Thursday, November 8, 2012

ලෝකේ ලොකුම මළගෙවල් 10 - (10 Largest Funeral in the World)

මිනිසුන‍්ගේ හිත දිනාගත්ත රාජකීයන්, ක්‍රීඩා තරු, කලාකරුවන්, දේශපාලනඥයන්, විප්ලවවාදීන්, වෙනකක් තබා ඒකාධිපතීන්ගේ අවමංගල්‍ය උත්සව ‍එහෙමත් නැත්නම් සිංහලෙන් අපි බහුලව භාවිතා කරන යෙදුම වන මළගෙවල් වලට සාමාන්‍යයෙන් සහභාගී වන පිරිසට වඩා අතිවිශාල සංඛ්‍යාවක් සහභාගී වූ අවස්ථා ඉතිහාසයේ වගේම වර්ථමානයේත්, එළඹෙන අනාගතයේත් දැකගන්නට, අසන්නට ලැබෙන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ.ලංකාවේ වුනත් මිනිසුන්ගේ හිත දිනා ගත්ත පුද්ගලයෙක් මිය ගියහොත් මිනිසුන් අසීමිත ලෙස දුක්වෙමින් ඔහුට හෝ ඇයට ගරුබුහුමන් දක්වන අයුරු ඔබට මතක ඇති.

මෙම ඇතැම් සුවිශේෂ පුද්ගලයන්ගේ දේහයන් සාමාන්‍යයෙන් කරන ආකාරයෙන් අදාහනය හෝ භූමදානය හෝ තැන්පත් කිරීමක් කළත් ඇතමෙකුගේ දේහයන් අනාගත‍ පරපුරටත් දැකගත හැකි අයුරින් සංරක්‍ෂනය කර තිබෙන බවත් මීට පෙර සත් සමුදුරෙත් පළවූ විසිවන සියවසේ මමි වැනි ලිපි වලින් ඔබත් දකින්න ඇති‍.

විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century - පළමු කොටස
විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century - දෙවන කොටස

  අපි බලමු ලෝකයේ එසේ විශාල ජනසහභාගීත්වයෙන් සිදුවූ අවමඟුල් උත්සව 10 ක් පිළිබදව.

1 ඩයනා කුමරිය - Diana, Princess of Wales
සම්ප්‍රධායට ගිලී තිබූ එංගලන්ත රජ පවුල මිනිසුන් අතරට ගෙන ගියේ ඩයනා කුමරියයි. එහෙත් ඇය සහ රජ පවුල අතර තිබූ සබදතාවය නම් යහපත් එකක් වූයේ නැහැ. කෙසේවෙතත් විවාහය නිලවශයෙන් තිබියදී හා එයින් පසු ඇය හා විවිද පුද්ගලයන් අතර තිබූ සබඳතාවයන් පිළිබදව දැනගන්නට ලැබුන ආරංචිවල නිමක් තිබුනේත් නැහැ. පැපරාසින්ට මෙම දේවල් ඉතා වටිනා දේවල් නිසාම ඇය යන්නේ එන්නේ කොතනද ඔවුන් ඒ හැම තැනකම කොහේ හෝ මුල්ලක සිටියා. මෙම ලුහුබැදීම අවසානයේ ඇයගේ මරණය ලංකර දීමටද ඉවහල් වුනා. 1997  අගෝස්තු 31 වනදා ඇය මෙලොවින් සමුගත්තේ රිය අනතුරකින් වුනත් සහ නිල වශයෙන් එලෙස යය පිළිගත්තත් අදටත් ලෝකය පුරා සැකයක්ව තිබෙන්නේ එංගලන්තයේ ප්‍රභලතම පිරිසක් විසින් එරට MI 5 රහස් අංශය යොදවා ගෙන කරන ලද අකටයුත්තක් ලෙසටයි. එයට හේතුව ඇය අවසන් වරට මිතුරුව සිට ඩොඩී අල් ෆයිඩ් නම් මුස්ලිම් ජාතිකයා හා විවාහවී රජපවුලට සම්බන්ධ කෙනෙකු එලෙස සාම්ප්‍රධායික වෛරක්කාරයන් වන ‍කිතුනු හා මුස්ලිම් එකතුවක් බිහිකිරීම වලකාලීම සදහා බවයි. 

