Wednesday, December 5, 2012

මෙන්න තෙවන ඉංග්‍රීසි පාඩම - ඇමරිකානු ඉංග්‍රීසි අපේ සිංහලෙන් - III

දැන් දැන් ඔබලාත් මෙයට සක්‍රීයවම සම්බන්ධවෙන බව දකින්නට ලැබෙනවා. එය ඉතාම සතුටට කාරණයක් එතකොට අපි නොදන්නා තවත් දේවල් වගේම ඒ ගැන වැඩිදුරටත් සොයා බැලීමේ අවස්ථාව නිසා විවිද දිශා වලට මේ පාඩම් මාලාව නිසා යාමටත් අපිට හැකිවේයයි බලාපොරොත්තුවෙනවා.

මෙන්න එහෙනම් අද පාඩම.

beside the point - අදාල නොවන හෝ වැදගත් නොවන දේ හැඟවීමට භාවිතා කරනවා.
  • The reason you're late is beside the point. The fact is, your dinner is now cold.
    (ඔයා ගෙදර එන්න පරක්කු වුන එක ගැන නිදහසට කාරණා අදාල නැහැ. මොකද දැන් ඔයාගේ රෑ කෑම හීතල වෙලා ඉවරයි). 
  • That's very interesting, but beside the point.

(to) blow something - යමක් නරක අතකට එහෙමත් නැත්නම් අහිතකර තත්ත්වයකට පත් කර ගැනීම දැක්වීමට මෙය යොදා ගන්නවා (සාමාන්‍ය ව්‍යවහාරයට අනුව දෙයක් අවුල් කරගන්නවා කියන එකටත් ගැලපෙනවා).
  • Brenda blew the interview and didn't get the job offer.
  • Randy managed to get a date with the most popular girl in his class. Now I hope he doesn't blow it!
(to) buckle down - යම් දෙයක් බොහොම උවමනාවෙන් ආරම්භ කිරීම දැක්වීමට යොදා ගනී.
  • If Don buckles down now, he might be able to graduate from high school this year.
  • Team, if we want to win this tournament, we're going to need to buckle down!
can't stand - යම් දෙයකට හෝ කෙනෙකුට ඇති අකමැත්ත පැවසීමට යොදා ගනී.
  • Bob can't stand bureaucrats, so he'd never do well working at a large corporation.
  • Nicole can't stand broccoli. She simply refuses to eat it.
Get real! - යථාර්ථය දකින්න. එහෙමත් නැත්නම් සැබෑ ලෝකයට දැන්වත් එන්න වගේ අර්ථයක් තමයි මෙයින් දෙන්නේ.
  • You think you won't get a speeding ticket when you drive 85 miles per hour? Get real!
  • You think you're going to win $1 million in the lottery? Get real!
(to) have one's heart set on - යමක් කරන්න හෝ යමක් ලබා ගන්න දැඩි උවමනාවක් තිබේ නම් මෙලෙස භාවිතා කරනවා.
  • Nicole has her heart set on going to New York this weekend.
  • Did you really have your heart set on going to Harvard?
(to) hit the books - මෙයින් කියවෙන්නේ පොත්වලට ගහන්න කියන එක නෙමෙයි. ඉගන ගැනීම එසේත් නැත්නම් පාඩම් කිරීම ආරම්භ කරන්න කියන එකයි.

  • Ted parried all weekend. Finally, on Sunday night, he decided it was time to hit the books.
    (ටෙඩ් මුළු සති අන්තයම නාස්ති කළා.  අන්තිමේදී ඉරිදා රෑ ඔහු තීරණය කළා දැන්නම් තමන්ගේ ඉගනීම පටන් ගන්න හොද වෙලාව ඇවිල්ලයි කියලා). 
  •  Hit the books! I know you have a test tomorrow. 
lost cause - යමක් සම්බන්ධයෙන් තවදුරටත් බලාපොරොත්තුවක් තබා ගැන්න නොහැකි (නිෂ්ඵල දෙයක්) නම් මෙලෙස භාවිතා කරනවා.
  • Cindy spent five years studying Russian. Finally, she realized it was a lost cause. She would never learn it. 
  • Jack needs to stop drinking so much coffee, but he's so addicted to caffeine that it's a lost cause.

