-->

Sunday, February 27, 2011

Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම - (The Great Siberian Explosion)

මෙම සංසිද්ධිය වූ අවධියේ ඔබ හෝ මා ඉපදීවත් නැහැ. මෙයත් සිදුවූයේ  රුසියාවේ සයිබීරියා කලාපයේ Tunguska නම් ප්‍රදේශයේදීයි. මෙය සිදුවූයේ මීට වසර සියයකටත් පෙර එනම් 1908 ජුනි 30 වන දින උදේ 7.14 ට පමණ බව කියවේ. සයිබීරියාවේ ටයිගා වනන්තර පෙදෙසක් වන Tungusk ගංඟාව ආශ්‍රිතව විසූ කුඩා  මිනිස් ජනාවාසයේ විසූවන්ට හිටි හැටියේ දකින්නට ලැබුනේ අති විශාල ගිණි බෝලයක් බදු දෙයක්. එහි පිපිරුම් ශබ්දයද බොහොම භයංකරවූවක් වී තිබෙනවා. එය කොතෙක්ද යතහොත් සැතපුම් දහසක පමණ දුරකට ඇසී තිබෙන අතර සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි ලන්ඩන්හි විසූවන්ට මධ්‍යම රාත්‍රියේ පවා දකින්නට ලැබී ඇත්තේ හිරු කලින්ම පායා ඇති සේ ආලෝකයක්.

අද තරම් දියුණු තත්වයේ නොතිබුන එදා ලෝකයට මෙම සිද්ධිය මහත් කුතුහලයක් හා වික්‍ෂිප්ත බවක් ඇතිකිරීමට හේතුවූ අතරම කිසිසේත්ම කඩිනමින් ලගාවීමට නොහැකි පෙදෙසක් වූ නිසා සහ අද තරම් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ නිවැරදි හෝ කාර්යක්‍ෂම හෝ දියුණු ක්‍රමවේදයක් නොතිබූ එම යුගයේ මේ පිළිබදව විවිද මත පලවීම ස්වාභාවිකවුනා. එසේම අදාල ප්‍රදේශයේ සහ රුසියාවේ විසූවන්ට නම් මෙම පිපිරීම ඉමහත් භිතියක් ගෙන දුන්නා නිසැකයි. ඔවුන් සිතුවේ "ලෝක විනාශය සිදුවේගෙන එනවා" යනුවෙනුයි.


මෙම පිපිරුමත් සමගම භූකම්පනයක් හටගෙන තිබෙන අතරම එය රුසියවේ Irkutsk, Tashkent, Tbilisi, වන ප්‍රදේශ වලට මෙන්ම ජර්මනියේ Jena ප්‍රදේශයටද දැනී ඇතඑසේම දේශපාලනික පිටුවහලුන්ට පරසිදු නවාතැනක්වන සයිබීරියාවේ සිටි එවැනි පිටුවහල් කරනු ලැබූවකු වන T. N. Naumenko  යන අය ඒවන විට සිට ඇත්තේ Angara ගංඟාවට යාබද සහ මෙම පිපිරීම සිදුවූ ස්ථානයේ සිට 200 Km ගිණිකොන දෙසින් වූ කුඩා ගම්මානයක් වන Kezhma හිය. මේ ඔහු පවසන ආකාරයයි.


“The day was sunny and absolutely clear – not a cloud in the sky; no wind at all; complete silence. I was facing north. At about 7 o’clock the Sun was already quite high in the sky when there was a hardly audible sound of thunder. It was far away but it increased. There was a weak clap of thunder and I quickly turned to the south-east, towards the Sun. Its rays were being crossed from the right by a broad fiery-white stripe. On the left an elongated cloudy mass was flying to the north. It was even brighter than the stripe – dimmer than the sun’s disk but almost as bright as its rays.

A few seconds after the first clap of thunder, there was a second much louder. The flying lump was no longer visible, but its tail (the stripe) was now to the left of the Sun’s rays. It was getting broader than it was when on the right. Almost immediately there followed a third clap of thunder, so powerful that the earth trembled and a deafening rumble resounded over the boundless Siberian taiga”.

එසේම එදා රුසියාවේ පුවත් පත් පිරුනේ මෙවන් ලිපි වලින්;
...a huge meteorite is said to have fallen in Tomsk several sagenes from the railway line near Filimonovo junction and less then 11 versts from Kansk. Its fall was accompanied by a frightful roar and a deafening crash, which was heard more then 40 versts away. The passengers of a train approaching the junction at the time were struck by the unusual noise. The driver stopped the train and the passengers poured out to examine the fallen object, but they were unable to study the meteorite closely because it was red hot...

Siberian Life newspaper, July 27, 1908 
"When the meteorite fell, strong tremors in the ground were observed, and near the Lovat village of the Kansk uezd two strong explosions were heard, as if from large-caliber artillery."

මේ එංගලන්තයේ පුවත් පත් වල ඒ පිළිබද සටහන් වූ අයුරුයි.


කෙසේ නමුත් කාලය වසර 19 ක් ගෙවී ගියා. ඒ වසර 19 තුල රුසියාව තුල විවිද හැලහැප්පීම්, වෙනස්කම් රැසක් සිදුවී තිබුනා. 1927 Tungusk සිදුවීමට තවත් සංධිස්ථානයක් වූවා යයි කීම වරදක් නැහැ. ඒ මන්දයත්
මෙම සිද්ධිය ගවේශනය සදහා මොස්කව් සිට  සෝවියට් විද්‍යා ඇකඩමියේ පළමු විද්‍යාඥන් කණ්ඩායම සයිබීරියාවේ මෙම වනගත පෙදෙස කරා ගමන් ගත්තා. ඒ භූ විද්‍යාඥ Leonid Kulik ගේ නායකත්වයෙන් යුතුව වන අතර ඔවුන්ට පැවරුන මුල්ම රාජකාරිය වූයේ මෙම පිපිරුම කවරක් නිසා සිදුවූයේද යන්න සොයා බැලීමයි.

