Monday, June 30, 2014

යුද පිටියේ සතුරන් බියට පත් කළ ඩ්‍රෝන යානා සහ එහි කාර්යය වෙනස් වූ හැටි‍‍‍...

ඩ්‍රෝන යානා, එසේත් නැත්නම් UAV (Unmanned Ariel Vehicles)/RPAS (Remotely Piloted Aerial System) ලෙස හදුන්වන ඉතාමත් ගුවන් නියමුවන් රහිත ගුවන් යානා විශේෂය මෑත කාලීන යුදබිමේ නැතුවම බැරි අංගයක් වූ බව ගුවන් යානා පිළිබදව යම් දැනුමක් ඇති අය දන්නා කරුණක්. විශේෂයෙන් මීට වසර පහකට පෙර අවසන් වූ ලංකාවේ යුද වාතාවරණය තුලද මෙවන් යානා ඔත්තු බැලීම සදහා යොදා ගත් බව නොරහසක්. අප රටේදී මෙම යානා විශේෂයන් ඔත්තු බැලීම සදහා පමණක් යොදා ගත්තද ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයට හා ඉරාකයට එරෙහිව දියත් කළ සංග්‍රාම වලදී ඩ්‍රෝන යානා සතුරන් නැසීමේ මෙවමක් ලෙසද භාවිතා කරනු ලැබුවා. 

හැබැයි මෙම UAV ඉතිහාසය අද ඊයෙක එකක් නොවෙයි. 1916 දී තමයි මුලින්ම නියමුවන් රහිත ගුවන් යානායක් ගුවන් ගත කරන්න බ්‍රිතාන්‍ය ජාතික කීර්තිමත් විද්‍යාඥයකු වූ Archibald Montgomery Low විසින් උත්සහ දරලා තිබෙන්නේ. එහෙත් එම වෑයම සාර්ථක වෙලා නම් නැහැ.
http://en.wikipedia.org/wiki/Archibald_Low

කෙසේවෙතත් එයින් වසර 35 කට පමණ පසුව ජෙට් තාක්‍ෂනයෙන්ද යුතු නියමුවන් රහිත යානා නිපදවීමට Ryan Aeronautical සමාගම සමත් වූවා. ඔවුන්ගේ එම සාර්ථක නිපැයුම Ryan Firebee ලෙස හැදින්වූ අතර එය එක් නිපැයුමක් නොව විවිද අංගවලින් දියුණු කරන ලද නිපැයුම් පෙලක් ලෙස හැදුන්වනු ලබනවා.
http://en.wikipedia.org/wiki/Ryan_Aeronautical_Company
http://en.wikipedia.org/wiki/Ryan_Firebee

1973 දී ඊශ්‍රායලයේ Tadiran Electronic Industries විසින් නිපවනු ලැබූ Tadiran Mastiff නම් වූ නියමුවන් රහිත යානය අද භාවිතා කරන යානාවල ආකෘතියේ මූලාරම්භකයා කියුවත් වරදක් නැහැ. මුලින්ම Data-link එකක් යොදාගත් යානා විශේෂය මෙය වූවා. ඒ නිසා  real-time video streaming පහසුකම ලබාදීමේ හැකියාවද මේ යානාවල යුතු වූ නිසා ඔත්තු බැලීමේ කාර්යයටද ඉතාමත් යෝග්‍ය වූවා.
http://en.wikipedia.org/wiki/Tadiran_Mastiff

UAV යානා ‍ ක්‍ෂෙත්‍රයේ තවත් පියවරක් ඉදිරියට තබමින් 1994 දී General Motors ආයතනය විසින් නිපදවනු ලැබූ General Atomics MQ-1 Predator යානා විශේෂයට AGM-114 Hellfire මිසයිල දෙකක් රැගෙන යාමට පමණක් නොව ඒවා අදාල ඉලක්කය වෙත නිවැරදිව එල්ල කරමින් විනාශයටද ලක් කිරීමේ හැකියාවද ලබාදී තිබූ අතර මෙම මිසයිල දෙකට අමතරව වෙනත් ගිනිඅවිද සවිකර තිබූ නිසා ඇමරිකාවේ උදහසට ලක්වූ සතුරන්ට භීතියක් ගෙන දුන්නාට සැකයක් නැහැ. එසේම මෙහි කැමරා උපාංග සහ සංවේදක උපකරණද පෙර තිබූ යානාවට එම උපකරණ වලට වඩා තවත් දියුණු තත්ත්වයට පත් ඇති බවත් පැවසෙනවා. මෙම යානා ඇමරිකානු ආරක්‍ෂක විසින් පමණක් භාවිතා කරනු ලබන අතර 1995 සිට ඔවුන් සටන් වැදුන සෝමාලියා, බොස්නියා හා සර්බියා, ඇෆ්ගනිස්ථාන, ඉරාක, යේමනය හා ලිබියාව තුලත් පකිස්ථානයේ තලෙයිබාන් හා අල්කයිඩා සාමාජිකයන් සොයා සිදු‍කළ මෙහෙයුම් සදහාත් භාවිතා කළ බව පැවසේ.
http://en.wikipedia.org/wiki/General_Atomics_MQ-1_Predator
http://en.wikipedia.org/wiki/AGM-114_Hellfire


