Thursday, April 26, 2012

Digital කැමරා, පරිගණක, Photshop වගේ මෘදුකාංග හදුන්වාදෙන්න ඉස්සර රාජ්‍ය නායකයෝ පින්තූර වෙනස් කර තමන් හා නොරොක්වුන අය ඉවත්කල බවට උදාහරණ - How World Leaders done Photo Correction before Photoshop & other sutff invented

අද කාලේ නම් ඡායාරූපයක් අවම දක්‍ෂතා මත වුවත් කැමරාවට නතුකරගෙන පස්සේ ඒක ඕන ඕන විදියට වෙනස් කරගන්න පහසුකම් සෑහෙන්න තියෙනවා. ඒ Digital Camers, Computes සහ Photoshop වගේ මෘදුකාංග භාවිතයෙන්. ඒත් ඒවා සොයා ගන්න සෑහෙන්න කාලෙකට ඉස්සර කොටින්ම කියතොත් 1814 දී මුල්ම සේයාරුව ගත්තට පස්සේ ටික කාලයක් ගිය තැනම මේ වැඩේට එදා හිටිය අයියලත් (සොරි, අයියල කියන්නේ කොහොමද අපේ වයසේ හැටියට මුත්තල වෙන්න ඕන) මේ අළුත් ගැජට් නැතුවම වැඩේට බැහැල තියෙනවා. හොද වෙලාවට මේ උදාහරණ විදියට පෙන්නන පින්තූර ටිකක් දේශපාලනේට සම්බන්ධ නිසා හොදයි. ඒත් කියන්න බැහැ එදා හිටිය හාදයොත් කාන්තාවන්ගේ හිස සහ කද වෙනස් අයගේ හිස සහ කද වලට බද්ද කිරීමේ කිරිමේල් වැඩත් කරාද කියන එකනම්. මෙන්න උදාහරණ කිහිපයක්ම ;

මෙන්න මේ පින්තූරය තමයි දැනට බොහෝ මූලාශ්‍රවල තිබෙන පැරණිම මෙසේ වෙනස් කල පින්තූරය. 1860 දී මේ පින්තූරය එසේ මෙසේ කෙනෙක් වෙනුවෙන් නෙමෙයි වෙනස් කර තිබෙන්නේ. ඇමරිකාවේ 16 වන ජනපති ඒබ්‍රහම් ලින්කන් වෙනුවෙන්. මේ අයිකොනික් පින්තූරයේ ලින්කන්ගේ මූන සවිකර තිබෙන්නේ ඇමරිකාවේ 7 වන උපජනාධිපති සහ ලින්කන් ජනපති පුටුවට පත්වීමට පෙරාතුවම මිය ගිය  John Calhoun ගේ ශරීර කොටසටයි.


මේ පින්තූරය තමයි ඒ විදියට වෙනස් කරන ලද දෙවන පැරණිම පින්තූරය මට ලැබුන. කාලය 1864 දී, ඒ ඇමරිකානු සිවිල් යුද්දය සමයේදී. මේ අශ්වයාගේ පිටේ නැගල උජාරුවෙන් ඉන්න මහත්මයා තමයි General Ulysses S. Grant.

මේ තරුපටි ගහපු ඒ වගේම ඇමරිකාවේ 18 වන ජනාධිපතිවරයාත් වූ මෙම මහත්මයාගේ මේ පින්තූරේ හදපු එකක් කියලා පස්සේ කාලෙක ඇමරිකාවේ කොන්ග්‍රස් පුස්තකාලය කරන ලද ගවේෂනයකදී සොයාගත්තා.

සැබවින්ම කියනවා නම් පින්තූර තුනක් එකට එකතු කිරීමෙන් තමයි මේ පින්තූරය හදලා තියෙන්නේ. මුහුණු අරගෙන තියෙන්නේ මේ පළමු පින්තූරයෙන්. දෙවන පින්තූරයේ අශ්වයා සහ එහි සිටින පුද්ගලයා Major General Alexander M. McCook ඔහුගේ මුහුණට පළමු පින්තූරයෙන් මුහුණ අරගෙන බද්ද කරල පසුබිම විදියට යොදා ගෙන තිබෙන්නේ තෙවන පින්තූරයයි.

මෙන්න ඇමරිකන්කාරයන්ගේ තවත් පින්තූර වෙනස්කිරිල්ලක්‍. මේක කරල තියෙන්නේ 1865 දී. ඒ කාලේ ජනරාල්වරුන්ගේ රැස්වීමකට එන්න බැරි වුන තවත් ජනරාල් කෙනෙක් එක්කිරීම තමයි කරල තියෙන්නෙ. මෙන්න ඒ පින්තූරත්

ඔන්න ඉතින් සමහරු දතමැද ගෙන ඇති ඇමරිකන්කාරයෝ පට්ටගහන්න., උන් එදා ඉදලම කරන්නේ හොර වැඩ කියලා. නැහැ, නැහැ මෙන්න සමාජවාදී සෝවියට් දේශයත් හරි හරියට Photo editing වැඩ කරල තියෙනවා. මෙන්න සාක්කි -

අපි දැනගෙන හිටියේ නැති වුනාට සෝවියට් දේශයේ අසහාය නායක ලෙනින් සහෝදරයාත් පින්තුර Edit කරන වැඩේට අතගහල තියෙනවා. මුල් පින්තූරයේ තමන්ගේ පිටුපසින් සිටිය ගොවින් පස්සේ පින්තූරයේ නැහැ. මොකද ඔවුන්ට සෑහෙන්න සල්ලි තිබනුත් සමාජවාදී න්‍යාඥ යටතේ ඒවා දුප්පතුන්ට දීමට අකමැති වීම නිසා ඔවුන් ජීවිත්වීමේ අයිතියෙන් ඉවත් කරනවාත් සමග පින්තූරයෙනුත් ඉවත් කරන්න පසුබට වෙලා නැහැ‍. හැබැයි මේකේ සිටින ඇතැම් කුඩා දරුවන් පවා ඉවත්කලේ වැරදීමකින්දැයි නොදනිමි.

මේ ලෙනින් කතා කරන රැස්වීමක්. ඒත් සෙනඟ එච්චර නැහැ. ඒ කාලේ ඉතින් බස්වලින් සෙනඟ අද්දන්නයැ. ඉතින් මේ පින්තූරය පත්තරේ පලවෙන කොට සෙනඟ නොහිටියයි කියල මිනිස්සු දැන ගත්තොත් ලැජ්ජාවටද කොහේද පස්සේ සෙනඟ හිතාගන්නවත් බැරිගානක් දාල වෙනස් කරලා.

1930 දී පමණ වෙනස් කරන ලද පින්තූරයෙන් මුලින්ම ස්ටාලින් ලග හිටිය කෙනා පස්සේ එයින් ඉවත්කරල. බොහෝවිට ස්ටාලින්ට මේ මනුස්සය එක්ක මොකක් හරි කෝන්තරයක් තියෙන්න ඇති. හැබැයි ඉතින් කණගාටුවට කාරණේ තමයි බොහෝවිට මෙලොවිනුත් ඒ වන විට මේ පුද්ගලයා ස්ටාලින්ගේ අනින් ඉවත් කරල තියෙන්න ඇති.

ස්ටාලින් ඉන්න මේ පින්තූරයේ දෙන්නෙකුටත් වෙන්න ඇති දේ අමුතුවෙන් කියන්න ඕනැ නැහැ.

