Friday, September 23, 2016

ඔබගේ වාහනයේ එන්ජිමට ඊලඟ වතාවේ නිකම්ම අහුවෙන Engine Oil වර්ගයක් දමනවා වෙනුවට මේ කාරණා සලකා බලා හොද එන්ජින් තෙල් වර්ගයක් යොදන්න...

සමහරවිට ඔබ බලනවා ඇති ඇයි මේ රථවාහන වලටම අදාලව ලිපි එකලග පළ කරන්නේ මොකද? කියලා. එහෙම විශේෂයක් නැහැ දිග ලිපියක් ලියනාඅතරතුර මතකයට එන මොකක් හෝ කාරණයක් සම්බන්ධයෙන් යමක් ලියා තබන්නට තමයි දැන් අදහස් කරගෙන සිටින්නේ. ඔබට කුමක් හෝ වාහනයක් තිබේ නම් එහි සේවාකටයුතු සදහා යෑමේදී හෝ අදාල දුර සීමාවට පසු එන්ජින් තෙල් දැමීමේදී නිකම්ම අතට අහුවෙන එන්ජින් තෙල් වර්ගයක් යොදනවාද? මිල අතර යම් යම් වෙනසක් ඇතත් හොද ඔයිල් වර්ගයක් යොදනවා නම් එය එන්ජිම් කල්පැවැත්ම, එදිනෙදා භාවිතයේදී එන්ජිම වඩාත් සුමට ලෙස භාවිතය, වෙනකක් තබා කරදරයක් නැතුව උදේට වාහනය පණ ගන්නවන්නට හෝ දවස් කිහිපයක් වාහනය පණ ගන්වා නොතිබුනද එකවර වාහනය පණ ගන්වන්නට මෙලෙස හොද එන්ජින් තෙල් වර්ගයක් භාවිතයෙන් හැකි බව මා හොදින් අත්දැකීම් ලබා තිබෙනවා.

මොනවද මේ හොද එන්ජින් ඔයිල් කියන්නේ? එන්ජින් ඔයිල් ගත්තහම එහි සන්නාමය පිළිබදවත් සැලකිලිමත්විය යුතුයි. වසර ගණනාවක ඉතිහාසයක් ඇති හොද ඔයිල් වර්ග කිහිපයක්ම ලංකාවෙත් තිබෙනවා. ඒ එක්කම SAE (Society of Automotive Engineers) අගය, API අගය, Mineral, Semi-Synthetic හෝ  Synthetic යන තෙල් වර්ග යනු මොනවාද? එන්ජින් ඔයිල් වලට යොදන වෙනත් රසායනික එකතුවන් නිසා එන්ජිමට ලැබෙන වාසි මොනවාද? සහ තවත් බොහෝ දේ මේ වීඩියෝ‍ෙවෙන් පැහැදිලි කර දේවි...


5 comments:

  1. වෙලාවට ඔයිල් මාරු කරේ නැත්තං ඇංජිම ලෙඩ දෙනවා. ඕ යේස්

    ReplyDelete
  2. ජපන් වාහනයක් ගන්න

    ReplyDelete
    Replies
    1. ජපන් නෙමෙයි මොන වාහනය ගත්තත් Engine Oil දාන්න වෙනවා..

      Delete
  3. මා හිතනවා දැන්නම් අපේ වාහන හිමියන් බහුතරයක් මේ කරුණු ගැන අවධානය යොමු කරනවා කියා.

    ReplyDelete
    Replies
    1. බහුතරයක් කියන්නේ මෙහෙමයි, අළුතින්ම වාහනයක් ගන්න කෙනෙක් නම් බොහෝවිට මේ පිළිබදව අවධානයක් යොමුකළත් කෙනෙකු කලින් භාවිතා කල පැරණී වාහනයක් ගත්ත කෙනෙක් නම් එතරම්ම සැලකිල්ලක් මේ ගැන දක්වන්නේ නැහැ. එය මා ප්‍රායෝගිනවම දන්නා කාරණයක්...

      Delete