හොලිවුඩ් චිත්‍රපටියක් අවම වශයෙන් විනාඩි 90 ක් නැතහොත් පැයකුත් විනාඩි 30 ක් තිරගතවේ. අපගේ කාලය මෙසේ එක් තැනකට වී චිත්‍රපටියක් නරඹමින් ගත කිරීමට නම් ඇත්තෙන්ම එම සිනමා නිර්මානය අපට දැනෙන එකක් නොවේනම් එය අපගේ සතුටට මෙන්ම කාලය නාස්ති කිරීමක්දවේ. චිත්‍රපටියක් නැරඹීමෙන් භෞතිකව අපට කිසිදු දෙයක් නොලැබුනත් අඩුම තරමේ එයින් යම් සතුටක් ලබාදීමට හැකියාවක් ඇත්නම් එයද අපගේ මනස සැහැල්ලුකිරීමක් වනු නිසැකය. එවැනි කාර්යයක් ඉටුකිරීමට තිරය මත සිය රංඟනය විදහා පාන රංඟවේදීන් මෙන්ම එහි අධ්‍යක්‍ෂ, කතා රචක, පසුතල නිර්මාණ, සංගීතය, ශබ්දය හා තවත් බොහෝ කාර්යයන්ට දායකත්වය සපයන ශිල්පීන්ගේ වෘත්තීය නිපුනත්වය හේතුවන බව ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නැහැ. අප මින් පෙරදී කතා කල Mel Gibson - අපේ කාලයේ තවත් විශිෂ්ඨ නළුවෙක්/අධ්‍යක්‍ෂකවරයෙක් - 1 කොටස ලිපියේ දෙවන කොටසට අකුරු අමුනමින් පවසන්නට හදන්නේ මෙල් ගිබ්සන්ගේ දායකත්වය ලබා දුන් බහුතරයක් නිර්මාණ මෙම ලිපියේ මුලින් කී කරුණු කාරණා ඉටුකරන බවයි.
මෙම දෙවන ලිපියේදී මුලින්ම අපි මෙල් ගිබ්සන් රඟපෑමට හවුල් නොවූවත් ඔහු විසින් චිත්‍රපටි අධ්‍යක්‍ෂන කාර්යය මැනවින් ඉටුකල නිර්මාන දෙකක් ගැන බලමු. එයින් පළමුවැන්න තමයි 2004 දී තිරගතවූ The Passion of the Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්‍සේගේ අවසාන පැය තිහිපය පිළිබද නිරූපනය කෙරෙන මෙම චිත්‍රපටිය අප සාමාන්‍යයෙන් දැක ඇති පාස්කු නාට්‍ය හෝ චිත්‍රපටිවලට වඩා වෙනස් මුහුණුවරක් ගත් බවකුත් තිබෙන බව කිවයුතුයි. මෙය ඉංග්‍රීසි හෝ වෙනත් ලෝකයේ ප්‍රධාන භාෂාවකින් හඩකැවීමක් හෝ සිදුනොකර අතර මෙය දැන් භාවිතයෙන් ඈත්ව ඇති පුරාන බසක් වන Aramaic භාෂාවෙන් හා ඊට අමතරව ලතින් හා හීබෲ යන භාෂාවලින් නිමවන ලදි.
මෙම Aramaic භාෂාව යොදා ගැනීම පිළිබදව අධ්‍යක්‍ෂක මෙල් ගිබ්සන් වරක් ලිපියකට කියා සිටියේ අප දන්නා බසකින් මෙය නිපදවූවා නම් ප්‍රේක්‍ෂකයා ඇසීමටද සිත යොමුකරන නිසා මෙහි කතාරසය නිසියාකාරයෙන් විද නොගන්නා බවයි. ඊට අමතරව පැවසිය යුතු කාරණයක් නම් මෙම බස හීබෲ බසටද යම් සමානකමක් තිබෙනබව පැවසෙන අතර යේසුස් වහන්සේ විසූ සමකාලීන පලස්තීනය, ඊශ්‍රායලය හා ඒ ආශ්‍රීත මැදපෙරදිග රටවල බොහෝමයක නිල භාෂාව ලෙසද භාවිතා වී ඇත්තේ මෙම බසයි. ඒ නිසා මෙම භාෂාව The Language of Christ ලෙසද හැදින්වේ.
