Tuesday, November 6, 2012

මධ්‍යතන යුගයේ ගැහැණු සමග මධ්‍යතන යුගය පිලිබදව ලියු ලිපි පෙලේ හයවැන්න... Medieval Woman and their Duties - VI

ඔබට මතකද දන්නෙත් නැහැ මීට මාස කිහිපයකට පෙර මධ්‍යතන යුගය ගැන ලිපි පෙළක  සත් සමුදුරේ පළ වූවා. මේ එහි හය වැන්නයි. විවිද හේතු නිසා මෙම ලිපි පෙළ ඉවරයක් කරන්නට නොහැකිවූවත් එම යුගයේ අමිහිරි එහෙත් ඉතිහාසයමය වශයෙන් අපට දැන කියාගන්නට යම් දෙයක් තිබෙන කාල වකවානුවක් පිළිබදව ලිපි පෙල මෙවර සම්පූර්ණ කර තබන්නට සිතුවා. එසේම මෙහි ඉදිරිලිපි පෙලේදී  නොදන්නා කාරණා රැසකුත් ඔබට දැනගැනීමට හැකියාව උදාවනු ඇතැයිද අපේක්‍ෂා කරන බව කියන්නට කැමැත්තෙමි.

මධ්‍යතන යුගයේ කාන්තාව සලකා ඇත්තේ දෙවන මට්ට‍මේ පුරවැසියකු ලෙසටයි. විවාහයට පෙර පියාටත් ඉන් අනතුරුව ස්වාමීයාටත් යටහත්පහත්ව කීකරුව කාන්තාව සිටිය යුතු යයි එදා සමාජය බලාපොරොත්තුවූවා වගේම ඒ ආකාරයෙන් ක්‍රියාවටද නැංවූ බව පැවසෙනවා. එහෙත් එයින් සියළුම කාන්තාවන් එදා ගෙදරට වැදී ගෙදර වැඩම කළා යයි අදහස් නොකරන බවද පැවසිය යුතුය. ප්‍රවේණි දාස පැලැන්තියේ ඇතැම් කාන්තාවන් ගෙදර දොර වැඩ පමණක් කළද සමහරක් සිය ස්වාමියා සමග ගොවිපොලේ හෝ ඔහු යෙදී සිටින කර්මාන්තයට හවුල් වීමද සිදු කරන තිබෙන අතර පොදුවේ ගත් කල කාන්තාව ආහාර පිසීමටත්, තමන්ගේ හා තම නිවසේ වසන්නන්ගේ වස්ත්‍ර සැකසීමද සිදුකර තිබෙනවා. තවද අතලොස්සක් වූ වංශවත් කතුන් ජාතික මට්ටමෙන් බලපෑම කළ හැකි තත්ත්වයකද පසුවූ බව පවසන අතර අනෙකුත් වශවත් කතුන් සිය ස්වාමියා යටතේ සිටියත් ඔහු මිය ගිය පසු එම දේපළ  පරිපාලනය හා තමන්ගේ බලකොටුවට හෝ ඉඩකඩම් වලට පහර දීමට පැමිණෙන සතුරන්ට එරෙහිව සිය හමුදාව මෙහෙයවීමටත් පසුබට වී නැහැ. තවද සිය ස්වාමිය කුරුස ‍යුද්ධයට හෝ වෙනයම් යුද්ධයකට සම්බන්ධව ඇත්නම් සිය දේපළ පරිපාලනය භාරව තිබී ඇත්තේද කූලීන කාන්තාවන් වෙතයි.


කුලීන පවුල් වල අවිවාහක කතුන්ට පිරිමි සහෝදරයන් නැතිනම් දේපල වල පරිපාලන බලතල තිබුනද යම් හෙයකින් ඔවුන් විවාහවුවහොත් එම දේපල අයිතිය ස්වාමියට පැවරෙන බවද පැවසෙනවා.

