Monday, February 7, 2011

Bloodhound !!!!@@@@*****

මේක දාන්න හිතුනේ Pit Bull ගැන ලියුව වෙලාවේ සුනඛ ශාපය ගැනත් ටිකක් කතාවුන නිසා. මේ The Hound of the Baskervilles කතාව මුලින්ම මට කියවන්න ලැබුනේ මම 10 වසරේ ඉන්න කොට. හැබැයි ඒකේ නම වුනේ “රුදුරු බළුව”. ඒක නම් පොඩි පොතක්. මම හිතන්නේ මුල් කතාව කෙටි කරල පරිවර්තනය කරල. දැන්නම් සුනඛ ශාපය සහ වෙනත් නම් වලිනුත් මෙම කතාව පරිවර්තනය කරල තියෙනවා. ඒ කතා‍වේ ප්‍රධාන චරිතය ෂර්ලොක් හෝල්ම්ස් වුනාට වැඩි ආකර්ශනය නම් තිබුනේ මම හිතන්නේ කතාවේ දූෂ්ඨ චරිතයක් වෙච්ච බල්ලට තමයි. පොතේ අන්තිමට තිබුන විදියට ඒ විශාල බල්ලා මුළුමනින්ම Bloodhound කියන වර්ගය හෝ තවත් විශාල බල්ලෝ වර්ගයක් වන Mastiff කියන වර්ගයවත් නොවේ. ඒ දෙවර්ගයේම දෙමුහුන් බල්ලෙක් බවයි. 


ඔන්න ඉතින් මම මේක ගෙතුව දෙයක් කියල සැකයක් ඇති වෙයි කියල වොට්සන් දොස්තර මහත්තයා කියන විදියටම බලමු, In mere size and strength it was a terrible creature which was lying stretched before us. It was not a pure bloodhound and it was not a pure mastiff; but it appeared to be a combination of the two—gaunt, savage, and as large as a small lioness.

මෙන්න මේ හාදයා තමයි Bloodhound. හැබැයි මේ පේන සුරතල් ගතිය අපි කියවපු පොතේ හිටිය දඩෝරියට නම් තිබුන බවක් සදහන් වුනේ නැහැ.

Bloodhound ගැන පොඩ්ඩක් විස්තර කරනව නම්, මෙයා ශක්තිසම්පන්න, විශාල දඩයම් බල්ලෙක්. ශරීරයට සාපේක්‍ෂව දිග පටු හිසක් තමයි තියෙන්නේ. මෙයාගේ හමත් ටිකක් රැලි වැටුන කෙටි ලෝම සහිත එකක් කියල තමයි කියන්නේ. 
ඒවගේම Bloodhound කියන්නේ ස්වාමියාට ඉතා කීකරු, කරුණාවන්ත, ඉවසීම තියෙන,සෞම්‍ය ගතිපැවතුම් තියෙන හොද ආදරණීය සුරතලෙක්. කුඩා දරුවන්ටත් ඉතා ආදරෙයිළු. ඒ එක්කම කුඩා දරුවන් සමග ගැවසෙන්නත් ප්‍රියතාවයක් දක්වනවාළු.කොටින්ම තමන්ගේ පිටේ දරුවන් නැගල හිටියත් අමනාපයක් නැති බව තමයි කියන්නේ.

මේ ශක්තිසම්පන්න සුරතලා ගැටවර කාලේදී නම් ටිකක් නාහෙට අහන්නේ නැති මුරණ්ඩු ගතියකුත් පෙන්වනවාළු. හැබැයි බොහොම ක්‍රමාණුකූල, හැබැයි සැරවැර නොකර පුහුණුකලොත් යහමඟට ගන්න එක අමාරුවක් නැතිබවත් කියනවා. දැන් මෙයා අළුත් ස්වාමියෙක් ගාවට යනව නම් එම ස්වාමියා ඉවසිලිවන්ත ලෙස සංයමයෙන් යුතුව මෙයාව තමන් වෙත නතු කර ගන්න ඕන බවත් කියන අතරම හැබැයි ස්වාමියා නිවටයි කියල මෙයාට හැගුනොත් නම් මෙයා නම්ම ගන්න අමාරුබවත් මෙයාගේ පැටිකිරිය ගැන කියද්දි බළු විශේෂඥයන් කියනවා.