පළමු තීරණය
වසර 19 ක් ගෙවුන පසුවත් ඔවුන්ට මෙම ගමන දුෂ්කරතා මධ්‍යයේ යාමට සිදුවු බවත් කිවයුතුයි. මුලින්ම ඔවුන්ට අපි සයිබීරියාව පිළිබද ලිපියේත් කතා කල Trans-Siberian දුම්රියෙන් කුඩා නගරයක් වන Tayshet කරා ගමන් කල අතර එතැන්සිට අශ්වයන්, බෝට්ටු සහ හිම යානා මගින් ඊලගට Vanavara කරා ගමන් ගත් අතර නැවතත් විශේෂීත බෝට්‍ටු තනා ගැනීමෙන් අනතුරුව අදාල ස්ථානය කරා ගමන් ගත්තා. ඒ අතරතුර විවිදාකාර මූලාශ්‍රවලින් ඔවුන් මෙම අද්භූත පිපිරීම ගැන දත්ත එක්රැස්කර ගත්තා. විශේ‍ෂයෙන්ම මෙම සිදුවීම වන කාලයේ එම ප්‍රදේශ වල විසූ මෙය පිළිබද පිළිගත හැකි දත්ත සැපයිය හැකි පුද්ගලයන් වෙතින්  වාචිකව ලබාගත් දත්ත සුවිශේෂයි.මේ අනුව Kulik ගේ මේ සිදුවීමට මුල්වු කරුන පිලිබද අදහස වූයේ මෙය උල්කාපාතයකින් සිදුවුනා යන්නයි.


මේ එසේ එක්රැස් කරගත් තොරතුරු කිහිපයක්.
  Testimony of S. Semenov, as recorded by Leonid Kulik's expedition in 1930.
"At breakfast time I was sitting by the house at Vanavara trading post (65 kilometres/40 miles south of the explosion), facing North. [...] I suddenly saw that directly to the North, over Onkoul's Tunguska road, the sky split in two and fire appeared high and wide over the forest (as Semenov showed, about 50 degrees up - expedition note). The split in the sky grew larger, and the entire Northern side was covered with fire. At that moment I became so hot that I couldn't bear it, as if my shirt was on fire; from the northern side, where the fire was, came strong heat. I wanted to tear off my shirt and throw it down, but then the sky shut closed, and a strong thump sounded, and I was thrown a few yards. I lost my senses for a moment, but then my wife ran out and led me to the house. After that such noise came, as if rocks were falling or cannons were firing, the earth shook, and when I was on the ground, I pressed my head down, fearing rocks would smash it. When the sky opened up, hot wind raced between the houses, like from cannons, which left traces in the ground like pathways, and it damaged some crops. Later we saw that many windows were shattered, and in the barn a part of the iron lock snapped."

  Testimony of Chuchan of Shanyagir tribe, as recorded by I.M.Suslov in 1926.
"We had a hut by the river with my brother Chekaren. We were sleeping. Suddenly we both woke up at the same time. Somebody shoved us. We heard whistling and felt strong wind. Chekaren said, 'Can you hear all those birds flying overhead?' We were both in the hut, couldn't see what was going on outside. Suddenly, I got shoved again, this time so hard I fell into the fire. I got scared. Chekaren got scared too. We started crying out for father, mother, brother, but no one answered. There was noise beyond the hut, we could hear trees falling down. Me and Chekaren got out of our sleeping bags and wanted to run out, but then the thunder struck. This was the first thunder. The Earth began to move and rock, wind hit our hut and knocked it over. My body was pushed down by sticks, but my head was in the clear. Then I saw a wonder: trees were falling, the branches were on fire, it became mighty bright, how can I say this, as if there was a second sun, my eyes were hurting, I even closed them. It was like what the Russians call lightning. And immediately there was a loud thunderclap. This was the second thunder. The morning was sunny, there were no clouds, our Sun was shining brightly as usual, and suddenly there came a second one!

"Me and Chekaren had some difficulty getting under from the remains of our hut. Then we saw that above, but in a different place, there was another flash, and loud thunder came. This was the third thunder strike. Wind came again, knocked us off our feet, struck against the fallen trees.

"We looked at the fallen trees, watched the tree tops get snapped off, watched the fires. Suddenly Chekaren yelled 'Look up' and pointed with his hand. I looked there and saw another flash, and it made another thunder. But the noise was less than before. This was the fourth strike, like normal thunder.

"Now I remember well there was also one more thunder strike, but it was small, and somewhere far away, where the Sun goes to sleep." 



