
කෙටියෙන් මෙම චිත්‍රපටිය ලැන කියන්නේ නම් මෙහිදී Stallone රඟපාන්නේ ඇමරිකානු හමුදා කපිතාන්වරයෙකුගේ චරිතයක්. එහෙත් ඔහු මෙහි දැක්වෙන ආකාරයට ජරමානු හමුදාවේ අත්අඩංගුවේ පසුවෙන්නේ. ඔහු සමග සිටින අනෙක් හමුදා සිරකරුවන්ගේ විනෝදාංශය තමයි පාපන්දු ක්‍රීඩා කිරීම. Stallone මෙහි ප්‍රධාන චරිතය රඟපෑවත් ඔහුවත් අභිබවා දෙවන ප්‍රධාන චරිතය වන දෙවරක්ම ඔස්කාර් සම්මානයෙන් පිදුම්ලද සම්මානනීය නළු Michael Caine ගේ චරිතය ඉස්මතු වී පෙනෙනවා කියන්නත් පුළුවන්. ඔහුත් බ්‍රිතාන්‍ය හමුදාවට අයත් කපිතාන්වරයෙකු වන අතර යුද්දයට පෙර ඔහු එහි ක්‍රීඩා සමාජ මට්ටමෙන් පාපන්දු ක්‍රීඩා කල වගක් තමයි චිත්‍රපටියේ කතාවට අනුව කියන්නේ.
ඔවුන්ට අමතරව ලෝකයේ ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයන් රැසක් මෙහි දක්නට ලැබෙන අතර ඔබ කීවාට විශ්වාස කරන එකක් නැහැ. ලෝකයේ මෙතෙක් බිහිවූ අතිදක්‍ෂම පාපන්දු ක්‍රීඩකයා වන Pelé පවා මෙහි රඟපෑමට එක්වී සිටිනවා. ඔහු මෙම කතාවට අනුව ට්‍රිනිඩෑඩ් රටේ කපිතාන්කෙනෙක්. ඉතින් ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩාව දැක එතරම් නරක නැති ජර්මානු මේජර්වරයෙක් ජර්මන් පාපන්දු කණ්ඩායම සමග තරගයක් සංවිධානය කරන අතර මෙම දෙපිරිස අතර පාපන්දු ක්‍රීඩාකරන අතරවාරයේ සිරභාරයෙන් පැනයාම තමයි Stallone ඇතුළු කණ්ඩායමේ සැලැස්ම. ඔවුන්ට එය සිදුකල හැකිවේද? ඔබටත් මෙම චිත්‍රපටිය නැරඹීමට සිතක් පහල වූයේ නම් අන්තර්ජාලය පිරික්සීමෙන් එය සොයා ගැනීමට බැරි වෙන එකක් නැහැ. ඒ එක්කම මෙම චිත්‍රපටියේදිත් Pelé ටම ආවේනික මේ පාපහරත් දැකගන්නට හැකියි.

මෙම චිත්‍රපටිදෙක ගැන අවසාන වශයෙන් නම් කියන්නට ඇත්තේ මගේ නම් පළමු චිත්‍රපටිය වූ Victory එහි කුතුහලය හා Stallone ගේ චිත්‍රපටි අතර ඇති විවිදත්වය දකින්නට ඇතත් දෙවැන්නේ එහෙම දෙයක් නම් මා දුටුවේ නැහැ. සමහරවිට ඔබගේ සිතුවිල්ල වෙනස්වන්නටත් පුළුවන්. හැකියාව ඇතොත් මෙම චිත්‍රපටිදෙකම නරඹා ඔබම ඒ ගැන කියන්න...
මාතෘකාවේ කියල තියෙන විදිහටම බලල නැහැ දිනේශ්...
ReplyDeletevictory නම් බලපු මතකයක් තියෙනවා . අනික නම් බලා නැහැ .
ReplyDeletevictory එකනම් ගොඩ කාලෙකට කලින් බැලුවා ඒත් කතාවේ අන්තිම නම් මතක නැ හරියට
ReplyDeleteහොද ෆිල්ම් එකක් කියලනම් මතකයි
http://mailrecord.blogspot.com/
ReplyDeleteමේ ෆිල්ම්ස් දෙකම ටීවී 1 කේ ගියා මට මතක විදිහට පලමු චිත්‍රපටය ,ජර්මානුවන් තමන් යුධ සිරකරුවනට හොදින් සලකන බව පෙන්වීමටත් මිත්‍ර පාක්ෂික රටවල මානසික මට්ටම බිම දැමීමටත් ජර්මන් ජාතික කණ්ඩායම සමග සන්විධානය කරන තරගයේදී ක්‍රීඩකයන් උපරිම ප්‍රමාණයක් සිරෙන් පලා යාම මෙම චිත්‍රපටයට මූලික වී තිබෙනවා ...............
ReplyDeleteSameera