Monday, May 20, 2013

සුපිරි ජනරාල්වරයා ඉවතට??!! - කොරියානු යුද්ධය 4 වන කොටස

අවාසනාවන්ත ලෙස අටවන හමුදාවේ අණදෙන නිලධාරී  ලුතිනන් ජනරාල් වෝල්කර් මිය යාමෙන් පසු ඔහුගේ තනතුර වෙනුවෙන් සහ ජනරාල් ඩග්ලස් මැක්ආතර්ගේ දෙවැනියා ලෙස පත් කර එවුවේ දෙවන ලෝක යුද්ධයේදී ඉතාලියේ Airborne සේනාංකයද භාරව සිටි ජනරාල් Matthew Ridgway වේ. ජනපති ටෲමන්ගේ විශ්වාසනීයම හමුදා නිලධාරියෙකු සේම උපක්‍රමශීලී හමුදා නිලාධාරීයෙකු ලෙසද නමක් දිනා සිටි ජනරාල් රිජ්වේ හට මෙතෙක් යුද්ධයේ පසුබෑමට බලපෑ අඩුපාඩු වටහා ගැනීමට ඉක්මනින්ම හැකි විය. එහෙත් ගැඹුරු පල්ලමකට වැටෙමින් සේ දැවැන්ත ලෙස පසුබසිනු විනා වෙනත් විකල්පයක් නොවු එක්සත් ජාතීන්ගේ හමුදාවට දෙසැම්බර් අවසානය වන විට නැවතත් 38 වන රේඛාවෙන් මෙපිටට හෙවත් නැවත දකුණු කොරියානු නිල දේශසීමාවට පිවිසීමට සිදුවිය.

1951 ජනවාරි 3 වනදා නැවතත්  සෝල් නුවර සතුරා අතට පත්වූවා පමණක් නොව ඊ‍ට පසුදින වන විට එක්සත් ජාතීන්ගේ හමුදා සිටියේ සෝල් නුවරට සැතපුම් 35 න් දුරිනි. එතරම්ම චීන-උතුරු කොරියානු ප්‍රහාරය ප්‍රබල විය. කෙසේවෙතත් මෙම සතුරු හමුදා ‍ජයග්‍රාහී ලෙස මෙතෙක් ඉදිරියට පැමිණියත් චීනයේ සිට ඇති දුර හා ඔවුන්ගේ ගුවන් ප්‍රහාර යනාදිය උතුරු කොරියාවේ උතුරු දෙසට සීමා වී පැවතීම හා ඉන් මෙපිටට ඇමරිකානු ගුවන් බලය බලවත්වීම හේතුකොට ගෙන ගුවන් මගින් සැපයුම් ලැබීමද කළ නොහැකි කාර්යයක් නිසා චීන-උතුරු කොරියානු හමුදාවන්ට සැපයුම් ලබා ගැනීමේ අවකාශයක්ද නොවීය.

ජනරාල් රිජ්වේ ගේ යුද උපක්‍රමය ඩග්ලස් මැක්ආතර්ගේ හෝ නැසී ගිය අටවන හමුදා අණදෙන නිලධාරී ජනරාල් වෝල්කර්ගේ උපක්‍රම වලට වඩා වෙනස් වූ අතර ඔහු අනුගමනය කළේ නැපෝලියන්ගේ යුද උපක්‍රමයයි. එනම් භූමිය හෝ නගර නොව හැකි තරම් සිරකරුවන් එසේත් නැත්නම් හැකි තරම් සතුරන් වැනසීමයි. එසේම පිරිස් බලය ඉක්මවා ප්‍රහාර එල්ල කිරීමට නවීන යුද බලය හා ගිණි බලය ප්‍රබල විය යුතු බව රිජ්වේ ගේ අදහස විය. 1951 ජනවාරි 25 වනදා නොනවත්වා සිදුවූ පසුබෑම අවසන් කරමින් "Operation Thunderbolt" නම් මෙහෙයුම ආරම්භ කරන අතර එයින් දිනක් ඇතුළතම එනම් ජනවාරි 26 වනදා වනවිටම නැවතත් Incheon අත්කර ගැනීමට මෙම හමුදා සමත්විය.‍  

1951 පෙබරවාරි මැද වන විට දෙපාර්ශවයටම නැවතත් ස්වභාවධර්ම‍යේ බැටකෑමට ලක්වූ අතර ඇද හැලුන වර්ෂාව නිසා එකල තිබූ සංවර්ධනය නොකළ මංමාවත් මඩ ගොහොරු බවට පත්විය. මේ නිසා වාහන ගමනාගමනය සේම පාබල සේනාංකවලටද අතිශයින් දුෂ්කර කාල වකවානුවක් විය.

