Thursday, April 7, 2011

ඉස්සර කාලේ ඔපරේශන් කරන්න ගත්ත බිය ජනක අවි ආයුද - Scary Surgical Tools in Old days

අද ලිපිය නම් ඔබගේ සතුට දනවන එකක්දැයි නොදනිමි. මන්ද මෙම බියජනක පැරණි කාලයේ සැත්කම් උපකරණ  දකින රෝගියා පවා තම රෝගය කෙසේවෙතත් බිය නිසාම මියගියාදෝ යන සැකයත් මතුවේ. කෙසේ නමුත් මෙම සමහර උපකරණ පිළිබද යමක් පැවසීමට මගේ ශබ්දකෝශයේ වචන හිඟකම හෝ වෛද්‍ය විද්‍යාව පිළිබද මගේ දැනුම මදිකම නිසාදෝ යන සැකයද ඉස්මතුවූ නිසා ඒවා සිංහලට පරිවර්ථනය නොකල අතර ඔබම සිංහලට පෙරලා ගන්නේ නම් මැනවි. මට නම් මේවා දැක්ක සැනින්ම චකිතයක් හා බියක් ජනනය වූ බව කියන්නට ඕනෑ අතර ඔබට දැනෙන අවංක සිතුවිල්ලද සටහන් කරන්නේ නම් වඩාත් හොදය.

Amputation Knife (1700s)
මෙම වක් පිහිය 18 වන ශතවර්ශයේ සැත්කම් වලදී අංග ඡේදනයේදී වක්‍රකාර කැපුම් සමේ සහ මාංශ පේශිවල සිදු කිරීම සදහා යොද ගන්නා ලද බව පැවසේ. කෙසේවෙතත් 1800 ගණන් වලදී කෙලින් අතට දිග පිහි මේ කර්තව්‍ය කිරීමට වඩාත් ජනප්‍රිය වී ඇත. (හැබැයි අපේ රටේ සහ තවත් බොහෝ රටවල මෙවැනි පිහි කෝලාහල වලදී “සාමය ස්ථාපිත කිරීම” සදහා කරනු ලබන කැපීම් කෙටීම සදහා තවමත් භාවිතා කරනු ලබන බව මාධ්‍ය මගින් ගෙනෙනු ලබන පුවත් වලදී පෙනේ.විශේෂයෙන් මීට දශකයකට පමණ පෙර රුවන්ඩාවේ හා බු‍රුන්ඩි වල තිබූ හුටු හා ටුට්සි ගෝත්‍රික ගැටුම් වලදී මේ හැඩයේ පිහිවලට තිබී ඇත්තේ පුදුම ඉල්ලුමකි).

Knives used for amputations during the 18th century were typically curved, because surgeons tended to make a circular cut through the skin and muscle before the bone was cut with a saw. By the 1800s, straight knives became more popular because they made it easier to leave a flap of skin that could be used to cover the exposed stump.

Amputation Saw (1600s)
17 වන සියවසේදී භාවිතා වූ මෙම කියත යොදා ගෙන ඇත්තේ සැත්කම් වලදී අස්ථී කැපීමටයි.

While some surgeons chose to flaunt their wealth with elaborately decorated saws like this, the crevices in the intricate engravings proved to be a breeding ground for germs.

Arrow Remover (1500s)
මෙය 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර ඒ කාලයේ එකිනෙකා මරා ගැනීමට තුවක්කුද නිපදවී තිබුනත් පැරණි දුණු ඊතලත් භාවිතාකරන්නට ඇති බැවින් එසේ ඇනුන ඊතල ඉවත් කිරීමට යොදාගන්නා ලද්දකි.

Not much is known about this tool, but it is hypothesized that it was inserted into the wound in a contracted position, with the central shaft used to grasp the arrow. The blades, which appear to have their sharp edges facing outward, were then expanded using the scissor-like handles, thus expanding the flesh around the arrow to prevent the arrowhead from ripping through the meat as it was pulled out.