කෙසේවෙතත් ඇය ඩොඩී අල් හෝ වෙනයම් ඕනම අයෙකු හා හාද වූවත් ඇය කෙරේ මිනිසුන් තුල තිබූ ආදරය නම් කිසිදා අඩුවූයේ නැහැ. ලෝකයෙන් කොන්ව සිටි ඒඩ්ස් වැනි රෝගවලින් පෙලුන අසරණයන් ස්පර්ශ කිරීමෙන් පවා ඒඩ්ස් වැලදෙන බවට වූ දුර්මතයන් වලකා ලීමට එම රෝගීන් ස්පර්ශයට පවා පසුබට නොවූ ඇය ලෝකයේ අසරණයන් වෙනුවෙන් තිබූ සමාජ සේවා සංවිධාන වලට එක්ව ක්‍රියා කළ ආකාරය අදටත් පැසසුම් සහගතයි.

ඇයගේ මරණය ඇගේ දරුවන් හා ඇයගේ සමීපතයන් හැරුන‍ කොට රජ පවුලට ‍කොතරම් සංවේදී වූවාදැයි නොදනිතත් ලෝකය පුරා ජනතාවට නම් අතිමහත් කම්පනයක් එකතු කළ බව නොරහසක්. කිසිවිටක මිනීපෙට්ටිය තුල බහා තිබූ සිරුර නම් දැක ගැනීමට නොහැකිවූවත් ඇය වෙනුවෙන් පළවූ ‍ශෝක පණිවිඩ, සුසුම් හෙලීම්වල නම් අඩුවක් තිබුනේ නැහැ.

1997 සැප්තැම්බර් 6 වනදා වෙස්ට් මිනිස්ටර් ඇ‍බේ දේවස්ථානයේදී ‍ඇය වෙනුවෙන් ආගමික කටුයුතු සිදු කිරීමෙන් අනතුරුව ඇයගේ දේහය තැන්පත් කෙරුනේ, ඇයගේ පවුලට අයත් නොදර්ම්ප්ටර්න් හි ආර්ත්ත්‍රෝප් උද්‍යානයේ පිටිහි පොකුනක් මැද වූ කුඩා දූපතකයි.
මෙහි ඇයගේ දේහය තැන්පත් කර ඇති බව පැවසේ

ඇයගේ අවසන් කටයුතු සිදුවන දින මිලියන් තුනකට අධික සුසුම්හෙලන ශෝක වූ ජනතාවක් එක් රැස් වූ අතර ලෝකය පුරා එම අවසන් කටයුතු නැරඹූ ජනතාවද මිලියන ගණනක්.

2 අයර්ටන් සෙන්නා - Ayrton Senna da Silva
 වේගය නිසාම ලෝකයේ අමරණීයත්වය පත්වූ බ්‍රසීල ජාතික සෙන්නා කවදා හෝ තමන්ගේ ජීවිතයත් වේගය නිසා කෙලවර වේ දැයි ඇතැම්විට සිතා සිටියාද නම් දන්නේ නැහැ.කෙසේවෙතත් 1994 දී ඉතාලියේ බොලොග්නා හිදී පැවැති 1994 San Marino Grand Prix තරඟයේදී රිය අනතුරකට ලක්ව මිය යන විට Formula One ලෝක ශූරතා 3 ක් සතු කරගෙන අවසන්. ඔහුගේ මරණය බ්‍රසීලයේ සමස්ථ ප්‍රජාවම දැඩි කම්පනයකට ලක් කළ බව සදහන්. දින තුනක්ම ශෝක කාලයක් ලෙස නම් කළ අතර ඔහුගේ අවසන් කටයුතු පැවැත්වෙන දින මිලියන තුනක ජනතාවක් සහභාගී වී තිබෙන බවත් පැවසෙනවා.

