-->

Friday, September 13, 2013

ඉතිහාසගත පින්තූර රැසක් සමග කතා කරමු....

නැවතත් ටිකක් විස්තර තිබෙන ලිපියක් තමයි මේ ලියන්නට යන්නේ. එහෙනම් වැඩි ආගිය කතා නැතුව ලිපිය බලමු.

මේ පින්තූරයේ ඉන්නේ කව්ද කියන එක ඔබට කියන්න අවශ්‍ය නැහැ කියලා සිතනවා.
විසිවන සියවසේ බිහිවු සුපිරිම විද්‍යාඥයා ලෙස වුවත් පැවසිය හැකි ඇල්බට් අයින්ස්ටයින් ගැන කාලයකට ඉස්සර සත් සමුදුරේ ලියූ විසිවන සියවසේ සුපිරිම විද්‍යාඥයා ගැන ලිපියෙනුත් ඔබ දකින්නට ඇති.


මේ ඔහුගේ පාසලේ ප්‍රගති වාර්තා පොතයි.

මැක්ඩොනල්ඩ් අවන්හල් දැන් ලංකාවේත් තිබෙනවා. අද ලෝකය පුරා රටවල් 119 ක දිනකට පාරිභෝගිකයන් මේ අවන්හල් 1938 දී ආරම්භ කර තිබෙන්නේ Richard සහ Maurice යන McDonald සොහොයුරන් දෙදෙනා විසින්. දැන් මේ දෙදෙනාම ජීවතුන් අතර නැතත් සමාගම විසින් උපයා ඇති ලාභය ඩොලර් බිලයන ගණනක්. මේ පින්තූරයෙන් දැක්වෙන්නේ එහි ප්‍රථම අවන්හලයි.

හිට්ලර් ගැන පවසනවා නම් ඔහු කුරිරු බවෙන් අගතැන්පත් කෙනෙකුවුත් ඔහු කලාරසකාමියෙක් බවත් පැවසෙනවා. ඒ ඔහුගේ ජීවිතයේ මුල් අවධියේ චිත්‍රශිල්පියෙකු ලෙස ගත කළ නිසා වන්නටත් පුළුවන්. ප්‍රංශයේ අගනුවර වන පැරීසිය කියන්නේ කවදත් කලාත්මක බවෙන් අගතැන්පත් පුරවරයක් ලෙස ලෝපසිදුයි. අග්‍රගණ්‍ය කලාකරුවන් රැසක් සිය දරුවන් මෙන් ආරක්‍ෂා කළ තමන්ගේ කලා නිර්මාණ රැසක් පවා තිබෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි ලියනාඩෝ ඩාවින්චිගේ සුප්‍රකට මොනාලියා එයට හොදම උදාහරණයක්. මෙවක් පුරවරයක සිරි නරඹන්නට තමන් විසින් අත්පත් කරගත් පසු අමතක නොකළ බවට හොදම උදාහරණය තමයි මෙය.
එනම් හිට්ලර් විසින් ප්‍රංශය අල්ලා ගත් පසු පැරිසියේ සිරි නරඹමින් කළ චාරිකාවක මතක සටහනක් තමයි මෙය.

ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම ජනපතිවරයෙකු ලෙස සැලකෙන එබ්‍රහම් ලින්කන්ගේ දැවැන්ත පිළිරුව පාමුල එදෙස බලා සිටින්නේ කව්රුන්දැයි ඔබට පැවසිය හැකිද?
 ඒ තමයි 1959 සිට මීට අවුරුදු කිහිපයක් දක්වාම ඇමරිකාවට හිසරදයක්ව සිටි කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ. ඔබට හිතෙන්න පුළුවන් කස්ත්‍රෝ මොනවද ඇමරිකාවේ කරන්නේ කියා. ඔහු 1959 ජනවාරියේ ඇමරිකාවට හිතවාදී වූ එවකට ජනපති බැටිස්ටා කියුබාවේ මුල් පුටුවෙන් ඇද දැමුවට පස්සේ ඇමරිකාව කොහොමත් හොද හිතකින් සිටියේ නැහැ. මේ කලබැගෑනියෙන් සුළු මාස ගණනකට පස්සේ එනම් 1959 අප්‍රේල් මාසයේ ෆිදෙල් කස්ත්‍රෝ ඇමරිකාවේ සංචාරය කළා ඒ ඇමරිකානු පුවත්පත් කතුරුන්ගේ සංගමයේ ආරාධනයකට අනුවයි. කෙසේවෙතත් කියුබානු නායකයාව කිසිසේත්ම හමුවී කතාබහ කරන්නට එවකට ඇමරිකානු ජනපතිවරයාව සිටි දෙවන ලෝක යුද්ධයේ සුපිරිතම ජනරාල්වරයෙකු වූ ඩිවයිට් ඩී අයිසන්හවර්  කැමැත්තක් නොවූ අතර ඔහු මෙම කාල සමය පුරා ගොල්ෆ් ක්‍රීඩා කරමින් කාලය ගත කළ බව තමයි පැවසෙන්නේ. කොහොමවුනත් රාජ්‍යනායකයකු වන තමන්හට ඇමරිකාවේදී රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් නොලැබුනාට ෆිදෙල් කස්ත්‍රෝ තුළ කනස්සළු තත්ත්වයක්ද තිබූ අතර අදාල සංගමය විසින් කියුබානු නායකයා වෙනුවෙන් පැවැත්වූ රැස්වීම තුලදීද “තමන් ඇමරිකාවට පැමිණියේ හිගාකෑමට නොවන බවටද“ කළ ප්‍රකාශය එම අවස්ථාවේ මතභේදාත්මක තත්ත්වයක්ද ඇති කිරීමට හේතු වූ බව පැවසෙනවා පමණක් නොව අදාල රැස්වීම අතරමග ඔහු එයින් පිටව ගිය බවද පැවසෙනවා. කොහොමවුනත් අවසානයේ සිදුවූයේ ජාතිකවාදියෙකු ලෙස ලෝක දේශපාලන භූමිකාවට පැමිණි ෆිදෙල් කස්ත්‍රෝ අවසානයේ නැවතුනේ සමාජවාදී කදවුරේ. කොහොමවුනත් මෙය එම තත්ත්වයට පත්වීමට ප්‍රභලම හේතුව නොවුනත් එක් හේතුවක් ලෙස සැලකිය හැකිය.

මෙම පින්තූරය ගැන පවසද්දී ලින්කන් ජනපතිතුමා ගැනත් කිව්ව නිසා මීට පෙරත් සත් සමුදුරේ එතුමා ගැන විස්තර යමක් සටහන් වුන අජීවී මුහුණ හා සජීවි මුහුණ ගැන ලිපියට යන පිවිසුමත් තබන්නම්.


ෆිදෙල් කස්ත්‍රෝ ගැන කතා කළ නිසා ඔහුගේ විප්ලවයේදී දකුණු අතවන් මොහු ගැනත් කතා නොකළොත් අඩුවක් නිසා මොනවත්ම නොකියා ලෝක විප්ලවවාදීන්ගේ සංකේතය ඔහු සැහැල්ලුවෙන්ම සිටින අවස්ථාවකින් දක්වන්නම්.
ඔහු ගැන තොරතුරු කිහිපයක් මීට පෙර පළ කළ කතා කරන රූප හෙවත් වචන ගොඩක් එක් පින්තූරයකින් ලිපියේදිත් ලියා තැබුවා.


