Monday, April 25, 2011

ඊශ්‍රායලය - Israel

ඊශ්‍රායලය ලොකයේ ඇති පැරණිම වගේම නවතම රාජ්‍යයක් ලෙස හදුන්වාදිය හැකි රටක්. එහි රාජධානිය  වසර 3000  ක් පමණ‍ පෙර සොයා ගෙන ඇත්තේ පුරණ පෙලපතක් වන Hebrews හෝ Israelites යන ගෝත්‍රය විසිනි. නමුත් පසු කාලීනව ඊශ්‍රායලය කැබලි වලට කැඩී ගොස් ඇති අතර සතුරු ආක්‍රමණ රැසකටද බදුන් වී ඇත. 1948 දක්වා මේ රට විවිද වු රටවල් විසින් පාලනය කොට ඇති අතර 1948 දි නැවතත් නිවහල් රටක් වූ ඊශ්‍රායලය ලෝවටා විසිරී සිටි යුදෙව් ජනතාවගේ මව්බිම ලෙස නැවත උපත ලැබීය (In 1948, Israel once again became an independent country. It was reborn as a homeland for the Jewish people all over the world).


වැඩි විස්තර වලට යාමට පෙරාතුවම ඊශ්‍රායලය පිළිබද සාරාංශයකුත් බලා ඉදිමු.

නිල නාමය  - State of Israel.
අගනුවර      - ‍ජෙරුසලම (Jerusalem) - ඊශ්‍රායලය විසින් ජෙරුසලම තමන්ගේ අගනුවර විදියට ප්‍රකාශ කලත්
                     එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් එය පිළිගන්නේ නැහැ.
නිල භාශාව  - හිබෲ (Hebrew)
ජනගහණය - 2006 සංඛ්‍යාලේඛණ අනුව 6,282,000 ක් පමණ.
                     ජනගහණය අනුව හිමිව ඇති ස්ථානය - 99
ප්‍රධාන නගර - ජෙරුසලම, ටෙල් අවිව් (Tel Aviv-Yafo), හයිෆා (Haifa).
විශාලත්වය   - වර්ග සැතපුම් 8,470 හෙවත් වර්ග කිලො මීටර් 21,900.
උතුරේ සිට දකුණට වැඩිම දුර          -  420 km (260 mi).
නැගෙනහිර සිට බටහිරට වැඩිම දුර - 16 to 115 km (10 to 70 mi).
රටේ විශාලත්වය අනුව ලෝකයේ හිමිව ඇති ස්ථානය - 147.
උසින් වැඩිම ස්ථානය                     - Mt. Meron - 3,963 feet/1,208 meters
මුදල් වර්ගය  - Israeli sheqel




පිහිටීම
නිරිතදිග ආසියාවේ පිහිටා ඇති මෙම රට මධ්‍යධරනී මුහුදේ නැගෙනහිරට වන්නට පිහිටා ඇත. උතුරින් ලෙබනනයද , ඊසාන දෙසින් සිරියාවද, නැගෙනහි‍රින් ජෝර්දානයද, නිරිතදිගින් ඊජිප්තුවටද මෙරටට මායිම් වී ඇති රටවල්ය.  

යුදෙව් මාතෘභූමිය (A JEWISH HOMELAND)
Zionism ව්‍යාපාරය ලෙස හැදින්වෙන යුදෙව් මාතෘ භූමියක් ගොඩනැගීම සදහා එක්සත් වීමේ අවශ්‍යතාවයක් ඇතිවුනේ 1800 අගභාගයේ සිටමය. එය මුදුන්පමුනුවාගත් අවස්ථාව ලෙස 1948 ඊශ්‍රායලය බිහිවීම සැලකිය හැකිය.

දෙවන ලෝක යුද සමයේදී ජර්මන් නාසි රජය විසින් යුරෝපයේ සිටි යුදෙව්වන් දල වශයෙන් මිලියන 6 ක් පමණ කෲර ලෙස මරා දැමුන අතර මෙම සිද්ධිය Holocaust ලෙස හැදින්වේ. මෙම සාපාරාධී ක්‍රියාව නිසාම යුදෙව්වන් සදහා වෙනමම දේශයක අවශ්‍යතාවය තදින් දැනින.

සංක්‍රමිකයන් (A NATION OF IMMIGRANTS)
ලොව වටා රටවල් 100 කට වඩා ස්ථාන වල විසිරී සිටි දහස් සංඛ්‍යාත යුදෙව්වන් 1948 න් පසු ඊශ්‍රායලය වෙත පැමිනෙන්නට පටන් ගත් අතර ඔවුන් තම භාෂාව ලෙස එවකට මල භාෂාවක්ව තිබූ හීබෲ භාෂාව තෝරාගෙන එය ඉගනීම ඇරඹුහ. ක්‍රිස්තියානි භක්තිකයන් පැරණි තෙස්තමේන්තුව ලෙස හදුන්වන යුදෙව් බයිබලයද ලියා ඇත්තේ මෙම පුරාණ භාෂාවෙන් බව කියවේ.

ඊශ්‍රායලයේ සිටින ජනගහනයෙන් 80% ක් පමණ යුදෙව්වන් වන අතර ඉතිරිය අරාබි ජාතිකයන් බව කියයි. ‍අරාබීන් 1948 දී ඊශ්‍රායලය බිහිවීමටත් පෙරසිටම එහි විසූවන් වන අතර ඔවුන් එකිනෙකාගෙන් වෙන් වෙන්ව වාසය කරයි. ඔවුන් හීබෲ හා අරාබිය යන භාෂා දෙවර්ගයම භාවිතා කරන අතරම දෙකොට්ඨාශය අතර බෙදීමට ප්‍රධානම හේතුවක් වන්නේ ඔවුන් අතර ආගම්වල විශමතාවයයි. බොහෝමහක් අරාබීන් මුස්ලිම් භක්තිකයන් වන අතර ඉතිරිය ක්‍රිස්තියානි හා Druze භක්තිකයන්වේ.

මල් පිපෙන කාන්තාර හා කාර්යය බහුල නගර (BLOOMING DESERT, BUSY CITIES)
1948 වන විට රටේ විශාල පෙදෙසක ගොවිබිම් නොතිබූ අතර එයට හේතුව වාරිමාර්ග පද්දතියක් නොමැති වීම නිසා එම බිම්වලට අවශ්‍ය ජලසම්පාදනයක් සිදුනොවීමයි. නව සංක්‍රමිකයන් වාරිමාර්ග පද්දති ඉදිකොට kibbutzim ලෙස හැදින්යෙන ගොවිබිම් ආරම්භ කලහ.

නවීන උපක්‍රම හා යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් ඊශ්‍රායල් ගොවීන් කාන්තාරයේ මල් පුබුදින තත්වයට පත් කලහ. ඔවුක් දොඩම්, කොමඩු, ඔලිව්, රටකජු, ධාන්‍ය, කපු, කෙසෙල්, ආමන්ඩ්, රටඉදි, අලිගැටපේර, මිදි හා තවත්‍ බෝගවර්ග වගා කරනු ලබයි. ඔවු‍න්ගේ වගා ක්‍රම කොතෙක් සාර්ථකද කිවහොත් ඔවුන්ගේ රටේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් අස්වැන්න ලබා ගන්නා බවද කියයි. කෙසේ‍වෙතත් කෘෂිකාර්මික කටයුතුවලට යෙදෙන්නේ එරට වැඩකරන ජනගහනයෙන් 3% ක් පමණක් බවද කිව යුතුය.

