Wednesday, April 6, 2011

අභ්‍යවකාශ තරණය නිසා අපිට ලැබුන දේවල් - This Products Originally invented for Space Travelr

මිනිසාගේ අභ්‍යවකාශ ගමන් බිමන් ගැන අසන්නට ලැබෙනවා වගේම ඒ සදහා අධික වියදමකුත් යන බවත් ඒ එක්කම අසන්නට ලැබෙනවා. එවිට අපිට හිතෙනව නේද මෙච්චර වියදම් කරගෙන ඇයි මේ‍වගේ තේරුම්ක් නැති වැඩක් කරනවට වඩා පෘතුවියේ ඉන්න කෝටි සංඛ්‍යාත දුක්විදින මිනිසුන්ට එම මුදල් වියදම් කරානම් ඒ මිනිස්සු සතුටෙන් සිටිනව නේද යන්න. හැබැයි අපි නොදන්න දෙයකුත් තියෙනවා. ඒ තමයි මේ අභ්‍යවකාශ තක්‍ෂනයත් සමග අපි එදිනෙදා ජීවිතයේ පරිභෝජනය කරන බොහෝ උපකරන හා තාක්‍ෂයන් බිහිවුන බව. අද ඔබට පෙන්වන්නේ එසේ අපි නොදන්නව වුනත් එම ක්‍ෂෙත්‍රය නිසා ලැබුන දේවල් කිහිපයක් පිළිබදවයි.

Smoke Detector
අද කාලේ බොහෝ නවීන ගොඩනැගිලිවල මේ කියන Smoke Detector නැතහොත් දුම් අනාවරකයක් දැක ගන්න පුළුවන් ‍වගේම එය ආරක්‍ෂන සහතිකයක් ලබා ගැනීමට අතවශ්‍ය අංගයක් බවටත් පත්වෙලා. මේක මුලින්ම සවිකරල තියෙන්නේ 1970 කාලයේදී Skylab කියන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ. ඒ එම ස්ථානයේ අනපේක්‍ෂිතව මොකක් හෝ දුමක් වැනි දෙයක් ඇතිවුනත් ක්‍ෂනිකව දැනගන්නයි.


Originally installed on the Skylab space station in early 1970s to alert crew members of unexpected fumes, smoke detectors are now required by law in every U.S. residence to prevent house fires. Yeah, it’s not just there to beeping annoy you when the battery needs changing.

Black & Decker constructed cordless
අද අපි භාවිතා කරන රැහැන් රහිත, ඒ වගේම බැටරියකින් බලය සපයන මෙවලම්, Black & Decker සමාගම විසින්  මුලින්ම නිපදවල තියෙන්නේ 1971 දී ඇපලෝ ව්‍යාපෘතිය යටතේ සඳ ගමනේ යෙදෙන අභව්‍යකාශගාමීන්ට සදේ පස් සාම්පල ආදිය පහසුවෙන් ලබා ගන්නයි.


Black & Decker Cordless tools Recruited by NASA in 1971, Black & Decker constructed cordless, battery-powered instruments that allowed Apollo astronauts to collect lunar samples more easily during risky space walks. Thanks to that, we can all vacuum in those hard to reach corners.

Speedo LZR Swimsuit
ඔලිම්පික් වගේ තරඟවල ඔබ දැකල ඇතිනේ දැන් මුළු සිරුරම වැහෙන්න ඇදුමක් ඇදගෙන පිහිනුම් තරඟවල ර්‍කීඩකයේ තරඟවදිනවා. ඒ විතරක්ද ඔවුන් පහසුවෙන්ම වාර්තා පවා තබන්නේ. මේ ඇදුම හදල තියෙන්නෙත් අභ්‍යවකාශගාමීන් ගුරුත්වාකර්ශනයෙන් තොර ඉහල අභ්‍යවකාශ‍යේදී ඇවිදීම පහසුවටයි.