මේ දක්වා ලෝකයේ එක් රටක් පමණක් අත්විදි මහා විනාශයකට අදාල වන සේයාරුවක්  කියා තමයි මෙයට පැවසෙන්නේ.  මේ හිරෝශිමාවට පරමණු බෝම්බය හෙළා විනාඩි විස්සකට පමණ පසුව ගන්නා ලද සේයාරුවක්.
පරමාණු බෝම්බ පිළිබදවත් මීට පෙර ලියූ ලොව විශාලම පරමණු පිපිරීම ගැන ලිපියේදී වගේම අභිරහස් පිපිරීමක් වන තුන්ගස්කා පිපිරීම ගැන ලිපියේදිත් යම් ප්‍රමාණයකට කතා කළා.



මේ උතුරු ඇමරිකානු ආදිවාසියා බලා සිටින්නේ තමන්ගේ නිජබිම මතින් සුදු මිනිසුන් ඉදිකළ දුම්රිය මඟ දෙසයි.
පින්තූරය ගෙන ඇත්තේ වසර 1868 දී.

ඉදිරියේදී උතුරු ඇමරිකානු ආදිවාසීන්ට සම්බන්ධ ලිපියකුත් ලියන්නට සිතා සිටින බව පවසන අතරේ මීට පෙර මෙම ජනවර්ගය හා ඔවුන්ගේ භූමියට කඩා වැදුන සුදු ජාතිකයන් පිළිබදව සිතුවමින් දුටු ලිපි දෙකක් ගැනත් මෙතැන සටහන් කරන්නම්.



මේ වගේ තවත් පින්තූර රැසක විස්තර තිබෙනවා ඉදිරියේදී එවත් බලමු...

මේ එම දෙවන ලිපියයි
http://sathsamudura.blogspot.com/2013/09/blog-post_20.html

37 comments:

  1. මට ගොඩක් වැදගත් උනා මේ ලිපිය ස්තුති

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉදිරි ලිපි කිහිපයකත් මෙම තේමාවම තිබෙන නිසා ඔබට ඒවාත් වැදගත් වෙතැයි මා සිතනවා..

      Delete
  2. බොහොම පට්ට. මම දැක්කෙ අදයි මේ පින්තුර. කතාවෙන් කියනවට වඩා දෙයක් පින්තුරවලින් කියනව කියලයි මට හිතෙන්නේ. සෑහෙනා වෙලාවක් පින්තුර දිහා බලන් උන්නා පික්සලෙන් පික්සලයට. ස්තුතියි සහෝ.

    ReplyDelete
    Replies
    1. ඔබට කියන්න මාත් ප්‍රථම වතාවට තමයි මෙම පින්තූර ලැබුන වෙලාවේ ඒවා දැක්කේ....ස්තූතියි!

      Delete
  3. වටින ලිපිය ගොඩක් ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. (අග්‍රගණ්‍ය කලාකරුවන් රැසක් සිය දරුවන් මෙන් ආරක්‍ෂා කළ තමන්ගේ කලා නිර්මාණ රැසක් පවා තිබෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි ලියනාඩෝ ඩාවින්චිගේ සුප්‍රකට මොනාලියා එයට හොදම උදාහරණයක්.) _____ පොඩි පරස්පර ගතියක් දුටිමි .

      මේ කොමෙන්‍ටුව දාන්නේ සත් සමුදුර වගේ වැදගත් ගවේශණාත්මක සුපිරි බ්ලොග් එකක අඩු පාඩුවක් වැ‍රැද්දක් උලුප්පා දක්වන්න නම් නොවේ .

      ප්‍රංශයේ පළමු වන ප්‍රැන්සිස් රජුට 1516 දි එහි සංචාරයකට පැමිණී ලියනාඩෝ ඩාවින්චි මෙම චිත්‍රය රන්කාසි 4000 කට විකුණා තිබුනි .