එසේම සියවස් ගණනාවක් පුරා එම භූමිභාගයේ සිදුකල වගාකිරීම් හා සත්ව පාලන කටයුතු නිසා ස්වාභාවික හරිත වන්නතර විශාල වශයෙන් තුරන් වී තිබූ නිසා එරට තුල නැවත වන වගා ව්‍යාපාරයක් ආරම්භවිය. විශේෂයෙන් එරට කදුකර පෙදෙස් වල මිලියන ගණන් ගස් නැවත රෝපණය කල අතර අදවන විට ඊශ්‍රායල භූමි ප්‍රමාණයෙන් 6% ක ප්‍රතිශතයක හරිත වනන්තර වලින් වසා ගැනීමට  ඊශ්‍රායලවරුන් සමත්ව ඇත.

ඊශ්‍රායලයේ දේශගුණය
ඊශ්‍රායලයට ඇත්තේ සාමාන්‍යයෙන් මධ්‍යධරනී දේශගුණයකි. මෙය ශීත, වැසි සහිත ශීත හෝ උණුසුම් හා වියලි වසන්තයකින්ද යුතුය. උශ්නත්වය විචල්‍ය අතර ජනවාරිය සමාන්‍යයෙන් ශිතල දේශගුණයකින්ද අ‍ගෝස්තු මාසය උණුසුම්ම දේශගුනයකින්ද යුක්තය. උස්බිම් ප්‍රදේශයක් වන ජෙරුසලම ජනවාරියේදී 9°C (48°F) සහ අගෝස්තුවේ  24°C (75°F) පමණ උශ්නත්වයකින් යුක්තය. වෙරලාශ්‍රිතව හා Haifa සහ Tel Aviv-Yafo නගර වල ජනවාරියේදී 12°C (54°F) සහ අගෝස්තුවේ  25°C (77°F). පමණ උශ්නත්වයකින් යුක්තය. වසන්නත ඍතුවේදී ජෝර්දාන් නිම්නයේ හා දකුණු බද කාන්තාරබද ප්‍රදේශ වල උශ්නත්වය 30°s C ට වඩා ඉහල යන බව කියයි.

වන සතුන්
වන සතුන්ගේ ව්‍යාප්තිය ගත් කල ක්‍ෂිරපායි විශේෂ 100 ක් පමණ සිටින බව කියයි. ඒ වල් ඌරන්, gazelles නම් මුව වර්ගය, ibexes නම් එළුවන්, හිවළුන්, හයිනාවන් හා badgers සතුන්ය. කුරුල්ලන් විශේෂද 380 ක් පමණ සිටින අතර එයින් 100 ක් රටින් බැහැරට සංක්‍රමණය වන පක්‍ෂින්ය. මීට අමතරව එරටටම ආවේනික උරගයින්, මතස්‍යයන්, කෘමීන් ආදීන්ද සිටිති.

ආර්ථිකය
බොහෝ ඊශ්‍රායල වැසියන් රැකියා කරන්නේ කාර්යාල හා කර්මානත්ශාලවලයි. ජෙරුසලම විශාලම නගරය වගේම ආණ්ඩුව කේන්‍ද්‍රගතවී ඇති නගරය වේ.  ටෙල් අවිව් දෙවනියට විශාලම නගරය වගේම ව්‍යාපාරික හා නිෂ්පාදන කේන්‍ද්‍රස්ථානයයි. ඉහලම තාක්‍ෂනය ඇති රටවල් අතරද මෙරටට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. ඔවුන් ඖෂධ, සන්නිවේදන උපකරණ, පරිඝනක, සහ තවත් විවිද ක්‍ෂෙත්‍ර සදහා උපකරණ නිපදවීම සිදකරයි. ඊට අමතරව ලෝකයේ හොදම හමුදා උපකරණ නිපදවීම අතින්ද ඊශ්‍රායලය හිමිකරගෙන ඇත්තේ අද්විතීය ස්ථානයකි.

පලස්තීනය සහ සියොනිසම් ව්‍යාපාරය (PALESTINE AND ZIONISM)
ඊශ්‍රායලය බිහිකිරීමට පෙර මෙම භූමිය හදුන්වා ඇත්තේ පලස්තීනය ලෙසයි. 1880 වන විට මෙම භූමියේ වාසය කර ඇත්තේ එරට ‍ජනගහනයෙන් 5% ක්වූ යුදෙව් වැසියන් ප්‍රමාණයකි. ඉතිරිය අරාබි ජාතිකයන්ය. මේ කාලය වන විට යුරෝපය තුල Zionism ව්‍යාපාරයද ‍ටිකෙන් ටික දළු ලන්නට පටන්ගත් අතර ඔවුන්ට එම රටවලදී බොහෝ තාඩන පීඩන වලටද ලක්වීමටත් යුරෝපයේ තැන් තැන්වල විසිරී සිටි නිසා එක් තැනකට ඒකරාශි වී වාසය කලේ කුඩා ජනගහනයක් නිසා යුදෙව්වන්ට තම ආරක්‍ෂාව සලසා ගැනීමද අපහසුවිය. මේනිසා සියොනිස්ට්වරුන් තමන්ටම කියා රටක් අවශ්‍ය බව පැවසූ අතරම තම සිහිනය සැබෑ කර ගැනීමේ අදිටනින් යුදෙව් සංක්‍රමනිකයන් ක්‍රමක්‍රමයෙන් පලස්තීනය බලා ගමන් ඇරඹිය. මේ අනුව අවසානයේ ඊශ්‍රායලය බිහිකිරීම උදෙසා පලස්තීනය දෙකඩ කල අතර එයින් නව රටවල් දෙකක් බිහිවිය. එකක් අපි කතාකරන ඊශ්‍රායලය වු අතර ‍අනෙක නව අරාබි ජාතිය (new Arab nation) ලෙස හැදින්විය.

අරාබි - ඊශ්‍රායල යුද්ද (THE ARAB-ISRAELI WARS)
පලස්තීනය තුල මෙන්ම ඉන් පිටතද විසූ අරාබි ජාතීන් මෙම පලස්තීනය දෙකඩ කිරීමේ සැලසුමට දැඩි ලෙස විරුද්ධ වූහ. ඔවුන් නව රට බිහිවූ වහාම එයට පහර දුන්නේ ආරම්භයේදීම එය අතුගා දැමීමටයි. මේ සදහා රටවල් පහක් එක්වූහ. Egypt, Transjordan (now Jordan), Syria, Lebanon, and Iraq යන රටවල ප්‍රහාරය ඊශ්‍රායලයද අතහැරියේ නැත. ඔවුන්ද පෙරලා පහර දුන්නේය.බොහෝ අරාබීන් විසූ ප්‍රදේශ බලය යොදවා අල්ලා ගැනීමට ලාබාල ඊශ්‍රායලයට හැකිවූ අතර අරාබීන්ට තම වාසභූමි හැරදා අනාථයන්‍ සේ පසුබැස යාමට සිදුවිය. ඔවුන් පලස්තීනුවන් ලෙස හදුන්වන අතර නව අරාබි ජාතීන්ගේ දේශය කිසිදා බිහිවූයේ නැත.
මෙම අරාබි සහ ඊශ්‍රායලවරු අතර නිරතුරුවම බොහෝ යුද්ධ ඇතිවූ අතර ඒ සෑම අවස්ථාවකම ජය ගැනීමට ඊශ්‍රායලය සමත්වීය. ඔවුන් එමගින් තම වාසභූමිය පුළුල් කර ගැනීමට මග පාදා ගත් අතර ආක්‍රමණය කිරීම හෝ අයිතිවාසිකම් කීම තුලින් නව ප්‍රදේශ රැසක් තම දේශයට ඈදා ගැනිමට ඔවුන් වාසනාවන්තවිය.

