Monday, December 31, 2012

දෙවන ලෝක යුද්දයෙන් පසුව ජර්මනියේ තත්ත්වය පිළිබදව දැනගත හැකි The Odessa File

Frederick Forsyth ගේ  The Odessa File නම් කෘතියේ

සිංහල පරිවර්ථනය වන අභය හේවාවසම් මහතා විසින් පරිවර්ථනය කරනා ලද හිට්ලර්ගේ SS හමුදාව කෘතිය පිළිබදව මෙම ලිපියෙන් පවසමි.
http://en.wikipedia.org/wiki/The_Odessa_File


සාමාන්‍යයෙන් අප දෙවන ලෝක යුද්දය ගැන කතා කිරීමේදී එයින් ජර්මනිය පැරදුන බව සදහන් කරුණු වලට පමණක් සීමා කළත් මෙම පොතෙන් එයින් පසුව ජර්මනියේ සිටි මිනීමරු නාසි SS හමුදා‍වට අත් වූ තත්ත්වය දැන ගැනීමටත්, තරුණ ඊශ්‍රායල රාජ්‍යයට තිබූ තර්ජන පිළිබදවත් යනාදී කරුණු පිළිබදව දැන ගැනීමට අවස්ථාව සලසා තිබෙන බව කිව යුතුය.


කෙසේවෙතත් සිංහල පරිවර්ථනය සිදුකිරීමේදී ඇතැම් ‍මාතෘකාවට අදාල නොවන කරුණු සංක්‍ෂිප්ත වූවා නම් හොද යයි සිතෙන්නේ. ප්‍රධාන චරිතයේ ඇතැම් පෞද්ගලික කාරණා ගැන කීමට යාමෙන් කතාවේ හරවත් බවට හානියක් ගෙන දුන්නාදැයි යන සැකයද සමගිනි. උදාහරණයක් විදියට ගතහොත් ප්‍රධාන චරිතය වන පීටර් මිලර් නම් නිදහස් පුවත්පත් වාර්තාකරුගේ පෙම්වතියගේ අවයව පිළිබදව, ඔහුගේ මෝටර් රථය පිළිබදව ඇති අනවශ්‍ය වර්ණනා ආදිය මෙවන් මාතෘකාවකට අවශ්‍ය නොවන්නේද යන පැනයද මතුවන නිසාය.

 මීට පෙර පළ කළ මෙම මාතෘකාවට ආසන්න ලිපියකි හිට්ලර් දෙවන ලෝක යුද්දයෙන් පසුවත් ජීවත් වුනාද? Was Hitler Alive after WWII?


15 comments:

  1. දෙවන ලෝක යුද්ධයට අදාලව මා කියවූ පොත් වලින් මා වඩාත්ම කැමති පොතක් තමයි මේ ඔඩෙස්සා ෆියිල් කියන පොත. මේහි රිගාහී මිනී මරුවා වූ එදුවාඩ් රොච්මාන් පසු පස පීටර් මිලර් පන්නනේ ඇයි කියන එක පොතේ අවසානයට එනකම්ම පාඨකයාට දැනගන්න බෑ එය තමයි මේ පොතේ මා දකින විශේෂත්වය. ජරිමානුවෙකු වූ මිලර් තවත් ජර්මානුවෙක් පසුපස් පන්නනේ ඇයි කියන කුතුහලය පොත පුරාම පවතාගෙන ගොස්තියනවා

    මෙහි මිලර්ගේ පෙම්වතිය ක්ලබ් එකක නිරුවත් නාටිකාංගනාවක් නිසයි ඇගේ අවයව ගැන විස්තර. අනික පීටර් මිලර්ගේ ස්පොර්ට් කාර් එක නිසා තමය් එයාව නාසින් අඳුනා ගන්නේ එනිසා කාර් එකේ විස්තර කතාවට අත්‍යාවශ්යයි.

    මේ මේ කතාවට අදාලව ඔබ නොකී කොටස මෙහි මේ නමටම ච්ත්‍රපටයක් තියනවා සම්පූර්න යෙන්ම කතාව විකුර්ති කරලා. චරිත ටික අරගෙන අමුතුම කතාවක් හදලා. මේ ච්ත්‍රපටයෙ මිලර්ව කෙනෙක් දුම් රියකට තාල්ලු කරනවා නමුත් පොතේ එහෙම නෑ . සිගීට උමංමාර්ගයකදී පහර දෙනවා නමුත් පොතේ නමි සිගීගෙන් මිලර් ගැන තොරතුරු ලාබාගන්න උත්සහ කරනවා විනා කිසිම හිරිහැරයක් කරනේ නෑ. නරකම දෙය පොතේ අවසානයට හාත්පසිම වෙනස් අවසානයක් ච්ත්‍රපටයේ වෙන්නෙ මෙහි ටොරන්ට් එකක් තියනවා බාගෙන බලන්න

