-->

Wednesday, December 19, 2012

වැඩවසම් යුගයෙන් ඉක්බිති පැමිණි කාර්මික යුගයේ විශමතාවයන් පිළිබදව කියවෙන යුග පෙරලිය හෙවත් අග්‍රගන්‍ය ලේඛක චාර්ල්ස් ඩිකන්ස්ගේ Hard Times නව කතාව

මෑත කාලයේ නවකතා කියවීම අඩුවූවත් ලෝකයේ සිටි විශිෂ්ඨ ලේඛකයෙකු වූ චාර්ල්ස් ඩිකන්ස්ගේ Hard Times නව කතාව ඇසුරෙන් සිංහලට පරිවර්ථනය වූ යුග පෙරලිය නව කතාව පිළිබදව ඔබට කියන්නේ තවත් අත්දැකීම් රැසක්ද ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙමිනුයි. යුග පෙරලිය ලෙස මෙම නව කතාව පරිවර්ථනය කර ඇත්තේ ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසිනුයි.

කාර්මික විප්ලවය සමග ප‍්‍රවේණි දාසයන් අඩු මුදලට ශ්‍රමය විකිණෙන කම්කරුවන් වූ හැටි. නව ධනපති පංතියක නැගී සිටීම. පාරම්පරික වංශවතුන් ඔවුන්ගේ අතවැසියන් බවට ක්‍රමයෙන් පත්වීම හා වංශවත් පෙළපත් වල ක්‍රමක ඇද වැටීම. යාන්ත්‍රිකත්වයට හසුවූ මිනිසුන් යනාදිය මෙහි සුමට ලෙස දක්වා තිබෙන්නේ අපගේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරලියද මේ ආකාරයේ සමාජ විපර්යයාසයක් නේද කියන්නේ යන්නද මතක් කරමිනුයි.


මේ මෙම පොතේ පෙරවදනයි.


පොතේ මිල ගැන නම් මා කියවූ පොතෙන් තොරතුරු ලබා ගැනීම උගටහ වූ අතර පසු කවරයේ එහි ISBN අංකය සටහන් කර තිබෙනු ඔබටද දැක ගත හැකිය.

මේ එම පොතේ එක් සිද්ධියකට අදාල පින්තූරයකි.

එසේම මෙහි මුල් ඉංග්‍රීසි පිටපත ඔබට කියවීමට අවශ්‍ය නම් ආකාර කිහිපයකටම තිබෙනා මුද්‍රිත පිටපත් මෙයින් භාගත කර ගත හැකිය.

http://www.gutenberg.org/ebooks/786

තවද ඔබට අළුත් අත්දැකීමක් ලැබීමට නාට්‍යානුසාරයෙන් මෙම කතාව අසා සිටිය හැකි සේ සකස් කළ Audio book ද මෙම අඩවියෙන් භාගත කර ගත හැකිය.

http://www.booksshouldbefree.com/book/hard-times-by-charles-dickens
චාර්ල්ස් ඩිකන්ස්ගේ ලේඛණ පිළිබදව සාරාංශයක් මෙයින් දැන ගත හැකිය.
http://bookstains.wordpress.com/2010/02/18/authors-i-have-read-charles-dickens/

අවසාන වශයෙන් ඉංග්‍රීසියෙන් ලියූ මෙම පොත විවිද කාලවලදී ප්‍රකාශයට පත් කිරීමේදී යොදා ගත් මුල් කවර කිහිපයක් මෙහි තබමි.


12 comments:

  1. නියමයි..මම ඔය පරිවර්තනය නම් කියවල නෑ. ඒත් දෙවැනියට තියෙන රූපේ තියෙන ප්‍රකාශනය මාමා ගාව තිබිල අමාරුවෙන් කොටා බෑවා සෑහෙන්න කලකට ඉස්සර

    ReplyDelete
  2. මේ දවස්වල මාත් ඩිකන්ස් පස්සෙ එලව එලව ඉන්නෙ. ඒ හින්ද මේ විස්තරේ ඒ ගින්නට හොඳ පිදුරු ගොඩක්. ලිපියට බොහොම ස්තූතියි දිනේෂ්...

