Tuesday, May 21, 2013

දීර්ඝතම සටන් විරාමය අත්සන් තැබේ - 5වන කොටස

මැක් ආතර් ඉවත් කළත් කොරියානු යුද බිමේ කෲරත්වය අඩුවීමක් දෙපසින්ම සිදුවූයේ නැත. චීන ප්‍රහාර වලදී පළමු අවස්ථාවේ දැඩි ධෛර්යයකින් සටන් කර ජයගත්තත් ක්‍රමයෙන් එම ධෛර්යය අඩුවන බව ජනරාල් රිජ්වේ වටහා ගත්තේය. ඔහු එම දුර්වලකම වටහා ගනිමන් ප්‍රහාර එල්ල කරන අතරේ අත්පත් කරගන්නා භූමියේ ඉදිරි ආරක්‍ෂක වළල්ල ඇමරිකානු ප්‍රාන්ත නමින් නම්කොට වළලු දැඩි ලෙස ආරක්‍ෂා කර ගැනීමට වඟබලා ගත්තේය.

කෙසේවෙතත් 1951 අප්‍රේල් 27 වනදා මධ්‍යයේ පිහිටි දුර්වල දකුණු කොරියා ආරක්‍ෂක වළල්ලක් වෙත දැඩි ප්‍රහාරයක් චීන-උතුරු කොරියා හමුදාවන්ගෙන් එල්ල වූ අතර එම ආරක්‍ෂක වළල්ල හැරදා ඊට පසුපසින් පිහිටි ආරක්‍ෂක වළල්ල වෙත නැවත පසුබෑමටද සිදුවිය. නැවතත් සති දෙකකට පසු නව පිහිටුම වෙතද ප්‍රහාර එල්ල වූ අතර වර නම් චීන-උතුරු කොරියා හමුදාවන්ට මදි නොකියන්නට පහර වැදුණේය. මෙහිදී හොදින් සූදානම්ව සිටි UN හමුදා දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළ අතර ඇතැම් වාර්තා පවසන පරිදි එතෙක් මෙතෙක් වාර්තා වී ඇති පැය 4 ක් තුළ වැඩිම Rounds ගණනක් වන 15,000 පමණ භාවිතා කළ බවද පැවසේ. මෙම ප්‍රහාරයේදී චීන-උතුරු කොරියා හමුදා භටයන් 35,000 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් හෝ තුවාල ලබන්නට ඇති බව පවසන අතර UN හමුදාවන්ගෙන් මිය ගොස් හෝ තුවාල ලබා ඇත්තේ 900 දෙනෙකු පමණි. මෙම ප්‍රහාර දෙකින් පසු චීන-උතුරු කොරියා හමුදාවන්ගෙන් මහා පරිමාණ ප්‍රහාර එල්ල නොවූ බවද වාර්තා වේ.


චීන-උතුරු කොරියා හමුදා ප්‍රහාරක බලය අඩුවීමත් සමග සහ නැවත UN හමුදා අලුගසා බසා නැගිටීමත් සමග දැන් සාම සාකච්ඡා සදහා හොදම වෙලාව පැමිණ ඇතැයි ජනරාල් රිජ්වේ වොෂිංටනයටද දන්වා යැවුවේය. සාමය සදහා කතා බහට කැමතිදැයි චීනයෙන්ද විමසා සිටි අතර එයින් මාස 3 ක් ඉක්ම ගිය තැන ඔවුන් එයට කැමැත්ත පළ කර දැන්වූ පසු දෙපාර්ශවය අතර සාකච්ඡා Panmunjom හිදී ආරම්භ කරන ලදි.සාම සාකච්ඡා මේසයට පැමිණෙන විට දෙපාර්ශවය පැමිණියේ තමන් යුද්ධයෙන් ජයගෙන ඇතැයි යන මතයේ පිහිටාය. එය එක් අතකට සත්‍යයකි. ඇමරිකානු හමුදාව දකුණු කොරියාව 1950 දී උතුරු කොරියානුවන්ගෙන් මුදවා ගත් අතර නැවත වරක් 1951 මාර්තුව අවසානයේ දකුණු කොරියාවේ උතුරේ රැදී සිටි චීන-උතුරු කොරියානු හමුදා පලවා හැර නැවත වරක් 38 වන ‍සමාන්තර රේඛාවෙන් ඔබ්බටද ගමන් ගත්හ. (එහෙත් 38 වන රේඛාවේ පහළින් වූ Kaesong ප්‍ර‍දේසය ආශ්‍රිතව චීන-උතුරු කොරියානු හමුදා රැදී සිටීම දිගටම සිදුවිය. ) අනිත් අතින් උතුරු කොරියාව ආක්‍රමණය කළ UN/ඇමරිකානු හමුදා වන්ට එළව එළවා පහර දෙමින් නැවත උතුරු කොරියාව මුදවා ගන්නට චීන-උතුරු කොරියානු හමුදා සමත් විය. අතින් ඔවුන් ජයග්‍රාහකයන්ය.  


