Tuesday, August 14, 2012

ඔබ බ්ලොග් එකේදී භාවිතා කරන අකුරු ලස්සන කර ගන්න කැමතිද? How to change default Unicode font for you blog post area -

ඔබ බ්ලොග් පෝසට් එකක් ලියන අවස්ථාවල සිංහල යුනිකෝඩ් වලදී භාවිතා වෙන්නේ "Iskoola pota" කියන Font වර්ගය නේද? ඒත් ඒ අකුරු එතරම් ලස්සන නැහැ කියල ඔබට කවදා හෝ හිතිලා තිබෙනවාද? මට නම් කිහිප වතාවක්ම සිතුනා.

"Iskoola pota" Font එකට අමතරව තවත් සිංහල යුනිකෝඩ් සම්මත අකුරු වර්ග කිහිපයක් තිබෙනවා. මේ ලිපියේදිත් එම අකුරු වර්ගය වෙනුවට දැනට සිංහල සම්මත යුනිකෝඩ් අකුරු වලදී ලස්සනම අකුරු වර්ගය සේ සැලකෙන "Malithi web" කියන අකුරු වර්ගය භාවිතා කර තිබෙනවා.මෙන්න ඒවා ගැන විස්තර සහ ඒවා ඔබට ලබා ගැනීමට යායුතු වෙබ් අඩවිය.
http://www.siyabas.lk/downloads
http://www.icta.lk/en/programmes/pli-development/104-local-languages-initiative-/1090-sinhala-stylized-fonts.html

මුලින්ම ඔබ මෙතනින් කැමති Font එකක් හෝ කිහිපයක් බාගත කරගෙන එය ඔබගේ පරිගණකයට ස්ථාපනය කර ගන්න. Control Panel ඔස්සේ ඒ කාර්යය කර ගැනීමෙන් අනතුරුව පෙර ලිපි කිහිපයකම කියූ පරිදි Template Designer වල Add CSS වලදී CSS කේතයක් අලවා ගැනීම තමයි මෙතනදිත් කරන්නේ. එවිට පෙර සහ ඉදිරියේ ලියන ලිපි සියල්ලේදීම පොස්ට් එකේ ලියන අකුරු පමණක් වෙනස් වී තිබේවි. මේ සදහා CSS code Add CSS තුලට කේතය යෙදවීම සදහා ‍එම ස්ථානයට යන ආකාරය පහත පෝස්ට් නැවත බැලීමෙන් ඔබට දැනගැනීමට හැකි නිසා ඒ පියවරයන් නැවත මෙහි කියන්නට යන්නේ නැහැ.
බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්...

සහ 
පින්තූර වලට Bump Effect එකක් දෙන්න කැමතිද?

දැන් කරන්න තියෙන්න මේ පහතින් දැක්වෙන කේතය මෙහි ඇලවීමයි (paste). තව දෙයක් කියන්න ඕන මෙතනදී අපි  Malithi web කියන Font නම භාවිතා කළාට ඔබට ඕන නම් ඊට වඩා වෙනස් අකුරු වුනත් භාවිතා කරන්නට පුළුවන්. ඒ සදහා එම අකුරු වර්ගයට අදාල නම පමණයි වෙනස් කරන්න ඕන.
<Style> .post { font-family: Malithi web; } </style>

ඒවගේම මේ අකුරු වර්ගයෙන් ටයිප් කරගෙන යන අතරතුරේ ඔබට වෙනත් සිංහල අකුරු වර්ගයක් යම් ස්ථානයක පමණක් වෙනස් කරන්න ඕන නම් ඒකටත් ක්‍රමයක් තියෙනවා. මෙන්න ඒකට මඟ ඔබ ලියන ලිපියේදී Compose mode එකේ සිට HTML mode එකට යන්න. දැන් ඔබට අකුරු වෙනස් කිරීමට අවශ්‍ය ස්ථානයේ ආරම්භය වෙත ගොස් පහත දැක්වෙන අයුරින් කටයුතු කරන්න.


<span style="font-family: Dinamina;">ඔබට අකුරු වෙනස් කිරීමට අවශ්‍ය ඡේදය හෝ වාක්‍ය </span>
මෙහි Dinamina යන අකුරු වර්ගය යොදා ගෙන ඇත්තේ මෙම නිදර්ශනය පෙනවීමටයි. එයට ඔබ කැමති සහ ඔ‍බගේ පරිගණකයේ ස්ථාපනය කර ඇත යුනිකෝඩ් අකුරු වර්ගයක නමක් යොදන්න. දැන් ඔබටම පෙනේවි ඔබ කළින් භාවිතා කළ එතරම් හැඩවැඩ නැති "Iskoola pota" Font ට වඩා කොයිතරම් වෙනසක් ඇති වෙලාද කියන එක.