Speedo LZR Swimsuit Where do you go when you have a fluid dynamics problem? In 2004, swimwear retailer SpeedoUSA relied on NASA technology to create a new and improved swimsuit that practically takes friction out of the equation. The controversial, full-body suit was first sported in Feb. 2008, and not so surprisingly, a dozen world records were crushed by March. The fabric had been invented for space travel to eliminate chafing on space walks and during high g-force situations.

Orthodontic Braces
වර්තමානයේ දත්වල ආබාද සදහා යොදන රුපයේ දැක්වෙන ආකාරයේ ප්‍රතිකාර සදහා යොදා ගන්නා
උපකරණ තනන්නේ nickel සහ titanium සංකලනයෙන් හදන Nitinol කියන ලෝහයෙන්. මේවා මුලින්ම නිපදවල තියෙන්නෙත් අභව්‍යකාශ යානාවල වැඩවලට තමයි. මේ ලෝහයේ විශේෂත්වයක් විදියට කියන්නේ මේක කොච්චර නැමුවත් කැඩෙන්නෙත් නැහැළු. ඒවගේම පෙර තිබුන තත්වයට පහසුවෙන් ගන්නත් පුළුවන්ළු.


Orthodontic Braces A nickel and titanium "memory metal" known as Nitinol, originally developed by NASA for aerospace uses, is quickly replacing traditional steel dental braces. This new alloy does not crimp when bent and returns to its original shape as teeth shift! This reduces the amount of painful adjustments required through high school. (Physical adjustments that is, not emotional. Sorry kids, you’re going to have to work that out on your own.)

Fogless Goggles
මීදුම් පටලයක් නොබැදෙන මේකියන Fogless Goggles හදන වීදුරු මුලින්ම භාවිතා කරල තියෙන්නේ අභව්‍යකාශ යානාවල වීදුරුවලට කියල තමයි කියන්නේ.

Fogless Goggles Skiing can be hazardous, especially when you can't see where you're going. NASA developed an anti-fogging solution to keep spacecraft windows cloudless before takeoff and upon reentry. The glass gets treated with a special water/detergent/oil combo to ensure clarity. And then they took care of your fancy goggles.

Ear Thermometer
මේ රූපයේ දැක්වෙන කන තුලින් උශ්නත්වය මැනීමට භාවිතා කරන උශ්නත්වමානයේ රසදිය වෙනුවට භාවිතාවෙන්නේ infrared සංවේදකයක්. මේ තාක්‍ෂනය මුලින්ම භාවිතා කරල තියෙන්නේ NASA ආයතනය විසින්. ඒ අභ්‍යවකාශතරණයේදී උශ්නත්වය අධ්‍යයනකිරීම සදහා සාම්ප්‍රධායික රසදිය උශ්නත්වමාන වෙනුවට infrared සංවේදක අඩංගු කැමරාවක් යොදාගැනීමෙන්.

Ear Thermometer In an effort to identify newborn suns, NASA replaced standard mercury-filled thermometers with infrared-sensing cameras to detect tricky heat signatures. And now doctors use the same technology to take your temperature in your ear.

Thermal Boots and Gloves
මේවත් මුලින්ම භාවිතාකරල තියෙන්නේ ඇපලෝ ව්‍යාපෘතියේ අභව්‍යාකාශගාමීන්ම තමයි. ඒ සදහා මේවාට කුඩා බැට්රි සවිකරල එසේ උණුසුම උත්පාදනය කරල තියෙන්නේ.

Thermal Boots and Gloves NASA provided Apollo astronauts with revolutionary thermal boots and gloves in their spacesuits. With heat generated by embedded rechargeable batteries, fingers and toes remained nimble during crucial space walks (and now, of course, freezing Chicago commutes).

Hand-held Video Cameras
අදනම් මේ කැමරා සාක්කුවට දැනෙන මුදලකට ගන්න හැකිවුනාට මේවා ආපු කාලේ නම් හිතන්නවත් බැරි මුදලක් වුනාළු. නීල් ආම්ස්ට්ට්‍රෝන් හා ඕල්ඩ්‍රීන් සදේ ඉන්න වීඩියෝ රූප අරගෙන තියෙන්නේ චන්‍ද්‍රයානයේ පාදවලට සවි කරල තිබුන මෙවැනි කැමරාවලින්බව තමයි කියන්නේ.