රංඟනයෙන් දායක නොවුනද චිත්‍රපටිය පුරා මෙල්ගේ අතිදක්‍ෂ මෙහෙයවීමත් හෘදය සාක්‍ෂිය, ඒ අවධියේ සමාජ සිරිත් විරිත්, බලය රැකගැනීමට ඕනෑම කාලවකවානුවකද සිදුකෙරෙන අසාධාරනකම් ආදිය මැනවින් මෙහි නිරූපනය විය. කොහොමනමුත් ආගමික වශයෙන්ද මෙම චිත්‍රපටියට යම් බලපෑම් එල්ල වූ බව ඒ අවධියේ දැකගන්නට ලැබුන අතර අනෙක් චෝදනාවක් වූයේ මෙල් ගිබ්සන්ගේ චිත්‍රපටිවල සාමාන්‍යයෙන් වැඩිපුර දැකගැනීමට ලැබෙන භීෂනය මෙහිද තිබුන බවයි. ඔස්කාර් සම්මාන සදහාද මෙය නිර්දේශිත නාම අතරට එක්විය.
දෙවනුව අපි තවත් ඔහුගේ අධ්‍යක්‍ෂයක් වන Apocalypto ගැන කතා කල යුතුයි. අප මේ දිනවල වැඩිපුර කතා කරන මායා ශිෂ්ඨාචාරය පදනම් කොටගත් කතාවක් වන මෙහිද මෙල් රඟපෑමට එක් නොවුනි. පැය 2 කුත් විනාඩි 20 ක් පමන තිරගතවන දීර්ඝ සිනමා නිර්මාණයක් වන මෙහිද සියළු අංශයන් අතිවිශිෂ්ඨ බව කිව යුතුමය. මායා ශීෂ්ඨාචාරය තුල සිදුවූවායයි කියන මිනිසුන් බිලිදිම හා ගෝත්‍රික යුද්ද හා අනෙකුත් ඒ අවධියේ සිදුවීම් හොදින් අධ්‍යයනයකොට නිමවූවක් වන මෙම චිත්‍රපටියද භීෂනය අඩුවක් නොමැතිව නිපදවා තිබූ අතර ස්පාඥය ආක්‍රමණද සමග මායා ශිෂ්ඨාචාරයට අත්වන ඉරණම සංකේතාත්මකව පෙන්නුම්කරමින් චිත්‍රපටිය අවසන්වේ.
කෙසේ නමුත් මතකයේ බොහෝ කාලයක් රැදෙන 2006 දී තිරගත වූ අතිවිශිෂ්ඨ නිර්මාණයක් ලෙසද මෙය හැදින්විය හැකි අතර ඔස්කාර් සම්මාන සදහා නිර්දේශිත නාම අතරට එක්වීමටද භාග්‍යලැබීය.
1999 දී තිරගතවූ Payback මෙල් ගිබ්සන්ගේ රංඟනය දැක ගත හැකි තව හොද සිනමා සිත්තමක්. මෙහිද බිහිසුනු බව ගැබ්වූ නිර්මාණයක් බව සදහන් කල යුතු අතර පලිගැනීම හා ත්‍රාසය යනාදිය මුසුවූ කතාවක් ලෙස හදුන්වාදිය හැකියි.
මෙවැනිම භීතිය හා ත්‍රාසය මුසුවූ තවත් චිත්‍රපටියක් ලෙස මෑතක එනම් 2010 දී තිරගතවූ Edge of Darkness චිත්‍රපටියත් හැදින්විය හැකියි Thomas Craven නම් පොලිස් නිලධාරියාගේ චරිතය තුලින් මෙල් ගිබ්සන් දැක ගත හැකි අතර සිය ඇස් ඉදිරියේම තම දියණිය මරා දමන අයුරු දැකීමට අවාසනාවන්ත වන පියකු ලෙස හා එය සිදුකල අයගෙන් පලිගන්නා ආකාරය මෙහි නිරූපිත අතර වර්තමාන සමාජ වටපිටාව තුල සිය ආයතනික රහස් රැකගැනීම උදෙසා මිනිස් ජීවිත කොතරම් අඩු තක්සේරුවකට ලක්කරන්නේද යන්න මෙය නැරඹුවානම් ඔබටද වටහා ගැනීමට පුළුවන.
තවත් විස්තර තෙවන කොටසේදී බලමු...
ඈත්තටම අදම දෙවැනි කොටසත් දෙයි කියල මම නම් හිතුවෙ නැහැ. තෑන්ක්ස් දිනේශ්.
ReplyDelete@උදාර - පසුගිය දිනවල හරිහැටි ලිපි පල කරන්නට නොහැකිවූ නිසාත් මේවා කෙටි ලිපි නිසාත් කොටස් සියල්ල එකම දිනයේ පල කරා...
ReplyDelete