ඒ එක්කම මෙයව දිනපතා ටිකක් ඇවිද්දන ඕන. මොකද මෙයට හොද ශාරීරික හා මානසික ව්‍යායාම නොදුන්නොත් පාලනය කර ගැනීම අපහසුවෙනවළු. 


මෙයා ස්වාමියාට ලැදියි වගේම සමහර අය පිට අයත් එක්කත් මිතුරු සමාගම් තියාගන්න අකමැත්තක් නැහැළු. හැබැයි සමහරු නම් ගෙදර අයට මිසක් පිට අය එක්ක ගණුදෙනුවලට යන්න ඒ හැටි මනාපයක් නැති බවත් කියන අතරම ඔවුන් ස්වාමියා ගෙදර නැති අවස්ථාවල ගෙදර බලා කියා ගැනීමෙන් හොද සේවයකුත් ඉෂ්ටසිද්ද කරල දෙන බවත් නොරහසක්. හැබැයි මේ ගොල්ල හැමෝම වගේ පාරේ තොටේ ඇවිදගෙන යද්දිනම් කා එක්කත් බොහොම සමාදානයෙන් සුහදශීලී ලෙස හැසිරෙනබවත් නොකියාම බැහැ. ඒවගේම ගෙදර ඇති කරන වෙනත් වර්ගයක බළු යාළුවන් සමග හා වෙනත් සතුන් වන පූසන් වගේ යාළු සත්තුත් එක්කත් කාකොටාගන්නේ නැතුව ඉන්න හිටින හැටිත් හොදින් දන්න බවත් නොසගවාම කියන්න ඕන.

ඒවගේම විශේෂයෙන් කියන්න ඕන මේ අයට පිහිටල තියෙන ඉව නම් ඉතා ඉහලයිළු. ඒක නිසාම ලෝකයේ බොහෝ රටවල ආරක්‍ෂක අංශ අපරාධකාරයන් සෙවීමට සහ ආපදා තත්වවලදී ගලවාගැනීමේ මෙහෙයුම් සදහා මෙයාගේ සේවය තවදුරටත් ලබා ගන්නවා.  මෙයාට කොච්චර තත්වයක් තියෙනවද කියතොත් මෙයා හොයල දෙන සාක්‍ෂි පිළිගන්න නීතී ක්‍ෂෙත්‍රයත් නොපැකිලෙන බවත් කියන්න ඕන. 


ඒවගේම සෑහෙන දුරකින් මෙයාව ගිහිල්ල දාලා පැය 100 කට වඩා ගතවුනත්,  ඉව ඔස්සේ මුලින් සිටිය තැනට යන එක මෙයාට එච්චර දෙයක් ‍නොවෙයිළු. හැබැයි මොනව වුනත් මෙයාව වැටකින් ආවරණය නොකරපු තැනක වැඩි වෙලාවක් තිබ්බොත් නම් ඉතින් ඇල්ලිලි බොරු තමයි කියලත් කියනවා. මොකද හිතෙන හිතෙන තැන ඇවිදිනවළු.

මේ බළු යාළුවගේ උස බර නොකිවුවොත් අඩුවක්නේ. මෙන්න ඒ විස්තර. පිරිමි සතාගේ උස අඟල් 25 ක් 27 ක් විතරත්, මෙයාගේ ස්ත්‍රී පාර්ශවයේ කෙනෙකුගේ උස අඟල් 23 ක් 25 ක් විතරත්, බර  පිරිමි සතාගේ  කිලෝ ග්‍රෑම් 41 ක් 50 ක් වෙනකොට මෙයාගේ සහකාරියගේ බර කිලෝ ග්‍රෑම් 36 ක් 45 විතර දල වශයෙන් වෙන එකත් කියන්න ඕන‍. හමේ පාටත් කළු, ටෑන් සහ තව පාට කිහිපයක් තියෙන අතරම කලාතුරකින් සුදු පාට මුහු වෙච්ච අයත් සිටිනවා.

