Friday, April 29, 2011

හරියටම Uninstall කරගන්න නම් ඉතින් Your Uninstaller! තමයි හොදම හොද!!!

අපි පරිගණකයකට ස්ථාපනය කරල තියෙන මෘදුකාංගයක් ඉවත්කරගන්න, එහෙමත් නැත්නම් uninstall කරගන්නේ Windows 7 වල Control Panel හි ඇති  Programs and Features හරහා හෝ ඊට කලින් සමහර Windows මෙහෙයුම් පද්දතියේ ඇති Add/Remove Programe වලින් හෝ Start Menu හි ඇති එම මෘදුකාංගය ක්‍රියාකරවන තැනම ඇති Uninstall පහසුකම ඔස්සේයි. නමුත් එසේ ඉවත් කිරීමේදී අර ඉවත් කරගන්න වැඩසටහනට අදාලව පිහිටුවා ඇති සමහර ගොනු පරිගණකයෙන් ඉවත් නොවී ඉතිරිව තිබීම හා Registry දී එම වැඩසටහනට අදාල තො‍රතුරු ඉතිරිව තිබෙන බව ඔබ දන්නවත් ඇති.
මේ නිසා මෙම ගැටළුව නිරාකරණය කර ගැනීමට මහවත් වඩාත් කාර්යයක්‍ෂම ලෙස ස්ථාපනය කරල තියෙන මෘදුකංගය ඉවත් කර ගැනීමට බොහෝ සමාගම් තෙවන පාර්ශවයේ මෘදුකාංග නිපදවලත් තියෙන නමුත් ඒවායේ එකිනෙකට ආවේනික ලක්‍ෂන මෙන්ම සමහර විට අපි අපේක්‍ෂාකරන තත්වය ඇතුලත්ව නොමැති බවත් කිව යුතුයි.

මේ සියළු කාරණා සැලකිල්ලට ගත්විට මෙම කාර්යය සිදුකරගැනීමට නිමවා ඇති හොද මෙන්ම භාවිතයද පහසු මෘදුකාංගයක් ලෙස URSoft සමාගම ලබාදෙන Your Uninstaller! හැදින්විය හැකියි.

මෙහි මෘදුකාංග uninstall කර ගැනීමේ පහසුකමට අමතරව  Start Menu එක හා Start Manager කළමණාකරණය කර ගැනීම හා තවත් අපිට ප්‍රයෝජනවත් කාර්යයන් රැසක් කර ගැනීමේ අවස්ථාවද සලසා ඇති බව කිවයුතුයි.

කෙසේ වෙතත් වාණිජමය මෘදුකාංගයක් වන මෙහි Tryout version එකක් අදාල සමාගමේ වෙබ් අඩවිය වන http://www.ursoftware.com/ අඩවියෙන්  සොයාගත හැක. ඔබට අවශ්‍ය නම් මෙය පූර්ණ මෘදුකාංගය (Full version) බවට පත්කරගැනී‍මට අවශ්‍ය දේවල් අන්තර්ජාලය තුලින්ම ලබාගත හැකිබවත් ඊට අමතරව සදහන් කරනු කැමැත්තෙමි.


12 comments:

  1. Creck එකක් එහෙම ගන්න තැනක් කියන්න පුළුවන් නම් හොඳයි. එහෙම උනොත් ෆුල් වර්ශන් එක කරගන්න පුළුවන්නේ.

    ReplyDelete
  2. @priyantha - මෙන්න මේ හරහා ගියොත් නම් අවශ්‍ය Serial Key එක්කම ලබා ගන්න පුළුවන් වේවි. හැබැයි කවදා වෙනකම් මේ link එක තියේවිද කියන්න බැහැ... "http://hotfile.com/dl/60414612/53d2f0f/Your_Unistaller_2010_Pro__Key_vn4it.com.rar.html"

    ReplyDelete
  3. ඔකෙන් ශෙයා ෆියිලුත් මකනවා. එහෙම වෙලා වින්ඩෝස් වල ෆයිල් ගිහින් මගේ සිස්ටම් එකත් අල උනා. ඕක තර්ඩ් පාටි එකක්නේ. කොහොමද ගැරන්ට් කරන්නේ 100% වින්ඩෝස් එක්ක ගැලපෙනවා කියල. කොහොමත් වින්ඩෝස් වලට හරියට ගැලපෙන්නේ මයික්‍රොෙසාෆට් ටූල්ස් ම තමා. අනික්වා නිසා සිස්ටම් කෙලවෙනවා. ඔය කම්පැනි දන්නවාද හරියටම වින්ඩෝස් ගැන.

