-->

Wednesday, August 12, 2015

ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට....

මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්ධයයි. එය අහම්බෙන් ඇරඹී එයින් වසර හතරකුත් මාස තුනකුත් දින 14 ක් දක්වා මිලියන 9 කට අධික ජාතීන් රැසකට අයත් සොල්දාදුවන් හා මිලියන 7 කට අධික සාමාන්‍ය ජනතාවක් මරුමුවට කැදවා සහ තවත් මිලියන ගණනාවක් සදාකාලික ශාරීරික සහ මානසික ආබාධ වලටද ලක්කොට “අභිරහස්“ ලෙස විසදුමකින්ද තොරව අවසන්වූහ. 

මෙම යුද්ධයේදී වැඩියෙන්ම මරණයට පත්වූ ජාතීන් ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ඉතාලි ජාතිකයන් බවට පැවසෙන අතර ලෝකය පුරාවට විහිදුන සහ බලපෑ පළමු අර්බුදය ලෙසටද වාර්තාව තමන් සතු කොට ගත්තේය. තවද තැනිතලා, මඩවගුරු, කාන්තාර, කඳුමුදුන් වල පමණක් නොව මුහුදේ සහ අහසේද එකිනෙකා බිහිසුනු ගිනිඅවි, කිලෝ ගණන් බර බෝම්බ වලින් පමණක් නොව ලොව පළමු වරට විශවායුද දමා ගසා ගත් පළමු යුද්ධය ලෙස “ගරුත්වය“ හිමිකර ගත්හ. (එහෙත් පළමු ගුවන් ප්‍රහාරය දියත් කෙරුණ යුද්ධය ලෙසනම් පළමු ලෝක යුද්ධය ගණන් නොගැනෙන අතර එම පළමු ගුවන් ප්‍රහාරය සිදුව ඇත්තේ 1911 නොවැ. 1 දින ඉතාලිය විසින් එවකට තුර්කියට අයත් ලිබියාවට එල්ල කෙරුණ ගුවනින් බෝම්බ හෙලීමයි). තවද යුද අගල් වල සිට කෙරුණ පළමු යුද්ධය ලෙස ගැනෙන්නේද මෙම යුද්ධයයි. මෙම යුද අගල් ඇතැම් ඒවා කිලෝමීටරයක් දෙකක් නොව කිලෝමීටර් පන්සියයද ඉක්මවා තැනුන ඒවා වූහ.

ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම අර්බුද, හැලහැප්පීම් ආදිය සිදුවූ ශතවර්ශය ලෙස වුවත් සැලකිය හැකි 20 වන සියවස මූලිකවම හොල්ලනු ලැබූ කාරණාව ලෙසද මෙම යුද්ධය සැලකිය හැකිය. එපමනක් නොව 1917 දී සිදුවූ රුසියානු විප්ලවයටද ගිනිපුලිඟුව දැල්වූ සිදුවීම ලෙසද මෙය සැලකෙන අතර ඇමරිකාවට ලෝක බලවතෙක් වීමට ඉඩහසර හදාදුන් අවස්ථාව ලෙස මෙන්ම පෙරද පැවසූ පරිදි විසදුමකින් තොරව සටන් විරාමයකින් අවසන් වූ මෙම ලෝක යුද්ධය එයින් වසර 20 කට පසුව මෙයටත් වඩා අතිබිහිසුනු සහ අනුවේදනීය සිදුවීම ඉතා විශාල ප්‍රමාණයකට හේතු වූ දෙවන ලෝක යුද්ධයට මඟ සකස් කර දෙනු ලැබීය. ඉන්පසුව බිහිවූ සුපිරි ලෝක බලවතුන් දෙදෙනා මුල්කරගනීමන් දශක ගණනාවක් පුරා ලෝකයම නිරතුරු භීතියෙන් ඇලලී සිටි සීතල යුද්ධයටද මූලිකයා වූයේ පළමු ලෝක යුද්ධයම නොවේ යැයි කිව හැකිද?

පලමු ලෝක යුද්ධය නිසා ලෝකයට සිදූවූ බලපෑම ගැන පමණක් ලිවීමට පිටුගණනාවක් වුවත් වෙන් කළ හැකිය. එහෙත් එතරම් දුර නොගොස් සාරාංශයක් ලෙස පවසනවානම් මෙම මහා යුද්ධය ලෝකයේ හැඩය වෙනස් කළේය. ඒ අපසැම දන්නා ලෝකයේ ගෝලාකාර හැඩය නොව ලෝකයේ දේශපාලනික, තාක්‍ෂනික සාමාජයීය මෙන්ම මිනිසුන්ගේ ආකල්පය හැඩරුවද වෙනස්කිරීමට අතිදැවැන්ත බලපෑමක් එක් කළේය. ලෝකයට මානව හිමිකම්වල  එසේත් නැතහොත් මනුෂ්‍ය වටිනාකම් වල වැදගත්කම මුලින්ම හිතන්නට පෙළඹවනු ලැබූවේ මෙම යුද්ධයයි. එපමණක්ද රාජාණ්ඩු, එකාධිපතිවාදය සහ යුද්ධයේ අවසාන භාගයේ ඇතිවූ රුසියානු විප්ලවය නිසා හොද ලක්‍ෂන මෙන්ම මිනිසුන් පීඩාවට පත්කළ ලක්‍ෂනද හේතුකොට ගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකමද ලෝකයට පුළුල්ලෙස දැනේනට බලපෑමක් ඇතිකලේ පළමු ලෝක යුද්ධයයි. 

වඩාත්ම වැදගත් කාරණයක් නම් ලෝකයටම බලපවත්නා අන්තර්ජාතික නීති පද්දතියක් බිහිකිරීමට මූලිකයා වූයේ පළමු ලෝක යුද්ධයයි. තවත් අතකින් කියනවානම් මෙම ලෝක යුද්ධය විසින් සිදුකළ අති දැවැන්ත විනාශයයි. 

දේශපාලනික වශයෙන් ගත්කළද ඇතිකළ වෙනස ලියා තබන්නට වෙනම කාලයක් වැයකළ යුතු නිසා ප්‍රධානම කාරණයක් මේ අවස්ථාවේ පවසන්නෙමි. ලෝකය මහද්වීප තුනක ඇතැම් ප්‍රදේශ වල ආධිපතය වසර 600 කට මදක් වැඩි කාලයක් පතුරුවා ගෙන සිට එනම් ක්‍රි.ව. 1299 දී ස්ථාපිත කෙරුණ තුර්කි අධිරාජ්‍ය එසේත් නැතහොත් ඔටෝමන් අධිරාජ්‍යය අවසන් කර දැමීමේ ප්‍රධානතම සාධකය වූයේ පළමු ලෝක යුද්ධයයි.

ඒවගේම 1867 දී ස්ථාපනය වූ ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යයේ අවසානයද තීරණය වීමට බලපෑවේ මෙම ලෝක යුද්ධයයි. 1918 දී ජර්මනියේ පරාජයත් සමග එම අධිරාජ්‍යයද ඉතිහාසයට එක්වුනා. මේ අවස්ථාවේ නොවූවත් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ අධිරාජ්‍යයන්ගේ දියවී යාම ආරම්භයට පළමු ලෝක යුද්ධය හේතුවක් වූවා.

මේ කාරණා රැසක් නිසා ලෝකයේ විශාලතම යුද්ධය ලෙස සැලකෙන්නේ 1939-1945 අතර සිදූවූ දෙවන ලෝක යුද්ධය වූවත් අදටත් මහා යුද්ධය නැතහොත් The Great War ලෙස සැලකෙන්නේ පළමු ලෝක යුද්ධයයි. 

http://en.wikipedia.org/wiki/World_War_I
http://en.wikipedia.org/wiki/Airstrike
http://en.wikipedia.org/wiki/Ottoman_Empire
http://en.wikipedia.org/wiki/Austria-Hungary

මෙම යුද්ධයේ තිඹිරිගෙය ලෙස නැගෙනහිර යුරෝපයේ බෝල්කන් ප්‍රදේශය සැලකිය හැකි අතර 20 වන සියවස ආරම්භයේ පටන් එය අස්ථාවර බවක් උසුලනු ලැබූහ.එයට හේතුවූයේ අධිරාජ්‍යයන් ත්‍රිත්වයක් මෙම ප්‍රදේශයේ බලය තමන් නතුකර ගැනීමට නැතහොත් තම හිතවාදියෙකුට පත්කර එහි පාලනය තමන් සතුකර ගැනීමට දැරූ වෑයමයි. මෙම අධිරාජ්‍යයන් තුනනම් රුසියානු, තුර්කි (ඔටෝමන්) සහ ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යයයන්ය. 