Artificial Leech (1800s)
පැරණි වෙදකම් වලදී අපවිත්‍ර වූ රුධිරය ඉවත් කිරීමට කූඩැල්ලන් සමහර විශේෂ යොදා ගත් බව ඔබත් දන්නවා ඇති. ඒත් ඉතින් හැම වෙලාවෙම කූඩැල්ලන් සොයා ගැනීමට නොහැකිවේද යන සැකයෙන්ද දන්නෑ මෙම කෘත්‍රිම කූඩැල්ලා 19 වන සියවසේදී සොයාගෙන තියෙන්නේ. මෙය විශේෂයෙන් ඇසේ සහ කනේ ඔපරේශන් වලට යොදාගත් බව කියවෙනවා.

Bloodletting with leeches was such a popular treatment for a range of medical conditions that an artificial leech was invented in 1840 and was used frequently in eye and ear surgery. The rotating blades would cut a wound in the patient’s skin, while the cylinder would be used to produce a vacuum that sucked up the blood.

Bullet Extractor (1500s)
රොබින් හුඩ්ගේ කඩුව වගේ පේන මෙයත් 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර වෙඩි තැබීම් වලදී සිරුර තුලට කිදා බසින වෙඩි උණ්ඩ එලියට ඇද ගැනීමට භාවිතා කල “සුන්දර” මෙවලමකි.

Elongated bullet extractors could reach bullets embedded deeply in the patient’s body. Extractors like this one had a screw tip that could be inserted in the wound and lengthened to pierce the bullet so that it could be pulled out.

Cervical Dilator (1800s)
මෙම අනගි කුරිරු උපකරණය කාන්තාවන් වෙනුවෙන්ම හදන ලද්දක් බව පැවසෙන අතර මම කියනවාට වඩා ඔබම මෙම කොටස පරිවර්ථනය කරගත්විට එහි අනර්ඝත්වය හදුනාගත හැක.

This instrument was used to dilate a woman’s cervix during labor, with the amount of dilation measured on the scale by the handle. Such dilators fell out of favor because they often caused the cervix to tear.

Circumcision Knife (1770s)
අමනාපවෙන්න එපා මෙහෙම කියනවාට මෙම පිහිය යොදා ගෙන ඇත්තේ සමහර ආගම්වල  පිරිමි ලමුන් වෙනුවෙන් ඉටුකරන චාරිත්‍රයක් (Ritual circumcision) ඉටුකිරීම සදහායි.

Ritual circumcision is performed around the world in varying extents and for varying reasons, but few instruments used in the process are as intimidating as this European knife from the 18th century.

Ecraseur (1870s)
මේ අමුතු උපකරණය ගැන කීමට ඇත්තේ මෙය ආධාරයෙන් සැත්කම කරන ස්ථානයට රුධිර ගමනය අඩාල කර ඇත.

This ecraseur was used to sever hemorrhoids and uterine or ovarian tumors. The chain was looped over the mass and tightened using the ratchet, stopping the circulation of blood to the area.

Hemorrhoid Forceps (1800s)
තේරෙන විදියට නම් මේක යොදා ගෙන තියෙන්නේ ඔපරේශන් වලදී රුධිර සැපයුම අවහිර කිරීමටයි.

These forceps were used to grasp a hemorrhoid between the blades and apply pressure to stop the blood supply, causing the hemorrhoid to drop off.

Hernia Tool (1850s)
මේක නම් නමේ කියන විදියට හර්නියා සැත්කම් වලදී භාවිතයට ගන්නා ලද්දකි.

This unique tool was used after the restoration of a hernia. It was inserted into the body near the affected area and left there for a week to produce scar tissue that would help seal off the hernia.

Hirtz Compass (1915)
මේ කියන කොම්පාසුව යොදාගෙන තියෙන්නේ සංචාරයේ යෙදෙන කොට අතරමං වුනාම උතුර දකුන සොයා ගන්න නෙමෙයි, වෙඩි වැදුන කෙනාගේ කොතනද bullet එක තියෙන්නේ කියල දැනගන්න.

The Hirtz compass was used to accurately determine where bullets were located in the body so that they could then be removed with precision.

