ඇමරිකානු ඉංග්‍රීසි ව්‍යවහාරය ගැන ලිපි පෙළ ලියා ගෙන යන අතරතුරේ ඒකාකාරීබවෙන් මිදෙන්නත් එක්ක අද ලියා තබන්නේ මධ්‍යතන යුගයේ තවත් තොරතුරු පිළිබදවයි.
මධ්‍යතන යුගයේ සොල්දාදුවන් ගත් කළ එදා ඉහළ නිළධාරීන් ලෙස යුද බිමේ අණ දුන්නේ නයිට්වරුන්. මුල්කාලීනව නම් සාමාන්‍ය සොල්දාදුවන් බොහෝමයක් සංග්‍රාමික දක්‍ෂතාවයෙන් තොර ගම්බද ගැමියන්. ඔවුන් පුහුණුවෙන් අඩු, ඒවගේම දුප්පත් සහ සාමාන්‍යයෙන් සොල්දාදුවෙකු සතු විය යුතු නිර්භීතබවද නොමැති පිරිසක්. ඇත්තෙන්ම ඔවුන් යුද බිමට යවනු ලැබුවේ ඔවුන්ගේ නින්දගම් අයත්ව තිබූ ස්වාමිවරුන් විසින්.
විශේෂයෙන්ම 1095 දී පාප්තුමා විසින් කිතුනුවන්ගේ ශුද්ධ වූ දේශය වන පලස්තීනය හා එහි ශුද්ධ වූ නගරය වන ජෙරුසලම එවකට එය පාලනය කරමින් සිටි මුස්ලිම් ජාතිකයන්ගෙන් ගලවා ගැනීමට අරඹන ලද ශුද්ධ වූ යුද්ධය හෙවත් කුරුස යුද්ධයට සොල්දාදුවන් පොම්ප කරන්නාසේ යෙදවීම අත්‍යාවශ්‍ය කාරණයක්ව පැවතුනා. මෙම කුරුස යුද්ධය එතැන් සිට සියවස් තුනක් පුරාවටම වරින්වර පැවතුන බවද සදහන් කළ යුතුයි. මුල්ම කුරුස යුද්ධයේ ජය කතෝලික පල්ලියට නතු කර ගැනීමේ වරම ලැබුනත් ඉන් අනතුරුව වඩාත් ශක්තිමත්ව පැමිණි මුස්ලිම්වරුන් ඔවුන්ව පළවා හැර නැවත තමන් සතු කර ගැනීමට සමත් වුනා. ක්‍රි.ව. 1147 සිට 1270 දක්වා කතෝලිකයන් කුරුස යුද්ධ අටක් දියත් කරත් ඒ හැම එකකම ජය සතුව තිබුනේ මුස්ලිම්වරුන් අතෙයි.
මෙම ආගමික යුද්ධ වලට අමතරව ප්‍රධාන වශයෙන් මෙම යුගයේ සිදුවූ යුද්ධයක් සේ සැලකෙන්නේ 1337 සිට 1453 අතර කාලයේ යුරෝපීය ජාතීන් දෙකක් අතරම සිදුවූ එංගලන්තය සහ ප්‍රංශය අතර ඇතිවූ The hundred years war නම් යුද තත්ත්වයයි. මීට අමතරව වරින්වර රටවල් අතර ඇතිවූ යුද්ධයන් නොමැතිවුවහොත් තමන්ගේ රටේම ඒ ඒ බැරන්වරු අතරත් ඇනකොටා ගැනීම් සිදුවෙලා තිබෙනවා. අවසානයේ මොකා ඇනකොටා ගත්තත් වැඩිම හානිය සිදුව තිබෙන්නේ ඔවුන්ට අයත්වූ ප්‍රවේණි දාසයන් හටයි.
කොහොමවුනත් නොපුහුණු සොල්දාදුවන්ගෙන් සමන්විත හමුදාවක ඇති අකාර්යක්‍ෂමබවත්, මානව සම්පත ශීඝ්‍රයෙන් හානියට පත්වීමේ අවධානමත් නිසා විය යුතුයි පහලොස්වන සියවස පමණ වන විට වෘත්තීය නිපුනත්වයෙන් යුතු, හොදින් ගෙවන, සහ තමන් දරන අවියෙන් සතුරාට වැඩි හානියක් ගෙන දීමේ දක්‍ෂතාවයෙන් යුතු සහ ඉහළ නිලධාරීන්ගේ අනට කීකරුවන සොල්දාදුවෙකු බවට සිය හේවායා පත් කරන්නට නයිට්වරුන් වගබලා ගන්නේ. මේ කාලය වන විට බොහෝමයක් සොල්දාදුවන් කුලී හේවායන් බවත් පැවසෙනවා. ඔවුන් බලාපොරොත්තුවන ඉහළ ගෙවීම දෙන්නේ කාටද, ඔහුට සේවය කිරීමට ඔවුන් පැකිලී නැහැ. තවද සතුරාට ආසන්නයටම ගොස් සටන් කිරීමට වඩා දුර සිට සටන් කිරීමේ වාසිය හා වැදගත් කම මෙම කාලය වන විට මුල් තැනක් ගත් නිසා ධනූර්ධයන් මෙකල යුදබිමේ කැපී පෙනෙනම චරිත බවට පත්ව තිබෙනවා.