      රාත්තල් 18 ක් බර වු මොනාලිසා චිත්‍රය නැතිවි 1913 දෙසැම්බර් මස 18 වැනිදා එනම් චිත්‍රය නැතිවී මාස 28 පසු එය ඉතාලියෙන් සොයා ගත්තේ අවුරුදු 25 ක් වු අඩි 5 අගල් 3 උසවු වින්සෙන්සෝ පෙරුගියා නැමැත්තෙකු එය ඉතාලියේ ප්ලෝරන්ස් නගරයේ Uffizi චිත්‍ර ගැලරියට විකිණීමට සුදානම් කොට තිබුණු අතරයි ඉතාලි ජාතිකයන් පෙරුගියා වීරයකු ලෙස දුටු අතර ඔහු නිදහස් කරන ලෙස අධිකරණයට බල කරමින් උද්ඝෝෂණ පැවැත් වු අතර උසාවිය ඔහුට මාස 7 සිර දඩුවමක් නියම කලේය .

      “එය තම රටට අයිති දෙයක් බවත්,එය තම රටේ ඉතාලියේ පැවැතිය යුතුය”
      යන්න අදටත් ඉතාලි ජාතිකයින් බහුතරය දරන මතයයි .

      මාගේ අදහසනම් මෙය අයිතිකරු විසින් මුදලට විකිණූ නිසා කර කියා ගැනීමට දෙයක් නැතිව ඉතාලිය කල් මරණවා යන්නයි .
      පෝස්ට් එක සුපිරි නියමයි නොදත් කරුණු ගොඩයි ස්තුතියි .

      Delete
    2. අඩුපාඩු පෙන්වූවාට කිසිදු අයුරකින් උරණ නොවෙමි. කරුණාකර ඔබ මේ කරුණු ලබා ගත් මූලාශ්‍රයන් පිළිබදව දැනුවත් කළ හැකි නම් වැඩි පැහැදිලි කිරීමක් කළ හැකිය.

      ස්තූතියි!

      Delete
    3. http://en.wikipedia.org/wiki/Vincenzo_Peruggia

      http://wiki.answers.com/Q/How_did_the_Mona_Lisa_get_to_France


      Delete
    4. // ඒ නිසා අප එක් මූලාශ්‍රයක් පමණක් කියවූ පමණින් නිගමනය කෙසේවෙතත් යම් අදහසක් දැක්වීම එතරම් ගෝචර දෙයක් නොවෙයි. //

      ඔබේ මේ කියමන හරියටම හරි සමහර සිද්ධි වලට පසුබිම් කතා රාශියක් තියනව ඒවගෙ නිර්වද්‍යතාවය පෙරා ගන්න එක ගැටලු සහගතයි .

      Delete
    5. // ඒ නිසා අප එක් මූලාශ්‍රයක් පමණක් කියවූ පමණින් නිගමනය කෙසේවෙතත් යම් අදහසක් දැක්වීම එතරම් ගෝචර දෙයක් නොවෙයි. //

      ඔබේ මේ කියමන හරියටම හරි සමහර සිද්ධි වලට පසුබිම් කතා රාශියක් තියනව ඒවගෙ නිර්වද්‍යතාවය පෙරා ගන්න එක ගැටලු සහගතයි .

      Delete
  4. හරි ලස්සන පිංතූර ටිකක්.. බොහොම ස්තුතියි බෙදා ගත්තාට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉදිරි ලිපි කිහිපයකදීත් මෙවැනි ආකර්ශනීය පින්තූර රැසක් ඔබට දැක ගැනීමට හැකියාව ලැබේවි...

      Delete
  5. Replies
    1. ස්තූතියි! ඒ වගේම ඔබේ බ්ලොග් අඩවියත් ඉතා වැදගත් අපේ දැනුම වැඩි කර ගැනීමට වගේම මෘදුකාංග හා වෙනත් තාක්‍ෂනික දැනුම ලබා ගැනීමට...

      Delete
  6. හරිම ආසාවෙන් කියෙව්වේ දිනේෂ්. මේ වගේ දේවල් පිටු ගණනාවක් වුනත් කියවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මටත් මෙම ලිපිය ලියුවාට පසුව නව පණක් ආවා වගේ දැනුනා....