Hand-held Video Cameras In order to shoot that famous footage we all saw recently, of Neil Armstrong and Buzz Aldrin on the moon, NASA had to create a camera that was small enough to ride on the leg of the lunar lander. The end result is cameras that previously cost a ton of money and only could be afforded by TV stations are now small and cheap enough for the average consumer to buy.

Calculators and PCs
මේවා  නිර්මාණය වීම ගැනත් අපි ස්තූතිවන්ත වෙන්න ඕන NASA ආයතනයටළු.මොකද ඒ අයළු 1966 Gemini 11 යානයට සපත්තු පෙට්ටියක් තරම් කුඩා පරිගණක ආදිය නිර්මාණය කලේ. ඒ නිසාළු පසුකාලීනව කාමරයක් පුරෝල තිබ්බ පරිගණකය මේසයක් උඩට ‍ගේන්නත්, බරසාර Adding machine, සාක්කුවේ දාගෙන යන්න පුළුවන් කැල්කියුලේටර බවට පත්වුනේත්.

Calculators and PCs Thanks to NASA, the adding machine went the way of the saber-tooth tiger. As with the videocamera, electronic components had to be shrunk in order to fit in those tiny space ships and be able to perform multiple calculating tasks regarding trajectory, life support, fuel burn, and so on. IBM achieved its greatest success in 1966 for the two-man Gemini 11 flight, with a computer the size of a shoebox. Those same chips became the basis for pocket calculators and, later, personal computers.

Swipe cards
අපි භාවිතා කරන Credit card සහ Debit Card වගේ තොරතුරු ගොඩක් ගබඩා කරල තියෙන Swipe cards   භාවිතයට ඇවිත් තියෙන්නෙත් අභව්‍යකාශ තාක්‍ෂනයේ ඒවා මුල් කාලයේ යොදා ගැනීමත් සමග බව තමයි කියන්නේ.


Swipe cards This one's our favorite. Software that was created to handle multiple onboard systems -- that is, being able to recognize data coming from different sources and identifying those sources -- is the basis for the strip technology that can be found on most credit and debit cards.


Graphite Guitars
මුල් කාලයේ ලීයෙන් හා බර ප්ලාස්ටික් වලින් හදන ගිටාර් වලට වඩා මෙම Graphite වලින් හදපු Guitars බො‍හොම සැහැල්ලුබව කියන අතරම මෙම අමුද්‍රව්‍ය මුලින්ම යොදාගෙන තියෙන්නේ Space Shuttle වලට.


Graphite Guitars Guitars manufactured with the same super-resilient graphite used in NASA's space shuttles are making airwaves these days. Besides providing musicians with enhanced tone and sturdier instruments, the lightweight material emits sound 11 times faster than wood.



මේවාද ඇතුළුව තවත් අප වෙලද‍ පොලෙන් මිලදී ගන්නා භාණ්ඩ 1500 කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනයේ මූලාරම්භය මෙම අභ්‍යවකාශ ව්‍යාපෘතීන්ය. ඒ පිළිබදව සැකෙවින් දක්වතොත්,

TV Satellite Dish - මෙයද මුලින් නිපදවා ඇත්තේ අභ්‍යවකාශයේ සිට පැමිනෙන ශ්‍රව්‍ය හා දෘශ්‍ය තරංග වඩාත් පැහැදිලිව ලබා ගැනීම සදහායි. 


(NASA developed ways to correct errors in the signals coming from the spacecraft. This technology is used to reduce noise (that is, messed up picture or sound) in TV signals coming from satellites.)

Medical Imaging - අපගේ ශරීරයේ සිදුකරන්නාවූ විවිද වූ ස්කෑන් කිරීමට නිපදවූ යන්ත්‍රවල මූලාරම්භයද අභ්‍යවකාශ අංශයට සම්බන්ධය. NASA ආයතනය මෙම උපකරණ යොදාගෙන ඇත්තේ අභ්‍යවකාශ යානා වල සිට එන සංඥා වලින් වඩාත් නිවැරදි පින්තූර සකසා ගැනීම සදහායි. 