ස්ටාලින්ගේ හැටි දන්න කෙනෙක් ඔහුත් එක්ක විහිළු කරන්න යනවද? මේ වම්පස පින්තූරයේ දැක්වෙන පුද්ගලයා ස්ටාලින්ට මොනපැත්තෙන්ද යන්නේ කියන එක පෙන්වනවා. ස්ටාලින් වගේ උත්තරීතර පුද්ගලයෙකුට පාර පෙන්වන්න මේ වගේ හාල්පාරුවෙකුට පුළුවන්ද? ඒබව සනාථ කරමින් පසුව පලකෙරුන දකුණු පැත්තේ සේයාරුවෙන් ඔහුව ඉවත්කර ඇත.

ස්ටාලින් විතරක් නෙමෙයි. ‍මාවෝ සහෝදරයත් ඒවගේ දේවල් වලට අතගහල තියෙනවා. 1936 දී මේ දකුණු පැත්තේ පින්තූරයේ වම් පැත්තේ ඉන්න හාදයා පස්සේ පින්තූරවල නැහැ. මාවෝ එක්ක මොකක් හරි ආරෝවක් තියෙන්න ඇති. ඒකට දුන්න පනිෂ්මන්ට් එක තමයි මේ.

1937 ට අයත් යැයි කියන මෙම පින්තූරය නම් තරහක් නිසා එක් පුද්ගලයෙක් ඉවත් කලා යයි සිතන්න අමාරු එකක්. මොකද හිට්ලර් සහ ගොබෙල්ස් යන දෙදෙනාම සිටින මේ පින්තූරයෙන් පසුව ගොබෙල්ස් ඉවත් කිරීම හිතා ගන්න බැරි කාරණයක්.

1939 පින්තූරයක් වන මෙහි වම් කෙලවරේ සිටින්නේ කැනඩාවේ අග්‍රාමාත්‍ය William Lyon, එතකොට මැද සිටින කාන්තාව එලිසබෙත් රැජින. එතකොට දකුණු පසින් සිටින්නේ මෙතන ඉන්න ප්‍රභලම කෙනා ඒකින්නේ මහා බ්‍රිතාන්‍යයේ VI වන ජෝර්ජ් රජතුමා. ඒත් මේ අගමැති මාරම මිනිහෙක් තමන්ගේ මැතිවරණ කටයුත්තකට මේ පින්තූරය යොදා ගැනීමට රජ්ජුරුවෝ ඉවත් කරල රැජින විතරක් පින්තූරයේ ඉතිරි කරල. මේකෙන් මොනවගේ අදහස් දෙන්න මිනිහ හිතාගෙන හිටියද දන්නෑ...

මේ තියෙන්නේ තවත් සෝවියට් photo editing වැඩක්. මුල් පින්තූරයේ සටන් පාඨ හරියට පේනනේ නැති නිසා අළුතින් සටන් පාඨ එක් කරල විතරක් නෙමෙයි. අහල තියෙන කඩේක බෝඩ් එකේ තියෙන රන් සහ රිදී ආලේපිත ඔරලෝසු ගැන තියෙන වැකිය ඉවත් කරල "ඔබගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න" කියන වැකිය එක්කරල.

මෙන්න 1942 පින්තූරයක්. මේකේ සිටින අසරුවා අපි දන්න කෙනෙක්. ඒ බෙනීටෝ මුසලෝනි. ඉතින් ඒවගේ කෙරුම්කාරයෙකුට අශ්වයා පාලනය කරගන්න එක මහදෙයක්ද? ඒ නිසා මුල් පින්තූරයේ සිටින අසු පාලනය කරන්නා ඉවත් කරල වෙන පින්තූරයක් ප්‍රසිද්ධ කළා.
මුසලෝනි ගැන යමක් දැන ගන්න ඕන නම් මෙතනට ගියොත් පුළුවන් -

මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල්


මෙන්න තවත් අයිකොනික් ඉමේජ් එකක්. සෝවියට් හමුදා විසින් බර්ලිනයට ඇතුළු වී හිට්ලර් පරාජය කලාට පසු එහි පාර්ලිමෙන්තු ගොඩනැගිල්ලේ වහලට නැගී සෝවියට ධජය ඔසවන අවස්ථාවේ එම සෙබලාට සහය වන අනෙක් සඟයාගේ අත් දෙකේම ඔරලෝසු දෙකක් තිබිල තියෙනවා. Ogoniok කියන සඟරාවේ මෙය පලකරන්න යන අවස්ථාවේ එම සඟරාවේ කතෘතුමා තැනට සුදුසු නුවන භාවිතා කරල දකුණු අතේ ඔරලෝසුව පොඩි editing පාරක් දාලා ඉවත් කරලා.

මොකද මිනිස්සු අත් දෙකටම ඔරලෝසු බදිනවයි? ඒ අතේ තිබිල තියෙන්නේ හොරකම් කල ඔරලෝසුවක් මොකද කොහොමත් සෝවියට් සොල්දාදුවෝ ජර්මනියට ඇතුළු වෙන අවස්ථාවේ ඔරලෝසු තිබිල නැහැ. ඉන්පසුව තමයි ඔවුන්ගේ අත් වලට ඔරලෝසු ඇවිල්ල තියෙන්නේ මේ බව මීට කලිනුත් ලිපියක කිව්වා සමහර විට ඔබට මතක ඇති. මෙන්න නැවත වරක් එම ලිපිය කියන්න ඕනෑ වුනොත් එහි ලිපිනය -

හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler

මේ පින්තූරය දේශපාලනයට සම්බන්ධ එකක් නොවේ. යූරි ගගාරින් ගැන දන්නවානේ. නොදන්නවා නම් දැනගන්න ඔහු තමයි ලෝකේ පළමුවරට අභව්‍යාකාශයට ගිය මිනිසා. ඉතින් මේ වැඩපිළිවෙලේ ඔහුවිතරක් නෙමෙයි තවත් අභව්‍යාකාශගාමීන් සිටියා. මේ දකුණු පැත්තේ පින්තූරයේ සිටින්නේ ඒ වැඩපිළිවෙලේ වැඩකල ඔහු සහ ඔහුගේ සඟයන්. ඒත් වම් පැත්තේ පින්තූරයේ පිටිපස්සේ සිටින එක්කෙනෙක් නැහැ නේද? ඒකට හේතුව තමයි පසුව ඔහු එම වැඩපිළිවෙලින් ඉවත්කරල, මොකද ඔහුගේ කල්කිරියාව එතරම් හොද නැතිළු!

මෙන්න 1971 දී වෙනස් කරන ලද තවත් දේශපාලන පින්තූරයක්. මෙහි නිධාන කතාව නම් සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂ මහලේකම් ලියනොඩ් බෲශ්නේව් සහ බටහිර ජර්මනියේ චාන්ස්ලර්වරයා  හමුවූ අවස්ථාවක හොදට බීලා, සිගරට් බිබි සිටින අවෂ්තාවක්, ඒත් මේක පලකොරන්න පුළුවනෑ, රටේ නායකයෝ බිබි පිස්සුනටන ඒවා. ඉතින් වම් පැත්තේ පින්තූරයේදී ඒ අඩුපාඩු මකලා නියමෙට ෂකෂ් කොරල තියෙනවා.

මේ පින්තූරයත් තියෙන්නේ කොමියුනිස්ට් නෑකමක්. මාවෝ මැරුණට පස්සේ (මැරුණා කියන වචනේ කැමති නැත්නම් ඒකට සුදුසු අභාවප්‍රාප්ත, කළුරිය වගේ වචනයක් ආදේශ කරගන්න) පැවැත්වුන ඔහු සිහි කිරීමේ උත්සවයකදී, මාවෝගේ අසාර්ථක හා කුරිරු සංස්කෘතික විප්ලවයේ නියමුවන් වූ හතරදෙනාගේ කල්ලියේ කට්ටිය වම්පැත්තේ පින්තූරයේදී ඉවත් කරල තියෙන්නේ.