එදා කාන්තාවන් අවිවාහකද නැත්ද යනවග හදුනාගැනීමට හැකි සරළ ක්‍රමයක්ද තිබුනා. එනම් අවිවාහක තරුණියන් කොණ්ඩය ආවරණය නොකොට නිදහසේ තබා ගත්තත් විවාහක කතුන් සිය "විනීතභාවය" පෙන්වීමට කොණ්ඩය ලිනන් රෙදි කඩකින් ආවරණය කරගෙන සිටි බව පැවසෙන අතර කූලීන කාන්තාවන් මෙය සදහා රනින් අලංකාරය කරන ලද වටිනා රෙදි කඩක් භාවිතා කළ බවද පැවසෙනවා. 
චිත්‍ර ශිල්පියකු මධ්‍යතන යුගයේ කාන්තාව දුටු අයුරු

එදා තරුණියකට විවාහයක් කර ගැනීමට දෙමව්පිය කැමැත්ත අනිවාර්යය බවත් පැවසෙනවා.එසේම යම් කතකට දික්කසාද වීමට අවශ්‍යවූවත් එය ස්වාමියා විසින් කළ යුතු කාරණයක් වූ අතර කාන්තාවට සිය කැමැත්තෙන් එය සිදුකරගැනීමේ හැකියාවක් එදා තිබී නැහැ. දුප්පත් පවුල් වල තරුණියන්ට වයස විසි ගණන් වන තුරු විවාහ වීමට හැකියාවක් ලැබුනේ නැහැ. එයට හේතුව යම් හෙයකින් ඔවුන් විවාහවුවහොත් සිය ස්වාමිය සමග යාමට සිදුවීමෙන් එම පවුලේ ශ්‍රමබලකාය අඩුවන අවාසිය නිසා දෙමව්පියන් අඩු වයසින් සිය දියණියන් විවාහ කර දීමට පෙළඹුනේ නැහැ. එහෙත් ඇතිහැකි වංශවත් පවුල්වල ‍එම තත්ත්වය වෙනස්වූවා. එදා වෛද්‍ය විද්‍යාව හා තාක්‍ෂනය දියුණු මට්ටමක නොතිබූ නිසා බොහෝ ලෙඩ රෝග වලදී වාසනාව හෝ දරාගැනීම හෝ නිසි අවස්ථාවේ අවම මට්ටමේ හෝ තිබූ සෞඛ්‍ය පහසුකම් ලැබුනහොත් මිස ජීවිතය අනතුරුට පත්වීමට තිබූ ඉඩ කඩ වැඩි බව පැවසෙන අතර කාන්තාවන්ගේ දරු ප්‍රසූතියද ඉතාම අවධානම් දෙයක් වූ බව පැවසෙනවා. උක්ත කරුණට අදාලව එදා වෛද්‍ය පහසුකම් වල ඌනතාවයන් නිසා ප්‍රසූතියේදී සිදුවූ මාතෘ මරණ සංඛ්‍යාවද ඉහළ බව පැවසෙන අතර එදා කාන්තාවන්ගෙන් 20% ක් පමණ මිය ගොස් ඇත්තේද දරු ප්‍රසූතීන් වලදීය. විශේෂයෙන් තරුණියන්ගේ මරණවලට බොහෝවිට හේතුවී ඇත්තේ මෙම ‍තත්ත්වයයි.

