Thursday, September 29, 2011

හිපෝ ඇන්ටිලෝප්ව මරණයෙන් ගලවා ගන්නා අයුරු - Amazing friendship among Hipo and Antelope

කැලේ නීතියේදී ශක්තිවන්තයා ජයග්‍රාහකයාද වන බවයි. නැතහොත් ශක්තිය යුක්තියද වේ. එහෙත් මනුශ්‍ය සමාජය තුල සියළු දෙනාටම එකසේ යුක්තිය මිස ශක්තිවන්තයාට ප්‍රමුඛතාවයක් හිමිනොවන බව කියයි. වනාන්තරයේ සතුන් හා එයින් පිටත සිටින මිනිසුන් අතර ඇති වෙනස එය යයි බොහෝවිට අර්ථදැක්වේ. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේදැයි විමසා බැලීම ඔබට බාර කරන අතර වනන්තරයේ වැඩියෙන්ම බඩගින්නේ සිටින්නේ මාංශ භක්‍ෂකයන් බවටද සතතව විද්‍යාඥයන්ගේ මතයයි.

කිඹුලන් වැනි මිරිදිය ජලාශ වල වෙසෙන මස්කන සතුන් සෑමවිටකම පාහේ සිය ගොදුර බවට පත්කරගන්නේ තමන් සිටින ජලයට ජලය බීම සදහා හෝ අනෙක් ඉවුරට යාම සදහා බසින සතුන්ය. ලෝකයේ වනසතුන්ගේ රජදහන වන අප්‍රිකානු මහද්වීපය පුරා මේ සංසිද්ධිය ඔබ මෙම ලිපිය කියවන මොහොතේ පවා සිදුවෙමින් පවතී.

තිරිසන් සතුන් අතරදී තම වර්ගයා තුල මිතුරු සබදකම් ඇතත් වෙනත් වෙනත් වර්ග අතර එවැනි සබදකම් වර්තාවන්නේ අඩුවෙනි. නමුත් නැත්තේද නොවේ.

මෙම ලිපියේදී කිඹුලන් ඇති ජලාශයකට බසින කුර සහිත සතෙකු වන ඇන්ටිලෝපයෙකු මරණයට පාත්‍රවන්නට ඔන්න මෙන්න තබා තිබියදී එම සතා ගැන මිතුරු සිතක් පහල කර ගත් හි‍පපොටේමස් සතෙකු ඇන්ටිලෝපයා මරණයෙන් ගලවාගන්නා අයුරු පියවරෙන් පියවර බලන්න.

මෙන්න වීර හිපපොටේමස්...

දැන් ඉතින් මේ අයට අද දවසට කරන්න තියෙන ලොකුම රාජකාරිය තමයි එහි ඉවුරට යන එක.

පේනවනේ සෙනගේ තරම, මේ අය අතරට මැදිවුනොත් මොනවයින් ‍මොනව වෙයිද?

මෙන්න දැන් එහා ඉවුරට යන්න යන්නේ. සමහරු "ජම්ප්" එකකුත් දාල තමයි වතුරට පනින්නෙත්..
ඇන්‍‍ටිලෝප් : මෙන්න කවුද වතුර යටින් එනවා වගේ පේනවා. තාම හරියට කියන්න බැහැ.
කිඹුලා         :  අද නම් මරු, හොදට සප්පායම් වෙන්න පුළුවන් දවසක් වගේ. කොහොමහරි මෙතන ඉන්න පොඩි එකෙක් අල්ලගන්න ඕන. ලොකු එකෙක්වුනත් නරක නැහැ. ඒ වුනාට ඊට වඩා ලේසියි පොඩි එකෙක් අල්ලගන්න එක.



රැලෙන් එහා මෙහා වෙන ඇන්ටිලෝප් පැටවෙකු ඉලක්ක කර ගත් කිඹුලා ඔහු පසුපස ලුහුබදියි.

 
ඇන්ටිලෝප් පැටවා කොටුකරගන්නා කිඹුලා ඔහුගේ කකුලෙන් අල්ලා ගනී. ඉවුරට ගොඩවූ ඇන්ටිලෝප් මව තම පැටවා මුහුණදී ඇති දුඛිංත ඉරණම දිහා බලා සිටි.

මේ අරගලය පැය කාලක් පමණ සිදුවේ. ඇන්ටිලෝප් පැටවා තවම මිය ගොස් නැතත් අසරණයා දුර්වලවෙමින් පවතී. මේ අවස්ථාවේ ගංගාවේ අශ්වයා නැතහොත් අප්‍රිකානු මිරිදිය ජලාශවල ලොක්කා වන හිපපොටේමස් සතුන් දුසිමකට අඩු ගණනක් මේ අලකලංචිය බලාසිටින අතර එය ඔවුන්ට එතරම් හිත් ගත් දෙයක් නොවේ.

මුලින් ඔවුන් මේ වන දේ ගැන එතරම් අවධානයක් යොමු නොකරයි.

වීර හිපෝ  : මොකද කරන්නේ අන්න අරූ, අර පොඩි එකාව මරන්නයි හදන්නේ. මොකද වැඩේට බහිමුද?
හිපෝ 1 : මොනව වුනත් කිඹුලා අපේ වතුරෙම ඉන්න එකානේ. ඒත් මටත් පොඩි එකා ගැන දුකක් ඇතිවෙනවා.
 
වීර හිපෝ  : මම එහෙනම්  වැඩේට එන්ටර් වෙනවා. මට සයිඩ් එකෙන් සපෝට් එකක් දීපන්....


දැන් හිපෝ විසින් කිඹුලා හප කර පාගා දමන  වේලාවයි.

වීර හිපෝ : ගර්ර්ර්....හව්...හව්....

 කිඹුලා : *****@@@@@##### අයියෝයෝයෝ................

කිඹුලාව පරසක්වල ගසන අපේ වීර හිපෝ දුර්වල තත්වයට පත්ව සිටින පැටියා ඉවුර දෙසට තල්ලු කරයි.


දැන් මෙම වීර කතාවේ අවසානයයි.

ඇන්‍ටිලෝප් පැටියා : ස්තූතියි, හිපෝ මාමේ...

මෙම පින්තූර කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේදී ගන්නා ලද ඒවා වන අතර අදාල ඡායාරූප ශිල්පියා පිළිදව තොරතුරු අපහැදිලි නිසා ඒවා මේ මොහොත් පල කිරීමට හැකිනොවූ බවද පවසමි.

2011/09/30
මේ ලිපියේ ඇන්ටිලෝප් නමින් හදුන්වා ඇති සත්වයා ඇත්තෙන්ම ඇන්ටිලෝප් නොව ඒ Wildebeest නම් සත්ව වර්ගයයි.

ඇන්ටිලෝප් ලෙස හදුන්වන්නේ මුවෙකු වැනි මේ සතාය.

කෙසේවෙතත් මුල් ලිපියේ ඇන්‍ටිලෝප් ලෙස හදුන්වා තිබූ නිසා ඒ අයුරින්ම මෙහිදීද ඇන්ටිලෝප් ලෙස හදුන්වාදීම සිදුකල අතර මීට පෙර ඇන්ටිලෝප් සතුන් දැක ඇතත් මෙම Wildebeest  පිළිබදව එතරම් දැනීමක් නොතිබූ නිසා ඒද ඇන්ටිලෝප් වර්ගයක් යයි සිතා ඇන්‍ටිලෝප් ලෙසම භාවිතා කලෙමි. මෙම සදොස් කරුණ දැනුවත් කර එය නිදොස් කිරීමට අවශ්‍ය දත්ත සැපයීම ගැන එම මිතුරන්ට ස්තූතිවන්ත වෙමි...

20 comments:

  1. නියම 4to ටික කව්රු වුනත් මේක ගත්ත කෙනා නම් හොද cameraman කෙනෙක්. හැබැයි දිනේශ් මේ ඇත්තටම ඇන්‍ටිලෝප් නෙමෙයි. මේ Wildebeest සතෙක්. check this -- http://en.wikipedia.org/wiki/Wildebeest මට නම් හිතෙන්නේ එහෙම.

    ReplyDelete
  2. සිරාම සීන් එක.... මරු මචං එල..........

    ReplyDelete
  3. මරු සීන් එක ......... , ඔය හිපො ලගෙත් කිබුල්ලුන්ගෙත් හරියට වලි යන්වලු නේද ?
    ( Sameera )

    ReplyDelete
  4. A little correction. The animals in the pictures are not antelopes, they are wilder-beasts.

    ReplyDelete
  5. කිඹුල්රාළට බඩු හම්බ වෙන්න ඇති.

    ReplyDelete
  6. තනි ඇහැට ඇඬෙනවා බං මේවා දැක්කම!සත්තු හොඳයි බලං ගියාම!

    ReplyDelete
  7. ඒ කියන්නේ කිබුල්ලු හිපෝලව කන්නේ නැද්ද ? උන් බය නැතුව වතුරේ බැහැගන ඉන්නේ..

    මොනවා උනත් හිපෝ හිත හොඳ එකා.. හැබැයි ..හිපෝ එච්චර දෙයක් කරද්දී... අපේ එකා කැමරාවක් උලුක් කරන් ඕක දිහා බලන් හිටපු එක තමා මරුම වැඩේ.. ( මට හැමදාම කැමරාමන්ලා ගැන හිතෙන දෙයක් තමා ඕක.. :-) )

    ReplyDelete
  8. හික්ස් කිබුලට උන දේ

    ReplyDelete
  9. http://www.youtube.com/watch?v=2nljY6MZ8UA&feature=BFa&list=FLfPQkBLb8MEJ2tzm-D-DQzA&lf=mh_lolz

    ReplyDelete
  10. මම දන්න විදිහට කිඹුලාට කිසිදු බයක් නොදක්වන එකම සතා තමයි හිපෝ. මෙයාගේ මේ ගතියත් අනිත් අයට උදව් කරන ස්වභාවයත් ගැන දන්න සත්තු හිපෝ ජලාශයක බැහැලා ඉන්නකොට ඒ ජලාශයට බහින්න ලොකු බයක් දක්වන්නේ නැහැ.