සියවස් ගණනාවක් පුරා මෙයින් වැඩි බලයක් හිමිව තිබුනේ ඔටෝමන්වරුන් වෙතයි. සර්බියා, බොස්නියා හා ඇල්බේනියා යන රාජ්‍යයන් ඔවුන්ගේ පාළනය යටතේ විය.සර්බියාවේ බෙල්ග්‍රේඩ් වල පමණක් ඉස්ලාමිය දේවස්ථාන 80 ක් ඔවුන් තනා තිබුනි. එහෙත් 1900 වනවිට එක් දේවස්ථානයක් පමණක් ඉතිරිව තිබුනි. එයට හේතුව නම් සර්බියානුවන් තුර්කි හමුදාව පන්නා දමා සර්බියාව නිදහස් කර ගෙන ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීමයි. මෙහි බහුතරය ස්ලාව් ජාතිකයන් වූ අතර ස්ලාව් රාජධානියක් ලෙස ඔවුන් එය හැදින්වීය. 

එහෙත් ස්ලාව් ජාතික ව්‍යාපාරයන්ට සැනසිල්ලේ සිටීමේ හැකියාවක්ද නොවීය. එයට හේතුව ඔවුන්ගේ උතුරින් සිටි අසල්වැසියා වූ එවකට බලවත් අධිරාජ්‍යයක් වූ ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යයයි. සර්බියානුවන් ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යය, ඔටෝමන්වරුන්ටත් වඩා භයානක සහ වඩාත් වැඩි කරදරකාරයෙකු ලෙස සලකනු ලැබීය. සර්බියාව 1870 දශකයේ පමණ සිට ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කළත් බෝල්කන් ප්‍රදේශයේ අනිකුත් රාජ්‍යයන් වූ ක්‍රොයේෂියාව, ස්ලෝවේනියාව සහ බොස්නියාවේ පාලණය අත්පත් කරගෙන සිටියේ ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යයයි. කෙසේවෙතත් මෙයින් බොස්නියාවේ අයිතිය තමන්ට හිමිබව සර්බියාව තරයේ ඇදහූ කාරණයක්විය.

Gavrilo Princip ඉපදුනේ 1894 දී බොස්නියාවේ කඳුකර පිටිසර පළාතක දුප්පත් පවුලක. ඔහු තරුණ වියට පාතබන අවස්ථාව වන විට ඔහුගේ රට ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යයයේ යකඩ සපත්තුව යටව සීටීම ඔහුට නොරිස්සූ කාරණයක් වූවා. ඒ එක්කම මෙම බලවත් අධිරාජ්‍යයට එරෙහිව ඒ වන විට සංවීධාන ගණනාවක් බිහිව තිබුන අතර යුගොස්ලෝවියානු ජාතික ව්‍යාපාරය හා තරුණ බොස්නියානුවන් නම් වූ සංවිධාන වල සාමාජිකත්වය මෙන්ම හමුා නිලධාරීන්ගේ මූලිකත්වයෙන් බිහිකළ සන්නද්ධ ව්‍යාපාරයක් වූ Black hand නම් ව්‍යාපාරයටද ඔහු සම්බන්ධව සිටියා. ඔහු දරණු ලැබුවේ මුලින් කී යකඩ සපත්තුවෙන් මිදීමේ තිර අදිටනින් යුතුවයි. මෙම සංවිධාන වලට ප්‍රධාන වශයෙන්ම ජවය, බලය සහ ආධාර සැපයුනේ සර්බියාව විසින් එහෙමත් නැත්නම් සර්බියානු හමුදාව විසින්. එසේම වැඩි සාමාජික සංඛ්‍යාවක්ද සිටියේ සර්බියානුවන්. ඒවුනත් වාර්ගික බවට වඩා පොදු සතුරා පරාජය කිරීම ප්‍රධාන කොට සැලකූ බොස්නියානුවන් සහ ක්‍රොෙය්ෂියානුවන්ද මෙම සංවිධානවල කැපී පෙනුන කාර්යභාරයක් උසුලනු ලැබුවා. 
Gavrilo Princip අත්අඩංගුවට ගැනීමෙන් පසුව

ඔස්ට්‍රෝහංගේරියානු පාළනයෙන් තම රාජ්‍ය මුදවා ගැනීමේ තද උවමනාවෙන්  සිටි Gavrilo Princip, එම අරමුණ සාහසිකත්වයෙන් හෝ ඉටුකර ගැනීම තරයේ අදහස්කර ගෙන සිටින්නෙකු වූයේය. ඒවගේම එම අරමුනේදී ඔහුගේ මූලිකම ඉලක්කයක් වූයේ  ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යයේ කිරුලේ උරුමය හිමි ආර්ච්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ් කුමරුව ඝාතනය කර දැමීමයි. මෙම ෆ්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ් කුමරුගේ මාමා එවකට ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යයයේ අධිරාජ්‍යයා ලෙස කටයුතු කළ අතර ඊලඟට එහි අධිරාජ්‍යයාවීමේ ආසන්නයටම සිටියේ ෆර්ඩිනැන්ඩ් කුමාරයයායි. ඒ සදහා කටයුතු පවා සංවිධානය වෙමින් පැවතුන අතර ශූර දඩයක්කරුවෙකු ලෙසටද නම්දරා සිටි මේ කුමාරයා එවකට පාලනය කළ අනෙක් පාලකයන්ට වඩා හාත්පසින්ම වෙනස් සාමයට ලැදි පුද්ගලයෙකු ලෙසද සදහන්කළ යුතුමය. යුද වැදීමෙන් රටේ ධනය හා අනෙකුත් සම්පත් නිරපාරාදේ විනාශයට ලක්වීම වගේම තරුණ ජීවිත රැසක් ඒ වෙනුවෙන් විනාශ වී යාම ඔහු තරයේ පැවසූ කාරණයක්. කෙසේවෙතත ඔහුගේ මෙම සංචාරය සර්බියානුවන් බියට පත්කළේ ඔස්ට්‍රෝහංගේරියානු පාළනයට නතුවන ඊලඟ අසල්වැසි රාජ්‍යය තමන් බවටයි. මෙම බියත් ඔහුව ඝාතනයට මුලපුරන්නට තවත් හේතුවක් වූවා.

1914 ජූලි 28 වනදා බොස්නියාවේ සර්ජියාවෝ නුවර සංචාරයක නිරතවෙමින් සිටියදී කුමරා බොස්නියාවට පැමිණ සිටියේ එහි සිටි සිය හමුදාවේ කටයුතු නිරීක්‍ෂනයටයි, ෆර්ඩිනැන්ඩ් කුමාරයාට සහ සොෆි කුමරියට එදා දිනය වාසනාව හා අවසානව දෝලනය වූ දිනයක්. මුලින් බොස්නියාවේ අගනුවරදී ඔවුන් ගමන් කළ රථයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් ප්‍රභූදෙපලට හානියක් සිදුනොවූවත් එහි සිටි ආරක්‍ෂකයන් තුවාල කරන්නට එය පාදක වූවා.