එයින් සුවිශේෂම අවස්ථාවක් වන්නේ සය දින යුද්දයි (Six-Day War). මෙය  ‍1967 Arab-Israeli War හෝ  the Third Arab-Israeli War ලෙසද හදුන්වන අතර 1967 ජූනි 05 වනදා සිට ජූනි 10 වනදා තෙක් දින හයක කාලයක් ඊජිප්තුව, සිරියාව හා ජෝර්දානය සමග යුද වැදුන අතර එකවර ඊජිප්තුව වෙත එල්ල කරන ලද දැවැන්ත ගුවන් ප්‍රහාරය නිසා අන්දමන්ද වූ ඊජිප්තුවට කරකියාගත නොහැකි තත්වයකට පත්විය. 


මේ යුද්ධයේ ජයග්‍රහනය ලැබූ ඊශ්‍රායලය ඊජිප්තුවේ ගාසා තීරය (Gaza Strip - 378 sq km/146 sq mi) සහ සිනායි අර්ධද්වීපය (the Sinai Peninsula) ද,  ජෝර්දාන් ගංඟාවේ බටහිර ඉවුර පැත්තෙන් ලබා ගත් විශාල බටහිර ඉවුර (West Bank - 5,860 sq km/2,263 sq mi) ප්‍රදේශය සහ නැගෙනහිර ජෙරුසලම (70 sq km/27 sq mi) ජෝර්දානයෙන්ද. සිරියාවෙන් ගෝලාන් කදුකරයද (Golan Heights - 1,250 sq km/483 sq mi) තමන් සතු කර ගත්තේය.

කැරලිකාරයන් සහ ත්‍රස්තවාදීන් (REBELLION AND TERRORISM)
1948 දී සිය නිජභූමි අහිමිව පලා ගිය පලස්තීන අනාථයන් බොහෝමයක් දැන් ජිවත්වෙන්නේ බටහි‍ර ඉවුරු පෙදෙසේයි. ඔවුන් ඊශ්‍රායල පාලනයට නතුව වාසය කරන අතර 1987 දක්වා මෙම මිනිසුන්ගෙන් බිහිවුන ත්‍රස්තවාදී කණ්ඩායම් ඊශ්‍රායලයට එරෙහිව කැරලි ගැසූහ. ‍

කැරලි ගැසීම්වලට අමතරව මෙම ත්‍රස්ත කණ්ඩායම් ඊශ්‍රායලය සමග යුදමය තත්වයන්ද ඇති කර ගත්තේය. මෙම කණ්ඩායම් වල සාමාජිකයන් තන තනිව හෝ කුඩා රංචු වශයෙන්  පැමිණ මාරාන්තික බෝම්බ ප්‍රහාර ඊශ්‍රායලවැසියන්ට එල්ල කල අතර මරාගෙන මැරෙන ප්‍රහාරද සමගින් සිදුවූ ජීවිත හානි අපමණය. මේ නිසා ඊශ්‍රායලවැසියන්ට තම දෛනික ජීවිතය අපහසුවෙන් යුක්තව ගෙවීමට සිදුවිය.

ගංඟා, විල් හා වෙරල තීරය
නාවුක යාත්‍රාවන්ට යාත්‍රා කල නොහැකි ජෝර්දාන් ගංඟාව උතුරු ‍දේශ සීමාව ආසන්නයෙන් ගලිලි මුහුද (Sea of Galilee - 166 sq km/64 sq mi)හරහා ගලා බසින අතර එහි මතස්‍ය වි‍ශේෂ රැසක් හා ඊශ්‍රායල ජල අවශ්‍යතාවයෙන් අඩක්ම සපුරයි.

ජෝර්දාන් සීමාව පැත්තෙන් ඇති මල මුහුද (Dead Sea - 1,020 sq km/394 sq mi) අධික ලවණතාවයකින් යුක්ත අතර එමගින් ඛණිජ විශාල සංඛ්‍යාවක් ලබා ගනී. ගලීලි මුහුද හා මල මුහුද මුහුදු මට්ටමෙන් පහලින් පිහිටා ඇති අතර මල මුහුදේ පතුල ලෝකයේ පෘතුවි පෘශ්ඨයේ පහලින්ම පිහිටි ස්ථානය ලෙස සැලකේ.  (මල මුහුද පිහිටා ඇත්තේ කොටසක් ජෝර්දානයේද, කොටසක් ඊශ්‍රායලයේ සහ අනෙක් කොටස බටහිර ඉවුරට අයත් ලෙසයි). 


කෙසේවෙතත් ‍ඊශ්‍රායලය හා ජෝර්දානය, ජෝර්දාන් ගංඟාව වාරිමාර්ග කටයුතු වලට හා වෙනත් කාටයුතුවලට යොදා ගැනීම නිසා මල මුහුදේ ජල මට්ටම පහත බැස සිදී යාම ගැටළුකාරී තත්වයක් උදා කර ඇත. 1996 වන විට එය 408 m (1,339 ft) ක් මුහුදු මට්ට‍මෙන් පහල පිහිටියේය. අනෙකුත් ප්‍රධාන ගංඟාවන් වන්නේ ටෙල් අවිව් හරහා ගලා බසින Yarqon හා Haifa ට ආසන්නයෙන් මධ්‍යධරනී මුහුදට වැටෙන Qishon ගංඟාව වේ.

ඊශ්‍රායලයේ බටහිර තීරුව මධ්‍යධරනී මුහුදටද දකුනෙන් කොටසක් රතු මුහුදටද මුහුනලා ඇති අතර මෙම වෙරල තීරය 273 km (170 mi) දිගට විහිදී යයි. මෙම මුහුදු සීමාවෙන් බොහෝමයක් ‍වැලි වලින් පිරී‍ නොගැඹුරු ඒවා  බව කියන අතරම රටේ උතුරට වන්නට පිහිට Haifa වරාය ස්වාභාවික වරායක් ලෙස සැලකේ. දකුනේ තනා ඇති Ashdod කෘත්‍රීමව තැනූ ගැඹුරු වරායකි. මෙම වරායන් මධ්‍යධරනී මුහුදට විවෘතවන අතර Aqaba බොක්කේ ඇති Elat වරායෙන් රතු මුහුදට පිවිසිය හැක.

පාරිසරික ගැටළු
එරට තුල සිදුවන ශීඝ්‍ර ජනගහන වර්ධනය මෙන්ම කර්මාන්තකරණ ව්‍යාපෘති නිසා ජලය හා වාතය දූශනය වීමේ ගැටළුවකටද මුහුනපා ඇත. එරට රජය මේ ගැටළුව විසදීම සදහා නොයෙක් පියවර ගෙන ඇති අතර එයින් එක් පියවරක් වන්නේ ඊයම් රහිත ඉන්ධන භාවිතයට නැඹුරු කිරීම වැනි පියවරයන්ය.



ජනවාර්ගික කණ්ඩායම්
ඊශ්‍රායල පුරා සිටින ජනවාර්ගික කණ්ඩායම් වල මූලික පදනම වැටී ඇත්තේ
Judaism ලෙස හදුන්වන දර්ශනය මත වන අතර එය මෙරටට ලෝකය සියළු දෙසින් සංක්‍රමණයවූ හා ඔවුන් ගෙන පැවතඑන්නන් අනුගමනය කරන ලද්දක්වේ. 