එම වසරේ මාර්තු 25 වන විට නැවතත් සෝල් අත්පත් කර ගැනීමට UN හමුදා සමත් වූ අතර මාර්තු අවසාන වන විට නැවත වරක් 38 වන සමාන්තර රේඛාවද පසුකර උතුර කොරියානු භූමියට ඇතුළු වීමට හැකියාවද ලැබුණි. 

1951 අප්‍රේල් මුල දෙපාර්ශවයේ යුද සටන් වලට වඩා ගැටලුවක්ව පැවතුණේඇමරිකානු ජනපති සහ ඩග්ලස් මැක්ආතර් අතර ගැටුමක් බව පෙනේ. මන්දයත් ප්‍රවීණ ජනරාල්වරයා ඇමරිකානු ජනපතිවරයා කොරියානු යුද්ධය සම්බන්ධයෙන් අනුගමනය කළ ඇල් මැරුණ ක්‍රියා පිළිවෙත ප්‍රසිද්ධියේ විවේචනය කළ අතර ඔහුට අවශ්‍ය වූ‍යේ කොරියානු අර්ධත්වීපය එක්සත් කිරීම මෙන්ම චීනයටද ප්‍රහාර එල්ල කර චීන කොමියුනිස්ට් ආණ්ඩුවද සුනුවිසුනු කර දැමීමයි. එහෙත් ජනපති ටෲමන් හට චීනය හෝ සෝවියට්දේශය සමග යුද්ධයට පැටලීමට හෝ තෙවන ලෝක යුද්ධයකට මුලපිරීමකට අවශ්‍ය නොවු අතර ජනරාල්වරයාගේ අභිප්‍රාය දුර්වල කිරීම එක් අරමුණක සහ ආසියාවේ යුද්ධයකට වඩා සෝවියට් බලපෑම වැඩි යුරෝපය කෙරේ වැඩි අවධානය හා ශක්තිය යොදවනු වස් ඔහු අවි ආයුධ හා පිරිස් බලය මැක්ආතර් ජනරාල්වරයා වෙත සැපයීමට මැලිවූ අතර මෙය එක් අතකින් ඇමරිකාවට දිනාගත හැකිව තිබූ යුද්ධයක් යන්තම් ජයග්‍රහණයකින් හා අමිහිරි අත්දැකීම් සහිත යුද්ධයක් බවට පත්වීමටද එක් හේතුවක් විය.

එක්පැත්තකින් වියපත් ජනරාල්වරයාගේ විවේචනයද ඔහු විසින් කළ යුතුව තිබූ කාර්යයද අභිබවායමින් කොමියුනිස්ට්වාදයට බැටදීමට චීනයට පහර දීමටද අරමුණු කරගෙන නොනවත්වා පරාජයටද පත්වෙමින් ඇමරිකානු පමණක් නොව එයට සහය දුන් අනෙක් රටවලට සහය දුන් සොල්දාදුවන්ද නිකරුණේ මරණයට ලක් වීමට ඉඩ හැරීම මෙන්ම යුරෝපයේ ආරක්‍ෂාවට ඇමරිකාව මත වඩාත් යැපෙන්නට වූ ඒ අවධියේ එම අවධානය ‍ඔවුන් වෙතැයි ගිලිහේ යන බියද ඇතුව එවකට බ්‍රිතාන්‍ය අගමැති Clement Attlee ඇතුළු රාජ්‍ය නායකයන්ගේද අප්‍රසාදයට ජනරාල්වරයා ලක්ව තිබු බව පැවසේ.
In a visit to the United States in December 1950, Attlee raised the fears of the British and other European governments that "General MacArthur was running the show." As MacArthur's views about the importance of Asia in world affairs were well known, it was feared that United States would shift its focus away from Europe. -
http://en.wikipedia.org/wiki/Dismissal_of_General_Douglas_MacArthur