මෙයාට ලෙඩ රෝගත් නැත්තෙම නැහැ. ඔය බ‍ඩ පිපෙන එක, බඩ තදවෙන එක කොරවෙලා වගේ, කන් වල ආබාද, ඇහි පිහාටුවල සහ උකුලේ ආබාද, අස්ථිවල වගේ තව ටිකක් ලෙඩ තියෙනබවත් කණගාටුවෙන් වුනත් කියන්න ඕන.

Bloodhound ව ඉතින් හදන්න හොදයි කියන්නේ නම් වත්තක වගේ එළිමහනක තමයි. හැබැයි හොද ව්‍යයාම දෙන්න හැකිනම් නිවාස ආශ්‍රිතවත් ඇති දැඩි කරන්න පුළුවන් බව කියනවා. කොහොමත් මෙයාගේ මාංශපේශි, අස්ථි සහ අස්ථි සම්බන්ධක ශක්තිමත්ව වර්ධවය වෙන්න දෛනිකනව ගොඩක් ඇවිද්දල ව්‍යයාම දෙන්න කියන එක නම් අවධාරණය කරනවා. 


ආයු කාලය නම් ඉතින් වසර 10 ක් හෝ 12 ක් තමයි. සුනඛ මව වරකට පැටවුන් 8 ක් හෝ 10 ක් අතරේ සාමාන්‍යයෙන් ප්‍රසූත කරන අතරම සමහර අවස්තාවල පැටවුන් 15 කගේ පමණ ආඩම්බර සුනඛ මවුවරුත් සිටිනවාළු.

මම ඉතින් මේ විස්තර ගත්තේ නම් මගේ හොදම මිතුරෙකු වන අන්තර්ජාලයෙන් තමයි. 
මම ඔන්න මුල් ලිපියේ පදිංචියත් මේ එක්කම දානව. http://www.dogbreedinfo.com/bloodhound.htm
ඒවගේම ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහත්තයාගේ The Hound of the Baskervilles කතාව ගැනත් කියපු නිසා ඒ කතාව කියවන්න පුළුවන් තැනත් මේ එක්කම දානව. http://etext.virginia.edu/toc/modeng/public/DoyHoun.html 

මෙයා අපේ රටේ එතරම් ඇති නොකරත් ලෝකයේ සෑහෙන ප්‍රසිද්ධියක් තියෙන කෙනෙක්. මෙයාගේ ඡායාරූපවගේම හොද ලස්සන ඇදපු පින්තූර කිහිපයකුත් ලැබුනා. ඒවත් එක්කම මේ ලිපිය අවසන් කරන්නම්.


පුළුවන් වුනොත් Mastiff බළු තඩියා ගැනත් ඉදිරියේදී ලියන්නම්.

8 comments:

  1. ඔය Alice in wonderland එකේ ඉන්න බළු තඩියත් මේ ජාතියෙ එක්කෙනෙක්නේ... ඉව අතිං සුපිරි වෙන්න ඕන...

    ReplyDelete
  2. @ hare - ඔව්. ඉව ගැන නම් හොද රෙකමදාරුවක් හැම තැනකදීම ඇහැ ගැහුනා.

    ReplyDelete
  3. කතා කරලා වැඩක් නෑ බං... ආසම සතා තමයි බල්ලා.... පුලුවන් නම් තව උන් ගැන විස්තරයක් දාන්න ඇහැකිනම් අගෙයි

    ReplyDelete
  4. @MaRLaN-සත්‍ය වශයෙන්ම ඔබේ ඉල්ලීම ඉදිරියේදී ඉටුකරන්නම්.

    ReplyDelete
  5. මේ බලු විශේෂය සුරතල් වගේ හිටියට දැනට ලෝකේ ඉන්න දරුණුම බලු වර්ගයක්. දඩයම් වලටම දක්ෂ කට්ටියක්. මිනීමරු ගනයටත් වැටෙනවා

    ReplyDelete
  6. @මලිත් - මමත් එහෙම හිතනවා.

    ReplyDelete
  7. lipiyanam ..maxxa..bro..tnx..mewage api nodanna dewal gena liyanawata..hakinam GERMAN SHEPART genath liyanna ko..mokada mageth asama satha balla

    ReplyDelete
  8. Can u say something Rodeshian Richbag..i like Richbag

    ReplyDelete