First Visit to Ground Zero

මෙම විද්‍යාඥයින් පිරිස අදාල පිපිරුම සිදුවු ස්ථානය ප්‍රථම වරට දුටුවිට කම්පනයට පත්වූ බව ඉදුරාම කිය හැකියි. ඒ වසර 19 ක් ගතවීත් සිදුවූ විනාශයේ නටඹුන් එලෙසින්ම පැවති නිසයි. පළමුවම ඔවුන් දුටුවේ අගිස්ස සිදුන ගස් රාශියක්. තවදුරටත් ඉදිරියට ගිය ඔවුන් දක්නට ලැබුනේ විශාල ප්‍රදේශයක එක පේලියට වැටී ඇති ගස් අති විශාල සංඛ්‍යාවක්. මෙම ගස් වැටී ඇති ර්‍භමියේ ප්‍රමාණයම කොතෙක්ද කිවහොත් එය එංගලන්තයේ ලන්ඩන් නගරය සහ ඇමරිකාවේ නිව්යෝර්ක් නගර දෙකේ භූමි ප්‍රමාණවල එකතුවට සමානයයි කීවත් වැරදි නැහැ. එසේම ගස් වැටී ඇති අයුරු කිවහොත් කේන්ද්‍රයක් මුල් කරගෙන වෘත්තාකාර ලෙස එක් දිශාවකට පමණක් වැටී තිබුන බව පැවසේ. මෙම කේන්ද්‍රය දෙසට ගිය Kulik ඇතුළු පිරිසට දැක ගන්නට ලැබුනේ තවත් පුදුම උපදවන දෙයක්. ඒ මෙම කේන්ද්‍රයේ පිහිටා ඇති ගස් බොහෝමයක් විනාශ නොවී පැවතීමයි. ඒ අනුව ඔවුන්ගේ මතය වූයේ මෙම පිපිරීම පොළව මත සිදුවූවක් නොව ඊට ඉහලින් සිදුවූ දෙයක් යන්නයි.තවත් කරුණක් වන්නේ මෙහි කඩා වැටුන සහ නොවැටුන ගස් රැසක් අසාමාන්‍ය පිලිස්සීමකට ලක්වී තිබීමයි. එය ලැව්ගින්නකින් සිදුවූවාට වඩා වෙනස් ආකාරයක් ගත් බව කියවේ. ඉන් අනතුරුව ඔවුන් මෙහි එරෙන සුළු පො‍ළව කනින්නට පටන් ගත්තා. ඒ වැටුනා යයි සිතන උල්කාපාතයේ ඉතිරිව ඇති කොටස් සෙවීමටයි.

  පිපිරුම සිදුවූ ස්ථානය සියැසින් දුටු Kulik එය තම දිනපොතේ සටහන් කලේ මෙලෙසයි.

“I am still unable to sort out the chaos of the impressions that I took from that excursion and I even cannot imagine the whole colossal scale of this extraordinary meteorite fall. Here is a very hilly, almost mountainous locality, extending for tens of kilometers behind the northern horizon. From our

observation point one  can see no sign of living forest: everything has beenleveled and scorched... It is so terrible to see the giants with a diameter of about one meter broken in two like a thin reed with their tops thrown aside for many meters to the south”.

දෙවන තීරණය

ඔවුන්ට බලාපොරාත්තුවූ දේවල් හමුවුනාද? පිළිතුර නැත. කනින ලද කිසිදු තැනකින් උල්කාපාතයක සලකුනක් හෝ දක්නට ලැබුනේ නැහැ. එසේනම් මෙම පිපිරුම සිදුවූයේ කෙසේද?? දෙවනුව ඔවුන් තීරණය කලේ මෙය වෙනත් ලෝකයකින් පැමිනුන අභව්‍යාකාශයානයක් හදිස්සියේ ගොඩබැස්සවීමට යාමේදී පොළවට ඉහලින් වායුගෝලය තුල සිදුවූ පිපිරීමක් යන්නයි. මෙම අදහසට පක්‍ෂව කීර්තිමත් ගවේශකයකුවන ආචාර්යය Alexsei Zolotov වැන්නුවන් පවා අදහස් දක්වන්නට විය. ඔවුනගේද මතය වූයේ මෙම පිපිරුම කෘත්‍රීම වස්තුවක් නිසා ඇතිවන්නට ඇතැයි කියාය. කෙසේ වෙතත් ගවේශන කටයුතුනම් අතිදුෂ්කරතා මධ‍්‍යයේ සිදුකිරීමට සිදුවූ බව නම් කිව යුතුයි. කටුක දේශගුණය, මොස්කව් සිට ඇති අධික දුර මෙන්ම ප්‍රධාන වශයෙන් මදුරුවන් ආදී පීඩාකාරී කෘමීන්ගෙන් Kulik ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසට විදින්නට සිදුවූ දුක්ගැහැට නම් අප්‍රමාණවුනා. එසේම මෙවන් දුෂ්කරතා විදීමෙන් ගවේෂකයන්ට වැලදුන ලෙඩ රෝගත් අමතක කරන්න බැහැ. 


සමාන නෑයන්
මේ අදහස පසුකාලීවනද පිළිගත හැකි තත්වයක තිබින. එයට හේතුව හිරෝශිමාවේ පරමාණු බෝම්බයේ පිපිරුමත් ඊට වසර 40 කට පෙර සිදුවූ Tunguska පිපිරුමත් අතර සමාන කම් ඉස්මතුවීමයි. හැබැයි පිපිරුමේ ප්‍රබලත්වය පරාජය කිරීමට හිරෝශිමාවේ පිපිරුන "Little Boy" පරමාණු බෝම්බයට නම් නොහැකි විය. එයට හේතුව Tunguska පිපිරුමේ විනාශය සහ ප්‍රබලත්වය හිරෝශිමා පිපිරුමට වඩා දහස් ගුණයක ප්‍රබලත්වයකින් යුතුවීමයි.
එසේම පැහැදිලිවම කියන්නේ නම් මෙම පිපිරුම මෙගා ටොන් 40 – 50 ක් අතර TNT පිපිරුමක් හා සමාන වන අතරම අනෙක් අතින් හිරෝෂිමාවට ඇමරිකාව දැමූ පරමාණු බෝම්බය මෙන් 3000 ගුණයක ප්‍රබලත්වයක් ඇතැයි පැවසේ.


