Thursday, September 26, 2013

කලකට පෙර පළ කළ ගුලාග් ලිපියේ කරුණක් නිවැරදි කිරීම සදහායි

මීට වසර 2 1/2 කට පමණ පෙර පළ කළ ගුලාග් කඳවුරු සම්බන්ධයෙන් වූ ලිපිය ඇතැම්විට ඔබ කියවා ඇති. එම ලිපියේ ආරම්භයේ සදහන් කළ එක් කරුණක් නිවැරදි විය යුතු බව එම ලිපිය ලිවීමෙන් පසුව අධ්‍යයනය කළ ඇතැම් මූලාශ්‍රවල කරුණු වලින් අවබෝධ වූ නිසා එය සටහන් කිරීමට මෙම ලිපිය ලියුවෙමි.

එම ලිපි පෙලේ පළමු ලිපියේ ආරම්භයේ මෙම කරුණ සටහන් වුනි.

“මේක අපේ රටේ පොත පතේ, පුවත්පත් වල ලියවෙද්දි කියවුනේ සමූහ ගොවිපලවල් කියලයි. ඇත්තෙන්ම මේවා ගොවිපලක් ලෙස නම් කරාට මේවායේ ‍කෙරුනේ වගා කිරීම් හෝ සත්ව පාලනය වගේ දේවල්ම විතරක් නෙවේ. “


මේ එම ගුලාග් ලිපි වලට මඟයි -
http://sathsamudura.blogspot.com/2011/02/glavnoye-upravlyeniye-ispravityelno.html
http://sathsamudura.blogspot.com/2011/02/glavnoye-upravlyeniye-ispravityelno_15.html
http://sathsamudura.blogspot.com/2011/02/glavnoye-upravlyeniye-ispravityelno_9640.html

එදා එලෙස සටහන් කළත් එහි කිසියම් නිවැරදි කිරීමක් කළ යුතු නිසා එය මෙසේ පැහැදිලි කරමි.

ස්ටාලින්ගේ පාළනය යටතේ සෝවියට් දේශය ශීඝ්‍රයෙන් සහ මහා පරිමාණයෙන් කාර්මිකකරණයට ලක් කිරීම ඉලක්ක කර පස් අවුරුදු සැලැස්ම නම් ව්‍යාපෘතියක් ආරම්භ කළහ. එනම් වසර පහ බැගින් වූ කාල සීමාවන් යටතේ විවිදාකාරයේ කාර්මික ව්‍යාපාරයන් දියත් කළ අතර පළමු පස් අවුරුදු සැලැස්ම 1928 - 1932 ක්‍රියාත්මක කළ අතර එය වසර පහ කෙසේවෙතත් වසර හතරකින් නිමාකරන ලදි. දෙවැන්න 1933 - 1937 කාල පරිච්ඡේදය තුල ක්‍රියාත්මක කරනු ලැබූ අතර මෙම අවස්ථා දෙකම නිමාවට පත්ව ඇත්තේ බිහිසුණු සහ ඛේදජනක අත්දැකීම් සහිතව බව පවසයි. මේහා සම්බන්ධ තොරතුරු ගුලාග් ලිපි වලදීද පවසන ලදි. කෙසේවෙතත් තෙවන අධියර 1938 දී ක්‍රියාත්මක කළත් එයත් 1941 දී අත්හැර දැමීමට සිදුවූයේ දෙවන ලෝක යුද්ධයට සෝවියට් දේශයත් ඈදෙන්නට වූ හේතුවෙනි. මේ සියළු අවස්ථා වලදීද බොහෝ විට ලක්‍ෂ ගණනකයේ ජීවිත අහිමි වූ අතර ප්‍රතිඵලද බලාපොරොත්තුවූ තරම්ම නොවූ බව පැවසේ. එහෙත් එම කරුණු දශක ගණනාවක් තිස්සේ බාහිර ලෝකයේ වසංව පවත්වා ගැනීමටද සෝවියට් බලධාරීන් එකල වගබලා ගත්හ.