http://en.wikipedia.org/wiki/Ayrton_Senna

3 Michael Jackson
මයිකල් ජැක්සන් ගැන නොදන්නේ කවුද? පොප් ගීත කලාවේ අගරජු ඔහුයි. ඔරිජිනල් කළු ජාතිකයෙකුව  උපත ලැබුවත් එක එක දේවල් කරගෙන කෘත්‍රීම සුදු ජාතිකයෙකු බවට පත්වුනත් ඔහුගේ කලා හැකියාවේ නම් අඩුවක් සිදුවූයේ නැහැ. ජීවිතයේ විවිද හැලහැප්පීම් වලට ලක් වෙමින් ගතකළ ඔහු ටික කලක් පසුබෑමට ලක්ව සිටියත් ඒ පසුබෑම ආපස්සට හරවන සංදර්ශන මාලාවක් ඇරඹීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහුට ජීවිතයෙන් සමුගන්නට සිදුවුනා. මේ පිළිබදව විවිද කතා තිබුනත් අවසානයේ සිදුවූයේ තවත් කාලයක් ජීවත්වන්නට සිටි මිනිසෙකු ලෝකයටම අහිමිවීමයි. ඔහුගේ අවසන් කටයුතු නම් පැවතුනේ පෞද්ගලිකව පවුලේ උදවියගේ සහභාගිත්වයෙන් පමණයි. ඔහුගේ අවසන් කටයුතු සිදුවන දිනයේ ලොස් ඇන්ජලීස් නගරයේ ඇතැම් මාවත් පවා වසා තිබූ බව පැවසෙන අතර සාමාන්‍ය ජනතාව ප්‍රධාන කාර්යයන් සිදුවන ස්ථානයට යැමට නොහැකීවූවත් මිලියනකට අධික ජනතාවක් පිටත සිට සහභාගී වී තිබෙනවා.

4 C. N. Annadurai හෙවත් Anna
මේ අපේ අසල්වැසි ඉන්දියාවේ මළ ගෙයක් පිළිබදවයි. 1969 දී මිය ගිය තමිල්නාඩු මහ ඇමතිවරයෙකු වූ  C. N. Annadurai ගේ අවසන් කටයුතු සදහා සහභාගීත්වය එකළ ගිනස් වාර්තාවක් පවා වූ බව පැවසෙනවා. ඔහුගේ විශේෂත්වය නම් දැවැන්ත ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂයෙන් බාහිරව නිදහස් ඉන්දියාවේ බහුතර බලයක් ලබා ගත් ප්‍රාන්ත පාලකයා ලෙස ඔහුගේ නම වාර්තා වෙනවා. එසේම ඔහු හොද කථිකයෙකු සේම ලේඛකයෙකු ලෙසද සදහන්. ඔහුගේ කතා කිහිපයක් පසු කලෙද ඉන්දිය සිනමාවටද නගනු ලැබුවා. ඔහු 1969 දී මිය ගියත් මිනිසුන් අතර ඔහු ගැන තිබූ බැදීම කොතෙක්ද යත් 1972 දී සුප්‍රකට ඉන්දීය නළු සහ දේශපාලනඥ M.G.Ramachandran විසින් පක්‍ෂයක් පිහිටවනු ලබන්නේද අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂය ලෙසටයි.

http://en.wikipedia.org/wiki/C._N._Annadurai

5 Pope John Paul II
ලෝක කතොලික ප්‍රජාවගේ මිහිපිට දේවධුතයා පාප් වහන්සේ බව කිව්වත් වරදක් නැතුව ඇති යයි සිතමි. එවන් දේවධූතයකුගේ නික්ම යාම 2005 අප්‍රේල් 07 වනදා සිදුවුනා. මෙම අවස්ථාවට රෝමයට මිලියන 2-4 අතර මිනිසුන් සංඛ්‍යාවක් එක්වුන බව සදහන්.

6 Kim Jong-il II
ඇමරිකාව විසින් නම් කළ දුෂ්ඨ රටවල් චතූර්යේ එක් රටක් වූයේ උතුරු කොරියාවයි. මිනිසුන් සාගතයෙන් මිය ගියත් යුද ශක්තිය වර්ධනය අංක එකෙන් සැලකූ කිම් ජොන් ඉල්ගේ විනෝදාංශය චිත්‍රපටි නැරඹීම බවද සදහන්. එසේම ඔහු ගුවනින් යාමට කැමැත්තක් නොදැක්වූ බවද කිවයුතු අතර ගමන් බිමන් වෙනරටවලටද සිදුවූයේ ඔහුටම වෙන්වූ දුම්රියක් මගිනුයි. ඔහුගේ මෙම අමුතුම චර්යාවන්ට එරට මිනිසුන් කොතරම් ප්‍රිය කළාදැයි නොදනිත් ඔහු මිය ගිය පසුව දුක්වන්නන්නම් කැමරාවට හොදින් හසුව තිබුනා. කොහොම නමුත් ඔහුගේ අවමඟුල දවසේද විශාල ජනතාවක් රැස්වූයේ කොමියුනිස්ට් පාලකයන්ට බියෙන් දැයි නොදනිමි.