(NASA developed ways to process signals from spacecraft to produce clearer images. This technology also makes possible these photo-like images of our insides.)

Fire Fighter Equipment  - ගිනි නිවන භටයින් භාවිතා කරන ගින්දරට ප්‍රතිරෝදය දක්වන ඇඟළුම් තැනීමටද අභ්‍යවකාශගාමින්ගේ ඇදුමට යොදා ගන්නා අමුද්‍රව්‍ය උපකාරවී ඇත. 


(Fire fighters wear suits made of fire resistant fabric developed for use in space suits).

Sun Tiger Glasses - වෙල්ඩින්කරුවන් වැනි අධික එළියක් විහිදෙන උපකරණ භාවිතාකරන්නන් පලදන ඇස් ආවරණද තෑනීමට මෙම ක්‍ෂෙත්‍රය තවදුරටත් දායකවී ඇත. 
(From research done on materials to protect the eyes of welders working on spacecraft, protective lenses were developed that block almost all the wavelengths of radiation that might harm the eyes, while letting through all the useful wavelengths that let us see.)

Automobile Design Tools - වර්තමානයේ දිනෙන් දින විවිදාකාර හැඩයෙන් යුතු වාහන නිපදවේ. මේවා නිපදවීමට පෙර ඒවායේ ආකෘති ගොඩනැගීමට අවශ්‍ය මෘදුකාංගද පාදක කොටගෙන ඇත්තේ මුලින් අභ්‍යවකාශ යානා හා අභ්‍යවකාශ ආකෘති පරිගණකය තුල මැවීමට යොදා ගත් මෘදුකාංගවලම ක්ලෝනයන්ය. 


(A computer program developed by NASA to analyze a spacecraft or airplane design and predict how parts will perform is now used to help design automobiles. This kind of software can save car makers a lot of money by letting them see how well a design will work even before they build a prototype.)

Aerodynamic Bicycle Wheel  - නූතන පාපැදි තරඟවල භාවිතා කරන පාපැදිවල රෝද සවිවන රිම් එක ස්පෝක් තුනකට පමණක් සීමාවී ඇති බව ඔබ දැක ඇති. මෙම රිම් නිසා වඩාත් කාර්යක්‍ෂමව බයිසිකලය පැදීමට හැකිවී ඇති අතර එය අභ්‍යවකාශයානයක ඇති තටු හා සමාන ක්‍රියාකාරීත්වයක් පෙන්වන බව කියයි.
(A special bike wheel uses NASA research in airfoils (wings) and design software developed for the space program. The three spokes on the wheel act like wings, making the bicycle very efficient for racing.)

Shock Absorbing Helmets -  ක්‍රීඩාවලදී භාවිතා කරන කම්පන දරා ගැනීමේ හැකියාව ඇති හිස්වැසුම්ද අභ්‍යවකාශ තාක්‍ෂනයේ ප්‍රතිඵලයන්ය. 


(These special football helmets use a padding of Temper Foam, a shock absorbing material first developed for use in aircraft seats. These helmets have three times the shock absorbing ability of previous types.)

Failsafe Flashlight - මෙවැනි ලයිට් පද්දතිද භාවිතයට පැමිණ ඇත්තේ අභ්‍යවකාශ යානාවල හදිස්සි අවස්ථාවල භාවිතයට ගතහැකිවන සේ ගෙන යන ලයිට් පද්දතිම ඊටවඩා තරමක් වෙනස් ආකාරයට අපගේ එදිනෙදා අවශ්‍යතා අනුව සකස් වීමෙනි.


( This flashlight uses NASA's concept of system redundancy, which is always having a backup for the parts of the spacecraft with the most important jobs. This flashlight has an extra-bright primary bulb and an independent backup system that has its own separate lithium battery (also a NASA developed technology) and its own bulb.)

