Monday, January 31, 2011

The Godfather - “The Greatest Movie of all time” - Episode I

ඔබ බටහිර හොලිවුඩ් සිනමා රසිකයෙක් නම් God Father සිනමා ත්‍රිත්වය බලා ඇති. අඩුම තරමින් මෙම ත්‍රිත්වයේ ජනප්‍රියතම සිනමා නිර්මාණය වන 1972 දි තිරගත වූ God Father පළමු කොටස ඔබෙන් මඟහැරෙන්නට හැකියාවක් නැහැ. මක් නිසාද‍යත් හොලිවුඩ් සිනමාවේ දැවැන්තම ප්‍රතිරූපයක් තිබෙන නළුවෙකු වූ Marlon Brando ගේ අද්විතීය රංගනයෙන් ඔප් නැංවුන එම චිත්‍රපටය Marlon Brando ගේ සිනමාලෝලීන් අතර අතිශයින්ම ජනප්‍රියතම වූ නිර්මාණයයි.


වර්තමාන බටහිර සිනමාවේ ඔස්කාර් සම්මානලාභී නළු නිළියන් රැසකගේ මුලාරම්භය සනිටුහන් කළ එම නිර්මාණය අනෙකුත් God Father සිනමා ද්විත්වය අභිබවා රසික සහ විචාරක යන දෙපාර්ශ‍වයේම ඉමහත් ප්‍රසාදයට ලක්වූ නිසාම God Father ගැන කියවෙද්දී මම මෙහි මාතෘකාවෙන්ම මුලින් පැවසූ විශේෂන පද කිහිපය (“The Greatest Movie of all time” ) නිරායාසයෙන්ම යෙදුනා. කෙසේ වෙතත් අද මම God Father චිත්‍රපටියේ කතාව ගැන ඔබ වෙත අදහස් ඉදිරිපත් කරන්න අපේක්‍ෂා කරන්නේ නැහැ. මොකද මේ වන විටත් මෙම සිනමා කෘතිය රසවිද ඇති. එනිසා එය තවදුරටත් එවැන්නක් කතා කිරීම තේරුමක් නැතිනිසා.

හැබැයි 1972 දී God Father I, 1974 දී God Father II සහ 1990 දී තිරගතවූ God Father III යන චිත්‍රපටි ත්‍රිත්වයයේ තිරයෙන් පිටුපස සිදුවූ සිදුවීම් ගැනනම් බහුතරයක් දෙනාට දකින්නට ලැබී නැහැ කියල මම හිතනවා. මොකද මේවා මීට දශකකට හෝ කිහිපයක් වඩා පෙර සිදුකරන ලද සිනමා නිර්මාණයන්වීම සහ මෙරට සිනමාලොලීන්ට දැක බලා ගැනීමට ලැබෙන DVD වුනත් original ඒවා නොවන නිසා සමස්ත චිත්‍රපටිය හැරෙන්නට අ‍තිරේඛ කාරණා කිසිවක් ඒ තුල අන්තර්ගත කර ‍නොමැතිවීම හේතුවෙන් (original DVD එකක නම් බොහෝවිට චිත්‍රපටියට අතිරේඛව බොහෝවිට ඒ නිර්මාණ සිදුකල ආකාරය, නළු නිළියන්ගේ විත්ති, චිත්‍රපටියට අදාල රසමුසු තැන් ආදියද තිබෙන බව ඔබ දන්නවත් ඇති).

මේ අඩුව පුරවමින් 2008 දී TASCHEN සඟරාව විසින් The Godfather Family Album නමින් God Father සිනමා ත්‍රිත්වයයේ නිශ්චල ඡායාරූපශිල්පියා ලෙස කටයුතු කල Steve Schapiro ගේ කැමරා කාචයේ සටහන් වූ විවිද අවස්ථා රාශියක් සහ ඒ හා සබැදුන විස්තර අඩංගු Coffee Table Book එකක් (විදේශීය රටවල සුපිරි අවන්හල් වල, ඒවායේ මේස මත තබා ඇති ඡායාරූප‍ හෝ සිතුවම් රැගත් ඝනකම් කවරයකින් යුතු Album එකකි) TASCHEN සඟරාව වෙනුවෙන් Paul Duncan විසින් සකස් කර තිබෙනවා.

