Tuesday, December 11, 2012

තමන්ගේ නොසැලකිලිමත් කමින් හෝ වරදින් තමන්ගේ ඇට වලට හානි කර ගැනීම හා එය නිරාකරණයට මුලාවේ වැටීම..

(මෙම ලිපියේ දෙවන කොටසට අයත් මහාමේඝ සඟරා‍වේ ලිපිය සම්බන්ධයෙන් වූ සබැඳිය පමණක් සටහන් කොට ලිපිය නැවත සංස්කරණයකට ලක්කරමි).

කටයුතු යෙදෙන්නේ ඇතැම් විට පුදුමාකාර අන්දමටය. මට ගිය සතියේ දිනක MSN සෙවුම් යන්ත්‍රයේදී දුටු ඔබගේ අස්ථී දිය කරනා ආහාරපාන හයක් ගැන තොරතුරු ඔබටද යම් අවස්ථාවක පවසන්නට සිතා සිටියදී, අපේ රටේ ආගමික මෙන්ම සාමාජීය පුනර්ජීනයට අතහිත දෙන මහමෙව්නා බෞද්ධාගමික ආයතනයේ මහඟු කාර්යයක් ඉටු කරන්නාවූ මහාමේඝ සඟරාවේ පළවූ ඔස්ටියෝපොරෝසිස් නම් රෝගය දඩමීමා කරගනිමින්  කූඨ ලෙස මිනිසුන් මුලා කිරීම පිළිබදව වූ කාලීන ලිපියද සමග හොදින් පෑහෙන්නාවූ අදාල කරුණු ඉදිරිපත් කරමි.

ඔස්ටියෝපොරෝසිස් නම් රෝගය මගේ මතකයේ හැටියට නම් අසූව සහ අනූව දශකයේ මුල් භාගයේ අසන්නට නොලැබුන දෙයකි. එයින් එම කාලයේ රෝගය නොතිබූ බවක් අදහස් නොකරන අතර අද තරම් මේ රෝගය මහා හිසරදයක් බව මාධ්‍ය වලින් පළ කළ බවක් නම් මතකයේ නොමැත. කෙසේවෙතත් යම් රෝගයක් වාණිජමය වශයෙන් වාසියක් කර ගන්නා අයට නම් දැන් කාලයේ මේ නිසා කරල පැහී ඇති බවක් නම් පෙනේ. කෙසේවෙතත් වියපත් වීමත් සමග අස්ථි දුර්වල කරනා මෙම රෝගය පිළිබදව ඉතාමත් හරවත් ලෙස ගැමුණු සාලිය පෙරේරා, මහජන සෞඛ්‍ය පරීක්ෂක – ඇල්ල විසින් ලියූ මහාමේඝ සඟරාවේ පළ කළ ඇට කුඩු වීමේ භීතිකාව සහ ජනතාව ගොනාට ඇන්දවීම (http://mahamegha.lk/all-time-favourites/eta-kudu-veeme-beethikawa/) ලිපියට පිවිසීමට පෙරාතුව අස්ථි වල ප්‍රධාන සංඝටකය ලෙස සලකන කැල්සියම් ඌනතාවයට හෝ ඇති කැල්සියම් පවා දියවීමට ලක්කරන හේතු කාරකයන් හයක් පිළිබදව ඔබව දැනුවත් කිරීමට සිතුවෙමි.

ලුණු - ලුණු කියන්නේ අනාදිමත් කාලයක පටන් අපේ රටේ පවා බහුලවම භාවිතා වන දෙයක්. කොහොමවුනත් අධි රුධිර පීඩනයට අධික ලුණු භාවිතය හොද නැහැ වගේම අස්ථි වල කැල්සියම් උරා ගැනීමටත් ලුණු දායක වන බව පෝෂණය පිළිබදව දැනුම ඇත්තන්ගේ මතයයි. ඔවුන්ට අනුව දිනකට ලබා ගත යුතු උපරිම ලුණු ප්‍රමාණය මිලිග්‍රෑම් 2300 ක් බව පැවසෙනවා. ඒ කවරක්වුනත් මේ අගය ඉක්මවා නම් ලුණු යහමින් භාවිතයට ගන්නා පිරිස වැඩි බවයි පැවසෙන්නෙත්. විශේෂයෙන් ඇමරිකාව වැනි බටහිර රටවල නම් සකස්කළ ආහාර වලට යොදා තිබෙන ලුණු ප්‍රමාණය අධික බවත් ඔවුන් සඟවා නැහැ. 