එයිනුදු නොනැවතී මේ වන විටත් භාවිතා කෙරෙන F-16 ප්‍රහාරක ජෙට් යානාද නියමුවන් රහිත භූමියේ සිට දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කරන යානාබවට පරිවර්ථනය කරන්නට ඇමරිකානු ගුවන් යානා විශේෂඥයන් කටයුතු යොදමින් සිටින බව ඇමරිකානු සතුරන්ගේ සිත් නොගන්නවා අැති.

මුලින් සාග්‍රාමික කටයුතු පමණක් ඉලක්ක කර තැනුන මෙම නියමුවන් රහිත යානා අදවන විට කුඩාවට මෙන්ම බහුවිද කටයුතු සදහාද භාවිතා කිරීමට හැකි සේ නිරායුද කොට නිපදවා තිබීමත් සතුටින් පැවසිය හැකිය.  

භූමිකම්පා වැනි ස්වභාවික උපද්‍රව සිදුවූ අවස්ථාවල මිනිසුන්ට පිවිසිය නොහැකි ස්ථාන හා ගලවා ගැනීමට යන පිරිස් වලද ජීවිත වලටද තර්ජනයක් විය හැකි අවස්ථාවල නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඩ්‍රෝන යානා භාවිතා කරන අතරම හරිකේන් වැනි අවස්ථාද ආසන්නයේ සිට නිරීක්‍ෂනයටද යොදා ගනී. ගිනිකදු විදාරනය හා වෙනත් විද්‍යාතමත තොරතුරු ගවේෂන කාර්යයන් හිදී මනුෂ්‍ය ජීවිත අවධානමේ යොදනවාට වඩා මෙවන් යානා යොදා ගෙන එම අවස්ථා නිරීක්‍ෂනයටද අදවනවිට විද්‍යාඥයන් පෙළඹී තිබේ. එසේම වදවී යන වන ජීවින් පිළිබදව නිරතුරු නිරීක්‍ෂනයටද මෙම යානා දකුණු අප්‍රිකාව, මැලේසියාව වැනි රටවල් යොදා ගන්න බව දැනුවත් වීම වැදගත්ය.


මාධ්‍යවේදීන් සිය මාධ්‍යකරණයේදී  ගුවන් මගින් එය නිරීක්‍ෂනයට සහ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබා ගැනීමටද නියමුවන් රහිත යානා යොදා ගන්නා අතර ක්‍රීඩා තරඟ වැනි අවස්ථාවලදීද වර්ථමානයේ මෙම යානා මහෝපකාරීවන බව පැවසේ.

ඩ්‍රෝන යානා විවිදාකාර ප්‍රමාණ‍යන්ගෙන් යුතු වන අතර ද්‍රව හයිඩ්‍රජන් මෙන්ම සූර්ය බලයද බලශක්තිය ලෙස යොදා ගනිමින් පැය 24 කට වඩා වැඩි කාලයක් (ඇතැම් ඒවා දින කිහිපයක් වුවත්) නැවත භූමියට නොපැමිණ ඉහල අහසේ රැදෙමින් සිය කාර්යය සිදු කිරීමට හැකි අයුරින් නිපදවා තිබේ. 



මේ වාසිය සංග්‍රාමික අවස්ථාවල සතුරන්ගේ ඔත්තු බැලීමට සේවා සිවිල් කටයුතු වලදීද ‍යොදා ගැනීමට ගූගල් හා ෆේස්බුක් වැනි සමාගම් දැන් සිටම ක්‍රියාකරගෙන යයි. ඒ මීටර් 20,000 තරම් ඉහල අහසේ දීර්ඝ කාලයක් රඳවා තබමින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට අපහසු භූවිද්‍යාත්මක ප්‍රදේශයන් හිදී සහ තවමත් අන්තර්ජාල පහසුකම් ලබාදී නොමැති සහ ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් යොදවා යටිතල පහසුකම් සැකසිය යුතු ප්‍රදේශයටන්ට අන්තර්ජාලය ව්‍යාප්ත කිරීම තුලින් සිය සේවාවන් සදහා පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීමට ඔවුන් සැරසේ. එම අරමුණ සාක්‍ෂාත් කරගැනීම උදෙසා ලොව මේ වන විට නිපදවා ඇති සූර්ය බලයෙන් ක්‍රියාත්මක කළ හැකි විශාල ප්‍රමාණයේ ඩ්‍රෝන යානා තමන් වෙත නතු කර ගැනීමටද උක්ත සමාගම් විසින් කටයුතු යොදා අවසන්ය.