1997 වන විට ගණන් බලා ඇති ලෙස 38% ක් වූ ඊශ්‍රායල යුදෙව්වන් උපත ලබා ඇත්තේ එරටින් පිටතදීය. කෙසේවෙතත් එරට තුල උපත ලැබූවන් හැ‍රුන කොට එරටට පිටතින් ආ යුදෙව්වන් සැලකූ කල ඔවුන් ලෝකයේ රටවල් 100 කටත් අධික සංඛ්‍යාවකින් පැමිනි බව කියන අතර එම රටවල විවිද සංස්කෘතික ලක්‍ෂන ඔවුන් හා බද්ද වී තිබූ නිසා ඊශ්‍රායලය තුලදී එම විවිද සංස්කෘතික ලක්‍ෂනවල වෙනස්කම් කැපී පෙනෙන්නටවිය‍.

මෙයින් ප්‍රධාන වශයෙන් යුදෙව් කණ්ඩායම් දෙකක් වූ අතර ඔවුන් Ashkenazim හා Sephardim ලෙස හැදින්වේ. මෙයින් Ashkenazim කණ්ඩායම ජර්මනිය කේනද්‍රකරගෙන විසූවන් වන අතර ඔවුන්ගේ ව්‍යාපතිය මධ්‍ය හා නැගෙනහි‍ර යුරෝපාරටවල විය. Sephardim ලෙස හැදින්වූ  ‍කොටස ස්පාඤය ආභාශය ලැබූවන් වු අතර ඔවුන් මැදපෙරදිග, උතුරු අප්‍රිකාව හා මධ්‍යධරනී ‍ප්‍රදේශ ආශ්‍රිතව විසූවන් ලෙද සැලකේ. මොවුන් දෙකොටස ගත් විට ඔවුන් අතර ආගමික වශයෙන්, හීබෲ බස උච්චාරනය කිරීම හා වෙනත් සමාජීය වශයෙන් ‍ඓතිහාසිකවම නොයෙක් වෙනස් කම් තිබෙන බව කිය‍වේ. (Historically the groups differ in religious rite, pronunciation of Hebrew, and social customs.)

Ashkenazim කණ්ඩායමේ බහුතරයක් ඊශ්‍රායලය බිහිකරන අවධියේම එරටට පැමින ස්ථාපිත වු අය වන අතර ඔවුන් දේශපාලනක අංශයේද තම ස්ථාවරත්වය ලබා ගත් අතර රැකියා හා අධ්‍යාපනය අතින් මෙන්ම එරට ඉහල පංති වරප්‍රසාදද අත් කරගත් බව කියවේ. Sephardic යුදෙව්වන් ඊශ්‍රායලය බිහිකිරීමෙන් දශක කිහිපයකට පසු එරටට පැමිණි බව කියන අතර ඔවුන්ට ලැබුනේ Ashkenazim වඩා අඩු වරප්‍රසාද බව කිව යුතුය. මේ නිසා Sephardim කොටස ආර්ථිකව හා දේශපාලනිකව තම අයිතින් ලබා ගැනීමට යම් යම් අරගලද සිදුකරන බව පැවසිය යුතු අතර සෝවියට් දේශය බිදවැටීම ඇරඹුන 80 දශකයේ අග භාගය වන විට සෝවියට් දේශයේ සිට දස දහස් සංඛ්‍යාත Ashkenazim යුදෙව්වන් ඊශ්‍රායලය වෙත සංක්‍රමණය විය.

මීට අමතරව පොදුවේ ගත් කල මේ දෙකොටස හා එරට සිටින අරාබිවරුන් අතර ඇති සංස්කෘතික, අධ්‍යාපනික, භාෂාමය හා තවත් බොහෝ අංශ වලින් ඇති අසමානකම් බොහෝය.

එරට පාසල් වල හීබෲ මෙන්ම අරාබි බසද ඉගැන්වෙන අතර යුදෙව්වන් ඊට අමතරව English හා Russian යන භාෂාද භාවිතා කරයි. එරට සිටින සමහර ජ්‍යෙෂ්ඨ Ashkenazic පුරවැසියන් Yiddish ලෙස හැදින්වෙන ජර්මානුබසක්ද භාවිතාකරන බව කියවේ.

ආගමික ඇදහිලි‍
වර්තමානය ගත්විට එරට වැසියන් ප්‍රධාන වශයෙන් ලෝකයේ ප්‍රධාන ආගම් තුනක් අදහයි. එවානම් යුදෙව් ආගම, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමයි (Judaism, Christianity, and Islam). 


යුදෙව් ආගමේ වැදගත් සිද්ධස්ථාන පිහිටි ශුද්ධවූ නගර  ලෙස Jerusalem, Hebron, efat, හා Tiberias යන සිව් නගර සැලකේ. 


Jerusalem, Bethlehem, සහ Nazareth නගර ක්‍රිස්තියානි දහම අදහන වැසියන්ට වැදගත් වන අතර Jerusalem ඉස්ලාම් භක්තියකයන්ටද වැදගත් නගරයකි. ඒ ඔවුන්ගේ ශාස්තෘතුමන් වන මහමද්තුමා දිව්‍යලෝකය වෙත ගියේ මෙහි සිට ලෙස සලකන නිසයි.



මීට අමතරව ඊශ්‍රායලයේ සුළු වශයෙන් සිටින Baha’i ආගමේ අනුගාමිකයන් Haifa නගරය වැදගත්කොට සලකන අතර එය ඔවුන් ලෝකයේ මැද ලෙස සලකයි.

එක සමාන ආගමික විශ්වාස හා ඇදහිලි වලදීද යම් වෙනස්කම් තිබෙන බවද කීමට සිදුවේ Ultra-Orthodox Jews (haredim) වරුන් දැඩි ආගමික නීතින් සමස්ථ සමාජ පද්දතීන් කෙරේ බලපැවැත්විය යුතුබවට මත පලකරන අතර non-Orthodox කණ්ඩායම් එයට වඩා ප්‍රතිවිරුද්ධ මතයන් පල කරන බව කියවේ. මේවා සම්බන්ධයෙන් මෙම දෙකොට්ඨාශය අතරද ගැටුම් හටගන්නා බව කියන අතර Sabbathදිනය හෙවත් ඔවුන් ආගමික වශයෙන් සංහිදියාවෙන් සිටින දිනය (the Sabbath, a holy day of rest) පිළිබදවද , කාන්තාවන්ට ආගමික වශයෙන් ලබා දිය යුතු අයිතීන් පිළිබදවද ඔවුවොවුන් අතර මත ගැටුම් පවතී. මෙම ආගමික මතවාදයන් එරට දේශපාලනය තුලද පුළුල් බලපෑම් සිදුකරන කණ්ඩායම් බිහිකිරීමට හේතුවී ඇත.
ඊශ්‍රායලයේ සිටින යුදෙව් නොවන ජනයාගෙන් 1/3 ක් සුන්නි මුස්ලිම්වරුන් වන අතර අනෙක් ජනයා ක්‍රිස්තියානි හෝ Druze ලෙස හදුන්වන සුළුතරය වේ. ක්‍රිස්තියානිවරුන්ගෙන් වැඩිකොටසක් Greek Catholic හා Greek Orthodox වේ.