ටින් කර තිබෙන soups, vegetables, sauces, spaghetti යනාදී ආහාරත් ශීත කළ ආහාර ඒවගේම ප්‍රධාන ආහාරයට පෙරාතුව සපයන entrée (An entrée is a dish served before the main course, or between two principal courses of a meal), කටට කෙළ උනන Deli meats වගේ ආහාර  
(Deli meat/Cold cuts are precooked or cured meat, often sausages or meat loaves, that are sliced and usually served cold on sandwiches or on party trays. They can be bought pre-sliced in vacuum packs at a supermarket or grocery store, or they can be purchased at a delicatessen or deli counter, where they might be sliced to order. Most pre-sliced cold cuts are higher in fat, nitrates, and sodium than those that are sliced to order, as a larger exposed surface requires stronger preservatives), දැන් ලංකාවේ අපිටත් හුරුපුරුදු පිට්සා, ඒවගේම කෙටි ආහාරත් (burgers, fries and shakes) මෙම ලුණු සැපයීම පිළිබදව වගඋත්තරකරුවන් බව පවසන්නට වෙනවා.
http://en.wikipedia.org/wiki/Cold_cut

බෝතල් කළ පැනිබීම - කුඩා කල සිටම අපි පැනිබීම බොන්නට කැමතියි. එහෙත් කැල්සියම් උරාගෙන මුත්‍රා හරහා පිටකිරීමට ඇතැම් බීම වල අඩංගු පොස්පොරික් අම්ලය (phosphoric acid) වැනි කාරකයන් ඉවහල් වන බව පැවසිය යුතුයි. එසේම ඒවායේ අඩංගු සීනිත් අපේ සෞඛ්‍යයට අහිතකර බව නැවත කිව යුතුද?
(That fizzy quality in soda is from phosphoric acid — it specifically increases the rate at which calcium is excreted in the urine. In other words, it saps the available calcium in tissues and organs and blood, depleting it naturally when you pee. Also consider that soft drinks have no bone-building nutrients, so they fill you up and satisfy your thirst, providing unhealthy amounts of sugar and empty calories with absolutely no benefits for health!)

කැෆේන් - කොතරම් නරක වුනත් තේ/කෝපි බීම අත්හරින්න පුළුවන්ද? ඔව් අපි බොන තේ සහ කෝපි වල අඩංගු කැෆේන් මිලිග්‍රෑම් 100 කින් ශරීරයේ අඩංගු කැල්සියම් මිලිග්‍රෑම් 6 කට වග කියන බවත් අකමැත්තෙන් වුවද පවසන්නට වී ඇත්තේ තේ කෝප්පයක් බොන අතරේමයි. විශේෂයෙන් මටද තිබෙනා කෑමෙන් පැය දෙකක් ඉක්මවා යන්නටත් පෙර තේ කෝප්පයක් බීමට ඇති ආසාව මෙම කැල්සියම් අවශෝෂනයට බාධා වැඩිකරන බවත් මීට පෙර පළවූ තිබූ ලිපියකද මා දුටුවා.

(Why Caffeine is a Bone Killer: The phytochemicals in caffeine move via the blood stream into calcium rich bones setting up a leaching action. For every 100 milligrams of caffeine (the amount in a small to medium-sized cup of coffee), you lose 6 milligrams of calcium. This may not be much, but it adds up if multiple cups of coffe, tea or other caffeinated drinks (sodas, energy drinks) are part of one’s dietstyle.
What to Do: Reasonably reasses the value of caffeine in your liquids, and the quantity you
consume. Substitute fresh juices, milks or water, decaffeinated teas, etc.)

ඇල්කොහොල් - ඔව් ඉතින් මොන එකටත් මේක නැත්නම් අඩුවක්නේ. කොතරම් අමිහිරිවුනත් කියන්න තිබෙන්නේ ඇල්කොහොල්ද අපේ සිරුරේ කැල්සියම් වලට හානි කිරීමට දායක වන බවයි. 
(Alcohol is a deal-breaker in your life for numerous reasons, if it is not drunk intelligently and in moderation. Nutritionally, however, ALCOHOL IS A BONE BREAKER because it is a CALCIUM- BLOCKER. Why Alcohol is a Bone Killer: Every bone has bone-building cells called osteoblasts. Osteoblasts are always working to regenerate, rebuild and remodel the bones every day. Alcohol prevents osteoblasts from doing their job by preventing any bone-building minerals eaten from being absorbed. The calcium is blocked, resulting in weaker bones, or slow healing and recovery from fractures.

What to do: Limit your drinking to one drink a day, whether that’s wine, beer, or hard alcohol.
)

හයිඩ්‍රජනීකෘත තෙල් වර්ග - තවත් වැරදිකාරයෙක් තමයි හයිඩ්‍රජනීකෘත තෙල්. මෙහෙම හැදින්වූවාට ඔබට එතරම් හුරුපුරුදු නැති වුනත් මාගරින් ලෙස හැදින්වූවහොත් මෙය කුමක්දැයි හොදින් වැටහේවි. විශේෂයෙන් මේවායින් විටමින් K වලට කරදර කරන බව පැවසෙන අතර විටමින් K යනු අස්ථි නැවත වැඩීමට ප්‍රධාන දායකත්වයක් සපයන්නෙකු බවද සදහන්ය.

(Why Hydrogenated Oils are a Bone Killer: The process of hydrogenation turns liquid vegetable oil into solid oils that are used in most store-bought foods such as bakery items and frozen foods. Every package lists the hydrogenated oils in the ingredients, so it’s not difficult to spot. These oils are stripped of the necessary Vitamin K that helps build and rebuild bones. 

What to do: First, limit the role of processed foods in your diet. Second, read the labels. Third, adjust your diet: eat green leafy vegetables that are naturally loaded with Vitamin K (spinach, chard, kale, lettuces, collards, etc), and switch to Vitamin K-rich oils like canola and olive oil. Above all, eat your greens!)

What Is Hydrogenated Oil? - http://www.wisegeek.org/what-is-hydrogenated-oil.htm
Why Hydrogenated Oils Should be Avoided at All Costs - http://www.naturalnews.com/024694_oil_food_oils.html

විටමින් A - මොනවා? මේ අපේ ඇස්පෙනීමට හොද වගේම තවත් බොහෝ දේට සුභවාදී බලපෑමක් කරන හිතවතෙක්නේ? ඒත් ඕනවට වඩා විටමින් A ගැනීමත් අස්ථිවලට හොද නැති බවයි පැවසෙන්නේ. විශේෂයෙන් අස්ථිවල සෛල ආකෘතියට විටමින් A කෙනහිලි කම් කරන බව පැවසෙනවා.

(Most modern diets are too high in Vitamin A, which is ingested naturally in foods and in multivitamins to aid in vision and the immune system. 5000 IUs is plenty (perhaps too much), according to dietary guidelnes. However, Vitamin A is bountiful in eggs, most dairy products (full-fat), liver and vitamin-fortified foods and drinks. In its way, too much Vitamin A is a BONE KILLER.

Why Vitamin A is a Bone Killer: Too much can be harmful, for Vitamin A in excess actually weakens the cellular structure of bones. Postmenopausal women, in particular, seem to be susceptible to vitamin A overload. Studies show that women whose intake was higher than 5,000 IUs had more than double the fracture rate of women whose intake was less than 1,600 IUs a day.


What to do: Switch to low-fat or nonfat dairy products only, and eat egg whites rather than
whole eggs (all the vitamin A is in the yolk). Also check your multivitamin, and if it’s high in
vitamin A, switch to one that isn’t.
)

(ඔබට අවශ්‍ය නම් මේ තොරතුරු http://solomonsseal.wordpress.com/2011/05/07/6-foods-that-are-killing-your-bones/ අඩවියෙනුත් දැක ගත හැකියි)

දැන් මහාමේඝ සඟරාවේ පළවූ ලිපියට අදාල සබැඳිය පළ කරන අතර ඉහත දැක්වූ කරුණු සහ මෙම ලිපියේ කරුණු අනුව අපගේ නොදැනුවත්කම/ නොසැලකිලිමත් කමෙන් අවසානයේ වාසි ලබන්නේ කවුරුන්දැයි ඔබටම තේරුම් ගත හැකිවේවි.

(මෙවන් හරවත් කාලීන ලිපියක් ලිවීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක, ගැමුණු සාලිය පෙරේරා මහතාට සහ එම ලිපිය පළ කළ මහාමේඝ සඟරාවටද අවසාන වශයෙන් ස්තූතිය පළ කරමි).

29 comments:

  1. වැදගත් ලිපියක්. බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මෙහි වැඩි ස්තූතිය හිමිවිය යුත්තේ මෙහි උපුටා ගැනීමට පාදක වූ ලිපිය ලියූ මහත්මයා සහ මහාමේඝ සඟරාවයි....

      Delete
  2. නියම ලිපියක්.
    මං අහල තියෙන හැටියටත් ඔය කැල්සියම් කොච්චර බිව්වත් ව්‍යායාම කළේ නැත්තං ඔස්ටියෝපොරෝසිස් වලින් වැලකෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් එළිමහනට බැහැල ව්‍යායාම් සිරුරට ලැබෙන කාර්යයන්ගේ නිරත විය යුතුයි. එහෙමනැතුව පිටිකිරි බීමෙන් හෝ වෙනයම් ක්‍රම වලින් කැල්සියම් ලබා ගත් පමණින් ලෙඩ වලින් මිදෙන්නට බැරි වේවි...

      Delete
  3. මම නම් පුදුම බය ලෙඩක්.. මොකද අපේ අම්මට ඔස්ටියෝ ආතරයිටිස් තියෙන නිසා... දැං මාත් ගෙදරටම වෙලා ඉන්න එකේ දිගට හරහට මහත් වෙන හින්දා බය වැඩියි..

    කොහොමත් ඔය පිටි ජාති ගැන නම් මගේ විශ්වාසයක් නෑ.. කන්න තියෙන දේ කාළා ව්‍යායාම කරලා ඉන්නවා... ලුණු කෑම නම් කොහොමත් අඩුයි.. ඒත් ඉතිං ඉඳලා හිටලා බර්ගර් එකක් වගේ එකක් කන්න තියෙන ආසව නැති කරගන්නත් බෑ... හි හි

    ReplyDelete
    Replies
    1. ම් ම් කම්මැලිකමට එක එක කඩචෝරු කකා නිකම්ම ගෙදරට වෙලා ඉන්නවා නේද? (විහිළුවක් කළේ. ඇයිද කියලත් බැළුවා ගොඩක් කාලෙකින් කමෙන්ටුවක්වත් නොදා හිටියේ ඇයිද කියලත්...)

      Delete
    2. ගිය ටිකේ ටිකක් වැඩ තිබ්බා අයියේ.. ඔක්කොම කියෙව්වා.. ඒත් කමෙන්ට් දැම්මේ නෑ...

      ආයිත් අහලා... මං කඩ‌චෝරු පප්පා.. හි හි... ඒත් එක්සයිස් කරනවා... නැත්තම් අපේ මහත්තයා මාව ගෙදරින් එ‌ෙලානවා.. හි හි..

      Delete
  4. වටින ලිපියක් දිනේෂ්....
    මාත් මේ දැනුත් තේ එකක් බොන ගමන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදාර මටත් තේ බීම නම් ඇබ්බැහි වූ දෙයක්. (පාසල් නිවාඩු කාලය නිසා දැන් ඔබට විවේකය ලැබී ඇතැයි සිතනවා...)