Hysterotome/Metrotome (1860s-90s)
මේ ශවලක් වගේ උපකරණයත් සැත්කම් වලදී කැපුම් ඇති කරන්න ගත්ත එකක් වගේ.

This hysterotome or metrotome was used to amputate the cervix during a hysterectomy.

Lithotome (1740s-1830s)
මුත්‍රාශයේ ගල් ඇතිවුනාම ඒවා ඉවත් කිරීම සදහා මුත්‍රාශය කැපීමට  ගත්ත Tool එකක්.

This lithotome was used to cut the bladder in order to remove stones. The shaft contained a hidden blade that was inserted into the bladder and then released using a spring handle.

Mouth Gag (1880s-1910s)
ඔපරේශන් වලදී සිහිය නැති කරල ඉන්න ලෙඩාගේ කටට මේක දාල තියෙන්නේ මුඛය හොදට විවෘත වීමෙන් වාතාශ්‍රය හොදට ලැබෙන්නයි.

This wooden, screw-shaped mouth gag would be inserted into an anesthetized patient’s mouth to keep the airway open.

Scarificator (1910s-20s)
තේරෙන විදියට නම් මේක යොදා ගෙන තියෙන්නේ තුවාල නරක් වුනාම ඒවායේ අපවිත්‍ර රුධිරය ඉවත් කිරීමටයි.

Scarificators were used in bloodletting. The spring-loaded blades in this device would cut into the skin, and a special rounded glass cup could be applied over the wound. When warmed, it would help draw the blood out at a faster rate.

Skull Saw (1830s-60s)
ගස් කපන්න ගන්න Chainsaw එකේම කුඩා අවධියේ ෆොටෝ එකක් වගේ පේන මේ කියත යොදා ගෙන තියෙන්නේ හිස්කබලේ සැත්කම් වලදී අනෙක් උපකරන ඇතුල් කරන්න පහසුවෙන්න,  ඊට කලින් හිස්කබලේ සැලකිය යුතු කොටසක් ඉවත් කරන්නයි.

This hand-cranked saw’s blades were used to cut through sections of the skull, allowing for access by other instruments.

Tobacco Smoke Enema (1750s-1810s)
මෙම උපකරණය දැනුත් භාවිතා වුනා නම් අපේ සිගරට් බොන උදවිය හුඟක් සතුටුවේවි. ඒ කාලේ දුම්කොල දුම යොදාගෙන තියෙනවා මල බද්ධයට ප්‍රතිකාරයක් ලෙස ඒකට යොදාගත්ත මුලින් කියපු අයනම් ආස වෙයි කියල හිතෙන ගැජට් එකක්. වැඩි විස්තර පහල තියෙනවා. ටිකක් මහන්සිවුනොත් ඒක සිංහලට පෙරලල, මම කියන්නේ බොරුද කියල දැන ගන්න පුළුවන්.

The tobacco enema was used to infuse tobacco smoke into a patient’s rectum for various medical purposes, primarily the resuscitation of drowning victims. A rectal tube inserted into the anus was connected to a fumigator and bellows that forced the smoke towards the rectum. The warmth of the smoke was thought to promote respiration, but doubts about the credibility of tobacco enemas led to the popular phrase “blow smoke up one’s ass.”

Tonsil Guillotine (1860s)
පේන විදියට නම් උගුරේ සෙම් ගෙඩි හැදිල අමාරුවුනාම ඒවා ඉවත් කරන්න ගත්ත එකක් වගේ.

This method of removing tonsils worked much like a traditional guillotine, slicing off the infected tonsils. This “double guillotine” design meant that both tonsils could be removed at the same time. Tonsil guillotines were replaced by forceps and scalpels in the early 20th century due to the high rate of hemorrhaging and the imprecise nature of the device, which often left tonsil remnants in the mouth.

Trephine (1800s)
අම්මෝ!!! මේක නම් කියන කොටත් ඇඟ හිරිවැටෙනවා. ඔපරේශන් වලදී හිස් කබල සිදුරු කරන්න ගත්ත එකක්.

