Wednesday, August 22, 2012

කුරුමිණි අඩු ලොකු කර පෙන්වීම - Zooming Effect

ඔබගේ බ්ලොග් එකේ අකුරු විශාලනය කර තිබෙන ප්‍රමාණය ඒ ඒ අවස්ථාවල ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සෑම විටකම අකුරු ප්‍රමාණය වෙනස් කිරීම එක් බ්ලොග් ලිපියකට හොද ප්‍රතිඵල ගෙන දුන්නට සමහර විට අනෙක් ලිපි වලට එය එතරම් සුදුසු නොවෙන්න පුළුවන්. මේ නිසා අවශ්‍යනම් කෙනෙකුට ලිපියක් කියවන අවස්ථාවේම අකුරු ආයාසයකින් තොරවම ලොකු කරල බලන්න පුළුවන් නම් ඒක පහසුවක් වේවි. මේ ලිපියෙන් ඒ කාර්යය කර ගන්නා ආකාරය ඔබට දැන ගැනීමට හැකියාව ලැබේවි. ඒ වගේම යම් වැදගත් සබැඳියක් ව‍ගේ දෙයක් ටිකක් අවධාරණයෙන් ඒ මතට Mouse pointer එක ගෙන ගිය විට පෙන්වන්නත් මෙම ක්‍රමය යොද ගන්නට පුළුවන්.

සුපුරුදු ආකාරයටම මේ CSS code එකත් Blogger Template Designer හිදී Add CSS වලට එකතු කර ගන්න ඕන. ඉතින් මේ ‍මොහොතේත් කියන්නේ කලින් ලියන ලද බ්ලොග් ඉඟි තේමාව යටතේ ලිපි පරිශීලනයෙන් එම කාර්යයට ඇවසි මූලික පියවරයන් දැනගැනීමට හැකියි.

මෙන්න මේ කේතය තමයි ඉහත කී ස්ථානයට අලවා ගන්න ඕන.

මෙහිදී 2em ලෙස දක්වා ඇත්තේ පවතින අකුරු ප්‍රමාණයට වඩා දෙගුණයක් විශාලත්වයෙන් අකුරු පෙන්වන ලෙසයි. ඔබ කැමති නම් එම අගයට කැමති අගයක් දී අත්හදා බලන්න.
දැන් මෙන්න මේ ආකාරයට එය ඔබට අවශ්‍ය ලිපියේ අවශ්‍ය කැනට යොදාගන්න. එය සදහා සුපුරුදු පරිදි HTML mode එකේදී මේ කේතය ඇලවීමෙන් එම ජේදයක් මතට Mouse pointer එක ගෙන ගිය විට විශාල කර බැලිමට හැකියි.

අවශ්‍ය ඡේදය

මෙන්න එවිට දිස්වන ආකාරය :

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries, but also the leap into electronic typesetting, remaining essentially unchanged. It was popularised in the 1960s with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.

ඔබට යම් සබැඳියක් මේ ආකාරයෙන් විශාලනය කර පෙන්වීමට මේ ආකාරයට කේතය  HTML mode එකේදී භාවිතා කරන්න.

Google

මෙන්න එවිට :

Google වෙනුවට ඔබ කැමති සබැඳිය ලබා දෙන්න.

බලන්න මේ උපක්‍රමත් ඔබගේ බ්ලොග් ලිවීමේ කාර්යයට ප්‍රයෝජනවත් වේවිද කියා...

12 comments:

1. මට නං වැඩක් නෑ වගේ ඒත් වැඩක් වෙන අය ඇති...

ReplyDelete
Replies
1. සමහර විට ඉදිරිකාළයේ ප්‍රයෝජනයක් වේවි...

Delete
2. හ්ම්... බලමු ට්‍රයි කරලා... ප්‍රයෝජනවත් වෙයි මටත්...

ReplyDelete
3. මම පාවිච්චි කරන්නේ නොමිලේ දෙන සිංහල වර්ඩ්ප්‍රෙස් එකයි. html codes මගින් එහි අකුරු ලොකු කර ගැනීමේ හැකියාව මට ලබා දුන්නා හෙන්රි බ්ලොග් වෝකර් http://dude-heydude.blogspot.com/2012/03/blogwalkers-method-of-fighting-terror.html විසින්. ඔබට හැකිද වර්ඩ් ප්‍රෙස් අකුරු විවිධ වර්ණයෙන් ඉදිරිපත් කළ හැකි කෝඩ් ක්‍රමයක් කියාදෙන්න.

අසමි දකිමි සොයමි ලියන විචාරක

ReplyDelete
Replies
1. පළමුවෙන්ම කියන්නම් ඔබගේ බ්ලොග් අඩවියත් සිත් ගන්නා සුළුයි. ඒක මම මෙහි බ්‍‍ලොග් රෝලටත් එකතු කර ගත්තා. මම ඉදිරියේදී අනිවාර්යයෙන්ම වර්ඩ්ප්‍රෙස් වලදී ඔබ අසා ඇති කාරණාව විසදා‍ දෙන්නම්. මට ‍මේ මොහොතේම එය සිදු කිරීමට නොහැකිව ඇත්තේ මා වර්ඩ්ප්‍රෙස් භාවිතා නොකරන නිසයි. ඒත් මම හිතුවා වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියකුත් හදාගෙන මෙහි යන ඇතැම් ලිපි එම වර්ඩ්ප්‍රෙස් වලටත් සරිලන සේ සකසන්න. මම ඉක්මනින්ම ඒ කාර්යය කර ඔබට පවසන්නම්...

Delete
2. බොහොම ස්තුතියි.

Delete
4. කියෙව්වෙමි. කවදකහරි බ්ලොග් එකක් ලිව්වොත් බලමු.

ReplyDelete
Replies
1. මෙහෙම තැනක මෙහෙම තැනක තිබුනා කියල ලාවට මතකයේ තියාගන්න. කතාවක් තියෙනවානේ ලූණු පොත්තත් වෙද කමට ඕන වෙන්න ඉඩ තියෙනවා කියලා...

Delete
5. මේක මට නම් වටිනවා

ReplyDelete