ඉන්ඉක්බිතිව සිදුවූ දෙය දෙයාකාරයකට මූලාංශ වල සදහන් වනවා. එයින් එකක් නම් මෙම සිදුවීමෙන් පසු සිය සංචාරය අවලංගුකළ කුමරා නැවත සිය රටට යාමට වෙනත් මාවතකින් යාමට තිරණය කළත් එය රියදුරුට හරිහැටි සන්නිවේදනය නොකළ නිසා ඝාතකයන් දෙසටම රිය පදවාගෙන යාමෙන් Gavrilo Princip හට සිය අරමුණ ඉටුකර ගැනීමේ හැකියාව ලැබුන බව සදහන් වූවත් තවත් විටක සදහන් වන්නේ මේ සිදුවීම ඒ හැටි ගණනකට නොගත් කුමරා නිරාවරණය වූ රථය හිමින් පදවමින් ජනතාවට තමන් දැක ගැනීමටත් තමන්ට ජනතාව දැකගැනීමටත් හැකිවන ලෙස යාමට පැවසීම තුලින් ඝාතකයන්ට සිය අරමුණ ඉටුකරගැනීමේ ඉඩකඩ ලබා දුන් බවටයි. කෙසේවෙතත් වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලත් මෙම යුවල මරණයට පත්වීම සිදුවුහ.

මෙය අතිමහත් විනාශකාරී පලමු ලෝක යුද්ධයේ ආරම්භය සනිටුහන් කිරීමේ වෙඩිල්ලද වූවා. එය මුලින්ම සිදුවුයේ කෝපයට පත් ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යය සර්බියාවට එරෙහි තෙවන බෝල්කන් යුද්ධය ලෙසයි. ඒත් ඉතාමත්ම ඉක්මනින් යුරෝපියානු යුද්ධයක් බවට පරිවර්ථනය වූවා. අපූරුම කාරණය නම් ඇතැම් රටවල් මේ යුද්ධයට පැටළුනේ ඔවුන් එකිනෙකා ඇතිකරගෙන සිටි යුද ගිවිසුම් වල ප්‍රතිඵලයක් ලෙසිනුයි. ඒ එම ගිවිසුමට අයත් රටකට කිසියම් යුද්ධයකට පැටළුනොත් එම ප්‍රහාරයට ලක්වූ රටේ සහයට ගිවිසුමේ අනිත් රටවල්ද එක්විය යුතු යන කාරණයයි. මේ අාකාරයේ ගිවිසුම් කිහිපයක් තිබුනා. රුසියාව යුද්ධයකට පැටළුනොත් ප්‍රංශය රුසියාවේ සහයට පැමිණිය යුතුයි. අනිත් අතින් ප්‍රංශය යුද්ධයකට පැටළුනොත් රුසියාව ප්‍රංශයේ සයහට ඉදිරිපත් විය යුතුයි. ඒවගේම බෙල්ජියම සහ මහා බ්‍රිතාන්‍යයත් එවැනිම ගිවිසුමකට එළඔ සිටියා.

ජර්මනිය ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යයයේ සහයට යුද්ධයට පැමිණෙනවාත් සමග රුසියාවේ නිකලස් සාර් රජු ජර්මනියේ විල්හෙල්ම් කයිසර් රජුවෙත ටෙලිග්‍රෑමයක් යවමින් පවසා සිටියේ සර්බියාව වැනි ඉතා කුඩා රාජ්‍යයක් ආක්‍රමණය කිරීමට ජර්මනිය මැදිහත් නොවන ලෙසටයි. එසේ ඉල්ලන හේතුව වූයේ සර්බියාව විසින් රුසියාවෙන්, ඔස්ට්‍රෝහංගේරියානු ආක්‍රමණයෙන් ගැලවීමට සහය ඉල්ලා සිටි නිසා වගේම සර්බියාවේ බහුතරයක් වන ස්ලාවික්වරුන්, රුසියාවේද බහුතරයක් වන ජනකොටසම වීමයි. ඉතින් තම ජනකොටසට සිදුවන අතවරයෙන් මුදවා ගැනීම රුසියාවේ යුතුකම සහ වගකීම ලෙස රුසියා-සර්බියා දෙපාර්ශවයම සලකන්නට ඇති.
රටවල් එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගැනීම කාටුන් ශිල්පියෙකු එදා දුටු හැටි

කෙසේවෙතත් රාජ්‍යතාන්ත්‍රිකාව ඒ අවස්ථාව වන විට විසදා ගැනීමේ සීමාවෙන් ඔබ්බට ගැටළුව දුරදිග ගොස් හමාරයි. කණගාටුදායකම කාරණයක් වූයේ මහා බ්‍රිතාන්‍ය පාලනය කළ පස්වන ජෝර්ජ් රජු, ජර්මානු අධිරාජ්‍යයේ පාලකයා වූ දෙවන විල්හෙල්ම් කයිසර් සහ රුසියානු අධිරාජ්‍යයේ දෙවන නිකලස් සාර් රජු යනු තිදෙනාම ඥාති සහෝදරයන්ද වීමයි. එහෙත් මේ මස්සිනාලා තිදෙනාට ලෝකයේ සෑම මහද්වීපයකටම බලපෑ කුරිරු විනාශකාරී යුද්ධයක් මැඩපවත්වාගැනීමේ හැකියාවක් ඉතිරිව තිබුනේ නැත.
රුසියානු-බ්‍රිතාන්‍ය-ජර්මන් රජවරුන්ගේ නෑදෑකම් ඇතිව තිබූ ආකාරය

ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යයයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ෆිල්ඩ්මාෂල් Franz Conrad von Hötzendorf මෙම අවාසනාවන්ත ඝාතනයට බොහෝ පෙර සිටම සර්බියාව ආක්‍රමණය කිරීමේ අභිලාෂයෙන් රජයට බලකර සිටි අයෙක්. උක්ත ඝාතනයත් සමග රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම අභිබවා හමුදාමය මැදිහත්වීමට ඉතා ඉක්මනින් තල්ලුවී ගොස් තිබූ බව පැවසිය යුතුයි.
http://en.wikipedia.org/wiki/Causes_of_World_War_I


පළමු ලෝක යුද්ධයේ ආරම්භයට මෙම ඝාතනය සංඥාව වූවත් 19 වන සියවසේ අගභාගය වනවිටම යුරෝපය පැවතුනේ අළුයට රත්වූ අඟුරු ගොඩක් ලෙසටය. අධිරාජ්‍ය පවත්වා ගැනීම යුරෝපයේ රාජ්‍ය අතර විලාසිතාවක් එහෙමත් නැත්නම් සිය බලපුළුවන්කාරකමේ තරම ලෝකයට පෙන්වීමට මෙන්ම තමන් යටත් කරගත් රටවලින් අසීමිත ලෙස සම්පත් තම රටට ඇද ගැනීමත් ප්‍රධාන අභිලාශය වුනා. ඒ වගේම විසිරී පැවති ජර්මනිය 19 වන සියවසේ අගවන විට එක්සත්ව ශීඝ්‍රයෙන් කාර්මිකකරණය වෙමින් ආර්ථිකව මෙන්ම හමුදාමය අතින්ද ශක්තිමත් වෙමින් සහ විසිවන සියවසේ දෙවන දශකය ලබන විට අතිප්‍රභල තැනක පසුවීම නිසා තමන්ගේ අධිරාජ්‍ය පුළුල් කර ගැනීම ඔවුන්ගේ යටි අරමුණද වූවා. ඒ නිසා මෙම සිදුවීම ඔස්සේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයද කැපී පෙනෙන ස්ථානයක පසුවූ බව කිවයුතුයි. මේ අනුව ගෝලීයව ඇතිවුන ආර්ථික පීඩනයන්, ජාතිකත්ව ව්‍යාපාරවල ශීඝ්‍ර නැගීසිටීම් සහ ඒ සමග ඈදුන ත්‍රස්ථවාදී ක්‍රියා ආදිය දීර්ඝ කාලීනව පළමු ලෝක යුද්ධය ජනිතවීමට මූලද්‍රව්‍ය සපයමින් සිටියා. පැවසූ පරිදි 19 වන සියවස අවසානය වන විට අප්‍රිිකාවේ රටවල් කිහිපයක් මෙන්ම පැසිෆික් සයුරේ දූපත් රැසක් මෙන්ම චීනයේ Tsingtao වරාය ඇතුළු යාබද ප්‍රදේශ කිහිපයක් සිය අධිරාජ්‍ය සිතියමට එක් කර ගනිමින් තවත් එය තරකර ගැනීමේ වෑයමක ජර්මනිය නිරතවූවා. 1900 මුලවන විට නාවික බලයද ප්‍රභල ස්ථානයකට රැගෙන විත් තිබූ ජර්මනියට 1903 වන විටදී ඇමරිකාවේ මෑන්හැටන්, බොස්ටන් ආදී නගර වලට ප්‍රහාර එල්ල කර ඇමරිකාවට බලපෑම් කිරීමේ සැලැස්මක්ද තිබූ බව සදහන්ය.