මොනයම් හෝ හේතුවක් නිසා මෙවැනි ආකාරයේ ප්‍රබලත්වයකින් යුතු පිපිරීමක් St.-Petersburg, London හෝ New York යන නගර වල සිදුවුනි නම් ‍එම නගර මුළුමනින්ම විනාශවේ.

නැවතත් ගවේශනය
කෙසේ වෙතත් නැවතත් මේ පිළිබද ගවේශනය කිරීම ඇරඹුනේ 1958 දී. ඒත් ඒ වන විට පළමු ගවේශනයේ පුරෝගාමියා වූ  භූ විද්‍යාඥ Leonid Kulik මෙලොව හැරගොස් අවසන්.ඒ දෙවන ලෝක යුද්‍දයේදී ජර්මන් හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදුව නාසි සිරකදවුරකදී Typhus උණ රෝගය වැලදීමෙන්, 1942 අප්‍රේල් 24 වන දිනදී.

මෙවර නම් යම්කිසි සාක්‍ෂියක්ද සොයාගන්නට ලැබුනා. එසේම අදාල ප්‍රදේශය වෙත යාමට ගුවන් යානා භාවිතා කිරීමේ පහසුකම ලැබී තිබුනා. ඔවුන් ඉතාමත් අපහසු කැනීම් සහ පරීක්‍ෂාකිරීම් රැසක් සිදුකරනු ලැබුවේ උල්කාපාතයක් හෝ වනයම් ආකාෂ වස්තුවක සලකුනක් හෝ තිබේද යන්න දැනගැනීමටයි. එහෙත් ඔවුන් බලාපොරොත්තුවූ තරම් දෙයක් නොලැබුනත් කුඩා සිලිකන් කැබලි සහ ලෝහ කැබලි කිහිපයක් නම් සොයාගැනීමට හැකිවුනා. ඒ සමගම න්‍යෂ්ඨි පිපිරීමක් ගැන අනුමාන කිරීමේ සිද්ධාන්තයට නව ගැම්මක් ඇතිවුනා. එසේම පිපිරුම පොලොවේ සිට 8 Km පමණ උසකින් සිදුවන්නට ඇතැයි අනුමාන කලා.
තවද ලෝකයේ පළමු පරමානු බෝම්බය පිපිරීමෙන් පසු වෙනස් දිශාවකට යොමුවූ මෙම Tunguska පිපිරීම ගැන පරීක්‍ෂනද අළුත් මුහුනුවරක් ගත්තේය. එනම මෙම පිපිරීමද කිසියම න්‍යෂ්ඨික පිපිරීමක්ද යන්න යන සැකයයි. සෝවියට් විද්‍යාගාරවල මේ පිළිබද පර්යේෂන සිදුකල අතර එම පර්යේෂන ප්‍රතිළුල හා හිරෝෂිමාවේ පරමාණු බෝම්බය පිපිරීමෙන් පසු දැක ගන්නට හැකිවූ දසුන් අතර යම් සමාන කමක්ද විය. එනම් පිපිරුම් කේන්ද්‍රයේ තිබු ගොඩනැගිල්ල විනාශ නොවී තිබුන අතර පරීක්‍ෂනයේ ප්‍රතිළුලයද ඊට සමානවිය.එසේම Tunguska වේද පිපිරුම සිදුවූ කේන්ද්‍රයේ තිබු ගස් විනාශ නොවීමද අමතක කල නොහැකි සමාන සංසිද්ධියක් විය.


හිරෝශිමා බෝම්බය පිපිරුනායයි සලකන ස්ථනය

මීට අමතරව Kulik පැවසූ කරුන වන උල්කාපාතයක් හෝ කිසියම් ආකාශ වස්තුවක් වන වල්ගාතරුවක් වැනි දෙයක් කඩා වැටීමට අමතරව විශ්වයේ පවතිනවායයි කියන සියල්ල ගිලගන්නා කළු කුහරයක් හෙවත් “Black Hole”  එකක් මෙම ස්ථානයට කඩා වැටී සියල්ල විනාශකොට නැවත අතුරුදහන්වූවා යයි වෙනත් මතයක්ද පලවී ඇත.

තව දෙයක් සොයා ගැනීමට හැකිවුනා. එනම් මෙම පිපිරීම් සිද්ධියෙන් පසු එම පුදේශයේ වෙසෙන සත්වයන්ගේ සහ ශාකවල ස්වාභාවික තත්වයට වඩා වෙනස් තත්වයක් තිබීමයි. විශේෂයෙන් සතුන් අතරින් කෘමි විශේෂවල විවිද වෙනස්කම් ඇතිවී තිබූ අතර ශාක වල වාර්ශික වර්ධනය 1908 න් පසුව වැඩිවී තිබුනා.
තවත් ප්‍රධාන ගවේශකයෙකුවූ ආචාර්ය Nikolai Vasilieyev ගේ සුපරික්‍ෂාවකදී හෙලිවූ තවත් කරුණක් වූයේ මෙම සිදුවීම සිදුවූ ප්‍රදේශයේ විද්‍යුත් චුම්භක ක්‍ෂෙත්‍රයේ ඇති කැලඹිලි ස්වභාවය මෙන්ම හයිඩ්‍රජන් වායු සාන්ද්‍රනයද අධිකවීමයි. මෙහි ඇති අපූරුමදෙයවන්නේ මෙම පුදේශයේ තවමත් සෑම වසරකම ජුනී අග සහ ජූලි මුල් කාලය අතර මේවා මනින උපකරණවල වෙනදාට වඩා විද්‍යුත් චුම්භක ක්‍ෂෙත්‍රයේ ඇති කැලඹිලි ස්වභාවය සහ හයිඩ්‍රජන් වායු සානද්‍රනය වැඩි අගයන් පෙන්වීමයි.