අධ්‍යාපනය
අධ්‍යාපනය අතින් ගත් කල ඊශ්‍රායලය ඉතා හොද දියුණුවක් ලබා ගත් රටකි. එ‍රට සාක්‍ෂරතාවයද 90%කට වඩා වැඩි ලෙස සලකන අතර වයස අවුරුදු 5 සිට 16 දක්වා අනිවාර්යය අධ්‍යාපනයක් සෑම දරුවකුටම ලබාදිය යුතු අතර ඉන්පසු තම අභිමතය පරිදි පුළුල් ලෙස විහිදී ඇති බොහෝ ක්‍ෂෙත්‍රයන් තුලින් අධ්‍යාපනය ලබා ඉදිරියට යාමේ හැකියාව ඇත‍. එසේම එරට සෑම පුරවැසියෙක්ම අනිවාර්යය හමුදා සේවයේ යෙදිය යුතු අතර පුරුශ පාර්ශවයට වසර 3 ක් හා කාන්තාවන්ට වසර 2 ක් ලෙස ගත කල යුතු අතර බොහෝමයක් දෙනා සිය උසස් අධ්‍යාපනය ලබා ගැනීම‍ට පෙරාතුවම එයට නැඹුරුවන බව කි‍යවේ.
උසස් අධ්‍යාපන ආයතන රැසක්ද ඇති ඊශ්‍රායලයේ the Technion-Israel Institute of Technology in Haifa, the Hebrew University of Jerusalem, Bar-Ilan University in Ramat Gan, Tel Aviv University, Haifa University, and Ben Gurion University of the Negev in Beersheba යන ආයතන ප්‍රමුඛ පෙලේලා සැකකෙන අතර 1974 දී Tel Aviv-Yafo හි විවෘත කෙරුන The Open University of Israel තුලින් දුරස්ථ අධ්‍යාපන පහසුකම්ද ලබාගත හැකිබව කියවේ.  


විදේශිකයන්ද මෙම උසස් අධ්‍යාපන ආයතන හරහා සිය දැනුම වර්ධනය කරගන්නා බව කියන අතරම වෘත්තීය හා වැඩිහිටි ප්‍රජාවගේ ශිල්පීය ඥානය වර්ධනය කර ගැනීම සදහා හෙද වෘත්තිය , ගුරු පුහුණුව, ගෘහ නිර්මාණශිල්පය, හීබෲ භාෂාව, කලා, සංගීතය හා කෘෂිකර්මය සහ තවත් නොයෙක් අංශ අරමුණු කරගත් ආයතන රැසක්ද එරට තිබේ.

කෞතුකාගාර හා පුස්තකාල
ඊශ්‍රායලය තුල කෞතුකාගාර 120 ක් පමණ ‍තිබෙන අතර ඒවා සංචාරකයන් බෙහෙවින් ආකර්ශනය කරගන්නා ස්ථාන ලෙස සැලකේ. එසේම පුස්තකාල 400 ක් පමණ තිබෙනබවද කිව යුතුය‍.

ආර්ථිකය
ලෝකයේ ඉහලම පෙලේ ආර්ථිකයක් ඇති ඊශ්‍රායලය භාණ්ඩ හා සේවා යන දෙකොටසින්ම ඉහල වර්ධනයක් ලබා සිටින රටකි. ඉහල ඒකපුද්ගල ආදායමක්ද සහිත රටවල් අතරට ගැනෙන එරට නිරතුරුව අසල්වැසි අරාබි රටවල් ආශ්‍රිතව සිටින ත්‍රස්තවාදී කණ්ඩායම් සමග ගැටුම්කාරී වාතාවරණයක සිට වුවද එය නිසියාකාරව පවත්වාගැනීම කැපී පෙනෙන සුළුය. සංචාරක ව්‍යාපාරයද එ‍රට ආර්ථිකයට කැපී පෙනෙනම දායකත්වයක්දෙන අංශයකි.





බල ශක්තිය
එරට ප්‍රධාන බලශක්ති ප්‍රභව ලෙස ඛණිජ තෙල් හා ගල් අඟුරු සැලකෙන අතර ඊශ්‍රායලය තුලදී ඒවා කනිනු ලබන්නේ සුළු වශයෙන් නිසා මෙක්‍සිකෝවෙන් හා ඊජිප්තුවෙන් ඛණිජ තෙල් ප්‍රධාන වශයෙන් ආනයනය කරන අතර ගල් අඟුරු දකුණු අප්‍රිකාවෙන්, මහා බ්‍රිතාන්‍යයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වනු ලැබේ‍. සූර්යය බලශක්තිය භාවිතයේ හා එය වැඩි දියුණු කිරීමේ අංශයෙන්ද ප්‍රමුඛයෙකු වන ඊශ්‍රායලය සුලං බලය යොදාගෙන සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේ කාර්යය කෙරේද නිරතුරුවම ගවේශනය කරමින් සිටි.

ප්‍රවාහණ ක්‍ෂෙත්‍රය
දැන් එ‍රට තුල පුදගලිකවම වාහනයක් හිමි ජනතාව වැඩිවෙමින් පවතින අතර එහි අතුරු ප්‍රතිඵලයක්ලෙස මාර්ග තදබදය හා අනතුරුද ඉහල ගොස් ඇති බව පැවසේ. කෙසේ වෙතත්
676 km (420 mi)ක දුම්රිය මාර්ග පද්දතියකටද හිමිකම් කියන ඊශ්‍රායලයේ ප්‍රධානම ගුවන් තොටුපල Tel Aviv-Yafo ආසන්නයේ  ඇති Ben Gurion ජාත්‍යන්තර ගුවන්තොටුපලයි. එරට ජාතික ගුවන් සේවය වන El Al අන්තර්ජාතික ගුවන් ගමන් පහසුකම් සලසා දෙන අතර Arkia ගුවන් සේවය රට අභ්‍යන්තරය තුල අවශ්‍ය ගුවන් ගමන් සදහා සේවා සපයයි.

සන්නිවේදනය
මේ අංශයෙන්ද විශාල දියුණුවක් ලබා තිබෙන බව කිවයුතුය. බොහෝ නිවාස වල ස්ථාවර දුරකථන දෙකක් පමණ තිබෙන බව පැවසෙන අතර එසේම සෑම 1000 දෙනෙකුගෙන් 961 කටම ජංගම දුරකථන තිබෙන බවද කියයි. අන්තර්ජාල පහසුකම් හා විද්‍යුත් තැපෑල භාවිතා කරන්නන්ද විශාල පිරිසක් සිටින අතර එය තවදුරටත් ශීඝ්‍ර වර්ධනයක් පෙන්වයි. විවිද භාෂාවලින් ක්‍රියාත්මකවන රූපවාහිනි, ගුවන්විදුලි හා පුවත්පත් රාශියක්ද එරට ඇතිබව කිව යුතුය.

ආණ්ඩුක්‍රමය
බහුපක්‍ෂ දේශපාලනයක් ඇති එරට පාර්ලිමේන්තු ක්‍රමයේ ව්‍යවස්ථාව අලිඛිත එකක් වේ. එසේත් නැතහොත් ‍එය වෙනමම ලියාගෙන සම්මත කරගත් ව්‍යවස්ථාවක්නොවන අතර මූලික නීති රාශියක් ඊශ්‍රායලය බිහිවූ මුල් කාලයේ  සිට පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ක්‍රියාත්මක කරනු ලැබේ. එසේම එරට පවතින්නේ ඒකීය පාලන ක්‍රමයක් වන අතර ‍ජෙරුසලමේ ඇති මධ්‍යගත ආණ්‍ඩුවෙන් රටේ සියළුම වැඩ කටයුතු පාලනය කෙරේ.
රටේ ප්‍රධානියා (the head of state) ජනාධිපති වන අතර ඔහුව එරට උත්තරීතරම පාලන අධිකාරිය වන The Knesset පත් කරගන්නා අතර එක් අයෙකුට වසර 5 බැගින් වූ වාර දෙකක් එම තනතුර සදහා Knesset හි අභිමතය පරිදි පත්විය හැකිය. එය නාමික විධායකයක්ද වන අතර රටේ ව්‍යවස්ථදායකයේ පාලකයා අගමැති වේ (The prime minister is the country's chief executive). අගමැති ලෙස Knesset මගින් පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති පක්‍ෂ‍යේ නායකයා තෝරාගන්නා අතර Knesset වසර 4 කට වරක් අවුරුදු 18 ට වැඩි එරට පුරවැසියන්ගේ ඡන්‍දයෙන් තෝරාගනු ලැබේ.