සර්බියාව ආක්‍රමණයට  ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යයයේ සහයට ජර්මානු අධිරාජ්‍යයේ සහයද ලැබීමත් සමග රුසියාවද නැගෙනහිරින් යුදපෙරමුණට සිය හමුදාව ජර්මනියට එරෙහිව යොදවන්නට වූවා. පෙරද පැවසූ ආරක්‍ෂක ගිවිසුම් අනුව රුසියාව යුද්ධයට පැටලීම නිසා ඔවුන්ගේ සහයට ප්‍රංශයද බටහිරින් යුද්ධයට සම්බන්ධ වීම සිදුවූවා. මේ අනුව ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යයයේ හමුදාව යුද්ධය ආරම්භකළත් සැබැවින්ම යුද්ධයේ පෙරමුණ ගත්තේ ජර්මානු අධිරාජ්‍යයේ හමුදාවයි. මේ අනුව ජර්මනියට පෙරමුණු දෙකකින් යුද්දයට මුහුණ දීමට සිදුව තිබුනා. බටහිරින් යුද්ධයට පැමිණි ප්‍රංශ හමුදාව සමග මිලියන 3.8 ක පමණ භට කණ්ඩායමක් යොදවා තිබූ අතර ප්‍රංශ භට පිරිසද ඊට සමාන වූ බව පැවසේ. නැගෙනහිරද තත්ත්වය වෙනසක් නොවූ අතර මිලියන තුනක පමණ රුසියානු හමුදාව සමග සටනට එවැනිම ප්‍රමාණයකින් සේනා යෙදවීමට ජර්මනියට සිදුව තිබුනා. විශේෂයෙන් පැවසිය යුතු කරුණක් වනුයේ ප්‍රංශ- ජර්මානු දේශසීමා වල ආරක්‍ෂාව ප්‍රංශය විසින් කල්ඇතුවම ශක්තිමත් බලකොටු ගොඩනංවා තරකර තිබූ නිසා ප්‍රංශය ආක්‍රමණය කිරීම ජර්මනියට ලෙහෙස පහසු කටයුත්තක් වූයේ නැහැ. මේනිසා මේ අභියෝගය ජයගැනීමට ලෙහෙසි මඟක් ඔවුන් සොයා ගත්තා. ඒ බෙල්ජියම හරහා ප්‍රංශයට කඩා වැදීමයි. මෙම සැලසුම දියත් කිරීමට හේතුවූයේ ප්‍රංශ-බෙල්ජියම දේශසීමා දුර්වලව පැවති නිසා එයින් ඵල නෙලා ගැනීමටයි. කෙසේවෙතත් බෙල්ජියම,ප්‍රංශයට ඇතුළු වීමේ කොරිඩෝවක් බවට පත්කරගැනීමේ ජර්මානු සැලැම්ට මධ්‍යස්ථ රාජ්‍යයක්ව පැවති බෙල්ජියම අකමැතිවූවත් ප්‍රභල ජර්මානු හමුදායාන්ත්‍රණය එම අකමැත්ත නොසලකා හරමින් බලහත්කාරයෙක් කුරිරු ලෙස බෙල්ජියම් වැසියන් දහස්ගණන් මරාදමමින් සහ අනෙකුත් සියළු අපරාධ කරමින් ප්‍රංශය වෙතට ගමන් ගත්තා. බලගතු ජර්මනියට සාපේක්‍ෂව බෙල්ජියම දුර්වල වූවත් එහි වැසියන්ද හමුදාව සමග එක්ව සටන් කළ අතර ප්‍රහාරවලට ලක්ව අලාභහානී වූ ගොඩනැගිලි වල සැගවී ජර්මනු හමුදාවට එල්ල කළ ස්නයිපර් ප්‍රහාර ජර්මානු හමුදා අන්දමන්ද කරලීමට මුලින් සමත්වූවත් පසුව මෙයින් වියරුවැටුනු ජර්මානුවන් සිය ප්‍රහාර දැඩි කිරීමට මෙන්ම ම්ලේච්ඡත්වය අසීමිත ලෙස බෙල්ජියානුවන් වෙත මුදා හැරීමටත් පසුබටවූයේ නැහැ.කෙසේවෙතත් මැදිහත් අසල්වැසියා වූ බෙල්ජියමට පහර දීමට මෙන්ම ඒ හරහා තමන් ආක්‍රමණය වීම පැහැදිලි නිසා ප්‍රංශ හමුදාවද බෙල්ජියම් හමුදා සමග එක්ව ජර්මානු හමුදාවෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධව සිටියා. එසේම ප්‍රංශය සහ රුසියාව අතර වූ යුද ගිවිසුම අනුවද රුසියාවට ප්‍රහාරයක් එල්ලවන විට ප්‍රංශයත්, ප්‍රංශයට ප්‍රහාරයක් එල්ල වේ නම් රුසියාවද මැදිහත් විය යුතුය යන කාරණය ඊටත් වඩා ප්‍රභලව ඉටු කළ යුතු නිසා යුද්ධයට මූලාරම්භයේදීම එක්වූ රුසියාවට සහය පළ කිරීම ප්‍රංශයේ අරමුණ වූවා.



මුලින් පැවසූ පරිදි බෙල්ජියම සහ මහා බ්‍රිතාන්‍ය අතරද ආරක්‍ෂක ගිවිසුමක් වූ අතර ඒ අනුව ආක්‍රමණයට ලක්වු බෙල්ජියම ගලවා ගැනීමට මහා බ්‍රිතාන්‍යද යුද්ධයට සම්බන්ධ වූවා. තවද බෙල්ජියම් සරණාගතයන් විශාල පිරිසක් ඉංග්‍රීසි ඕඩය ඔස්සේ මහා බ්‍රිතාන්‍යට සංක්‍රමණය වීමද සිදුවූවා. මුලින්ම 100,000 ක පමණ බ්‍රිතාන්‍ය  සොල්දාදුවන් ප්‍රංශ දේශසීමාවට ආසන්න බෙල්ජියමේ මොන්ස් වෙතට පැමිණ ප්‍රංශ 5 වන හමුදා කණ්ඩායම සමග එක්ව ප්‍රහාර ආරම්භ කළා.


ශතවර්ශ කිහිපයක්ම යුරොි්පය, මැදපෙරදිග කලාපය හා අප්‍රිකාවේ ඇතැම් කොටස් මෙන්ම ආසියාවේද ඇතැම් කලාප වලට දැවැන්ත බලපෑමක් සිදුකළ තුර්කි අධිරාජ්‍යයේ සහයද ලැබුනේ ජර්මනියටයි. යුද්ධයට පෙරාතුව පටන්ම මේ අය ගිවිසුම් ප්‍රකාරව බැදී සිටි අතර තවත් අතකින් ජර්මනියේ කයිසර් තුර්කිය හා මුස්ලිම් ජනතාව සමග තිබූ බැඳීමද කැපී පෙනුන එකක් විය. මේ නිසා කයිසර් හට "Haji Wilhelm"ලෙස අන්වර්ථ නාමයක්ද පටබැඳ තිබූ අතර දූශමාන ආරංචියක් ලෙස පැතිර තිබුනේ කයිසර් මුස්ලිම් ආගම වැළඳ ගෙන ඇතුවා පමණක් නොව මක්කම වන්දනාවේද රහසිගතව යෙදී තිබුන බවටයි.
Kaiser Wilhelm II
Referring to the Kaiser as Haji Wilhelm, the Intelligence Bureau for the East spread propaganda throughout the region, fostering rumours that the Kaiser had converted to Islam following a secret trip to Mecca and portraying him as a saviour of Islam.