This trephine was a hand-powered drill with a cylindrical blade that was used to bore into the skull. The spike in the center was used to start the procedure and to hold the blade in place while cutting.

Vaginal Speculum (1600s)
මේක සිරුරේ තුවාල පිළිබද නිශ්චිත විනිශ්චයකට එන්න හොද දැක්කමක් ඒ ගැන ගන්න වගේම කාන්තාවන්ගේ රෝගාබාදවලදිත් ගත්ත එකක්ළු. වැඩි විස්තර ඔයගොල්ලම පහල ඉංග්‍රීසියෙනම් තියෙන විස්තරය සිංහලට පෙරලා ගෙන බලාගන්නව නම් වඩාත් මනාපයි.

Specula have been used for thousands of years to allow doctors better vision and access to the vaginal area (or other body cavities) by expanding after insertion. This 17th century European example, which appears to use a cranking motion to expand, is more ornate and intimidating than most.

මේ උපකරණ නම් දැනට මෙපමණයි. ඔබව බියවැද්දීමට නෙමෙයි මේවා පෙන්නුවේ. මීට කලින් දැකල නැතුව ඇතියි කියල හිතල, ඒ ගැනත් දැනකියාගන්නයි. ඔබ‍ට මේ ගැන දැනෙන හැටිත් කියන්න...

58 comments:

  1. බුදු අම්මෙ දැක්කාම බය හිතෙනවා .. හැබැයි මට මතක විදිහට ලංකාවෙ කොතනකින් හරි පැරණි සැත්කම් උපකරන වගයක් හම්බවෙලා තියනවා ඒවා අලුත් ඒවට ගොඩක් සමානයි ලු ,මං හිතන්නෙ තැන මිනින්තලේ

    ReplyDelete
  2. මට කැරකිල්ලට වගේ!

    ReplyDelete
  3. @buwa - ඔව් ලංකාවෙත් හොද සැත්කම් උපකරණ තියෙන්‍න ඇති. ඇයි බුද්ධදාස රජතුමා නයෙකුටත් සැත්කමක් කල බව අපි අහල තියෙන්නේ...

    ReplyDelete
  4. @mindcriteria - පුදුමයක් නැහැ. මටත් ‍මේවා මුලින් දැක්ක දවසේ බයක් ඇතිවුනා. මම මේක දානවද නැත්ද කියල දවස් කිහිපයක්ම හිතල තමයි අද දැම්මෙත්, ඒ වගේම වෙනදාට වැඩිය වෙනස් විදියට තමයි ලිව්වෙත්...

    ReplyDelete
  5. අප්පේ බයහිතුනා.

    ReplyDelete
  6. @නදී... - බය හිතෙන්නේ නැද්ද, මේව නිකං වදකාගාරවල පාව්චිවෙන ආයුද ‍වගේනේ. ඒ කාලේ ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙම පිහිටයි...

    ReplyDelete
  7. මේවයෙන් සැත්කම් වලට ලක් වෙච්ච කට්ටියට මොනව උනාද දන්නෙ නෑ නෙ..

    ReplyDelete
  8. @උදාර - මටනම් හිතෙන්නේ ලෙඩා මලත් බඩ සුද්දයි වගේ කෙලින්ම රෝගී අවයවය ඉවත් කරලම දාන්න ඇති. බලල තියෙනවද Kevin Costner ගේ Dancing with the Wolves. මට මතක හැටියට එකේ ඒ මනුස්සය කකුල කපන්න නොදී අමාරුවෙන් බේරෙන්නෙවා නේද?

    ReplyDelete
  9. ඒ කාලෙ සවල්, චේන් සෝ යොදාගෙන නියමෙට ඔපරේෂන් එක කරගෙන යන්න ඇති.

    ReplyDelete
  10. ඒ කාලෙ සවල්, චේන් සෝ යොදාගෙන නියමෙට ඔපරේෂන් එක කරගෙන යන්න ඇති.

    ReplyDelete
  11. @Praසන්ன - මම හිතන්නේ වැරදිලා වෙන්නැති එකම කමෙන්ටුව දෙපාරක් තියෙන්නේ. කමක් නැහැ, ඔව් Operation Theater එක නිකං මස් මඩුවක් වගේ තියෙන්න ඇති...