ශීඝ්‍ර කාර්මිකරණයට මුල් තැන දුන්නත් දේශයේ කෘෂිකර්මය එසේත් නැතහොත් ආහාර ගැන අවධානය යොමු නොකළ නිසා ආහාර හිඟයක් ඇතිවීමේ අවධානම පැන නැගුන අතර මෙයට විසදුම ලෙස ස්ටාලින්ගේ මතය වූයේ Collectivization නැතහොත් සමූහකරණයයි. මෙහිදී වෙන්වෙන් වශයෙන් පවතිනා කෘෂිකාර්මික ගොවිපල සහ ගොවීන්/කම්කරුවන් එකට ඒකාරාශී කර රජයෙන් පාළනය වන පාලනාධිකාරියක් හරහා පරිපාලණය කිරීම සමූහ ගොවිපලවල් ලෙස හැදින්විය හැකිය. ඒ අනුව එය පෙර ලිපියේදී පැවසූ කරුණට වඩා වෙනස් අරුතක් ඇති සහ වෙනස් හේතුවක් උදෙසා ස්ථාපිත කරණා ලස ඒකකයන් ලෙස අර්ථ නිරූපණය විය යුතු බව පවසා සිටිය යුතුවේ.

මෙම සමූහ ගොවිපල්කරණය මෙය රුසියන් බසින් kolkhoz ලෙස හෝ sovkhoz (State farm) ලෙසද හදුන්වාදී තිබේ.

ආරම්භයේ පටන් සෝවියට් රජය මේ ව්‍යාපාරය ගම්බද ගොවීන්ට හිතකර සහ ඔවුන් ධනපති ඉඩම් හිමියන්ගේ වහල් බවින් මුදනා වැඩපිළිවලක් බව කොමියුනිස්ට් ප්‍රොපගැන්ඩාවෙන් ඒත්තු ගැන්වූවද එය එසේ නොවූ බව ඉතිහාසය සාක්‍ෂි දරයි.

සෛදාන්තිකව ගත් කල ඉඩම්  නොමැති ගම්බද ගොවීන් මෙහි වඩාත්ම වාසි ලබන්නන් බවට සැලකූ හෝ ලෝකයට පෙන්වූ කරුණ වූහ.ඔවුන්ටද අන්‍යයන් හා සමාන ඉඩම් ප්‍රමාණයක් ලැබෙන බව ඒත්තු ගැනුවූහ. එහෙත් ප්‍රායෝගික කරුණ වූයේ අතිවිශාල රාජ්‍යයක් වූ සෝවියට් දේශයේ ඉඩම් නොමැති ගොවීන් සිටියේ සුළු ප්‍රමාණයකි. එය රුසියානු විප්ලවයේ සමාජවාදී වරප්‍රසාදයන්ගෙන් ඔවුන් ලද භාග්‍යයකි. දැන් එම අවස්ථාව අහිමිව යන බවකි. එසේම ගොවීන් නිපදවන කෘෂි නිෂ්පාදන වල මිල තීරණය කරනු ලබන්නේද රජයකි. මෙම තත්ත්වයට ගොවීන්ගේ කැමැත්තක් නොවූ අතර එය ඔවුන්ට ලෝක අවසානය ලෙස හැගුනි. එසේම කොයිකවදත් ඇති එකා ගැන නැති එකාගේ ඇති වෛරය හා ඉර්ෂ්‍යාව තම වාසියට හරවා ගත් සෝවියට් පාලනයද කුලාක්වරු නැතහොත් ධනවත් ඉඩම් හිමියන් හෝ ධනවත් ගොවීන් දඩයම් කිරීමද සිදුකරගෙන ගිය අතර මොවුන් පංති සතුරන් ලෙසද නිර්ණය කෙරුනි. මේ තත්ත්වය සෝවියට් විප්ලවයේ ආරම්භයේ පටන්ම පැවතුන දෙයක් බව පැවසේ.