ජර්මනිය සමග එසේ මිතුරු සන්ධානයක් තිබුනත් මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ රුසියාව  සිය ආධිපත්‍යයට දැඩි තර්ජනයක් ලෙස සැලකූ තුර්කිය ඔවුන්ට ඕනෑම අවස්ථාවක ජර්මනියේ සහයද ඇතිව ප්‍රහාර එල්ල කිරීමේ බලාපොරොත්තුවෙන් යුතුව සිටියා. 

1915 අප්‍රේල් 25 සිට 1916 ජනවාරි 6 දක්වා තුර්කියේ ගලිපොලී අර්ධද්වීපයේ මහා බ්‍රිතාන්‍ය නාවික හමුදාව ප්‍රමුඛ මිතුරු හමුදා සහ ඔටෝමන් හමුදා අතර සිදුවූ යුද්ධය, ඔටෝමන් සංග්‍රාම ශක්තිය මෙන්ම ධෛර්යයද නැවත වතාවක් පෙන්නුම් කළ යුද්ධයක් වූවා. මාස අටකට ආසන්න කාලයක් පුරා පැවති යුද්ධය දෙපාර්ශවයටම දැඩි හානි ගෙනදුන් අතර අවසානයේ ජයග්‍රහණය ඔටෝමන් තුර්කින් වෙතටම ලබාගන්නට සමත්වූවා. මෙහිදී අසන්තතික තුර්කි ප්‍රතිරෝදය හමුවේ මිතුරු හමුදාවන්නට සිදුවූයේ තමන් අත්පත්කරගත් භූමිය පවා අතහැර ඊජිප්තුව වෙතට පසුබැසීමටයි. මෙම සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය නාවික හමුදාවට සිදුවූ මිනිස් සහ දේපල හානිය අතිමහත්. ඒ වනවිට බ්‍රිතානයේ පළමු නාවික සාමිවරයා ලෙස පත් කර සිටියේ දෙවන ලෝක යුද්ධයේ පළමු පෙළ අද්විතීය නායකත්වයක් දැරූ ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් මහතායි. සමස්ථ ගලිපොලී හි සිදුවූ යුද්ධයේ මහාමොලකරුවාවූ චර්චිල් හට සිදූවූ දහස් ගණනක් මනුශ්‍ය ජීවිත සහ දේපල අහිමිවීමේ ඵලවිපාක විදින්නට සිදුවූ අතර රජයේ බලපැමද නිසා ඔහුට 1915 නොවැ. 15 වන දින නාවික සාමි තනතුරු හැරදමන්නටද සිදුවූවා. 
http://en.wikipedia.org/wiki/Gallipoli_Campaign
http://en.wikipedia.org/wiki/Gallipoli

එහෙත් ඊට පෙරද හමුදා සේවයේ කීර්තිමත් මෙන්ම නිර්භීත සොල්දාදුවෙකු වූ චර්චිල් දැඩි අවධානමක් ගැනීමට පසුබටවූයේ නැහැ. ඒ මහා බ්‍රිතාන්‍ය රාජකීය පාබල හමුදාවේ සේවයට තාවකාලිකවම එක්වෙමින්.

1916 සිට වසර එකහමාරක පමණ කාලයක් බටහිර යුද පෙරමුනේ Ploegsteert හි ස්ථානගතව සිටි 6 වන බැටෑලීනයට අණ දෙමින් ලුතිනන් කර්නල්වරෙයෙකු ලෙස සේවය කරනු ලබයි. තවද මෙම ප්‍රදේශය අතිශයින්ම බිහිසුණු ලෙස යුද්ධය ඇවිලී ගිය ප්‍රදේශයක් ලෙසද සැලකෙන අතර චර්චිල් සිය නැතිව ගිය කීර්තිය නැවත අත්පත්කරගැනීමට මෙවන් පියවරක් ගැනීම එක් අතකින් සිය ජීවිතයම උගස් තැබීමකට සමාන වූ බව ඉතිහාසඥයන් පවසයි. තවත් වැදගත් කාරණයක් ලෙස සැලකෙන්නේ මෙම යුද්ධයේදී අල්ලා ගන්නා ලද සොල්දාදුවන් හෝ යටත් කරගත් ප්‍රදේශ වල සිවිල් ජනතාවයට ජයග්‍රාහී හමුදාව විසින් සිදුකරනා කෲරතර වදහිංසා චර්චිල් අනුමත නොකිරීමයි. ඔහු අණ දුන් හමුදා කණ්ඩයට එවැනි ක්‍රියාවලට සම්බන්ධවීමට චර්චිල්ගෙන් අනුමැතියක් නොවූ බවද පැවසේ.

කෙසේවෙතත් මෙම අවධානම් සහගත යුද කාර්යයෙන් පසුව චර්චිල් නැවත දේශපාලනයට සම්බන්ධවන්නේ යුධෝපකරණ අමාත්‍යවරයාලෙසයි. ඒ 1917 දී.

වින්ස්ටන් චර්චිල් පමණක් නොව දෙවන ලෝක යුද සමයේ ප්‍රමුඛස්ථානය ගත් දේශපාලනික හෝ හමුදා නායකයන් බොහෝ දෙනෙක්  පළමු ලෝක යුද්ධයදී හමුදාවන්හි කණිෂ්ඨ නිලයන් හෝ ප්‍රමුඛ පෙලේ නිලයන් දැරූහ. එහෙත් පළමු ලෝක යුද්ධයේ ප්‍රමුඛ පෙල හමුදා නිලධාරීන් අතලොස්සක් හැරුන කොට අනෙක් බොහෝදෙනෙක් දෙවන ලෝක යුද්ධය වන විට වියපත්ව හෝ මිය ගොස් සිටියහ.

පළමු කොටම මෙම යුද්ධයේ ආරම්භකයන් වූ අක්‍ෂ බලවතුන් පැත්තෙන් විමසූ විට දෙවන විල්හෙල්ම් කයිසර් අධිරාජ්‍යයා හට යුද්ධය අවසන් වීමට (සැබැවින්ම යුද්ධය අවසන්වූවා නොව සටන් විරාමයකින් කෘත්‍රීම ජයක් මිත්‍රපාර්ශවයට ලබාදී යුද්ධයට විරාමයක් ලැබුනා පමනි) දින දෙකකට කලින් ජර්මනියේ ජනතාවගෙන්ම නැගුන විරෝධය (මිතුරු හමුදා විසින් ජර්මනියට ලැබෙන නාවික සැපයුම් අවහිර කිරීම මෙන්ම යුද්ධයට දැවැන්ත සම්පත් ප්‍රමාණයක් වැයවීම හා විනාශ වීම හමුවේ කාර්මික මෙන්ම කෘෂිකාර්මිකවද දැවැන්ත පිරීහීමකට ජර්මනිය ලක්ව සිටි අතර ආහාරපාන හිගකම නිසා ජනතාව සාගතයෙන් දුබලව හා මරණයට පවා පත්වීම ආරම්භවී තිබූ අතර අවිආයුද නිෂ්පාදනයට අවශ්‍ය ලෝහ ආදිය හිගවීමෙන් ලෝහමය ගෘහ උපකරණ පමණක් නොව පෞරානික දෙවස්ථාන වල භාවිතා වූ විශාල ඝන්ඨාර පවා උණුකිරීමට යොදා ගන්නා ලදි) හා එයට අධිරාජ්‍යයාගේ නියෝගය පරිදි හමුදා නායකයන් මැඩපැවැත්වීමටද ප්‍රතික්‍ෂේප කළ විට බලයෙන් ඉවත්වීම හැරුන කොට වෙනත් විකල්පයක්ද නොවූ අතර ඔහුව නෙදර්ලන්තයට පිටුවහල් කරණු ලදි. එතැන් සිට වසර විසි තුනක් එහි Huis Doorn නම් පෞරානික නිවස්නයේ වාසය කළ අතර ඔහුගේ දේහයද එහිම මිහිදන් කරන ලදි.