යුද බිම කියන්නේ සුවපහසු නොවන කටුක අත්දැකීම් සහිත ස්ථානයක් කියන එක සදාතනික සත්‍යයක්. ඉතින් එදත් යුදබිමේ තිබිලා තියෙන්නේ මෙම සත්‍යයම තමයි. එදා පාබල හමුදාවේ සොල්දාදුවෙකුට දිනකට සැතපුම් 6 ක් එහෙමත් නැත්නම් කිලෝමීටර් වලින් නම් 10 ක් පමණ දිනකට පාගමනින් යායුතුව තිබෙනවා. ඔවුන්ට ලබාදෙන සම් සපත්තු වල ආයුකාලය වැඩිම වුනොත් මාස තුනක් පමණක් බවයි පැවසෙන්නෙත්. ඒ විතරක් නෙමෙයි මෙසේ වෙහෙසන සොල්දාදුවාගේ පැසෙහි ආහාර යහමින් තිබිලා නම් නැහැ.
ටිකකට කලින් කිව්වා වගේම 15 වන සියවස පමණ වන විට සොල්දාදුවාගේ ආරක්‍ෂාව හා ඔහුගේ යුද වැදීමේ ශක්‍යතාවය දියුණු කරලීම පිණිස ලෝහමය හෙල්මටයක්,
ලෝහමය අත් ආවරණ, ගනකම් සමෙන් නිමකළ උඩුකය ඇදුමක්,
ප්‍රධාන ආයුධය ලෙස සතුරා සමීපයටම නොගොස් පහරදිය හැකි සේ හෙල්ලයක්,
කඩුවක්, පලිහක්,
කිනිසි හා ආහාර ගැනීමට ආධාර වන පිහි යනාදිය සහ ඔහුගේ පුද්ගලික ආම්පන්න ගෙනයාමට බෑගයක්ද ලබා දී තිබෙනවා.
ලෝහමය අත් ආවරණ, ගනකම් සමෙන් නිමකළ උඩුකය ඇදුමක්,
ප්‍රධාන ආයුධය ලෙස සතුරා සමීපයටම නොගොස් පහරදිය හැකි සේ හෙල්ලයක්,
කඩුවක්, පලිහක්,
කිනිසි හා ආහාර ගැනීමට ආධාර වන පිහි යනාදිය සහ ඔහුගේ පුද්ගලික ආම්පන්න ගෙනයාමට බෑගයක්ද ලබා දී තිබෙනවා.
තවත් කාරණයක් තමයි යම් හෙයකින් ප්‍රතිවාදී කණ්ඩායමේ සැලකිය යුතු නිලධාරියෙකුව ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකියාව අනෙක් කණ්ඩායමට ලැබුනොත් එයින් ඔවුන්ට හොද කප්පමක් ලබා ගැනීමේ අවස්ථාවත් ඔවුන් බැහැර කර නැහැ. උදාහරණයක් ලෙස 1194 දී එංගලන්තය ප්‍රංශය සමග යුද වැදුන අවස්ථාවක ඔවුන්ගේ රජුවූ පළමු රිචඩ් රජුව අල්ලා ගත් ප්‍රංශය ඔහුව මුදාහරින්නට ලබා ගත් කප්පම මාර්ක්ස් 150,000 ක් වූ බව පැවසෙන අතර එකල එය ඉතා විශාල මුදලක් බවත් සැලකිය යුතුයි.
http://www.lahacal.org/armspicture.html
මධ්‍යතන යුගය පිළිබදව ලියූ පසුගිය ලිපිය - මධ්‍යතන යුගයේ ගැහැණු සමග මධ්‍යතන යුගය පිලිබදව ලියු ලිපි පෙලේ හයවැන්න
මධ්‍යතන යුගය පිළිබදව ලියූ පසුගිය ලිපිය - මධ්‍යතන යුගයේ ගැහැණු සමග මධ්‍යතන යුගය පිලිබදව ලියු ලිපි පෙලේ හයවැන්න
නියමයි... මරු පින්තූර සෙට් එකකුත් තියෙනවානෙ. දැන් නම් බැලුවේ උඩින් පල්ලෙන්. පස්සේ නිදහසේ කියවනවා.