    ReplyDelete
  11. කිඹුලට නරකක් කියන්නත් බෑ. මොකද ඌ තණකොළ කන්නය.

    මොකාද මේ ඇන්ටිලෝපා කියන එකා. හරියට හරකෙක් වගේනෙ.

    ReplyDelete
  12. හැමෝටම ස්තුති තරක අතරතුරේ මුල් ලිපියේ හදුන්වාදී තිබූ ඇන්ටිලොප් යන නාමය යෙදුවත් මටත් පොඩි සැකයක් ඇතිවුනා මේ මම කලින් දැක සිටි ඇන්‍ටිලෝපයාට වඩා වෙනස් නේද කියාත්. කොහොමවුනත් කාරනේ පැහැදිලියි. මේ ඇන්ටිලෝප් සතෙකු නොවන බව, මම ඒ ගැන කියූ මිතුරන්ටත් ස්තූතිකරන අතරේ නිවැරදි ඇන්ටිලෝපයෙකුගේ රුවක්ද ලිපිය අවසානයට යෙදීමට සිතුවා...

    ReplyDelete
  13. @``` Outsider``` - ඒකත් හරි කිඹුල්ලු තනකොල කන්නයැ. ඔන්න නියම ඇන්ටිලෝපයා හා Wildbeest ගේ සමීප රූප දෙකකකුත් දැම්මා...

    ReplyDelete
  14. @යසිත & Rebel of Kandy - Thanks both of you my friends, previously I saw Antilopes but I didn't know about wildebeest. The source which I have grabbed these photos and details mentioned also this creature as an Antilope. In my few knowledge about that creature, I think this is another species of Antilope. Now there is a note under the blog post for that.

    ReplyDelete
  15. @Senna - මම හිතන්නේ හිපෝලව කන්න කිඹුලට බැහැ...

    ReplyDelete
  16. wilderbeest ඇත්තටම දුර්වල හරක් විශේෂයක්.එවුන් නිතරම ගොදුරු බවට පත්වෙනවා.කෙන්යාව සහ ටැන්සානියාව අතරමැදින් ගලාගෙන යන මාරා නදියේ වු එක් ඉවුරක සිට කෑම සොයා අනෙත් ඉවුරට යද්දී (migration)මෙලෙස රංචු පිටින් කිඹුලන්ගේ ගොදුරු බවට පත්වෙනවා.ඇත්තටම මෙය දකින්නට පුලුවන්නම්....ඔබට අමුතුම අත්දැකිමක් දැනෙවී.මම මේ දේවල් ඇත්තටම සජීවීව දැක්කා.මෙය ජූනී සහ අගෝස්තු මාස අතරතුරේදී දැකගන්න පුලුවන්.මසයිමාරා කැලය ටැන්සානියාවට සහ කෙන්යාවට අයිති විශාල කැලයකි.මෙහි ඇති විශාල තණ පිට්ටනි වල(plains) මේ සතුන් විශාලවශයෙන් ඉන්නවා. Masaimara which means land of Masai tribe.

    ReplyDelete
  17. thank you for this post dinesh
    this is real video hippo save child animal AMAZING


    http://www.youtube.com/watch?v=MhjvK5EtqGo&feature=related

    ReplyDelete
  18. keti lipi athare sath samudure diga lipiyak dakima sathutak.me tikema lipi kuda une ayi...kamak na oben ape danumata labena sahayata pin misak thanks karala wadak na.godak pin.

    ReplyDelete
  19. @Nihanthaj,DISHAN & Anonymous - ස්තූතියි! කෙටි ලිපි ගැන ඇනෝ අහල තියෙන නිසා ඒ ගැනත් යමක් කියන්න හිතුනා. මමත් සත්‍ය වශයෙන්ම කැමති දීර්ඝ ලිපි වලට තමයි. ඒත් සෑම ලිපියක්ම එසේ කිරීම ප්‍රායෝගක නැහැ. එකක් ගතවන කාලය වැඩි නිසා එහෙමවුනොත් පල කල හැකි ලිපි ප්‍රමාණයත් අඩුවේවි. ඒවගේම වෙහෙසත් වැඩියි...

    ReplyDelete
  20. :D නියමයි. ඇත්තටම මේ ලිපියෙ ලියපු දෙබසට සමාන දෙයක්ද දන්නෑ වුනේ. :)

    ReplyDelete