ඇත්තෙන්ම මෙම “Tungaska Event ලෙස හැදින්වෙන මෙම සිදුවීම මාහට මුලින්ම දැක ගතහැකි වූයේ මීට පෙර ඔබ සත් සමුදුරේදි දැකගත් Nascar lines ලිපියේ සදහන් කල Arther.C. Clark මහතාගේ Mysterious World පොතෙන්මයි. එහෙත් මෙම ලිපියේ සදහන් කරන්නට යෙදුන කරුණු පොතේ සදහන් කරුණුවලට වඩා වැඩි ප්‍රමාණයක් වන අතර ඒවා අන්තර්ජාලයෙන්, Discovery සහ History යන රූපවාහිනී ආයතන නිපදවූ වාර්තාමය වැඩසටහන් වලින් සොයාගන්නට ලැබුන කරුණුද බව සදහන් කරමි. 

එසේම අවසන් වශයෙන් පවසන්නට ඇත්තේ මෙම සංසිද්ධිය ගැන විවිද මත පලවූවත් තවමත් මෙය නොවිසදුන අභිරහසක්බවයි.


***********   Even today the exact cause of the explosion is unknown. **********

Saturday, February 26, 2011

Rambo සිංදු කියයි!!

Rambo කියන‍්නේ කව්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුලින්ම ලියපු සිනමාව ගන සටහන් වලිනුත් එකක් වුනේ මෙයා ගැනයි. Sylvester Stallon ගේ ලංකාවේ නම් මම හිතන්නේ එතරම් ජනප්‍රියවෙච්ච හෝ දැකගන්න නැති චිත්‍රපටි දෙකක් ගැන තමයි අද නම් කියන්නේ. මේ මුලින්ම කියන එකේ නම් Sylvester සිංදුත් කියනවා. ඒ වගේම ඒක විහිළු ච්‍ත්‍රපටියක් කිව්වත් වරදකුත් නැහැ. මේකේ නම තමයි Rhinestone. Taxi රියදුරෙකු වෙලා ඉදලා country music star කෙනෙක් වෙන එකේ බොහොම විනෝදාත්මක කතාවක් තමයි තියෙන්නේ. Stallon වගේම ප්‍රධාන නිළිය ලෙස රඟපාන Dolly Parton ට, මේ කියන country music පිළිබද තිබෙන නිපුනතාවයත් නිසාම චිත්‍රපටිය තවත් ප්‍රේක්‍ෂකයා ඇදබැද තබා ගන්නවා කිව්වත් වරදක් නැහැ.

දෙවන චිත්‍රපටියත් අපේ රටේ නම් ජනප්‍රිය වුනාද දන්නෑ ඒකත් විනෝදාත්මක එකක්.එකේ නම තමයි Stop! Or my mom will shoot.පොලිස් නිලධාරියෙක්‍ගේ චරිතය රඟපාන Stallon සහ ඔහු බැලීමට පැමිනෙන ඔහුගේ මව නිසා සිදුවන විනෝදජනක දේවලින් පිරුන මෙම සිනමා සිත්තමත් බොහොම රසවත්.

මෙම චිත්‍රපටි දෙකම VHS යුගයේ එසේත් නැත්නම් 80 දශකයේ නිපැයුන නිර්මාණ. සාමාන්‍යයෙන් Sylvester Stallon අපිට දැකගන්න හම්බවෙන්නේ ක්‍රියාදාම චිත්‍රපටිවලින් වුනත් ඔහුට විහිළු නළුවෙකුවුනත් වෙන්න බැරි නැහැ කියන්න මෙම චිත්‍රපටි දෙක හොද උදාහරන කියල කියන්න පුළුවන්.  මේවා torrent හරහා නම් සොයාගන්න අපහසුවෙන එකක් නැහැ. 

Friday, February 25, 2011

අහක යන ලෙඩ****@@@@!!!!????

මේ සටහන නෙමෙයි අද මෙතන තියන්න හිතාගෙන හිටියේ.ඒත් ඒක ඉවර කර ගන්න බැරිවුන නිසා පොඩි පරණ කතාවක් දාන්නම්. මේක වුනේ නම් මීට අවුරුදු 12 කට විතර ඉස්සර. මම ඒ කාලේ COMPUTER Cource  එකක් කරනවා. එක දවසක් ඒ පංතිය ඉවර වෙලා බස් එකේ ගාල්ලේ ඉදල එනකොට වැලිගම බහින්න ඔන්න මෙන්න තියලා දොර ගාවට ආවා. එතන හිටියා ගැහැණු අය දෙදෙනෙක් මැදිවියට ආසන්න වුන. මේ අය මාව දැක්ක හැටියේ එයින් එක්කෙනෙක් ඇහුවා “මල්ලි නේද අපි අර මාලේ රත්තරං ගාගන්න ආපු තැන ඒක කරන්න හිටියේ” කියලා. මට මේ මොනව අහනවද කියල හිතාගන්න බැරිවුනා. මම ජීවිතේටම අඩුම ගානේ ඒ වෙනකම් එහෙම දෙයක් අඩුම ගානේ කරගන්න වත් ගිහිල්ල නැද්ද කොහේද. මම කිව්වා “ඒ මම නෙමෙයි. ඔය ගොල්ලන්ට වැරදිලා” කියල. ඒ පාර අර කලින් ගැහැණු එක්කෙනාම කියනවා “ නැහැ නැහැ ඔයා තමයි එතන හිටියේ. ඔයා තමයි මාලේ අරගෙන ගිහිල්ල ආපහු ආවේ නැත්තේ. ඇයි අපි වගේ දුප්පත් මිනිස්සුන්ට මෙහෙම කරන්නේ”.

