1950 ජූනි 25 දින අනපේක්‍ෂිත මොහොතක එල්ල වූ උතුරු කොරියානු ප්‍රහාරයට මුහුණ දීම සෑම අතිකින්ම දකුණු කොරියානුවන්ට අභියෝගයක් බව මෙම දත්ත වලින් වුවද සනාථ වේ. එදා තම රටේම නිරායුධ කොමියුනිස්ට් හෝ උතුරු කොරියා හිතෛෂීන් අමානුෂික ලෙස මර්ධනය කරමින් සිටියත් සමස්ථ දකුණු කොරියාව සතුවූයේ 94,808 ක යුද හමුදාවක්, වෙරළාරක්‍ෂකයන් 6,145 ක පිරිසක්, 1,865 ක ගුවන් හමුදා භට කණ්ඩාමක් සහ ජාතික පොලිස් බලකාය සතුව 48,273 ක පොලිස් නිළධාරීන් පිරිසකි.
එකම යුද ටැංකියකවත් අයිතිය දකුණු කොරියාව සතු නොවූවද උතුරු කොරියාවේ තත්ත්වය ඊට වඩා වෙනස් විය. ඔවුන් සතුව සෝවියට්දේශයේ නිශ්පාදිත T-34 යුද ටැංකි 150 ක් සතුවූ අතර කුඩා නමුත් කාර්යශූර ගුවන් හමුදාවක්ද ඔවුන්ට හිමිවිය. එසේම උතුරු කොරියානුවන්ට ප්‍රහාරක ගුවන් යානා 70 ක් සහ සැහැල්ලු බොම්බ හෙළිය හැකි යානා 62 කින් යුතුවිය. උතුරු කොරියාව සතුව වූ යුදායුධ බොහෝමයක් සෝවියට් දේශයේ නිශ්පාදිත ඒවා විය. ඒවා සෝවියට් දේශයෙන් මිලට ගත් හෝ සෝවියට් හමුදා 1948 දී උතුරු කොරියාවෙන් ඉවත්ව යනවිට දමා ගිය ඒවා විය.
ඇතැම් මූලාශ්‍රවල කොරියාව ජපනුන්ගෙන් යටත් කර ගැනීමට සෝවියට් දේශයට තනිව වුවද හැකියාව තිබුනද සමස්ථ කොරියාවම කොමියුනිස්ට්කරණයට යටත් වේය යන බිය නිසා දකුණු කොටසට ඇමරිකානු මැදිහත්වීම සිදුවු බව පැවසේ. 1945 දී කොරියානු අර්ධද්වීපය මෙම කඳවුරු දෙකට යටත්ව දෙකට බෙදුනද එය නිල වශයෙන් සිදුවූයේ 1948 දී වෙන් වෙන්වශයෙන් මැතිවරණ පවත්වා ඒ ඒ දර්ශනයන්ට අදාලව ආණ්ඩු පිහිටවනු ලැබූ පසුව බව පැවසේ. නිල වශයෙන් දකුණු කොරියාව the Republic of Korea (ROK) ලෙසද උතුරු කොරියාව the Democratic People's Republic of Korea (DPRK)ලෙසද හදුන්වනු ලැබේ.
පොදු සතුරා වූ ජපානයට එරෙහිව එකමුතුවක් තිබුනද කොරියානු අර්ධද්වීපය බෙදීම පිළිබදව 1945 දී කරලියට පැමිණියත් එම සංකල්පයට ජීවය ලැබී තිබුනේ 1920 ගණන්වලදී බවද සදහන්ය. එම බෙදීම සිදුවූයේ රට බෙදීමකට වඩා වාමාංශික සහ දක්‍ෂිනාංශික බෙදීමක් විය. දෙවන ලෝක යුද සමයේ කොරියාව වඩාත් නැඹුරු වී තිබුනේ වාමාංශික කඳවුර වෙතය.වූ එයට වඩාත් හේතූවුයේ කොරියානු භූමියේ වැඩි භූමි ප්‍රමාණයක් අයත්ව තිබුනේ රදල ධනවත් පැලැන්තියට වු අතර බහුතර පීඩිතයන් ඔවුන්ගේ සේවකයන් වීමයි.
1948 දී උතුරින් සෝවියට් හා 1949 දී දකුණින් ඇමරිකානු හමුදා සේනාංක ඉවත් වූ පසුව ඇමරිකානු හමුදා නිළධාරීන් 500 ක පමණ පිරිසක් සහ සුළු ප්‍රමාණයක් හමුදා භටයන් දකුණු කොරියාවේ රැදී සිටිමින් එහි ඇතැම් පරිපාළන කටයුතු වලට සහය වූවත් ස්ථීර හමුදා සේනාංකයන්ගෙන් සමන්විත කඳවුරු හෝ ඊට අනුබද්ධ අනෙකුත් සේනාවන් ඒ වන විට දකුණු කොරියාවේ ස්ථාන ගත කර නොතිබුනි.මෙම සිද්ධිය ආරම්භයේදීම ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේද තමන්ගෙන් දකුණු කොරියාව ආධාර ඉල්ලා සිටින නිසා ඒ වෙනුවෙන් නොපැකිළ ආධාර කරන බවත් පැවසූහ.