මේ හතරදෙනාගේ කල්ලිය ගැන සුළු විස්තරයක් මෙන්න මේ ලිපියට ගියොත් බලා ගන්න පුළුවන්.

දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම් ගැන නොදන්නා අයට දැනගන්නටත්,


මේ වගේ වෙනස් කරපු පින්තූර තව ගොඩක් තියෙනවා. ඒ ගැන මේන්න මේ වෙබ් අඩවි වලට පිවිසීමෙන් බලා ගැනීමට හැකියි.
http://www.fourandsix.com/photo-tampering-history/
http://letsrollforums.com/new-york-times-brief-t23643.html?s=5bade9a9fca88f41e772f3d17d6ebc61&
http://www.dailymail.co.uk/news/article-2107109/Iconic-Abraham-Lincoln-portrait-revealed-TWO-pictures-stitched-together.html



45 comments:

  1. මේ වගේ දේවල්වලින් ලබාගත්ත බොරු ජනප්‍රියබවට සදාකල් පැවැත්මක් තිබිලා නෑ කියලා ඉතිහාසයෙ පේනවා..

    ස්තුතියි දිනේශ්..

    ReplyDelete
    Replies
    1. අද තරම් තාක්‍ෂනය දියුණු නැති නිසා ඒ ඒ පුද්ගලයන්ගේ ජීවිත කාලය තුලදී මේ වගේ උප්පරවැට්ටි හසු නොවී තිබෙන්නට ඇති...

      Delete
  2. ඒ කියන්නෙ ඒ කාලෙයි මේ කාලෙයි කෙරෙන වැඩවල ලොකු වෙනසක් නැහැ වගෙයි නේද.......

    ReplyDelete
    Replies
    1. ඔව් මතක ඇතිනේ මෙහෙත් මේ වගේ පින්තූර වෙනස් කිරීම් ගැන සාක්කි එක්කම වෙබ් අඩවි වල තිබුනේ...

      Delete
  3. නොදන්නා ගොඩක් දේ ඉගෙන ගත්ත ,, ස්තුතියි, සත්-සමුදුර

    ReplyDelete
  4. මෙච්චර කොම්ම්පියුටරේ ගහලත් නොඩන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    ReplyDelete
  5. ඔය මුලින් තිබුනයි කියන චායාරූප ඈත්ත ඵවයි කියලාම අපි නිගමනයකට ඵන්නේ කොහොමද?????????

    ReplyDelete
    Replies
    1. මෙතන තිබෙන්නේ ඡායාරූප වල වෙනස් කිරීම් පිළිබදවම කාරණයක් නෙවෙයි. මේවායේ සිටින පුද්ගලයන්ගේ බලපුළුවන්කාරකම සහ ඔවුන්ගේ ආකල්ප මෙන්ම ඔවුන්ගේ දේශපාලනය ඒ අවධියේ පෙල ගැසුන හා සකස් වුන ආකාරය පිළිබදවත් කතිකාවතක්...

      Delete
  6. ඔය ස්ටාලින් ට පාර පෙන්වපු කෙනා සම්බන්ධ පින්තූරෙ නම් තියෙන්නෙ වෙනස් දෙයක් කියලයි මට හිතෙන්නේ එකම වෙලාවේ ගහපු පිංතූර දෙකක්.. බලන්න පළමු පිංතූරය යැයි කියපු එකේ හරියට නොපෙනෙන රූප අනිත් රූපයේ මතු වෙලා තියෙන හැටි..

    බොහොම අගේ ඇති ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් ඔබ කියන කාරණේටත් යම් සත්‍යතාවයක් සියුම්ව බැළුවොත් තියෙනවා තමයි. හැබැයි මෙහෙම දෙයක් කියලයි මටනම් හිතෙන්නේ. ඒ අන්තර්ජාලයේ පෙන්වපු පින්තූරයට වඩා පුළුල් පරාසයක් කැමරාවට ගත් ඡායාරූපයක් වෙන්නත් පුළුවන්නේද? බලන්න දෙවන රූපයේ මුල්එකට වඩා ස්ටාලින්ගේ පිටුපස සිටින කෙනා පැත්තට වෙන්න අරගෙන ඉදිරිකොටස Crop කරල වගේ නේද? මේ සේයාරුව ටිකක් අපහැදිලියි. හැබැයි මේකෙම මීට වඩා පැහැදිලි සේයාරූ යුගලයක් හොයාගත්තොත් අවට පරිසරයේ ලක්‍ෂනත් එක්ක සන්සන්දනය කළොත් එකම වේලාවේ ගත්ත සේයාරූ දෙකක්ද? නැත්නම් පුළුල් පින්තූරයක වෙනස් ආකාරයට Crop කිරීමක්ද කියල කියන්න හැකිවේවි...

      Delete
  7. අච්චර අවංක ලින්කන් තුමත් ...අපොයි .

    ReplyDelete
    Replies
    1. චමිලා, ම‍ගේ මතය අනුව නම් දේශපාලනය කරන අය සාපේක්‍ෂව හොද හෝ නරක වීම අඩුවැඩිවීම තීරණය වන බවයි කියන්න වෙන්නේ. අනෙක දේශපාලනය කියන්නේ බෝසත් චරිත වලට කරන්න බැරි වෘත්තියක්. ‍එහෙම අයට දේශපාලනයේ ගොඩක් දුර යන්න බැරි බව අපේ ඉතිහාසයේ එන සිරිසඟබෝ වගේ කතා වලිනුත් පැහැදිලියිනේ. ඉතින් ලින්කන් ජනපතිතුමාටත් එය වෙනස් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. අනිත් කරුණ අපි මේ වගේ පුද්ගලයන් ගැන චරිත කතා බොහෝමයක් ලියවෙන්නේ ඔවුන්ගේ සුදු පැත්ත ගැන විතරයි. කළු පැත්ත ගැන ලියවෙන්නෙම නැති නිසා අපි දන්න කාරණා ගැන වැඩි පැත්තට බර තියල විනිශ්චයකට එළඹීම තමයි බොහෝවිට සිදු කරන්න වෙන්නේ. කොහොමවුනත් ලින්කන් ජනපතිතුමා ඇමරිකානු ජනාධිපතිවරු අතරින් හොද චරිතයක් ලෙස සාපේක්‍ෂව සැලකිය හැකියි...

      Delete
  8. යකෝ මුන්ට ෆොටෝ ෂොප් තිබුණානම් අද අපිට වෙන ඉතිහාසයත් කියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. Photoshop තිබුන පලියට සේයාරුවක් වෙනස් කළා කියල ඒක නියම එකයි කියල ඒත්තු ගන්වන්න අද තියෙන අනෙකුත් තාක්‍ෂනය හා මේ වගේ මෘදුකාංග පිළිබදව දැනුම තියෙන පිරිස වැඩි නිසා කරන්න අමාරුයි...

      Delete
    2. හික් ! හැබෑවට... එනම් ඇමෙරිකන් කාරයා හඳට යන්නේ 50's වල !!!

      Delete
    3. ඔව් මේ හඳ ගමන ගැනත් අමුතු අමුතු කතා තියෙනවානේ. මම එකපාරක් ‍ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක පසුතලයක දැක්කා ඇත්තටම හඳවගේ හදලා තියෙනවා. ඉතින් හඳ ගමනත් "අධ්‍යක්‍ෂනය" කරන එක ඇමරිකන්කාරයට මහ දෙයක්ද?