මෙහිදී චීන-උතුරු කොරියානු පාර්ශවයෙන් ඉල්ලූ කොන්දේසි වූයේ නැවත 38 වන සමාන්තර රේඛාවන්ට UN/ඇමරිකානු හමුදා පසුබැස පැරණි උතුරු-දකුණු කොරියා දේශ සීමා ස්ථාපනය කිරීම, තම යුද සිරකරුවන් නැවත ලබා දීමයි. එහෙත් එම ඉල්ලීම ඔවුන්ට වාසි දායක නමුත් UN/ඇමරිකානු හමුද සදහා වාසි දායක එකක් නොවීය. මන්ද අල්ලා ගන්නා සිරකරුවන්ට මරාදැමීම හෝ වද දීම UN/ඇමරිකානු හමුදවන්ගෙන් අඩු වූවත් චීන-උතුරු කොරියානු හමුදාවන්ට මුල් කාලයේ හසුවූ සියලුම ප්‍රතිවාදී භටයන් අනුකම්පා විරහිතව මරා දැමීම හෝ වද දීම සිදු කළ අතර පසුකලෙක ඔවුන් යුද සිරකරුවන් සදහා වූ කදවුරු වලට ගාල්කොට අවම පහසුකම්, අවම ‍ප්‍රතිකාර ඔස්සේ රදවනු ලැබුවා පමණක් නොව කොමියුනිස්ට්වාධයෙන් හිස පුරවා මොළ ශෝධනයකටද ලක්කළේය. යුද්ධයේ අවසාන අදියරේදී එනම් 1953 අප්‍රේල් වන විට දුර්වල හෝ අසනීප සොල්දාදුවන් හුවමාරු කර ගැනීමට දෙපාර්ශවයම එකඟ විය. ‍කෙසේවෙතත් UN/ඇමරිකානු හමුදා පාර්ශවයේ මෙම දුර්වල හා අසනීප සොල්දාදුවන් ‍බොහෝමයක් පසුව මියා යාම හෝ මානසික ආබාධවලට ලක්වූ බවද සදහන්ය. භූමිය අතින් ගත්විට චීන - උතුරු කොරියානු හමුදා රැදී සිටි භූමියට සාපේක්‍ෂව UN/ඇමරිකානු ‍සොල්දාදුවන් අල්ලා ගත් භූමිය විශාලත්වයෙන් වැඩිවිය.