මේ මනුස්සයට මම දෙන උත්තරේ මොකක්ද?  කොච්චර මම නෙමෙයි කිවුවත් අහන්නේ නම් නැහැ. හොද වෙලාවට බස් එක වැලිගම බස් හෝල්ට් එකට ආවා. තවත් හොද වෙලාවට මේ මනුස්සා එක්ක හිටිය අනිත් ගැහැනු එක්කෙනත් "ඒ මම වගේ කෙනෙක් තමයි. ඒත් ඒ මෙය නෙමෙයි" කියල හොදවෙලාවට කිවුවා. නැත්තම් අහක යන ලෙඩකට තමයි මම නිස්කාරනේ පැටලෙන්නේ.

මේ වගේ දේවල් නිසා අපි කව්රුත් මතක තියාගන්න ඕන කෙනෙකුට යමක් කියන්න, කරන්න කලින් හොදට හිතල බලල, කියන දේ හෝ කරන දේ කරන්න. කෙනෙකුට ගැහුවොත් ඒක නිසා ටික වෙලාවක් විතරයි රිදෙන්නේ. හැබැයි කියන දේ නිසා සිදුවන දේ කාලයක් හෝ ජිවිත කාලෙම තියෙන්න පුළුවන්. 

Wednesday, February 23, 2011

Images size ලේසියෙන්ම වෙනස් කරමු...

මේකත් පොඩිවැඩක් තියෙන සටහනක්. කලින් ලියපු එකම පේලියට පින්තූර ගොඩක්... බ්ලොග් එක සෑහෙන්න දෙනෙක් බලල තිබුනා. ඒක නිසාම තමයි මේකත් ඔය අයට ප්‍රයෝජනයක්වෙයි කියල දාන්න හිතුවේ. ඇත්තෙන්ම කියනවනම් සත් සමුදුරේ මේ වෙනකම් ලියපු බ්ලොග් සටහන් අතරින් වැඩිම දෙනෙක් බැළුවේ ඒ සටහන තමයි. හැබැයි ඒ ගැන අදහස් නම් දක්වල තිබුනේ එකම එක්කෙනයි. කමක් නැහැ කවුරුහරි එ‍කෙන් වැඩක් ගනීවි කියල වත් සතුටුවෙනවා.

මේකත් සෑහෙන්න හොදයි කියල හැතනවා. අපි පින්තූරයක් බ්ලොග් සටහනකට ඇතුළුකරහම සමහර වෙලාවට ඒක ලොකු හෝ පොඩි කරගන්න ඕන වුනහම අපිට ලැබෙන Option වන Small, Medium, Large, Extra Large  සහ Original කියන ප්‍රමාණ විතරයිනේ. සමහර වෙලාවට අපිට මේ කියන ප්‍රමාණවලට වඩා වෙනස් ප්‍රමාණ වලිනුත් ලොකු හෝ පොඩි කරගන්න ඕන වුනොත් කරන්න තියෙන්නේ මුලින්ම Compose එකේදි image එකක් insert කරගන්න.


ඊට පස්සේ Edit HTML ගිහිල්ලා එකේදි image එකේ code එකේ height  සහ width කියන දෙක delete කරන්න. ඊට පස්සේ ඊතලයකින් දකවල තියෙන s320 කියන අගයේ 320 වෙනුවට මේ පින්තූරය ලොකු කර ගන්න ඕන නම් 320 ට වඩා වැඩි අගයකුත්, කුඩා කරගන්න ඕන නම් 320ට වඩා අඩු අගයක් දෙන්න, මෙන්න මේ විදියට...

Original image code :
After Height and Width remove  and new S

මෙන්න ප්‍රතිඵල ------


ඔබගොල්ලොත් මේක අත්හදා බලල අළුත් දෙයක් තිබුනොත් මටත් කියන්න.

Tuesday, February 22, 2011

Blog Post එක තුලට තව වෙබ් අඩවියක් ඔබ්බමු...

මෙන්ත තව බ්ලොග් වලට දාගන්න පුළුවන් පොඩි දෙයක්. හිතන්න බ්ලොග් එකේ Post එකකට web page එකක් දාගන්න ඕන වුනයි කියල මේ පහත දක්වල තියෙන විදියට.



ඒකට මෙන්න මේ code එක Edit HTML එකට ගිහිල්ල ඕන කරන තැන Type කරන්න.


මෙතන height සහ width එක මනාපය පරිදි වෙනස් කර ගන්න.  src කියන එක ඉදිරියෙන් දක්වා ඇති link එකට ඔය අය කැමති එකක් දාගන්න.


මේක මම දැන ගත්තෙත් Statistics බ්ලොග් එක ලියන මිතුරාගෙන්.

Sunday, February 20, 2011

එකම පේලියට පින්තූර ගොඩක් ...........