      Delete
  9. හැබැයි මේවා 100% ඇත්ත කියලා පිළිගන්න මම නම් ඉක්මන් වෙන්නෙ නෑ දිනේෂ්! එඩිට් කරපුවා අස්සෙත් තව කතා ඇති. සමහර විට අපි මේක එඩිට් කලා මේ විදිහට කිව්වට ඒකේ අනිත් පැත්ත වෙලාද දන්නෙත් නෑ. නැත්තම් දෙකට එඩිට් කරපුවද කව්ද දන්නෙ....!

    කොහොමත් ඉතිහාසේ ගොඩනැගෙන්න, ඇත්තයි බොරුවයි දෙකම හරි හරියට දායක වෙලා තියෙනවා වගේ....

    මේ වගේ තොරතුරු ගොඩක් හොයාලා අපිට පෙන්නපු දිනේෂ්ට මෙන්න මගෙනුත් ස්තුතිය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බුද්ධි, මෙහෙමයි බුද්ධි කිසිම දෙයක් පිළිබදව 100% ක නිගමනයකට එන්න අපි ඒ කාරණේට සම්බන්ධ නැත්නම් හැකියාවක් නැහැ. ඒ වගේම ඔබ කියන ආකාරයෙන් අපි මේ කතා කල කරුණුවලට වඩා වෙනස් කාරණාත් මේ සේයාරූ වල සැඟවිලා ඇති. අපිට මේ පින්තූර එක්ක ගණුදෙනු කිරීමේදී මම මීට කලින් කමෙන්ටුවකත් කිව්ව වගේ මේ ඉන්න පුද්ගලයන්ගේ අභිමතාර්ථයන් හා ඔවුන්ගේ පුද්ගල චරිත එක්ක ගැලපුවහම මේ වගේ වෙනස්කම් සිදුකිරීම සුදුවෙන්න බැරි කමකුත් නැහැ. ඒවගේම සමහර කාරණා ඉතිහාසය සමග කාලය ගතවීමේදී ‍සුළු වෙනස් වීම් පසුව සත්‍ය යටපත් කර වෙනත් දෙයක් ඉස්මතු කිරීමටත් හේතුවෙන්න පුළුවන්.

      අනෙක පුද්ගල චරිත වල බලපුළුවන්කාරකම මත ඔවුන් පිළිබදව අගතිගාමී පැත්තට වඩා සුගතිගාමී පැත්ත උළුප්පා පෙන්වීම මතත් කළු චරිත අළු හෝ සුදු චරිත බවට පත්වී මෙවන් කාරණා සමග පරස්පරතාවයන් මතුවෙන්නට පුළුවන්. මම උදාරණයක් දෙන්නම්. ලෝකයේ සමාජවාදීන් බොහෝ දෙනෙක් දේවත්වයෙන් සැලකුවත් ලෙනින් කියන්නේ තවත් එක් ප්‍රධාන පෙලේ ඒකාධිපතියෙක්. සමාජවාදය බිහිකිරීම වෙනුවෙන් සහ ඉන්ඉක්බිතිව එය රැකගැනුම වෙනුවෙන් ඔහුගේ පාලනය හා අණදීම යටතේ ලක්‍ෂ සංඛ්‍යාත ගණනකගේ ජීවිත බෝල්ෂෙවික්වාදීන් විසින් බිලිගත්තා. නමුත් එවා විප්ලවය හෝ විමුක්තිය වැනි පාඨ ය‍ටතේ සාධාරණීකරණය වීම තමයි වුනේ...

      Delete
  10. ස්තුතියි

    ReplyDelete
  11. ස්තුතියි සහෝ කරුණු ටිකට ! අරමුණ හා සත්‍යතාවය කෙසේ වෙතත්, මේවා ඒ කාලේ නෙවේ මෑත කාලෙදි එඩිට් කලත්... කරල තිබෙන එඩිට් කිරිල්ල නම් නියමයි ! ඇත්තටම මෙව්වා 1800 ගණන්වල ඒවා නම් දැන් ෆොටෝෂොප් එඩිට් කරන අය දැකලා මෙව්වා හදපු අය හිනා වෙයි !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතිය! ඔබගේ කීමට මමත් එකඟයි. මේවා‍යේ ඇතමකගේ සත්‍යතාවයන් පිළිබදව ගැටළු තිබෙන්නට පුළුවන්. ඒත් අද තියෙන පහසුකම් නැතිව එදා හිටිය ඡායාරූපශිල්පීන් සිදුකල මෙම වෙනස් කම් නම් පැසසිය යුතුයි...

      Delete
  12. යමක් කරන්න හිතුනොත් ඒකට නවීන තාක්ෂණයම ඕනෙ නෑ,. අවශයතාවය තමයි ඕනෙ වෙන්නෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත. තාක්‍ෂනය ‍හෝ වෙනත් සම්පත් තිබුන පලියට යමක් කරන්න බැහැ. අවශ්‍යතාව, කැපවීම වගේම ශිල්පීය දක්‍ෂතාවයත් එයට එකතුවිය යුතුයි...

      Delete
  13. තාක්ෂණය නොදියුණු කාලෙත් මේ දේවල් මෙච්චරව සාර්ථකව කලානම් අද ගැන කවර කතාද? ගොඩක් ස්තූතියි අදත් මේ විස්තර වෙලට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! නිපුනත්වය ඇත්නම් සුපිරි තාක්‍ෂනයක්ම අවශ්‍ය නැහැ...

      Delete
  14. මාර වැඩකරුවො ටිකක්නේ ඒ දවස් වල ඉඳලා තියෙන්නෙ.මොන තාක්ශනයක්යටතේ කොහොම කලාද කියන එකනම් ප්‍රශ්නයක් නේද ?

    සමහර ඒවා බලපුවම මට හිතුනේ ඉවත් කළා කිව්වට අලුතෙන් එකතු කරලවත්දෝ කියලා...

    මොනව උනත් ඉතින් ඒ දවස්වල තිබ්බ තාක්ශනය යටතේ මේවා කරපු උන් මාරයි. උන් ගැන හොයාගන අපිට කියපු දිනේශුත් මාරයි..

    ජයෙන් ජය පතමි !!

    ReplyDelete
    Replies
    1. ස්තූතිය! මොනවාකළත් අද තියෙන පහසුකම් නැතිව මේ දේවල් කාලයක් යනකම් වත් එළිනොවෙන ආකාරයෙන් සිදුකරතිබීම විශිෂ්ඨයි...

      Delete
  15. මේ වගේ රජවැඩකාරයො ඒ දවස්වලත් ඉඳලා එහෙනම්..

    ඒත් දුකට කාරණය ඔය වගේ එව්වා ඇත්ත යයි විශ්වාස කරන මිනිස්සු ගම්වල ඉන්නවානෙ තාමත්..

    අපේ පැත්තෙත් ඡන්ද කාලෙට ඔය වගේ එව්වා වැහිවැහැලා.. සමහර ඇමතිලා යුද්ධ භූමියට ගිය එව්වා.. ඇමරිකාවෙ ජනාධිපති එක්ක එකට ඉඳගෙන කන එව්වා.. ප්‍රාදේෂීය සභා මන්ත්‍රීලා එක ළඟ ආසනවල ඉඳගෙන ජනපතිත් එක්ක කතාකර කර ඉන්න එව්වා.. කියලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. එදා නම් කමක් නැහැ. අදත් මේවගේ දේවල් විශ්වාස කරන මිනිස්සු ඉන්නකොට "රජවැඩකාරයෝ" බිහිවෙන එක අහන්නත් දෙයක්ද?