සටන් විරාම සාකච්ඡා 1951 දී ඇරඹුනද එය එක්වරම සාර්ථක නොවුණි. බොහෝවිට‍ මෙයට හේතුවූයේ සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබදව දෙපාර්ශවය අතර තිබූ පරස්පරතාවයන් බවද පැවසේ. 1953 ජූලි 27 වනදා දෙපාර්ශවය සටන් විරාම ගිවිසුම අත්සන් කරන තුරු යුද වැදීම සිදුවූ නමුත් දෙපාර්ශවයම මහා පරිමාණ මෙහෙයුම් සදහා යොමු නොවී තමන් අල්ලා ගත් සීමාවන් තහවුරු කර ගැනීම සදහා ආරක්‍ෂක විධිවිධාන තර කර ගනිමින් සිටීම හෝ විවේක අවස්ථාවල සටනෙන් මිය ගිය සගයන් වෙනුවෙන් කළ හැකි ආගමික වත් පිළිවෙත් හා ආවර්ජනයන් සහ සැහැල්ලුවෙන් වෙනත් ක්‍රියාකාරකම් වල යෙදීම ඇමරිකානු පාර්ශවය වෙතින් නම් සිදුවිය. 

1953 ජූලි 27 වනදා දෙපාර්ශවය සටන් විරාම ගිවිසුම අත්සන් කළත් එම ගිවිසුම දකුණු කොරියාව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබූ අතර ඔවුන්ට අවශ්‍ය වූයේ ඇමරිකානු ලේ මස් කදුළු වලින් හෝ ධනවාදී එකසත් කොරියාවක් බිහිකිරීමයි. කෙසේවෙතත් අනුන්ගේ පානින් එළිය බලා ගන්නට දකුණු කොරියාවට අවශ්‍ය වූවත් අනිත් සියලු පාර්ශව වලට යුද්ධය අවසන් කර ගැනීමට අවශ්‍ය විය.

අයට විවිධ හේතු තිබූ අතර ඇමරිකාව පැත්තෙන් ගත්විට දෙවන ලෝක යුද්ධයෙන් පසුව ක්‍ෂණිකව හමුදා බට පිරිස් මෙන්ම අවි ආයුධ නිපදවීම අඩු කර තිබූ ඔවුන්ට කොරියානු යුද්ධය අහක යන කරදරයක් විය. දෙවන ලෝක යුද්ධයේ අවසානය සිටම ඔවුන්ගේ අවධානය යොමුව තිබුණේ යුරෝපයේ කොමියුනිස්ට් තර්ජන කෙරේ වූ අතර එයට මෙම කොරියානු යුද්ධය එක් අතකින් කරදරයක්ද විය. අනිත් අතින් ලෝක යුද්ධයෙන් පසු ගෙදර යාමට සිටි ආසියාකරයේ රැදී සිටි සොල්දාදුවන් බොහෝමයකට ගෙදර යන්නට වූ‍යේ මිනී පෙට්ටියක සැතපීය.තවත් පැත්තකින් බිලියන ගණනක මුදලක්ද මෙම යුද්ධය වෙනුවෙන් ඔවුන්ට වැයවිය.

සෝවියට් දේශයට වෙනමම බියක් තිබුණි. මෙම යුද්ධයේ ඇමරිකානු හමුදා 1950 නොවැම්බරයේ පසුබැසීමත් සමග ඔවුන් න්‍යෂ්ටික අවි භාවිතා කරනු ඇති බව සෝවියට් දේශය විශ්වාස කළ අතර එය සත්‍යයක්ද විය. 1951 මුල හෝ එම වසරේ අප්‍රේල් වන විට Mark 4 න්‍යෂ්ටික බෝම්බ කිහිපයක්ම ඇමරිකාවට අයත් Guam දූපත් වෙත කොටස් කිහිපයක් අඩුවෙන් ප්‍රවාහනය කර තිබූ අතර හේතු කිහිපයක් නිසා මෙම න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරය සිදු නොවීය. එක් හේතුවක් නම් මෙම බෝම්බ හෙළීමට යොදා ගැනීමට අපේක්‍ෂා කල B-29 Super fortress ගුවන් යානා කිහිපයක්ම සතුරන් විසින් බිම හෙළා සිටීම, මෙම ප්‍රයත්නය පිළිබදව අංශුමාත්‍රයකින්ම සැළවුන වහා UN හමුදා සදහා දායකත්වය ලබා දී තිබූ සහ ඇමරිකාවේ හොදම මිතුරු බ්‍රිතාන්‍ය මෙම තීරණයට එකහෙළා විරුද්ධ වීම සහ තෙවන ලෝක යුද්ධය ඇවිලීමට මෙය හේතුවක් වනු ඇත්දෝයන සැකය මත ඇමරිකාව මෙම තීරණයට එදා නොඑළඹුණි (https://en.wikipedia.org/wiki/Mark_4_nuclear_bomb).
එහෙත් ඇමරිකාවු මෙම තීරණය ක්‍රියාත්මක ‍නොකළත් එය පිළිබදව නොදත් සෝවියට් දේශය මෙම බෝම්බ ප්‍රහාර එල්ල වනු ඇතැයි බියෙන් ඇමරිකාව කොරියාවම අල්ලා ගත්තත් කමක් නැහැ යන ආකල්පයේ ඔවුන් සිටි අතර ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ කෙසේ හෝ ජපනයට ප්‍රහාර එල්ල කර ජපානය තමන් සතු කර ගැනීමයි.