    "ගිනි මැද සක්මන" කියලා තව පොතක් තියනවා හිට්ලර්ගේ ලේකම් වරියක ලියපු මෑතක නිකුතු වූ පොතක් එහි අපි නොදන්න හිට්ලර් කෙනෙක් ගැන ඇය කියනවා හිට්ලර්ගේ අවසානය ගැන ගොඩක් විස්තර තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ගිනිමැද සක්මන හා තවත් දෙවන ලෝක යුද්දය හා හිටිලර් ගැන ලියවුන පොත් කිහිපයක්ම මමත් කියවා තිබෙනවා. මීට කාලෙකට පෙර පොත් ගැන ලියුවුන ලිපි වල එම පොත් ගැනත් සත් සමුදුරේ සටහන් කළා. චිත්‍රපටිය මම බලලා නැහැ. ඒත් ලැබුනොත් බලනවා. කොහොමවුනත් ඔබ කියා ඇති අයුරින් කාර් එක හා ඔහුගේ පෙම්වතිය ගැන ඒ ආකාරයේ දීර්ඝ විස්තර අවශ්‍ය වන්නේ නැහැ. එම සියල්ල ඊට වඩා කෙටියෙන් පැවසිය හැකියි. සිංහල භාෂාව පිළිබදව මා ප්‍රවීණයෙකු හා මෙම පොත පරිවර්ථන කළ ලේඛකයා තරම් මා ප්‍රාමාණියෙකු නොවුනත් උක්ත කරුණු අරඹයා ඇති විස්තර ඊට වඩා කෙටියෙන් අදාල කාරණාවලට හානියක් නොවන සේ මනාව ස්ථාන කොට පැවසිය හැකියි. ඒ බව මා කියන්නේ විශ්වාසයෙන් යුතුවයි. අනෙක තමයි ඇතැම් දෙබස් සදහා වර්ථමාන ග්‍රාම්‍ය කටවහර යොදා ගැනීමත් නොකළ යුතුව තිබුනා. මේ කාරණා සියල්ල ගැනම පවසන්නේ මෙම පොත සිංහලෙන් තිබුනත් මූලික පරිසරය අදාල පුද්ගලයන් අදාල වන්නේ ජර්මනියටයි. එයට අදාල වන පරිදි කාරණා පෙල ගැස්විය හැකියාව හොදට තිබෙනවා. අනෙක තමයි මම මෙම ලේඛකයාගේ තවත් පරිවර්ථන කිහිපයක්ම කියවා තිබෙනවා. ඒත් ඒවායේ මේ දැක්වූ ආකාරයේ දුර්වලතා තිබෙනවා අඩුයි. සමස්ථයක් ව‍ශයෙන් ගත් කළ මෙහි කතා අන්තර්ගතය බොහොම කුතුහලය හා වටිනාකමෙන් යුක්ත එකක්. ඒත් සිංහලට පරිවර්ථනය කිරීමේදී තවත් කල්පනාකාරීවූවා නම් සහ භාෂා ශෛලියේ වෙනස් කම් සිදුවූවා නම් හොද බවයි ප්‍රවීණයෙකු නොවූවත් මගේ අදහස....

      Delete
  2. මේක කියෙව්ව ද නැද්ද කියල දැන්නම් හරියට මතක නැහැ.
    කොහොමවුණත් සූරිය එකට ගිය වෙලාවක අර ගන්න ඕන.
    මේ ගැන මතක් කළාට ස්තූතියි දිනේෂ්.....

    ReplyDelete
    Replies
    1. උදාර මේ පොත පොත් ප්‍රදර්ශනවලත් බහුලවම තිබෙන පොතක්. යම් යම් දුර්වලතා තිබුනත් මා මෙන්ම ඔබද අවධානය යොමකරන දෙවන ලෝක යුද්දයට සම්බන්ධ නිසා වැදගත් කෘතියක්. ඔබට මම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා...

      Delete
  3. මම ඔරිජිනල් පොත කියවල තියෙනවා.කියවලා ඉවර උනාම සැහෙන දවසක් යනකල් ඒකෙ සිද්දි හිතේ හොල්මන් කරනවා.

    ReplyDelete
    Replies
    1. සුභ අළුත් අවුරුද්දක් වේවා! මම නම් මුල් පොත කියවා නැහැ. ඒකත් කියවා බලන්නට ඕන...