7 Umm Kulthum
මේ නම අපිට නම් නුහුරු වූවත් ඊජිප්තුවේ ජනතාවට නම් ඇයගේ මරණය සිදුවූ වසර 30 ගණනක් ගතවීත් තවමත් දැඩි ලෙස හිතේ කාවැදුන නමක්. ඇය ගායිකවක, ගීත රචිකාවියක සේම නිළියක සේම මිනිසුන්ගේ ආදරය දිනා ගත් තැනැත්තියක්. ඇය වෙනුවෙන් ඊජිප්තුව පුරාම සැමරුම් ස්මාරකද තිබෙන බව සදහන් අතර ඇය මිය ගොස් ඇත්තේ 1975 පෙබරවාරි 03 වනදායි. ඇයගේ අවමඟුල උත්සවය වෙනුවෙන්ද ශෝකයෙන් යුතුව සහභාගීවූවන් ගණන අතිවිශාල බව පැවසෙනවා.

http://en.wikipedia.org/wiki/Umm_Kulthum

8 President Nasser - Gamal Abdel Nasser Hussein
නූතන අරාබි ලෝකයේ පුරෝගාමී නායකයා ලෙස අරාබි කලාපයේ සැලකුනේ ඔහුවයි. 1952 දී ඊජිප්තු රාජාණ්ඩුව බිද දමා එරට නිදහස ඇති කිරීමට පුරෝගාමී වූ ඔහු 1956 දී එරට දෙවන ජනපති ලෙස පත්ව 1970 සැප්. 28 වනදා මිය යනතෙක්ම එම ධූරයේ කටයුතු කළේ එරට පමණක් නොව අරාබිකරයේම නිලලත් පාලකයෙකු ලෙසිනුයි. ජයග්‍රාහී සූවස් අර්බුදයේදීද ඊජිප්තුව වෙනුවෙන් ජය අත්කරදීමටද සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ ඔහු ඒ නිසාද වීරයකු බවට පත්වූවා. ඉහත කී දිනයේදී හෘදයාබාදයකින් මිය ගිය පුවත ඇසූ සමස්ථ අරාබිකරයම දැඩි කම්පනයකට ලක්වූ බවද සදහන්වන අතර ඔහුගේ අවමඟුල සිදුවූ ඔක්.01 දින මිලියන 4-5 ක ජනාතාවක් එයට සහභාගී වී තිබේ. මෙම ජන ගංඟාව කි.මි. 10 ක් දිගට විසිරී තිබූ බවද වාර්තාවේ.

http://en.wikipedia.org/wiki/Gamal_Abdel_Nasser
http://en.wikipedia.org/wiki/Suez_Crisis

10 මහත්මා ගාන්ධි - Mohandas Karamchand Gandhi
 මෙම නම නොදන්නෙකුද ලොව ඇත්තේ අල්පයක් විය යුතුමයි. අපේ අසල්වැසියාගේ රටේ සදා අමරණීය නාමයක් වූ මෙය, ලෝකයේ බොහෝදෙනෙකු, තමන්ද අනුගමනය කරන චරිතයක් බවද පවසන්නේ අවංකවමදැයි නොදනිමි. කෙසේවෙතත් අවිබලයෙන් නොව අවිහිංසාවෙන් තම දේශයේ නිදහස වෙනුවෙන් සටන් කළ මෙම ශ්‍රේෂ්ඨ මිනිසාට තමන්ගේ පමණක් නොව තම අඹුදරුවන්තේ සුඛවිහරණය හෝ එතරම් තැකීමකට ලක් කළ බව නම් සදහන් නොවේ. අවසානයේ ඉන්දියාව බෙදී වෙන්වී නිදහස ලබා ගනිද්දී පවා තමන් දැඩි ලෙස සටන් කළ සුදු ජාතිකයන් අතින්වත් ඝාතනය නොවූ නිසා තම ජාතියේ මිනිසෙකු අතින් ඝාතනයට ලක්වේයයි සිහිනෙන් වත් නොසිතන්නට ඇති. ඒත් අවසානයේ ඔහු අන්ත හින්දු ජාතිවාදී නතුරම් ගොඩ්සේ ගේ වෙඩි ප්‍රහාරයෙන් 1948 ජන. 30 වනදා මෙලොවින් සමුගනු ලබනවා. එතුමාගේ අවසන් කටයුතු සිදුවූ දිනයේ මිලියන 2 කට අධික ජනතාවක් සිය කදුළු මුසු කරමින් සහභාගී වූ බවද සදහන් කෙරේ.