(As early as November 30, 1950, Truman said the United States might use any weapon in its arsenal to hold back the Chinese, an oblique reference to the atomic bomb. This threat apparently deeply worried Stalin. According to a high official who served at the time in the KGB (the Soviet intelligence agency), Stalin feared that global war would result from the American defeat in northern Korea and favored letting the United States occupy all of Korea. 'So what?' Stalin is reported to have said. 'Let the United States of America be our neighbors in the Far East. … We are not ready to fight. 


The U.S. government seriously considered using nuclear weapons in Korea in early 1951. The immediate threat was the USSR’s deployment of 13 air divisions to East Asia, including 200 bombers that could strike not just Korea but also American bases in Japan
Source : Encarta 2008)

චීනයට තිබුනේ වෙනත් අදහසකි ඔවුන්ට තවත් ප්‍රහාර කිහිපයක් කොරියානු මැද ප්‍රදේශයේ එල්ල කර තම බලය අපකීර්තිමත් නොවන ලෙස තහවුරු කර ගැනීමයි. උතුරු කොරියාව පැත්තෙන් යුද්ධය අවසන් නොවී දිගින් දිගටම පැවතීම තුළින් නැවත වරක් තම රට අහිමිවේය යන සැකය ඔවුන්ට තිබෙන්නට ඇති.

දෙපාර්ශවයම කේවල් කරමින් සාම සකච්ඡා පැවතෙන අතරවාරයේ F-86 sabre ජෙට් යානා යොදවා උතුරු කොරියානු ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් සතුරු Mig - 15 ගුවන් යානා පසු පස ලුහුබදිමින් ප්‍රහාර එල්ල කිරීමද සිදු කරන ලදි. 
http://en.wikipedia.org/wiki/North_American_F-86_Sabre

එකල මෙම ගුවන් යානා දෙකම ඉහළම හැකියාවන්ගෙන් යුතු වුවත් ඇතැම් ගුණාංග අතින් F-86 sabre ජෙට් යානා, Mig - 15 වලට වඩා ඉදිරියෙන් විය. තවද ටෲමන් විසින් පනවා තිබූ නියෝගයක් වූයේ මොනම හේතුවක් නිසාවත් යාළු නදිය පසුකර චීනයට අයත් අහස් සීමාව ආක්‍රමණය කර සතුරාට පහර නොදිය යුතු බවයි. එහෙත් ටික කලෙකින් අනාවරණය වූ රහස් ලිපිලේඛන වලට අනුව සෝවියට් රේඩාර් පද්ධති වලට පහළින් ගමන් ගන්නා ගුවන් යානා හසුකර ගත නොහැකි නිසා වාසිය අත් කරගනිමින් පෙර නියෝගය නොතකා ප්‍රහාර එල්ල කිරීමෙන් ගැටලුවක් නොවන බව වටහා ගත් ගුවන් නියමුවන් පහළින් ගොස් මිග් යානා විනාශ කර දැමීමට චීන අහස් තලයටද ඇතුළු වු අතර පිළිබදව නියමුවන් කිසිවක් සිය ඉහළ නිලධාරීන්ට පැවසීමක් සිදු නොකළ අතර ඉහළ නිලධාරීන්ද පිළිබදව ගුවන් නියමුවන්ගෙන් විමසා නොසිටින ලදි

http://www.militaryfactory.com/articles/102/mig15-versus-sabre.asp

1952 නොවැම්බර් 4 වන දා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් කීර්තිමත් හමුදා ජනරාල්වරයෙකු වන ඩිවයිට්.ඩී.අයිසන්හවර් ජය ගත් අතර ඉක්මනින්ම ඔහු කොරියානු යුද බිම වෙතද ගොස් එහි පහළම සොල්දාදුවා සමග පවා කතා බස් කොට ඔවුන්ගේද අදහස් විමසා සිටියේ තමන් ජනපතිවූ පසු මුලින්ම කරන්නේ කොරියාව වෙත යන බවට ඔහු 1952 ඔක්.25 දා කළ පොරොන්දුවද ඉටු කරමිනි


එසේම න්‍යෂ්ටික බෝම්බ භාවිතා කිරීමට තමන්ගේ පැකිළීමක් නොමැති බවට කරන ලද බියවැද්දීම චීනයද පසුපස පාදයට යන්නට හේතුවක් විය. අනිත් අතින් කොමියුනිස්ට්පාලනයේ එවකට පතාක යෝධයා වූ සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින්ගේ අභාවය 1953 මාර්තු 05 දා සිදුවීම තවදුරටත් යුද්ධයේ නිරතවීමට චීන-උතුරු කොරියා පාර්ශව වලට දෙවරක් සිතිය යුතු කරුණක් විය


අනුන්ගේ පානින් එළිය බලන්නට සිතා සිටි දකුණු කොරියානු අපකිර්තිමත් Rhee  පාලනය සටන් විරාමය ප්‍රතික්‍ෂේප කළද ඇමරිකාව,  චීනය 1953 ජූලි 27 වනදා සටන් විරාම ගිවිසුම අත්සන් කළ අතර එයින් පැය 12 ක ඉක්ම ගිය තැන දෙපාර්ශවයේ අවිද නිහඬ විය.


එසේම දෙපාර්ශවය වනවිට රැදී සිටි ස්ථාන වල සිට දෙපසින් සැතපුම් 2.5 ක් පළලින් යුතුව යුද මුක්ත කලාපයක්ද බිහිකරන ලදි.

මෙම කාලසීමාවේදී විශේෂත්වය වන්නේ යුද සිරකරුවන් හුවමාරුකර ගැනීමයි. මෙම ගිවිසුම අත්සන් තැබීමට පෙර සිටම දෙපාර්ශවයේම ඇතැම් සොල්දාදුවන් නැවත සිය පාර්ශවය වෙත ගොස් සිය රටට යනවාට වඩා සතුරු පාර්ශවයේ රටේම රැදී සිටීමට ප්‍රිය කළහ. 1953 අප්‍රේල් සිට මැයි දක්වා දෙපාර්ෂවයේ දුර්වල සහ අසනීප වී ඇති සොල්දාදුවන් හුවමාරුව Operation Little Switch ලෙස හැදින්වූ අතර 1953 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා වූ ඉතිරි සොල්දාදුවන් හුවමාරුව Operation Big Switch,ලෙස හදුන්වනු ලැබීය.


