Tuesday, September 27, 2011

‍ලෝකයේ සිටි ප්‍රසිද්ධම පුද්ගලයන්ගේ ඕපාදූප කියවන්නට ඕනෑකමක් තිබේද? +18 - The Private Lives of the world famous people

මේක නම්  හොද පුරුද්දක් නොවන බව සමහර අය කියන අතරේ තවත් සමහරෙක් මෙවැනි දේ ගැන සෑහෙන්න කැමැත්තකින් වගේම අවධානයකින් ඉන්න බව අමුතුවෙන් කියන්නට ඕනෑනැහැනේ. ඒ කොයිවිදියට වුනත් අභය හේවාවසම් මහතා පරිවර්ථන කරල ලද පොතක් තමයි ලොව ප්‍රකට අය පිළිබදව අප්‍රකට තොරතුරු කියන පොත. මෙහි මුල් ඉංග්‍රීසි පොතේ නම තමයි  The Private Lives of the world famous people.


මෙහිදී අප දන්නා කියන චරිත වන හිට්ලර්, අයින්ස්ටයින්, මාවෝ සේතූං, නැපෝලියන්, චාර්ලි චැප්ලින් හා තවත් දන්නා චරිත මෙන්ම නොදන්නා චරිත රැසකගේ සැඟවුන තොරතුරු රැසක් හෙලිදරව් කර ඇති අයුරු බලාකියා ගැනීමට හැකිය.

තාරක ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම පොතේ 2004 පළමු මුද්‍රණයට අනුව නම් රු‍.300/= ක් වූවත් දැන් සමහර විට එයට වඩා මිලෙන් වැඩිවීමටද ඉඩඇත. 

ISBN අංකය : ISBN 955 - 8387-47-1

සමහර විට ඔබත් මෙම පොතට ඇළුම් නොකරාවි මොකද  අපි තවත් කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයට එඹිකම් කිරීම ශීලාචාර නොවන හා එයට අයිතියක් නොවන බවද සනාථ කරමින්. හැබැයි යම් හෙයකින් ඔබ මෙම ප්‍රතාපවත් චරිත දේවත්වයෙන් සලකන්නේ නම් ඔබට හිතේවි මෙම පොත කියෙව්වාම ඔවුනුත් අප වගේම මනුෂ්‍යයන් බව.

(මේ පොත ළමයින්ට සුදුසු පොතක් නොවන බවද කාරුණිකව සලකන්න)‍.

4 comments:

  1. එළ එළ හම්බ උනොත් බලන්නම්කෝ .........:D

    ReplyDelete
  2. මේක මාත් කියවලා තියෙනවා. දිනේශ් කියල තියෙන විදිහටම මේක ළමයින්ට නම් කොහොමටත් සුදුසු නැහැ.

    ReplyDelete
  3. පැපරාසි යෙක් වෙන්න ඇති ලිව්වේ .

    ප්‍රසිද්ධ වුනාට ඒත් මිනිස්සුනේ .

    ReplyDelete
  4. ප්‍රසිද්ධ උනාම ඉතින් වැඩේ Private Life කියල එකක් නැති වෙනව......

    දොං නං දොං.....සිමං නං සිමං.......දොං සිමං දෙකම නං බෑ.....

    ReplyDelete