Showing posts with label රථ වාහන. Show all posts
Showing posts with label රථ වාහන. Show all posts

Friday, October 7, 2016

13 - වාහනයේ රේඩියේටරය, එයාර් ෆිල්ටරය, හැලජන් හෙඩ් ලයිට් සමග ඔයිල් ෆිල්ටර් තනන්නේ මෙහෙමයි...

වාහන භාවිතා කරන අයට නම් මෙම ලිපියෙන් තමන්ගේ වාහනයේ ඇති රේඩියේටරය, යම් කාල සීමාවකට පසුව ඉවත් කර අළුතින් යොදන එයාර් ෆිල්ටරය හදන්නේ කොහොමද කියලා දැනගනීවි.





මේ ඔයිල් ෆිල්ටර් වෙළඳ නාමය ගැන නම් මොනවත් දන්නේ නැහැ. හැබැයි මේ විඩියෝවේ තිබෙනවා ඔයිල් ෆිල්ටරයක් කොහොමද ක්‍රියාකරන්නේ කියන එක වගේම හොද ෆිල්ටරයක ගුණාංග.

මේ වීඩියෝවෙත් ‍අපි නොදන්නා දේවල් කිහිපයක්ම තිබෙනවා

එයාර් ෆිල්ටර් ක්‍රියාකාරීත්වයත්

අද මෙන්න මේ ලිපිත් පළ කළා -
12 - දත් බෙහෙත්, දත්බුරුසු සහ මදුරු දඟර
සතුට නොව කම්පනය ඇති කළ අශ්වයන්, බල්ලන්, පූසන්, එළදෙනුන් අතර සිදු වී ඇති විවාහයන් කිහිපයක් පිළිබදවයි (Shocking Human - Animal Relationships)

Friday, September 30, 2016

06 - ඔබගේ කාරයත්, ලිමෝසීන් වාහනයක් බවට දික් කර ගැනීමට ඕනනම්....

ලිමොසීන් වාහන අපි බොහෝ විට දකින්නේ ඇමරිකානු සුපිරි පැලැන්තිය හා රාජ්‍ය නායකයින් භාවිතා කරන වාහනයක් ලෙසටයි. රියදුරා සහ අනෙකුත් මගීන් එකිනෙක වෙනකර තනා තිබීම, අසුන් සාමාන්‍යයෙන් දකින ආකාරයට වඩා වෙනස් ආකාරයට පවා හරවා අසුන් ගත හැකිවීම, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල වර්ථමාන තරුණ පරපුර රාත්‍රී සාද සදහාද යොදාගන්නා බව ඔබ චිත්‍රපටි හා වෙනත් වීඩියෝ ආශ්‍රිත මාධ්‍ය වලදී දැකගන්නට ඇති. තවද ලංකාවේද මෙම රථ කිහිපයක් ගෙන්වා තිබෙන බව පසුගිය කාලයේ දැනගන්නට ලැබුන අතර මංගල අවස්ථා වැනි ජීවිතයේ මතක හිටින අවස්ථා සදහා ඒවා කුලී පදනම මත ලබා දෙන බව අසන්නටද ලැබුනි. 

සාමාන්‍ය ආකාරයේ සුඛෝපභෝගී වාහන පවා කෝටි ගණනක් ගෙවා ගන්නට වී ඇති සමයක මේ ආකාරයේ ලිමොසින් රථයක් වටිනාකමද කෝටි කිහිපයක්ම වනු ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. වාහන නිපදවන ආයතන වලින් ලිමොසීන් රථයක් ඇනවුම් කරනවා වෙනුවට ඔබ සතුව ඇති රථයම ලිමෝසීන් රථයක් බවට දික් කරගත හැකි බව මා මෙම වීඩියෝවෙන් පළමුවරට දුටුමි. කෙසේවෙතත් ඇමරිකාවේ මෙය හොදින් මුදල් උපයන, කාර්මික ශීල්පීන් රැසක් නිරත වන වෘත්තියක් ලෙසද දැක්වෙන අතර ලංකාවේ නම් මෙම කාර්යය කර ගැනීමේ හැකියාවක් දැනට නොමැත.


අද මීට කලින් පළ කළ ලිපිය - 
05 - පැන්සල්, පාට පැන්සල්, මකන කෑලි, පැස්ටල්, පැන්සල් කටර්, බෝල් පොයින්ට් පෑන් සහ පැන්සල් තැනීමට ගන්නා මිනිරන් ඒ වෙනුවෙන් සකස් කරන ආකාරය බලමු...

Thursday, September 29, 2016

04 - වාහනයක හදවත හදන්නේ මෙහෙමයි...