ඔබගේ පහසුව සදහා ඒ කියන්නේ තවත් මේ අකුරු පිළිබදව දැන ගැනීමට උපකාරී විය හැකි වෙබ් අඩවි කිහිපයකම ලිපිනයන් පහත දක්වා තබන්නම්....
 

20 comments:

  1. හරිම වැදගත් ලිපියක් අයියේ. මට මේ ඉස්කෝල පොත ෆොට් එකේ අණසකට යටත් වෙලා එපා වෙලා හිටියේ. මාත් උත්සහ කරනවා වෙනත් ෆොන්ට් එකකින් ලියන්න. ස්තූතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ම‍ටත් ඕකමයි වෙලා තිබු‍නේ මේ ඉස්කෝලේ පොත එච්චර ලස්සන නැති නිසා මමම ලියපු දේ ආයෙමත් කියවන්න කම්මැලි ගතියක් තිබුනා. ඒකනේ සමහර වෙලාවට අකුරු එහෙමත් වැරදියට තියෙන්නේ...

      Delete
  2. බ්ලොග් ලියන අයට වැදගත් වෙයි වගේ. ඔන්න අපිත් කියවල යනව. අර ලිපිය එනකම් බලන් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඒ ලිපිය බොහෝ විට හෙට දමන්න පුළුවන් වේවි...

      Delete
  3. ඕක ගොඩාක් වැදගත් ඒත් බ්ලොග් එක කියවන එක්කෙනාට අදාල font එක තියෙන්න ඕන නේ. ඒකට මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. උදාහරණයක් විදියට මලිති නැති වුනොත් default අකුරු විදියට තියෙන ඉස්කෝල පොතෙන් පෙනේවි. ඉතින් කියවන කෙනත් තමන්ගේ රුචිකත්වයට අදාල වෙන විදියට font වෙනස් කර ගන්න එක හොදයි. කොහොමවුනත් ඔබ මේ දේ අහපු නිසා අපි අකුරු ක්‍රමය වෙනස් කරනවා නම් ඒ ගැන බ්ලොග් එකේ ඉහළින් යම් පණිවිඩයක් තැබුවොත් හොදයි මෙන්න මේ අකුරු වර්ගයක් භාවිතා වෙන්නේ කියලා..

      Delete
  4. ගොඩාක් වැදගත් ලිපියක් සහෝ... ස්තුතියි දැනුවත් කිරීමට !!!

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් ගියෙ ? පේන්ඩවත් නැත්තෙ !!

      Delete
  5. ඇත්තටම වටින ලිපියක්

    ReplyDelete
  6. වටින ලිපියක්... ස්තූතියි

    ReplyDelete
  7. මම අහම්බෙන් හොයත්දි මේක දැක්කෙ. අදම මේක පෝස්ට් කරපු එක පුදුමයක් වගේ. ස්තූතියි. මම මලිති unicode භාවිතා කලේ 2005 වසරේ විතර (මට මතක විදිහට)

    ඒත් මේකෙ ප්‍රායෝගික ප්‍රශ්න කිහිපයක් මතු වුනා. install කරන්නෙ නැතිව පේන්නෙ නැති කම. අකුරු කුඩා වන විට ඉස්කෝල පොත මෙන් පැහැදිලි නොමැති කම.

    ඒවායි...

    මේ නිසා iskoola potha වගේ නොවී, භාවිතයට අපහසු දෙයක් කියලා මට හිතෙන්න.

    ReplyDelete
    Replies
    1. මම එහෙම වෙනවද කියලා බැළුවා. ඒ කියන්නේ මලිති නැති පරිගණකයක කොහොම වෙයිද කියලා ගැටළුවක් වුනේ නැහැ. iskoola potha න් සුපුරුදු ප්‍රමාණයට පේනවා. හැබැයි මම අකුරු ප්‍රමාණය වෙනස් කරන Code එකකුත් භාවිතා කරල තියෙන නිසාද දන්නේ නැහැ ගැටළුවක් නැත්තේ. අවශ්‍ය නම් ඒ ගැනත් පෝස්ට් එකක් තියෙනවා...

      Delete
  8. මටත් අත්හදා බලන්න මේක උවමනා වෙලා හිටිය
    ක්‍රමය දැනං හිටියේ නෑ නෙව
    බොහොම ස්තූතියි - තවත් අමතර සබැඳියනුත් දැම්මට
    - ජය -

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහත්මයා, තව ‍මේ වගේ බ්ලොග් සදහා ප්‍රයෝජනවත් විය හැකි දේවල් තිබෙනවා. ඒවාත් ඉදිරියේ පළ කරන්නම්....

      Delete
  9. ගොඩක් කල් ඉඳලා සොයමින් සිටි දෙයක්..ගොඩක් ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉදිරි ලිපියකදී මේ වගේ තවත් ප්‍රයෝජනවත් දෙයක් ගේන්නම්...

      Delete