ගොවීන් ස්වේච්ඡාවෙන් සමූහ ගොවිපල්කරණයට එක් නොවූ අතර එය ඔවුන්ට නොකර සිටීමට නොහැකිවීම මත හෝ බලකිරීම මත කරන්නට සිදුව තිබුනි. කෙසේවෙතත් සත්‍යවශයෙන් ඔවුන්ගේ සහයක් එය ක්‍රියාත්මක කිරීමට නොවීය. ඔවුන්ට අවාසි සහගත වූ මෙම ව්‍යාපාරයට ඔවුන් මුලින් එරෙහි වූයේ අවිහිංසක ව්‍යාපාරයන් ඔස්සේය. ඔවුන් සමූහ වශයෙන් එක්ව එහි අසාධාරණය හා අවාසිය පිළිබදව රැස්වීම් පවත්වා සාකච්ඡා කිරීම ඒ පිළිබදව මධ්‍යම රජයට ලිඛිතව දැන්වීම යනාදී කාරණා ඔවුන් සිදු කළහ.ඔවුන්ගේ මෙම වෑයම ගඟට කැපූ ඉනි මෙන් විය.

ඉක්බිති ඔවුන් නැඹුරුවූයේ සාහසිකත්වය වෙතටයි. එහිදී ඔවුන් දේපළ ගිනි තැබීම්, මෙම සමූහ ගොවිපල්කරණය ග්‍රාමීයව පාලණය කරන්නන් ඝාතනය කිරීම, අස්වැනු ගිනිතැබීම, ගොවිපල සත්ත්වයන් ඝාතනය කර දැමීම වැනි ක්‍රියාවල නිරතවූහ.

රජය කිසිසේත් මෙයින් තම ව්‍යාපාරය අකුලා ගැනීමට නොසිතූ අතර ඔවුන්ගේ අයෝමය තලාපෙලා දැමීමට අමතරව ප්‍රචාරයකර හැරියේ සමූහකරණය නොමැතිවීමෙන් විප්ලයට පෙර මෙන් ධනවත් ඉඩම් හිමියන් ගේ ග්‍රහණයට නැවතත් ගොවීන් යටවේය යන්නයි. මෙයින් ගොවීන් බොහෝමයක් බියට පත්වූ අතර රජය පැවසූ දෙයින් මිදීමට ඔවුන් ඇතමෙක් සමූහ ගොවිපල්කරණයට එකඟවූහ. කෙසේවෙතත් රජය යටතේද ඔවුන්ගේ ඉඩම් ඔවුන්ට අහිමිවීම වෙනත් ආකාරයකට සිදුවූ අතර ඉතා සුළු මුදලකට ඔවුන්ගේ අස්වනු මිලයට ගනු ලැබීය.

එහෙත් ඇතැම් සෝවියට් දේශයට අයත් ඇතැම් සමූහ ආණ්ඩු හෝ පළාත් මෙයට විරුද්ධත්වය දිගටම පළ කළ අතර විශේෂයෙන් යුක්රේනයේ ඒ තත්ත්වය කැපී පෙනුනි. එයට එකට එක කිරීමක් ලෙස එහි අස්වනු බලහත්කාරයෙන් උදුරා ගැනීම, මිනිසුන් සයිබීරියාවට පිටමංකිරීම, ඔවුන්ගේ පරිභෝජනය සදහා වූ ආහාර පවා පැහැර ගැනීමෙන් ඇතිකරනු ලැබූ සාගතයෙන් 1932-1933 අතර කාලයේ පමණක් මිය ගියේ මිලියන ගණනනි.

මෙම සමූහ ගොවිපල්කරණය 1940 දක්වා විශාල පරිමාණයෙන් ක්‍රියාත්මක වූ අතර දෙවන ලෝක යුද්ධය හා මෙම ව්‍යාපාරයේ අහිතකර ප්‍රතිඵල නිසා ඇතැම් සමූහාණ්ඩුවල අතහැර දැමු හෝ කුඩා පරිමණායෙන් සිදුකෙරුණත් ඇතැම් සමූහාණ්ඩුවල පසුකළෙක පවා ක්‍රියාත්මක වුනි.