එන්ජිම තමයි වාහනයක හදවත. මෙම එන්ජිම සැදීමට වර්ථමානයේ බහුල ලෙස භාවිතාවන ලෝහය තමයි ඇළුමිනියම්.ඇළුමිනියම් වල ඇති සැහැල්ලුබව නිසා වාහනයේ ඉන්ධන දහනය කාර්යක්‍ෂම වීම, නිෂ්පාදන කාර්යයේදී  පහසුවෙන් කැපීම හා හැඩගැන්වීම පහසුවීම, දිරාපත්වීම යකඩවලට සාපේක්‍ෂව අඩුවීම යනාදී කරුණු රැසක් තිබෙනවා.  

එන්ජින් බ්ලොක් කොටස, පිස්ටන් සහ Crankshafts සහ Camshafts යන කොටස් තැනීම මෙම වීඩියෝ වලින් පෙන්වා තිබෙනවා.


අස පළ කළ අනෙක් ලිපිය - Thermostat Valve හදන්නේ කොහොමද?

03 - ඔබගේ වාහනයේ Thermostats කපාටය තනන්නේ කෙසේදැයි දන්නවාද?

Thermostats කපාටය උපයෝගීවන්නේ කුමකටදැයි ප්‍රථම වශයෙන් බලමු. වාහනයක සිසිලන පද්දතියට අයත් කොටසක් වන මෙය, එන්ජිමේ පැවතිය යුතු සුදුසුම උශ්නත්වය නිරතුරුවම පවත්වා ගැනීමට භාවිතා වේ. වෙනත් විදියකට කියනවා නම් එන්ජිම අධික ලෙස රත්වීම හෝ වඩා සිසිල් ලෙස පවත්වාගැනීම වලක්වා එන්ජිමක් ක්‍රියාත්මක වීමේදී වඩාත් කාර්යක්‍ෂමව හා හානියකින් තොරව තබා ගැනීම මෙම උපාංගය භාවිතයේ අරමුණයි. 

මුලින්ම බලමු සිසිලන පද්දතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි කියා.


මෙම විිඩියෝ වලදී ඔබට දැකගන්නට ලැබෙන්නට ඇති Thermostats කපාටයේ වැදගත්කම හා ක්‍රියාකාරීත්වය. දැන් අපි බලමු මේ උපාංගය සදන්නේ කෙලෙසදැයි කියා.


Tuesday, September 27, 2016

අප භාවිතා කරන ගියර් තෙල් වලින් නිසියාකාරව ගියර් පෙට්ටියේ දැති ස්නේහනය කරන්නේද?

මේ ලිපියෙන් කියන්නේ ගියර් තෙල් (Gear Oil) යෙදීමේදී අප වෙළඳ පොලේ හමුවන සුලභම හෝ ලාභම තෙල් වර්ගය යෙදුවත් එයින් ගියර් පෙට්ටියේ ඇති දැති නිසියාකාරව ස්නේහනය කරන්නේද? යන කාරණය පිළිබදව වඩාත් හොදින් විමසා බැලීමයි. මේ වනතෙක් මාද යොදා ඇත්තේ සුලභවම හමුවන ගියර් තෙල් වර්ගයක් වුවද එයින් නිසි ප්‍රතිඵලය නොලැබෙන්නේ යන හැඟීමක් ඇතිව ඇත්තේ ගියර් දැමීමේදී තද බවක් මෙන්ම එතරම් පහසු බවක් නොදැනෙන නිසාය. මුලින්ම බලමු සාමාන්‍යයෙන් භාවිතා වන යාන්ත්‍රික ගියර් පෙට්ටියේ ක්‍රියාකාරීත්වය කෙබදුදැයි කියා.

පහත වීඩියෝ වලින් කිසිදු ආකාරයකින් මෙම තෙල් වර්ගයන් නිපදවන සමාගම් පිිළිබදව ගුණකථනයක් කිරීමට බලාපොරෛාත්තු නොවන අතර බලාපොරොත්තුවන කාර්යය වන්නේද යන කාරණය විමසීමට මෙම ප්‍රදර්ශනාත්මක වීඩියෝදවද එකතු කරමි.


අවශ්‍ය නම් ඔබ දැනට භාවිතාකරන ගියර් තෙල් වර්ගය හෝ අනාගතයේදී භාවිතා කිරීමට බලාපොරොත්තුවන තෙල් වර්ගය එම නිෂ්පාදකයන් කියනා තරම් හොද නිෂ්පාදනයක්දැයි නිවසේදීම පරීක්‍ෂා කිරීමට මෙම පරීක්‍ෂනය මගින් හැකිය.