පාලනය පහසුවීම පිනිස එරට දිස්ත්‍රික්ක 6 කටත් ඒවා නැවත උප දිස්ත්‍රික්ක 14 කටත් බෙදා ඇති බව පැවසේ.
එරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස David Ben-Gurion මහතා 1948 මැයි 17 වනදා පත්වූ අතර වර්තමානයේ එම ධුරය Benjamin Netanyahu මහතා විසින් උසුලනු ලබයි. 
David Ben-Gurion
මීට අමතරව එරට කැපී පෙනෙන අගමැතිවරු රැසක්ම බිහිවී ඇති අතර Golda Meir, Menachem Begin, Yitzhak Rabin, Shimon Peres සහ Ariel Sharon එයින් කිහිප දෙනෙක් පමණි.

ආරක්‍ෂාව
ඊශ්‍රායලයේ ආරක්‍ෂාව ගැන කතා නොකල‍හොත් එය ඉතා විශාල අඩුපාඩුවකි. 1948 දී පිහිටවූ එරට ත්‍රිවිද හමුදාව (
the Israel Defense Forces (IDF))මගින් ගොඩබිම, ගුවන මෙන්ම මුහුදද රකිනු ලැබේ.  2003 වසර වන විට එරට ස්ථිරවම ත්‍රිවිද හමුදාවේ 168,000 ක පිරිස් බලයක් තිබුන අතර 430,000 අතිරේඛව පුහුණු කරන ලද පිරිස් බලයක්ද තිබුන බව කි‍යවේ. යුදෙව් පිරිමියෙකු වසර 3 ක් හමුදා සේවයේ යෙදිය යුතු අතර අවිවාහක කාන්තාවක් මාස 21 ක් එම කාර්යය සිදුකල යුතුය. මීට අමතරව පිරිමි පාර්ශවය තම වයස අවුරුදු 55 වන තෙක් සෑම වසරකම දින 45 ක හමුදා සේවයේ නිරතවිය යුතුය. මෙය රටේ වාතාවරණය අනුව දීර්ඝවීමටද ඉඩ ඇතිබව කියවේ. අවිවාහක කාන්තාවක් නම් වයස 50 වන තෙක් රටේ හදිසි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් හමුදා සේවයට කැදවනු ලැබේ.මෙම නීතිය එරට වාසය කරන අරාබීන්ට අදාල නොවන අතර තමන් කැමති නම් ස්වේච්ඡාවෙන් එය සිදුකිරීමේ අවකාශද සලසා ඇත. ලෝකයේ ඇති කීර්තිමත්ම හමුදාවලින් එකක් වන එරට හමුදාවේ සේවය  කරන උසස් නිලධාරින් බොහෝමයක් සිය සේවා කාලය අවසන්ව විශ්‍රාම යෑමෙන් අනතුරුව බොහෝවිට දේශපාලනයට ප්‍රවිශ්ඨවේ.

එරට හමුදාවේ සංග්‍රාමික හැකියාව මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව මුදවා ගැනීම පිළිබදවද මහත් කීර්තියක් අත්කරගෙන තිබේ. එයට හොදම උදාහරණය 1976 දී උගණ්ඩාවේ සිදුවූ ප්‍රාණ ඇපකරු සිද්ධියයි. මෙය Operation Entebbe ලෙස හදුන්වන අතර තවමත් ලෝකය පුරා මෙවැනි සිද්ධි සිදු‍වීමේදී ඊශ්‍රායල හමුදාවේ එම වීර වික්‍රමාන්විත ක්‍රියාදාමය පිළිබද නිතැතින්ම කතාබහට ලක්වේ. (ඒ සිදුවීම පිළිබදව අපි ඉදිරියේදි සවිස්තරාත්මකව කතා කරමු).

එසේම ලෝකය පුරා ප්‍රසිද්දිය උසුලන එරට රහස් ඔත්තු සේවය වන මොසාඩ් (Mossad - HaMossad leModi'in uleTafkidim Meyuchadim (Institute for Intelligence and Special Operations)) ආයතනයද එරටට ගෙන එනු ලබන්නේ ගෞරවාන්විත තත්වයකි.

එරට නිපදවන හමුදාමය උපකරණවලටද ලෝකය පුරා ඇත්තේ හොද ඉල්ලුමකි. වර්තමානයේ පවා බොහෝ රටවල ත්‍රිවිද හමුදාවල භාවිතයට ගන්න කෆීර් ජෙට් ගුවන් ප්‍රහාරක යානා හා ඩෝරා වැනි ප්‍රහාරක නාවික යාත්‍රා එයට හොද උදාහරණයි.

යුද්ධය හා සාමය
ඊශ්‍රායලය බිහිකල මුල් අවධියේ අරාබිකරයේ සියළු රටවල් සමග පාහේ විරසකව සිටියත් පසුකාලීනව ඊජිප්තුව හා ජෝර්දානය වැනි රටවල් සමග මිතුරුව වෙසෙන අතර තවමත් ලෙබනනය සමග නම් ව‍රින් වර යුද්දවලට පැටලීම සිදුවේ. 



කෙසේවෙතත් 1993 දී එවකට ඇමරිකානු ජනපති බිල් ක්ලින්ටන් මහතාගේ මැදිහත්වීමෙන් ඊශ්‍රායල අගමැති යිට්සැක් රාබින් මහතා හා පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අර්ෆත් මහතා අතර සාම ගිවිසුමක් මගින් ඊශ්‍රායල- පලස්තීන විරසකයට යම් විරාමයක් තැබුනු අතර පලස්තීනයට සීමාසහිත ස්වයංපාලනයකට මාර්ග විවර විය. මේ නිසා මෙම මහත්වරුන් දෙදෙනාට සාමය සදහා වූ ‍නොබෙල් ත්‍යාගයේ හිමිකරුවන් වීමේ භාග්‍යද ලැබුනි.

එහෙත් 1995 නොවැම්බර් 4 වනදා යුදෙව් අන්තවාදී ශිෂ්‍යයෙකු එල්ල කල වෙඩි පහරකින් යිට්සැක් රාබින් මහතා මිය ගිය අතර එය ඔහුට පමණක් නොව ක්‍රමයෙන් සංහිදියාවක් ඇතිවෙමින් තිබූ එරට සාමයටද එල්ල කරන ලද මරු පහරක් විය. 


එතැන් සිට සාමයද, එකඟතාවන් බිද වැටෙන්නට පටන් ගත් අතර ඉන්පසු පත්වූ අගමැතිවරුන් රාබින් මහතා තරම් නම්‍යශීලි නොවීය. එසේම යසර් අර්ෆත් මහතාද 2004 නොවැම්බර් 11 වනදා රෝගී තත්වයන් මත අභාවප්‍රාප්ත විය.


එසේම ලෝකයේ බිහිවූ ප්‍රකට බුද්ධිමතුන් හා දාර්ශනිකයන් වන යේසුස් වහන්සේ, අයිසෙක් නිව්ටන්, ඇල්බට් අයින්ස්ටයින් හා තවත් බොහෝ බුද්ධිමතුන් යුදෙව් ජාතිකයන් වීමද ලෝපුරා කතාබහට ගැනෙන කැපීපෙනෙන සිදුවීමකි.