(Paul Duncan යනු TASCHEN සඟරාව වෙනුවෙන් විවිද චිත්‍රපටි, විවිද අවස්ථා හෝ සම්මානණිය පුද්ගලයන් පිළිබදව මෙවැනි ඡායාරූප Album හෝ කෘතීන් සකස් කරන ලද අයෙකි).

An Album You Can’t Refuse

The Godfather Family Album, Edited by Paul Duncan

මෙලෙස තමයි මෙම Album එක ගැන TASCHEN සඟරාව හදුන්වා දී තිබුනේ. මෙහි පිටු 444 ක් තිබෙන අතර එයින් පිටු 400 ක්ම වසා ගෙන තිබෙන්නේ Steve Schapiro විසින් සේයාරුවට නංවා ගත් වර්ණ සහ කළුසුදු පින්තූර වලින්. මේවා බෙහෝමයක් මෙම සිනමා නිර්මාණ ත්‍රිත්වයට සම්බන්ධවූවන් හැරෙන්නට අනෙක් අය නොදැකපු බවක් තමයි කියවී තිබෙන්නේ එසේම මෙම ඡායාරූප මුල් සේයා පටලයෙන්ම ගත් බවත් සදහන් වී තිබූ අතරම මුලින් මෙම Album දෙවර්ගයක සීමිත පිටපත් සංඛ්‍යාවක් තමයි ඒ ගැන රුචිකත්වයක් තිබෙන අයට ගන්න ලැබිල තියෙන්නේ.

ඒ Leather bound Hardcover in a clamshell box කියන වර්ගයේ පිටපත් 200 ක් සහ එහි මිල ලෙස දක්වා තිබුනේ US $ 1800 ක් ලෙසටයි. දෙවන වර්ගය වූ Quarter bound Hardcover with Leather spines and moiré clothe in a clamshell box කියන වර්ගයේ පිටපත් 1000 ක් සහ එහි මිල ලෙස දක්වා තිබුනේ US $ 700 ක් ලෙසටයි. මෙම දෙවර්ගයේම Album ඡායාරූපශීල්පී Steve Schapiro ගේ අත්සන වෙන වෙනම, ඔහු විසින් යොදා තිබෙන බවද පැවසෙනවා. කෙසේ වෙතත් මේවායේ අධික මිල සහ සීමිත පිටපත් සංඛ්යාුව වැනි හේතු නිසා බොහෝදෙ‍නෙකුට මේවා ලබා ගැනීම තබා දැක ගැනීමටවත්‍ නොහැකිවීමේ දුෂ්කරතාවය වටහා ගත් TASCHEN සඟරාව US $ 69.99 ක් වූ තෙවන වර්ගයේ Album ක්ද ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ඇත්තෙන්ම දැනටමත් අපි පින්තූර බලන්නේ නැතුව කතා කලා වැඩියි වගේ. ‍ඒක නිසා පින්තූර බලන ගමන්ම කතා කරමු.

Never-before-seen photos of Coppola’s masterpiece

ඔස්කාර් සම්මානලාභී සිනමා අධ්‍යක්‍ෂකවරයෙකුවන Francis Ford Coppola ගේ අධ්‍යක්‍ෂනය මෙම සිනමා ත්‍රිත්වයටම ලැබුනා. මේ පෙර කී The Godfather Family Album එකේ තිබෙන ආකාරයෙන්ම ලබා ගත් පින්තූර කිහිපයක්

 









Godfather සිනමා නිර්මාණ බිහිවන්නේ Mario Puzo ගේ නවකතාවක් ආශ‍්‍රයෙන් ඔහුම තමයි Godfather තිර රචනය ලියන්නෙත්. හැබැයි කෙසේ වෙතත් සමහර විචාරනයන් ගේ මතය වන්නේ Godfather කියල ලියවිලා තියෙන්නේ Shakespeare ගේ King Lear කතා‍වම නූතන කාලයට ගැලපෙන ලෙස කියලයි (it was filmed as a modern version of Shakespeare's King Lear - http://www.filmsite.org/godf.html ).