      Delete
  7. හැමදාම වගේ නියමයි
    itnishantha

    ReplyDelete
  8. ඔබගේ හැම ලිපියකටම කොමන්ට් දාන්න බැරි වුනත්, හැම ලිපියක්ම මම බලනවා, හැමලිපියක්ම ඉතා වටිනව....

    ReplyDelete
  9. නියමයි තොරතුරු ටික දිනේෂ්.
    මං දැක්කෙ කස්ත්‍රෝ බීම බොන්නෙ ග්‍රෙනේඩ් එකකින් හදපු කෝප්පෙක ව‍ගේ.

    ReplyDelete
    Replies
    1. ඒ කස්ත්‍රො නෙවෙයි. චේගුවේරා.

      Delete
    2. දෙදෙනාටම ස්තූතියි! එසේ නිවැරදි කිරීම විය යුතුයි...

      Delete
  10. පින්තුර ටික වගේම ලිපියත් හොදයි. මම අහල තියනවා චේ ගුවෙර ඔය ක්යුබවේ අරගලය වෙලාවේ කිවලු.මට තුවක්කුවක් නොදුන්නොත් කිසිම විදියකින් පාරේ විරෝධතා කරන්න එන්නේ නැහැ කියල... දන්නේ නැහැ ඇත්තද කියල නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හැබැයි ඒ ගැන නම් දන්නේ නැත...

      Delete
  11. හරි අපුරුයි මේ විස්තර ටිකත් පින්තුර ටිකත්.
    උතුරු ඇමරිකානු ආදිවාසීන් ගැන ඉක්මනින්ම ලියනු ඇතැයි හිතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් ඉක්මනින්ම ලියනවා...

      Delete
  12. / කොහොමවුනත් අවසානයේ සිදුවූයේ ජාතිකවාදියෙකු ලෙස ලෝක දේශපාලන භූමිකාවට පැමිණි ෆිදෙල් කස්ත්‍රෝ අවසානයේ නැවතුනේ සමාජවාදී කදවුරේ. කොහොමවුනත් මෙය එම තත්ත්වයට පත්වීමට ප්‍රභලම හේතුව නොවුනත් එක් හේතුවක් ලෙස සැලකිය හැකිය. /

    මේ කරුණු මම දැනගෙන හිටියෙ නෑ දිනේෂ්...මම හිතාගෙන හිටියෙ මුල ඉඳලම කස්ත්‍රෝ සමාජවාදියෙක්ය කියලයි.ඔහු අමරිකානු හිතවාදියෙක් බවට පත්කර ගැනීමේ අවස්ථාව අමරිකානු අතපසුවීමකින් මඟ ඇරුනා වෙන්න පුලුවන් කියන කාරණය පිළිබඳව තවත් හොයල බලන්න ඕන.ඔබ කීව වගේම මටත් හිතෙන්නෙ අමරිකාවෙහිදි සිදුවූ අවමානය ඔහු සමාජවාදය දෙසට රැගෙන යාමට හේතුවූ බොහෝ කරුණු අතර එකක් වෙන්න ඇති. ස්තූතියි දිනේෂ්..අපූරු ඡායාරූප රැසක්!!!

    ***********************************

    හිට්ලර් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් බව බොහොම දෙනා නොදන්න කාරණයක්.

    දිනේෂ් ..හිට්ලර්ගෙ චිත්‍ර ගැන වෙලාවක ලියන්නකො ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හැකියාවක් ලැබුන විටක ඔබගේ ඉල්ලීමද ඉටුකරන බව පවසන අතරේ කස්ත්‍රෝ පිළිබදව ලියූ කරුණට අදාලව තවත් දේ පහල කමෙන්ටුවේද දක්වා ඇත...