මෙම ලිපියේ අවසානයටද දැන් පැමිණ තිබෙන අතර ලෝකයේ සිටින දක්‍ෂතම මිනිසුන් සිටින රටක් ලෙස සැලකෙන ඊශ්‍රායලය යම් දිනක ලෝකයේ සුපිරි බලවතෙකු වුවත් එයද පුදුමයට කරුණක් නොවේ.

29 comments:

  1. ඉතාම හරවත් සහ මගේ ප්‍රියතම අංශයේ ලිපියක් නිසා අසාවෙන් කියවීමි. ස්තුතියි. මගේ ඊශ්රායෙල් මිතුරියන් ඉතාම ලස්සනයි. බොහොමයක් දෙනා රුපසුන්දරියන් කිව හැකියි .
    හිබ්රු ආගම හා මුස්ලිම් ආගම අතරත් හුඟක් සමාන කම් තිබෙනවා නේද? නැත්නම් එය වඩා නෑකම් කියන්නේ ක්‍රිස්තියානි ආගමටද?

    Chamila

    ReplyDelete
    Replies
    1. hebru keyanna basavak agama tamae judesam

      Delete
  2. මම කැමතිම ලිපියක්. අපෙ සර් කෙනෙක් හිටිය බයො උගන්නපු මිනිහ ඊශ්‍රයල් ගෙන නියම කතා සෙට් 1ක් දන්නව

    ReplyDelete
  3. @Chamila - ස්තූතියි! ඔබ කියන දේ මමත් අහල තියෙනවා. ඒ ඊශ්‍රායලයේ තරුණියන් බොහොම රූමත් බව. අපි පාසල් යන කාලේ අපේ පංතියේ හිටපු ක්‍රිස්තියානි ආගම අදහපු මිතුරෙක් එදා අපිට වඩා මේ රට ගැන දැන සිටියා. ඔහුත් වරක් වෙන අයෙක් එක්ක කියල තිබුනා තමන් කවදා හරි විවාහකරගන්නේ මේ රටේ යුදෙව් තරුණියක් බව. මොකද ඔහු විශ්වාස ක‍ලා ලෝකයේ සිටින හැඩරුව හොදම ලදුන් සිටින්නේ ඊශ්‍රායලයේ බවට. කොහොමවුනත් එදා නම් ඒ කියපු දේවල් අපිට හරි විනෝදයක් වුනා ඔහුට විහිළු කරන්නට. දෙවනුව ඔබ අසා සිටින කරුණ ගත්තාම ටික කලටකට පෙර මා කියවූ ලිපියකට අනුව දැන් මෙම ආගම් තුනේ අය විරසකව සිටියත් සත්‍ය වශයෙන් ගැඹුරින් බැළුවොත් ආගම් තුනම එකිනෙකට නෑදැකම් කියන බවට ප්‍රකාශ කර තිබුනා. එයට හේතු කිහිපයක් නම් මෙම ආගම් තුනම් බිහිවෙලා තියෙන්නේ එකම කලාපයෙන් බිහිවීම, ඒකදේවවාදයක් හෙවත් එක දෙවියයෙකු මත පදනම් ආගම් වීම මෙන්ම ආගමේ මූලාරම්භ පුරාවෘත්තමය සිද්ධාන්ත පවා එකිනෙකට සමානවීම වගේ කාරණා රැසක් දක්වා තිබුනා. මට එම ලිපිය නැවත හමුවුනොත් තව වැඩි විස්තරද සමග සත් සමුදුරේ පල කරන්නම්...

    ReplyDelete
    Replies
    1. ෙම් සඳහා ෙය්සුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ කියන ෙපාත කියවන්න

      Delete
    2. දූපත් මානසිකත්වය කියන්නෙ ඕකට තමා

      Delete
  4. @Theekshana - ස්තූතියි! අපි දන්නා රටක් පිළිබදව නොදන්‍නා කරුණු ඊටත් වඩා බව මේ ලිපිය සකස් කරන මොහොතේ මටම සිතුනා...

    ReplyDelete
  5. මේක නම් ඊශ්‍රායලය ගැන පරිපූර්ණ විස්තරයක් අඩංගු ලිපියක්. ඒ වගේම දිනේශ් අන්තිමට කියල තියෙන කාරණය ගැන මාත් පොඩි අදහසක් එකතු කරන්න කැමතියි. ඒ කියන්නෙ යුදෙව් ජාතිය ලොව ඉහළ මට්ටමක ඉන්නවයි කියන කරුණට. මං හිතන්නෙ හිට්ලර් යුදෙව්වන් සමූල ඝාතනයට පෙළඹීම පිටුපසත් මේ හේතුව තියෙනවා. ජර්මනිය තුළ ජර්මන් ජාතිය අභිබවා යුදෙව්වන් නැගී සිටියි යන බියක් ඔහුටත් තිබුණා විය හැකියි.

    ReplyDelete
  6. @උදාර - ස්තූතියි! හිට්ලර් එබදු කෲරකම් කීරීමට ඔබ කියන දේ තිබුනා පමණක් නොවේ ඔහු තුල පැහැදිලිවම වෛරයක්, ඉර්ශ්‍යාවක් තිබුන බව කියවෙනවා. දෙවන ලෝක යුද්දය ඇරඹිමට පෙරාතුවත් ජර්මනියේ ආර්ථික වශයෙන් යුදෙව්වන් ‍ඉහල මට්ටමක සිටිබවත් කියනවා...

    ReplyDelete
  7. ඉතා ඉහල ලිපියක් දිනේෂ්. ඔය කලාපයේ අර්බුද ගැන මමත් උනන්දුවක් දක්වනවා යම් තරමකට. ඊශ්‍රායලය, බටහිර ඉවුර හා ගෝලාන් කඳුකරය අතර ඇති අර්බුද ගැනත් ලියන්න පුලුවන් නම් ගොඩක් වැදගත්.

    ReplyDelete
  8. @Pravin Indranama - ස්තූතියි! ඔව්, ඉදිරියේදී ඒ ගැනත් කරුණු සොයල ලියන්නම්...

    ReplyDelete
  9. ඊශ්‍රාලයේ ඛනිජ තෙල් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයයි. මැදපෙරදිග පෙට්‍රල් නිධි නැති එකම භූමිය එයයි. ඔවුනට ඇත්තේ මෑතක දී සොයා ගත් ස්වභාවික ගෑස් (natural gas)නිධි පමණයි.

    ඊ ළඟට ලස්සන කෙල්ලෝ ගැන. යුදෙව්වන් ලෝකයේ හැම රටක ම වාගේ පැතිර ගිය ජන කොට්ඨාශයක්. රුසියාවේ හා ජර්මනියේ සේ ඉන්දියාවේ යුදෙව්වෝ සහ අප්‍රිකාවේ යුදෙව්වෝ ද පුරාතනයේ සිට පැවත එන්නෝ. ලංකාවේ ඉංග්‍රීසි මහාචාර්යවරියක් හා කිවිඳියක් වූ ඈන් රණසිංහ ශ්‍රී ලංකා පුරවැසි බව හිමි එකම යුදෙව් කාන්තාව.

    ReplyDelete
  10. @arunishapiro - ස්තූතියි! ඛනිජ තෙල්‍ නොමැති නිසාම වෙන්නැති ඔවුන් සූර්යය බලය හා සුලං බලයෙන් තම බල ශක්ති අවශ්‍යතා බොහෝමයක් සපුරා ගන්නෙත්. ඒවගේම රූමත් කාන්තාවන් වගේම ලෝකයේ නමගිය බුද්ධිමතුන් බිහිවීමටත් ඔවුන්ගේ පුළුල් ව්‍යාප්තිය නිසා ජානවල විවිදාකාර මිශ්‍රවීම් හේතුවක් වන්නටත් ඇති කියල යම් මතයක් කලකට පෙර කියවන්නට ලැබූ ලිපියක දක්නට ලැබුනා. ඒවගේම ලංකාවේ සිටින එකම යුදෙව් පුරවැසියාත් මහාචාර්යතුමියක වීමෙන්ම එයත් හොද අවස්ථාවක් යුදෙව් ජනතාවගෙන් බුද්ධිමතුන්, උගතුන් බිහිවීම සම්බන්ධයෙන්. නැවත වරක් ඔබට ස්තූතිය පුද කරනවා ඔබ දැක්වූ කරුණු නිසා මෙම ලිපිය තවත් කරුණු අතින් පෝශනය වුනා...