ඒවගේම Steve Schapiro ප්‍රකාශ කරන ආකාරයට Godfather හොද චිත්‍රපටියක් වෙයිද? නරක චිත්‍රපටියක් වෙයිද? කියන එක කවුරුවත් දැනගෙන ඉදලා නැහැ. ඒ වන විට හතලිස් වැනි වියේ අග භාගය ගත කරමින් සිටිය Marlon Brando ඒ වන විටත් ඔස්කාර් සම්මානලාභියෙක්. ඒ 1954දී තිර ගතවුනු On the Water Front චිත්‍රපටියේ හොදම නළුවා වෙනුවෙන්.  ඒවගේම හොලිවුඩ් සිනමා කර්මාන්තය තුලත් ඉන් පිටතත්, ඔහුට තිබුනේ අසාමාන්‍ය ගෞරවයක්.




මීට අමතරව තව පින්තූර සහ ඒහා සබැදුන කතා බොහෝමයක් සිනමා ලෝකයේ පුරාවෘතයක් බදුවූ මෙම සිනමා කාව්‍යතුල ගැබ්වී තිබෙනවා. ඒවා අපි Episode II හිදී බලමු...

11 comments:

  1. වැදගත් ලිපියක් සහෝ! දිගටම මේ වගේ ලියන්න

    plz remove the word verification

    ReplyDelete
  2. ගොඩ් ෆාදර් මම නැවත නැවත නරඹමින් රස විඳපු නිර්මාණ ත්‍රිත්වයක්. අවුරුදු 15කට විතර කලින් සමුදුර පුවත්‍පතේ මේ ඇමරිකානු මාෆියා කල්ලි ගැන සඳහන් වුණ ලිපි කියවපු කාලෙ ඉඳන් බලන්න පෙරුම් පුරපු චිත්‍රපටි ටිකක්. මමනම් මුලින් ආස වුණේ මේකෙ දෙවෙනි එකට. රොබට් ඩි නීරෝගෙ රඟපෑමේ විශිෂ්ඨත්වය නිසාමයි ඒ... පස්සෙ මාලන් බ්‍රැන්ඩෝව අඳුනගත්තට පස්සෙ පළවෙනි එක ආයෙත් අළුත් ඇහැකින් බලන්න පුළුවන් වුණා. අල් පැශිනෝව තාමත් හොඳින් රස විඳින්නෙ මේ ත්‍රිත්වයෙන් ඔහු ගැන ඇතිකරගත්තු හැීම නිසා...

    නියම සටහනක් දිනේෂ්... ඉදිරියෙදිත් කියවන්න දෙයක් බලාපොරොත්තු වෙනවා.... :D

    ආ... මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලානම් ලසෙියි :D

    ReplyDelete
  3. ස්තූතියි! මම Word Verification අයින් කරන්නම්. මමත් වසර 18 ක සමුදුර පාඨකයෙක්. ඇත්තෙන්ම මමත් ඒකෙන් තමයි ගොඩක් මේ ගැන දැනගත්තේ. Al Pacino ගැන Episode III දී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  4. @ Blog gadol & h : තව තව සපෝට් ඉදිරියේදිත් දෙන්න.

    ReplyDelete
  5. ගෝඩ් ෆාදර් අවිවාදයෙන්ම විශිෂ්ඨතම නිර්මාණයක්. මම මාස තුනකට සැරයක්වත් නැවත නැවත බලා රස විඳින චිත්‍රපටියක්. රොබට් ඩි නීරෝ, මාලන් බ්‍රැන්ඩෝ සහ මගේ ප්‍රියතම නලුවෙක් වෙන අල් පචීනෝගේ අද්විතීය රංඟනයන් එක්ක මේ චිත්‍රපටි පෙල පරාද කරන්න පුලුවන් චිත්‍රපටියක් තවම නිපදවිලා නැහැ කියලයි මම හිතන්නෙ.