වංශවත් පවුල් වල කාන්තාවන් දරුවන් බිහි කළද ඔවුන් රැකබලා ගැනීම, පෝෂනය ආදිය ඔවුන් විසින් සිදු නොකළ අතර එය කිරි අම්මලා විසින් සිදුකර තිබෙනවා. එහෙත් දිළිදු පවුල් වල කාන්තාවන්ට නම් දරුවන් රැක බලා ගැනීමද සිය අනෙක් රාජකාරි වලට අමතරව සිදුකළ යුතුව තිබෙනවා. කෙසේවෙතත් දිළිදු පවුල්වල කතුන්ට අත්විදින්නට සිදුවූ අධික වෙහෙස හා සෞඛ්‍ය පහසුකම් වල හීනතාවයත් නිසා සිය වයස හතලිස් ගණන් වන විටම මෙලොව හැරයාමට බහුතරයකට සිදුවූ බවද සදහන්ය.
එහෙත් කාන්තාවන් දුර්වල හා දීන තත්ත්වයෙන් සෑම විටකම සිටි බවක් මෙයින් කියවෙන්නේ නැහැ. ඇතැම් කාන්තාවන් සතුරන්ගෙන් තම ගමට, නගරයට හෝ බලකොටුවට ප්‍රහාර එල්ල වන විට ඔවුන් හා සටන් කිරීමට පිරිමින් හා එකතුවී තිබෙනවා.

කාන්තාවන් එදා මුළුමනින්ම මුළුගැන්වී නොසිටි බවට හොදම උදහරණය John of Ark හෙවත් The Maid of Orléans චරිතයයි. ක්‍රි.ව. 1412 දී ප්‍රංශයේ අද නැගෙනහිර කොටසට අයත් පෙදෙසක උපත ලැබූ ගම්බද ගොවි දියණිකය වූ ඇයට වයස අවුරුදු 13 දී දෙවියන් විසින් එංගලන්තය, ප්‍රංශය යටත් කර ගැනීමට පැව‍සූ බව පවසා තිබෙන අතර ඇය එයට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ බියට පත්ව නොව ඔවුන් හා යුද්ධයකට නායකත්වය දීමට පැමිණීමෙනුයි. ප්‍රංශයේ හත්වන චාර්ස් රජුට පක්‍ෂව සටන් කළ ඇය ඒ වන විටත් ප්‍රංශය හා එංගලන්තය අතර පැවති Hundred Years' War හි කැපී පෙනෙන යුද ජයග්‍රහණයන් රැසක්ද අත්කරගැනීමට සමත්වුනා.

එහෙත් ප්‍රංශයට එරෙහිව එංගලන්තය වෙනුවෙන් සටන් කළ Burgundians වරුන් ඇයව අල්ලාගෙන මුදල් ගෙන එංගලන්තයට භාරදෙන අතර එංගලන්තයේ පාලනය ඇයට දෙන දඩුවම නම් පුළුස්සා මරා දැමීමයි. ඇයට එරෙහිව ඔවුන් නගන චෝදනාව ඇය මායාකාරියක බවයි. මෙකල "මායාකාරීයන්ට" යුරෝපයේ ලබා දුන් දඩුවම මෙසේ කුරිරු ලෙස පුළුස්සා දැමීමයි. කෙසේවෙතත් පසුකළෙක මෙම චෝදනාව කතොලික පල්ලිය විසින් නිවැරදි කරනු ලබන අතර ඇය එසේ "මායාකාරියක" නොවන බව පවසා ශාන්තුවරියක් ලෙසද පසුව නම් කරනු ලබනවා.

එදා ඉතාම අල්ප වූ කාන්තාවන් සංඛ්‍යාවක් ලේඛන කලාවේ යෙදී සිට ඇති අතර පහළම ස්ථරයේ කාන්තාවන්ට ලේඛණ කලාවේ යෙදෙනවා තබා අකුරක් වත් ඉගනීමට අවස්ථාවක් නොලද නිසා මෙම කාර්යයේ නියැලෙන්නට ඇත්තේද අනිවාර්යයෙන්ම වංශවත් කාන්තාවන් විය යුතුය. කෙසේවෙතත් පිරිමි ලේඛකයන් මේ පිළිබදව මනාපයකින් පසුවූ බවක් පෙනෙන්නට නොමැති අතර ඔවුන්ගෙන් මෙම කාන්තාවන්ට බාධා එල්ලවූ බවද පැවසෙනවා. කො‍හොමනමුත් මෙයින් පෙනී යන්නේ එදා කාන්තාවන් අතලොස්සක් හෝ සමාජයේ මුල් බැදගෙන තිබූ කාන්තාවන්ට අයත් කාර්යයන්ගෙන් වෙනස්වද ක්‍රියාකර තිබෙන ආකාරයයි.