එකම පේලියට පින්තූර ගොඩක් දාන ගැටළුව  කලින් ලියපු  පෝස්ට් ගණනාවකදි ආව. ඒත් ඒ වෙලාවේ ඒකට විසදුම් හොයන්නේ නැතුව ඉදලා මීට කලින් ලියපු "ගොපළු කොළුවා නැතහොත් දඩබ්බර පොලිස්කාරයා" ලිපියේදී විසදුම හොයාගත්තා සමහරවිට ඔබනම් මේක කරන විදිය දන්නවත් ඇති. මට තේරෙන සරල විදියට කර ගන්න විදිය අන්තර්ජලයෙන්ම සොයා ගත්තා. උදාහරණයක් විදියට එකම පේලියට පහත තියෙන විදියට පින්තූර දෙකක් දාගන්න ඕනවුනයි කියමුකෝ..


මේක කරන්න මම table එකක් මෙකනට දැම්මා. ඒක කරන්න Edit HTML වෙත Compose සිට මාරුවුනා.
ඊට පස්සේ පින්තූර දෙකම එක පේලියට ගන්න ඕන තැනට මෙම කේතය දැම්මා.
දැන් මේ table එකේ Cell ඇතුලට images එකතු කරන්න ඕන. ඒ නිසා මෙහි දැක්වෙන row1,cell 1 සහ raw1, cell2 කියන ඒවා වෙනුවට image codes ඇතුළුකරන්න ඕන. ඒකට පහත දැක්වෙන විදියට සාමාන්‍ය ආකාරයට පින්තූර දෙක Compose screen එකට insert කරල Edit HTML ගිහිල්ල ඒ Code දෙක ගත්තා.




දැන් මේ code දෙක වෙන වෙනම row1,cell 1 සහ raw1, cell2 කියන ඒවා වෙනුවට paste කරා.
එච්චරයි

මීට වඩා සාර්ථක ක්‍රමත් ඇති, මේ කිව්ව එක නවීකරණය කරන්න පුළුවන් විදිත් ඇති, ඔයගොල්ල දන්නවනම් මාවත් ඒ පිළිබද දැනුවත් කරන්න කියල ඉල්ලා සිටිනවා.

Saturday, February 19, 2011

ගොපළු කොළුවා නැතහොත් දඩබ්බර පොලිස්කාරයා

මම කියන්න හදන කෙනා ගැන ඔබ දන්නවා. එයා තමයි ඔබලා දැන් වසරකට හෝ කිහිපයකට පමණ පෙර හෝ නරඹපු Million Dollar baby, Mystic River වගේම Letters from Ivo Jima, Unforgiven සහ තවත් සම්මානනීය සිනමා සිත්තම් තිස්පහක අධ්‍යක්‍ෂකවරයා නැතහොත් නියමුවා මෙන්ම චිත්‍රපටි හා රූපවාහිනී වාර්තාමය චිත්‍රපටි තිස් හතරක බර පැන දරන්නා හෙවත් නිශ්පාදකයා. මෙයා තමයි බටහිර සිනමාවේ 1950 දශකයේ සිට 1990 දශකය දක්වාම ‍ගොපළු කොල්ලාගේ චරිතයට අපට දැනෙන ලෙස පණ පොවපු Clint Eastwood කියන ජ්‍යෙෂඨ සිනාමාවේදියා.

මම නම් මුලින්ම මෙම රංගධරයා දැක්කේ අපේ ගම් පියසේ තිබුන සිනමා ශාලාවක පෙන්වූ The Rookie කියන චිත්‍රපටියෙන්. ඒ 1995 දී. එතකොට Eastwood තාරුන්‍ය හමාර කල වයෝවෘද නළුවෙක්. ඉන් ටිකකලක් යනකම් මට මෙම නළුවා පිළිබද එතරම් මතකයක් වත් තිබුනේ නැහැ. නමුත් අප රටේ පලවන ඩයිජස්ට් වර්ගයේ සඟරාවක මෙම මිනිසා පිළිබද දීර්ඝ ලිපියක් දැකීමෙන් මොහු කොතරම් වටිනා කලාකරුවෙක්ද යන්න ඒත්තුගියා.

ඉන්පසු ටික කාලයකට පසු මට මුලින්ම දකින්නට ලැබුනේ Clint Eastwood, 1965  දී රඟපෑ For Few Dollars more චිත්‍රපටියයි. බැංකු මංකොල්ලයක් හා ඒ එක්කම පලිගැනීම යන කාරණා සමග මුසුවූ මෙම සිත්තම සැබැවින්ම ස්වාභාවිකම ගොපළු චිත්‍රපටියක් කිව්වත් වැරැද්දක් නැහැ.


මෙම චිත්‍රපටිය පුරාවටම Clint Eastwood ට අදාල චරිතයට දී ඇති නමක් ගැන සදහන් නොවන අතරම එනිසාම ඔහු මෙහදී බොහෝවිට හැදින්වුනේ "A man with no name" ලෙසයි.

මෙම චිත්‍රපටියේ මම ඇද බැද ගත් ප්‍රධානම සංසිද්ධිය මෙහි සංගීතය කිව්වොත් ඔබ පිළිගන්නවාද? ඔව් මම බලා ඇති චිත්‍රපටි අතරින් අතිවිශිෂ්ඨතම සංගීත කණ්ඩය තිබු චිත්‍රපටිය මෙයයි. ‍මෙම සංගීත කණ්ඩය ඔබත් අසා තිබෙනවා. මම කියන්නේ බොරුදැයි බලන්න. මම චිත්‍රපටියට වඩා වාර සංඛ්‍යාවක් බලා ඇත්තේ එම සංගීත කණ්ඩ ඇති කොටසයි. මෙන්න සංගීත අධ්‍යක්‍ෂක Ennio Morricone ගේ නිර්මාණයක් වූ එම කන්කළු සංගිත කණ්ඩය.