    ReplyDelete
  12. ෆිල්ම් එක නම් බලල නැහැ. පුලුවන් නම් ඒක ගැනත් ලිපියක් දාමුද

    ReplyDelete
  13. හිටින් ෆිල්ම් එක හොයල දෙන්න :D

    ReplyDelete
  14. බුදු අම්මෝ, ඇඟත් හිරිවැටෙනවා දැක්කම

    ReplyDelete
  15. @Nirmala - ඒක නම් කියන්න වචන නැහැ...

    ReplyDelete
  16. @උදාර සහ අමිල- මම හිතන්නේ මේ කියන්නේ Texas Chainsaw Masscar Movie එක ගැනද?

    ReplyDelete
  17. Dancing with the Wolves,Texas Chainsaw Masscar කියන ෆිල්ම් දෙකෙන් එකක්වත් මම නම් බලල නැහැ.

    ReplyDelete
  18. @උදාර - Dancing with the Wolves චිත්‍රපටිය ගැන මීට කලින් කෙටි සටහනක් තැබුවා. ඒ වැඩිය හිනා වෙන්නේ නැති නළුවෙකුගේ ‍හොද පික්චර් කිහිපයක්..
    http://sathsamudura.blogspot.com/2011/02/blog-post.html
    Texas Chainsaw Masscar චිත්‍රපටි ගැන අනිවාර්යයෙන්ම දාන්නම්...

    ReplyDelete
  19. කුතුහලේට බැලුවා..
    ඊට පස්සෙයි හිතුනෙ අනේ නොබැලුවනම් හොඳයි කියලා..

    මගෙ ඔලුව කරකැවෙනවා වගේ...

    ReplyDelete
  20. The trephine was modified a little bit and used in interrogating the accused heretics in medieval era. It was used to drill the skull of the accused !!!!

    I think I watched it on Fox History Channel.

    ReplyDelete
  21. @Sheni - ඒ ගැන මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි...

    ReplyDelete
  22. @Asanga - Thanks for the information. I think, the tools you said are same as the tools which are appeared on this blog post...

    ReplyDelete
  23. හෆ්ෆා මොකක්ද වගෙ

    ReplyDelete
  24. @මෝල්ඩර් ෆයිල්ස් - කලන්තේ වගේද?

    ReplyDelete
  25. හප්පා.... මොකක්ද වගේ තමයි.... මේ උපකරණ අඩු තරමෙ අවුරුදු 100-200කට වගේ කලින් පාවිච්චි වුණ ඒවා වෙන්න ඇතිනේ... එහෙම ගත්තම ඉතිං දැන් පාවිච්චි කරන සූක්ෂම උපකරණ වලට අඩිතාලම වැටිල තියෙන්නෙ මේවයින් තමයි නේ... අනික දැන්නම් රෝග විනිශ්චය කිරීම් වලට එක්ස් රේ, ස්කෑන් වගේ පහසුකම් තිබුණ වුණාට ඉස්සර කාලෙ ලෙඩේ හොයාගන්නත් කපන්නම වෙන්න ඇතිනේ...

    ReplyDelete
  26. අනේ අම්මියෝ .... ඒ දවස වල ඩොකා ල ලෙඩ්ඩුන්ට පේන්න ඇත්තේ යමපල්ලෝ වගේ..