මධ්‍යතන යුගයේ නගරබද කාන්තාවන් ගත් විට ඔවුන් විවිදාකාරයේ රැකියාවල නිරතව තිබෙනවා. ඔවුන්ට ලැබී ඇත්තේ අඩු ගෙවීමක් නිසා ඇතැම් විට රැකියා එකක් නොව කිහිපයක්ම එකවර කිරීමට උවද සිදුව තිබෙනවා. ජීවන වියදම ඒ අවධියේ වුව වැඩි නිසා ඒ හැරෙන්නට විකල්පයක් විවාහක හෝ අවිවාහක නගරබද කතුන්ට තිබී නැහැ. ඔවුන් වෙළඳ හල් වල, බේකරිවලට‍, රෙදි නිපදවන කම්හල්වල යනාදී විවිදාකාර ස්ථානවල රැකියා කර තිබෙනවා.

(වඩාත් සවිස්තරව බැලීමට මෙය මත click කරන්න)

එපමණක් නොවේ ඇතැම් කුලීන කාන්තාවන්ට අවශ්‍ය නම් කන්‍යාරාම හෝ තාපසිකාරාම වලට සම්බන්ධවී පැවිදි ජීවිතයකට අනුගතවීමටත්, අනෙකුත් කාන්තාවන්ට එදා නොලැබෙන අධ්‍යාපනය ලැබීමටත්, සාමාන්‍ය කාන්තාවන් බැදී ඇති වගකීම් වලින් නිදහස්ව ජීවත්වීමටත් අවස්ථාව ලබා දෙනවා. දශක කිහිපයක සිටම රූපවාහිනියේ විකාශය වූ රොබින් හුඩ් කතා මාලාවේ මැරියන් කුමරිය පිළිබදව ඔබට මතක ඇතිනම් මේ පවසන දෙය හොදින් වැටහෙනු ඇත.

කෙසේවෙතත් සාමාන්‍ය සමාජයේ කුලීනයන් වෙසෙන ආකාරයට වඩා වෙනස් අයුරකින් මෙහිදී පූජකවරය ලබන කාන්තාවන්ට හැසිරීමට සිදුව තිබෙනවා. ඔවුන්ටම වෙන්වූ නීති පද්දතියක් හා ක්‍රමවේදයක් වූ අතර ආගමික කටයුතු වලට අමතරව ආගමික පොත් පත් කියවීම, ඒවා නැවත පිටපත් කිරීම ඔවුන්ට පැවරුන ප්‍රධානම කාර්යයන් වූවා. එසේම ඊට අමතරව දුප්පතුන්ට හා රෝගීවූවන්ට ආහාර හා බෙහෙත් ආදිය ලබා දීම මගින් පිහිටවීමත් වන්දනාවේ හෝ දුර බැහැර සිට පැමිණ තාපසාරාමයේ හෝ කන්‍යාරාමයේ නවාතැන් ලබන්නන්ට අවශ්‍ය උපකාර ලබාදීමත් ඔවුන්ට අයත් කාර්යයන්ව තිබුනා. ඒවගේම ඔවුන්ගේ තාපසාරාමයට අයත් භූමියේ ගොවිපල පවත්වාගෙන යාම, මසුන් ඇති පොකුණු, වී මෝලේ කටයුතු මෙන්ම උද්‍යාන නඩත්තුවද පූජකවරියන් හෝ පූජකවරුන්ට අයත් කාර්යයන් ලෙස සැලකූ අතර පිටතින් සහයක් නොගෙනම ඔවුන්ට එම කටයුතු කරගෙන යාමටද සිදුවූ බව පැවසෙනවා. ඇතැම් තාපසාරාම වල රෝගීවුවන්ට පිහිටවීමට රෝහල් පවා පිහිටුවා තිබූ බවද පැවසෙනවා. සාමාන්‍ය සමාජයේ වගකීම් වලින් නිදහස් වීමට හැකිවූවත් යම් හෙයකින් කාන්තාවන් ‍මෙවන් ආගමික යාන්ත්‍රණයකට එක්වුවහොත් සිය දිවිය පුරා ගෙවන්නට සිදුව තිබෙන ජීවිතය මෙය බවත් පැවසෙනවා.