ReplyDeleteස්තූතියි! ඉදිරි ලිපියේදිත් හමුවෙමු...
Deleteමේ විස්තරනම් කොච්චර කියෙව්වත් ඇති වෙන්නෙ නෑ.... හැමදාම අලුත් තොරතුරක් දැනගන්න ලැබෙනවා..
ReplyDeleteස්තූතියි
ස්තූතියි! ඉදිරි ලිපියේදිත් හමුවෙමු...
Deleteඅපුරුයි කවදත් වගේ ..ස්තුතියි ඔබට දිනේෂ්
ReplyDeleteතව නොහිතපු දේවල් රැසක් තිබෙනවා...
Deleteබොහොම හොඳ දැනුම වර්ධනය කරන ලිපියක්. මා හිතනවා කොටස් කීපයකට කඩා මෙයට ඇතුලත් කළහැකි තවත් කරුණු බොහොමයක් ඉතිරි කර තමයි ඔබ මේ ලිපිය ලියා තිබෙන්නේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තූතියි! සොල්දාදුවන් සම්බන්ධයෙන් නම් ඇතැම් විට ඉදිරි ලිපි වලදීත් තොරතුරු තිබෙන්නට පුළුවන්. කොහොමනමුත් මධ්‍යතන යුගය ගැන ලිපි පෙළ නම් තවත් කරුණු රැසකින් යුතුයි...
Deleteස්තූතියි දිනේශ්..
ReplyDeleteමම හිතන් හිටියෙ කුරුස යුද්ධ වලින් ක්‍රිස්තියානීන් දිණුවා කියලා..
වැඩි වාසිය අත්වුනේ මුස්ලිම් අයටයි. හැබැයි වක්‍රමාර්ගයෙන් ගත්තොත් එදා අරමුණ වූ ජෙරුසලම මුදා ගැනීම නොවුනත් ඔය මැදපෙරදිග වෙන්නෙත් කුරුස යුද්ධයේ තවත් කොටසක් වන්නටත් පුළුවන්....
Deleteමධයතන යුගයේ විස්තර ටික ඉස්සරහට යනව දකින එක සතුටක්..........
ReplyDeleteදිගට ම ලියමු දිනේෂ්....
ඔව් උදාර, ඇත්තටම ලිපි පෙලක් ලියන්න පටන් අරගෙන අතරමැද්දේ වෙනත් දේ ගැන ලියලා සැරින්සැරේ ලියන එක එතරම්ම සාර්ථක නැහැ. ඒ නිසා හැකි ඉක්මනින් මේ ලිපි පෙළ අඩුවක් නැතිව ලියන්න බලාපොරොත්තුවෙනවා. මෙසේ කල්ගතවෙන එකෙන් වෙන්නේ සමහර වෙලාවට හිතේ තියෙන ඇතැම් කරුණුද ගිලිහී යාමයි. කොහොමවුනත් ඇරමූ සෑම ලිපිපෙළක්ම නිසි ලෙස අවසන් කරන්නටයි අභිප්‍රාය...
Deleteමම දන්නේ නේ දිනේෂ් ට මගේ බ්ලොග් එක නිසා මුදලක් උපයගන්න පුවන් වෙනවද කියල. (පුළුවන් නම් මම ගොඩක් සතුටු වෙනවා) ඔයාගේ මේ කාර්යය නිසා අපි පුදුමාකාර දැනුමක් ලබන්නේ. නමුත් අපෙන් කිසිම දෙයක් ඔයාට ලේබෙන්නේ නේ. ඔබගේ සින්ග්හල වාක්‍ය ගැලපුම අතී විශිෂ්ටයි . pc එක ජීවිතෙට ලං උනාට පස්සේ පොත් කියවන එක නවතිලගියා. දැන් ඉන්න අය fb ඇර වෙනදෙයක් දන්නේ නේ . දිනේෂ් ඔබ අපිට net එකෙන් ඉන්න විශ්වකෝෂයක් වගේ. ඔබට ජය.
ReplyDeleteශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
ReplyDeleteදැනුම බෙදාගන්න.
සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
සෑම ඉරිදාම ඉතිහාස ලිපිය
adidas stan smith women
ReplyDeletecheap jordans
birkin bag
calvin klein
supreme clothing
jordan 6
yeezy shoes
kyrie 4
curry 5
yeezy boost 350 v2
vous pouvez essayer ceci Fendi Dolabuy visitez répliques de sacs à main gucci naviguer vers ces gars réplique louis vuitton
ReplyDelete