අල්ලා ගත් සොල්දාදුවන් අතරින් 70,183 ක් උතුරු කොරියානුවන් සහ 5,640 චීන සොල්දාදුවන් නැවත සිය මව් බිම් කරා ගිය නමුත් 22,000 ක් වූ කොමියුනිස්ට් සොල්දාදුවන් නැවත සිය රට යාම ප්‍රතික්‍ෂේප කළහ. දකුණු කොරියානුවන් 7,862 ක්, ඇමරිකානුවන් 3,597 ක් සහ 946 ක් වූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් පිරිසක්ද නැවත සිය රටට ගියහ. එහෙත් දෙපාර්ශවයේම ඇතැම් සොල්දාදුවන් නැවත සිය රටට යාමට වඩා සතුරු රටේම විසීමට කැමති වූ නිසා ඔවුන්ට සිය තීරණය නැවත සිතා බැලීමට මාස 3 කාලයක් යුද මුක්ත ප්‍රදේශක වූ කඳවුරුක රඳවන ලදි. අතර එක් බ්‍රිතාන්‍ය සෙබළෙක්, ඇමරිකානු සෙබළුන් 23 ක් සහ දකුණු කොරියානුවන්ද 327 ක් වූහ
මෙම මාස තුනක කාලය තුළදී ඇමරිකානු කොප්‍රල්වරුන් දෙදෙනෙකු වන Claude Batchelor සහ Edward Dickenson යන අය සිය අදහස් වෙනස් කරගෙන සිය රටට යාමට කැමැත්ත පළ කළත් ඔවුන් පාලනාධිකාරියේ තීරණයට පටහැනිව කටයුතු කළ නිසා යුද අධිකරණයට ලක් කර වසර 4½ සහ 3½ වූ සිරදඩුවම් වලට යටත් කළ අතර අනෙක් අයද යම් දිනක මව්බිමට පිවිසි පසු යුද අධිකරණයට ලක් කර ගරු සම්මාන රහිතව සේවයෙන් නෙරපන බවද දන්වන ලදි. කෙසේවෙතත් වසර කිහිපයකට පසුව බොහෝදෙනා නැවත සිය රටට පැමිණි අතර කලින් තිබූ නියෝගය ලිහිල් වී ඔවුන් බොහෝමයකට නැවත සුපුරුදු පරිදි මව්බිමේ විසිමේ අවස්ථාව ලබා දුන් බවද පැවසිය යුතුය.

ඊලඟ ලිපියේදී කොරියානු යුද්ධය පිළිබදව හා එයින් පසුව සිදුවූ වෙනස්කම් පිළිබදව සමාලෝනයක් කිරීමට බලාපොරොත්තුවෙමි.

පසුගිය ලිපිය

12 comments:

  1. හරිම අපුරුයි...

    මේ ලිපි එකතුව උදෙසා ඔබ බොහොම වෙහෙසෙන බව පෙනෙනවා...ඔබේ ඒ වෙහෙසීම නිරර්ථක නොවන්නේ මේ බොහොමයක් දේවල් අපි ඇත්තෙන්ම නොදන්නා දේවල් නිසා...

    ReplyDelete
  2. හොද සමබර තාවයකින් යුතු ලිපියක් .... එක හුස්මට කියවනඩ පුළුවන් සුපිරි ......

    ReplyDelete
  3. ඉතාමත්ම වටිනා ලිපියක්.

    ReplyDelete
  4. මේ දෙගොල්ලෝ මේ යුද විරාමය රැකගෙන ඉන්නේ ඇත්තටම දෙගොල්ලොම දෙගොල්ලන්ට බය නිසයි. පහුගිය දිනවල උතුරු කොරියාව 'මේ දැන් දකුණු කොරියාවට ගකනවා' කියලා කියාගෙන හිටියත්, එහෙම නොකරන්නේ තමන්ට මුළු ලෝකෙන්ම 'රිටන් එකක්' හම්බවෙයි කියන බයට. අනික ඉස්සර චීනෙත් එක්ක තිබුණ 'හමුදාමය දීගය' දැන් කැඩිලා තියෙන්නේ. ඉතිං තනියම ක්‍රීඩාවට බහින්න බයයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ අවසාන ලිපිය වන කොරියානු යුද්ධයේ පසුවිපරමේදී මෙයට අදාල කරුණු රැසක් කතා කරන්න හැකි වෙතැයි සිතනවා...