එසේ ගත්කළ ලෝකයේ බොහෝ කලාප වල කාන්තාවට අත්ව තිබුනේ බොහෝදුරට එක හා සමාන තත්ත්වයක් බව පෙනෙන කරුණක්. තව දෙයක් තමයි මෙවන් පසුගාමී තත්ත්වයක් තිබූ යුරෝපයේ කාන්තාව ඉතා වේ‍ගයෙන් ඉදිරියට ගියත් ලෝකයේ සෑම කලාපයකම කාන්තාවන්ට එම වාසනාව තිබුනේ නැහැ.

මෙම ලිපි පෙලේ මීට පෙර ලිපි වලට පස්වන ලිපිය ඔස්සේ යාමට හැකි නිසා එම ලිපියේ සබැදියත් මෙතන තබන්නම්.

මධ්‍යතන යුගයේ ගමේ ලොක්කෝ හා සොක්කෝ - 5

එසේ නම් හත්වන ලිපියෙන් තවත් කරුණු ගැන කතා කරමු...


27 comments:

  1. බොහොම ලස්සන ලිපියක්. මම ඉඩ ලැබුණු විට අනික් ටිකත් කියවන්නම්...

    පුංචි spelling mistake එකක් දැක්කා. Joan of Ark නෙවෙයි Joan of Arc විය යුතුයි. අනෙක වයස 12 දී ඇය දුටුවා කියන්නේ ශාන්තුවරයන් පිරිසක් ඇවිත් ප්‍රංශය එංගලන්තයෙන් ගලවා ගන්න යයි කියා සිටින අයුරුයි. ඇය ප්‍රංශ ඉංග්‍රීසි යුද්ධයට ආගමික මුහුණුවරක් ලබා දුන්නා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඒ නිවැරදි කිරීමටත්...

      Delete
  2. මේක කියවන කොට මට හිතුනේ කොච්චර දේවල් කිව්වත් මේ තත්වේ මහා ලොකු වෙනසක් තාමත් සිද්ධ වෙලා නෑ කියලා...

    අදටත් කොච්චර කාන්තාවන් පිරිසක් පිරිමින්ගෙ ( සහෝදරයන්ගේ, සැමියගේ, පියාගේ) යටතේ ඉඳගෙන දුක් විඳිනවද...

    ReplyDelete
    Replies
    1. වෙනසක් කරන්න බලන්න. ඒත් තාත්තා කියන චරිතය දුවකට වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැ.

      Delete
    2. @හිරු - බටහිර රටවල සහ ලතින් ඇමරිකාව වගේ කලාප වල කාන්තාව ස්වාධින හා ශක්තිමත් සුරක්‍සිත තත්ත්වයක තිබුනත් ලෝකයේ හැම තැනකම එහෙම නැහැ. ඒනිසා සමහර විට පීඩනයක් කාන්තව මත පුරුශාධිපත්‍යයෙන් එල්ල වුනත් අර මුලින් කියූ ගුණාත්මක ‍තත්ත්වයන් වැඩි දියුණු නොවී වෙනසක් කරන්නට යාම අවධානම් සහගත බවයි මට නම් හිතෙන්නේ.

