-->

Sunday, April 10, 2011

මව් පුවරුවේ රන් ඉල්ලම පාද ගැනීම - How to extract Gold from Motherboards & Others Computer Parts

අප භාවිතා කරන පරිගණක වල මව්පුවරුවේ (Motherboard),  IDE connectors, PCI Express slot, PCI, AGP, ISA, and other ports, jumper pins, the processor socket, and DIMM (පැරණ පරිගණක වල SIMM) slots. වගේ තැන්වල ඉතා සුළු රත්‍රං ආලේපනයක් කරල තියෙනවා. ඒක මයික්‍රොන සුළු ප්‍රමාණයක් තමයි ආලේපකරල තියෙන්නේ (All of these connectors are often covered with a fine layer of gold a few microns thick, deposited by flashing or plating).

අද ලොකු ගැටළුවක් උද්ගත වේ ගෙන එනබව ඔබත් දන්නව ඇති, අපවගේ දියුණුවෙමින් පවතින රටවල් වලට දියුණු රටවල භාවිතා කරල ඉවත දැමූ පරිගණක ඇතුළු විද්‍යුත් උපකරණ නොමිලේම වගේ නැව් ගත කරල එවීමෙන් මෙම විද්‍යුත් කසල නොබෝ දිනකින්ම විශාල පරිසර ගැටළුවක් මූලාරම්භයක් ඇතිවන බව. ඒවගේම ඉන්දියාව වගේ රටවල දුප්පත් මිනිස්සු මෙම උපරකණ වල කොටස් පිලිස්සීමෙන් හෝ වෙනත් ක්‍රමවලින් ඒවායේ විවිද කොටස් වල අඩංගුදේවල් ලබා ගන්න බවත් වරක් පුවත්පතක දැක්කා. හැබැයි ඒවායේ අඩංගු සමහර විශ රසායණික දේවල් නිසා මෙම මිනිසුන් විවිද රෝගාබාදවලට ලක්වීමත් වලක්වන්න බැරිවේවි.

අද මම ඔබට ඉදිරිපත් කරන ලිපිය ඔබට මෙම උපකරණ වලින් රන් වෙන්කර ගන්න ආකාරය රසායන විද්‍යානුකූලව පෙන්වන්න හදන්නනේ දැනුවත්වීම පිණිසයි. ඒවා කරන්න යෑම නම් අනතුරුදායක බවත් කියන්න ඕන. මොකද ආම්ලික ඇසිඩ් වර්ග භාවතා වන නිසා හා ඒවා නිසියාකාරව භාවිතා නොකොරොත් හානි සිදුවීමත් අනිවාර්යය නිසා. අනිත් එක තමයි ඉතා සුළු රන් ප්‍රමාණයක් ලබා ගන්න කරන්න ඕන වැඩ ප්‍රමාණය නම් වැඩියි. හැබැයි ඔන්න ටිකක් දැනුම වැඩි වෙන්නත්, විනෝදයටත් එක්ක ලිපිය බලන්න. තව දෙයක් කියන්න ඕන මම රසායන විද්‍යාව උසස් පෙලට කලේ මීට වසර 15 කටත් පෙර නිසා දැන්නම් රසායණික විද්‍යාවට අදාල දේවල් මතකයේ නැහැ. ඒක නිසා මේක බලන අය වැරදි දේවල් මම කියල තියෙනවනම් නිවැරදි කරන්න කියලත් ඉල්ලනවා.

පළමු පියවර :
මුලින්ම මෙසේ රන් ආලේපිත
pins and connectors අදාල පුවරුවලින් ඉවත් කර ගැනීම. මෙයට අඩු වර්ග, ඉස්කුරුප්පුනියන් හා ලිහිස්සිකාරක ද්‍රව්‍යත් අවශ්‍ය වෙනවා.
(
So, the first stage of the experiment is to recover all these pins and connectors. We need pliers and cutters, flat and Philips screwdrivers, and liberal amounts of elbow grease. You need a lot of pins to conduct this experiment, and that's exactly what our donor boards provided...)


දෙවන පියවර :
ඒ කාර්යය නිසියාකාරව කරා නම් මෙන්න මේ වගේ අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තොගයක් ලැබිල තියේවි. දැන් ඊලගය රසායණික ද්‍රව්‍ය එක්ක වැඩකරන නිසා ඒකට අවශ්‍ය කරන ආරක්‍ෂිත උපාංගත් කිට්ටුවට ගන්න වේවි.
( ...along with some equipment and chemicals & Safety Equipments also.)