මෙම ලිපිය අවසන් කරමින් ස්ටාලින්ගේ පස් අවුරුදු සැලැස්ම වෙනුවෙන් එකළ එහි ප්‍රචාරය කළ පෝස්ටර් හා මෙම ලිපියට පාදක වූ සමූහ ගොවිපල්කරණයට පක්‍ෂපාතීව ඔවුන් විසින් ප්‍රචාරණය කළ පෝස්ටර් කිහිපයක් දක්වන්නම්.

The developpement of transport is one of
the main tasks of the five-year plan. » (1929)

 Under the banner of Lenin for
the 2nd five-year plan. » (1931)

As a result of state-farm and collective-farm construction
the USSR became the country of
the most powerful agriculture in the world. » (1931)

To use the free hands of collective farmers in industrie. » (1931)

The five-year plan for communications. » (1927)

Shock workers of the fields, engage in fighting for
the socialist reconstruction of agriculture ! » (1932)

Shock workers of the factories and collective farms !
 Join the rows of the VKP (Bolsheviks) ! » (1932)


http://en.wikipedia.org/wiki/Collectivization_in_the_Soviet_Union
http://en.wikipedia.org/wiki/Kolkhoz
http://en.wikipedia.org/wiki/Sovkhoz
http://en.wikipedia.org/wiki/Kulak
Documentary Film - Most Evil men in History/Joseph Stallin
http://www.communisme-bolchevisme.net/images_urss_soviet_posters.htm
http://en.wikipedia.org/wiki/History_of_the_Soviet_Union_(1927-1953)#Collectivization

10 comments:

  1. ඉතාම වැදගත් සටහනක් දිනේෂ් .... මේ වෙන මහන්සිය අපතේ යන්නේ නැහැ...

    ReplyDelete
  2. චන්දනගේ සටහන් ලියු ,, චන්දන කෝ.?
    මට බ්ලොග් එකක් නැතිහින්ද කියවන ලියන අයව දැනුවත් කරන්න කමෙන්ට් කරේ සමාවෙන්න ඕන.

    ReplyDelete
  3. සාමාන්‍යෙයන් ජනගහනය වැඩි වෙනකෙට සම්පත් බෙදීයෑමේ නිසියාකාර ක්‍රමවේදයක් තිබෙන්නට ඕනි..ඒ වගේම හිඟ වන සම්පත් ජනනයේ හි වක්‍ර ක්‍රමවේදයන් හඳුන්වා දෙන්න ඕනි..
    එසේ නොමැතිව රජය කෙලින්ම මැදිහත් වෙලා ජනතාවට කන්න දෙන්න ගියොත් ඒක තනිකර අසාර්ථකයි..එතනදි දුප්පත් කම නැතිවෙනවා වෙනුවට ජනයා හැමදාම අනුන්ගෙන් යැපෙන මට්ටමට පත්වෙනවා..
    අපේ රටේ එලවුල මිල සහල් මිල සහ අත්‍යාවශ්‍ය අපේ රටේ නිපදවන පලතුරු මිල පවා නිතර වෙනස් වෙනවා. මොකද රජයට සැලසුමක් නැහැ වගාවන් පාලනය පිළිබඳ...

    මෙතනදි සෝවියට් දේශයේ සමාජවාදය කියන මතය තිබුනාට ඒක හරියට ක්‍රියාත්මක කරන විදියට ගැන ලොකු ගැටුම් තියෙන්න ඇති. නමුත් ලෝක මට්ටමින් ගත්තාම සෝමාලියාවෙ අති විශාල වශයෙන් ඛනිජ සම්පත් තිබුනත් ඒ රටේ මිනිස්සු නිතිපතා කුසගින්නෙ මැරෙනවා. ඒ ඛනිජ වල මුදල් වෙන රටවලට ඇදෙනවා..

    අපි හොදයි සුදුයි ප්‍රජාතාන්ත්‍රිකයි කියන ලෝක ආන්ඩු සහ ඒ ආන්ඩුවල පිහිට ඇතිව දුවන ආයතන විසින් ලෝකයේ ඒ වගේ දුප්පත් රටවල ජනයාව නිරන්තර වක්‍ර සූරාකෑමකට ලක් කරනවා..