http://en.wikipedia.org/wiki/Mohandas_Karamchand_Gandhi
http://en.wikipedia.org/wiki/Nathuram_Godse

16 comments:

  1. කියා නිමකරන්න වචන නැ. අපට බොහොම වැදගත්ම ලිපියක්.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  2. නියමයි. මීට අවරුදු කීපයකට කලින් මම කියෙව්වා අවමගුලකට වැඩිම පිරිසක් සහභාගී වෙලා තිබුනේ අබ්දල් නසාර්ගේ අවමගුලට කියලා. ඒක හරිද කියලා කියන්න පුලුවනිද?

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ලැයිස්තුවේ මැද තිබුනත් වැඩිම පිරිසක් සහභාගී වූ අවස්ථාව එය විය යුතුයි...

      Delete
  3. වෙනස්ම විදියක පෝස්ට් එකක්. මෙතන නොතිබුණත් සමස්ත ලෝකයාම කම්පා කරවපු දේශපාලන ඝාතන විශාල ප්‍රමාණයකුත් මේ ලිස්ට් එකේ අගට එකතුවෙනව ඇති මම හිතන්නෙ.

    ReplyDelete
  4. මගේ අන්තිමයත් මේ වගේ මතක හිටිමන්න තියන්න ඕනි

    ReplyDelete
  5. ඩයනා කුමරියගේ මරනය නම් ඉතාම කනග‍ටුදයක එකක්.කොච්චර ප්‍රසිද්ද වුනත් මිනිස්සුන්ගෙ ආදරය ලබන්න පුලුවන් ටික දෙනාටයි.

    ReplyDelete
  6. ඔබ තුමා කැමතිනම් මෙම වෙබ් අඩවියෙත් ඔබගේ ලිපි පල කරන්න http://www.slpeople.com

    ReplyDelete
  7. කෝ බෲස්ලිගේ මළ ගේ....!

    ReplyDelete
  8. බොහොම සුලු පිරිසකට පමණක් හම්බෙන විරල අවස්තාවක්...ලංකාවෙ බැලුවොත් මට මතක විදිහට සෑහෙන පිරිසක් ආපු අවමගුල තමයි සෝම හමුදුරුවන්ගෙ එක. එදා ජාති, ආගම් බේදයකින් තොරව ( අන්තවාදින් හැර ) මුලු රටම ඇඬුවා...

    ReplyDelete
    Replies
    1. සෙන්නාගෙ නම දැක්කම හිනා ගියා..

      Delete
  9. ඩඩ්ලි සේනානයක මහතාගේ අවමඟුලටත් විශාල ප්‍රමාණයක් සහභාගි වෙලා තියෙනවා නේද ? බොහෝ දෙනා අලුත් අවුරුද්ද පවා සැමරුවේ නැහැ කියලා අහලා තියෙනවා

    ReplyDelete
  10. හොඳ විස්තරයක්..

    ReplyDelete
  11. තරහ වෙන්න ‍එපා පිළිතුරු දෙන්න බැරි වුනාට. වැඩ වැඩි වුන කාලෙට ටිකක් මේ ‍වගේ දේවල් සිදු වෙනවා. කොහොම වුනත් මම ලියපු 9 වැන්න කොහොමද දන්නේ නැහැ save වෙලා නැහැ. එතනට එන්න ඕන Victor Hugo ගේ නමයි. මනුතාපය, නොත්‍රදාමයේ කුදා වගේ ලෝක පූජිත නවකතා රැසක් අපට දායාද කළ විශ්වීය ගත්කතුවරයා ඔහුයි. ඔහු සිටියේ 19 වන සියවසේ. ඒ කාලේ ලෝක ප්‍රසිද්ධ චරිතයක් තමයි ඔහු. මිය ගියේ 1880 දශකයේදී. ඔහුගේ මළගම දවසෙත් මිලියන 1-2 අතර ජනතාවක් සහභාගී වුනයි කියලයි කියන්නේ...

    ReplyDelete