හිට්ලර් සහ ඔහුගේ නාසි පක්‍ෂය විසින් ආරම්භ කරන ලද ඒකාධිපති පාලනයට හා දෙවන ලෝක යුද්ධයට ඍජු සම්බන්ධයක් කයිසර් විසින් නොදැක්වූවත් හිට්ලර් සහ ඔහුගේ පක්‍ෂෙය් ක්‍රියාකාරීත්වයට කයිසර් ආශිර්වාද කරන ලදි. එහෙත් ඔහු එයින් බලාපොරොත්තු වූයේ හිට්ලර් මෙන් තෙවන අධිරාජ්‍යය බිහිකිරීම නොව නැවත වරක් කයිසර්ගේ පරපුරට රාජාණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ ලබාදෙයි යන්නයි. කයිසර් ආර්යාව පවා එය බලාපොරොත්තුවූ අතර ඇය විසින් සිය පුත්‍රයකුට සිහසුන ලබාදෙන මෙන් ඉල්ලීමක්ද හිට්ලර් වෙත ඉදිරිපත් කළ අතර එය ප්‍රතික්‍ෂේප කරන ලදි. එසේම දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස හිට්ලර්ගේ හමුදා නෙදර්ලන්තය ආක්‍රමණය කළ විට බ්‍රිතාන්‍යයට පැමිණ ජීවත් වන ලෙස වින්ස්ට්න් චර්චිල් අගමැතිවරයා පවා කළ ඉල්ලීම කයිසිර් විසින් ප්‍රතික්‍ෂේප කළ අතර තමන් නැවත ජර්මනියට සම්ප්‍රාප්තවන්නේද තම පරපුරට උරුම රාජකීයත්වය නැවත ජර්මන් පාලනය විසින් ලබාදුන් පසුව බව පවසා සිටියේය. එහෙත් ඔහුගේ එම අභිප්‍රාය සඵල වීමට පෙරාතුව එනම් 1941 ජූනි 4 වනදා වයස අවුරුදු 82 ක්ව තිබියදී මෙලොවින් සදහටම සමුගෙන ගියේය.ඔහුගේ දේහය ජර්මනියට රැගෙන ගොස් උපරිම රාජ්‍ය ගෞරව ලබා දී එය තම නාසි ව්‍යාපාරයට වාසියක් කර ගැනීමට හිට්ලර් උත්සහ දැරූවත් එය ව්‍යාවර්ථව ගියේ කයිසර් අධිරාජ්‍යයාගේ කැමැත්ත වූ පරිදි ඔහු වාසය කළ වතුයායේම සිරුර මිහිදන් කිරීමටයි. ඉතා කුඩා හමුදු ගෞරව මධ්‍යයේ සියයකටද අඩු ජනසහභාගීත්වයෙන් අවසාන කටයුතු සිදූවූ අතර නාසි ස්වතිකය හෝ වෙනයම් නාසි සලකුණු සිය අවමංගල්‍යයට  භාවිතා නොකරන මෙන් ඉල්ලීමක් කර තිබුනත් නාසින් විසින් එය නොතකා හරින ලද බවද පැවසේ.

ජර්මන් හමුදා නායකත්වය පිළිබදවද මේ මොහොතේදීම මතක් කරමි.1914 සිට 1916 දක්වා පළමු වසර දෙක තුල එම හමුදාවේ ප්‍රධානියාවූයේ General der Infanterie Erich Georg Anton von Falkenhayn. එහෙත් 1916 දී ඔහුව ඉවත්කරනු ලැබුවේ මෙම දැවැන්ත යුද්ධය මෙහෙයවීම සම්බන්ධයෙන් ඔහු තුල තිබූ අකාර්යක්‍ෂමතාව නිසා බව පැවසේ.

Field Marshal Paul Ludwig Hans Anton von Beneckendorff und von Hindenburg එහෙමත් නැත්නම් Field Marshal Paul von Hindenburg නමින් හැදින්වුන චරිතය පළමු ලෝක යුද්ධයේ සියළුම අණදුන් නිලධාරීන්ගේ නාම අභිබවා සැලකෙන නාමයක් බව කිව යුතුයි. 1911 දී සිය හතලිස් පස්වසරක දීර්ඝ හමුදා ජීවිතයෙන් විශ්‍රම ගොස් සිටියත්  පළමු ලෝක සංග්‍රමයේ ඇරඹුමත් සමග නැවත හමුදා සේවයට කැඳවනු ලබන්නේ ඔහු තුල තිබූ දැවැන්ත පෞරශය සේම යුදකාමීත්වය අතින් ඔහුතුල තිබූ දක්‍ෂතාව නැවත වරක් ඔප්පු කරමිනුයි. නැවත හමුදා සේවයට කැඳවන අවස්ථාව වනවිටත් ඔහුගේ වයස අවුරුදු 66 ක්. ජර්මන් අටවෙනි හමුදාවේ අණදෙන නිලධාරී තනතුරට පත්නරන ඔහු නැගෙනහිර යුද පෙරමුනේ රුසියානු හමුදාවට දැවැන්ත පරාජයන් ගෙන දෙමින් 1914 සිට 1916 දක්වා අතර වූ කාලය තුල ඔහු හමුදාව මෙහෙයවූ ආකාරය ඉතාමක් කැපී පෙනුනා. විශේෂයෙන් ටෙනන්බර්ග් යුද පෙරමුණේදී උපක්‍රමික යුද සැලසුම් යොදා ගනිමින් රුසියානු හමුදා අන්දමන්ද කරමින් පරාජයට පත්කිරීම එකල විශිෂ්ඨත්වයෙන් සිහිපත් කෙරුනා. පනස්දහසත්, ලක්‍ෂයත් අතර රුසියානු සොල්දාදුවන් සංඛ්‍යාවක් මරණයට, තුවාල ලබා හෝ අතුරුදහන් වූ එම මෙහෙයුම සමස්ථ ජර්මානු යුද යාන්ත්‍රණය ජයග්‍රාහී මාවතකට වෙනස් කරලීමට පසුකාලීනව අසමත්වූවත් එම යුද ජයග්‍රහණය පළමු ලෝක සංග්‍රාමයේ ජර්මානු යුද හැකියාව අනුස්මරණීය තත්ත්වයකට පත්කරණු ලැබුවා.
Field Marshal Paul von Hindenburg

තවද පළමු ලෝක යුද්ධය ඒ ආකාරයෙන් හෝ අවසානය දැකීමට ප්‍රධානතම බාධකයක් වූයේ බටහිර යුද පෙරමුණේ Field Marshal Paul von Hindenburg සහ ජනරාල් Erich Ludendorff දෙදෙනා විසින් ප්‍රභල තත්ත්වයෙන් පවත්වා ගෙන ගිය Hindenburg Line නැතහොත් Hindenburg Barrier නමින් හැදින්වූ ආරක්‍ෂක වලල්ලයි. අනෙක් යුද පෙරමුණුවලට වඩා ආරක්‍ෂිත උපක්‍රම හා ක්‍රමවේදයන් මෙන්ම අවිබලයෙන්ද අනූනවූ මෙය කොන්ක්‍රීට් යොදා තැනූ ආරක්‍ෂිත ස්ථාන මෙන්ම එය සැතපුම් අටක් තරම් විශාල ප්‍රදේශයක පළලින් යුතුවීම සතුරු ප්‍රහාර මැඩපැවැත්වීම මෙන්ම ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව අතින්ද උපරිම මට්ටමක පැවතුනි. එසේම මෙම ආරක්‍ෂත වලල්ල බිද වැට්ටවීමට 1917 සිට 1918 වසරේ සැප්තැම්බර් අග දක්වාම විශාල ජීවිත හානියක් සහ දේපල හානියක් කැපකිරීමට මිතුරු හමුදාවන්ට සිදුවිය.
http://global.britannica.com/topic/Hindenburg-Line