Saturday, September 24, 2016

බරසාර තඩි කාර් බැට්රිය වෙනුවට විකල්පයක් (Capacitor 12V BoostPack) ...

ඔබගේ වාහනය තිබෙන කාර් බැටරිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ කෙතරම් බර විශාල දෙයක්ද කියන එක. විවිද ඇම්පියර් ධාරිතාව මත ප්‍රමාණය හා බර ප්‍රමාණය වෙනස් වූවත් සාමාන්‍යයෙන් බරසාර උපාංගයක්. ඒත් කැපෑසිටර් යොදා තැනුන මේ ආකාරයේ බැටරියක් කොතරම් සැහැල්ලු හා ප්‍රමාණයෙන් කුඩාද කියන එක ඔබට මෙහිදී දැකගැනීමට හැකියි. මේ කාරණා වලට අමතරව තවත් වාසි මොනවාදැයි ඔබම බලන්න...

https://www.youtube.com/watch?v=z3x_kYq3mHM

Friday, September 23, 2016

ඔබගේ වාහනයේ එන්ජිමට ඊලඟ වතාවේ නිකම්ම අහුවෙන Engine Oil වර්ගයක් දමනවා වෙනුවට මේ කාරණා සලකා බලා හොද එන්ජින් තෙල් වර්ගයක් යොදන්න...

සමහරවිට ඔබ බලනවා ඇති ඇයි මේ රථවාහන වලටම අදාලව ලිපි එකලග පළ කරන්නේ මොකද? කියලා. එහෙම විශේෂයක් නැහැ දිග ලිපියක් ලියනාඅතරතුර මතකයට එන මොකක් හෝ කාරණයක් සම්බන්ධයෙන් යමක් ලියා තබන්නට තමයි දැන් අදහස් කරගෙන සිටින්නේ. ඔබට කුමක් හෝ වාහනයක් තිබේ නම් එහි සේවාකටයුතු සදහා යෑමේදී හෝ අදාල දුර සීමාවට පසු එන්ජින් තෙල් දැමීමේදී නිකම්ම අතට අහුවෙන එන්ජින් තෙල් වර්ගයක් යොදනවාද? මිල අතර යම් යම් වෙනසක් ඇතත් හොද ඔයිල් වර්ගයක් යොදනවා නම් එය එන්ජිම් කල්පැවැත්ම, එදිනෙදා භාවිතයේදී එන්ජිම වඩාත් සුමට ලෙස භාවිතය, වෙනකක් තබා කරදරයක් නැතුව උදේට වාහනය පණ ගන්නවන්නට හෝ දවස් කිහිපයක් වාහනය පණ ගන්වා නොතිබුනද එකවර වාහනය පණ ගන්වන්නට මෙලෙස හොද එන්ජින් තෙල් වර්ගයක් භාවිතයෙන් හැකි බව මා හොදින් අත්දැකීම් ලබා තිබෙනවා.

මොනවද මේ හොද එන්ජින් ඔයිල් කියන්නේ? එන්ජින් ඔයිල් ගත්තහම එහි සන්නාමය පිළිබදවත් සැලකිලිමත්විය යුතුයි. වසර ගණනාවක ඉතිහාසයක් ඇති හොද ඔයිල් වර්ග කිහිපයක්ම ලංකාවෙත් තිබෙනවා. ඒ එක්කම SAE (Society of Automotive Engineers) අගය, API අගය, Mineral, Semi-Synthetic හෝ  Synthetic යන තෙල් වර්ග යනු මොනවාද? එන්ජින් ඔයිල් වලට යොදන වෙනත් රසායනික එකතුවන් නිසා එන්ජිමට ලැබෙන වාසි මොනවාද? සහ තවත් බොහෝ දේ මේ වීඩියෝ‍ෙවෙන් පැහැදිලි කර දේවි...


ඔබට තිබෙන්නේ දශක තුනක් පමණ පැරණි වාහනයක් නම් Contact Point පද්දතිය පිළිබදව දැනසිටීම ප්‍රයෝජනවත් වේවි...

