Friday, January 14, 2011

Ubuntu වලටත් වඩා සිත් ඇදගන්නා Linux OS එකක්

මේ දවස් වල Linux ගැන කිව්වොත් හැමෝම කැමති Ubuntu වලට තමයි. හැබැයි Ubuntu ම ටිකක් නවීකරණය ක‍රල හදපු Linux OS එකක් තියෙනවා ඒකේ නම තමයි Zorin OS

ඇත්තෙන්ම මම ‍මේක ගැන දැනගත්තේ ලංකා‍වේ ජනප්‍රියම පරිගණක සගරාවක දෙසැම්බර් කලාපයේ තිබිලා. මම මේක ගැන අපේ සහෝදර  බ්ලොග් ලේඛකයකුත්  ලියපු බ්ලොග් එකක් දැක්කා. ඒක නිසා ආයිත් මේ Zorin OS ගැන ඒ දේවල්ම කියන්නේ නැහැ.හැබැයි විශේෂ කරුණු කිහිපයක් කියන්නම්.

  • මේක සෑහෙන්න වේගයත් OS එකක්, ඒ කෙසේද යත් මේක USB Pen එකෙන් Live විදියට Boot කරවිටදීත් ඉතා වේගවත්. මම මේක hard disk එකට ස්ථාපනය කරල Run කරා හැබැයි පුදුමයට කරුන නම් ඊටත් වඩා වේගයක් Live විදියට Boot කලාම තිබුනා කියලා හිතෙනවා.
  • ඒ එක්කම මේකේ default interface එක Windows 7 විදියට තමයි තියෙන්නේ.  ඒක නිසා වැඩිපුර Windows OS භාවිතා කල අපිට හරිම හුරුපුරුදු බවක් මේක භාවිතයේදීත් දැනෙනවා. අපට අවශ්‍යනම් linux වල සාම්ප්‍රධායික interface එක හරි, windows XP interface එක හරි ගන්න පුළුවන්. 


අනිත් කරුන තමයි Ubuntu වල අපිට සමහර Video බලන්න Codec download කර ගන්න ඕන වෙනවනේ, ඒත් මේකේ ඒ ගැටළුව නැහැ.
හැබැයි ‍පොඩි අඩුපාඩුවක් නම් ති‍යෙනව කියල හිතෙනව. ඒ තමයි Zorin OS V4 වල Bugs තියෙනව වගේ . මොකද ඒකේ සමහර වෙලාවට Error Messages සහ hard disk හෝ DVD/CD drives explore කරන කොට Open කරන්න බැහැ කියල කියනව. හැබැයි Zorin OS V3 වල නම් එහෙම දෙයක් සිද්දවුනේ නැහැ. ඒක නිසා මම හිතන්නේ Zorin OS V3 එක Stable කියලයි.
මේකේ අපට Free Download කර ගන්න editions  කිහිපයක් තියෙනවා. ඒගැන http://zorin-os.com/free.html දැනගන්නත්, Download කර ගන්නත් පුළුවන්. මේ අතරින් Educational Full edition එක අරගත්තොත් ගොඩක් මෘදුකාංග ඇතුලත්කරල ඇතිබන දකින්න පුළුවන් වේවි. අරගෙනම බලන්න Ubuntu වල ඒව තියෙනවද කියල.
තව විශාලලෙස ‍මේ ගැන කතා කරන්න තිබුනත්, ඒව ඔබලාම අත්හදා බලන්න. සැගවුන දේවල් හමුවුනොත් මටත් කරුණාකරල කියන්න.

10 comments:

  1. for Srilankan there is a os called HanthanaLinux
    visit Hanthana.org for more info

    ReplyDelete
  2. Site Url is changing
    http://zorin-os.com/free.html
    is the new link please changeit...

    ReplyDelete
  3. @PC.Dissanayake - Thanks! I have changed the link address just now...

    ReplyDelete
  4. දිනේෂ් මේකට සිංහල දාගන්න පුලුවන්ද ...?

    ReplyDelete
    Replies
    1. සොරින් ඕ එස් එකත් එක්කම සිංහල යුනිකෝඩ් ඇඩ්වෙලා තියෙනවා හුගක් වෙලාවට. එහෙම නැත්තන් සොෆ්ට්වෙයා සෙන්ටර් එකට ගිහින් සින්හල යුනිකෝඩ් කියලා සර්ච් කරලා ඉන්ස්ටෝල් කරගන්න

      Delete
  5. හාඩ් ඩිස්ක් ඒක කීයක් විතර ඕනේද?

    ReplyDelete
  6. Ultra Basic භාෂාව හා SOM දුවන්න පුලුවංද?

    ReplyDelete