(to) not give a hoot - අනිත් අය මොනව හිතුවත් කමක් නැහැ කියන දේවල් වලට මෙය යොදා ගන්න පුළුවවන් (to not care about)
  • Tom likes to walk around town in his pajamas — he doesn't give a hoot what people think.
over one's head - යම් කෙනෙකු පවසන දෙයක් එහෙමත් නැත්නම් ලියපු දෙයක් උගන්වන දෙයක් තේරුම් ගැනීමට/වටහා ගැනීමට අපහසු නම් මෙලෙස භාවිතා කරනවා (beyond one's understanding).
  • The professor was speaking over our heads. None of us could understand him.
  • The article on cloning was written for scientists. It was over my head
(to) slack off- කාලය නිස්කාරනේ නාස්ති කිරීම හැදින්වීමට මෙය යොදා ගනී (to waste time).
  • Amanda doesn't get much done at the office. She's too busy slacking off.
  • I'd better stop slacking off. My essay is due in two hours. 
(to) stand a chance - ජයග්‍රහණයට හෝ සාර්ථකත්වයට අවස්ථාව ‍තිබෙන බව කීමට මෙය යොදා ගන්නවා (to have the possibility of success).
  • Although the American figure skaters were good, they didn't stand a chance of winning a gold medal at the Olympics.
  • Wilton High School has the best soccer team in the state. I'm afraid we don't stand a chance against them! 
අද පාඩම ඉවරයි.........

7 comments:

  1. නොවරදවා මේ පාඩම කියවනවා. හරිම වටිනවා.

    ReplyDelete
  2. පාඩම් මාලාවට එකතු උනේ අද..... ගොඩාක් හොද උත්සහයක්..... තවත් උදාහරණ එක කරන්න පුලුවනිනම් අගය කරනවා

    ReplyDelete
  3. ස්තූතියි දිනේශ්.. අද ඒවනම් ඔක්කොම වගේ මට අලුත්...

    පස්සෙ වෙලාවක හොයමුද ඇයි ඔය සමහර වචන ඔහොම හැදිලා තියෙන්නෙ කියලා.. මට හොඳටම ශුවර් ඕවා පිටි පස්සෙ ලස්සන කතා තියනවා..

    ReplyDelete
  4. හැකි විදියට දිගටම කරගෙන යන්න..මේක ගොඩක් හොද ලිපි පෙලක්..

    ප.ලි.

    ///can't stand - යම් දෙයකට හෝ කෙනෙකුට අකමැති වෙන්න බැහැ/ප්‍රති‍ක්‍ෂේප කරන්න බැහැ කියන දේ තමයි මෙයින් කියන්නේ.///
    මෙතනනං වෙනසක් වෙන්න ඕන කියල මට හිතෙනවා..මේකෙන් කියවෙන්නෙ ඒ ගැන තියන අකමැත්ත හෝ තවදුරටත් ඒ ගැන ඉවසගන ඉන්න බැහැ කියන එක වගේ එකක් නේද ?

    ReplyDelete
    Replies
    1. @ඔව් ලකී, එතන මට වැරැද්දක් වෙලා තිබෙනවා ඒකේ අර්ථය වැඩි දුරටත් බැළුවහම ඔබ කියන දේ හරි. මම එය නිවැරදි කරනවා. කෙනෙකුගේ අකමැත්ත තමයි එයින් ප්‍රකාශ වන්නේ...

      Delete
  5. සත් සමුදුර. ස්තූතියි. මේකත් ඉස්සුවා.
    මන් ඉස්සුවා කියන්නෙ බ්ලොග් වල දාන්න හෙම නෙවේ. මගෙ ලග සේව් කරලා තියාගන්නවා.

    ReplyDelete