ජනරාල් මැක්ආතර්ගේ චරිතාපදානය වෙනම ලිපියකින් ලිවිය යුතු තරම් දීර්ඝ එකක් වනවා අතරම කෙටියෙන් පැවසුවහොත් ඉතා දක්‍ෂ මෙන්ම කෙටිකලකින් හමුදාවේ ඉහළටම පැමිණි ඔහු එවකට ඇමරිකානු හමුදාවේ ජනරාල් නිලතල ලැබූ ලාබාලම නිලධාරියා ලෙස සැලකුණ අතර ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරුන්ට පවා ගරුසරු අඩුවෙන් කතාබහ කිරීම හෝ ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා තිබුණත්, ඔහුගේ දක්‍ෂකම, ප්‍රවීණත්වය, මිනිසුන් අතර ඇති හමුදා සෙන්පතියෙකු ලෙස ඉමහත් ජනප්‍රියභාවයක් ලබා සිටීම මෙන්ම බොහෝ ජනාධිපතිවරුන් සමග හමුදා නිලයද අභිබවා තිබූ මිත්‍රත්වය මත ඔහුට අවස්ථාවල අවවාද මිස දැඩි ක්‍රියාමාර්ග නොගැනීම සිදුවිය.

කෙසේවෙතත් දිගින් දිගටම සිදුවූ පරාජයන්ටත් වඩා ඔහු හමුදාවෙන් පනවා තිබූ ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමේ නීතියද අභිබවමින් යුද්ධය හා වොෂින්ටන් පාලනය විවේචනය කිරීම නිසා අකමැත්ත හෝ සිදුවිය හැකි අතුරු ප්‍රතිඵලද නොතකා ඇමරිකාවෙන් බිහිවු කිරීතිමත්ම ජනරාල්වරයාට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගතයුතු අවස්ථාව එළඹ තිබුණි.


මෙම කාර්යය හිතුමතේ හෝ ආවටගියාට කරන්නට හැකියාවක් නොතිබූ අතර ජනපතිවරයා ඇමරිකානු පාලනාධිකාරයේ ඉහළම නිලධාරීන් වන රාජ්‍ය ලේකම් Dean Acheson, ආරක්‍ෂක ලේකම් සහ හිටපු රාජ්‍ය ලේකම්වරයෙකුවන ජනරාල් George Marshall, ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ජනරාල් Omar Bradley සහ ජනාධිපති උපදේශක Averell Harriman යනාදි වගකිවයුතු නිලධාරීන් සමග සාකච්ඡාවක් 1951 ‍අප්‍රේල් 6 වන දා පැවැත්වූ අතර අය වෙනස් වෙනස් තීරණ වල මේ සම්බන්ධයෙන් සිටියෝය. Harriman එකහෙළාම ජන‍රාල් මැක්ආතර් කොරියානු යුද බිමේ අණදීමෙන් ඉවත් කිරීමට එකඟ වූ අතර ජනරාල් Bradley එය නොකළ යුතු බව පැවසූහ. ආරක්‍ෂක ලේකම් George Marshall එය පිළිබදව ගැඹුරින් අධ්‍යයනය කර තීරණයක් ගත යුතු බව පැවසූ අතර රාජ්‍ය ලේකම් Acheson පෞද්ගලිකව මැක්ආතර් නෙරපීමට එකඟතාවය තිබූ නමුත් එය ප්‍රසිද්ධියේ පළ කිරීමට මැලිවිය. එහෙත් ඔහු මේ පිළිබදව ටෲමන් හට අනතුරු අඟවා සිටියේ මෙය ඔබගේ පාලන කාලය තුළ මුහුණ දීමට සිදුවන ලොකුම ගැටලුව විය හැකිය යන්නයි
Acheson was personally in favor of relieving MacArthur but did not disclose this. Instead, he warned Truman that it would be "the biggest fight of your administration."
http://en.wikipedia.org/wiki/George_C._Marshall
http://en.wikipedia.org/wiki/W._Averell_Harriman
http://en.wikipedia.org/wiki/Omar_Bradley