      Delete
  4. සිංහල බ්ලොග් ලෝකේ මන් දැක්ක තව හොදම ලිපි ඇතුලත් අනර්ග බ්ලොග් එකක්
    මේක.නමුත් මේ බ්ලොග් එක ලෝඩ් වීමේ ගැටළුවක් තිබ්බ පහු ගිය කාලෙම .ඉතින් මන්
    " ඔයාගේ බ්ලොග් එක ලෝඩ් වෙන්නේ නැහැ " කියල කමෙන්ට් කරන්නැයි ..

    මේකේ තියෙන අත්‍යවශ්‍ය දේවල් ඒ නිසා මග ඇරෙනවා ..නමුත් මේ වගේ දේවල් දිගටම
    ඉදිරිපත් කරන්න.මොකද කඩේකට , පුස්තකාලෙකට ගිහින් බලන්න බැරි පොත් , දැනුම
    මේ වගේ දේවල් වලින් ගොඩක් දෙනා ලබනවා
    ඒ ගැන ස්තූතියි ඔබට...සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි ඒ වගේම සුභ අළුත් අවුරුද්දක් වේවා! කරුණාකර නැවත අපහසුතාවයට පත්වුනොත් කියන්න...

      Delete
  5. කියවන්නා තුල කුතුහලය අවසානය දක්වාම රදවාගන්න ෆෙඩ්රික් ෆොර්සයිත් සමත් වෙනවා ඔහුගේ හැම කතාවකම වගේ ඔහුගේ පොත් වල හැම එකක්ම වගේ මගේ ලග තියෙනවා

    ReplyDelete
    Replies
    1. සුභ අළුත් අවුරුද්දක් වේවා! හැකියාවක් තිබුනොත් පොත් වල නම් ටිකක් කියනවද?

      Delete
    2. day of jackal නියම පොතක් ,මේකටත් වඩා හොදයි කියලා තමයි මට හිතෙන්නේ ,ඒක අභය හේවාවසම් මහතා වුර්කයාගේ දවස නමින් පරිවර්තනය කරලා තියෙනවා ,

      dogs of war - යුද බල්ලෝ අභය හේවාවසම්

      the negotiater - සන්සන්දිකයා අභය හේවාවසම්

      the cobra - නාග මෙහෙයුම

      avenger - පළිගැනීමේ මෙහෙයුම

      පරිවර්තන ඔක්කොම සුරිය ප්‍රකාශන ,තවත් පරිවර්තනය නොවූ පොත් තියෙනවා ,ඒ තමයි

      fist of god

      icon

      the afgan

      the deceiver

      මේවයින් සමහර පොත් ලංකාවේ ගන්න තියෙනවා

      Delete
    3. බොහොම ස්තූතියි දිනේෂ්. මේ පෝස්ට් එක වගේම කමෙන්ට් කීපයක් ගැනත් මම මෙතන මගේ අදහස ලියන්නම්.

      පරිවර්තනය මම උඩින් පල්ලෙන් තමයි කියෙව්වේ මොකද මම ඉංග්‍රීසි පොත කියවලා තිබුන නිසා, ඒ පොත එක්ක සංසන්දනය කරද්දී සංසන්දනය කරන්න පුළුවන්කමක් නොතිබීම ඒ නිසා මේ පෝස්ට් එකේ ලියා තියෙන ඇතැම් දේ ගැන මම කියන්න දන්නේ නැහැ. නමුත් පරිවර්තනය නම් දුර්වල බව පිලිගන්නවා. වෘකයාගේ දවස පරිවර්තනය ඊට වැඩිය සාපේක්ෂව හොඳයි. ඒ පොත පරිවර්තනය කලේ හේවාවසම් මහත්මයා පරිවර්තන සාහිත්‍යයට ආපු කාලේ කියලයි මට මතක. ඒ සාර්ථකත්වය නිසා ඉල්ලුම වැඩි වෙලා හදිසියට පරිවර්තන කරන්න වුන එකද දන්නේ නැහැ මේකට හේතුව.
      අනිත් පරිවර්තන ටිකත් මම දැක්කා. නමුත් මේ පොතේ අසාර්ථකත්වය නිසා මම ඒ පොත් අතට අරන් බැලුවේ වත් නැහැ. අනික මම මේ ගොඩක් පොත් කියවා තියෙනවා. ෆෝර්සයිත්ගේ
      පොත් මම ලැබුන විට මිලට ගන්නවා.