කොහොමනමුත් මේ වන විට ඇමරිකාව සිය සමස්ථ නිත්‍ය හමුදාව 600,000 තෙක් අඩු කර තිබු බව පැවසෙන අතර හමුදා කටයුතු වෙනුවෙන් යොදවන ප්‍රතිපාදනද දෙවන ලෝක යුද්ධයට සාපේක්‍ෂව 1/10 ක් වූ බව පැවසේ. තවද ඒ වන විට ජපානයේ රැදී සිටි ඇමරිකානු සොල්දාදුවන් බොහෝමයකටද යුධ අත්දැකීම් හීන පුහුණුවෙන් අඩු පිරිසක් බව පැවසෙන අතර ඔවුන් බොහෝමයකට මේවන විට තම රට වෙත නැවත යාමේ දිනද ආසන්නව තිබුණි.
1950 ජූනි ආක්‍රමණයෙන් පසුව උතුරු කොරියාවට එරෙහි යුද යාන්ත්‍රණය දියත් කිරීමට ජනාධිපති ටෲමන්ව වඩාත්ම පොළඹවනු ලැබුවේ එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් Dean Gooderham Acheso විසින් බව පැවසෙන අතර එම කාරණයට ටෲමන්ද කෙතරම් ඇළුම් කළේද කියතොත් ඇමරිකානු යුද හමුදාවේ ප්‍රධානීන් පවා කොරියානු අර්ධද්වීපය කොමියුනිස්ට්වාදයට එරෙහිව නැගී සිටීමට සුදුසු ස්ථානයක් නොවේ යයි පවසද්දීත් උතුරු කොරියාවට එරෙහි යුද ක්‍රියාමාර්ගය ඔහු අනුමත කළේය. කෙසේවෙතත් දෙවන ලෝක යුද්ධයෙන් පසු තවත් එවන් යුද්ධ ඇතිවීම වැලකීමට හා රටක් එක එල්ලේම තවත් රටක් හිතුමතේ ආක්‍රමණය වැලැක්වීම යනාදී කාරණා ප්‍රධාන කොට එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිකර ඇති නිසා ඇමරිකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක මණ්ඩලයේ අනුමැතියද මෙම යෝජනාවට පක්‍ෂව ලැබිය යුතු වූ අතර ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයද සිය සොල්දාදුවන් කොරියානු යුද පෙරමුණ යැවීමට එකඟ විය යුතු විය. කෙසේවෙතත් 1949 දී චීනය කොමියුනිස්ට්කරණය වූ පසු එයට හිමි එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය, ඇමරිකානු නාවික බලය යොදවා ආරක්‍ෂාකළ තායිවානයට හිමිව තිබු නිසා එයටද විරෝධය පාමින් නිශේද බලයද හිමි සෝවියට් දේශය ආරක්‍ෂක මණ්ඩලය වර්ජනය කළ අතර අනෙක් අතින් සෝවියට් නායක ස්ටාලින් හට අවශ්‍ය වූයේ කොරියානු යුද පෙරමුණට ඇමරිකානු බටයන් පෙරටු කොටගත් එක්සත් ජාතින්ගේ හමුදාව යෙදවීම තුලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ඇමරිකානු බලල් අතක් බව ලෝකයට පෙන්වීමට බවද ඇතැම් මූලාශ්‍ර වල සදහන් වේ.
ඇමරිකාවේ තත්ත්වය මෙසේවෙද්දී කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටසේ තත්ත්වය 1950 අගෝස්තුව වන විට නරකම අතට හැරී තිබුනි. දකුණු කොරියානු හමුදාව ගැන නම් කතා කිරීම අර්ථ ශුන්‍ය වන අතරඑහි ඒවන විට රැදී සිටි ඇමරිකානු හමුදාවට පවා තත්ත්වය පාලනය කර ගත නොහැකිව දකුණු කොරියාව යනු කොරියානු අර්ධද්වීපයේ ගිනිකොන දිග කෙළවර පූසාන්/බූසාන් නගරය කේන්‍ද්‍රගත කරගනිමින් පැවතුන සැතපුම් 50-50 කොටසකට කොටුවී පැවතුනි.
දකුණු කොරියානු හමුදාවට අවශ්‍ය යුදායුධ නොපැවතීම, දුර්වල පුහුණුව මෙන්ම දූෂිත හා මර්ධනකාරී Rhee පාළනය කෙරේ ජනතා කැමැත්ත නොමැතිවීම එදා දකුණු කොරියාව අත්පත් කරගැනීමට උතුරු කොරියාවට පහසුවක් විය.
