Sunday, April 3, 2011

නිකලස් ඉන්න Windtalkers...

හදිස්සියේම බොහොම කෙටි සටහනක් තියනවා සිනමාව ගැන. නිකලස් කිවුවේ හොලිව්ඩ් සිනමාවේ ඉන්න ඔස්කාර් සම්මානලාභී නළු Nicolas Cage  ගැන. ඔහු රඟපාන වසර 2002 තිරගත වූ චිත්‍රප‍ටියක් තමයි Windtalkers කියන්නේ. 

මේක පසුබිම් කර ගත්ත කාල වකවානුව තමයි දෙවන ලෝක යුද සමය. නිකලස් කේජ් විසින් පණ පොවන Sergeant Joe Enders කියන හමුදා නිලධාරියාට පැවරෙන වගකීම තමයි. ඔවුන්ගේ භට කණ්ඩය සමග යන නවාජෝ කියන ඇමරිකාවේ සිටි ස්වදේශික ජනතාවගෙන් පැවත‍එන මැරීන් භටයින් දෙදෙනා කෙසේ හෝ රැකගැනීම හෝ නැතහොත් ඔවුන් ප්‍රතිවාදීන්ට හසුවුවහොත් මරා දැමීම.

මෙම නවජෝ භටයින් දෙදෙනා යොදාගන්නේ යුද්ධය තුල පණිවිඩි හුවමාරුවේදී ජපාන සොල්දාදුවන්නට එම පණිවිඩය කුමක්දැයි නොදැනීම පිනිස නවජෝ භාෂාව භාවිතය සදහායි. ඉතින් Sergeant Joe Enders හා තවත් හමුදා නිලධාරියෙක්වන Sgt. Pete 'Ox' Anderson ට පණ දෙන Christian Slater ට පැවරෙන මෙම රාජකාරීය ඉටුකිරීමට යාමේදී සිදුවන සංවේදී සිදුවීම තමයි මෙම චිත්‍රපටියේ අන්තර්ගතය. 

මේක ඇත්තටම හොද ච්‍ත්‍රපටියක්. ‍හැබැයි අවසානය නම් තව ටිකක් සාර්ථක කරගන්න තිබුනා කියලත් හිතෙනවා. මේ චිත්‍රපටියේ Sergeant Joe Enders ට තම ඉහල නිළධාරියා විසින් කාර්යයක් පවරලා දෙන අවවාදය නම් තවමත් මතකයි. ඒක තමයි අඩුත් නැතිව, වැඩිත් නැතිව කරන්න කියන එක.
Nothing less, Nothing More...

13 comments:

  1. මාත් බලලා තියෙනවා. අවසානය ගැන නම් ලොකුවට මතකයක් නැහැ.
    හැබැයි බලලා තියෙන යුධ ෆිල්ම් වලින් හිත් ගත්ත තවත් චිත්‍රපටයක් කියල නම් කියන්න පුලුවන්.

    ReplyDelete
  2. මමත් බලල තියනවා. මරු ‍ෆිල්ම් 1බන් ඇත්තටම පට්ට ෆිල්ම් 1. අවසානෙ හොදට තිබ්බනෙ මචන් , ඒක එහෙම අවසානයක් උන නිසා මටනම් කතාවේ සන්වේදිකම වැඩි උනා කියලා හිතෙනව .මොකද කියන්නෙ?

    ReplyDelete
  3. @උදාර හා Theekshana දෙදෙනාටම - War films අතරින් හොදම එකක් කියල කියන්න පුළුවන්. හැබැයි අවසානයේ Sergeant Joe Enders මැරෙන Seen එක තව සටනක් දීලම කරානම් හොදයි කියල හිතෙන්නේ නැද්ද? මොකද ‍film එකේ මුලින්ම කියන විදියට Joe Enders තමයි එකම ඉතිරිවන සොල්දාදුවා එම ස‍ටනේ ඒක නිසාම තමයි ඔහුට Sergeant කමත් ලැබෙන්නේ කියලයි මට මතක. එහෙම දරුණු යුද්ධයකිනුත් ගැලවුන කෙනා අවසානයේ නොසැලකිලිමත් විදියට කියල හිතෙනවා මැරෙන්නේ. ඒක වෙනසක් කරානම් හොදබවයි මගේ නම් හැගීම...