ජනරාල් Erich Friedrich Wilhelm Ludendorff නාමයත් පළමු ලෝක යුද්ධයේදී ජර්මනිය පාර්ශවයෙන් ඉමහත් කීර්තිය දිනාගත්තකි. ජර්මානු යුද යාන්ත්‍රණයේ මහා මොලකරු ලෙස පවා සැලකූ මෙම ජනරාල්වරයා 1918 මුල් භාගයේ ජර්මනිය යුද්ධයෙන් ජයග්‍රහණය ලබාවීදෝ යන සැකය මිතුරු පාර්ශවයන් වෙත ගෙනදෙන්නටද සමත්වූ පුරෝගාමියාලෙස වුවද සැලකිය හැකිය. එම වසරේ මුල් භාගයේ ජර්මනි Storm trooper නම් විශේෂ යුද උපක්‍රමයන් භාවිතා කරන්නාවූ සේනාංකයක් යොදවා කළ යුද ක්‍රියාන්විතය ජර්මනියේ යුද ජය විටෙක ආසන්න තත්ත්වයට පත්කරලීමට උවද සමත්වූවා. එතෙක් යුද අගල්වල දිගු කලක් සිරවී කළ යුද්ධයට වඩා වේගයෙන් ඉදිරියට ඇදෙමින් සතුරා අන්දමන්ද කරමින් සතුරු ප්‍රදේශ තුලට කාවැදෙමින් කළ යුද්ධය මිතුරු හමුදා සැතපුම් ගණනක් පසුබැස්සවීමටද සමත්ව තිබුනා. එහෙත් සතුරු පෙදෙස් පුළුල්වත්ම Storm trooper සේනාංකයද එම ප්‍රදේශ වල විසිරීයාම සිදුවීම නිසා එම කණ්ඩායමේ ශක්තියද විසිරී යාම හේතුවෙන් නැවත මිතුරු හමුදාවන්ට සිය බලමුළු ඒකරාශී කරගෙන යුද වැදීමේ හැකියාව හිමිවීමත් සමග ජර්මනියට දැඩි හානි ගෙන දෙමින් සටන්විරාමයක් කරා යොමුකරලීමේ හැකියාව ලැබී තිබුනා.
ජනරාල් Erich Ludendorff
සමස්ථ ජර්මානු යුද යාන්ත්‍රණයේ ශක්තිය වූ මෙම නිර්භීත සොල්දාදුවන් දෙදෙනාම පසුකලෙක දේශපාලනයට පිවිසුනත් එහි විශාල සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකිවූයේ Field Marshal Hindenburg හටයි. 1925 දී ජර්මනියේ ජනාධිපති ධූරය ලැබූ ඔහු 1934 දක්වා ඔහු මිය යන තෙක් දරණු ලැබුවා. ඒ වන විට නාසි පක්‍ෂය ශීඝ්‍රයෙන් ඉදිරියට පැමිණ තිබූ අතර දේශපාලනික අස්ථාවරත්වයක්ද හටගෙන තිබුනේ ඇතැම් විට කිසිදු පක්‍ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකිවීමෙන්. කෙසේවෙතත් තවත් පක්‍ෂද එක්කර ගනිමින් ජරමානු චාන්සලර් ධූරය හිට්ලර් විසින් ඉල්ලා සිටියත් Field Marshal Hindenburg ජනාධිපතිවරයා එය ලබාදීමට කැමතිනොවූයේ පළමු ලෝක යුද්ධයේ පණිවිඩ ගෙන යන සුළු නිලධාරියෙකු වූ හිට්ලර්ට එය දීමට ඇති තම දැඩි අකමැත්තද පවසමින්. ඔහු හිට්ලර්ව හදුන්වනු ලැබුවේ 'Bohemian Corporal' ලෙසයි. කෙසේවෙතත් 1933 දී හිටිලර්ට එය ලබාදෙනවා හැරෙන්නට වෙනයමක් නොවුයේ එම අවස්ථාවේ පැවැත්වූ මැතිවරණයෙන් හිට්ලර්ගේ නාසි පක්‍ෂයට වැඩි බලයක් ලැබීම හේතුව නිසාය.

ජනරාල් Erich Friedrich Wilhelm Ludendorff ගේ දේශපාලන දිවිය Field Marshal Hindenburg ගේ තරම් වාසනාව තිබූ එකක් නොවූ අතර විටෙක ඔහු හිට්ලර්ට පක්‍ෂපාතී මතයකත් තවත් විටෙක එයට ප්‍රතිවිරුද්ධ පාර්ශවයත් නියෝජනය කළා. ඔහුගේ මරණය 1937 දී සිදුවූවා.

තවත් කරුණු ඉදිරි ලිපියෙන්...

http://en.wikipedia.org/wiki/Central_Powers
http://www.brookings.edu/research/essays/2013/rhyme-of-history#
http://en.wikipedia.org/wiki/Philippe_P%C3%A9tain
http://en.wikipedia.org/wiki/Allied_leaders_of_World_War_I
http://en.wikipedia.org/wiki/Ferdinand_Foch
http://en.wikipedia.org/wiki/Douglas_Haig,_1st_Earl_Haig
http://alphahistory.com/worldwar1/world-war-i-military-leaders/
http://en.wikipedia.org/wiki/Huis_Doorn
http://en.wikipedia.org/wiki/Franz_Joseph_I_of_Austria
http://en.wikipedia.org/wiki/Edmund_Allenby,_1st_Viscount_Allenby
http://en.wikipedia.org/wiki/Deportation_of_Armenian_intellectuals_on_24_April_1915
http://en.wikipedia.org/wiki/Armenian_Genocide
http://en.wikipedia.org/wiki/Talaat_Pasha

25 comments:

  1. විස්තර වැඩියි අප්පා.. අමාරුයි දිරවගන්න. ඒත් වටින විස්තරයක්...

    ReplyDelete
    Replies
    1. පළමු ලෝක යුද්ධය ගැන කියන්න තිබෙන දේවල් පමණක්ම ලියන්න බ්ලොග් අඩවියක් වුවත් වෙන් කරන්න පුළුවන්. මම යෝජනා කරනවා එකවර මේ වගේ දීර්ඝ ලිපි කියවනවාට වඩා වෙලාව ගෙන කිහිප වාරයකින් කියවීමෙන් අපහසුතාවයක් වෙතොත් මඟහැර ගැනීමට හැකිවෙතැයි කියා. කෙසේවෙතත් මා ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වන අතරම ලිපි පෙළේ අන්තර්ගතයට අනුව මේ ලියා තිබෙන්නෙත් හැකි තරම් කෙටි කර නිසා යම් අපහසුතාවයක් වේ නම් ඒ ගැන මාගේ කණගාටුවද පැවසීමට....

      Delete
  2. වටිනා ලිපි පෙළක් අාරම්භ කරලා.... හරිම වැදගත්.... දිගට ම ලියමු.... අැත්තට ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! විවිද හේතු නිසා ලිවීම ප්‍රමාද වී තිබුනත් මෙයත් දීර්ඝ ලිපි පෙලක් වේවි....

      Delete
  3. මම ඉතාම කැමැත්තෙන් සිටි ලිපි පෙළක්.හෙමිහිට කියවා අදහස් දක්වන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඊලඟ ලිපියත් හැකි ඉක්මනින් ගෙන එන්නට බලාපොරොත්තුවෙනවා...

      Delete
  4. බොහොම වටිනවා දිනේශගෙ පුනරාගමනය...

    ලිපිය බොහොම වැදගත් සහ වටින, විරල තොරතුරු වලින් පිරිලා. දේශකයා කිව්වා වගේ ටිකක් එක පාර ඔලුවට දාගන්න අමාරු ගතියකුත් තියනවා...