මේ වන විට එක්සත් ජාතීන්ගේ අනුමැතියද සහිතව සුපුරුදු පරිදි ඇමරිකානු හමුදා නායකත්වය හා වැඩි දායකත්වය ඔස්සේ බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියානු, නවසීලන්ත, තුර්කි ආදී රටවල් කිහපයකම හමුදා දායකත්වයද සහිතව දුෂ්ඨ උතුරු කොරියානු සතුරා විනාශ කිරීමට පෙරමුණ ගත් අතර ඒකාබද්ධ හමුදා අණදෙන නිළධාරියා ලෙස ජනරාල් ඩග්ලස් මැක් ආතර් පත් කරනු ලැබූ අතර කොරියානු යුද පෙරමුණට ඇමරිකානු 8 වන හමුදාව එක් විය. එහි අණදෙන නිළධාරී හා ජනරාල් මැක් ආතර්ගේ දෙවැනියා වූයේ ලුතිනන් ජනරාල් වොල්ට්න් වෝකර්ය.
ඒ වන විට දකුණු කොරියානු ආණ්ඩුවක් නමට හෝ පැවති Busan පුදේශය වට කොට දැවැන්ත ප්‍රතිරෝධයක් උතුරු කොරියානුවන් වෙතින් එල්ල වී පැවතුන අතර එම ප්‍රතිරෝධය මැඩ පැවැත්වීමට ගොඩබිම් ප්‍රහාරයකට වඩා ඔවුන්ට පිටුපසින් පහර එල්ල කිරීමට මුහුදින් ගොස් දකුණු කොරියාවට ගොඩබැසීම වඩාත් සුදුසු බව ඒ වන විට හමුදා සේවයේ වසර 47 ක් සේවය කළ හා පළමු හා දෙවන ලෝක යුද්ධ දෙකෙහිදීම දස්කම් පෑ හා අතිශයින්ම කීර්තියට පත් හමුදා ජනරාල්වරයෙකු වූ ඩග්ලස් මැක් ආතර් තීරණය කළේය.
ඒ අනුව ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා ජපානයට ආසන්නව පිහිටි කොරියානු දකුණු-ගිණිකොන දිගින් නොව කොරියානු අර්ධද්වීපයේ බටහිරින් පිහිටි සෝල් නුවරට සැතපුම් 22 ක් එපිටින් පිහිටි Incheon වෙත ගොඩ බැසීමයි (an amphibious landing). මෙසේ මුහුදින් ගොස් සතුරු ප්‍රදේශයකට පහරදීමකට ගොඩ බැසීමක් සිදුවන්නේ දෙවන ලෝක යුද්ධයේදී ප්‍රංශයේ නොමැන්ඩ් වෙරළට ගොඩබැස සිදු කළ D-Day මෙහෙයුමට පසුව හා පිළිපීනයේ Leyte වෙත ගොඩබැසීමට පසුවයි. මෙවැනි සටන් ඉතා තිරණාත්මක හා විනාශකාරී වන අතර D-day මෙහෙයුමේදී ඇතැම් ඇමරිකානු සොල්දාදුවන්, ජර්මන් මැෂින් තුවක්කු ප්‍රහාරවලට ලක්ව මිය ගියේ එකදු වෙඩිල්ලක් හෝ තබා ගැනීමට ඉඩක් නොලැබී වන අතර එම යුද්ධයේදී පළමු දිනයේදී දෙපාර්ශවයෙන්ම සොල්දාදුවන් 10,000 බැගින් මිය ගිය බවද සදහන් වේ. කෙසේවෙතත් මෙම පෙර අවධානම තිබුනද කෙසේවෙතත් මෙම අනපේක්‍ෂිත ගොඩබැසීම උතුරු කොරියානුවන් අපේක්‍ෂා නොකළ නිසා හෝ ඔවුන්ගේ හමුදා වැඩි ප්‍රමාණයක් බූසාන් වෙතට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කිරීමට යොමුකර තිබූ නිසා හෝ ඇමරිකානු ගොඩබැසීම කිසියම් අයුරකින් දැනගෙන සිය දේශසීමා ආරක්‍ෂා කර ගැනීමට උතුරු දෙසට නැවත යොමු කර තිබූ නිසා එකසත් ජාතීන්ගේ (UN) හමුදා බලාපොරාත්තු වූ දැඩි ප්‍රහාරයක් එල්ල නොවූ අතර සාර්ථක ලෙස 1950 සැප්තැම්බර් 15 වන දින Incheon වෙත ගොඩ බැසීම සිදු වුනි. මෙම මුහුදින් ගොඩබිමට පැමිණීමේ මෙහෙයුමට නාවිකා යාත්‍රා 261 කින් මැරීන් සොල්දාදුවන් 80,000 ක් Incheon වෙතට පිවිසියේ ඉතා අඩු හානියකින් බවද සදහන් වේ.