9 comments:

  1. ඩ්‍රෝන් ගැව විස්තරයටයත් ඔය ගුගල් ලා කරන්න යන විස්තරයයි කිව්වට බෝම ස්තුතියි.. ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර හැකි යානා ඇති ආසියාතික රටවල් මොනවාද??

    ReplyDelete
  2. බොහොම හොඳ ලිපියක් දිනේෂ්. මේ ගැන මමත් සවිස්තරාත්මක ලිපි මාලාවක් ලිව්වා. ඒ ලිපිමෙතනින් බලන්න පුළුවන්

    ReplyDelete
  3. බොහොම අපූරු විස්තරයක් අයියේ..

    ReplyDelete
  4. ස්තුතියි විස්තර වලට

    ReplyDelete
  5. බොහොම වටිනා ලිපියක් දිනේෂ් මහත්මය ...ඔබගේ ලිපියට තවත් යමක් ඈදීමට කැමතියි .. අද වෙනකොට ඇමරිකානුවන්ගේ UAV 400 පමණ කඩා වැටිලා තියෙනවා .මේබව ජුනි 30 වෙනිදා star and stripes කියන ඇමරිකානු මිලිටරි පුවත් පතේ සිරතලය වුණා . ඔවුන් කියන්නේ 2001 සිට 400ට වැඩ ලොව පුර කඩ වැටි ඇතිබවයි . බොහෝමයක් තාක්ෂණික දෝෂ හා අත්වැරදීම් සහ කාලගුණ තත්වයන් නිසා වෙලා තිබෙන්නේ .
    ඔවුන්ට මෙය ලොකු අබියෝගයක් වෙලා, ගෙවල් ,වතු, ගුවන් පත,මහාමාර්ග , වලට පමණක් නොව එක වරක් ගුවනේදී Airforce c -130 Hercules වර්ගයේ ප්‍රවාහන යානයකද වැදී විනාශ වීමයි .
    ගුවනේදී ග්‍රහණයෙන් ඇත්වීම තවත් ලොකු ප්‍රශනයක් ..2009දී අඩි 66 දිග තටු ඇති යානාවක් ඇෆ්ගනිස්ථාන් අහසේදී ග්‍රහණයෙන් මිදීම නිසා ප්‍රහාරක යානාවන් ලවා වෙඩි තබා බිම හෙලීමට ඔවුන්ට සිදු වෙලා තිබෙනවා . මෙවැනි බොහෝ සිදුවීම් මත UAV යානාවන් ගැන ඔවුන් සාර්ථකවී ද යන්න ඔවුන්ටම අද ප්‍රශනයක් වී ඇත....(හමුදාමය පැත්තෙන් බලු කල )

    ReplyDelete
  6. Dear Mr. Dinesh
    I am a new comer of your Blog site. I read most of your articles. It`s wonderful and joy to read. Very thoughtful and summery essays.. Thank you for your effort and keep it up please. Also i would like to invite to you write an article about a Atom to neulear fission / fussion bomb which is the most leathel weopon in the world today. Ther is a wonderful book name "From Athens to Hiroshima written by Rasil Warnakulasooriya in sinhala. It does explain from Dolton`s atom`s theory to Man Hatton project whare the first atom bomb was built and explotion with rear wondorful pictures of scientists as well. I just remind you about a another tropic. Please think about it.
    Priyantha Abhayarathna
    Kelaniya

    ReplyDelete
  7. drone plane walin internet dena eka lankawata wedagath wei wage

    ReplyDelete
  8. ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

    ReplyDelete
    Replies
    1. මා පසුගිය කාලය පුරාවටම වෙනත් කාර්යයන් සදහා කාර්යය බහුලව සිටි නිසා ඔබ තැබූ මෙම පණිවිඩය නොදුටු අතර මෙම කාර්යයට මාහට සම්බන්ධ වීමට අවාසනාවට නොහැකිවූවත් ඔබ ඒ වෙනුවෙන් මා දැනුවත් කිරීම පිළිබදව ස්තූති වන්ත වෙමි. තවද ඉදිරියේදී යම් පණිවිඩයක් ලබා දීමේ අවශ්‍යතාවයක් උද්ගතවුවහොත් කරුණාකර මාගේ dguruge@gmail.com ලිපිනය වෙතට ලබාදෙන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි!

      Delete