      Delete
  16. ලෙනින් ඵ්කාදිපතියෙක් කියන්න ඈමරිකාවවති ඉක්මන්වෙන්නෑ.
    ලෙනින්ට ඵ්කාදිපතියා කියන කෙනානම් නියම පිස්සෙක් වෙන්න ඔනෙ.
    සාර් පාලනසමයේදී තිබුන රුසියාව ගෑන දන්න කෙනෙක් ඔහොම කියන්නෑ.
    සාර් ඵ්කාදිපති රජාගේ පාලනය ගෑන දෑනගන්න තෝල්ස්ටෝයි ගෙ පොති කියවන්න.
    රුසියවේ අකුරුවත් නොදන්න මිනිස්සු හිටිය අදුරු ගම් රටවල හිටපු අසරණයින්ට ආලෝකය රෑගෙනගිය,පරම්පරා ගනනක් තෑලුනු පොඩිඋනු ගොවිදරුවන්ව ගගනගාමීන් කල ලෙනින්වගේ කෙනෙකුට මෙහෙම කියන්න පුලුවන් අමුතුම මානසිකත්වයක් තියන කෙනෙකුට විතරයි.

    ReplyDelete
    Replies
    1. තම අනන්‍යතාවයවත් හරිහැටි පෙන්වීමට නොහැකි ඔබට, ලෙනින් වෙනුවෙන් පෙරකදෝරුකම් කිරීම පිළිබදව මගේ මතය ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් නොවූවත් අන්ධානුකරණයෙන් තමන්ගේ රටේ මිනිසුන් පවා ප්‍රතික්‍ෂේපකරන නායකයෙකුවෙනුවෙන් පෙනී සිටීමේදී දක්වා ඇති කරුණු වල දෝශ සහගත බව හා හාස්‍ය නිසා ඒවා තවදුරටත් ඔබ කරපින්නාගෙන සිටීම පිළිබදව අනුකම්පාවෙන් යුතුව සුළුවෙන් යමක් පවසමි. ඇමරිකාව පමණක් නොව ලෝකයේ වෙනත් රටවල බෙහෝ මූලාශ්‍ර ආදියේ ලෙනින්ගේ ඒකාධිපති ස්වරූපය පිළිබදව කරුණු මැනවින් පෙන්වා ඇත. සමාජවාදයේ මුවාවෙන් භෞතික දියුණුව විනා අධ්‍යාත්මික දියුණුව හා මිනිස් ඇතුලාන්තය දියකර හැරීමේ කොමියුනිස්ට් ක්‍රියාමාර්ගයන් පිළිබදව ඇති හැකි එකාට වෛරකරමින් පෞද්ගලික දේපල පිළිබදව ඉර්ශයාවෙන් සිටින, එහෙත් යම් දිනක තමන් ධනවතෙකු වුවහොත් එම කරපින්නාගත් සමාජවාදය බැහැර කරන ඔබවැනි අය ලෙනින්, ස්ටාලින්, මාවෝ වැන්නන් දේවත්වයෙන් සැලකීම අරුමහක් නොවේ.

      සාර් පාලනයද දුර්දාන්ත හා පරිපාළනයේ නොදියුණුකම් ඇති කාර්මික විප්ලවයේ දියුණුව නොලැබූ රටක් ලෙස රුසියාව පැවති බවට තෝල්ස්තොයිගේ පොත්පත් කියවීමම අවශ්‍ය නොවේ. අනෙක ඔය කියන රුසියන් විප්ලවය එහි ජනතාවටම එපා වූ නිසා වසර හැත්තෑගණනක් තුල ඉවත දැමුවේ රුසියානුවන් කාමසුකල්ලිකානුයෝගය එපාවී අත්තකිලමතානුයෝගය කෙරේ ලොල්වූ නිසාද? අද ඔබලා බොහෝ දෙනෙකුට ගැලවුම්කාරයා වී සිටින වැලැඩිමීර් පුටීන් මහතාගේ රජය පවා දැන් ‍නියෝජනය කරන්නේ හා ගරු කරන්නේ පැරණි නිකලස් සාර් රජු මිස ලෙනින් නොවන බව ඔබ නොදන්නා හැඩයි.

      ගොවිදරුවන්, ගගණගාමින් බවට පත්වූ‍යේ ලෙනින් මියෑදී වසර තිස් ගණනකට පසු බවද ඔබ නොදන්නා බව පෙනෙන අතර දෙවන ලෝක යුද්දය නිමාවීමෙන් පසු රොකට් තාක්‍ෂනය සොයාගෙන සිටි ජර්මානු විද්‍යාඥයන්ගෙන් පිරිසක් ඇමරිකාවටත් අනෙක් පිරිස සෝවියට් දේශය විසිනුත් නතුකරගෙන ඉන්පසුව රොකට් යුගය බිහිවූ බවත් ඔබ නොදන්නා ආකාරයක පෙනේ. තවත් ඕනෑතරම් කරුණු කාරණා දැක්විය හැක. කැමති නම් ඒවාද දැක්විය හැකියි...

      Delete
    2. තවත් මෝඩ කතා වෑලක්.රීඩර්ස් ඩයිජස්ට් කොපි පේස්ට් කරපුහාම ඔහොම වෙනවා.
      අනික පර්ජාතන්ත්‍රවාදය ගෑන රටබයිලා ගහන මේ මහත්තුරු ඈනොනිමසයෙකු ලෙස අදහස් පලකිරීමේ අයිතියට විරුද්දත්වය ප්‍රකාසකරනවා.අදකලේ ගොඩක් අය ඈනොනිමස් ලියන්නේ ඈයි කියල දන්නවානේ.ඉතින් මෙයාලගේ ප්‍රජාත්‍රන්තරවාදී අදහස් ගෑන ගෑන හිතාගන්න පුලුවන්නේ!!!!!
      සෝවියට් දේශය රොකට් හෑදුවේ ජර්මන් තාක්ශනයෙන්ලු.මාර ජෝක්.මේවා කියවන පොඩි උන් හිතන්නේ මෙවා ඈත්ත කියලා ඵ්කයි මෙහෙම කොටන්නේ.ජර්මනිය ඔච්චර දක්ශනම් රුසියාව දියූනු උනේ ජර්මන් මොලෙන් නම් දෙවන ලෝක්ක යුද්දයේදී රුසියාව cජර්මනියට පරදිනවා මිසාක් ජර්මනිය රුසියාවට පරදින්න විදියක් නෑනේ.මොකද 2ලෝක යුද්දයේදී ජර්මන් ඩිවිශන් 250ක් සෝවියට් පෙරමුනට යෑව්වා.බටහිර පෙරමුනට ඵ්ව්වේ ඩිවිශන් 25යි.රුසියාව කොහොමවෙතත් අදටත් ඈමරිකවේ නාසා ඵ්කේනම් අතිබහුතරය යුදෙව්,ඉන්දීය බුද්දිමතුන් මිස උපන් යෑන්කින් නොවේ.

      ඔයවගේ තක්කඩි බුද්දිමතුන්ගේ වෑල්බයිලා අහලා අහලා අපිත් අවුරුදු 67ක් දනවාදය අනුගමනය කලා.කෝ දියුයුනුව???????අදනොවේ හෙට තමයි.අන්තිමට ල0කාවට යුද්දෙ වෙලාවෙදි උදව්කලෙත් චීනය රුසියාව මිස ප්‍රජාත්‍රන්ත්‍රවාදී ඈමරිකාව නොවෙයි නේ.උන් උදව්කලේ ත්‍රස්තවාදීන්ට.