මෙම ගොඩබැසීමෙන් දින 11 ක් එළඹෙද්දීම දකුණු කොරියානු අගනුවර වූ සෝල් නැවත අත්පත් කර ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදාවට හැකිවූ අතර ඉන් දකුණේ බූසාන් වෙත දැඩි ප්‍රතිරෝධයක් එල්ල කරමින් සිටි උතුරු කොරියානු හමුදා පළවා හැර සම්පූර්ණ හමුදාවම නැවත දකුණු කොරියානු භූමියෙන් පළවා හැරීමට 1950 ඔක්තෝබර් මුල වන විටම හැකිවිය.
1949 විටම දකුණු කොරියාව ආක්‍රමණය කොට තමන් ඇදහූ දර්ශනය වූ කොමියුනිස්ට් ක්‍රමය ඔස්සේ එක්සත් කොරියාවක් බිහිකිරීම කිම් ඉල් සුන්ගේ බලාපොරොත්තුව වූ අතර ඒ පිළිබදව තමන්ගේ දේශපාලනය මූලාචාර්යවරයා ලෙස සැලකූ ස්ටාලින්ගෙන් කිහිප විටක්ම අවසර ඉල්ලා සිටිමුත් එයට එකඟතාවයක් ස්ටාලින් වෙතින් පළ නොවීය. එයට බොහෝවිට බලපාන්නට ඇත්තේ දැවැන්ත යුද බලයක් තමන් සතුවූවත් න්‍යෂ්ඨික බලය හිමි ඇමරිකාවත් මෙම යුද්ධයට පැටලුනහොත් තමන්ට ඉතා අවාසි සහගතවීම එක් කරුණක් විය. කකෙසේවෙතත් 1949 දී සෝවියට්දේශයද න්‍යෂ්ඨික බලය 1949 දී අත්පත් කර ගත් පසු ඇමරිකාව හා සම වීමට තමන්ටද ඇති හැකියාව මත සෝවියට් පිරිස් බලය කිසිදුවිටක ලබා නොදීමටත් අවි ආයුධ පමණක් ලබා දීමට හා චීනයද පිරිස් බලය අවශ්‍ය වුවහොත් යෙදවිය යුතුය යන එකඟතාවය මත බවද පැවසේ. අනෙක් අතින් සෝවියට් දේශයට කිසිදු අයුරකින් දකුණු කොරියාවද ඈදාගනිමින් කොමියුනිස්ට් කොරියාවක් බිහිවීමට වඩා අවශ්‍ය වූයේ ජපානය අල්ලා එය කොමියුනිස්ට්කරණයට ලක්කිරීම තුලින් සමස්ථ නැගෙනහිර ආසියාවම ආයාසයකින් තොරව කොමියුනිස්ට් බවට පත් කිරීමයි.
තවත් අතකින් අවසානයේ සෝවියට්-චීන ආධාර ආශිර්වාදයද සහිතව දකුණු කොරියා ආක්‍රමණය සිදුකළ අතර මේ රටවල් තුනේම අදහස වූයේ ඈත පෙරදිග වැනි ඇමරිකාවෙන් සැතපුම් 8000 පමණ දුරකින් පිහිටි යුද පෙරමුණකට ඇමරිකානු මැදිහත්වීමකට ඇති ප්‍රායෝගික නොහැකියාව හා දුර්වලකම් මත පහසුවෙන්ම කොරියාව අත්පත් කරගැනීමට ඇති හැකිවනු ඇති හා අවම වශයෙන් දින 30 ක් ඇතුලත යුද්ධය අවසන් කළ හැකි බවයි. ඔවුන්ගේ පළමු අදහස වූ ඇමරිකානු මැදිහත් නොවීම පිළිබදව වූ දුර්මතය නම් ඔවුන්ට ඉවත ලන්නට සිදුවූවත් මාසයකට සුළු කාලයක් වැඩියෙන් ගතවෙත්ම අපහසුවකින් තොරවම කොරියානු අර්ධද්වීපයේ කුඩා ඉඩ ප්‍රමාණයක් හැරුන කොට අත්පත් කරගැනීමට උතුරු කොරියානුවන්ට හැකිවිය.
කොරියානු යුද්ධයේ මෙම අධියර වනවිට දකුණු කොරියානුවන් 111,000 ක් මිය ගොස් සිටි අතර 106,000 ක් පමණ තුවාල ලබා සහ 57,000 ක ප්‍රමාණයක් අතුරුදහන්ව සිටියෝය. .314,000 ක් පමණ නිවාස මුළුමනින්ම විනාශව ගොස් තිබූ අතර තවත් 244,000 කට විවිද හානි සිදුව තිබුනි. මෙයට සහභාගී වූ ඇමරිකානුවන්ගේ පැත්තෙන් ගත් විට 6,954 ක් මිය ගොස් තිබූ අතර 13,659 ක් තුවාල ලබාද 3,877 දෙනෙකු ආගිය අතක් නැතුව තිබුනි. උතුරු කොරියානුවන්ට වූ හානිය පිළිබදව නිශ්චිත වාර්තා පැවසීමේ හැකියාවක් නොමැත.