      @Naleen Dilruksha - ඔබ කියන දේ නම් ඇත්ත දුවකට තාත්තා කෙනෙක්ගෙන ලැබෙන ආදරය හා සෙනෙහස වෙනකෙනෙක්ගෙන් නම් ලැබේවි නම් සිතන්නට අමාරුයි. ඒ බව මට නම් හොදින් දැනෙන්නේ මටත් දුවක් සිටින නිසයි...

      Delete
  3. හ්ම්!! වැදගත් ලිපියක්!!
    ජයවේවා!!

    ReplyDelete
  4. මා කැමති වර්ගයේ ලිපියක් . ඔය කාලය ගැන කියවෙන සිතුවම් පට බලන්නත් මන් කැමතියි..

    අදටත් ඇතැම් සමාජවල අඩු වැඩි තරමින් කාන්තාව දෙකේ පන්තියට දැම්මත් ඒ කාලයේ ඉපදිච්ච නැති එක නම් දාහෙන් සම්පතයි .

    ReplyDelete
    Replies
    1. මා කැමති වර්ගයේ ලිපියක් . ඔය කාලය ගැන කියවෙන සිතුවම් පට බලන්නත් මන් කැමතියි..// මමත්!

      Delete
    2. මම දැන සිටියා මෙම ලිපිය බලන්න ඔබ එන බව. ඉතිහාසය සම්බන්ධ දේවල් ගැන මීට පෙර ලිපි සෑහෙන්න ලියුවත් වැඩ වැඩිකම නිසා දැන් ටිකක් ඒවා ලියවෙන එක අඩුවුනත් මගෙත් ඉතාම ආකර්ශනීය ක්‍ෂෙත්‍රය ඉතිහාසයයි.

      එදාට වඩා අද කාන්තාවට ලැබී තිබෙන තත්ත්වය යහපත්.

      The Messenger: The Story of Joan of Arc මේ චිත්‍රපටියෙන් අද ලිපියේ කතා කළ Joan of Arc පිළිබදවත් එදා මධ්‍යතන යුගයේ සමාජ තත්ත්වය පිළිබදවත් යම්දෙයක් දැන ගන්නට හැකිවේවි...

      Delete
    3. මා එය බලා තිබෙනවා . තව අපුරු චිත්‍රපටයක් බැලුවා කාන්තාවක් වෙස්වලාගෙන පාප් කෙනෙක් වෙන . එයාගේ නමත් ජොආන් වගෙයි මතක .

      Horrible History කියල පොත් මාලාවක් තියෙනව . ඔය යුගය ගැනත් පොත් තියෙනව ඒ අතර . විහිළුවෙන් නමුත් සත්‍ය තොරතුරු ඇතුලත් .

      Delete
    4. ස්තූතියි චමිලා ඒ ආරංචියටත්, තවත් කරුණු මධ්‍යතන යුගය ගැන තිබෙන නිසා තව තව හොද තොරතුරු ඔබටත් මතක් වේවි. ඒවත් කියන්න...

      Delete
  5. සත් සමුදුරේ මම කැමති වර්ගයේ ලිපියක්. අර බින්දි කිව්වා වගේ ඔය කාලේ ගැන කියැවෙන ලිපි චිත්‍රපටි බලන්න මමත් කැමතියි.

    වර්තමාන සමාජයේ ආගමික, සංස්කෘතික හේතු ඉදිරියට දාලා ඔයිට වඩා කාන්තාව දුකට පත්කරන කස්ටිය අ‍දටත් ඕන තරම් ඉන්නවා කියලා මට නිකමට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. The Messenger: The Story of Joan of Arc ඒ වගේම Timeline වගේ චිත්‍රපටි වලින් මධ්‍යතන යුගය ගැන යමක් දැන ගැනීමට පුළුවන්. තව චිත්‍රපටි නම් ගණනාවක් තිබෙනවා. මතක් වුනාම ඒවත් කියන්නම්.