    ඒකෙන් ගොඩ එන්න ඒ රටවල පන්ති බේද නැතිවෙන විදියට සිස්ටම් අප්ඩේට් කරලා රටවල් කොටස් වශයෙන් සංවිධානය වෙන්න වෙන්න ඕනි. නමුත් අපේ රටේ වගේ වස්තුව දේපල සහ ධනය දැකලා නැති පරිහරනය කරලා නැති අමු ගොබ්බයින් පාලකයින් කරගත්තාම ඒ අය පටන් ගත්ත දවසෙ ඉදලාම වල ඉහගෙන කනවා.. අලුතින් දෙයක් උත්පාදනය කරන්න හෝ අලුත් ක්‍රමඇතිකරන්න බලන්නෙ නැහැ..

    ReplyDelete
    Replies
    1. හොද විස්තරයක්...ස්තූතියි!

      Delete
  4. දිනේෂ්, මේ ලිපිය වගේම ඔබේ මේ නිවැරදි කිරීමත් හරියට වටිනවා. විශේෂයෙන්, බ්ලොග් ලිපිවල සාවද්‍ය කරුණු ඇතලත් කල සමහර අය, නිශ්ශබ්දව සිටියදී, ඔබ ඔවුන්ට පරමාදර්ශී බ්ලොග් රචකයකු වී සිටිනවා. ඔබේ ඒ මහාත්මා ගුණය මා ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! වැරදි දේ වැරදි බව දැන දැන පවත්වාගෙන යනවාට වඩා සත්‍ය තත්ත්වයට නිවැරදි කිරීම හොදයයි මාද සිතනවා...

      Delete
  5. අද හැම තැනම දකින්නට ඇති දෙයකි තමන් විසින් කරනු ලබන ක්‍රියාවන් හෝ ප්‍රකාශයන් ගැන වගකීමක් නැති කම... මෙය සිංහල බ්ලොග් අවකාශයේදීත් එසේමය...කවුරුත් හරි හෝ වේවා වැරදි හෝ වේවා එවේලෙට හිතෙන දෙයක් කියති...තමන් කියන දේ හරිද වැරදිද යන්න සොයා නොබලති...අද කියූ දෙයට හාත්පසින්ම විරුද්ධ අදහස් ලබන සතියේ කියති... කවුරුන් හෝ හරි වැරැද්දක් පෙන්වා දුන්නොත් ඌට පස් පඩංගුවේ බැන වදිති...ඒ තමන් කියූ දෙය නිවැරදිය යන අවබෝධයේ සිට නොව, තමන් වැරදි දෙයක් කියූ බව පිලිගැනීම මහා අවමානයක්ය යන වැරදි සිතිවිල්ල නිසාය...

    මෙවන් වටපිටාවක තමන් මිට අවුරුදු දෙක හමාරකට පෙර තැබූ බ්ලොග් සටහනක සඳහන් වූ කරුණක් වැරදි යැයි පසුව දැනගත් බ්ලොග් සහෘදයෙක් එය නිවැරදි කරමින් සටහනක් තබා තිබෙනු දැකීම ඉතාම සතුටකි... මෙය වැරදි නිවැරදි කිරීමකට වඩා මට නම් පෙනෙන්නේ තමුන් ගේ බ්ලොග් සටහනට ගෞරවයක් ඇති තමුන් කරන කියන දේ ගැන වගකීමක් ඇති බ්ලොග් කරුවෙකුගේ ක්‍රියාවක් හැටියටය...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! කිසියම් ගුණාත්මකභාවයකින් යුතු සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම ඒකමතිකව වැරදි අදහස් දරා ගැනීමට වඩා විශිෂ්ඨ මෙන්ම අන්‍යයන් තමන් ලියනා දෙය කෙරේ විශ්වාසනීයත්වයක් ඇතිකිරීමට හේතුවෙතැයි මා අපේක්‍ෂා කරමි...

      Delete