Friday, June 17, 2011

ඊයේ ඔබ ඔටුවන්ට වතුර පුරවනවා දැක්කා නේද? අද දෙපැත්තටම දුවන රේස් දැක ගන්නට වගේම බූරුවන් සමඟ ප්‍රියසාද දකින්නටත් කැමතිවේවි! Life සඟරාවේ පසුපිටේ සේයා රූ තව ටිකක් - II

අද සමහර විට ඔබ දොස් කියන්නත් ඉඩ තියෙනවා ඇයි අදත් රූප විතරක් ‍පෙන්වන්නේ කියලා. එයට හේතුව තමයි තවමත් සකස්කරගනිමින් යන දීර්ඝ ලිපිය අවසන් කරගන්නට නොහැකිවීම. මොකද ඊයෙත් එයට ඇතුලත් කිරීමට සුදුසු තොරතුරු රැසක් ලැබුන නිසා එය තවදුරටත් සංස්කරණය කර ඔබට ඉදිරිපත් කිරීම සුදුසු යයි සිතුවා. අදත් ඊයේ ඔබ දුටු සේයාරූ අතරට තව සේයාරූ ටිකක් එකතු කරන්නට සිතුනා. මා මෙම සේයාරූ උපුටා ගත් Life සඟරාව ගැන යමක් කියන්නේ නම් එය වසර 100 කටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙන ඇමරිකානු සඟරාවක් එය මුල් වරට පාඨකයන් අතට පත්වී තිබෙන්නේ 1883 ජනවාරි 4 වෙනිදායි. වර්ථමානයේත් පලවන මෙම සඟරාව එක් අතකින් ඇමරිකානු අයිකනයක් කිවුවත් වරදක් නැහැ. ඒ ඇමරිකානු ජනජීවිතය හා ඒ හා බැදුනු සිදුවීම් වලට මුල් තැන දෙමින් මේ සඟරාව පලකරන නිසා. එ‍මෙන්ම සෑම අවස්ථාවකම මිනිසුන්ගේ සිතට සංවේදී ලෙස දැනෙන ආකාරයේ ඡායාරූප ලබාදීම අතින්ද මෙම සඟරාව ඉදිරියෙන් සිටින බව අවධාරණය කල යුතුයි. එසේ නම් අද එවැනි දුර්ලභ මෙන්ම හිතට දැනෙන පින්තූර ටිකක් දැකගමු...

දෙපැත්තටම දුවන රේස්...



 විශීෂ්ඨතම ක්‍රීඩා විනිසුරුව (ඔහුත් තහනම් උත්තේජක අරගෙනවත්ද????)
 නිර්භීතකමක සංකේතය...
 වයසට ගියත් දක්‍ෂකමෙන් අඩුවක් නැත...
 අමුතුම ඔරු පැදීමක්...

 සහජයෙන්ම ආ නර්ථනයට හිත...


 ඔත්තු බැලීම...
 වෘත්තීය නිපුණත්වය...
 අපේ රටේ නැති සුදු මහත්තුරුන්ගේ රටේ ඇති දෙපා සුනඛයින්...
 ගෝරිල්ලන්ගේ ශරීර සුවතාවය විමසීම...


 අතින් කටින් ලියුම්...
 මේ ඔබ‍ගේ අප්‍රිකානු නිජබිම නොවේ...




 කාටත් සමලෙස සේවය...
 බූරුවන් සමඟ ප්‍රියසාදය...

පාපොච්චාරණය අසා සිටීම කම්මැලි දෙයක්ද?


 විවේකසුවය...

තව පින්තූර ඉදිරියේදි ඉඩක් ලැබුන විටක බලමු...

ඊයේ පින්තූර බලන්න Click කරන්න.

12 comments:

  1. Very nice,. I like these kind of posts

    ReplyDelete
  2. ඊයේ වගේම අදත් කියන්න තියෙන්නෙ බලන්න තරම් පිංතූර ටික වටිනවා කියල තමයි. Ed Gein ලිපියේ දෙවැනි කොටස ලඟදිම දානව ද කියලත් දැනගන්න කැමතියි.

    ReplyDelete
  3. @Bindi - Thanks! There will be more attractive pictures on සත් සමුදුර...

    ReplyDelete
  4. @උදාර - ස්තූතියි! දෙවන කොටස ඉදිරියේදී පලකරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඊට පෙර වෙනත් තේමාවක් ගැන දිග ලිපියක් පලකරනවා...

    ReplyDelete
  5. අපිට තියෙන්නෙ ඇවිල්ලා බලලා යන්නයි! උඹ කොච්චර මහන්සි වෙනවා ඇතිද....

    ReplyDelete
  6. @බුද්ධි - ස්තූතියි! මචං වැඩේ උඹලගේ හිතට ඇල්ලුවනං ඒක තමයි මගේ සතුට...

    ReplyDelete
  7. නියම පින්තූර ටික. ස්තූතියි..

    ReplyDelete
  8. @``` Outsider``` ,Anon, Praසන්ன - ස්තූතියි! ඉදිරියේදී තව ලස්සන පින්තූර බලාපොරොත්තුවන්න...

    ReplyDelete