කොරියානු යුද්ධයේ පළමු අර්ධය මෙසේ මුලින් උතුරු කොරියානුවන් අතටද, ඉන්පසු ඇමරිකානුවන් අතටද වාසි ගෙන දෙමින් නිමාවුවද, මීට වඩා විනාශ කාරී ඊලඟ අර්ධය පිළිබදව තෙවන කොටසේදී කියවමු.
පළමු කොටසට ....
1950 ජූනි ආක්‍රමණයෙන් පසුව උතුරු කොරියාවට එරෙහි යුද යාන්ත්‍රණය දියත් කිරීමට ජනාධිපති ටෲමන්ව වඩාත්ම පොළඹවනු ලැබුවේ එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් Dean Gooderham Acheso විසින් බව පැවසෙන අතර එම කාරණයට ටෲමන්ද කෙතරම් ඇළුම් කළේද කියතොත් ඇමරිකානු යුද හමුදාවේ ප්‍රධානීන් පවා කොරියානු අර්ධද්වීපය කොමියුනිස්ට්වාදයට එරෙහිව නැගී සිටීමට සුදුසු ස්ථානයක් නොවේ යයි පවසද්දීත් උතුරු කොරියාවට එරෙහි යුද ක්‍රියාමාර්ගය ඔහු අනුමත කළේය. කෙසේවෙතත් දෙවන ලෝක යුද්ධයෙන් පසු තවත් එවන් යුද්ධ ඇතිවීම වැලකීමට හා රටක් එක එල්ලේම තවත් රටක් හිතුමතේ ආක්‍රමණය වැලැක්වීම යනාදී කාරණා ප්‍රධාන කොට එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිකර ඇති නිසා ඇමරිකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක මණ්ඩලයේ අනුමැතියද මෙම යෝජනාවට පක්‍ෂව ලැබිය යුතු වූ අතර ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයද සිය සොල්දාදුවන් කොරියානු යුද පෙරමුණ යැවීමට එකඟ විය යුතු විය. කෙසේවෙතත් 1949 දී චීනය කොමියුනිස්ට්කරණය වූ පසු එයට හිමි එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය, ඇමරිකානු නාවික බලය යොදවා ආරක්‍ෂාකළ තායිවානයට හිමිව තිබු නිසා එයටද විරෝධය පාමින් නිශේද බලයද හිමි සෝවියට් දේශය ආරක්‍ෂක මණ්ඩලය වර්ජනය කළ අතර අනෙක් අතින් සෝවියට් නායක ස්ටාලින් හට අවශ්‍ය වූයේ කොරියානු යුද පෙරමුණට ඇමරිකානු බටයන් පෙරටු කොටගත් එක්සත් ජාතින්ගේ හමුදාව යෙදවීම තුලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ඇමරිකානු බලල් අතක් බව ලෝකයට පෙන්වීමට බවද ඇතැම් මූලාශ්‍ර වල සදහන් වේ.
ඇමරිකාවේ තත්ත්වය මෙසේවෙද්දී කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටසේ තත්ත්වය 1950 අගෝස්තුව වන විට නරකම අතට හැරී තිබුනි. දකුණු කොරියානු හමුදාව ගැන නම් කතා කිරීම අර්ථ ශුන්‍ය වන අතරඑහි ඒවන විට රැදී සිටි ඇමරිකානු හමුදාවට පවා තත්ත්වය පාලනය කර ගත නොහැකිව දකුණු කොරියාව යනු කොරියානු අර්ධද්වීපයේ ගිනිකොන දිග කෙළවර පූසාන්/බූසාන් නගරය කේන්‍ද්‍රගත කරගනිමින් පැවතුන සැතපුම් 50-50 කොටසකට කොටුවී පැවතුනි.
දකුණු කොරියානු හමුදාවට අවශ්‍ය යුදායුධ නොපැවතීම, දුර්වල පුහුණුව මෙන්ම දූෂිත හා මර්ධනකාරී Rhee පාළනය කෙරේ ජනතා කැමැත්ත නොමැතිවීම එදා දකුණු කොරියාව අත්පත් කරගැනීමට උතුරු කොරියාවට පහසුවක් විය.
මේ වන විට එක්සත් ජාතීන්ගේ අනුමැතියද සහිතව සුපුරුදු පරිදි ඇමරිකානු හමුදා නායකත්වය හා වැඩි දායකත්වය ඔස්සේ බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියානු, නවසීලන්ත, තුර්කි ආදී රටවල් කිහපයකම හමුදා දායකත්වයද සහිතව දුෂ්ඨ උතුරු කොරියානු සතුරා විනාශ කිරීමට පෙරමුණ ගත් අතර ඒකාබද්ධ හමුදා අණදෙන නිළධාරියා ලෙස ජනරාල් ඩග්ලස් මැක් ආතර් පත් කරනු ලැබූ අතර කොරියානු යුද පෙරමුණට ඇමරිකානු 8 වන හමුදාව එක් විය. එහි අණදෙන නිළධාරී හා ජනරාල් මැක් ආතර්ගේ දෙවැනියා වූයේ ලුතිනන් ජනරාල් වොල්ට්න් වෝකර්ය.
ඒ වන විට දකුණු කොරියානු ආණ්ඩුවක් නමට හෝ පැවති Busan පුදේශය වට කොට දැවැන්ත ප්‍රතිරෝධයක් උතුරු කොරියානුවන් වෙතින් එල්ල වී පැවතුන අතර එම ප්‍රතිරෝධය මැඩ පැවැත්වීමට ගොඩබිම් ප්‍රහාරයකට වඩා ඔවුන්ට පිටුපසින් පහර එල්ල කිරීමට මුහුදින් ගොස් දකුණු කොරියාවට ගොඩබැසීම වඩාත් සුදුසු බව ඒ වන විට හමුදා සේවයේ වසර 47 ක් සේවය කළ හා පළමු හා දෙවන ලෝක යුද්ධ දෙකෙහිදීම දස්කම් පෑ හා අතිශයින්ම කීර්තියට පත් හමුදා ජනරාල්වරයෙකු වූ ඩග්ලස් මැක් ආතර් තීරණය කළේය.
ඒ අනුව ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා ජපානයට ආසන්නව පිහිටි කොරියානු දකුණු-ගිණිකොන දිගින් නොව කොරියානු අර්ධද්වීපයේ බටහිරින් පිහිටි සෝල් නුවරට සැතපුම් 22 ක් එපිටින් පිහිටි Incheon වෙත ගොඩ බැසීමයි (an amphibious landing). මෙසේ මුහුදින් ගොස් සතුරු ප්‍රදේශයකට පහරදීමකට ගොඩ බැසීමක් සිදුවන්නේ දෙවන ලෝක යුද්ධයේදී ප්‍රංශයේ නොමැන්ඩ් වෙරළට ගොඩබැස සිදු කළ D-Day මෙහෙයුමට පසුව හා පිළිපීනයේ Leyte වෙත ගොඩබැසීමට පසුවයි. මෙවැනි සටන් ඉතා තිරණාත්මක හා විනාශකාරී වන අතර D-day මෙහෙයුමේදී ඇතැම් ඇමරිකානු සොල්දාදුවන්, ජර්මන් මැෂින් තුවක්කු ප්‍රහාරවලට ලක්ව මිය ගියේ එකදු වෙඩිල්ලක් හෝ තබා ගැනීමට ඉඩක් නොලැබී වන අතර එම යුද්ධයේදී පළමු දිනයේදී දෙපාර්ශවයෙන්ම සොල්දාදුවන් 10,000 බැගින් මිය ගිය බවද සදහන් වේ. කෙසේවෙතත් මෙම පෙර අවධානම තිබුනද කෙසේවෙතත් මෙම අනපේක්‍ෂිත ගොඩබැසීම උතුරු කොරියානුවන් අපේක්‍ෂා නොකළ නිසා හෝ ඔවුන්ගේ හමුදා වැඩි ප්‍රමාණයක් බූසාන් වෙතට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කිරීමට යොමුකර තිබූ නිසා හෝ ඇමරිකානු ගොඩබැසීම කිසියම් අයුරකින් දැනගෙන සිය දේශසීමා ආරක්‍ෂා කර ගැනීමට උතුරු දෙසට නැවත යොමු කර තිබූ නිසා එකසත් ජාතීන්ගේ (UN) හමුදා බලාපොරාත්තු වූ දැඩි ප්‍රහාරයක් එල්ල නොවූ අතර සාර්ථක ලෙස 1950 සැප්තැම්බර් 15 වන දින Incheon වෙත ගොඩ බැසීම සිදු වුනි. මෙම මුහුදින් ගොඩබිමට පැමිණීමේ මෙහෙයුමට නාවිකා යාත්‍රා 261 කින් මැරීන් සොල්දාදුවන් 80,000 ක් Incheon වෙතට පිවිසියේ ඉතා අඩු හානියකින් බවද සදහන් වේ.