Joystick Controllers - අප පරිගණක ක්‍රීඩා කිරීමට යොදා ගන්නා Joystick ද මුලින් යොදාගෙන ඇත්තේ ග්‍රහලෝක ගවේශනයට යොදාගන්නා රියදුරන් රහිත වාහන පෘතුවියේ සිට හෝ අභ්‍යවකාශයානයක සිට පාලනයටයි.


( Joystick controllers are used for lots of things now, including computer games and vehicles for people with disabilities. These devices evolved from research to develop a controller for the Apollo Lunar Rover, and from other NASA research into how humans actually operate (called "human factors").


Advanced Plastics - අප එදිනෙදා සුලභව භාවිතා කරන වැඩි දියුණු කරන ලද ප්ලාස්ටික්ද අද අපි කතා කරන අංශයේ තවත් අතුරු ප්‍රතිළුලයකි. Liquid crystal polymers වැනි ප්ලාස්ටික් වර්ග මුලින් යොදා ගෙන තිබෙන්නේ අභ්‍යවකාශ යානාවල හා ඒවායේ පරිපථ සදහා අඩුමිල අමුද්‍රව්‍යයක් ලෙසිනි. අපි භාවිතා කරන සිලි සිලි බෑග් වුනත් මේවායේ අතුරුප්‍රතිඵලයක් තමයි.
(Spacecraft and other electronics need very special, low-cost materials as the base for printed circuits (like those inside your computer). Some of these "liquid crystal polymers" have turned out to be very good, low-cost materials for making containers for foods and beverages).

Edible Toothpaste - අභ්‍යවකාශයේදී දත් මැද ඒවා බැහැර කිරීමට නොහැකි නිසා ගිලින ආකාරයේ දත් බෙහෙත් වර්ග යොදාගත්තේය. ඒවාද පසුකාලනීව වෙලද පොලෙන් මිලදී ගත හැකි විය.


( This is a special foamless toothpaste developed for the astronauts to use in space (where spitting is not a very good idea!) Although this would be a great first toothpaste for small children, it is no longer available.)

ඊට අමතරව මේවාත් අපිට ග්‍රහලෝක චාරිකා නිසා ලැබුන දේවල්;
Rain water purification systems (වැසි වතුර පිරිසුදු කරන පද්දති)


satellite radio


cell phone technology


GPS navigation Systems


Digital hearing aids


Miniature heart pumps 


Cancer detection devices 


Fire-resistant aircraft seats 


Safety grooving on roads


LASIK eye surgery


Humanitarian demining devices


මේ ඇත්තටම එසේ අපගේ සාමාන්‍ය භාවිතයට පැමිණි උපකරණ සුළු ප්‍රමාණයක් විතරයි. ඉදිරියේදී තව ඒවා ගෙන එන්නම්...

20 comments:

  1. හුගක් වටින ලිපියක්. මං අහල තියෙන විදිහට පොලිතීන් බෑග් නිර්මාණය වෙලා තියෙන්නෙත් අභ්‍යවකාශ ගමන් වල ප්‍රතිඵලයක් වශයෙනුයි.

    ReplyDelete
  2. @උදාර - ස්තූතියි! ඔබ කියන එක ඇත්ත පොලිතින් බෑග් වුනත් ඒකේ අතුරුප්‍රතිඵලයක් තමයි. මට ඒක මඟහැරිලා...

    ReplyDelete
  3. හරි පුදුමයි නේ ..සල්ලි නාස්තියක් වුනත් අනන්ත විශ්වය ගැන සොයන්න මිනිසා පෙළඹීම පුදුමයක් නොවේ.