      ලංකාවේ සමාජය ගැන නම් ඉතින් කියන්නට තියෙන්නේ කොයි දේත් ආපස්ට මිසක් ඉදිරියට යාමක් නම් ?????

      Delete
  6. //එදා ඉතාම අල්ප වූ කාන්තාවන් සංඛ්‍යාවක් ලේඛන කලාවේ යෙදී සිට ඇති අතර පහළම ස්ථරයේ කාන්තාවන්ට ලේඛණ කලාවේ යෙදෙනවා තබා අකුරක් වත් ඉගනීමට අවස්ථාවක් නොලද නිසා මෙම කාර්යයේ නියැලෙන්නට ඇත්තේද අනිවාර්යයෙන්ම වංශවත් කාන්තාවන් විය යුතුය.....//
    මේ ජේදය කියවද්දී මට ලංකාවේ උදාහරණයක් මතක් වුණා, ඒ ගජමන් නෝනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගජමන් නෝනා කියන්නේ ලංකාවේ ඒ වගේ චරිතයක් තමයි...

      Delete
  7. ඒකාලෙයි මේකාලෙයි කියල වැඩි වෙනසක් නෑ නේද ?

    ලිපියෙ ඉතුරු ටික ආවෙ කාලෙකින් පස්සෙ වුනත් හරිම ආසාවෙන් කියෙව්වා දිනේශ්. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න වේලාව ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ලිපි පෙළ අඩුවක් නැතුව ඉක්මනින්ම ඉවර කරනවා...

      Delete
  8. නියම ලිපියක්. Joan of ark ගැන වාර්තාමය චිත්‍රපටයක් මට මතකයි දවසක් ඩිස්කවරි චැනල් එකේ ගියා. හිත ගොඩක් සසල වුණා ඒක බලලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒ සිද්ධිය ටිකක් සංවේදී එකක් තමයි...

      Delete
  9. කාන්තාව පීඩාවට ලක් කරනවා නම් ඒක වැරදියි.ඒත් ඔය හැම දෙයක්ම සිදුවුනේ ඒ කාලෙට සාපේක්ෂව නේද?ඒ කාලෙ ගැහැනු පිරිමි කවුරුත් යම් පාලනයකට යටත්වයි හිටියෙ.ඒ රජු රදල පූජක සහ සම්මාජ සම්ප්‍රදායන් කියල .

    ඒ කවුරුත් ඒක කරදරයක් කියල හිතුවෙ නෑ.හරියට මුස්ලිම් කාන්තාවන් පලදින හිජාබය බටහිර ලෝකයට මිස මුස්ලිම් කාන්තාවන්ට ප්‍රශ්නයක් නොවනවා සේ.

    බටහිර ස්ත්‍රීවාදය ඉතා භයානක අන්තවාදයක් නේද බලන්න මේ වගෙ අන්තවාදී අදහස් දරන කාන්තාවන් පවුලට සමාජයට මොනතරම් පිලිලයක්ද කියල.බටහිර සමාජය ලිංගික වශයෙන් බෙදී තිබෙනවා තම ලේ නෑකම් පවා ඉක්මවමින් නාසි මොඩලයේ ලිංගික බලවේගයක් බවට බටහිරයා පත්වෙලා.බටහිර ශිෂ්ටත්වයේ අවසානයත් ස්ත්‍රීවාදයයි

    මේ සමග බටහිර ස්ත්‍රීවාදය ගැන ලියවෙන බ්ලොග් එකක ලින්ක් එකක් දමන්නම්
    http://sthreevaadaya.blogspot.com/

    http://sthreevaadaya.blogspot.com/2012/05/do-feminist-mothers-hate-their-own-sons.html

    http://sthreevaadaya.blogspot.com/2012/07/blog-post_2870.html

    http://sthreevaadaya.blogspot.com/2012/05/blog-post_3380.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තවත් තොරතුරු දැනගන්නට මං කියා දුන්නටත්, මේවා ගැනත් බලා උත්තරයක් දෙන්නම්...