දෙවනුව මට බලන්න ලැබුනේ මෙම චරිතයටම සමාන සහ කතාවටත් යම් සමාන කමක් ඇති 1964 දී තිරගතවූ
A Fistfull of Dollars චිත්‍රපටියයි. එහිද A man with no name අන්වර්තයට ගැලපෙන සේ චරිත නිරූපණයක් දැකගත හැකිවූ අතරම තේමා සංගීතයද පෙර  කී Ennio Morricone ගේම වූ අතර එයද විශිෂ්ඨ එකක් විය.


ඉන්පසුව මෙම එක සමාන කතා දෙකටම තවදුරටත් නෑකම් කියන The Good, the Bad and the Ugly චිත්‍රපටියයි. මෙම 1966 දී තිරගතවූවක් වූ අතර චරිතයේ ස්වරූපය පෙර නිර්මාණ දෙකට සමාන කමක් කීවද කතා තේමාව වෙනස් ආකාරයක් ගෙන තිබුනි.
සංගීතය පෙර සංගීත අධ්‍යක්‍ෂකවරයාගේම කන්කළු නිර්මාණයක්වූ අතර මෙම චිත්‍රපටි තුනේම නියමුවා වූයේ දැන් ජීවතුන් අතර නොමැති Sergio Leone වේ.

ඉන් පසුව එකම චරිතය චිත්‍රපටි කිහිපයකම දක්නට ලැබුන දඩබ්බර පොලිස්කාරයාගේ භූමිකාවට පණ දුන් Clint, Dirty Harry හෙවත්  Harry Callahan ගේ චරිතය රැගත් Dirty Harry (1971)Magnum Force (1973), The Enforcer (1976), Sudden Impact (1983) සහ The Dead Pool (1988) යන චිත්‍රපටි පහ පුරා දක්නට ලැබුනි.

යුක්තිය පසිදලීම සදහා අපරාධකරුවන්කෙරේ කිසිදු අනුකම්පාවක් නොදක්වන නාහෙට අහන්නේ නැති පොලිස් නිලදාරියෙකුගේ චරිතය මතක හිටින සේ මේ කතා මාලාව තුලදී දැකගත හැකි විය.

මේවාට අමතරව කැපී පෙනෙන චිත්‍රපටි රැසකටද මෙම කතානායකයා දායක විය. ඒ අතර  The Outlaw Josey Wales, Pink Cadillac සහ තවත් විවිද විවිද අන්තයන් කරා ගිය චරිත රැසක් දැක ගන්නට හැකියි.

ඒ එක්කම මෑතක ඔහු රඟපෑ Blood Work, Gran Torino වගේ නිර්මාණවලදී තමන් දැන් වයෝවෘද අයෙකුවටහා ගෙන රගපෑම ප්‍රශංසනීයයි.මොකද සමහර නළුවන් තමන් කොතරම් වයසට ගියත් කොල්ලාගේ චරිතය රඟපෑමට ගොස් හාස්‍යයට ලක්වීමට බොහෝ චිත්‍රපටි වල දක්නට පුළුවන්. Gran Torino දී Eastwood බොහොම ගොරෝසු හඩින් ගීයක් ගයනවාත් අසන්නට හැකියි.

Clint Eastwood යනු වර්තමාන  ෙහාලිවුඩ් සිනමාව තුල දැවැන්ත චරිතයක් එසේත් නැතහොත් ජීවමාන පුරාවෘතයක් කියා කිවුවත් වරදක් නැහැ. රංගනයට ඇගයීම කෙසේ වෙතත් අධ්‍යක්‍ෂනයේදීනම් ඔහුට ලැබී ඇති තත්වය ඉහලයි.

ඒ කාර්යය සහ සාර්ථක සිනමා සිත්තම් ලොවට දායද කිරීම වෙනුවෙන් ඔහුගේ නමට ඔස්කාර් සම්මාන පහක් ලියවී තිබෙනවා.
ඒ අතරින් අධ්‍යක්‍ෂනයට අමතරව රංගනයෙන්ද දායක වූ Unforgiven  කාලයක් රසවිදිය හැකි චිත්‍රපටියක්.
දැන් මෙම ලිපියේ අවසානභාගයේදී Clint Eastwood ගේ ජීවිතය පිළිබදවද සුළුවෙන් කියන්නම්. 1930 මැයි 31 වන දින ඇමරිකාවේ උපත ලැබූ ඔහු පසුව හමුදාවට බැදී කොරියන් යුද්දයටද සම්බන්දවුනා. පසුව හමුදාවෙන් ඉවත්ව ජීවිතාරක්‍ෂකයෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු මුලින්ම කැපී පෙනෙන රංගනයක් දැක ගන්නට ලැබී ඇත්තේ 1959 සිට 1965 දක්වා රගපෑ Rawhide රූපවාහිනි කතා මාලාව තුලිනුයි.
Rawhide
පසුව ගොපළු චිත්‍රපටිවල නොමැකෙන මතක සටහන් තැබූ ඔහු රංගනයේදී Makeup වලින් තොරව ස්වභාවික අයුරින්ම රගපාන නළුවෙකුලෙසද නමක් දිනාගත්තා.

එසේම දේශපාලන කාර්යයන්වලද නිරතවූ ඔහු 1986 දී Callifornia වේ Carmel නම් කුඩා නගරයේ නගරාධිපතිවරයා ලෙසද පත්වී තිබෙනවා.

තවමත් සිනමා කර්මාන්තයේ නියැලෙන මෙම අද්විතිය මිනිසා තව තවත් නොමැකෙන මතකයන් අප අතර ඉතිරිකරනවා නිසැකයි.