      දනවාදය දන්නේ මිනිස්සුන්ව හූරන්කන්න තමයි.අන්න දෑන් හාම්පුතුන්ගේ ස0ගමය වෑඩකරන ජනතාව හූරන්කන්න අලුත් පනතක් හදලා දීලාලු.ඵකට අනුව නෑතුව වෑඩගන්න වගේම සේවකයන්ට දඩගහන්න කෙලින්ම දඩුවම් දෙන්න කලමනාකාරීත්වයට පුලුවන්.මාරයිනේ.ඔන්න ඔකනේ ඔයාලා කියන ප්‍රජාත්‍රන්ත්‍රවාදය.තවතව උස්ස උස්ස දීපල්ලා දනවාදීන්ට ඵ්තකොට හම්බවෙයි යීයෙ දුන්න ඵ්වාවලින්ම.මහපොලවේ දනවාදී ක්‍රියාකාරීත්වය දන්නෑති මිනිස්සුන්ගෙන් බණ ඈහුවොත් සොරිම තමා.

      Delete
    3. මෙන්න මේ ප්‍රකාශය ගැන පමණක් යමක් පවසන අතර අනෙක් කරුණු හිස් සම්ප්‍රපලාප වලට වඩා යමක් නොමැති තේරුමක් නැති දේවල්. මන්ද මීට පෙරද කිහිපවිටක්ම මේ ගැන සවිස්කරව කියා ඇති නිසා නැවත ඒවා විග්‍රහ කරන්නට යාමෙන් සිදුවන්නේ කාලය නාස්තියක් පමණයි.

      //අනික පර්ජාතන්ත්‍රවාදය ගෑන රටබයිලා ගහන මේ මහත්තුරු ඈනොනිමසයෙකු ලෙස අදහස් පලකිරීමේ අයිතියට විරුද්දත්වය ප්‍රකාසකරනවා.අදකලේ ගොඩක් අය ඈනොනිමස් ලියන්නේ ඈයි කියල දන්නවානේ.ඉතින් මෙයාලගේ ප්‍රජාත්‍රන්තරවාදී අදහස් ගෑන ගෑන හිතාගන්න පුලුවන්නේ!!!!!//

      මේ ප්‍රකාශය ගැන යමක් කියන්නේ නම්; ඇනෝනිමසයන්ට මෙම බ්ලොග් අඩවියේ අදහස් පල කිරීමට ඉඩදී තිබෙන්නේ, ඇතැම් පාඨකයන්ට ඇති තාක්‍ෂනික නොදැනුවත් කම හා සමහර විටක අප සතුව නිසි Google ගිනූමක් තිබුනත් ඔවුන්ගේ තාක්‍ෂනික දෝශ නිසා අදහස් පලකිරීමට බාධා ඇතිවන විට එය භාවිතා කිරීමටයි. නැතුව ඔබ කියනා ආකාරයේ හිස් දේවල් සැගවී පැවසීමට ඉඩදීමට නොවේ. ඒ තත්ත්වය යටතේත් මා දරන මතයන්ට විරුද්ධව මත දැරුවත් ඇතැම්විට අධ්‍යාපනික වශයෙන් ඉහල වටිනාකමක් සහ නොදන්නා දේවල් දැනගැනීමට මෙන්ම පලකර ඇති සදොස් දෙයක් වේ නම් කරුණු අනුව සොයා බලා පසුව නිවැරදි කරගැනීමට එය උපකාරී වන නිසාය. ඒ නිසා පැවසීමට තිබෙන්නේ අවශ්‍ය වුවහොත් කමෙන්ට් Modarate කළහොත් ඔබ වැනි තේරුමක් නැති බොරු අදහස් පලකරන්නන් මෙම අඩවියට පැමිණුනාදැයි දැනගැනීමට අවස්ථාවක් නොලැබීමට සේ සකස් කිරීමට හෝ ඇනෝනිමස් කමෙන්ට්ටු අවහිර කිරීමට උවද ඕනෑවටත් වඩා පහසුකම් තිබෙන බවද අමතක නොකරන්න...

      Delete
  17. 71 දී ගත්ත කොමියුනිස්ට් මහලේකම්ගෙයි ජර්මන් චන්සලර්ගෙයි පින්තුර ටික නම් මම හිතන්නේ නෑ හදල කියලා. ඒත් අනිත්වා නම් හදල වෙන්න ඕනේ. නෙගටිව් එඩිට් කරලා ඒ වගේම පින්තුර වතුරේ දානකොට එහෙම මේ වගේ ඒවා කරන්න පුළුවන් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ම් ඒ ගැන නම් පැවසීම අසීරුයි. ඒත් මේ රටවල් වල ඒ කාලේ තිබුන propaganda අනුව මීටත් වඩා සියුම්දේවල් තවත් ඇති. විශේෂයෙන් සමාජවාදී රටවල නායකයක් සුපිරි දේවත්වයෙන් යුතු මිනිසුන් (Divine Figures or super human being) ලෙස පෙන්වීමට නිපදවූ චිත්‍රපටි, පෝස්ටර්, ඔපෙරා, නාට්‍ය, ගීත සහ මෙකී නොකී දේවල් අනුව මෙවන් වෙනස් කිරීම් පිළිබදව අමාරුවෙන්ම විශ්වාස කිරීම සිදුකල යුතුනැහැ. ඒත් කාලයේ ගෙවීයාම අනුව සමහර දේවල් පින්තූර වෙනස් කිරීමම නොවුවනත්, දැන් ඒවා සනාථ කිරීමට ඉදිරිපත් වන අයෙකු නොමැති නිසා මෙසේ පින්තූර වෙනස්කම් කිරීම ලෙස ඇතැමුන් කියන්නටත් පුළුවන්‍‍‍‍...

      Delete
    2. දනවාදීන් විසින් සියුම්ලෙස ජන මනස වෙනස්කරන්න ඔයකී උපක්‍රම හෑමඵ්කක්ම පාවිච්ච්යියට ගන්නවා.
      කොටින්ම අපේරටේ රාජ්‍ය මාද්ය ප්‍රවුර්ති විකාශායක් ගන්න.
      මිනිස්සුන්ව රවට්ටලා උන් යටතේ තියාගන්න උන්ගේ කොම්පෑනිවල තුට්ටුදෙකට මරවන්න යන්තම් කන්නබොන්නදීලා නොමෑරීතියාගන්න මිනිස්සුන්ගේ හිත ඵ්මේඅත යවන්න පචමාද්ය තමා හොදම අවිය.
      දනවාදයේ අතදරුවන් මෙහෙමනම් ඵහි අම්මලා අප්පලා වන ඈමරිකාව බ්‍රිතාන්ය කොහොම බොරු වපුරානවා ඈත්ද.කොටින්ම කිව්වොත් ජෝසොප් ගොබෙල්ස්ගේ බොරු ප්‍රචාරක මාද්ය කලාව හොදින්ම කරන්නෙ ඔවුන්.මේ අඩවියේ පලවන සමහර කරුනු දෑක්කහම මේ අඩවියත් ඵ්හෙම ඵකක්ද කියන සාදාරණ සෑකය අපිට ඈතිවෙනවා.

      Delete
    3. මේ බ්ලොග්අඩවිය ව්‍යාජ තොරතුරු වපුරණ තැනක්ද? නැත්ද? යනවග මෙහි සදහන් කරණු තවත් මූලාශ්‍ර සමග සැසදීමෙන් හෝ වෙනයම් විද්‍යාත්මක ආකාරයකට විග්‍රහ කිරීමෙන් නිගමනය කිරීම ඔබට භාර කාරණයක්. මා විසින් සපයන ලිපි සදහා අවශය සෑම මොහොතකම මූලාශ්‍ර පිළිබදව සටහනක් කරනවා. ඉතින් තවදුරටත් කියන්නට තිබෙන්නේ මේ බ්ලොග් අඩවිය ඔබ වැනි අන්තගාමී, සමාජවාදයේ සිහින දකින්නෙකුට සතුටුවන ආකාරයේ ලිපි සපයන තැනක් නොවනබවත් එය ඔබ කියනා අනෙක් මාධ්‍ය හා සැසදීම මාහට අදාල නොවන බවත්ය...