      Delete
  10. බොහොම ලස්සන ලිපි පෙළක් .. දිනේෂ් අයිය ඉතිහාසය ගැන ලියන හැම ලිපියක්ම ඉතාම විචිතරවත් විදිහට ලියල තියෙනව .. දිගටම මේ වගේ ලිපි ලියන්න ... බෙදාගත් දැනුමට ස්තුතියි ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! කැමතිම මාතෘකාව ගැන ලියනකොට වෙන ඒවාට වඩා වෙනසක් තිබෙන්නට පුළුවන්. ඉදිරියේදිත් විවිද ඉතිහාස කාරණා ගැන ලිපි ලියනවා...

      Delete
  11. හරි වැදගත් ලිපියක්. මං නම් සත්සමුදුරේ ලිපි කියවන්න එන්නේ නිදහසේ කියවන්න පුළුවන් වෙන වෙලාවලට විතරයි. ඒ මේ ලිපි ඉතාම හරවත් වගේම මතකේ රදවා ගන්න හොද දේවල් අන්තර් ගත වෙන ලිපි නිසා. මේ වගේ වැදගත් ලිපි ලිවිම පිළිබඳව ස්තුතියි අයියේ.

    කාන්තාව මේ තත්ත්වයේ හිටියේ නැත්නම් පිරිමි මුලික සමාජයක් බිහි වෙන්නේ නෑ. කාන්තාව ස්වභාවයෙන්ම ශරිර ශක්තිය අතින් දුරුවලයි... පිරිමි ශක්තිමත්. මේ අබල දුබලකම් තමයි පුර්ෂ මුලික සමාජ තනන්නට ඇත්තේ. පස්සේ එය සංස්කෘතිය වෙන්නට ඇති. ඒ ශක්තියෙන් ආවාරණය වෙන්න ගැහැණිය කරන සෑම දෙයක්ම තමයි ඇගේ මායම් කියලා කියන්නේ කියලා මං හිතනවා.

    ක්යොපැට්‍රරා කියන්නේ ස්ත්‍රි මුලික සමාජයක් ගෙන ගිය කාන්තාවක්.ඇ යුරොපයේ නෙවේ කියා මා දන්නව. මං දන්න පුංචි ඉතිහාසේ ඇතුලේ එවන් සමාජ පන්තියක් බිහිකල වෙනත් කාන්තාවක් මා දන්නේ නෑ. යුරොපය හැදෙන්නේ ග්‍රිසය බිදිලා රොම හැදිලා එයින් පන්නරය ලබමින් කියා යි මා හිතන්නේ. වසර දාස් ගාණක් තිස්සේ පැරණි චරිත ගිය මඟ ගිය පිරිමි හිටියත් ක්ලියෝපැට්‍රරා වගේ චරිත වලට අනුගාමිකයෝ හිටියේ නෑ.
    ධනය හා බලය විසින් සමාජයේ ගාමක බලවේගය සකස් කිරිම එදා පටන් දක්නට ලැබුණා. ඈ කාන්තාවක් උනත් ධනයත් බලයත් ඇයට එකම මොහොතේ ලැබුණා. මරිය තුමි ඇරුණම මෙහෙම පිලිගැනිමක් ලැබෙන තවත් කාන්තාවන් යුරොපය ආශ්‍රිත සංස්කෘතිය ඇතුලේ පවා වැඩෙන්නේ නැත්තෙ පුරුෂයාට ජීව විද්‍යාත්මකව උරුම වු බලය නිසායි කියා මා හිතනවා.

    ReplyDelete
  12. blog here replica designer bags check this link right here now replica ysl click to investigate replica bags online

    ReplyDelete