    ලිපි පෙලට ස්තුතියි. අර තෙවැනි ඇල්බම් එක ගැන විස්තර හොයා ගන්න පුලුවන් වෙයි ද?

    ReplyDelete
  6. @පිටස්තරයා- තෙවැනි ඇල්බම් එක කිවුවේ Godfather III Movie එක ගැනද?

    ReplyDelete
  7. @පිටස්තරයා - මම හිතන්නේ මේ ලිපියේ තෙවන කොටස වෙන්නැති කියල හිතනවා. එය මෙහි තියෙනවා.පෙබරවාරි මාසේ මුල්ම post එක ඒකතමයි...

    ReplyDelete
  8. @දීපාල්
    නැහැ. පහල කොටසින් කියවෙන ඇල්බම් එක.

    //කෙසේ වෙතත් මේවායේ අධික මිල සහ සීමිත පිටපත් සංඛ්යාුව වැනි හේතු නිසා බොහෝදෙ‍නෙකුට මේවා ලබා ගැනීම තබා දැක ගැනීමටවත්‍ නොහැකිවීමේ දුෂ්කරතාවය වටහා ගත් TASCHEN සඟරාව US $ 69.99 ක් වූ තෙවන වර්ගයේ Album ක්ද ලබා දීමට කටයුතු කර තිබෙනවා.//

    ReplyDelete
  9. @පිටස්තරයා- හරි දැන් තමයි මට තේරුනේ. මෙම ඇල්බම් තුන් වර්ගයේම තියෙන්නේ එකම පින්තූර සහ විස්තර තමයි. වෙනසකට තියෙන්නේ ඒවායේ නිමාවයි. ඒ කියන්නේ පිට කවරයට භාවිතා කරල තියෙන Material එක වගේ දේවල්. ‍කොහොම වුනත් මුල් ඇල්බම් දෙවර්ගයම විකිනිලා අවසන් ඇති. දැන් බොහෝ වෙලාවට Advertising කරල තියෙන්නේ මෙම $69.99 එක තමයි. මොකද මුල් ඒවායේ අධික මිල නිසා ඒවානම් ගන්න පුළුවන් වෙන්න ඇත්තේ High class අයට වෙන්න ඇති. මම මේ නො‍බෝදිනකට පෙර පල කරපු මොහොමඩ් අලි ගැන තියෙන Album එක මේ Album වලටත් වඩා මිල ඉතා අධික වෙන බව තමයි දැක්කේ....

    ReplyDelete
  10. චිත්‍රපටය අද්විතීය සිනමා නිර්මාණයක් කියල අවිවාදයෙන් ම පිළිගන්න ඕනෙ..මොකද මමත් එය කීප වරක් ම නරඹපු නිසා..නමුත් ඒ වගේ නිර්මාණ වලත් නිර්මාණකරුවන්ගේ ඇස නොගැටුණු අතපසුවීම් තියෙන්න පුලුවන්..
    එක් තැනක් තමා...චිත්‍රපටයේ මාලන් බ්‍රැන්ඩෝ රඟන Don Vito Corleone ගේ දියණියගේ ස්වාමියාට Don Corleone ගේ ම පුතා වූ Sonny විසින් පහර දෙන දර්ශනයක් තියෙනවා..එහිදී Sonny එල්ල කරන නිදහස් අත් ප්‍රහාරයකට අනෙකා විසි වෙන දර්ශනයක් තිබේ..මෙය කා විසින්වත් නිරීක්ෂණය නොවී..සංස්කරණය නොවී තිබීම පුදුමයකි..චිත්‍රපටය ඇත්නම් නැවත සැළකිල්ලෙන් බලන්න..ඔබටද පැහැදිලිව පෙනේවි..

    ReplyDelete
  11. God Father චිත්‍රපට තුනම බලා තිබෙනවා.මොකද මන්දා නැවත වරක් බලන්නට නම් සිතුනේ නැහැ.

    ReplyDelete