    ReplyDelete
  11. හරිම සොක්................
    නොදන්න දෙයක් දැන ගත්තා .........
    ස්තුතියි..........
    ඔබට ජය.............

    ReplyDelete
  12. ඊශ්‍රායලයේ තරුණියන් ගැන නම් ආයේ කතා කරලා වැඩක් නෑ. හරිම ලස්සන තරුණියන් තමයි ඉන්නේ. යුදෙව්වෝ හරිම බුද්ධිමත් ජාතියක්. දැනුම ලබාගන්න හරිම උනන්දුයි. ඇල්බට් අයින්ස්ටයිනුත් යුදෙව්වෙක්. ඔහුට එක කාලේක ර්ශ්‍රායලයේ ජනධිපතිකම පවා දෙන්න සූදානම් උනා

    ReplyDelete
  13. ඔහුන් පලස්තීන ජනතාවට කරන තාඩන පීඩන නිසා තමයි අද ලෝකයේ මෙතරම් ත්‍රස්තවාදය බිහිවේලා තියෙන්නේ, ඊශ්‍රායල් ජාතිකයන් ලොව සිටින කපටි ජාතියක් බවත් කියන්න ඕනේ ශ්‍රී ලංකාවේ යුද්දෙදි රජයේ හමුදාවටත් කොටිනටත් ආයුද සැපයීම

    ReplyDelete
  14. chanaka nishantha..haifaSeptember 2, 2011 at 2:11 AM

    ඔබට බොහොමයක් ස්තුතිවන්ත වෙන්න ඕනෙ මෙබඳු දීර්ඝ ලිපියකින් අප දැනුවත් කිරීම පිලිබඳ . මම දැනට වසර 5කට පමන ආසන්න කාලයක් ඉස්‍රාඑල් වාසය කලත් මා නොදත් බොහෝ කරුනු රාශියක් ඔබේ මෙම සවිස්තරාත්මක ලිපිය මගින් දැනගතිමි...නමුත් ඔබ සදහන් නොකල නමුත් විශේෂයෙන්ම සඳහන් කලයුතු යමක්ද මෙම දේශය තුල දක්නට ඇත. එය අධ්‍යාත්මික දියුනුවද තාක්‍ෂණයේ දියුනුවේ වේගයෙන්ම ගමන් කිරීමයි...අපරටේ වේගයෙන් පැතිරයන​, ඊරිසියාව​, කුහකකම්,බොරුව​,වංචාව,වැනි දුසරිත් ආකල්ප මෙරටින් වඳවීගෙන යමින් පවතී...රටේ නීතියක් කියා දෙයක් පවතී.එය ක්‍රියාත්මකද වෙයි. රටපාලනයට උගතුන් ,බුද්ධිමතුන් පත්වේ.ඔවුන් රටට ආදරය කරන අයම පමනක් වෙයි. වරදක් දුටු විට ඕනෑම තරාතිරමක් අභිබවා නැගී සිටින්නට මෙහි සේවය කරන අපට පවා හැකිය.අල්ලස කියන වචනය අනිවාර්‍ය නිවාඩූයවා ඇත.පදික වේදිකාවේ පවා මධ්‍යසාර අලෙවි කෙරෙති...නමුත්..පදිකවේදිකාවල වැටී සිටින අය නොදුටිමී. අපරටේ තරුණ සහෝදරියන් මෙරට නිදහස රිසිසේ බුක්ති විඳිති. එයට බදා පමුනුවන විදිහේ වචනමාත්‍රයක්වත් මෙරට තරුනයෙක්ගෙන් නික්මෙනු නොඇසීමී...මම මේ රටට ආදරය කරමි..ඔබට තෙරුවන් සරණයි

    ReplyDelete
  15. @chanaka nishantha - ‍ස්තූතියි! ඊශ්‍රායලය සියැසින්ම දැක ඇති වගේම අත්දැකීම් ඇති ඔබ වැනි අයෙකු හා කතා කිරීමට ලැබීමත් සතුටක්. ඇත්තටම ඔබ කියන දේවල් තමයි භෞතික දියුණුවටත් වඩා අවශ්‍යවන්නේ. අපේ රටේ මේවා දුර්ලභයි. නමුත් කවුරුවත් එළිපිට කතාකරන්නෙත් නැතුවා මෙන්ම වංචාව සහ බොරුව තමයි වර්ධනය වෙන්නේ. යුදෙව් ජාතිකයන් අසීරුවෙන් ලබා ගත් රට තවත් දියුණු වෙන්න මේම යහගුණයන් වර්ධනයත් බෙහෙවින් බලපාන්නට ඇති...

    ReplyDelete
  16. "එසේම ලෝකයේ බිහිවූ ප්‍රකට බුද්ධිමතුන් හා දාර්ශනිකයන් වන යේසුස් වහන්සේ, අයිසෙක් නිව්ටන්, ඇල්බට් අයින්ස්ටයින් හා තවත් බොහෝ බුද්ධිමතුන් යුදෙව් ජාතිකයන් වීමද ලෝපුරා කතාබහට ගැනෙන කැපීපෙනෙන සිදුවීමකි."
    සර් අයිසක් නිව්ටන් ඉංග්‍රීසි ජාතිකයෙකි. කරුණාකර නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. අයිසක් නිව්ටන් කතෝලිකයෙක් වේ...(Principia,THE davinci code hari balanna)

      Delete
    2. isak newtan jues by born.pasuva ohu katolika agama valada gatta.

      Delete
  17. @ThinkTwice - ඔව් මට අතපසුවීමක් සිදුවූ ඇත. සර් අයිසක් නිව්ටන් ඉංග්‍රීසි ජාතිකයෙකි. ඔහු යුදෙව් ජාතිකයෙක් නොවේ.ඔබ ඒ අඩුපාඩුව පෙන්වා දුන්නාට තුති පුදකරමි...

    ReplyDelete
  18. 20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සමාජ විද්‍යාඥයා කාල් මාක්ස් හා 20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා අයින්ස්ටයින් මේ දෙන්නම යුදෙව් ජාතිකයෝ මම දන්න විදියට ඊශ්‍රායල පිහිටුව වෙලාවේ අයින්ස්ටයින්ට ජනාධිපතිකම ගන්න කියලා කිව්වා නමුත් ඔහු එය භාර ගත්තේ නෑ

    ReplyDelete
  19. මේක යාලුවා ඔයා ලියපු හොදම ලිපිවලින් එකක්.බොහොම ස්තුතියි මේවගේ ලිපි ලියනවට.ඊශ්‍රායලය මේ තරම් යුදමය වශයෙන් ප්‍රභල වීමට ප්‍රදාන හේතුවක් තමයි ඈමරිකාවේ පූර්න සහයෝගය ලෑබීම.අනික් එක තමයි මම අහලා තියෙනවා CIA එකේ ප්‍රදානින් අතරත් යුදෙව්වන් ඉන්නව කියලා.

    ReplyDelete
  20. වැදගත් ලිපියක් යාලුවා

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete