මේ රු.200/= නෝට්ටුව නම් මෑතක නිකුත් කළ එකක් වුවත් දැන් එයත් භාවිතයේ නැති තරම්...
මෙහිදී මට ලැබුන සමහර පින්තූර පැහැදිලි නොමැති නිසා ඒ ගැන සොයන කොට සමහර මුදල් නෝට්ටු වල පින්තූර http://wideshaseva.com/home/old_money.html සහ http://www.arunella.net/old_money/index.htm කියන වෙබ් අඩවි වලින්ද ලබා ගත්තා.ඒවගේම http://blog.malindaprasad.com/2011/03/13/sri-lanka-old-currency-note/ අඩවියේ මෙහි පළ නොවූ මුදල් නෝට්ටු කිහිපයකුත් තිබෙනවා.
ඒ එක්කම මෙම කාසි බොහෝමයකුත් භාවිතයෙන් ඉවත්ව ගොස් ඇති අතර තව ටික කලකින් දුර්ලභ විය හැකි ශත 25 සහ ශත 50 කාසි මෙන්ම රිදියෙන් නිමකරන ලදැයි පැවසෙන පැරණි ශත 50 කාසියත් මෙතන තිබෙනවා.
වර්ථමානයේ භාවිතාන වන මුදල් නෝට්ටු වල පින්තූරත් මෙතන තිබුනොත් තවත් හොද නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ http://www.cbsl.gov.lk/htm/english/06_cm/c_4.html#fivethousand අඩවියේ පළ කර තිබූ එම මුදල් නෝට්ටු වල ආදර්ශයන්ගේ පින්තූරත් මෙන්න.

























































ලස්සනයි. මෙයින් දෙක තුනක් තමයි මම අඩු ගන්නේ දැකලාවත් තිබුනේ. මෙතන නැති කාසි නම් දෙක තුනක්ම මගේ ළඟ තිබුනා.
ReplyDeleteලස්සනයි..නොදැකපු අය ඕනතරම්..!
ReplyDeleteමම නම් කලින් දැකල තිබුණ ඔය ටික. ඒ වගේම මෙතන නැති තව කීපයක ඡායාරූප තිබුණ මගේ ළඟ, ඔබේ ඊමේල් ලිපිනය සඳහන් කරානම් මම මේලක් දාන්නම් ඒ ටික.
ReplyDeleteඒ වගේම ඔතන තිබෙන නෝට්ටු කීපයක් මගේ ළඟ තිබෙනව. කාසිත් ටිකක් තිබෙනව. පැරණිම කාසිය 1736 දි නිකුත් කරපු VOC එකක්. තව පස්වෙනි ජෝජ්, හයවෙනි ජෝජ්, රැජිණ ඉන්න ශත ගණන්වල (ශත භාගෙ, කාලෙත් ඇතුළු) කාසිත් ටිකක් තියෙනව.
අන්තිම රුපියල් දහය නං මං ලග තියෙනවා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බොහොම ස්තුතියි මේ විස්තරයට සහ අතීතය මතක කර දුන්නාට. මේ එක් එක් නෝට්ටුවේ අපේ රටේ ඉතිහාසයට සම්බන්ධ වැදගත් තොරතුරු තිබෙනවා. ඉඩක් ලැබුනොත් ඒ විස්තරත් සොයා පලකරන්න. ඒවා හරිම රසවත් තොරතුරු. මෙහි දක්වා ඇති නෝට්ටුවල පින්තුර ඉහල සිට පහලට 1,2,3,4, වශයෙන් ගණන කලොත් මම දැක නැත්තේ 2,4,5,17,18,20,21,22, යන නෝට්ටු පමණයි. කාසි ඔක්කොම දැකලා තියනවා. මෙතන නැති තව නෝට්ටුවක් තියනවා ඒ තමයි මැදින් හිල් පේලියක් විදලා තිබුන සත 10 නෝට්ටුව. එය දෙකට ඉරලා දුන්නම එක කෑල්ලක් සත 5 යි. දැන් 1000 නොට්ටුව්ක් එහෙම හදලා තිබුනොත් මොනවා වෙයිද? 5000 නෝට්ටු ගොඩක් අපේ නෝනාට ලබුනා එයාගේ විශ්‍රාම පාරිතෝෂිකය ස්ථාවර තැන්පතුවක් කරන්න ගියාම.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මොනවා වෙන්නද විචාරක තුමා? දාහේ නෝට්ටුව දීපුවාම ඉතුරු දෙන්නේ සත පනහෙන් වෙච්චි කොට ඔය නෝට්ටුව මොකට ඉරන්නද?
Deleteගොඩක් වැදගත්... මේව එක තැනකට එකතු කරල පෝස්ට් එකක් දාපු එකනම් ගොඩක් හොඳයි..
ReplyDeleteස්තූතියි.
අනේ හරි ලස්සන නෝට්ටු ටිකක් බොහොම ස්තූතියි..
ReplyDeleteගොඩක් ඒවා කලින් දැකලා තිබුනා ඔය වගේ ආපු හීයකින්. ඇත්තටම මේ නෝට්ටු දකිද්දි නිකම්ම ළමා කාලය මතක් වෙනවා.. ඉස්සර රුපියල් පහක කොලයක් හම්බුනාම එහෙම අපිට කොච්චර සතුටුද ?
ReplyDeleteමේ නෝට්ටු පිටිපස්සෙන් අපේ ආර්ථික අවපාතයේ කතාවත් හීනියට ගලාගන යනවා.
හෙට අනිද්දම මිලියනේ, බිලියනේ ඒවත් එන්ඩ බැරිකමක් නෑ...
ඒ මචං අර සිම්බාබ්වේ ද කොහෙද වගේ අපේ එවුන් මිලියන් ගණන් ඇරගෙන එයි නේ ටොපියක් ගන්න එහෙම?? මේ යන විදියට ඒකත් වැඩි ඈතක් නෑ වගේ..
Deleteඅගනා පෝස්ටුවක්...හොඳ එකතුවක්...බෙදාගත්තට ස්තුතියි....
ReplyDeleteගොඩක් වටින ලිපියක් අයියේ. ගොඩක් ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට.
ReplyDeleteමයින්ඩර් මාමා හොඳයිනෙ බලාගෙන ගියාම ;-)
ReplyDeleteමේ මොනවා කියනවද?
Deleteමෙතන ඇති නෝට්ටු වලින් තුනක් හැර අනෙක් හැම නෝට්ටුවක්ම අඩුම වශයෙන් තුන බැගින්වත් මගේ කෞතුක භාන්ඩ එකතුවේ තිබෙනවා. දිනේෂ්, නැවත ලංකාවට ගිය විටෙක සත් සමුදුරේ ලිපියක් හැටියට පළ කරන්නට ඒවායේ ඡායාරූප ඔබට ලැබෙන්න සලස්වන්නම්.
ReplyDeleteස්තූතියි දිනේශ් අනගි විස්තරයක් එකතු කළාට.
ReplyDeleteවටිනා ලිපියක්. මං නොදැකපු පැරණි නෝට්ටු කීපයක් ම මෙතන තියනවා.
ReplyDeleteVery useful article.I have seen only a very few notes out of all these pictures.
ReplyDeleteහැමෝටම ස්තූතියි. ඒ වගේම තවත් මෙතන නැති නෝට්ටු එවන්න ඉදිරිපත් වුන DDT, අමිල ඇතුළු මිතුරන්ටත් ස්තූති කරන අතරේ මගේ email ලිපිනය dguruge@gmail.com ට ඔබ සතුව තවත් දුර්ලභ මුදල් නෝට්ටු සහ කාසි වල පින්තූර එව්වොත් ඒවාත් පළ කරන්නම්...
ReplyDeleteමේල් දෙකක් දැම්මා, බලන්න.
Deleteඋඩ ඉඳන් පල්ලෙහට යනකොට හමුවෙන 17වෙනි කොලයේ ලොකු වැරැද්දක් තියෙනවා. පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි!
ReplyDeleteඔබම ඒ වැරැද්ද කියන්න...
Deleteමම දැක්කා. එකේ සත පහ කියලා ලියලා තියෙනවා. ඉලක්කම තියෙන්නෙත් 5c කියලා. ඒ වුනාට කඩ්ඩෙන් තියෙන්නේ රුපියල් 5ක් ගෙවන්න පුළුවන් කියලා.
Deleteහරි හරි.. වෙනස තේරුනා. රුපියල් 5ක් දක්වා ගෙවන්න ගන්න පුළුවන්.. නියමයි!!!
Deleteමගේ මිතුරෙක් ළඟ මෙතන තිබෙන පැරණිම නෝට්ටු ටික තියෙනවා. ඒ නිසා දැක තිබුනත් මෙය අපේ ළමා පරපුරට ඉතා වටිනවා. අනිත් එක මම වැඩ කරන මහජන බැංකුවේ මුදල් කෞතුකාගාරයක් තිබෙනවා(තාම ගිහින් නෑ. :ද).
ReplyDeleteමම හිතන්නේ ඇනෝ පෙන්වා දෙන වැරැද්ද ඒ කාලේ රජය පනවපු නීතියක් වෙන්න පුළුවන්. එහි සඳහන් විදියට රුපියල් පහට අඩු ගෙවීම් සඳහා පමණයි මෙය භාවිතා කරන්න පුළුවන්. ඔහුට පැටලෙන්න ඇත්තේ මෙය සත පහේ නෝට්ටුවක් රුපියල් පහ දක්වා ගෙවන්න කියන තේරුමෙන් වගේ.
ඔව් මටත් හිතෙන්නේ. එතන තියෙන විදියට නම් මෙම මුදල් නෝට්ටු සමූහයක එකතුවකින් ගෙවන්න පුළුවන් රු.5/= ක් දක්වා වූ ගෙවීමක් පමණයි. රු.5/= දක්වා වූ ගෙවීමක් කරන්නත් මෙවැනි නෝට්ටු 100 ක් උවමනා වන නිසා එයට වඩා ගෙවීම් ප්‍රායෝගිකව ගත්තත් මෙම නෝට්ටුවෙන් කරන්නට අපහසු වේවි...
Deleteනියමයි දුර්ලබයි පාසල් යන දරුවන්ටත් වටිනවා...
ReplyDelete