    ReplyDelete
  3. මට නම් මේ පරිවර්තන පොත කියවන්න හම්බවෙල නෑ, බලමු පොත හොයා ගන්න පුළුවන් උනොත් කියවන්න ඕන.

    ReplyDelete
  4. ස්තූතියි දීපාල් සටහනට, සිංහලෙන් පරිවර්තනයක් ඇතැයි දැනගැනීම ලොකු සතුටක්.

    ප්‍රවේණි දාස බවෙන් ගොඩ එන්න නීති වෙනස් වූවා කියල ලෝකයෙ බහුතරයක් තවම දන්නෙ නැහැ. අඩුම ගානේ එංගලන්තෙ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදීව චන්දය ප්‍රකාශය කරලා තමන්ගෙ පාලකයන් තෝරාගන්න බලය ඇති අයත් තවම මහරැජින ඇතුළු රජ පවුල රකින්න බදු ගෙවනවා. හමුදාවෙන් පොලීසියෙන් සපයන ආරක්ෂිත සේවා සහ තව වැය කිහිපයක් ගණන් නොකරම වසරකට ඔවුන් රකිනු සඳහා පවුම් මිලියන 41.5 -184 දක්වා ප්‍රමාණයක් වැය වෙනවාලු බදු ගෙවන අයගේ සල්ලි වලින්. ඒත් ඉතින් ජනතාව රුවැට්ටුවාම ලේසියිනෙ වැඩියෙන් බදු ගෙවන්නෙ වැඩියෙන් පෝසත් මිනිස්සු කියලා. එතකොට කිසිම දවසක තමන් දුප්පත් ඇයි ද කියල අහන්න හිතෙන්නෙ නැහැ!!!

    අහේනියක් පැතිරිලා ගිය සමයක චාල්ස් ඩිකන්ස් ලියන පොත් අස්සේ මාර යුද්ධයක් හිමිහිට ගෙනියන්නෙ. එයා ඉතා සූක්ෂම ලෙසින් තාර්කික විශේලෂණයක් පාඨකයාට ලබා දෙනවා:

    5 වැනි පරිච්ඡේදය: කෝක්ටවුන් ගැන කතාබහ වෙන කොටස; එකම මිනිස්සු හැමදාම මතින් ඉන්නා යැයි පෙන්වන බලහත්කාරයෙන් මිනිස්සු ආගමික කළ යුතු යැයි බල කරන අමද්‍යප සමිතිය. රසඥයා සහ පාමසිකාරයා තමන් මත්පැනින් මත්වෙලා නැතිවෙලාවට ගන්නෙ අබින්!!! මිස්ටර් ග්‍රැඩ්ග්‍රයින්ඩ් සහ මිස්ටර් බවුන්ඩබරි ගැන තමන් ටිප්-ටොප් සදාචාරයෙන් ඉන්නේ යැයි සිතන A.B. විසින් දකින හැටි. ඔවුන් කිසිම දෙයකින් සතුටට පත් නොවෙන හැටි කියන එතැන ඔවුන් ජීවත්වූයේ ලැබූ අනගි දැයින්, අලුත් බටර් මිලට ගෙන, මොකා කෝපි පමණක් බිව්ව, මස් කුට්ටියෙ හොඳම හරිය කාපු, ඒත් සදාකාලිකව අතෘප්තියෙන් ... ජීවත්වෙච්ච අය හැටියට ලියැවෙනවා.

