිත් ලිපිත් බලන්න වරෙන් මචං...

    ReplyDelete
  16. @රත්ගමයා - මුලින්ම ඔන්න ස්තූතියි කිව්වා... මල්ලී උඹ බලපංකෝ මම දාපු සත් සමුදුරේ 50 වන බ්ලොග් සටහන. ඒකේ මේ දේවල් දැනගන්නේ කොහොමද කියල දාලා තියෙනවා. අනිත් ලිපිත් බලන්න වරෙන් හොදේ...

    ReplyDelete
  17. @prasanna86k - ස්තූතියි! ඉදිරියේදිත් එන්න...

    ReplyDelete
  18. @ItalyDilan - හ‍ලෝ කොහොමද? මුලින්ම තුති පුදකරන ගමන් ඒ Catacomb ගැන විස්තර තව තියෙනවා නම් ඔබ එතන බලපු කෙනෙක් නිසා email හරි කමෙන්ටුවට හරි එවන්න කියලත් කියන අතරෙම ඔබගෙන් සහ එතෙර රටවල දැන් සිටින මිතුරන්ලෙන් තව පොඩි ඉල්ලීමක් කරනවා. ඒ තමයි ඔබලා සිටින රටවල අපි නොදන්න දුර්ලභ ස්ථාන එමට ඇති, ඒ‍වගේම ඔබලා එම ස්ථාන බලන්න ගිහිල්ල තියෙනවත් ඇති, ඒ ගැන විස්තර, ඡායාරූප ආදිය තියෙනවානම්, ඔබලාගේ අකමැත්තකුත් නැත්නම් පමණක් ඒවා එවීමේ හැකියාවක් තියෙනව නම් ඔබ ඒවා ලබා දුන් බවද අනිවාර්යයෙන්ම සදහන් කරන බවටද පොරොන්දු වෙමින්, ඒ ගැන සත් සමුදුරට අකුරු අමුණන්න මට හැකියාව ඇති බවද කියන්න කැමතියි...

    ReplyDelete
  19. @චතුවා (ළමයා) - ස්තූතියි! අනිත් ලිපිත් බලන්න එන්න...

    ReplyDelete
  20. @උදාර- ස්තූතියි! ලිපිය ටිකක් දිග වැඩි නිසා කියවන්නත් වෙලා යන්න ඇති. ඉදිරියේදිත් තව වෙනස් වෙනස් දේයල් ගැන ලියන්න ඕන මාතෘකා රැසක් ඔළුවේ තියෙනවා. ඒවත් අනිවාර්යයෙන්ම සත් සමුදුරේ තියේවි...

    ReplyDelete
  21. @හසී - ස්තූතියි! හසී, තව අපි නොදන්න දේවල් අන්තර්ගත ලිපි ගණනාවක් සත් සමුදුරේ පල කරන්න තියෙනවා. ඒවත් බලන්න එන්න...

    ReplyDelete
  22. @Anonymous- ස්තූතියි! මිත්‍රයා, ඔබ කියන එක හරි. මේවා ලියන්න නම් සෑහෙන්න මහන්සි වෙන්න වෙනවානම් තමයි. කරූණූ නිවැරදි වෙන්නත් ඕන. මීට කලින් ඇස නොගැටුන දේවල් නම් වඩාත් නැවුම් සහ රසවත් බවක් තියෙන නිසා ඒවා සොයන්නත් සිද්ධවෙනවා. කො‍හොමවුනත් මෙම කාර්යයේදී ඔබ වගේම මමත් නොදන්න දේවල් රැසක් ඉගන ගන්නවා. මොකද මමත් ඒවා කියවලා හරි, මුලින් කියවපු දේවල් නැවතත් කියවලා මතකය තියුණු කර ගන්න ඕන නිසා. තව පොඩි ඉල්ලීමක් කරන්නම් ඔබ Anonymous විදියට වුනත් කමෙන්ටු දැම්මට කමක් නැහැ. ඒත් ඔබට ගැටළුවක් නැත්නම් හා අකමැත්තකුත් නැත්නම් ඔබ කව්ද කියලත් දැන ගන්න කැමතියි...

    ReplyDelete
  23. මිනිස්සු මැරුණට පස්සෙවත් සිරුරු අතහරින්න බැරිවීම නම් පිස්සුවක්.

    ඔයාගෙ ලිපිය කියවන්න එන්නෙ ඉතින් පොඩ්ඩක් නිදහස් වෙලාවක් බලල තමයි හැමදාම. මොකද උඩින් පල්ලෙන් කියවන් යන්න පුඵවන් දේවල් නෙවෙයිනෙ මේව.
    කොහොම වුණත් ඉංග්‍රීසියෙන් තියෙන මූලාශ්‍ර හොයාගෙන කියවල අවබෝධ කරගෙන, සංක්ෂිප්ත කරල සිංහල ලිපියක් සකස් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව දන්නව. ඒත් ඔබේ හැකියාව ඇත්තෙන්ම ඒ වගේ දේකය භාවිතා කරල අන් අයටත් දැනුමක් ලබා දීමට කරන උත්සාහය වෙනුවෙන් ඔබට අපි ස්තූතිවන්ත විය යුතුයි.

    ReplyDelete
  24. @Ruwan Sapath Wickramathilaka - Thaaaankssss!!!!!

    ReplyDelete
  25. @``` Outsider```- පළමුවෙන්ම ස්තුති කරනවා ඔබට... දෙවනුව කියන්නේ මම ඔබ කිව්ව //මිනිස්සු මැරුණට පස්සෙවත් සිරුරු අතහරින්න බැරිවීම නම් පිස්සුවක්.// ගැන මෙම පිරමීඩ ලිපි ටික ඉවරවුන ගමන් අද නූතන ලෝකයේ ප්‍රවණතා ගැන ලිපියක් දානවා...

    ReplyDelete
  26. පුලුවන් නම් ලෝ ප්‍රකට ටූටන්කාමන් මමියත් ඒ වටා නිර්මාණය වෙලා තියෙන කතන්දර ටික ගැනත් ලිපියක් දාන්න බලන්න. මේ ලිපිය යලිත් වරක් මම ඉහළින්ම අගය කරනවා.

    ReplyDelete
  27. @උදාර - ඔබ මගේ සිත කියවනවද කියලත් හිතුනා. හංගන්න දෙයක් නැහැ, ඒ ලිපිය තමයි ඔය මම අවසානයේ කියපු ආන්දෝලාන්ත්මක කරුණ අඩංගු ලිපිය. හැබැයි ඊට නලින් තව ලිපියක් එනවා. ඒක හෙට උදේ සත් සමුදරේ තිබේවි...

    ReplyDelete
  28. ඕන නම් කියන්න මගේ ලඟ තියනවා මම ඊජිප්තුවේදි ගත්ත පිරමීඩ වල ඡායා රූප. අවශ්‍ය වෙනවා නම් කියන්න. ඕන වෙලාවක පෙරේත කමක් නැතුව ඒවා දෙන්නම්. නියම වැඩක්. දිගටම ලියන්න.
    අරව ඕන නම් මෙන්න මේකට ලියන්න

    admin@dayariya.info

    ReplyDelete
  29. me obatumage lipiya hoadyi athithin kiyanna deyak tiyanawa ara india we gove tiyana (Francis Xavier)pujakayage dehay ape totagamuwe sri rahula hamuduruwange sri dehaya. aka prutugisin ada ape weralabada tibichcha pansal vinasa karanakota india govata gena giya a pilibada hoyala ballana rahula hamuduruwo rathanasara tilaya(oil)wadipura bila nisa tamyi ahema une

    ReplyDelete
  30. me obatumage lipiya hoadyi athithin kiyanna deyak tiyanawa ara india we gove tiyana (Francis Xavier)pujakayage dehay ape totagamuwe sri rahula hamuduruwange sri dehaya. aka prutugisin ada ape weralabada tibichcha pansal vinasa karanakota india govata gena giya a pilibada hoyala ballana rahula hamuduruwo rathanasara tilaya(oil)wadipura bila nisa tamyi ahema une

    ReplyDelete
  31. Ithamath santhosai mema blog eka gana

    ReplyDelete
  32. මරු හැබැයි ඔය ඉන්දියාවේ තියෙනවයි කියන්නේ තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ දේහය කියලත් මම අහල තියෙනවා

    ReplyDelete