      Delete
    4. (මා විසින් සපයන ලිපි සදහා අවශය සෑම මොහොතකම මූලාශ්‍ර පිළිබදව සටහනක් කරනවා. ඉතින් තවදුරටත් කියන්නට තිබෙන්නේ මේ බ්ලොග් අඩවිය ඔබ වැනි අන්තගාමී, සමාජවාදයේ සිහින දකින්නෙකුට සතුටුවන ආකාරයේ ලිපි සපයන තැනක් නොවනබවත් එය ඔබ කියනා අනෙක් මාධ්‍ය හා සැසදීම මාහට අදාල නොවන බවත්ය...)
      ඔබකියන ඔය මූලාශ්‍ර නිකන්ම නිකන් සිල්ලර රීඩර්ස් ඩයිජස්ට් පන්නයේ ප්‍රලාප මිස අන්යමක් නොවේ.මාද අවුරුදු 7සිට රීඩස් ඩිජස්ට් පාඨකයෙකිමි.
      නොදන්නාකාලයෙ ඵ්වා හිස්මුදුනින් පිලිගත් නමුදු කරුනු වෑටහෙන විට අදාල මාද්‍ය හුදෙක් දෑනුම ගබඩාවකට වඩා CIA වි‍යාපෘතියක් බව වටහාගන්නට හෑකිවිය.ඵ්නම් අපේ දිනමින පන්නයේ හොදඵක බව අප තේරුම්ගෙන ඈත.

      ඉතින් තවදුරටත් ඔබලා විසින් රීඩර්ස් ඩයිජස්ට් පොත් තොගපිටින් කොපි පේස්ට් කරමින් අපේ පාඨක සමාජය මන්මුලා කීරීම පිලිගන්න බෑනේද?????මොකද අද ඈත්තටම ජනමාද්ය කලාවක් ඉතුරුවීනෑ.සෑම ජනමාද්යක්ම පාහේ කොම්පෑනිකාරයන්ගේ හා දේසපාලුවන්ගේ සල්ලිවලට යටවෙමින් අනාගත පරපුර දෑනුමින් වදකරන්නට ලොකු උත්සාහයක් දරනවා.(අපේරටේ පුද්ගලීක මාද්‍ය බාවිතාව අරන්බලන්න, මම කියන කතාව ඵහි බාවිතාව විසින්ම කොච්චර හොදට ඔප්පුකරනවාද කියලා තේරේවි.)
      ඵ්ක ඔවුන්ගේ දේශපාලන වි‍යාපෘතියක්.මොකද බුද්දිමත් තරුන පරපුරක් ඉන්නවාටවඩා නූගත් හිස්මනසක් තියන පබයන් රෑලක් ඈතිකලොත් ඔවුන්ගේ සූරාකෑමේ ක්‍රමය පවාත්වාගෙන යන්න ඉතාම ලේසී.ඉතින් අද යම්දෑනුමක් ලබාගන්න ඉතුරුවෙලාතියෙන්නේ තවමත් යම්දුරකට දේසපාලන හා කොම්පෑනිකාරයන්ගේ බලපෑමෙන් ස්වාදීනව තියෙන අන්තර්ජාලය පමනයි.
      ඉතින් ඵ් මාද්ය තුලින්ද ඈමරිකන් ප්‍රලාප කොපි පේස්ට් කරනාවානම් ඵ්වා කියවන ඵ්වුන්ට දෙයියන්ගෙම පිහිටයි.
      මේ හේතුව මත මිස වෙන කිසිම ගෑටුමක් ඔබසමග මට නෑත.මා සතුටුවන ලිපි ඔබහරහා ලියාගෑනීමේ මනෝව්‍යාඪියක් මට නෑතිඅතර ඵම ව්‍යාඪියෙන් පෙලෙන්නේ ඔබලා දෑන හෝ නොදෑන කරේතියාගෙන යන රට කන ලිබරල් දේසපාලුවන් බව මතකතාබගන්න.
      පේනවාටවඩා ජලය හුගක් ගෑබුරුය.දිනකට 24000ක් අප වන්ම මිනිසුන් කුසගින්නේ මෑරෙන දනවාදී ලෝකයක සිට සාමාජවාදය වෙවේචනය කරන පෙත්තප්පුලාට අනුකම්පා කරමු.ලෙනින්ලා රුසියාව වෙනස්නොකලා නම් තවමත් ලෝකය සෘජු අදිරාජ්යවාදී යුගයේ බවත් අද අපි මේතරම් හෝ නිදහසක් බුක්තිවිදින්නේ ඵ්දා රුසියවෙන් ඈරබුනු ඵ් ගිනිපුපුර නිසා බවත් මතකතබාගන්න.ටිකක් මහන්සිවෙලා ඵ්හි අවස්තාසම්බන්දය සොයාගන්න.
      අප ප්‍රජාතරන්ත්‍රවාද්ය සොයාගතයුත්තේ ඈමරිකන් අන්ඩුක්‍රම වි‍යවස්තාවේ පිටු අතර නොව මහපොලවේය.
      මහපොලවේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයනම්, දිනකට බඩගින්නේ 24000ක් මෑරෙන,හෑමරටකම ච්න්ද ජිල්මාට් වන,දුප්පතාට බදු ගසා කොම්පෑනිකාරයන්ට බදු සහන දෙන නිරුවත් ම0කොල්ලකාරයා බව අවබෝදකරගන්න.වදුරන්ගෙන් බණ අහලා ජේතවනාරාමයට ගල්ගහන්න යන්න ඵපා.

      Delete
    5. ඔබට මට පවසන්නට ඇත්තේද ඔබ Reader's Digest සඟරාවේ කරුණුකාරණා වලින් මොනයම් විනිශ්චයකට එළඹියද මේ දක්වා මම නම් Reader's Digest පාඨකයෙක් හෝ ඒ සඟරාවේ එන කාරණා මෙම බ්ලොග් අඩවියට යොදා නොගත් බවයි. එය එක් දෙයක්. අනෙක තමයි සමාජවාදය වේවා, ධනවාදය වේවා මොනයම් වාදයකින් හෝ විය යුත්තේ මිනිසුන්ගේ සුභ සිද්ධියයි. විසිවන සියවසේ මුල තිබූ රාජාණ්ඩුවාදය පළමු ලෝක සංග්‍රාමයේ නිමාවත් සමඟ හෝ ඒ ආසන්න කාලයකදී රටේ බහුතරයක කැමැත්ත නැතිව හෝ වෙනයම් පාර්ශවයන්ගේ උවමණාවන් මත වෙනස්වීමත් සමග මිනිසුන් විතැන්වූයේ ෆැසිස්ට්වාදය සමගයි. ජර්මනිය, ස්පාඥය වැනි රටවල් මේවාට දිය හැකි උදාහරණයි. රුසියාවේ සාර් පාලනය අසාර්ථක පරිපාලන රටාවකින් යුක්තවූ එකක් බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. තවද පළමු‍ ලෝක යුද්දය අවසන් වීමට කාලයකටත් පෙර හමුදා‍ අංශයන්ට නිසි වැටුප් නොගෙවීම, පළමු ලෝක යුද්දයේ මෙහෙයුම් ගණනාවකදී රුසියන් හමුදාව ලත් අන්ත පරාජයන් හමුවේ ඇතැම් නගර රජයේ පාලනයෙන් මිදී රුසියන් හමුදාව විසින් නතුකරගෙන තිබූ වටපිටාවක යුද්දයේ දරුණු විනාශයත් සමග ලෙනින්ගේ සමාජවාදී වැඩපිළිවෙල පිළිබදව ඉමහත් බලාපොරොත්තුතබා එරට ‍ගොවියන්, කම්කරුවන් ප්‍රධාන පෙලේ දායකත්වයක් ලබාදී රුසියානු විප්ලවය කල බව සැබැයි.