      නාග මෙහෙයුම පොතේ ඉංග්‍රීසි පොත ඇරුනම මෙතන ලියලා තියෙන අනිත් ඔක්කොම පොත් මම ලංකාවේ දැකලා තියෙනවා. The Afghan පොත තමයි මම දැකපු අලුත්ම පොත. ඒකෙ ඉන්නෙත් එකේ ඉන්න පීටර් මාර්ටින් කියන චරිතය. ඒ පොත අලුත් නිසා තවම සෙකන්ඩ් හෑන්ඩ් පොත් කඩවලට ඇවිත් නැහැ. The Cobra පොත ඇරුනාම අනිත් ඔක්කොම පොත් මම දැකලා තියෙනවා කිව්වේ මගේ ළඟ එව්වා තියෙන නිසා. Odessa File නම් නැහැ. ලඟදි හොයාගන්න ලැබුනේ නැහැ. යාලුවෙක්ගෙන් තමයි ඉල්ලාගෙන කියෙව්වේ.

      ෆෝර්සයිත්ගේ පලවෙනි පොත ප්‍රබන්ධයක් නෙවෙයි ඒ නයිජීරියාවේ සිවිල් යුද්ධය ගැන කියන The Biafra Story පොත. එක නම් මට ලංකාවේ දකින්න ලැබිලා නැහැ. No Comebacks කියන කෙටි කතා එකතුව කොළඹ මහජන පුස්තකාලයේ අවුරුදු ගානකට පෙර තිබුනා. දැනුත් ඇති. Great Flying Stories කියන පොතත් තිබුනා වගේ මතකයි.

      Dogs of War පොත ගැන පසු කතාවක් තියෙනවා. 1973 සමක ගිනියාවට එරෙහිව ප්‍රහාරයක් එල්ල වුනා. ඊට තමන් සහය දුන් බව ෆොර්සයිත් පසුව පිලි ගත්තා. ඒ වගේම 2004 දී මේ පොතේ තියෙන ක්‍රමයට සමක ගිනියාවට පහර දෙන්න කරපු සැලසුමක් අසාර්ථක වුනා. සමහරු කියනවා 1973 කුමන්ත්‍රණය සැලසුම් කරන්නත් ෆෝර්සයිත් දායක වුනා කියලා. පොතේ තියෙන සන්ගාරෝ කියන රටේ භූ විෂමතාව ටිකක් සමක ගිනියාවට සමානයි. (සමක ගිනියාවේ කොටස් දෙකක් තියෙනවා. මහාද්වීපික කොටස සහ බියෝකෝ ඇතුළු දූපත්. බියෝකෝ දූපතේ තමයි මලාබෝ අගනුවර තියෙන්නේ. සන්ගාරෝ රට මහාද්වීපික සමක ගිනීයාව වගෙයි). ඒ නිසා තමයි ෆොර්සයිත් 1973 කුමන්ත්‍රණයට සම්බන්ධයි කියලා කියන්න පටන් ගත්තේ.

      Delete
  6. මං මේක පුස්තකාලේදී අතට අරගෙනත් පැත්තකින් තිබ්බ , මේක නිකම් කතා පොතක් කියල හිතුනු නිසා , මං පොඩ්ඩක් උඩින් පල්ලෙන් කියවල බැලුව මට නම් එච්චර ගතියක් දැනුනේ නෑ , ආයිත් අහුවුනොත් ගන්න ඕනේ ,
    දිනේෂ් අයියටත් 2013 වසර සෞභාග්‍යමත් සතුට සපිරුණු වසරක් වේවා !

    ReplyDelete
  7. මම Fredric Forsyth ගේ පොත් කිහිපයක් කියවා තියෙනවා...සින්හලපරිවර්තන තියෙන බවක් දැනගෙන හිටියේ නැහැ.ඉතාම හොද ප්‍රබන්ධ....මගේ collection එකක් තියෙනවා..jack higgins ,,Tom Clancy ,,Robert Ludlum ,,,and other famous Authors .... Ludlum ගේ පොත් 15 කට වඩා තියෙනවා..බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් හුවමාරු කර ගතහැකියි

    ReplyDelete
  8. මම Fredric Forsyth ගේ පොත් කිහිපයක් කියවා තියෙනවා...සින්හලපරිවර්තන තියෙන බවක් දැනගෙන හිටියේ නැහැ.ඉතාම හොද ප්‍රබන්ධ....මගේ collection එකක් තියෙනවා..jack higgins ,,Tom Clancy ,,Robert Ludlum ,,,and other famous Authors .... Ludlum ගේ පොත් 15 කට වඩා තියෙනවා..බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් හුවමාරු කර ගතහැකියි

    ReplyDelete