තෙවන පියවර :
දැන් අපි මේ කාර්යය කරගන්න විදයුත් විච්චේද කෝෂයක් භාවිතා කරනවා. ඒකේ ද්‍රාවණයේ 95% ක් භාවිතා තරන්නේ සල්ෆියුරික් අම්ලය. කැතෝඩය ඊයම් හා ඇනෝඩයට තඹ යොදාගන්නවා. අපේ වැඩේට ගන්න ගලවගත්ත
pins ටික ඇනෝඩයත් සමගම තබා ගන්නවා රූපයේ ආකාරයට...
(
To recover the few micrograms of gold deposited on the pins, we’re going to use an electrolytic cell. The bath consists of a 95% solution of sulfuric acid. The cathode is lead and the anode is copper. The pins are placed in the copper anode, which we’ve formed into a basket shape.)

සිව්වන පියවර:
දැන් මේ කෝෂය ක්‍රියාකරවන්න ඕන කරන කරන්ට් එක සාමාන්‍ය බැටරි චාජරයකින් දෙන්න පුළුවන්. එතකොට මේ කෝශයේ උශ්නත්වයත් ටිකෙන් ටික වැඩිවෙන්නත් පටන් ගන්නවා. ඒ එක්කම ක්‍රමයෙන් pins වල තියෙන Gold ඒකෙන් ඉවතවෙලා කෝඹයට භා‍විතා කරන බදුන පතුලේ මණ්ඩි විදියට තැන්පත්වෙන්නත් පටන් ගනීවි.
(
By running an electrical current through the cell, using an ordinary battery charger, the copper in the anode (and in the pins) dissolves and is deposited on the lead cathode. The gold, detached from the copper, forms a sediment at the bottom of the cell. Also note that the temperature of the bath increases significantly during this process.)


පස්වන පියවර:
මෙසේ රන් ටික ඔක්කොම ගැලවිලා පතුලේ තැන්පත්වුනාට පස්සේ මේ ද්‍රාවණයට නිශ්චලවෙන්න ඉඩහරින්න ඕන. ඊලඟට මේ කෝශයේ පතුලේ තැන්පත්වෙලා තියෙන දේවල් ඒක්ක ප්‍රතික්‍රියාකරල ඒවා තත්වයෙන් බාලකරන්න කලින් හැකි තරම් මෙම ද්‍රවණයේ අඩංගු සල්ෆියුරික් අම්ලය ඉවත්කරගන්න එකත් කරන්න ඕන.
(
Once all of the gold has detached from the pins, the bath is allowed to settle. Then, we recover as much of the sulfuric acid as possible, before diluting what remains in the bottom of the electrolytic cell.)

සයවන පියවර:
ඔන්න හොදින් මතක තියාගන්න ඕන. හැමවෙලාවෙම ඇසිඩ් දාන්නේ වතුරට හොදද??? නැත්නම් ඒක වැරදි විදියට කරොත් ක්‍ෂනිකවම ඇසිඩ් හුමාලයට පත්වෙලා ඒවා හැම තැනම විසිරිල ලොකු ජංජාලයත් වේවි!!!!!
Be careful to always pour acid into water, and not the other way around! If you do it wrong, the first drops of water that touch the surface of the sulfuric acid will immediately be vaporized and could cause acid splashes.

සත්වන පියවර :
දැන් කෝශයට යොදාගත් බදුනේ පතුලේ තියෙන රන් ඇතුළු අවශේෂ කොටස් පෙරා ගැනීම කල යුතුයි. මේකට භාවිතා කරන්නේ කඩදාසි පෙරණයක් .
(
We end up with a diluted solution of sulfuric acid, various metals (including gold), and waste that then needs to be filtered. Why not just filter the solution directly, without diluting it? Because paper filters don't stand up well to strongly concentrated sulfuric acid. That's why.)


අටවන පියවර:
දැන් කරන්න තියෙන්නේ අපි පෙරාගත්තට පසු‍ව පෙරණයේ ඉතිරිවෙලා තියෙන විවිද ලෝහ කොටස් හා රොඩු බොඩු ටිකෙන්, රන් වෙන් කරගැනීමේ ක්‍රියාවලිය පහසු කරගන්න ඒවා 35% ක් වුන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ (
HCl) හා ක්ලෝරින් පිරිසිදුකාරක (sodium hypochlorite - NaClO) මිශ්‍රණයේ දිය කරගන්න ඕන.
(
What remains in the filter is a mixture of various metals and impurities. We now dissolve everything in a mixture of hydrochloric acid at 35% and chlorine bleach (sodium hypochlorite) at 5%, in a proportion of 2 to 1.)