      එහෙත් ඉන් අනතුරුව සාර් රජපවුල ලෙනින්ගේ අණදීම යට‍තේ කුරිරු ලෙස මරා දැමීම, සමස්ථ හමුදා අංශවල සහය සමාජවාදීන්ට නොලැබීම තුල සුද්දන් හා රත්තන් අතර සිදුවූ සිවිල් යුද්දයේදී සිදුකරන ලද මනුශ්‍ය සංහාරය සහ මිනිසුන්ගේ ආද්‍යාත්මය කෙලෙසෙන පරිදි සිදුකල විවිද වැඩපිළිවෙලවල් පිළිබදව ඔබ දැනුවත්ද?

      උදාහරණයක් ලෙස ඔබ කියනා පරිදි විශ්වාස කිරීමට අකමැති දේවල් ඇමරිකන් ප්‍රලාප පමණක් නම් ජර්මානුවන් කරන ලද මනුශ්‍ය සංහාරයන් පිළිබදව විස්තර මේවන විට අන්තර්ජාලයෙන් ඉවත් කල යුතුය. මන්ද අද වන විට ජර්මනිය යනු ඇමරිකාවේ ගජ මිතුරෙකි. ජපානයේ තත්ත්වයත් එසේමයි. කොදෙව් මානසිකත්වයෙන් මිදෙන්න. මේ කුඩා දිවයිනේ සිදුවන සිදුවීම් ලෝකයේ අනෙක් රටවල් හා සමපාත කොට සෛද්ධාන්තික වි‍ශ්ලේෂනවලට එළඹී අපද ඒ කාණ්ඩයට ඇතුලත් කිරීමෙන් වලකින්න...

      (මේ කාරණ සියල්ල සදහන් කලේ ඔබ පිළිබදව ක්‍රොදයකින් නොවන බවද කරුණාවෙන් සලකන්න.)

      Delete
  18. ඔබගේ උත්සාහය ඉතා වටී. නම කීමටවත් නොහැකි හණමිටි කාරයන් පිරිසක් ඔබව අභිප්‍රෙරණය කරනවා නොඅනුමනාය. කීමට ඇත්තේ මෙපමනකි. පැරණි ලිපි වලට ඉක්මනින්ම සොයාගැනීමට පහසුවන ක්‍රමයක් පිලිවලට සකස් කලහොත් මීට වඩා පහසුවක් දැනේ. ඔබ සකස් කර ඇති අන්දමට එවැනි ලිපි සොයා ගැනීම ඉතාමත් අපහසු සහ වෙහෙසකාරී ප්‍රයත්නයක් දැරීමට සිදුවේ. මෙම හේතුව නිසාම‍ තොරතුරු සොයන ආගන්තුකයෙකුට ඔබගේ ව‍ටිනා උත්සාහයෙන් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වනු ඇත. මේ සඳහා ඔබගේ අවධානය යොමු කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒ වගේම ඔබ කියනා කරුණු දෙකටම මා එකඟවෙමි. අමිහිර සත්‍යයට වඩා රසවත් වූවත් අසත්‍යයට ගරු කරනා පිරිසක් අද රටේ සිටිනා බව දැන් සුලභව දකින කරුණකි. ඒ වගේම පැරණි ලිප කරා ඉක්මනින් ප්‍රවේශ විය හැකි ක්‍රමයක් තිබේ නම් එය වඩාත් සුදුසු බව මාහටද හැගේ. ඒ වගේම ඉල්ලීමක් කරමි. මා දැනට අනුගමනය කරන ක්‍රමයන්ට වඩා වෙනස් ක්‍රමයක් පිළිබදව ඔබගේත් අදහසක් වේ නම් එයද ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි...

      Delete
  19. Thilaka Randeni-අනේ දරුවෝ ඔය Anonymous කෑලල එහෙම අයින් කරන්න එපා. මාත් කොහොම හරි දරුවාගේ Blog එකට එන්නේ ඒ නිසානේ. මැදිවියේ අන්තිම කොනේ ඉන්න මට තේරෙන්නේ නෑ Google account එකකින් එන්න. පුතාට කිව්වත් හදලා දෙන්න වෙලාවක් නෑ.
    දන්නවාද ඇයි මා මෙහෙම දරුවන්ගේ Blogs වලට ඇවිත් එබෙන්නේ කියා? මට හරි සතුටුයි අනාගතය බාර ගන්න ඉන්න දරුවන් මෙහෙම රට ගැන ලෝකය ගැන අවදියෙන් ඉන්න එකට. ඒ අතරේ සමහර වැරදි දැක්කාම මට කියලා දෙන්නත් අවස්ථාව ලැබෙනවානේ මෙහෙම එබුනොත්.
    ඔන්න මාත් දන්න කතාවක් කියන්නම් අප පුංචි කාලයේ පත්තරයක දැක්කා ඊට අවුරුදු ගානකට ඉස්සර ගෑණු ළමයි දෙන්නෙකුට මලක වහලා ඉන්න සුරංගනාවියන් දෙන්නෙකුගේ ඡුායාරූප ගන්න පුලුවන් උනා කියලා දාලා තිබුණු ප‍්‍රවෘත්තියක් කියවන්න. මීට අවුරුදු 5 කට විතර ඉහතදී 90 වියැති ඒ දෙදෙනාගෙන් කෙනකු පාපොච්චාරණය කරලා තිබුණා එයාලා කළේ බොරුවක් කියා. හැබැයි ඒ බොරුව නම් හරිම සුන්දරයි. මගේ වැඩේම පුංචි කාලේ මල් ළගට වෙලා බලා ඉන්නවා සුරංගනාවියක් මතු වෙනකම්.
    හැබැයි දිනේශ් එහෙම බලනකොට ඉස්සෙල්ලාම ඔය බොරුව පටන් ගත්තේ ගෑණු ළමයිද?
    ආ තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා. ඔය හඳ ගමනත් බොරුවක් කියා කියනවානේ ඔය පින්තූරු තාක්‍ෂණයෙන්ම. අර කොඩිය වැනෙන්න බැහැලු. හඳේ වාතය නැති නිසා. ඒක එකක්. තව එකක් තමයි අර හෙවනැල්ල පිළිබඳ ප‍්‍රශ්ණය. මට හරියට මතක නෑ. දිනේශ්ට පුලුවන්නේ ඒ ගැනත් සොයා බලන්න.
    ඔයාගේ ලිපිය නම් හරි ඉහළයි.
    www.thilakarandeni.lk

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබතුමිය වැනි අයට පහසුවෙන් මෙහි අදහස් පළ කරන්නට තමයි ඇත්තෙන්ම මේ Anonymous පහසුකම දී තිබෙන්නේ. ඒත් අද කවුද නොහොබිනා අයෙකු තම උගත්කම, සහ දැනුවත් කම පෙන්වා දී තිබූ නිසා මෙම පහසුකම ඉවත් කළත් එය විනාඩි කිහිපයකට පමණක් සීමා කොට නැවතත් අවස්ථාව ලබා දුන්නා. මොනව කරන්නද විවිදාකාර මානසිකත්වය තියෙන මිනිස්සු ඉන්නවානේ. ඔබතුමිය අවසාන වශයෙන් පවසා තිබෙන කරුණු ගැනත් ඉදිරියේදී ඉඩක් ලැබුන විටක ලියනවා...

      Delete