    නවත්වන්නැතුව යමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සෙන්නා. විවිදාකාරයේ කාරණා නිසා පෙරමෙන් ලිවීම නොකඩවා කරන්නට බැරිවුනත් දීර්ඝ සහ වෙනස් ආකාරයේ ලිපි ඉදිරියේදිත් ලියන්නට සිතා සිටිනවා. මේ ලිපි ඉතා දිගයි තමයි. කෙටි කරනවාට වඩා ඇත්තෙන්ම තවත් දීර්ඝ කිරීම පහසුයි. කොහොමවුනත් කොටස් වශයෙන් පළවෙන නිසා තරමක් වෙහෙසකර බව අඩුවේයි කියා සිතනවා...

      Delete
  5. අතිවිශිෂ්ටයි සර්

    ReplyDelete
  6. ගොඩක් වට්නව කියවන්න ආසා හිතෙන තොරතුරු ටිකක් ....ඒත් දිග වැඩීද මන්ද ...... මේ කරුණුම දාලා ටිකක් සිරාංශ කරන්නකෝ............ පුළුවන් වෙයිද දන්නැ ඒත් පුළුවන් උනොත් නම් ගොඩක් හොදයි.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සාරංශ කිරීම නම් මේ ලිපිය තුලත් කර තිබෙනවා. කෙසේවෙතත් ඉදිරිලිපිය මේ තරම් දීර්ඝ නොකරන්නට වගබලා ගන්නම් හැකිතාක් දුරට...

      Delete
  7. බොහොම හොඳ ලිපියක් දිනේෂ්. සෑහෙන්න වෙහෙසවෙලා කරුණු හොයාගෙන ලියා තිබෙන බව පෙනෙනවා. තරමක් දිග වැඩියි කියා හිතෙනවා. කෙටි ලිපි ලෙස ඉදිරියටත් ලියන්න. සිතියම් සහ පින්තූර ඇතුලත් කිරීම බොහොම වටිනවා.

    ReplyDelete
  8. ස්තූතියි! ඇත්තෙන්ම මේ ලිපිය මා දීර්ඝ කාලයක සිට ලියුවා වගේම මේ වෙනුවෙන් පරිශීලකය කළ මූලංශ ප්‍රමාණයත් අධිකයි. ලිපිය දිග බව මා පිළිගන්නවා. ඒවගේම මා පළකරන්න සිතා සිටියේ මෙම ලිපිය පින්තූර කිසිවක් නැතිව මීටත් වඩා දිගටයි. ඒත් පසුව ඒ තීරණය වෙනස් කරලා පින්තූර කිහිපයක් වගේම තනි ලිපියේ තිබූ කරුණු ප්‍රමාණයක් මෙයින් ඉවත් කර දෙවන ලිපියට එම කාරණා ගත්තා. පින්තූර හා සිතියම් ආදිය සියල්ලම ලිපි අතරතුර හෝ පසුව වෙනම ලිපියක් ලෙස ගෙන එන්නට සිතා සිටිනවා....

    ReplyDelete
  9. ඔබගෙ ලිපියක් නැවත කියවන්නට ලැබීමත් සතුටක් දිනේෂ්......:)

    මට නම් කිසිසේත්ම ලිපිය දිග වැඩි නෑ. ඒත් එක අතකට මගේ මතය පක්ෂග්‍රාහී වෙන්නත් පුලුවන් මොකද මමත් දිගට ලියන හින්ද...හෙහ්,හෙහ්,

    සර්ජියාවෝ නෙවෙයි සරයේවෝ කියලයි මම අහල තියෙන්නෙ. අනූ ගණන් වල බොස්නියා යුද්ධෙ කාලෙ සරයේවෝ ගැන නිතරම පලවුනා ප්‍රවෘත්ති පත්‍රවල.

    ReplyDelete
    Replies
    1. අමනාප වෙන්න එපා පිළිතුරු දෙන්න ප්‍රමාදවූවාට, තාක්‍ෂනික දුර්වලතාවයක් හේතුවෙන් බ්ලොග් පිටුව තිරයේ නිසියාකාරව දිස්නොවීම එයට හේතුවූවා. මුලින්ම ස්තූතිවන්තවන අතර ලිපිය ඔබ පවසනාලෙසම එතරම් දිග බවක් මටත් හැඟෙන්නේ නැහැ. කෙසේවෙතත් කලකට පසු භාවිතා කළ භාෂා ශෛලීයේ යම් වෙනසක් නිසා හෝ එවන් දිගු බවක් හැගෙනවාදැයි දන්නේ නැහැ. මා හිතන්නේ Serajevo ලෙස දැක්වෙන නිසා වෙන්න ඇති මා සර්ජියාවෝ ලෙස භාවිතාකරන්න ඇත්තේ කියා. මා ඒ ගැන තවදුරටත් සොයා බලන්නම්...

      Delete
  10. මේවනම් කියවන්න මාත් මාරම ආසයි.. ලියමු අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී....

      Delete
  11. ගොඩක් වටින කියවන්න ආස හිතෙන ලිපියක්.ඔබගේ වටිනා කාලය සත්සමුදුර පාඨක අප වෙනුවෙන් වෙන්කරගෙන කරනා මෙහෙය බොහොම අගයකොට සලකනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒවගේම වෙනදාතරම් නොවුනත් හැකි අවස්ථාවලදී බ්ලොග් අඩවියට වෙනස් ආකාරයේ ලිපි එකතු කරන්නට වගබලාගන්නවා...

      Delete
  12. ගොඩක් වටින කියවන්න ආස හිතෙන ලිපියක්.ඔබගේ වටිනා කාලය සත්සමුදුර පාඨක අප වෙනුවෙන් වෙන්කරගෙන කරනා මෙහෙය බොහොම අගයකොට සලකනව.

    ReplyDelete
  13. මේ කාරණාව සරළව කෙටි කරලා ලියන්න බැරි නිසා පෝස්ට් එක දිගට දාන්න වෙන බව තේරුනත් කවදාවත් පෝස්ට් එකක් දිග වැඩියි කියල කියන්නේ නැති මටත් මේක ටිකක් දිගයි කියල හිතුන.
    අප්‍රසන්න කතාවත් රසවත් ලෙස විස්තර කරලා තියෙනවා.
    ඔය මහා යුද්ධ දෙක ලෝකෙට මොනතරම් විනාශයක් කලත් තාක්ෂණික අතින් ලෝකේ ඉස්සරහට ගෙනියන්න සමත්වෙනවා නේද.
    යුධ වකවානුවේ සිදුවීම් වඩා රසවත්ව සහ ජනතාවගේ හදවත් වලට දැනෙන්න ලියන්න සමත් උනේ රුසියානු ලේඛකයින් කියලයි මගේ අදහස...

    ReplyDelete
    Replies
    1. ස්තූතියී! ඇත්තෙනම් පළමු ලෝක යුද්ධය කියන්නේ ඉතා අප්‍රසන්න දෙයක් බව එයට සම්බන්ධ වූ බොහොමයක් දෙනා පසුව කියා තිබූ බව මා පවා මෙම ලිපිය ලියන්නට භාවිතා කළ මූලාශ්‍ර වලින් දැක ගත්තා. මෙම ලෝක යුද්ධ දෙකම ගෙන භීෂනය විනාශය අධිකයි. හැබැයි ලෝකයෙ තාක්‍ෂණික දියුණුවට වගේම අනෙකුත් සෑම අංශයකටම ගෙනා ආ වෙනසත් ඉතා ප්‍රභලයි. ඒවා ගැන ඉදිරි අනාගතයේ අපි කතා කරමු...

      Delete
  14. ඊයේ මේ කතා පෙළේ දෙවැනි කොටස දැක්කාම හිතුවා අද මේ කොටස කියවලා සම්පුර්ණ කරනවා කියා.ඔබට බොහෝම ස්තූතියි දිනේෂ්.

    නියුරම්බර්ග් නඩු විභාගය තුල කියවෙච්චි නමක් කියලා මම හිතාගෙන හිටියේ "Field Marshal Hindenburg" ගැන.

    ReplyDelete