      Delete
  5. දකුණු කොරියාවෙ එදා සහ අද තත්ත්වයේ වෙනස විශ්මයජනකයි. අනුන්ගෙ පානින් එළිය බලපු කම්මැලි ජාතියක් එක් පාරම අළු ගසා දාලා නැගිටීම හරිම පුදුම ජනකයි.

    එකම භෂාවක් කතාකරන එකම රටක් අනුන්ගෙ ඕනෑ එපාකම් වෙනුවෙන් පිල් දෙකකට බෙදිලා මරා ගන්න එකනම් හරිම් කණගාටුදායකයි.. මට හැම වෙලේම හිතෙන්නෙ ඔවුන්ටත් ජර්මනියට වගේ එකතු වෙන්න බැරිද කියන එකමයි..

    බොහොම රසවත් තොරතුරු දිනේෂ්.. ඔබට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. මටනම් හිතෙන්නේ සෙන්නා, කවදාහරි මේ දෙගොල්ලෝ එකතුවෙනවා. උතුරු කොරියාව ඇතුලේ ජනතාවට තියන පීඩනය, දේශපාලන කුණුවීම, තව දුරටත් ඉවසාගන්න බරිවුනදාට ඒක සිදුවෙයි.

      Delete
    2. අපි ඊලඟ ලිපියේදී මේ දේවල් ගැනත් කතා කරමු...

      Delete
  6. පහුගිය ටිකේ ම ඔහේ බල බල ගියා මිසක් ලිපියක් කියවන්න හරි ප්‍රතිචාරයක් දක්වන්න හරි බැරි වුණා. මේ වගේ ලිපි මාලාවක් ගෙන ඒම පිළිබඳව බොහොම ස්තූතියි දිනේෂ්........

    ReplyDelete
  7. උතුරු කොරියාව සමාජවාදය මගින් පාලනය වෙනවා කිව්වත් මම නම් දකින්නේ තනිකරම ඒකාධිපති වාදයක්. අනිත් එක තමන්ට තියෙන ප්‍රශ්ණ ලෝකයෙන් වසන් කරලා තමන් දියුණුයි කියලා පෙන්නුවට ඇත්තටම රට ඇතුලේ තියෙන දුප්පත්කම හා මර්ධනය ඉතාම අධිකයි.

    ලෝකේ දියුණු වෙන්න ඕන නම් අපිට ගන්න තියෙන මෑත කාලීන හොඳම උදාහරණය තමයි දකුණු කොරියාව. කව්රුහරි කියනවානම් ආර්ථික දියුණුවත් එක්ක ආධ්‍යාත්මික දියුණුව නැති වෙලා කියලා මට කියන්න තියෙන්නේ ආර්ථික දියුණුවත් එක්ක මේ දෙවල් ටිකක් වෙනස් වෙනවා කියන එකයි. ආර්ථික හා කාර්මික අතින් දියුණු වෙන හැම වෙලාවෙම අපිට අපේ පරණ දේවල් හැම එකක්ම කර පින්නා ගෙන යන්න බැහැ. යම් යම් දේවල් කැප කරන්න වෙනවා.

    මම බොහො ආසාවෙන් ඉන්නවා මේ යුද්දේ ගැන පෝස්ට් ඉවර කරලා පසු විපරම ගැන ලිපිය එනකම්. මොකද කීප වාරයක් කොරියාවේ සංචාරය කරලා ඉන්න නිසා ඔබට හොඳ කමෙන්ට් කීපයක් දෙන්න පුළුවන් වෙයි කියලා හිතෙන නිසා.

    මෑත කාලීනව මම දැකපු කාලීන වැදගත්කමක් තියෙන හොඳ ලිපියක්. ස්තුතියි.

    ReplyDelete