General MacArthur watches the attack on Inchon from the USS Mount McKinley, September 15, 1950. U.S. Army photograph |
U.S. forces landing at Inchon, September 15, 1950. U.S. Navy photograph |
After the invasion of Inchon, a South Korean child sits in the street, September 16, 1950. Photo by Ronald L. Hancock, U.S. Army. Public domain |
ඇමරිකානු සොල්දාදුවන් දකුණු කොරියානු අගනුවර සෝල් වල දී සටන් වැදෙමින් |
1949 විටම දකුණු කොරියාව ආක්‍රමණය කොට තමන් ඇදහූ දර්ශනය වූ කොමියුනිස්ට් ක්‍රමය ඔස්සේ එක්සත් කොරියාවක් බිහිකිරීම කිම් ඉල් සුන්ගේ බලාපොරොත්තුව වූ අතර ඒ පිළිබදව තමන්ගේ දේශපාලනය මූලාචාර්යවරයා ලෙස සැලකූ ස්ටාලින්ගෙන් කිහිප විටක්ම අවසර ඉල්ලා සිටිමුත් එයට එකඟතාවයක් ස්ටාලින් වෙතින් පළ නොවීය. එයට බොහෝවිට බලපාන්නට ඇත්තේ දැවැන්ත යුද බලයක් තමන් සතුවූවත් න්‍යෂ්ඨික බලය හිමි ඇමරිකාවත් මෙම යුද්ධයට පැටලුනහොත් තමන්ට ඉතා අවාසි සහගතවීම එක් කරුණක් විය. කකෙසේවෙතත් 1949 දී සෝවියට්දේශයද න්‍යෂ්ඨික බලය 1949 දී අත්පත් කර ගත් පසු ඇමරිකාව හා සම වීමට තමන්ටද ඇති හැකියාව මත සෝවියට් පිරිස් බලය කිසිදුවිටක ලබා නොදීමටත් අවි ආයුධ පමණක් ලබා දීමට හා චීනයද පිරිස් බලය අවශ්‍ය වුවහොත් යෙදවිය යුතුය යන එකඟතාවය මත බවද පැවසේ. අනෙක් අතින් සෝවියට් දේශයට කිසිදු අයුරකින් දකුණු කොරියාවද ඈදාගනිමින් කොමියුනිස්ට් කොරියාවක් බිහිවීමට වඩා අවශ්‍ය වූයේ ජපානය අල්ලා එය කොමියුනිස්ට්කරණයට ලක්කිරීම තුලින් සමස්ථ නැගෙනහිර ආසියාවම ආයාසයකින් තොරව කොමියුනිස්ට් බවට පත් කිරීමයි.
උතුරු කොරියානු දුම්රි මාර්ග ගුවනින් විනාශ කරමින් |
සටනේදී මිය ගිය සිය සඟයෙකු වෙනුවෙන් දුක්වන සොල්දාදුවන් |
උතුරු කොරියානු යුද ටැකියක් පාලමක් තරණය කරමින් සිටියදීම පාලම පුපුරුවා හැරීමෙන් පසු |
තුවාල ලැබූ සඟයෙකු රැගෙන යමින් |
කොරියානු යුද්ධයේ මෙම අධියර වනවිට දකුණු කොරියානුවන් 111,000 ක් මිය ගොස් සිටි අතර 106,000 ක් පමණ තුවාල ලබා සහ 57,000 ක ප්‍රමාණයක් අතුරුදහන්ව සිටියෝය. .314,000 ක් පමණ නිවාස මුළුමනින්ම විනාශව ගොස් තිබූ අතර තවත් 244,000 කට විවිද හානි සිදුව තිබුනි. මෙයට සහභාගී වූ ඇමරිකානුවන්ගේ පැත්තෙන් ගත් විට 6,954 ක් මිය ගොස් තිබූ අතර 13,659 ක් තුවාල ලබාද 3,877 දෙනෙකු ආගිය අතක් නැතුව තිබුනි. උතුරු කොරියානුවන්ට වූ හානිය පිළිබදව නිශ්චිත වාර්තා පැවසීමේ හැකියාවක් නොමැත.
කොරියානු යුද්ධයේ පළමු අර්ධය මෙසේ මුලින් උතුරු කොරියානුවන් අතටද, ඉන්පසු ඇමරිකානුවන් අතටද වාසි ගෙන දෙමින් නිමාවුවද, මීට වඩා විනාශ කාරී ඊලඟ අර්ධය පිළිබදව තෙවන කොටසේදී කියවමු.
පළමු කොටසට ....
විශීෂ්ඨයි.පුළුල් විස්තරයක්
ReplyDeleteස්තූතියි!