      Delete
  13. // කොහොමවුනත් අවසානයේ සිදුවූයේ ජාතිකවාදියෙකු ලෙස ලෝක දේශපාලන භූමිකාවට පැමිණි ෆිදෙල් කස්ත්‍රෝ අවසානයේ නැවතුනේ සමාජවාදී කදවුරේ. කොහොමවුනත් මෙය එම තත්ත්වයට පත්වීමට ප්‍රභලම හේතුව නොවුනත් එක් හේතුවක් ලෙස සැලකිය හැකිය.//

    දිනේෂ්...ඔබ නිවැරදිවම සඳහන් කරන පරිදි මෙය ප්‍රභලම හේතුව නොවේ. මා කියවා ඇති පරිදි 1945 දී ඔහු නීති විදුහලට ඇතුලත්වූ පසු, අධිරාජ්‍ය විරෝධී සහ සමාජවාදී ක්‍රියාකාරකම් සම්බන්ධව දැණුමෙන් පෝෂණය වෙලා තියෙනවා.ඔබගේ ලිපිය හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. මා හරි හැටි නොදන්නා නිසා ඔබ මේ කරුණු දැනගත් මූලාශ්‍රය, ඔබ කිනම් නිගමනයකට එළඹ තිබේ දැයි දන්නේ නම් නැහැ. ඒත් සමහර මූලාශ්‍ර තිබෙනවා ඒ හැටි ප්‍රචලිත නැති එහෙත් ප්‍රභල සහ සමබරව පිළිගත හැකි කරුණු තිබෙන.උදාහරණයක් ලෙස Secret of war සහ History Declassified දැක්විය හැකියි. මේවා වල තිබෙන ඇතැම් කරුණු අප නිරතුරු දන්නා පොදු ඒවා නොවෙයි. එවන් කරුණු පිළිබදව දැනුවත්ව තමයි මා එම අදහස පැවසුවේ. ඇමරිකාවේ පිළිගැනීම නොතිබීම, Bay of pig invasion, කියුබාව ආක්‍රමණයට අයිසන් හවර් ජනපතිවරයාගේ අවසාන කාලයේ පටන් සැලසුම් තිබීම සහ ප්‍රභලම කාරණයක් වන්නේ චේ ගුවේරා සහ කස්ත්‍රෝගේ සොහොයුරා වන රාවුල් සමාජවාදයට හා සෝවියට් හිතවාදී වීම වැනි කරුණු මෙයට බලපෑවා...

      Delete
  14. දිනේෂ්....මම ඔබගේ ලිපියට දැක්වූ අදහස පහතවේ.

    // කොහොමවුනත් අවසානයේ සිදුවූයේ ජාතිකවාදියෙකු ලෙස ලෝක දේශපාලන භූමිකාවට පැමිණි ෆිදෙල් කස්ත්‍රෝ අවසානයේ නැවතුනේ සමාජවාදී කදවුරේ. කොහොමවුනත් මෙය එම තත්ත්වයට පත්වීමට ප්‍රභලම හේතුව නොවුනත් එක් හේතුවක් ලෙස සැලකිය හැකිය.//

    ***දිනේෂ්...ඔබ නිවැරදිවම සඳහන් කරන පරිදි මෙය ප්‍රභලම හේතුව නොවේ. මා කියවා ඇති පරිදි 1945 දී ඔහු නීති විදුහලට ඇතුලත්වූ පසු, අධිරාජ්‍ය විරෝධී සහ සමාජවාදී ක්‍රියාකාරකම් සම්බන්ධව දැණුමෙන් පෝෂණය වෙලා තියෙනවා.ඔබගේ ලිපිය හරිම වටිනවා.****

    මා බොහෝ කාලයකට පෙර කියවූ පොත් පත් ගැන මතකය එතරම්ම නිරවුල් නැත. ඒ ගැන මට සමාවන්න. මම කිසිවක් නිගමණය කර නැත. මමද ඔබ මෙන්ම නිරීක්ෂකයෙක් පමණි. මේ සම්බන්ධව නැවත කියවීමේදී මේ මුලාශ්‍රය ඔබට වැදගත් වේදැයි මම නොදනිමි. ස්තූතියි.