2 HCl + NaClO -> Cl2 + NaCl + H2O
ඔන්න හොදින් මතක තියාගන්න මේ ප්‍රතික්‍රියාවෙන් ක්ලෝරීන් වායුව ඇතිවෙනවා. දන්නවනේ ගෑස් මුහුණු ගැන ලිපියේදිත් කිවුවා වගේ පළමු ලෝක යුද්දයේදී මුලින්ම භාවිතා කලෙත් ක්ලෝරින් වායුව තමයි රසායණික අවියක් විදියට එදා ඒ අවියේ නම තමයි bertholite
(Careful! The reaction is highly exothermic and produces chlorine, a highly dangerous gas. Chlorine gas was used as a chemical weapon during the first World War, under the name bertholite.)

එසේම මෙම ප්‍රතික්‍රියාව නිසා ලැබෙන ක්ලෝරීන් සහ රන් ප්‍රතික්‍රියා කරල
gold(III) chloride (AuCl3) සංයෝගය ලැබෙනවා.

(In fact, the chlorine produced by mixing hydrochloric acid and chlorine bleach is what will dissolve the gold to form gold(III) chloride.)

2 Au + 3 Cl2 -> 2 AuCl3

නවවන පියවර :
දැන් අපිට ආයෙත් මෙම ද්‍රාවණය පෙරාගන්න ඕන. එවිට අනෙක් දේවල් පෙරණයේ ඉතිරිවෙලා
gold(III) chloride පමණක් ලැබෙනවා.
(
Now, all we need to do is filter everything once again. The filter will retain all the impurities, leaving only a gold(III) chloride solution.)

දහවන පියවර:
දැන් රන්
(Au) ටික විතරක් වෙන්කරගන්න sodium metabisulfite (Na2S2O5) පව්ඩර් එක භාවිතා කරන්න ඕන. ඒක ජලයට එකතු කලවිට sodium bisulfite (NaHSO3) ලැබෙනවා. දැන් මෙම NaHSO3, ජලය (H2O) හා අපිට මුලින් ලැබුන gold(III) chloride එකට එකතු කරාම රන් (Au), හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCl) හා NaHSO4 යන දේවල් වෙන් වෙන්ම ලැබෙනවා

(To recover the metallic gold, we now need to precipitate the gold that’s in solution. For that, we use powdered sodium metabisulfite. In the presence of water, the sodium metabisulfite produces sodium bisulfite.)

Na2S2O5 + H2O --> 2 NaHSO3

(This sodium bisulfite is what will allow the gold to precipitate.)


3 NaHSO3 + 2 AuCl3 + 3 H2O --> 3 NaHSO4 + 6 HCl + 2 Au

එකොලොස්වන පියවර:
දැන් ඉහත රාජකාරියට පස්සේ ලැබුන ද්‍රාවණය නිසල වෙන්න හරින්න. එතකොට දුඹුරු පාටට කුඩක් වගේ දෙයක් පතුලේ තැන්පත් වෙනවා දැක ගන්න පුළුවන් වේවි. පරිස්සමෙන් ඔය තමයි අපි අමාරුවෙන් ලබා ගත්ත රත්‍රං ටික.
(
We let the solution settle, then we recover the brown powder collected at the bottom of the beaker. We have to be careful not to lose any--that’s metallic gold!)

දොලොස් වන හා අවසාන පියවර :
දැන් මෙම රන් ටික උණු කර ගන්න ඕන ඒකට නම් ඉතින්
1064° C (1947.52 °F) ක විතර උශ්නත්වයක් ඕන. මේ වැඩේ කරගන්න නම් ඔබට oxy-butane torch එකක් ඕන වෙනවා. (මම හිතන්නේ වෙල්ඩින් කරන තැන්වල තියෙන්නේ මේ  Torch වෙන්න ඕන)...
Now, all we need to do is to melt the powder in a crucible.
The melting point of gold is around 1064° C (1947.52 °F), so an oxy-butane torch will do the job.




මෙන්න අවසාන ප්‍රතිඵලය:

දැන් ‍වඩේ ඉවරයි. හැබැයි මම නම් මේ කාර්යය නම් කරල නැහැ. අන්තර්ජාලයෙන් දැකලා තමයි දැම්මේ. අත්හදාබලනවා නම් තමන්ගේ ආරක්‍ෂාවත් සලසගෙනම කරන එක හොදයි කියල අවසාන වශයෙන් මතක් කරනවා...

