Tuesday, September 20, 2011

මේවා අතින් ඇදි පින්තූර නොව කටින් ඇදි පින්තූරයි - Doug Landis’ Mouth Art by Pencil

නටන්න බැරි මිනිහට පොලවත් ඇදයි කියා කියමනක් ඔබත් අසා ඇතුවාට සැක නැහැ. වැඩබැරි මිනිහාට කොහොමටත් බැරි වුනත් තමන්ගේ සිරුරේ විවිද අඩුපාඩු හෝ පසුකාලීනව ආබාධවලට ලක්වූ සමහර ‍ධෛර්යවන්තයන් කරන දේවල් පරිපූර්ණ සිරුරක් ඇති අයවළුන් පවා නොකරන දේවල්. මේ ලිපියෙන් ඔබට එවැනි දක්‍ෂ‍යකුගේ කුලසතාවයන් දැක ගත හැකියි.

Doug Landis, උපතින් ආබාධිතයෙකු නොවෙයි. ඔහු තරුණ අවධිය වනතෙක්ම බො‍හොම ක්‍රියාශීලී පුද්ගලයෙක්. එහෙත් ඔහු සිය උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී එම විද්‍යාලයේ පැවති මල්ලව පොර තරඟයක යෙදෙමින් සිටියදී සිදුවූ අනතුරකින් පසුව බෙල්ලෙන් පහල අංශභාග තත්වයට පත්වූ අයෙක්. සාමන්‍ය ජීවිතයක් ගත කල කෙනෙක් මෙවැනි අවාසනාවන්ත තත්වයකට ලක්වූ පසු ඇදවැටෙන තත්වය ඉතින් අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ. කෙසේවෙතත් ඔහු ටිකෙන් ටික ඒ ජීවිතයට හුරුවන විට සිය සැගවී තිබූ දක්‍ෂතාවයන් තේරුම් ‍ගෙන සිය මුඛයෙන් පැන්සල් පින්තූර ඇදීමට පටන් ගෙන ඇත. මුලින් එය අසීරුකටයුත්තක් වූවත් ක්‍රමයෙන් එය ප්‍රගුණකරගෙන දැන් ඔහුට ඉතාමත් විසිතුරු ලෙස පින්තූර නිර්මාණය කල හැකියි. එක් පින්තූරයක් නිමවීමට ඔහුට පැය 40 සිට 200 දක්වා කාලයක් ගතවන බවත් සදහන්.

කෙසේවෙතත් මාහට විද්‍යුත් තැපෑලෙන් ලැබුන මෙම පින්තූර පිළිබදව පළමුවරට සැකයක් ඇතිවූයේ පරිගණක මෘදුකාංග ඇසුරෙන් කූඨ ලෙස මෙවැනි පින්තූර ඇදිය හැකි නිසායි. එබැවින් අන්තර්ජාලයේ තවදුරටත් කරුණු සොයන විට ඉහත ඔබට පැවසූ විස්තරය සොයාගන්නට ලැබුනා. ඒවගේම ඔහු පින්තූර අදින අයුරු ඇතුලත් සේයාරූද ලැබුන අතර ඒවාද මෙහි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙනවා.

















ඉතින් ඔබටම පේනවානේද මිනිහෙකුගේ ධෛර්යය හා අධිෂ්ඨානයට කොතරම් ශක්තියක් තිබේද යන වග?
මෙම වෙබ් අඩවි වල තව මේ ගැන විස්තර අවශ්‍යනම් දැන ගත හැකියි.
http://www.odditycentral.com/pics/doug-landis-mouth-art.html

මීට පෙරත් මේ වගේ නිර්මාණශීලී අදහස් ඇති ‍අයෙකුගේ නිර්මාණ පෙන්වූවා මෙන්න මේ ලිපියෙන් -

නිර්මාණශීලී වඩුවෙකුගේ ලීවැඩ එහෙමත් නැත්නම් ඔහු අත තැබූ සියල්ල දැව බවට පත් වුනිද?

12 comments:

  1. විශිෂ්ඨ නිර්මාණයක් ගැන , රසවත් ලිපියක් කරන්නට , ඔබ ගත් රසවත් වෙහෙස අගයමි.

    ReplyDelete
  2. මාර නිර්මාණ හැකියාවක්.

    ReplyDelete
  3. ශක්තිමත් මනසක් කියන එක ශක්තිමත් ඇඟක් වගේම පාවිච්චි කරන්න පුළුවන් බවට හොඳම සාධක!

    ReplyDelete
  4. ඇත්තටම විශිෂ්ඨයි....... අතින් ඇන්දත් ඔය තරම් ලස්සනට අදින්න පුලුවන්ද ?

    ReplyDelete
  5. ලොකු හැකියාවක් වගේම ලොකු ඉවසීමකුත් තියෙන කෙනෙක් වගෙයි.

    ReplyDelete
  6. පුදුම හැකියාවක් . කෙනෙක්ගේ එක අංශයක් දුර්වල වෙද්දී තව දෙයක් තියුණු වෙනවලු.

    අපිත් ඉතින් කටින් නම් කොරන වැඩ කොච්චරද . එව්වගේ ප්‍රතිපල නැති එකනේ ප්‍රශ්නේ

    ReplyDelete
  7. @මහේෂ් නිශාන්ත - රසවත් දේ රසවත් ලෙස අගය කරන්නට හැකි රසඥතාව ඇති ඔබට මම ස්තූතිකරමි...

    ReplyDelete
  8. @නදී - වැඩකාරයට බොරු බෑ කියන්නේ නිකම්ද?

    ReplyDelete
  9. @hare :-) - හිත ඇත්නම් පත කුඩාද?

    ReplyDelete
  10. @උදාර - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය...

    ReplyDelete
  11. @sameera - ඒක ඇත්ත කෙනෙකුගේ සැඟවී ඇති ඇතැම් දක්‍ෂාතාවයන් එළියට එන්නේ පුදුම විදියට ඇතැම් විට මෙම චිත්‍රශිල්පිය අනතුරට මුහුණපෑවේ නැත්නම් ඔහු ගැන අපි සමහරවිට කවදාවත් දැන නොදැන සිටීවි...

    ReplyDelete
  12. @Bindi - හරියට කටින් බතල කොල සිටුවනවා වගේද?

    ReplyDelete