Deleteඉතා දීර්ඝව විස්තර කලයුතු ඉතිහාස කතාවක්, ඔබ ඉතා සාර්ථකව සංක්ෂිප්ත කර ඉදිරිපත් කර තිබෙනවා. බොහොම ඉහලයි. මේ සමග ඇති පින්තුර වලින් විශාල කතාවක් කියවෙනවා. ඒ කාලයේ තිබුන යුද තාක්ෂණයේ ඉහලම මට්ටමෙන් තමයි මේ සටන් සිදුවුනේ. කොරියාවට ගොඩ බැසීමේදී දෙපැත්තේම අය මියගියේ, යුද උපක්‍රම tactics ඉතා දුර්වල තත්වයක පැවතීම සහ සතුරා අව තක්සේරුවට ලක්කිරීමයි. U.S. forces landing at Inchon, September 15, 1950. U.S. Navy photograph නමැති පින්තුරෙයේ තිබෙන landing craft නමැති යාත්‍රා විශේෂය අදත් පාවිච්චි කරනවා. ඊලාම් යුද්ධයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ එවැනි යාත්‍රාවලින් ගොස් මමත් ගොඩබැස තිබෙනවා. 'අර්ධත්ද්වීපය' සහ 'ප්‍රතිරෝදය' යන වචන දෙක අර්ධද්වීපය සහ ප්‍රතිරෝධය වශයෙන් නිවැරදි කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තූතියි! ඇත්තෙන්ම සැබෑ යුද අත්දැකීම් තිබෙන ඔබට මේ සියළු කාර්යයන්ගේ ඇති බැරෑරුම්කම, ප්‍රායෝගිකව ඇති අපහසුකම්වගේම විදින්නට වෙන දුක්ගැහැට මෙය ලියූ මට හා මෙය කියවන බහුතරයකට වඩා ඇති බව අනිවාර්යයයි.මේ යුද්ධයේ කුරිරු බව (කොයි යුද්ධයත් කුරිරු තමයි. ඒත් වසර 3 ක් තුල සිදුවූ මෙම යුද්ධයේ හානිය හා බියකරු බව සාපේක්‍ෂව බැළුවොත් වියට්නාම් යුද්ධයට වඩා වැඩි බවක් මට හැගෙනවා) ගැන දන්නා පිරිස අඩුයි.
Deleteමෙම යුද්ධය පිළිබදව ඇමරිකානුවන් හදුන්වන්නේ “The Forgotten War” කියායි. වෙනත් නම් කිහිපයකින්ම මෙම යුද්ධය හැදින්වූවත් මට නම් හිතෙන්නේ “The Forgotten War” කියන නම වඩාත් සුදුසු අන්වර්ථ නාමයයි.
In Korea, it’s known as the “6-2-5 (yug ee oh) War,” a reference to June 25, 1950, when the North Korean People’s Army invaded the South. Among North Koreans, it’s “the Fatherland Liberation War.” In America, however, the Korean War is often called “The Forgotten War”)
ඒ වගේම ඔබට ඉතාම ස්තුතිවන්ත වෙනවා මා සිදුකර තිබූ අක්‍ෂර විනඥාස දෝෂ පිළිබදව දැනුවත් කරාට. ලියන කවුරුත් නිවැරදි කර ගත යුතු ප්‍රධානම අතපසුවීමක් තමයි එය. ඒත් කණගාටුවට කාරණය මට මේ වැරැද්ද පුන පුනා සිදුවීමයි...
දිනේශ් මේකෙන් යම්තාක් දුරකට නිවැරදි කරගන්න පුළුවන්. 100%ක් නම් නෙමේ..
Deletehttp://subasa.ambitiouslemon.com/spellerweb.py
බොහෝම ස්තූතියි සෙන්නා, එය මට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. කිහිපවිටක් මෙම මෘදුකාංගයෙන් වදන් නිවැරදි කරගත විට නිරායාසයෙන්ම එය නිවැරදි ලෙස මතක හිටින නිසා ඉන්පසුව බොහෝදුරකට මෙම වැරැද්ද මට නිවැරදි කර ගත හැකි වෙතැයි බලාපොරොත්තුවෙනවා. එසේම මේ වගේ බස නිවැරදි කර ගත හැකි මෙවලම් තවත් තිබේ නම් ඒ පිළිබදවද හැකිනම් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලනවා. එය මෙම ලියන කාර්යයට ඉතා ප්‍රයෝජනවත් වේවි...
Deleteමෙය ඉතා අගනා ලිපි පෙළක්.... ස්තුතියි ඔබට..!
ReplyDeleteඉතිරිය බලාපොරොත්තුවෙන් සිටිනවා.............
ෂ්තූතිය! ඔබේ බලාපොරොත්තු ඉක්මනින්ම ඉටුවී තිබේවි...
Deleteබොහොම ස්තූතියි දිනේෂ්.. ඔබගේ මහන්සිය අපතේ ගිහින් නෑ.. මමනම් ජීවිතයේ මුල්ම වතාවටයි මේ යුද්ධ්ය ගැන කියවන්නෙ. කොරියානු යුද්ධයක් ගැන අහලා තිබුනට, කවදද කොහොමද වුනේ කියලා දැනන් හිටියේ නෑ..
ReplyDeleteSeoul හී නිවැරදි උච්චාරණය සවුල් කියලා, මම මේ ලඟදි දකුණු කොරියානුවෙක්ගෙන්ම දැනගත්තා.
ස්තූතියි සෙන්නා, ඊලඟ කොටස මීට වඩා දේවලින් පිරී තිබේවි...
Deleteඅනර්ඝතම ලිපියක්. බොහෝ තොරතුරු දැනගත්තා මේ ලිපියෙන්
ReplyDeleteබොහොම වැදගත් තොරතුරු රාශියක් දැනගත්තා.
ReplyDeleteබොහෝම ස්තුතියි මේ වාගේ වටිනා ලිපි බෙදා ගන්නවාට.....
ස්තුතියි ඔබටත් ...
Delete