      Delete
    2. ඇත්ත... මේ දවස් ටිකේ පොඩි නිවාඩුවක් තියෙනවා.

      Delete
  5. කතා කළ යුතුම මාතෘකාවක් ,ස්තුතියි දිනේෂ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හැබැයි මම නම් හිතන්නේ මේ වගේ දේවල් කතා කරන්න සුදුසුම පුද්ගලයා ඔබයි...

      Delete
  6. බොහොම වැදගත් ලිපියක්
    මට නම් වැඩිපුර කැවෙන්නේ ලුණු තමා

    ReplyDelete
    Replies
    1. ලුණු???!!!! මොකද එච්චර ලුණු කන්නේ?

      Delete
  7. බලන කොට බයත් හිතෙන ලිපියක් , මැරෙන්නේ පස්සෙනේ කියලා හිතලා මම නං ඔක්කොම කාලා දානවා

    ReplyDelete
    Replies
    1. කන්න...කන්න ඔක්කොම කාලා බෙහෙත් බොන්න.:D

      Delete
  8. මගේ මවත් මේ රෝගයෙන් පීඩා විඳිනවා . මමනම් කිසිම පිටි වර්ගයක් බොන්නේ නෑ . ඔබ ඔය කියා තීබෙනෙ ආහාරනම් ගන්නවා . වැඩිපුරම කොල ජාති , මාලු හා අලුත් පලතුරු ගන්නවා . මිනිස්සු වැඩිපුර ලෙඩ වෙන්නෙ වැරදි ආහාර රටාව නිසා .
    …හොඳ ලිපියක් .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් කෘත්‍රිම ආහාරවලින් හැදෙන ලෙඩ විවිදාකාරයි. ඒක එක් එක්කෙනාට අනුව බලපෑමත් විවිදාකාර වන්නට ඉඩ තිබෙනවා...

      Delete
  9. බොහොම ස්තුතියි මෙච්චර ඉක්මනට මේ ලිපිය පල කලාට

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ මුල් කොටස මගේ හිතෙත් තිබුනා පළ කරන්න (වැරද ආහාර 6 සම්බන්ධයෙන්) ඉතින් ඔබ ලබා දුන් ලිපියත් සමග එය ඉක්මන් වුනා...

      Delete
  10. ස්තුතියි දිනේෂ් මේ දැනුවත් කිරීමට..සමහර වෙලාවට සමාගම් වල වෙළඳ උපක්‍රම ගැන පුදුමත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් වෙළදාමට බොහෝ වේලාවට මිනිසුන්ගේ හැගීම්, දුර්වලතා, සිතුම් පැතුම් ආදිය වාසිදායක විදියට යොදා ගන්නවා...

      Delete
  11. කෑමට ලුණුත් බීමට තේත් නැත්නම් කොහොම කන්න බොන්නද කියලා මට හිතා ගන්න බෑ. එත් මං හිතන්නේ මේ ලිපිය නම් මට මාර වටිනවා. මොකද ඔය ලෙඩේ ගැන මං හරි උනන්දුයි. මගෙත් හංදිවල පොඩි ඔරොවක් තියෙනවා වගේ. අනේ මංදා දිනේෂ් අයියේ කටට රහට කන්න ආර්ථිකේ තහංචි මදිවට මේවාත්???? අයියෝ මගේ රසදිව

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ඇතැම් ආහාරපාන අපට යම් අවස්ථාවක අතහරින්නට සිදුවෙනවා අකමැත්තෙන් වුනත්. ඒක ඉතින් වෙලාව තමයි...

      Delete
  12. The write-uр features еѕtablished beneficial to us.
    It’s ехtгemely hеlpful аnd you're simply obviously quite educated in this field. You have opened my personal eye to various thoughts about this particular topic using intriguing, notable and sound content material.

    My blog; buy viagra

    ReplyDelete