    ReplyDelete
  27. අපොයි නිකම් කරකෝල අත ඇරිය වගේ. ඇඟම හිරි වැටුනා... :(

    ReplyDelete
  28. :O දැක්කම බය හිතෙනවනේ,කොහොම වැඩ කරාද මන්දා :(

    ReplyDelete
  29. ගොඩ කාලෙකින් අද නිවාඩුවක් ලබුන ගමන් ඔන්න හා හා පුරා කියල ඉස්සෙල්ලම කලේ සත්සමුදුරට ගොඩවුන එක, ඉතින් සහෝ අමුතුවෙන් වර්නනා කරන්න දෙයක් නෑ මට සත්සමුදුර ගැන, මේක ඇත්තටම පුස්තකාලයකට උපමා කරනවට වඩා විශ්ව කෝශයකට සමාන කරන්න පුලුවන්, ඇත්තටම අපි මේ පිලිබඳ ඉගෙන ගත්තත් මේ වගෙ දේවල් ගැන හොයල බලන්නෙ නැතිතරම්, ඇත්තටම සහොදරය දැන් අපි භාවිතා කරන ගොඩක් උපකරන ඉතාම විශිශ්ට මට්ටමේ ඒව, ඒක තාක්ෂනේ එක්ක වෙච්ච දෙයක්, මට මේකට එක දෙයක් එකතුකරන්න අවසර, ඔබ තුමා පලකරපු ලිපියෙ තියෙන එක උපකරනයක් දාල තියෙනවනෙ හොඳින් උස්මගැනීමට කටට දානව කියල, ඒක එම කාර්යට වගේම, රෝගියාගේ දත් එකිනෙක තදින් ඇලීසිටීම නොහොත් වීම නැවැත්වීමටත් යොදාගන්නව, ඉතින් අද මම තොරාගත්ත ලිපි හැකි තරමක් කියවන්න තමයි උත්සාහය, අනිවාරයෙන් සත්සමුදුරත් එක්ක මා හැම දාම ඉන්නව, තාවකාලික විරාමයක් ගත්තට, ඒවගෙම ඔනිම උදව්වක් තියෙනවනම් මට කියන්න, ඊමෙල් පනිවිඩයකින්, සත්සමුදුරට සංහිඳ පාමුළ අමුතු තැනක් නෙමෙයිනෙ/ එහෙනම් මේ වටිනා ලිපියට මගෙන් ආචාරය.

    ReplyDelete
  30. ඇත්තටම අලුත් දැනුමක් එකතු කරගන්න පුලුවන උනා

    ReplyDelete
  31. හපොයි...හොද වෙලාවට මේ කාලෙ උපන්නේ නැත්නම් ඉතින් සෙම්ගෙඩි තද වුනත්.. අම්මෝ මතක් වෙනකොටත් බයයි.

    ReplyDelete
  32. උඩින්ම තියෙන එක දෙමළ චිත්‍රපට වල බහුලව යොදා ගන්න එකක්..

    මරු මරු.. මේව දකිද්දි ලෙඩා මැරෙනව ඇති ඒ කාලෙ ෂුවර් එකටම..

    ReplyDelete
  33. excellent, were you find this stuff? thanks a lot...

    ReplyDelete
  34. අම්මියෝ..ඔය ටික දැක්ක ගමන් ලෙඩාට සිහි නැතුව යනවා ෂුවර්.
    මේක බලලත් නිකන් මොකක්ද මොකක්ද වගේ.

    ස්තූතියි අයියා ඔයා‍ගෙ ලිපි වලට

    ReplyDelete
  35. ඇත්තමයි දැක්කාමත් බය හිතෙනවා.
    බොහොම වටින ලිපියක්.
    ස්තූතියි

    ReplyDelete
  36. @hare :-) - ඔබ කියන ඒක හරි කපල කොටල තමයි එදා රෝග විනිශ්චය කරන්න වෙන්න ඇත්තේ මේවාගේ ආයුද තිබුන කියල මතකයි Robert De Nero ඉන්න Francanstine චිත්‍රපටියේ...

    ReplyDelete
  37. @Anonymous - එතකොට නර්ස් නෝනලා මාර දූතිකාවෝ වගේ පේන්න ඇති...

    ReplyDelete
  38. @..ChAnDiKa.. - කෝකටත් ටිකක් වෙලා පුටුවෙම වාඩිවෙලා ඉන්න...

    ReplyDelete
  39. @මලිති - සමහර විට දොස්තර මහත්තුරුත් නිර්වින්දනය වෙලාද දන්නෑ වැඩ කරේ...