    ඉතින් ඉතිහාසය නොදන්න අය, අද ප්‍රවේණි දාස බව ලොව නැහැයි කියා නොදන්න අය, එයාල තාමත් දන්නෙ නැහැ මේ පොතේ ඒ අපකීර්තීමත් පාසැල් ප්‍රධානියා යනු රොබට් මැල්තස් හා සමාන වූ අයෙක් යැයි දක්වමින් කතාව ලියා ඇති බව!!!! ප්‍රබන්ධයේ දිග හැරෙන මිස්ටර් ග්‍රැඩ්ගයින්ඩ් යන ලාබ සොයන අදහසින් facts and numbers ගැන පමණක් අවධානය යොමු කරන utilitarianවාදියෙක් ලෙසින් දක්වා තියෙන්නෙ ඩිකන්ස් විසින් කරන ultimate irony බව දකින්න හැකියාව ලැබෙන විදියට ගුරුවරු එදා බ්‍රිතාන්‍ය ඉතිහාසය කියා දීලා නැහැ දරුවන්ට තමන් කියවද්දී එය අමුණාගෙන පහදාගන්නට. ඉතින් එයාලා දකින්නේ අදත් facts and numbers පස්සෙ යන්නේ ලාබ සොයන ධනවාදියා ඔහු යනු ප්‍රබන්ධයේ මෙන්ම සත්‍ය ජීවිතයේ ද දුෂ්ටයාය කියල!!!!!!

    ReplyDelete
  5. උඩ ප්‍රතිචාරයේ රජ පවුල රකින වසරක වැය ගැනයි සඳහන් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි‍ අරුණි. මෙම කුඩා ලිපියේ තිබූ අඩුපාඩු ඔබගේ අදහස් වලින් සම්පූර්ණවුනා සේ දැනේ. එංගලන්ත‍‍යේ රජපවුල එරට මිනිසුන් විසින්මද රැකගෙන සිටින්නේ? ඇමරිකානුවන්, එංගලන්ත වැසියන්ගේ තවමත් මෙලෙස තිබෙන සැගවුන ප්‍රවේණි දාස බවෙන් මිදිලා නේද?

      Delete
    2. //එංගලන්ත‍‍යේ රජපවුල එරට මිනිසුන් විසින්මද රැකගෙන සිටින්නේ?// sovereign grant act 2011 -http://www.legislation.gov.uk/ukpga/2011/15/section/1/enacted

      සැඟවුන ප්‍රවේණි දාස බවක් තියෙනවා කියන්න වැඩියෙන්ම පුලුවන් එහි පාර්ලිමේන්තුවේ තියන House of Lords සභාව තුලින්.

      ඔව් ඇමෙරිකානුවන් එයින් ගැලවුනේ 1776 කාලයේ බ්‍රිතාන්‍යයෙන් වෙන් වෙද්දීම. දැන් අපි දාසයන් වෙලා ඉන්නෙ අපේ අයිතීන් රකින්න යැයි කියා පත්කර ගත්තා වූ ආණ්ඩුවට.

      Delete
    3. ස්තුතියි..අරුණි..
      දිනේෂ්ගේ ලිපියෙන් උත්තේජනය වූ කියැවීමේ ආශාව ඔබගේ කොමන්ටුවෙන් කුතුහලයක් බවට පත් වූවා..

      Delete
    4. ස්තූතියි! ඔව් අසා තිබෙනවා සාමි මණ්ඩලයට නම් තෝරන්නේ එරට ප්‍රභූවරුන් යයි සැලකෙන අය බව. කෙසේවෙතත් මෙසේ රදල පරම්පරාවන්ට පාලනය තවමත් විවෘත කර ඇතත් එංගලන්ත වැසියන් තෙවන ලෝකයේ අප ගෙවනා ජීවිතයට වඩා නිදහස් ජීවිතයක් ගෙවනවා නේද?

      Delete
    5. ඔව්, ඔවුන් සුළු පිරිසක් පමණක් කොල්ලකමින්(බදු ගෙවන ධනවතුන්) ජීවත් වෙනවා. ලංකාවේ අය සියල්ලන්වම සියල්ලන් විසින් කොල්ලකමින් ජීවත්වෙනවා ... ඉතින් නිදහස් ජීවිත වැඩියෙන් ගෙවන්නේ එංගලන්ත වැසියන් යැයි කියන්න එහෙම බලද්දී පුළුවන්!!!!!!!

      Delete
  6. Dear, I need ur help, I have problem with my Flash driver, It can not formatted due to got "Write protection" Please, can u give ur space to how to solve that ......too. thanks, I am one of ur best reader....thanks again ur articles.

    ReplyDelete
  7. ඩිකංස්ගේ පොතක් කාලෙකින් කියෙව්වේ නෑ.Hard Times ගැන ඔබට ස්තූතියි.

    ReplyDelete