Thursday, September 5, 2013

අවශ්‍ය බ්ලොග් ලිපියකදී පමණක් Read more පහසුකම යොදා ගන්නේ මෙලෙසයි...

මෙන්න කාලෙකට පස්සේ බ්ලොග් ඉඟියක්. සමහර වෙලාවට අපට බ්ලොග් ලිපියක මුළු ලිපියම පෙන්න පළ කරන්නේ නැතුව මුල් ඡේදය පමණක් පේන්න තබා ඉතිරිය Read more වගේ link එකක් click කරාම පේන්න තිබුනා නම් හොදයි කියලා හිතෙන අවස්ථා තිබෙනවා. ගොඩක් දිගු ලිපි වලදී මටත් එහෙම තිබුනා නම් හොදයි කියා සිතුන අවස්ථා තිබුනා. හැබැයි blogger සේවාවේම මෙයට පහසුකම තිබුනත් එය සෑම ලිපියකටම බලපාන නිසා අවශ්‍ය අවස්ථාවල පමණක් එය සිදුකරගන්නා ආකාරය තමයි මෙම ලිපියෙන් කියන්නට යන්නේ.

මුලින්ම සුපුරුදු ආකාරයට ලිපිය ලියා අවසන් කරන්න (කැමති නම් ලිපිය ලියා ගෙන යන අවස්ථාවේම මෙම සැකසුම් කරගන්නටත් පුළුවන්.) දැන් ඔබ Compose mode එකේ සිට HTML mode එකට මාරු වෙන්න.
Read more


දැන් ලිපියේ මෙම පහසුකම ආරම්භ විය යුතු ස්ථානයට (උදා: ලෙස මම Read more  වැකි දර්ශනය විය යුතු ස්ථානය තීරණය කළා සේ) මෙම කේතය මුලින්ම අලවා ගන්න.
<a href="#" class="read">Read more</a>

දැන් පසුව දර්ශනය විය යුතු ඡේදයන්ගේ ආරම්භකම ස්ථානයට මෙම කේතයත් අලවා ගන්න. <div class="more">

දැන් මෙම කේතයන් අඩුවක් නොකර අලවා ගන්න.

<script src = "http://ajax.googleapis.com/ajax/libs/jquery/1.10.2/jquery.min.js"></script> <script type="text/javascript"> $(document).ready(function(e) { $('div.more').hide(); $('a.read').click(function(){ $('div.more').toggle('slow'); var $link = $(this); if($link.text()=='Read more'){ $link.text('Read less'); }else{ $link.text('Read more'); } return false; }); }); </script>

ලිපියේ අවසානයට මෙම කේතයත් අලවා ගන්න අමතක කරන්න එපා. </div>

මෙයට කළ හැකි තව තව වෙනස් කම් ඉදිරියේදී කියන්නම්...

10 comments:

  1. දිනේෂ් මේක වර්ඩ්ප්‍රෙස් වල කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. තවම වර්ඩ්ප්‍රෙස් වලට නම් යොදා බැළුවේ නැහැ. හැකියාවක් ඇතොත් අනිවාර්යයයෙන්ම කියන්නම්...

      Delete

  2. ප්‍රයෝජනවත් ඉඟියක් දිනේෂ්.. ස්තුතියි,

    ReplyDelete

  3. ප්‍රයෝජනවත් ඉඟියක් දිනේෂ්.. ස්තුතියි,

    ReplyDelete
  4. ඉතාම වටිනවා. බොහොම ස්තුතියි දිනේෂ්.

    ReplyDelete
  5. මාත් ඊලඟ ලිපියෙදි ට්‍රයි කරන්න ඕන

    ReplyDelete
  6. ස්තුතියි ඔබට ඉතා ප්‍රයෝජනවත් ලිපියකි.

    ReplyDelete
  7. ගොඩාක් ස්තුතියි. කාලයක සිටන් මට අවශ්‍යව තිබු දෙයක්. ගුගල් වල සෙව්වත් නිසි පිළිතුරක් ලැබුනේ නැහැ.

    ඔබේ ලිපිය නිසා මගේ වැඩේ කර ගත හැකි වුනා. ස්තුතියි ඔබට.

    ReplyDelete