    ReplyDelete
  4. Anonymous මාර දේවල්නේ දන්නේ. :D ඒකට තමා EULA කියවන්න කියල එකක් තියෙන්නේ. මොන මෘදුකාංගයවත් තුන්වෙනි පාර්ශවයක මෘදුකාංගයකට තමන් නිසා සිදුවන හානියකට වග කියන්නේ නෑ. මෘදුකාංග පාවිච්චියේදි පරිශීලක තමා ඒ වගකීම භාර ගන්න ඕනේ.

    ReplyDelete
  5. @Anonymous - පළමුවෙන්ම ඔබට ස්තූති කරනවා සත් සමුදුරට පැමිණිම ගැනත්. මම නම් මේ software එක 2006 සිට භාවිතා කරනවා. මටනම් ඔබට වුන දේ නම් මේ වන තෙක් වෙලා නැහැ. මම නම් මේ Software එක full functional කර ගන්න භාවිතාකරේ කලින් generate කර ගත්ත Register Key. සමහර විට ඔබ Patch or crack එකක් භාවිතාකරලද දන්නේ නැහැ මේ දෙය කරගත්තේ. එතකොටනම් ඒකේ තියෙන්න ඉඩ තියෙන වෛරස් එකකින් වෙනස් ආකාරයේ ප්රනතිළුලත් ලබා දෙන්න පුළුවන් වන බව මතක් කරනවා. අනිත් කරුණ තමයි Windows වලට නිපදවල තියෙන Software බොහෝමයක්ම ඒ‍කේ කියල තියෙන විදියට වැඩ නොකරනවා නම් එම සමාගමේ වෙබ් අඩවියේ හෝ වෙනයම් තැනක කියල තිබුන කියල දිගින් දිගටම අපි භාවිතා කරන්නේ නැහැනේ. ඒක අපි බලාපොරොත්තුවෙන කාර්යය ඉටුවෙනවා නම් තමයි අපි පරිගණකයේ පවා ඒක තබා ගන්නේ. ඒක ප්‍රායෝගිකව බැලිය යුතු දෙයක් මිස සෛද්ධාන්තිකව සටහන් කරල තිබුන පලියට කරන්න අවශ්‍ය නැහැ කියන එකයි මට නම් හැගෙන්නේ. අත්දැකීමෙන් මට සමහර applications සාමන්‍ය ක්‍රමයට uninstall කල පසුත් ඉතිරිවන අවශේෂ කොටස් ඉවත් කර ගැනීමට මේ මෘදුකාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වීම හා වසර 5 ක් පමණ භාවිතයෙන් ලද අත්දැකීම් මත තමයි මේ ගැන කිවුවෙත්. මේක යම් කෙනෙකුට දිගින් දිගටම හෝ එක් වරක් භාවිත කරල මොනවගේද දැන කියාගන්න එක තමන්ගේ මනාපයක්. කිසිම බල කිරීමක් නොවෙයි මෙම ලිපියෙන් සිදුකලේ‍. Windows tools වලින් කරදර අඩුයි තමයි. ඒත් ඉතින් ඒවා හැම අතින්ම හොදයි නම් Windows Version වෙනස් වෙන හැමදාම ඒවත් වෙනස් කිරීමේ අවශ්‍යතාවයකුත් පැන නගින්නේ නැහැනේ. හැබැයි ඉතින් අවධානම ගෙන හරි වෙනස් දෙයක් අත්හදා නොබලනව නම් අපිට රැදෙන්න වෙන්නේ හැමදාම එකම තැන තමයි.

    ReplyDelete
  6. @අමිල - ඔව් අමිල, පරිශිල‍කයෝ විදියට අපි ඒ අවධානම ගන්න සිදුවෙනවා. එහෙම නැතුව සමහර අකාර්යක්‍ෂම Windows tools වලින්ම වැඩ කරගන්න බලාගෙන හිටියොත් ඉතින් ඉදිරියට යෑමක් සිදුවන එකක් නැහැ කියලයි මගේත් හැගීම...

    ReplyDelete
  7. Don't need to crack. Just use something free.
    http://download.cnet.com/Revo-Uninstaller/3000-2096_4-10687648.html

    ReplyDelete
  8. @තාරක Dilsh@n - ස්තූතියි!!!

    ReplyDelete
  9. @බුද්ධික සිරිවර්ධන - ස්තුතියි! දිගටම සත් සමුදුරට එන්න...

    ReplyDelete