Friday, March 9, 2012

වයර් නැති ජාල වල දෝශ සෙවීමට පහසු ඔත්තු - Wireless Networking Troubleshooting Techniques

රැහැන් රහිත ජාල පහසුකම් එහෙමත් නැත්නම් Wireless Networking දැන් බහුලම භාවිතා වෙනවා. එහිදී වාසි වගේම අවාසිත් කිහිපයක් තිබෙනවා. වයර් මගින් ජාලගතවීමේදී ඒවා සදහා RJ-45 කෙවෙනි ප්‍රමාණවත් තරම් පරිශීලකයන් සදහා එම කාර්යාල අවකාශයේ තිබීම, වයර් ඇදීමේදී අවහිරතා මතුවීම, පෑගීමට හෝ යම් යම් තියුනු දේවල් ඒ මත වැටීමෙන් වයර් පළුදුවී, ඇඹරී කැඩී බිදීයාම වැනි කාරණා වගේම අළුතෙන් කෙවෙනි සවි කරන්නේ නම් තාක්‍ෂණික දැනුම හිමි අය වෙතින් එම කාර්යය සිදුකරගන්නට වීම වගේ කාරණා වලට මෙම Wireless Networking ක්‍රමය හොද විකල්පයක් වුනා. මොකද දීර්ඝ කාලයක් යන්නේ නැතුව දැනට Wireless Network cards නැති පරිගණක යන්ත්‍ර වලට වුනත් ඒවා Internal හෝ External දෙවර්ගයෙන් කැමකි ආකාරයනට ලබාගෙන, Wireless Access Point එකක්ද ආධාර කොටගෙන ඉක්මනින් ස්ථාපනය කරගැනීම වගේ පහසුගකම් මේ ක්‍රමය යටතේ තිබෙනවා. ඒ වගේම Broadcast Enable කර තැබීම මගින එම සේවාස්ථානයට පිටතින් පැමිනෙන අමුත්තෙකුට වුනත් පහසුවෙන්ම තමන්ගේ ජංගම පරිගණක ආශ්‍රයෙන් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව මේ ක්‍රමය ඔස්සේ තිබීම වාසියක්.

හැබැයි වයර් ආධාර කොටගෙන තිබෙන ජාල වලට සාපේක්‍ෂව සමහර වෙලාවට අනපේක්‍ෂිත ලෙස Wireless Network බිදවැටෙනවා අත්දැකීමෙන්ම අත්විදලා තිබෙන දෙයක්. ඒ නිසා ඔබටත් මේ වගේ තත්ත්වයකට මුහුන දෙන්න වුනොත්, යම් තාක් දුරකට හෝ නිරාකරණය කරගැනීම පහසුවෙන Troubleshooting Flow Chart කිහිපයක් ඉදිරිපත් කරන්න සිතුනා. හැබැයි මේ Chart වල තිබෙන කාරණා එකින් එක විස්තර කිරීම නම් කරන්නේ නැහැ. යම් හෙයකින් ඔබට අවශ්‍ය වුනොත් විමසන්න එවිට ඒ ගැනත් කියන්නම්...(මේවා මත Click කර විශාලනය කර බලන්න).

Page 3 ලෙස දක්වා ඇත්තේ මේ පින්තූරයයි

Page 4 ලෙස දක්වා ඇත්තේ මේ පින්තූරයයි


4 comments:

  1. හැමදාමත් කියනවා වගේ සුපිරි ලිපියක්,එත් දීපාල් ඔබ ලියන ගවේෂණත්මක ලිපි කියවන්නේ ගොඩක් ආසාවෙන්, ඒ නොදන්නා , ඒ වගේම ලේසියෙන් හොයාගන්න බැරි තොරතුරු කියලා දෙන නිසා, මෙතකදී ලියපු හිට්ලර් ගැන ලිපිය නැවත නැවතත් බලන්න හිතෙනවා. ඉතින් පාඨකයෙක් විදියට ඉල්ලන්නේ පුලුවන්නම් තවත් එවැනි ලිපි ටිකක් වැඩියෙන් පල කරන්න කියලා.

    ReplyDelete
  2. මටනම් පරිඝනක ගෑන එතරම් දෑනීමක් නෑහෑ.නමුත් වෑදගත් ලිපියක්.

    ReplyDelete
  3. නියමයි මචන්..වැදගත්

    ReplyDelete