    chamila

    ReplyDelete
  4. @chamilap - මෙතන හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. ඇමරිකාව හා සෝවියට් දේශය අභව්‍යකාශ තාක්‍ෂනයේ ගරුත්වය තමන් නමින් ලියා ගත්තත් ඒකේ නියම ගරුත්වය යන්න ඕන ජර්මානුවන්ට. ඔවුන් තමයි වර්තමාක රොකට් තාක්‍ෂනය භාවිත කල පළමුවැන්නන්. ඒ Werner Von Braun and Walter Riedel යන විද්‍යාඥයින් විසින් නිපදවපු V2 කියන බ්‍රිතාන්‍යයට පහර දීමට තනපු බෝම්බ සවිකරපු රොකට් නැතහොත් මිසයිල කියල කියන්නත් පුළුවන්. දෙවන ලෝක යුද්දයෙන් ජර්මනිය පැරදුනාට පස්සේ Werner Von Braun ඇමරිකාවට යනවා. අනිත් විද්‍යාඥයා ගැන නම් විස්තර දන්නේ නම් නැහැ. ඒ වගේම තවත් මේ අංශ‍යේ විද්‍යාඥයෝ රැසක් සෝවියට් ‍දේශය සතු කර ගන්නවා. ඒ එක්කම තමයි මේ දෙරට අතර අභ්‍යවකාශ තර‍ඟය ඇරඹෙන්නේ...

    ReplyDelete
  5. නියමයි අයියා නියමයි...

    මෙහෙත් ගෙවල් වලට Smoke Detector & RCD අනිවාර්යයි.

    ReplyDelete
  6. @තාරක Dilsh@ - ස්තූතියි! ඉස්සර මේවා කොච්චර මිල උපකරණ වෙන්න ඇත්ද?

    ReplyDelete
  7. බලාගෙන යද්දි අභ්‍යවකාශ තරණය නැති වුණා නම් අද ලෝකය ගොඩක් වෙනස් තැනක් වෙන්න ඉඩ තිබුණා නේද?

    ReplyDelete
  8. ගොඩක් වටිනා ලිපියක්...

    ReplyDelete
  9. mama meakata thawath deyak ekathu karannam,(meka true or false da kiyalanam danne ne )zero gravity wala liyanna puluwan pen awaeth mea nisa neda?
    3 idiots eke me gena ela kiyumak thiyenawa..
    any way thanks a lot..

    ReplyDelete
  10. @hare :-) - ඔව්, වියදම් අධික කටයුත්තක් වුනත් එයින් ලැබුන ප්‍රයෝජනවත් දේවල් නම් අතිමහත්. එහෙම නොවුන නම් සමහර විට
    අපි අද භාවිතා කරන උපකරණ බොහෝමයක් අනාගතයේදී තමයි දැක ගන්නට ලැබෙන්නේ...

    ReplyDelete
  11. @Saranga - ස්තූතියි! නැවත එන්න...

    ReplyDelete
  12. @sudaraka - ස්තූතියි! ඔව් සුදාරක ඔයා නිවැරදියි.zero gravity Pen තියෙනවා ඒකත් මේ අංශයට සම්බන්ධයි. ඒක මට ලිපියට එකතු කරන්න බැරිවුන දෙයක් හෙට ඒනත් මෙම ලිපියට එකතු කරනවා. ස්තූතියි මතක් කරාටත්...

    ReplyDelete
  13. අදත් වෙනද වගේම විස්තර ගොඩාක් තියන ලිපියක්.නියමයි

    ReplyDelete
  14. ඇපලො යානයෙ තිබුන computer එකෙ procesor එක කාන්තවන් විසින් අටින් ගොතන ලද එකක් බව මම කොහෙදො දැක්කා.හරියට මතක නැ තිබ්බ තැන

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට ඔය ඇපලෝ එකේ කොම්පියුටරේ ගැන තිබ්බෙ විජය පරිගණක පත්තරේ...

      Delete
  15. @මෝල්ඩර් ෆයිල්ස් - ස්තූතියි! ඒ ගැන සොයලා බලන්නම්...

    ReplyDelete
  16. ඔයා ගොඩක් මහන්සි වෙල වටින ලිපි ලියනව අය්යෙ. නියමයි

    ReplyDelete
  17. @Anonymous - ස්තූතියි! සහෝදරයා/සහෝදරිය, ඔබගේ නමත් සටහන් කරානම් තවත් හොදයි...

    ReplyDelete