Saturday, February 5, 2011

Pit Bull ගැනත් දැනගෙන හිටියොත් හොදයි !!!

Pit Bull කියන්නේ මොකටද කියල බොහෝ දෙනෙක් දන්නැතුව ඇති. ඒත් ඔබ සමහරවිට  Pit Bull ව දැකල ඇති. ඔබ R & B, Hip Hop සංගීත ලෝලියෙක් නම් ඔවුන්ගේ වීඩියෝවල Pit Bull හුගක් වෙලාවට ඉන්නව. මෙන්න මෙයා තමයි Pit Bull.

මෙයා දෙමුහුන් බළු විශේෂයක්. ඒකියන්නේ බුල්ඩෝග් කියන වර්ගය සහ ටෙරියර් කියන වර්ගය දෙමුහුන් කිරීමෙන් තමයි ඇතිවෙලා තියෙන්නේ. ඇමරිකාවේ වැඩිපුරම ඉන්නේ Pit Bull terrier කියන ජාතියයි. මෙතනදී මෙවැනි බළු විශේෂයක් හදන්න හේතුව තමයි බුල්ඩෝග්ගේ ශක්තියත්, ටෙරියර් කියන වර්ගයේ ජවසම්පන්න ක්‍රියාශීලීත්වයත් එකතු කරල නීති විරෝධි ලෙස සිදුවන බළු පොර සදහා මොවුන් යොදවා ගැනීම. Pit Bull ඒකට කොච්චර ගැලපෙනවද කිවුවොත් මොවුන් පොර සදහා යෙදවූ විට තම ප්‍රතිවාදියා මැරෙන තුරු හො මරණීය තුවාල සිදුවනතෙක් ගැටෙන බවද කියනවා. හරියට ඉස්සර රෝම කාලේ හිටපු ග්ලැඩියේටර්ල වගේ. ඒවගේම මිනිසෙකු පස්සේ හෝ වෙනත් සතෙකු පස්සේ නොනවත්වා දිගු වේලාවක් දුවන්නත් හැකියාව මොවුන්ට ඇති බව කියන අතරම අඩි 7 ක් 8 ක් වුනත් පැනල ඉදිරියට යන්න බැරිකමක්ද නැති බව අවධාරනය කරනවා.

ඒවගේම මොවුන් ඉතා නිර්භීත සුනඛ වර්ගයක්. ඒවගේම හොදට මාංශ පේශී තියෙන, කෙටි ලොම් සහිත මෘදු හමක් තියෙන විවිද විවද පාටින් යුතු දඩෝරියෙක්. එච්චරම ලොකු බල්ලෙකුත් නෙමේ. උස අඟල් 18 ක් 22 ක් විතරත්, බර කිලෝ ග්‍රෑම් 20 ක් 40 ක් විතර.

තව භයානක තත්වයක් තමයි. තදින් කෝප ගැන්වුනොත් තමන්ගේ ස්වාමියා වුනත් දරුණු ලෙස හපා කන්න කිසිදු මැලි කමක් මෙයාට නැහැ. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වෙනත් සුරතලයට ඇති කරන සුනඛයන්ව හපාකාලා මරණිය තුවාල ඇති කරන එකට මෙම Pit Bull ඇමරිකාව තුල සෑහෙන්න සිදු කරල තියෙනවා. ඒක නිසා මෙවැනි බළු විශේෂ ඇති කිරීමෙන් වලකින ලෙස එරට සමහර ප්‍රාන්ත බලධාරීන් විසින් අනතුරු ඇගවීමද සිදු කර තියෙනවා.

Rottweiler
තවදෙයක් තමයි ඇමරිකාව තුල බල්ලන් සපාකෑම අතුරින් වැඩිම සංඛ්‍යාවක් මෙම Pit Bull ගෙන්ද, දෙවනුව තවත් නපුරු බල්ලන් වර්ගයක් වන Rottweiler ගෙන්ද සිදුවන බව සංඛ්‍යා ලේඛන වල දැක්වෙන අතරම ඉතාමත් භීතිය දනවන කරුන ලෙස දක්වා ඇත්තේ මෙම Pit Bull සහ Rottweiler යන දෙවර්ගය දෙමුහුන් කිරීමට සමහර පුද්ගලයන් කටයුතු කිරීමෙන් ඇතිවන සුනඛ වර්ගය මොවුන් දෙවර්ගයටම වඩා අති දරුණු බල්ලන් වර්ගයක් වීම බව තමයි පවසන්නේ.

කොහොමවුනත්  Pit Bull ලංකාව තුල නම් මම හිතන්නේ තවම ඇති කරන්න තවම එච්චර උවමණාවක් නැති වීමත් සැනසිල්ලට කාරණයක්. මෙන්න මේ වෙබ් අඩවියේ මේ දඩෝරියගේ කෙරුම් ගැන හොද විස්තර තියෙනවා. http://www.pitbull-dogfight-videos.com/
අපේ නිවසේ ආරක්ෂාවට බල්ලෙක් ඇති කරන්න ඔන තමයි. ඒත් මේ වගේ මිනීකන බල්ලෙක් නම් ?????

