Thursday, January 13, 2011

Video and Audio Players වල අප එතරම් නොහිතන දේවල් කිහිපයක්... අංක.1

මම මෙම බ්ලොග් එක ලියන්න හේතුව තමයි අපි ‍චිත්‍රපට බැලීමට හෝ ගීත ඇසීමට භාවිතා කරන ධාවක මෘදුකාංගය (Video or Audio Players) සියළු අතින්ම අංගසම්පූර්න එකක් යයි සිතාගෙන සිටියත් ඒවායේ එකි‍නෙකට වෙනස් දේවල් තිබෙනවා. ඒක නිසා මම ‍භාවිතාකරන ලද Players කිහිපයක මට තේරුන කාරණා කිහිපයක් කියන්නම්, හැබැයි මීට වඩා වෙනස් අත්දැකීමි සහ හොද Players ගැන දැනීමක් ඔබලාට තිබෙන්න පුළුවන් නිසා අකමැත්තක් නැත්නම් ඒ පිළිබදව මාව දැනුවත් කරන්න.
මම මේ Players ගැන එකින් එක සටහන් කරන්නම්.
VLC Player
· මේක Open Source මෘදුකාංගයක් නිසා Activate කරන්න හරි Trial Period එක ඉවර වෙන්න කලින් Patch හෝ Crack හෝ Serial හෝ දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා Patch හෝ Crack යොදා ගැනීමේදී ඒ එක්කම එන වෛරස්, Trojan සහ වෙනත් හානිකර දේවල් අපගේ පරිගණකයට ඇතුළුවීමේ අවධනමද වලකිනවා. ඒ වගේම මේකේ Tools Menu එක හරහා Quality එක අඩු Video එකක Sharpness, Contrast, Brightness සහ තව Video Quality එකත්, Graphic Equalizer හරහා Audio Effects සුමට ලෙස වෙනස් කර ගැනීමේ හැකියාවත් තියෙනවා.
· එසේම විවිද formats වල Video නැරඹීමට අවශ්‍යකරන Codec අන්තර්ගත කර ඇති නිසා වෙනමම Codec ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒවගේම Network එකක් හරහා සිදුකෙරෙන Video Streaming වලදී එම Video නැරඹීමේ පහසුකමද අ‍නෙක් සාමාන්‍ය Video Player ක නැති විශේෂත්වයක්, ඊට අමතරව තවත් මෙයටම ආවේනිකවූ අපට එතරම් හුරුපුරුදු නැති අංගද බොහෝමක් මෙයට ඇතුලත්.
· මෙය භාවිතාකරන අවස්ථාවේ CPU usage එක වුනත් අඩු අගයක් තමයි ගන්නේ.
· Audio වල තිබෙන පැහැදලිවම අනෙක් Player ක නැති විශේෂත්වයක් තමයි ශබ්දය 400% කින් වැඩිකර ගැනීමේ හැකියාව තිබෙනවා.
· මේකෙත් සමහර අවාසි නැතුවම නෙවෙයි; එකක් තමයි .MP4 video නරඹන විට ඒකේ ඉදිරියට ගිහිල්ල බලන්න හදනකොට සුළු වෙලාවක් ගතවෙලා තමයි එම කොටස පේන්නේ. .FLV වලට නම් ඒක එතරම්ම බලපාල නැහැ.
· ඒවගේම damage වුන video file එකක් ධාවනයේදී එය Repair කර ගෙන තමයි අරඹන්නේ (නමුත් ඉදිරි‍යේදී කථා කරන්න බලාපොරොත්තවන සමහර player වල ධාවනය වන අතුරතුරදීම Repair ගැනීම සිදුකරගන්න නිසා, එය අවසන් වනතුරq අපට බලාගෙන සිටීමේ අවශ්‍යතාවයක් නැහැ).
· ඒ වගේම හැක්ක්‍රිෂ් Comment එකක් එයාගෙම Blog එකකටම දාලා තිබුනා VLC එකේ සිංහල උපසිරැසි වැඩ කරන්නේ නැහැ කියලා. හැබැයි මම නමි තවම සිංහල උපසිරැසි VLC එකේ භාවිතා කරල නම් නැහැ.
· ඒවගේම VLC මුළුමනින්ම User friendly නැහැ කියල චෝදනාවකුත් තිබෙනවා.
මෙම VLC player එකේ තව වාසි අවාසි ඇති, දන්නවනම් ඒව මටත් කියන්න. තව මේකේ අමතක වෙච්ච දෙයක් තිබුනොත් ඉදිරියේදී වෙනත් player එකක් ගැන කථා තරනකොට කියන්නම්.

7 comments:

  1. මම VLC නරකයි කියලා කියන්නේ නෑ. මම ඒකත් පාවිච්චි කරනවා. හැබැයි ඒකේ සිංහල සබ් වැඩ කරන්නේ නැති නිසා පොඩි ගැටලුවක් තියෙනවා. මම දුන්නේ ලොකේ හොඳම ප්ලේයර් එක නෙමෙයි.ඒකත් එක ප්ලේයර් එකක් විතරයි. ස්තූතියි...

    ReplyDelete
  2. ඵල ඵල ...දිගටම ලියන්න,හොඳ ලිපියක්!

    ReplyDelete
  3. දෙන්නටම ස්තූතියි කිව්ව ඔන්න මුලින්ම. ඉදිරියෙදිත් සහය දෙන්න. ඒක තමයි සත් සමුදුර දියුණුවේ ප්‍රධානම සාධකය.

    ReplyDelete
  4. මම නම කැමති ගොම් ප්ලයෙර් එකට තමා

    ReplyDelete
  5. මම මීට කළින් මේ බ්ලොගයට ඇවිල්ල තියෙනව වුනාට, සම්පූර්ණයෙන් එක ලිපියක්වත් කියවල නෑ මම හිතන්නෙ. අද හිතා ගත්ත මුල ඉඳන් කියවන්න. දිගටම ලියන්න. :) බොහොම ස්තූතියි

    ReplyDelete
  6. නියමයි හොදට කරගෙන යන්න සුබපතනවා

    ReplyDelete
  7. KM Player (http://www.kmpmedia.net/) එක පාරක් එක පාවිච්චි කරල බලන්න... සිංහලත් පේනව... shortcut keys, customization උපරිමයෙන් තියෙනව... UI එකත් VLC එකට වඩා ගොඩක් හොඳයි.. ගොඩක් User Friendly...

    ReplyDelete