Friday, September 9, 2016

Geoffrey Rush සිනමාවේදියා ගැන සුළුවෙන් යමක්....

Geoffrey Rush, මේ නම කියූ සැනින් ඇතැම් විට ඔබගේ මතකයට නාවත් Pirates of Caribbean සිනමා ත්‍රිත්වයේ හමු වූ නෞකා කපිතාන් Barbossa මතකයේ ඇතැයි සිතමි. 

තවත් අතකින් අප කුඩා කාලයේ සිත් ගත් විශිෂ්ඨ ගණයේ නවකතාවක් වන අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා විසින් සිංහලයට පරිවර්ථනය කෙරුණ මනුතාපය හෙවත් ප්‍රංශ මහා ගත්කතුවරයෙකු වන Victor Hugo මහතා (https://en.wikipedia.org/wiki/Victor_Hugo)විසින් රචිත 19 සියවසේ බිහිවූ අතිවිශිෂ්ඨතම කෘතියක් ලෙස සැලකෙන Les Misérables (https://en.wikipedia.org/wiki/Les_Mis%C3%A9rables) අනුසාරයෙන් 1998 දී හොලිවුඩ් චිත්‍රපටියක් ලෙස නිපැයුන Les Misérables චිත්‍රපටියේ දුෂ්ඨයා හෙවත් පොලිස් පරීක්‍ෂක Javert චරිතයට පන දුන්නේද අප මේ කතා කරන Geoffrey Rush කලාකරුවා විසිනුයි.(http://www.imdb.com/name/nm0001691/)



එකිනෙකට හාත්පසින්ම වෙනස් රංගන ශිල්පයක් අනුගමනය කළ යුතු චිත්‍රපටි ගණනාවක රඟපා ඇති  ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලබා තවත් විටක එම සම්මානය සදහා නිර්දේශයටද ලක්වූ මෙම සිනමාවේදියා තවත් අවස්ථාවක මා දුටුවේ ඉහල ගණයේ කලා නිර්මාණ වෙන්දේසිකරුවෙකු ලෙස චරිතයකට පන දුන් 2013 වසරේ තිරගතවූ The Best Offer චිත්‍රපටියේදීය.

එහෙත් ඔහුට ඔස්කාර් සම්මානය ලැබීමට හේතුපාදකවූ,  1996 දී තිරගතවූ Shine චිත්‍රපටිය නම් තවමත් මා නරඹා නොමැති අතර එය අනිවාර්යයෙන්ම ඉදිරියේදී නරඹන්නට අදහස් කරගෙන සිටින්නෙමි.

තවද මාගේ සිත්ගත් චිත්‍රපටියක් වූ සත්‍ය කතා පුවතක් ඇසුර කරගෙන නිර්මාණය වූ, ඔස්කාර් සම්මාන ගණනාවකින්ද පිදුම් ලැබූ, 2010 වසරේ තිරගතවූ The King's Speech චිත්‍රපටියේදීද, කථන චිකිත්සකයෙකු ලෙස කරන ලද රඟපෑමද විශිෂ්ට බවකින් යුතුවූ අතර එය වෙනුවෙන් ඔස්කාර් සම්මාන සදහා හොදම සහය නළුවා ලෙසද නිර්දේශයට පාත්‍රවිය.


8 comments:

  1. Pirates of caribbean, les miserable චිත්‍රපටි දෙකනම් ජීවිතේට අමතක වෙන ඒවා නෙමෙයි. සෑහෙන කාලෙකට කලින් බලපුවා වුනත් අදටත් මතකයි. best offer, shine කියන දෙක බලල නැහැ. හොයාගෙන බලන්න ඕන.
    the book thief චිත්‍රපටයත් ඔහු රඟපෑ හොඳ නිර්මානයක්.බලල තියනවද ඒක?

    ReplyDelete
    Replies
    1. The Book Thief දෙවන ලෝක යුද්ධය සිදුවූ අවධිය පදනම් කරගෙන තැනූවක් බව දැක තිබෙනවා. ඒත් චිත්‍රපටිය නම් නරඹා නැහැ...

      Delete
    2. THE BOOK THIEF කැමතිනම් මෙතනින් අරගෙන බලන්න.

      Delete
  2. මාත් ඔය කියන චිත්‍රපට දෙකටම කැමතියි. නළුවා ගැන වැඩිය දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන් Pirates of Caribbean සහ Les Misérables කියන චිත්‍රපටි දෙකේම මොහු රඟපෑවේ දුෂ්ඨ චරිතය නිසා අප ගොඩක් දෙනෙකු අවධානය දෙන්නේ සුදු චරිතය වන ප්‍රධාන චරිතයට වීමත්, අනෙක් චිත්‍රපටි දෙක ක්‍රියාදාම චිත්‍රපටි නොවීම නිසා වැඩි අවධානයක් යොමුනොවන්නටත් ඇති...

      Delete
  3. මෙවැනි ශ්‍රේෂ්ඨ රංගධරයන්ගේ කුසලතා රසවිඳින්නට භාෂාව බාධකයක් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සත්‍යයක්. කලාවේදී භාෂාව ගැටළුවක් නැහැ.කලාව කියන්නේ විශ්ව භාෂාවක්....

      Delete