ඊළඟ දිනයෙත් නැවතත් මේ පිරිස රැස්විය. මේ අවස්ථාවේදීද කලින් මෙන්ම වෙනසක් නැතුවම Marshall සහ Bradley යන දෙදෙනාම ජනරාල්වරයා නෙරපීමේ ඉල්ලීමට එරෙහිවූහ. එහෙත් ඊළඟ දින‍යේ හමුවූ ආරක්‍ෂක ලේකම්වරයා හා ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරීවරයා අතර මේ මාතෘකාව පිළිබදව සාකච්ඡාවේදී හෙළිවූයේ ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී මණ්ඩලයේ අදහස වුයේ මැක්ආතර් ඉවත්කිරීම වඩාත් සුදුසුබවත් එසේ නොවුණහොත් ජනතාව අතර හමුදාව පාලනය කිරීමටආණ්ඩුවට ඇති නොහැකියාව පිළිබදව අදහසක් ඇතිවිය හැකි බැවින් පසුකාලීනව ඇතිවිය හැකි ප්‍රතිඵල අහිතකර වනු ඇති බවයි. මේ අනුව ජනරාල්වරයා ඉවත්කිරීමේ තීරණය සම්බන්ධයෙන් Marshall සහ Bradley යන දෙදෙනාම එකඟතාවයකට පත්වූ අතර ඊළඟ දිනයේ ජනපතිවරයා හමුවූ ඔවුන්ද තීරණයට එකඟබව දන්වන ලදි. කෙසේවෙතත් ප්‍රධාන ඒකාබද්ධ හමුදා නිලධාරියා පසුව දැක්වූ අදහස් අනුව තමන් මේ තීරණයට එකඟ වූ නමුත් නිර්දේශ නොකළ බවයි.ඇත්තෙන්ම ජනරාල් ඩග්ලස් මැක්ආතර්ට විවේචන එල්ල වූ සෑමවිටකම සිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා ආරක්‍ෂා කිරීමට ජනරාල් Bradley ඉදිරිපත් විය
ජනවාරි 11 වනදා මැක්ආතර් ඉවත්කිරීමේ ලිපිය 1951 අප්‍රේල් 11 දාතම සහිතව ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ජනරාල් Omar Bradley ගේ අත්සනින් යුතුව ජනපති ටෲමන් විසින් නිකුත් කරනු ලැබුණ අතර ජනරාල් මැක්ආතර්ගේ වගකීම් සියල්ල ජනරාල් රිජ්වේ හට පැවරුණ අතර ඔහුගේ දෙවැනියා සහ අටවන හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස General James Van Fleet පත් කිරීමද සිදුවිය.
 
On 11 April 1951, President Truman drafted an order to MacArthur, which was issued under Bradley's signature:

"I deeply regret that it becomes my duty as President and Commander-in-Chief of the United States military forces to replace you as Supreme Commander, Allied Powers; Commander-in-Chief, United Nations Command; Commander-in-Chief, Far East; and Commanding General, U.S. Army, Far East.
You will turn over your commands, effective at once, to Lt. Gen. Matthew B. Ridgway. You are authorized to have issued such orders as are necessary to complete desired travel to such place as you select."

"My reasons for your replacement, will be made public concurrently with the delivery to you of the foregoing order, and are contained in the next following message, especially with regard to Truman's order to restrict military interaction with the media."

ටෲමන් විසින් මාධ්‍ය හරහා මෙම ඉවත්කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වුන අතර, ජනරාල් මැක්ආතර් යනු ශ්‍රේෂ්ඨ යුද වීරයෙකු වුවත්, තනි පුද්ගලයෙකු ගැන සිතනවාට වඩා ලෝක සාමය වැදගත් නිසා මැක්ආතර් ඉවත්කිරීමට සිදුවූ බවද එම ප්‍රකාශනයේ සමස්ථ සාරාංශයට ගොනු කළ හැකිවිය.

"It was with the deepest personal regret that I found myself compelled to take this action. General MacArthur is one of our greatest military commanders. But the cause of world peace is much more important than any individual."
(මෙම ප්‍රකාශනය ඇතුලත් සම්පූර්ණ ලිපිය මෙම අඩවියේ තිබේ - http://www.trumanlibrary.org/calendar/viewpapers.php?pid=290)

ජනරාල්වරයා ඉවත්කිරීමේදී ඊටත් වඩා ගිය ස්ථාවරයකට යාම ජනපතිවරයාගේ සහ රාජ්‍ය ලේකම්වරයාගේ අදහස වූ බව පැවසේ. ජනරාල්වරයා බොහෝ අවස්ථාවල හිතුවක්කාර ලෙස ක්‍රියා කළ නිසා ඔහු යුද අධිකරණයකට ඉදිරිපත් කිරීම ඔවුන් දෙපළගේ අදහස වූවත්, ජනරාල් මැක්ආතර් ප්‍රසිද්ධියේ අදහස් පැවසීම මිස බරපතල හමුදා නීතිරීති උල්ලංඝනය කිරීමක් සිදු නොකර ඇති නිසා එවන්නක් කිරීමට අවශ්‍ය නැති බව ඔහු වෙනුවෙන් සෑම විටකම පෙනී සිටී ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ජනරාල් Omar Bradley ගේ ස්ථාවරය විය.
http://en.wikipedia.org/wiki/Dismissal_of_General_Douglas_MacArthur 

මැක්ආතර් ඉවත් කිරීමේ තීරණය ඒ ව‍නවිටත් ජනතා අප්‍රසාදයට පත්ව තිබූ ටෲමන් පාලනය තවදුරටත් එම තත්ත්වයම වර්ධනය කරගැනීමට හේතුවක් විය. මෙම අප්‍රසදාය නිසා තමන් ඊලඟ වතාවෙත් ජනාධිපතිවරණයට ඉල්ලා පරාජයට පත්වනවාට වඩා ඡන්දයට ඉදිරිපත් නොවීම වඩාත් කාලෝචිතයයි තීරණය කළ නිසාදෝ ටෲමන් විසින් තමන් 1952 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවද පසුව දන්වන ලදි. ටෲමන්ගේ තත්ත්වය එසේ වූවත් වසර 14 කට පසු නැවත මව්බිමට පැමිණි ජනරාල් ඩග්ලස් මැක්ආතර් හට නම් ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුන අතර ප්‍රධාන නගර කිහිපයකදී ජනතාව ඇමතීමද ඔහු  සිදුකළ අතර කොන්ග්‍රස් මණ්ඩලය හමුවේද සිය හමුදා දිවිය අවසන් කිරීමේ ප්‍රකාශනයද සිදුකරන ලදි.

I am closing my 52 years of military service. When I joined the Army, even before the turn of the century, it was the fulfillment of all of my boyish hopes and dreams. The world has turned over many times since I took the oath on the plain at West Point, and the hopes and dreams have long since vanished, but I still remember the refrain of one of the most popular barrack ballads of that day which proclaimed most proudly that "old soldiers never die; they just fade away."
And like the old soldier of that ballad, I now close my military career and just fade away, an old soldier who tried to do his duty as God gave him the light to see that duty.
http://en.wikiquote.org/wiki/Douglas_MacArthur 

කොරියානු සංග්‍රාමයේ ඇමරිකානු හමුදා නායකත්වය එසේ වෙනස් වෙද්දී කොරියානු අර්ධත්වීපයේ යුද උණුසුම තවතවත් තීවුරවන්නට විය. ඒ අතරට ලෝක වාර්තාද බිහිවිය. ඒ පිළිබදව ඊලඟ කොටසින්...


පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස

11 comments:

  1. අදත් වෙනදා මෙන්ම සුපිරිම තමයි..

    ReplyDelete
  2. Niyama lipiyak..obata jaya..

    ReplyDelete
  3. බොහොම හොඳයි. කාලීන තොරතුරු පමණක් නොව මෙවැනි ඉතිහාස කතා ගැනද පාඨක අවධානය යොමුකරවීම හරිම වැදගත්. උසස්පෙළ සහ විශ්වවිද්‍යාල සිසුන් මේ ලිපි කියවනවානම් ඔවුන්ට පොත් සියයකින් හොයාගන්න බැරි කරුණු දැනගතහැකි වෙනවා. ඔබේ මේ ප්‍රශංසනීය උත්සාහය යලිත් අගය කරනවා. මේ දිනවල කොරියාව ගැන නිතර ප්‍රවෘත්ති පලවෙනවා. නමුත්, ලෝක සිතියමක් පෙන්වා, තත්පර 30 ක් ඇතුලත, කොරියානු අර්ධද්වීපය පෙන්වන්න කියා, සාමාන්‍ය පෙළ/උසස් පෙළ/විශ්වවිද්‍යාල සිසුවකුට කියන්න. සාර්ථක වන්නේ 10% කට වඩා අඩුවෙන්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒ වගේම ඔබ කියල තියෙන කාරණා වලට මමත් එකඟවෙනවා. මහත්මයා, ඔබ අපි සහ වයස 30-40 පසුකරපු බහුතරයක් සිටින්නේ අපේ රටේ පරිගණක යුගය/ජංගම දුරකථන හා මෘධිත මාධය හා පරිගණකය සහ ජංගම දුරකථන සියළු දේට යොදා නොගත් වෙනත් විනෝදාංශද අත්විදි පරම්පරාවකටයි. මම කියපු කුලකයේ අය බොහෝමයකට පරිගණකය ගැන දැනගන්න ලැබුනේ තමන්ගේ වයස 20 හෝ ඊට පසුව. ඒත් එයින් පස්සේ පරම්පරාවේ ගොඩක් දෙනෙකුට පරිගණකය ගත්තොත් facebook, youtube වල ප්‍රයෝජනවත් දේට වඩා එහි ඇති වල්පල් සහ mp3 සහ movies download කර කර බලන එක විතර සහ හැමවෙලේම ජංගම දුරකථන එක්ක ඔට්ටු වෙනවා විතරයි. ඒත් අපේ කාලයේ හොදකට හෝ නොහොදකට ජංගම දුරකථන හා පරිගණක කුඩා කාලයේ භාවිතා කරන්න තිබුනේ නැහැ. මගේ හොදම විනෝදාංශ වුනේ පොත්පත්, පුවත්පත් සඟරා කියවීම, චිත්‍රපටිත් සෑහෙන්න බැළුවා තමයි. ඒවගේම ප්‍රවෘත්ති විකාශනයේදී අනිවාර්යයෙන්ම අන්තර්ජාතික පුවත් නැ‍රඹීම. චිත්‍රපටියක් බැළුවත් නිකම්ම රසවිදිනවාට වඩා ඒ ඒ රටේ වටපිටාව, ඔවුන්ගේ සමාජ සිරිත් විරිත් වගේ අමතර ‍දේවල් පවා අධ්‍යයනය කළා. ඒ දේවල් තමයි අද මේ දේවල් ලියන කොට ඉස්මතු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