    www.biography.com/people/fidel-catro-9241487

    ReplyDelete
    Replies
    1. මා එතරම් වැදගත් නොවන කරුණක් සම්බන්ධයෙන් ඔබ හා වාදයකට එළඹෙන්න හදනවා නොවෙයි, එත් මෙහෙමයි මිතුර ලෝකයේ හෝ අපේ රටේ හෝ සිදුවන කාරණා පිළිබදව ගැනීමේදී අප සාමාන්‍යෙයන් දන්නා කරුණු වලට වඩා ගොඩක් පසුබිම් කාරණා තිබෙනවා. ඒ නිසා අප එක් මූලාශ්‍රයක් පමණක් කියවූ පමණින් නිගමනය කෙසේවෙතත් යම් අදහසක් දැක්වීම එතරම් ගෝචර දෙයක් නොවෙයි. මාත් මුලින් සිතා සිටියේ ඔහුගේ ගමනේ ආරම්භයම සමාජවාදයෙන් කියා එහෙත් එයට වඩා වෙනස් කාරණයක් තමයි පසුකාලීනව එකකට එකක් සම්බන්ධයක් නොමැති විවිද කාලවකවානුවල සැකසුන මූලාශ්‍ර වලින් හදුනා ගන්නට ලැබුනේ. කොහොමත් සමකාලීන නායකන් රැසක් සමාජවාදී කදවුරේ සිට ඇමරිකානු විරෝදත්වයක් දැක්වූ නිසා බොහෝ දෙනා සිතා සිටින්නේ කස්ත්‍රෝ පවා එලෙසයි කියා වියයුතුයි. එහෙත් කිම් ඉල් සුං, මාවෝ සේතු හෝ හෝචි මිංට වඩා වෙනස් දැක්මකින් තමයි කස්ත්‍රෝගේ දේශපාලනය ඇරඹෙන්නේ. ඔබට වඩාත් ඒ ගැන දැන ගැනීමවට අවස්ථාව සත් සමුදුරේ මීට පෙර කලක පළවූ පොතක් පිළිබදවූ ලිපියක් වන http://sathsamudura.blogspot.com/2011/09/international-politics.html හි මෙයට අදාලවන හොද පොතක් පිළිබදව තොරතුරු තිබෙනවා...

      Delete
  15. // ඒ නිසා අප එක් මූලාශ්‍රයක් පමණක් කියවූ පමණින් නිගමනය කෙසේවෙතත් යම් අදහසක් දැක්වීම එතරම් ගෝචර දෙයක් නොවෙයි. //

    අනේ බොහොම ස්තූතියි දිනේශ් තොරතුරු වලට. මාත් ඉතින් කියවලා, අදහසක් ඉදිරිපත් කරලා යමක් කමක් ඉගෙනගන්න උත්සාහකරන කුහුඹුවෙක්. ගෝචර නොවෙන වැඩක් උනානම් සමාවෙන්න. මැරෙනකම් ඉගෙනගන්න දේවල් තියෙනවා කියනවනේ. අදත් තව පාඩමක් ඉගෙනගත්තා. ස්තූතියි.

    ReplyDelete
  16. ආසාවෙන් කියෙව්වා. මට මතක විදිහට අයින්ස්ටයින්ට සූරිච් විශ්වවිද්‍යාලට ඇතුළත් වීමේ විභාගය සමත් වෙන්න බැරිවුණා. නමුත් පසුව එහි මහාචාර්යවරයෙක් වුණා. විශ්වවිද්‍යාලය නම් හරියට ම මතක නෑ.

    ඔබේ තොරතුරැ ඉතාම වැදගත් බොහොම ස්තූතියි

    කුරැටු ගෑ ගී පවුරේ අපි

    ReplyDelete