ඔබට තිබෙන්නේ දශක තුනක් පමණ පැරණි වාහනයක් නම් Contact Point පද්දතිය පිළිබදව දැනසිටීම ඇතැම්විට මාර්ගයේදී එම පද්ධතියේ දෝශයක් ඇතිවුවහොත් පළපුරුදු කාර්මික ශිල්පියෙකු වෙත වාහනය රැගෙන යාමතෙක් වත් වාහනය ගෙනයාමට මෙය  ප්‍රයෝජනවත් වේවි. මොකද මම මේ අත්දැකීම විද තිබෙන නිසා. ඒ කියන්නේ Contact Point පද්දතිය හානියට පත්වීමෙන් පැය ගණනක් නගරයක් මැද්දේම රස්තියාදුවෙන්න සිදුවෙලා තිබෙනවා. කොහොම නමුත් Platinum Point එක  යොදාගත් Contact Point එහෙමත් නැත්නම් Breaker Point එක පිළිබදව තමයි මෙම වීඩියෝ පාඩම් වල තිබෙන්නේ. වර්ථාමනයේ නිෂ්පාදනය වන වාහන වල මෙම Contact Point හා එය අඩංගුවන Distributor යන කොටස නොමැත.






Thursday, September 22, 2016

එදා ජනපති කෙනඩි ඝාතනයෙන් ඉගනගත් පාඩම නිසා අද ඇමරිකානු ජනපතිවරයා පාරේ යන විට ලබා දෙන ආරක්‍ෂාව කෙබඳුදැයි බලන්න..

මීට වසර දෙකකට මදක් වැඩි කාලයකදී සත් සමුදුරේ ජනපති කෙනඩි ඝාතනය ගැන පළ කළ මෙම ලිපිය මතකද? ලී හාවි ඔස්වල්ඩ් සැබෑ ඝාතකයාද? - II

එදා දැන හෝ නොදැන සිදු වූ නොසැලිකිලිමත්කම හෝ සිදුවූ කුමන්ත්‍රණයක් නිසා කෙනඩි මහතා ඝාතනයට ලක්වුවද අද බැරැක් ඔබාමා ජනපතිවරයාට දෙන ආරක්‍ෂාව ඔහු ධවල මන්දීරයෙන් නික්මයාමට ඇති අන්තිම මාස කිහිපයට පෙර දැක ගැනීමට මෙම වීඩියෝවෙන් හැකිය.


https://www.youtube.com/watch?v=kK9SQsUCcT8

අද පළ කළ අනෙක් ලිපි - වයර් දෙකක් නිවැරදිව පාස්සා ගන්නේ මෙහෙමයි
                                       යකඩ මතුපිට පච්ඡා කෙටීම

වයර් දෙකක් නිවැරදිව පාස්සා ගන්නේ මෙහෙමයි - How to Solder Wires Together

ඔබට යම් අවස්ථාවක වයර් දෙකක් පාස්සා ගන්න අවශ්‍ය වුනොත් නැවත ගැලවෙන්නේ නැතුව පාස්සා ගන්නේ කොහොමද කියන එක මේ වීඩියෝවේ  තිබෙනවා. පියවරෙන් පියවර සහ ආරක්‍ෂිතව කරගන්නේ කෙසේද යන්න සහ පාස්සා ගත් ස්ථානය ආරක්‍ෂිතව ආවරණය කරගන්නේ කෙසේද? සහ කුමනාකාරයේ ඊයම්වර්ග, ඒ සදහා කුමනාකාරයේ බවුතයක් භාවිතා කිරීම සුදුසුද? මේ කාර්යය සදහා මීට අමතරව භාවිතා කළ යුතු උපකරණ සහ රසායණික මිශ්‍රණ පිළිබදව  යනාදී කරුණු රැසක් දැන ගැනීමට හැකියි.




Wednesday, September 21, 2016

ටයර් වල අකුරු පාට කරගන්නේ මෙහෙමයි - Tire Lettering Paint "How To"

ඔබ ඇතැම් විට දැක ඇති පාරේ යන ඇතැම්වා වාහන වල ටයර් වල ඇති අකුරු බහුල ලෙස සුදු හෝ වෙනත් පැහැයන්ගෙන් පාට ගන්වා ඇති අයුරු. අව්‍යශ නම් ඔබටත් ගෙදෙරදීම පොඩි වෙලාවක් ඒ සදහා වෙන්කිරීමෙන් කරගැනීමට පහසුවෙන් පුළුවන්. හැබැයි ටිකක් ඉවසීම ඕන අකුරුවලින් පිටතට නොගොස් මේ කාර්යය කර ගැනීමට. අනෙක තමයි තමන් කැමති වර්ණයේ සුදුසු තීන්ත ඇති මාධ්‍යයක් සොයා ගැනීමට සිදුවෙනවා. එයත් ටිකක් මහන්සි වුනොත් සොයාගන්න බැරි වෙන එකක් නැහැ. මෙන්න මේ වීඩියෝවේ මේ අකුරු පාට කරනගන්නේ කොහොමද කියලා සරළව තිබෙනවා.


https://www.youtube.com/watch?v=St33WWqY578