15 comments:

  1. ළඟදි මම බැලුව ලස්සනම චිත්‍රපටියක් තියෙනව Amores perros කියල. මේක ගැන වෙනම ලියන්නත් හිතාගෙන ඉන්නව. ඒක මෙතනට අදාල වෙන්නෙ මේකෙ පසුබිමේ බලු පොර ගැන කියවෙන හින්දයි. ප්‍රධාන චරිතය තමන්ගෙ Rottweiler වර්ගයේ බල්ලව බලු පොර වලට යොදවල පෝසත් වෙනව. මේ උඩ ඉන්න Rottweilerව දැක්කම මට ඒක මතක් වුණා...

    ReplyDelete
  2. මේකා දැක්කම මට මතක් වුනේ "ෂර්ලොක් හොල්ම්ස් ගේ බැස්ක්විල් සුනක ශාපය" කථාවේ එන බලු තඩියා.... :D

    ReplyDelete
  3. මට මතක් උනෙත් බැස්කර්විල් දඩ බල්ලා. බල්ලාගේ ජව සම්පන්න බව ගැට ගසා ඇති දම්වැලෙන්ම පේනවා.

    ReplyDelete
  4. මම මේකට කමෙන්ට් එකක් දැම්මා. ලින්ක් එකක් තිබුණ නිසා ස්පෑම් වෙලා ඇති. ඒක බලන්ට කරුණාකරලා...

    ReplyDelete
  5. ඔව්, සුනඛ ශාපයේ එහෙමත්, නැත්නම් රුදුරු බළුවේ, එහෙමත් නැත්නම් බැස්කර්විල් දඩ බල්ලා කතාවේ නපුරු විශාල බල්ලෙක් ගැන කියවෙනවා. ඒකේ හැබැයි ඉන්න බල්ලා Bloodhound සහ Mastiff යන බල්ලන් දෙවර්ගය දෙමුහුන් කරල හදපු විශාල බල්ලෙක් ගැන තමයි කියන්නේ. කොහොම වුනත් ඒ කතාවට දාල තියෙන නම නම් "The Hound of the Baskervilles"

    ReplyDelete
  6. කවදත් වගේම ආසාවෙන් කියෙව්ව, මගෙත් ප්‍රියතම කතා පොත් තමයි ෂර්ලොක් හොල්ම්ස් ගෙ පොත් පෙල, එම පොත් නැවත නැවත කියවනව වගෙ තමයි සත් සමුදුරත්, කොච්චර කියෙව්වත් සත් සමුදුරක්ම තමයි, ගන්න දේවල් අපමණයි. කොපමණ කියෙව්වත් එපා වෙන්නෙත් නෑ. ඒ වගෙම මම හරිම ආසයි terrier වර්ගයේ සුනඛයෙක් හදන්න, ඒත් ඌ දිග වැඩී, ඔබ තුමා දන්නවද සම්පූර්ණ එම terrier විදිහෙම නමුත් ටිකක් දිගින් අඩු සුනඛ වරගයක් ඉනවනම් ඒ ගැන තොරතුරු ස්තූතී

    ReplyDelete
  7. @සංහිද පාමුල - ස්තූතියි! මම කුඩා සුනඛ වර්ග ගැනත් සොයල බලල කියන්නම්...

    ReplyDelete
  8. maru lipiya thawa me wage ewa danna

    ReplyDelete
  9. Ape gedarath Pibull kenek innawa,pudume wade kiyanne e tharam ahinsaka ballek maam kohewath dakalama na.api eyawa kawoth misak eyanam kauruwat me wenakan kala na.

    ReplyDelete
  10. අයියෝ,දැන් මුන් ලංකාවේ ඉන්නවා,මේ ලඟදි විකුනන්න දාල තිබ්බ.....ඕගොල්ලෝ article එකක් කරන්නකෝ ඔය සුරතල්මසුන් කියල ලංකාවට ගෙන්නන මිනීකන මාළු ගැන,කරලා presidentටත් යවන්න නැත්තන් ඉස්සරහට ගඟකටවත් බහින්න හම්බවෙන්නෑ,දැන් ලංකාවේ piranha(red-belly,black),snake head,alligator gar ඉන්නවා,වේරහැර RMVඑකේ pond එකෙත් ඉන්නවා black piranha......

    ReplyDelete
  11. ම්ම් මම ‍ෆිට් බුල් දෙන්නෙක් හදනව දැන් මාස 10යී
    වෙන්නප්පුවේ ඉන්නෙ මෙහෙ ‍ෆිට්බුල් පැටව්ත් ඉන්නව විකුනන්න එකෙක් 65000ක් විතර වෙනව

    ReplyDelete
  12. අම්මෝ බල්ලො හදන්න ඕන මිනිස්සුන්ට ආදරය කරන්න , ඔහොම යක්කු වාගේ බල්ලෝ නං නිකං දුන්නත් එපා ,

    සමහරක් වෙලාවට මිනිස්සුන්ට වඩා බල්ලො හොදා

    මෙන්න බලනවානං මං දන්න බල්ලෝ

    ReplyDelete
  13. මම කැමතියි ඒ වගේ බල්ලන්ට

    ReplyDelete