17 comments:

  1. මේ වැඩේ කරල බලන්න නම් අදහසක් නැහැ. කොහොම වුණත් වෙනද වගේම නොදන්න කාරණයක් ගැන දැනුවත් කළාට නම් බොහොම ස්තූතියි.

    ReplyDelete
  2. @උදාර - ස්තූතියි! කරනව නම් පරිස්සමෙන්...

    ReplyDelete
  3. නියමයි. දිනේෂ් මේව කොහෙන් හොයාගන්නවද මන්ද :)

    ReplyDelete
  4. I think the effort & the materials used in this will cost you more than the price of gold you'll extract :)

    ReplyDelete
  5. මටත් හිතෙන්නෙ මේ ඇනේ කියපු දේමයි... රන් ජුන්ඩක් වෙනුවෙන් හෙන කට්ටක් කන්න එපැයි. හැබැයි මහා පරිමාණයෙන් කරද්දි ඒක හොඳ ලාබ සහිත එකක් වෙන්නත් පුළුවන් නේද? :D

    ReplyDelete
  6. @..ChAnDiKa.. - ස්තූතියි! තොරතුරු ගවේශනයේ ප්‍රතිඵල තමයි...

    ReplyDelete
  7. @Anonymous & hare :-) - I also hate to do this type of work, ඒත් දුප්පත් රටවල මිනිස්සුන්ට නම් ලැබෙන රන් ටික ‍කෝකටත් වඩා වටිනව ඇති. හැබැයි මේවගේ විද්‍යානුකූලව නම් නොවේ වෙන්නැති ඒ වැඩේ නම් කරන්නේ...

    ReplyDelete
  8. මෙක මහා පන යන වැඩක්නේ.. කමක් නෑ.. මේක මගේ දැණුමට හොඳයි. ස්තූතියි !

    ReplyDelete
  9. මේක පසුගිය දවස්වල සංසරණය වූ ඊමේලක විස්තරාත්මකව තිබූ බවක් මකකයි. මේ ඡායාරූප සමඟම.

    ReplyDelete
  10. @Nadun Dissanayake - ස්තූතියි! ඔව් කොයිදේත් දැන කියාගෙන ඉන්න එක හොදයිනේ...

    ReplyDelete
  11. @Anonymous - එකපාරක් මමත් ඔය Article එක email කරල යාළුවන්ට යැව්වා. ඒකද දන්නෑ ඔබට ලැබුනෙත්, බලන්න මගේ email address එකත් ඒකේ තියෙනවද කියල...

    ReplyDelete
  12. මෙච්චර අමාරු වැඩක්නම් අපේ රටේ කවුරුවත් කරයි කියල හිතන්න අමාරුයි. මොකද පොඩි රත්ත්‍රන් ප්‍රමාණයක් ලබා ගන්න ගොඩාක් යෙදවුම් අවශ්‍ය වෙන නිසා.

    වටිනා ලිපියක්..

    ReplyDelete
  13. @``` Outsider``` - ස්තූතියි! ඔව් අපේ රටේ නම් මෙච්චර දුක් විදගෙන මේ වගේ දෙයක් කරයි කියල හිතන්න අමාරුයි තමයි...

    ReplyDelete
  14. @ දිනේශ් දීපාල්
    මම හිතන්නේ ඔයාගේ ඊමේල් එක නෑ. මට මේක ලැබිලා සෑහෙන කාලයක් වෙනවා. මට මේක ලැබුනේ විදේශයක සිටින මගේ මිතුරෙකුගෙන්. එහි ඔහුට ඉහලින් ඉන්නේ විදේශිකයින් පමණයි. මම හිතන්නේ සමහර විට මේ ඔබට ලැබෙන්න ඇත්තේ මම ලංකාවේ ඉන්න මගේ මිතුරන්ට එවූ මේල් එකේ ෆෝවර්ඩ් එකක් වෙන්න ඇති.

    ReplyDelete
  15. @Anonymous - ගැටළුවත් නැහැ සහෝ.. කාගෙන් හරි කමක් නැහැ අපි දැනුම ලබා ගැනීමේ වරදක් නැහැ. මට වරක් වෙබ් අඩවියයක තමයි මේ article එක දැක ගන්න ලැබු‍නේ ඒ පින්තූර හා විස්තර email එකකට copy කරල තමයි මම යැව්වේ. කමක් නැහැ ආයෙත් සත් සමුදුර බලන්න එන්න...

    ReplyDelete
  16. A/L chemistry මතක නම් වැඩේ ගොඩ

    ReplyDelete
  17. @Nirmala - ඒක නම් ඇත්ත, හැබැයි chemical හොයාගන්නත් වේවි...

    ReplyDelete