    ReplyDelete
  4. මමත් බලපු හොඳම ෆිල්ම් වලින් එකක් ඒ වගේම නොමකන ෆිල්ම් එකතුවේ තියන හොඳ ෆිලම් එකක්. දැඩි යුධ මානසිකත්වයකින් තම ජීවිතය නොසලකා තමාගේ වගකීම ඉටුකරන නිළදාරියෙකුගේ ආදර්ශමත් කියන්න පුළුවන් කතන්දරයක්.

    ReplyDelete
  5. @අමිල - ඒ වගේම Nicolas Cage රඟපාන ලද චිත්‍රපටි අතරිනුත් හොදම එකක් කියල මේක කියන්න පුළුවන්...

    ReplyDelete
  6. හරි හරි දැන් මතක්වුණා. මිනිහා පිස්සෙක් වගේ ඉස්සරහට දුවගෙන ගිහිල්ලනෙ මැරෙන්නෙ. ඒකෙ පොඩි අවුලක් තියෙනවා තමයි.

    ReplyDelete
  7. @උදාර - ඔව් ඒ seen එක නම් වෙනස් වුනොත් හොදයි තියල තමයි අදහස...

    ReplyDelete
  8. මේක බලලනම් නෑ. මොකද මේ War films ට මම එතරම්ම කැමැත්තක් නෑ. මොකද වැඩි හරියක් තියෙන්නෙ වෙඩි තියන, බෝම්බ ගහන, මරණ දර්ශනනෙ. ස්පීල්බර්ග්ගෙත් තියෙනව නේද මේ වගේ යුද්ධය ගැන හොඳ ෆිල්ම් එකක්.
    මේකත් හොයාගෙන බලන්න ඕනි.

    ReplyDelete
  9. @``` Outsider``` - Spilberg හදපු War ‍film එකක් තමයි Saving Private Ryan එකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Tom Hanks...

    ReplyDelete
  10. මම නම් බලල නැහැ . Saving Private Ryan නම් දෙපාරක්ම බැලුව . කතාව අනුව දෙකම ටිකක් සමාන තේමාවක් නේද? Saving Private Ryan වලත් සොල්දාදුවෙක් ආරක්ෂා කරන කතාවක්. එකෙත් ටොම් හැන්ක් අන්තිමට මැරෙනවානේ. සමහර යුද්ද කතා නම් බලන්න බැ තමයි. එත් යම් මානුෂික සංවේදී සිදුවීමක් නම් ගැබ් වෙලා ඇත්නම් බලන්න හැකියි .
    මේ සිනමා පටය බලන්න හැකි ලින්ක් එකක් තියෙනවද?
    චමිලා

    ReplyDelete
  11. @චමිලා - http://sharingcentre.net/forum/196821-windtalkers-2002-dvdrip-xvid-dmz-reuploaded/ අඩවියට ගිහිල්ල බලන්න. එතනින් Download කර ගන්න පුළුවන් වේවිත මමනම් හැබැයි මෙතනින් Download කරලා නම් නැහැ. මේක හරිගියේ නැත්නම් කියන්න. වෙන link එකක් සොයාල දෙන්නම්...

    ReplyDelete
  12. මමත් මේක සෑහෙන්න ඉස්සර බැලුව වගේ මතකයි කේජ්ගෙ කලෙක්ෂන් ඩීවීඩී එකක තිබිලා. ඒ වුණාට ඇත්තටම කතාව මතකයක් නෑ... මොනව වුණත් ‍නිකලස් කේජ් කියන්නෙ තමන්ගෙ චරිතයට උපරිමව සාධාරණයක් කරන නළුවෙක් නිසා චිත්‍රපටිය අවුල් වෙන්න නම් බෑ...

    ReplyDelete
  13. @hare :-) - ඔබ කියන එක හරි, මොහු තමන්ගේ චරිතයට උපරිම සාධාරනය කරන කෙනෙක් තමයි. ඒක ‍හොදටම බලා ගන්න පුළුවන් තැනක් තමයි Face off. ඒකේ චරිත දෙක මාරුවෙන නිසා ඒ දෙකම මොහු නිරූපනය කරන ආකාරය අතිවිශිෂ්ඨයි...

    ReplyDelete