      තවත් උදාහරණයක් කියන්නම්. අපේ කාලයේ ගීතයක ශබ්ද රසයේ ගුණාත්මක බව අත්විදින්න Hi-Fi Audio player දෙමව්පියෝ අරගෙන දුන්නෙත් නැහැ වගේම ඒ කා‍ලයේ ඒවා මිලයෙනුත් අධිකයි. ඉතින් එහෙන් මෙහෙන් සල්ලි එකතු කරගෙන power amplifiers වගේ දේවල් වරද්ද වරද්ද හරි හදාගෙන එයින් තෘප්තියක් ලබා ගත්තා. ඒත් අද පරපුරේ කවුරුවත් ඔවගේ දේවල් හදනවා කියලා පේන්නවත් නැහැ. ගොඩක් දෙනෙකුට මිල අධික ශබ්දයේ ගුණාත්මක බව තිබෙන ජංගම දුරකථන හා පරිගණකයේ තිබෙන මෘදුකාංගවලින්ම ඒ ඒ දේවල් රසවිදිනවා. මම කියන්නේ නැහැ මේ පහසුකම් තියෙද්දී අපි ‍වගේ ඔය දේවල් හදාගන්න circuit හද හදා වෙහෙස වෙන්න කියලා. ඒත් අළුත් අත්දැකීමක් නිර්මාණාත්මක බවක් ලබාගන්න ඔය වගේ දේවල්වලටත් යොමුවිය යුතුයි. එවිට තමයි පොතේ ගුරාල වෙනුවට අළුතින් යමක් හිතන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නේ...

      Delete
    2. මේ දවස්වල Eurosports නාලිකාවේ සජීවීව පෙන්වන ඉතාලි පාපැදි සවාරිය බලනගමන් මම විශේෂයෙන් ඒ රටේ පරිසරයත් නරඹනවා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. නවීන තාක්ෂණයත් යොදාගෙන නිර්මාණශීලි පරපුරක් හදන්න අපේ අධ්‍යාපන ක්‍රමය සැකසෙන්න ඕන . එක අතකින් අපි මේවාට බයයි . අනික් අතින් පරණ දේවල් රක ගන්නෙත් නැහැ . අන්තිමට රැවුලයි කැඳයි දෙකම නැහැ වගේ .

      Delete
  4. බොහොම අපූර්වයි. මටනම් මේ හැම තොරතුරක්ම අලුත්.. ස්තූතියි දිනේශ්..

    බලාගෙන ගියාම අපේ අය කොපි කරලනෙ.. :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් ඔව් අපේ අය ‍ඒ දේවල් ‍නම් හොදට අධ්‍යයනය කරළ කොපි කරලා...

      Delete
  5. බොහොම වටිනා දේවල් හුගක් දැන ගත්තා...
    බොහොම ස්තුතියි..
    ජනරාල් මැක් ආතර් ගැනත් ලියමු නේද...??

    ReplyDelete
  6. ස්තුතියි දිනේෂ් කම්මැලි නැතුව මේවා ලියනවාට .

    ReplyDelete