    ReplyDelete
  40. @සංහිඳ පාමුළ - ස්තූතියි! ඔබ ලබා සැමදා ලබා දෙන සහය ඉමහත්. තවද ලිපි වලට යම් එකතු කිරීමක් හෙවත් පැහැදිලි කිරීමක් ලබා දීම ගැනත් මම ඔබට තුති පුදනවා. එය අප සැමගේ දැනුම යාවත්කාලීනවීමට රුකුලක්. සත් සමුදුරේ ඕනෑම ලිපියක එ‍සේ සටහන් වී නොමැති දෙයක් වේනම් එකතුකරන ලෙසද ඉල්ලනවා...

    ReplyDelete
  41. @බුද්ධි - ස්තූතියි! සැමදා සත් සත් සමුදුර හා රැදී සිටින්න...

    ReplyDelete
  42. @``` Outsider``` - ලෙඩාට නම් සිදුවුන දේ ගැන නම් බියක් තියෙනවා. මමත් ඔය උපකරනේ ‍ද්‍රවිඩ සිනමාව තුල සුලභව දැකල තියෙනවා...

    ReplyDelete
  43. @Medical Education - Thanks! I found this pictures from web about one year ago. If you want this pictures I can email to you...

    ReplyDelete
  44. @JHOTHISHALANKA - ඒ ගැන ඔබ මතක් කරාම මටත් බය හිතුනා...

    ReplyDelete
  45. @මගේ සයිබර් නිවහන - ස්තූතියි! නැවත එන්න...

    ReplyDelete
  46. @තාරක Dilsh@n - ස්ත!තියි මල්ලී! කෝකටත් ටිකක් වාතාශ්‍රය තියෙන තැනකට ගිහිල්ල පුටුවක වාඩි වෙන්න...

    ReplyDelete
  47. @දුකා - ස්තූතියි මචං, මේවනම් භීතිය උත්පාදනය කරන උපකරන සෙට් එකක් තමයි...

    ReplyDelete
  48. මගේ අම්මේ!!! ලේ ගන්න අර පොඩි කටුව විදිනවටත් බය සමනලී මේං සට සට ගාලා ගැහෙනවා...... ඒ කාලේ මේ උපකරණ පෙන්නුවාම රෝගියා නිකන්ම සිහිසුන් වෙනව ඇති anesthesia ඕන වෙන්නේ නැතිව ඇති... හපෝයි!!!!

    ReplyDelete
  49. @punchisamanalee - ඔව් ඒ කාලේ නිර්වින්දන වෛද්‍යවරුන්නට රැකියා තිබුනේ තැතුව ඇති...

    ReplyDelete
  50. උබ අද දෙවෙනි පාරටත් මාව බයකරා....- මම සදුන්999-

    ReplyDelete
  51. @සදුන්999 - ඇයි මචං බයවුනේ Circumcision Knife දැකලද?

    ReplyDelete
  52. දීපාල් මල්ලි,
    අද තමා මම ඔක්කම බැලුවේ. ඉස්සර මෙම උපකරණ භාවිතා කරන කොට දැන් වගේ සිහිනැති කිරීමක් හෝ හිරි වැට්ටීමක් කරලා නැද්ද ?

    ReplyDelete
  53. නිර්වින්දන වෛද්‍ය විද්‍යාව නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ 1840 ගණන් වලින් පසුව බව තමයි කරුණු ‍සොයාබැලීමේදී පේන්නේ. කෙසේවෙතත් ඊට ‍නොයෙක් මත්වන ද්‍රව්‍ය මෙවැනි අවස්ථාවල වේදනාව සමනය කරගැනීමට භාවිතාකර තිබුනත් එය විධිමත් ක්‍රමයක් ලෙස පිළිගන්න හැකියාවක් නැතිබව තමයි පෙනෙන්නේ නම්...

    ReplyDelete
  54. දුකට පුං අල්ලන එක තමයි සිරා...........හි...හි.......

    ReplyDelete
  55. My brother suggested I would possibly like this web
    site. He used to be entirely right. This put up truly made my day.

    You can not imagine just how so much time I had spent for this
    info! Thanks!
    Also visit my web page : my blog

    ReplyDelete