Friday, September 30, 2011

කැමරාවෙන් පසුපස සිදුවූ ආකර්ශනීය සිදුවීම් - 1

චිත්‍රපටියක හෝ ටෙලිනාට්‍යයක හෝ අපට දැකගන්නට ලැබෙන්නේ එහි රඟපාන නළු නිලියන් පමනයි. හැබැයි ඉතින් එම නිර්මාණයකට ජීවය දෙන්නේ ඔවුන් වුනාට එය උත්පාදනය කරන්නට තව ඉතා විශාල පිරිසක් දායකවෙනවා. ‍බොහෝ බටහිර චිත්‍රපටි ඇතුලත් Original DVD වල චිත්‍රපටියට පරිභාහිරව සිදුවන අපට තිරයේ ප්‍රදර්ශනය නොකරන දේවල් ඇතැම් අවස්ථාවල දැකගැනීමට පුළුවන්.

අද තවත් ලිපියක් පලකරම්දෝ නොකරම්දෝ යන දෙගිඩි‍යාවෙන් සිටින අතරතුර මා බෙහෙවින් ප්‍රියකරන තේමාවක් වන සිනමාවට අදාල තිරයෙන් පිටුපස සිදුවීම් රැසක් ඇතුලත් සේයාරූ රාශියක් අහම්බෙන් දැක ගන්නට ලැබුනා. එහි ඇති සේයරූ ප්‍රමාණය වැඩි නිසාම මෙන්න ඒවා කොටස් දෙකකට ඔබවෙතට...

මේක නම් මොන චිත්‍රපටියෙද කියල දන්නේ නම් නැහැ.
 මතකද Star Wars චිත්‍රපටි පටන් ගන්න ඉස්සෙල්ලා විස්තර වගයක් යන්නේ. මෙන්න ඒක ගන්න හැටි.
 ආපෝ මපට් ෂෝ කරන්න වෙහෙසෙන තරම.
 මේ Night at the Museum එකේ වෙන්න ඕන.
 ම්..ම්‍‍.. මේක නම් මොකේද දන්නෑ.
 මේ ඉස්සරහින් යන හාදයත් පස්සේ එන අය වගේ ගියා නම් ඉවරයිනේ ඇදුම් ටික තෙමා ගන්නේ නැතුව.
 මේක ගැනත් දැන්නෑ.
 Evil death 2 හෝ 3.

A Nightmare on Elm Street
 මේවා ගැන හරියටම දැන්නේ නෑ හෝ මතක නැහැ.




 මේක නම් දැක්කත් බය හිතෙනවා.

 Batman - The Dark Knight වෙන්න ඕන.




The Green Mile - ‍ටොම් හෑන්ක්ස් රඟපාපු අතිශයින්ම සංවේදී චිත්‍රපටියක්. පැය දෙකකටත් වඩා වැඩියි මේකේ ධාවන කාලය.





 Pirates of Caribbean
 ‍මේක ගැනත් නොදනිමි.


තව පින්තූර ටිකක් තියෙනවා. මතක ඇතිනේ මේවගේ තිරයෙන් පිටුපස පින්තූර රැසක් Godfather The Family Album ලිපි හතරිනුත් දුටුවා..

The Godfather - “The Greatest Movie of all time” - Episode I

9 comments:

  1. තවත් ලස්සන හදුන්වාදීමක් , ඇත්තටම අපි ඔබට විශේෂ ස්තුතියක් පුද කරන්නට ඕන , සිංහල බ්ලොග් අවකාශයට මෙවැනි සුන්දර , වෙනස්දෑ එක් කරනවාට , ඒ වගේම මේ තරම් කරුණු සොයන්නට , මේ තරම් ඉක්මණින් ලිපි පළ කරන්නට වන වෙහෙස සිහංල බ්ලොග් පාඨක සැමගේ පැසසීමට ලක් විය යුතුමයි ....දැන් නම් සත්සමුදුර , සිංහල විකිපීඩියාවක්ම තමයි ...

    ReplyDelete
  2. http://2.bp.blogspot.com/-lpujUNdNF5k/ToWUYCiVjUI/AAAAAAAADeI/aVWaku9vKS4/s1600/film_13.jpg

    මේ 2001, space odessy (ආතර් සී ක්ලාක්)

    http://3.bp.blogspot.com/-cSL5Ly_RbrI/ToWUZegejyI/AAAAAAAADec/YeDPnOoXEBk/s1600/film_18.jpg

    මේ ස්ටා වෝස්, රිවෙන්ජ් ඔෆ්ද එම්පයර්ට පසු කතා

    http://2.bp.blogspot.com/-l6zeVF0YWLg/ToWUbHRLCRI/AAAAAAAADe8/1tCa1O_YF0s/s1600/film_26.jpg

    ඉන්දියානා ජෝන්ස්

    ReplyDelete
  3. බොහොම ස්තුතියි මිත්‍රයා, හරියටම දන්නෙ නෑ කියලා තියෙන පිංතූර වල මුල එක Harry Potter film එකේ එකක්.

    ReplyDelete
  4. Star Wars, 2001: A Space Oddyssy, Harry Potter, Frankenstine, Sweeny Todd (?)

    ReplyDelete
  5. ලස්සනයි. නියම විස්තරයක්.

    ReplyDelete
  6. හැමෝටම ස්තූතියි! පින්තූර රසවින්දා වගේම අමතක වෙලා තිබුන චිත්‍රපටි ගැනත් මතක් කලාට. මේකේ දෙවන කොටස තවත් රසවත් වේ යයි සිතනවා...

    ReplyDelete
  7. ‍බොහොම අපූරු පිංතූර ටික. මේවායෙන් ඇතැම් චිත්‍රපට හැදූ හැටි කියවෙන පුංචි වාර්තා චිත්‍රපටත් තියෙනවා. සමහර ඒවා නම් පුංචියි කිව්වට එච්චරම පුංචිත් නැහැ. උදාහරණයක් විදිහට ජුරාසික් පාක් චිත්‍රපටයේ නිමැවුම පිළිබඳ මට හමුවූ (හොඳ තත්වයේ) වාර්තා චිත්‍රපටය විනාඩි පනහක විතර එකක්. බලන්න කැමතිනම් මෙතනින් http://youtu.be/bVLOfSf2TqM පළමුවැනි කොටසට යන්න පුළුවන්. කොටස් හයක් තියනවා.

    ReplyDelete