Monday, March 12, 2012

නන්නාදුනයා - UNKNOWN

ඇමරිකා‍වේ සිට ජර්මනියට, තම බිරිය සමග අධ්‍යාපනික සමුළුවක් ඇමතීමට යන ආචාර්යවරයෙක්. තම අමතක වූ බ්‍රිෆ්කේසය රැගෙන ඒමට නැවත ගුවන් තොටුපල බලා යන අතරතුර සිදුවූ රිය අනතුරකින් අනතුරුව ඔහුට තමන්ගේ අනන්‍යතාවයේ බොහෝදේවල් අමතකවේ. ඉන්අනතුරුව නැවත තම බිරිය කරා පැමිණෙන විට ඔහුගේ අනන්‍යතාවය වෙනකෙකු සොරාගෙන තිබෙන අතර බිරිද පවා ඔහුව නොදන්නා බව පවසයි. ඉන්පසුව විවිද හැලහැප්පීම්වලට ලක්වෙන ඔහුගේ ජීවිතය කෙබදුවේද?

මේ පූර්විකාවෙන් ඔබට පැවසුවේ 2011 වසරේදී තිරගතවූ චිත්‍රපටියක් පිළිබදව සාරාංශයෙන් කොටසකුයි. මෙම චිත්‍රපටියේ නම තමයි Unknown.

මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ ඔස්කාර් සම්මානය සදහාද වරක් නිර්දේශ වූ නළුවෙකු වෙන Liam Neeson විසින්. Liam Neeson ඔස්කාර් සම්මාන සදහා නිර්දේශවූයේ එසේමෙසේ සිනමා නිර්මාණයක් වෙනුවෙන් නොව. එනම් අපේ කාලයේ අග්‍රගණ්‍ය හොලිව්‍රඩ් සිනමා අධ්‍යක්‍ෂක ස්ටීවන් ස්පිල්බර්ග්ගේ
Schindler's List නම් විශිෂ්ඨම සිනමා කෘතියේ හොදම නළුවා වෙනුවෙන්. එහිද ප්‍රධාන චරිතය රඟපෑවේ   Liam Neeson විසින් වන අතර එහිදී ඔහු  Oskar Schindler ගේ චරිතය ප්‍රභල ලෙස ඉස්මතු කිරීමට සමත්වුනා.

ඉතින් ඔබටත් කියන්නේ තවම මෙම Unknown චිත්‍රපටිය නරඹා නැත්නම් හැකියාවක් ලැබුන විගස නරඹන්න. මෙයත් ඔබට වෙනස් අත්දැකීමක් ගෙනදේවි. හැබැයි ළමුන්ට හොද චිත්‍රපටියක් නොවන බවද අවසාන වශයෙන් සදහන් කරනු කැමැත්තෙමි.

9 comments:

  1. maru kathawa mama 2 parak beluwa kathawa therum ganna

    ReplyDelete
  2. පහුගිය කාලෙ මගෙත් ඇහේ ඇනි ඇනි තිබුණ ෆිල්ම් එකක්. ඒත් තාම බලල නම් නැහැ. කොහොමවුණත් මේ ගැන මතක කළාට ස්තූතියි දිනේෂ්.....

    ReplyDelete
  3. මමත් හොය හොයා ඉඳලා අතෑරලා ඉන්දැද්දී අහම්බෙන් වගේ බැලුවා... නියම කථා තේමාවක් තියෙන්නේ.... නියම චිත්‍රපටයක් !!!

    ReplyDelete
  4. ආපු ගමන්ම වාගේ බැලුවා!

    ReplyDelete
  5. අවශ්‍ය අයට බාගන්න.... (සිංහල සබ් එක්කම)
    http://www.baiscopelk.com/?p=7818

    ReplyDelete
  6. මේක පට්ට කතාව, අන්තිම වෙනකං හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා,, ඉතාම හොද කතා තේමාවක්

    ReplyDelete
  7. පසුගිය වසරේදී මම මේක නැරබුවා ... අවසානය වන තෙක් කිසිවක් සිතා ගන්න බෑ, අවසානයේදී වෙන දේත් කොහොමත් හිතපු දෙයකුත් නෙවෙයි ,,,

    ReplyDelete
  8. ශිහ්..බලන්න ඕනෙ කියලා හිතුවා විතරයි..අපිට හොඳ නෑලුනෙ...

    හොලිවුඩයෙත් බොලිවුඩයෙත් අමතක වෙන එව්වා වැහි වැහැලනෙ..මුන්ට වෙන අයිඩියාස් නැද්ද?

    ලංකාවෙ ෆිල්ම් වලත් අමතක කේස් තියේද?


    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete