Tuesday, April 26, 2011

චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25th year anniversary of Chernobyl Nuclear Plant disaster

1986 අප්‍රේල් 26 වනදා ලෝකයට තවත් අඳුරු දිනයක් එක් කල දිනයක්. එයට හේතුව තමයි එවකට සෝවියට් සංගමයට අයත් යුක්රේනයේ චර්නෝබිල් න්‍යෂ්ඨික බලාගාරයේ 4 වන ප්‍රතික්‍රියාකාරකයේ සිදුවූ පිපිරුමක් හේතුවෙන් ඇතිවු න්‍යෂ්ඨික විකිරණ කාන්දුව නිසා ‍යුක්රේනය හා ඒඅවට රටවල් රාශියක් දැඩි අනතුරු දායක තත්වයකට මුහුණ පෑමයි. මෙය ඉතිහාසයේ සිදුවූ දරුණුතම න්‍යෂ්ඨික බලාගාර අනතුර‍වේ.
Aerial view of the damaged core. Roof of the turbine hall is damaged (image center). Roof of the adjacent reactor 3 (image lower left) shows minor fire damage.
මෙම අනතුර සිදුවීම ඇරඹී ඇත්තේ මෙදින පද්දති පරික්‍ෂාව සිදුකරන අතරතුරේදීම වන අතර අදාල ප්‍රතික්‍රියාකාරකය යුක්රේනය Pripyat නගරයට ආසන්නයේ පිහිටා ඇත. චර්නෝබිල් පිහිටා ඇත්තේ Kiev නගරයේ සිට 80 Km දුරින් වන අතර මෙය යුක්රේනයේ පෞරානික අගනගරයක් මෙන්ම එවකට සෝවියට් සංග‍මයේ තෙවන විශාලම නගරයද විය.

මෙම පිපිරිම සිදුවූ වහා ‍විකිරණ අඩංගු වලාකුල් Byelorussia, Poland සහ the Baltic Republics යන රටවල් වෙත ගමන් කරන්නට වූ අතර ඒ හරහා Scandinavia රටවලටද මෙම විකිරණ ඇතුල් විය. 

මෙම පිපිරිම නිසා වඩාත් හානියට පත්වූයේ යුක්රේනය හා Byelorussia යන රටවල් වන අතර පිපිරීම සිදූවූ පසුකාලයේත් මෙම අනතුරු දායක බලාගාරය ක්‍රියාත්මක කරන ලද්දේ යුක්රේනයේ බල ශක්ති අවශ්‍යතා සැපයීමටයි. කෙසේවෙතත් 2000 වසරේදී මෙය ස්ථිර ලෙසම වසා දමන ලදි.

මෙම දරුණු අනතුර හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව Byelorussia හි සංඛ්‍යා ලේඛන අනුව දල වශයෙන් 93,000 ක් පමණ වන බව කියන අතර 270,000 ක් පමණ පිලිකා රෝගයටත් 165,000 ක් ‍පමණ දෙනා විවිද ශාරීරික දුබලතාවයන්ට ලක්වූ බව කියයි. එසේම මෙම අනතුර නිසා අනතුරට පත්වන්නන් ඉදිරි අනාතගය තුලද සිටින අතර යුක්රේනයේ සංඛ්‍යා ලේඛන අනුව දල වශයෙන් 500,000 ක් වත් මිය ගිහින් ඇති බව පැවසේ. (http://wiki.answers.com/Q/How_many_people_died_in_the_Chernobyl_disaster

දැන් මෙම භූමිභාගය මෙන්ම මේ ආශ්‍රිත නගරද අතහැර දමා ඇති අතර එයට ඇතුල් වීමට විශේෂ අවසර ලබා ගත යුතු බවද පැවසේ.

දැන් අපි කතා කරන රූප තුලින් මෙම ඛේදවාචකය සිදුවූ අවධියේ සහ ඉන් පසුකාලීනව දැක ගත හැකි අනුවේදනීය ඡායාරූප රැසක් නරඹන අතරේ මේ ගැන තව කතා කරමු.

මේ 1986 දී අනතුර සිදුවීමට ටික කලක‍ට පෙර හා ඉන්පසුව ආසන්න කාලයේ ගන්නා ලද ඡායාරූප කිහිපයකි.







නිර්භිත සෝවියට් පුරවැසියන්...


Chernobyl nuclear power plant aerial view. The picture was taken 3 days after the explosion of the 4th reactor. (AP Photo)
බිහිසුන මතකයක සිහිවටන...
In 1991 one more fire took place. (AP Photo/Efrm Lucasky)
අනාගත පරපුරටද විදින්නට වී ඇති අපහසුකම්...
Soviet doctor examines an evacuated child. The picture was taken during a trip organized by the Soviet authorities to show how they cope with the consequences of the explosion. (AP Photo/Boris Yurchenko)




ලමා උද්‍යාන, ක්‍රීඩා පිටි තව දුරටත් ලමයින්ට අයිති නැත...


Ferris wheel in an amusement park of the ghost town of Pripyat. About 45 000 people, who lived in the town in 1986, were fully evacuated three days after the explosion.



The city pool. They say Pripyat was a very comfortable city with many schools, kindergartens, sports facilities and shops.


Cars in a park don’t wait for their young drivers anymore.


කාල නියමයක් නොමැතිව හිස්වූ පංති කාමර...






රෝහල් වලට ගිය කල...


රාජ්‍යනායකයන් හා රාජ්‍යත්වයේ සලකුණු පමණක් ඉතිරිව...
More Soviet symbolics and portraits of some Soviet leaders.

This is a gym, Soviet symbolics is left untouched. Probably no other places in former USSR where it can be found so.


මෙම අනතුර නිසා අහිංසක සතුන්ට හා ශාකවලටද දැඩි හානියක් සිදුවූ අතර විවිද විකෘති ලක්‍ෂන ඇති සතුන්ද මේ නිසා බිහිවී ඇත.
An exhibit at the Ukrainian National Chernobyl Museum. Mutations in both humans and other animals may have increased as a result of the disaster. Despite these claims, the World Health Organization states, "children conceived before or after their father's exposure showed no statistically significant differences in mutation frequencies
Measuring radiation level in a Byelorussian village. 
මිනිසුන්ගෙන් කරදර නැති නිසා හොදට ඇඟපත හැදී ඇති මාළු...


තමන් රෝගී දැයි පරීක්‍ෂාවට...


දැන් මෙම ප්‍රදේශයට ඇතුළුවිය හැක්කේ විශේෂ අවසරයක් සහිතව පමණයි...
If you are coming from Kiev you must pass through the “Dityatki” checkpoint where your passport and all other documents will be carefully checked.

Before entering Pripyat your documents and a permission paper are checked one more time. If you are in Pripyat for the first time, you would probably feel ill at ease while walking down its empty streets, passing by the houses with broken windows… NO ONE has lived here for a quarter of a century and no one will EVER live here again. It’s a ghost town reminding us of impermanent and transitory nature of all things.
කැලෑවට නතුවන නගරය ...













අධික ලෙස විකිරණශීලීතාව විසිරී ඇති මෙහි ඒ පිළිබද දැක්වෙන පුවරුද සවිකර ඇත...
Such roadsigns are everywhere throughout an exclusion zone. It gives the information about evicted settlements: their name, the number of people living there, the date and place of their relocation.
 අඩුවක් නැතිව විකිරණ...
The monument near the entrance to Pripyat. The background radiation
on the road exceeds the natural one.
දැන් මෙහි මියගිව අය වෙනුවෙන් සිහිවටන රැසක් පිහිටවා තිබෙන අතර මේ පළමු පැය තුලදී ගින්නෙන් මියගිය අය වෙනුවෙන් පිහිටවු සිහිවටනයයි...
Not far away from the plant there is a fire department and a monument to those who extinguished a fire during the first hours and days after the accident.
මේ බලාගාරය අනතුරෙන් පසුවද වසර ගණනාවක් මෙම බලාගාරයේ ඉතිරි‍ව ඇති කොටසින් බලශක්තිය උත්පාදනය කර ගත් අතර මේ ඒ අවස්ථාවල සේයාරූයි.
Archive picture of 14 April 1998. Workers pass the control panel of
the destroyed 4th power unit.

4th power-generating unit control panel, 14 April 1998
Operator on duty writes down the indices of the single operating reactor #3 on 20 June 2000.


දැන් මෙම සමස්ථ ප්‍රදේශම පාළු, අත්හැර දැමුනු අවතාර නගරයක් මෙන්වූවත් සමහර ප්‍රදේශ වාසීන් මෙය අත්හැර දමා යාමට කැමති නැත.‍ මේ මිත්තනියත් සිය ස්වාමියා හා පුතා මිය ගියත් තනිව සිය කුඩා ගොවිපලේ වැඩ කටයුතුද සිදුකරගනිමින් තවමත මෙහි වාසය කරයි.

25 years in the exclusion zone means a lot! Grandma got used to the intrusive journalists and behaves like a true star when meeting with them.
She says that the worst thing is not radiation but hunger…



මෙම කණගාටුදායක සිදුවීම ගැන ඔබට දැක්විය හැකි ඡායාරූප අතිමහත් සංඛ්‍යාවක් තිබුනත් එම සෑම එකකම දක්නට ලැබෙන්නේ දුක, සංතාපය, විනාශයයි. මෙම අනතුරෙන් පීඩාවට පත්වූ සියල්ලන්ටම මෙන්ම ලෝකය තුලද මෙවැනි විපතක් කිසිදා සිදුනොවේවායි අපි පතමු!!!





(ඡායාරූප හා විස්තර ලබා ගත්තේ - http://englishrussia.com  සහ http://en.wikipedia.org/wiki/Chernobyl_disaster වෙබ් අඩවි වලිනි).

මෙයට පෙර පලවූ න්‍යෂ්ඨික පිපිරීම් සම්බන්ධ ලිපි - තුන්දස්කාහි සිදුවූ අභිරහස් ජනක පිපිරුම
මිනිසා විසින් සිදුකල ලොකුම න්‍යෂ්ඨික පිපිරුම 

25 comments:

  1. අද Boston Bigpicture අඩවියේ අනර්ඝ ඡායාරූප රැසක් තියෙනවා ඒ ව්‍යසනය ගැන. http://www.boston.com/bigpicture/2011/04/chernobyl_disaster_25th_annive.html

    මේ පිලිබඳව සවිස්තර වාර්තා වැඩසටහනක් තියෙනවා Seconds from Disaster රෑපවාහිනී වාර්තා වැඩසටහන් පෙලේ, Meltdown in Chernobyl කියලා. පුලුවන් අය ඒක හොයාගෙන බලන්න.

    ReplyDelete
    Replies
    1. සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25Th Year Anniversary Of Chernobyl Nuclear Plant Disaster >>>>> Download Now

      >>>>> Download Full

      සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25Th Year Anniversary Of Chernobyl Nuclear Plant Disaster >>>>> Download LINK

      >>>>> Download Now

      සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25Th Year Anniversary Of Chernobyl Nuclear Plant Disaster >>>>> Download Full

      >>>>> Download LINK MH

      Delete
  2. @Pravin Indranama - ස්තූතියි ඒ ගැන දැනුවත් කලාට...

    ReplyDelete
  3. ඉතාමත් වැදගත් ලිපියක් මිතුරේ. බොහොම ස්තුතියි

    ReplyDelete
  4. නියමයි.අර ඊශ්‍රයල් ගැන දානව කියපු කතා ටිකත් දාපන්කො මචං

    ReplyDelete
  5. ලිපිය දාපු දිනේශ්ට වගේම කමෙන්ට් එකෙන් වැඩිපුර යමක් එකතු කළ pravin ට ත් ස්තූතියි.

    ReplyDelete
  6. @RanDil & උදාර - ස්තූතියි!!!

    ReplyDelete
  7. @Theekshana - ස්තූතියි! මචං මම හිතන්නේ Operation Entebbe ගැන වෙන්න ඕන මේ අහල තියෙන්නේ ඉදිරිදින කිහිපයේදී අනිවාර්යයයෙන්ම ඒකත් දාන්නම්...

    ReplyDelete
  8. චෙනෝබිල් අනතුර ඈමරිකන් CIA රහස් ඔත්තු සේවය විසින් කල සෑලසුමක ප්‍රරතිපලයක් බවට කටකතා තියනවා , ක අධි මානසික බලයක් සහිත කාන්තාවක් යොදාගෙන කරන ලද ප්‍රරාහාරයක් බවට . එම තොරතුරු ඇත්ත වෙන්න පුලුවන් , මොකද අමරිකන් CIA ක සෝවියට් න්‍යඨික බලාගාර ගැන ඔත්තු බලන්න අධි මානසික බලයක් සහිත පුද්ගලයන් යොදා ගත්තා .

    ReplyDelete
  9. After Chernobyl disaster ,
    http://englishrussia.com/index.php/2011/04/24/25-years-of-radiation/#more-47561

    ReplyDelete
  10. ඇත්තටම චර්නොබිල් ඛේදවාචකය කියලා කිව්වට අදයි හරියට විස්තර දැන ගත්තෙ. මේ පිපිරුම​ට හේතුව මොකද්ද? මේ ලිපිය බ්ලොග් ඉතිහාසෙ මම කියෝපු වැදගත්ම ලිපියක්. සත්සමුදුරේ යන්නෙත් ඒවගේ ඒවනේ. කොටින්ම x-file එකේ එපිසෝඩ් එකක් බැලුවා වගේ.

    ReplyDelete
  11. @sameera - චර්නෝබිල් බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකානු CIA බලපෑම ගැන නම් අධ්යතයයනය කරල නැති නිසා යමක් කියන්න අපහසුයි. කෙසේ වෙතත් ඇමරිකාවේ FBI ආයතනවල පවා අධිමානසිකත්වය සහිත පුද්ගයන් සිටිනවා වගේම ඔවුන්ගේ විශේෂ ඒකක තියෙනවා තෝරාගත්ත පුද්ගලයන් එබදු වි‍ශේෂ හැකියාවන් සදහා පුහුණු කරන. ඔබ ලබා දී තිබෙන link එකේ විස්තරත් මෙම ලිපිය සැකසීමේදී භාවිතා කලා...

    ReplyDelete
  12. @බුද්ධි - ස්තූතියි! ඇත්තටම ඔබ විමසල තියෙන කාරණය හොදයි. මට ලිපිය සැකසීමේදී මෙම වැදගත්ම කරුණ අතහැරිලා. මොකද ඊයේ මම ටිකක් අසනීපයෙන් සිටින අතරතුරයි මෙම ලිපිය සැකසුවේ. මේ බලාගාරය පිපිරුනේ හතරවැනි ප්‍රතික්‍රියාකාර‍කයේ බොහොම ව්‍යවසනකාරීලෙස බල උත්පාදනය වීම නිසයි කියල තමයි කියන්නේ. කෙසේවෙතත් සමහර වෙබ් අඩවි වල මේ ගැන කියල තිබුන කරුණු අනුව මෙවැනි භයානක ලෙසම මේ අනතුර සිදුවීමට කරුණක් ලෙස දක්වා තිබුනේ මෙහි සේවය කල කාර්ය මණ්ඩලය නිසි පුහුණුවක් නොලැබූ අයවීම නිසා අනතුර හෝ මෙහි සිදුවෙමින් පැවති අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය නිසි පරිද වටහා ගැනීමට නොහැකිවීම මෙන්ම අදාල ආරක්ෂුක ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමට තිබූ නොහැකියාව මේ අනතුරට හේතුවක් බව. මම නැවතත් ඔබට ස්තූති කරනවා ලිපියේ සදහන් කල යුතු අත්‍යාවශ්‍යම කොටස ගැන දැනුවත් කිරීම ගැන...

    ReplyDelete
  13. දිනේස් මිතුර
    බොහොම වැදගක් ලිපි කීපයක් පල කිරිම පිලිබදව ස්තුතිය.

    ReplyDelete
  14. ස්තුතියි දිනේෂ්. මේ වගේ ලිපි දිගට ලියන්න. මම නම් දිගමට කියවන්න කැමතියි.

    ReplyDelete
  15. @බංඩාර - ස්තූතියි!

    ReplyDelete
  16. @බුද්ධි - ඔව්, තව වැඩිය කතා නොකෙරුන මාතෘකා කිහිපයක්ම ඉදිරියේදී කතා කරමු...

    ReplyDelete
  17. මේවැනි කාලීන ලිපියක් පලකිරීම ගැන ස්තූතියි.තවත් මෙවැනි වැදගත් ලිපි පලකරන්න.....

    ReplyDelete
  18. බොහොම ස්තූතියි

    ReplyDelete
  19. @sudaraka - ස්තූතියි! ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම එවැනි ලිපි පල කිරීමට පූර්ණ අවධානය යොමුකරනවා...

    ReplyDelete
  20. @Saranga - ස්තූතියි! නැවත සත් සමුදුරට එන්න...

    ReplyDelete
  21. @රජිත් - දැනගත්ත එක හොදයි. ඉස්සරහදි play කරල බලන්නම්...

    ReplyDelete
  22. danuwath kalata sthuthie

    ReplyDelete
  23. Thе геport has estаblіѕhеd helpful to mуself.

    It’ѕ vеry uѕeful and уou
    rеallу arе naturally very well-informed in this area.
    Υоu have got opened up оur eyes in oгder to numerous thoughtѕ аbout thiѕ spеcifіc matteг togethег with intereѕting
    anԁ strong content.
    Feel free to surf my web site ; phentermine

    ReplyDelete
  24. සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25Th Year Anniversary Of Chernobyl Nuclear Plant Disaster >>>>> Download Now

    >>>>> Download Full

    සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25Th Year Anniversary Of Chernobyl Nuclear Plant Disaster >>>>> Download LINK

    >>>>> Download Now

    සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25Th Year Anniversary Of Chernobyl Nuclear Plant Disaster >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete